මං පහුගිය අවුරුදු දෙකේම දරුවා ඉස්කෝලේ එක්කන් ගියේ විටින් විට මොටෝ සයිකලේ නෙව. ඉතිං ඒ හැමදාම එකම වෙලාවට ගෙදරින් පිටත් උනාම මහ පාර දිගේ මේ යන ගමන් කෙළවර වෙන්නෙත් එකම වෙලාවක. මං විතරක් නෙමෙයි හැමාදාම ඒ වෙලාවට එළියට බහින හුගාක් අය හිටියා.
බයිසිකලේ ගෙදරින් එළියට දාන කොටම වංගුවෙන් මතු වෙන්නේ බෑග් එක කරේ දාගෙන කෑම බෑග් එක අතින් අරගෙන ඉස්කෝලේ යන ඉස්කොලේ හාමිනේ කෙනෙක්. එයා පහු කරන් පන්සල ගාවට යනකොට ස්කූල් වෑන් එක එනකං නැවතිල ඉන්න ළමයි කිහිප දෙනෙක්. තව ටික දුරක් යනකොට එකම කිලිටි හඩු ගැහිච්ච නයිටිය පිටින් ඇවිත් චූන් පාන් වාහනෙන් පාන් ගන්න අක්කා කෙනෙක්. ඔය වගේ හැම දේම එකම විදියයි. පාරේ දුවන බස් එකම වෙලාවට නියමෙට හරියට නැකතට වගේ දුවන්නේ. ඒ වගේම වතුර කරත්තයකුත් තාමත් යනවා පාරේ එ්ක හමු වෙන්නෙත් පාරේ එකම තැනකදී. හැමදාම දුවන අපේ බාප්පගේ ලොරි පහක් විතර එකම පෝලිමට එකම තැනකදි හැමදාම හමු වෙනවා. බාප්පගේ කිව්වට ඒවා අපේ හැරී බාප්පගේ ඩීසීඑස්එල් කොම්පැනියේ ඒවා.
ඔය වගේ හැම දෙයක්ම ඒකාකාරි විදියට සිදු වෙන්නේ. ඒ අතරේ ප්‍රධාන පාරේ ප්‍රධාන බස් නැවතුමක ඉන්න ලස්සනට ඔසරිය ඇදගත්ත හුරුබුහුටි ගෑනු ළමයෙකුත් හැමදාම මං දකින්න ගත්තා. ටික දවසක් යන කං එච්චර ගානක් තොතිබුනත් හැමදාම යන විත්තිය දන්න නිසා මේ කෙල්ලත් මගේ දිහා හොදට බලනව එතනින් පාස් වෙලා යනකොට. පොඩි එකාත් ඉස්සරහ තියාගෙන යන නිසා වෙන්ටැති.
පස්සේ පස්සේ මට ඔය කෙල්ල නොදැකම බැරි උනා. ගෙදරට වලි දාලා හරි කෝම හරි රියල් ටයිම් එකට ගෙදරින් පනිනවා. ඊට පස්සේ වෙලාව බල බල රියල් ටයිම් අල්ලන්න මං බයිසිකල් පදිනවා හැමදාම වගේ. ඒ ළමයා ඊට පස්සේ පොඩිම පොඩි හිනාවක් දාන්න ගත්තා බයිසිකලේ පහු වෙන කොට. ඔන්න ඔය වෙනුවෙන් මං අර පොඩි එකත් ඇදං අවුරුදු දෙකක් විතරම බයිසිකල් පැද්ද නෙව. අනේ ඒත් මේ අවුරුද්ද පටන් ගත්තා විතරයි අර ළමයා නෑ. බැලුවා බැලුවා ඒත් නෑ. වෙලාව වෙනස් කරා. පරක්කු වෙලා ගියා. කලින් ගියා. ඒත් නැහැ. මොනා කරන්නද කොයි තරං දුකද කියනවනං ඒක කියල වැඩක් නෑ. ඒ සිරියාවන්ත මුණ දැක්කම මට දවසම මල් වගේ. මාර ලස්සනයි අප්පා ඔසරිය ගහල හැඩට හැඩේ ඉන්න කොට.
මොනා කරන්නද දුකට ලිව්ව කවියක්...
කලට සිටන්
නුඹ දුටුවෙමි යනෙන
|
මගේ
|
දසුන නුඹේ
සිත සනසයි බොහො
|
මාගේ
|
ඝණට තිබෙන
රතු දෙතොලේ රස
|
වෑහේ
|
දිවිය මගේ
නුඹ දකිනා විටදී
|
සැලේ
|
|
|
එකම විටෙක
නුඹ හිනැහෙයි මහ
|
පාරේ
|
එකම පැතුම
නුඹ දැකුමයි ඒ
|
වාරේ
|
නුදුටුවහොත්
සතුට නැතේ එදින
|
මගේ
|
මතක ඇතිව
හෙට ඉදපන් නියම
|
වෙලේ
|
|
|
කලෙක පටන්
නුඹ හිටියේ නැහැ
|
වාගේ
|
හිත නොතකයි
කිව්ව විටද දුක
|
මාගේ
|
දිනපතාම මං
බැලුවේ දුකින්
|
වගේ
|
කවදා කොතැන
හමුවේවිද සං
|
සාරේ
|
|
|
ගෙයක් දොරක්
කොහි වේදැයි
|
සොයන්නද
|
යනෙන තැනක්
කාගෙන් මං
|
අහන්නද
|
සතුට ගෙනෙන
නුඹ කවදා
|
දකින්නද
|
කවදා වෙන
තුරා මං දින
|
ගනින්නද
|
මේ මොකද මේ කසාද බැදලා තියෙද්දිත්...... වෙන කෙල්ලන්ට ඇස් යවන්නේ.......එහෙම ඇත්තටම හිතෙනවද ...... වෙන කෙනෙක් දිහා......බලන්න....... හරියට ඇබ්බැහි වෙලා වගේ.... තව අවුරුද්දක් බයිසිකල් පැද්ද නම් ඔයා කොහෙන් නතර වෙයිද....? දේශක තුමනි.....
ReplyDeleteහපොයි නැහැ. ලස්සන දෙයක් බලන්න කාගේ තහනමක්ද? කොයි තරං ආස්වාදයක්ද ලස්සන දෙයක් දකින එක.. නැද්ද...
Deleteමිහිකත නලවාලා එක්කෙනෙක් නං වෙන ඉස්කෝලෙකට මාරුවෙලා ගොහිං ඇති බං.
ReplyDeleteඋඹ කිව්වේ අර වයසක ටීචර්ද කෑම මල්ල එල්ලන් යන??
Deleteතුක් මේ වගේ මිනිස්සු. :(
ReplyDeleteකවිය ලස්සනයි
ඉතිං බොලේ වල්කමට බලපු එකක් නෙමෙයි නේ.. ලස්සන බැලුවා විතරයි. ඔයා දන්නවනේ මං තියෙන්නේ පිච්ච මල් වගේ සුවද විහිදන ගති කියලා..
Deleteඔව් ඔව්,,, "ගැබිනියට අතවර" කියවනකල්ම මාත් හිතන් හිටියේ එහෙම තමයි .. කෝ අපේ පත්තර බ්‍රදර් :D
Deleteඕ යේස් බඩු ආවා.. දැං මටත් බ්ලොග් එකක් තියනවනේ .. මාර වැඩෙ බං රෑට නිදාගන්න නෑ හිට්ස් මීටරේ කැරකෙනවා හුට පට ගාල..
Deleteපත්තර මලයා උඹ ඇපේට ගන්න හදන්නේ මුන් ට්ක
Deleteඅඩෝ යස්සනී අපේ වෙරලුවට අනන්මනන් කියාගෙන එන්ඩ එපා ඈ...බැන්ද කියල වයසට ගියා කියල කෙල්ලෙක් දිහා බලන්න තහනමක් නෑනෙ.දේශ ඒ කෙල්ල දිහා දුවක් වගේ හිතල බැලුවද දන්නෑනෙ :-D
Deleteනලින් අයියා ඕ යේස් .. හිට්ස් වලින් එක කකාගෙ බ්ලොග් එක.. දෙක මගෙ බ්ලොග් එක :D
Delete@ සසිඳු - බලාපල්ලා දැන් සසිඳුවා බැලුවේ එටිසලාට නංගි දිහා රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍ය වූ ප්‍රේමයෙන් නැද්ද සසිඳුවා
Deleteඒ උනාට එටිසලාට් නංගි එයාගෙ හෑන්ඩ්ෆෝන් නම්බර් එක කියලා කස්ටමර් කෙයා නම්බර් එක දීල ඩේට සිම් එකක් ඇඟේ ගහපු එක ජරා වැඩේ !!!
Deleteඒ කෙල්ල කොහෙ එකියක්ද බං. අපි හොයන් ගිහින් මූට සැට් කොරමු.
Deleteඅප්පා සසියා කසියා පාරක් ගහල මෙහාට බැහැල වගේ.. හැක්..
Deleteඅපි බැලුවේ සහෝදර බැලුමෙන් යකුනේ..
යකෝ සහෝදර කොමට බලනකොට කොහොමද මෙහෙම පෙනෙන්නේ
Delete"ඝණට තිබෙන රතු දෙතොලේ රස වෑහේ"
අඩෝ එටිසලාට් අක්කව මට පංගාත්තු කරන්න හදන්න එපා ඩෝ :D
Deleteපළමු කියවිමත් කමෙන්ටුවත් මගේන්.හෙක් හෙක්.ලස්සනයි.සුභ අනාගතයක් !
ReplyDeleteඅයියො...... අනිත්වා දැන්නේ දැක්කේ :(
Deleteහි හි හිතන්න එපෝ මංගලෝ. ඔවුවා ඔහොම තමයි
Deleteඕව මොනාද බං , හෙට එක වෙයං.. :D
Deleteචිකේ... මොකෑ උනේ.. මංගලිකා මනාලිකා.. හැක්.. අවුලක් නෑ අනේ ඉස්සරහින් ගිහත් පස්සෙන් ගියත් බස් එක යනවා.. තැන්කුයි
Deleteදේශිකා මේක දැක්කොත් බොට බත් කාලත් හමාරයි
ReplyDeleteඅනේ ඔව්. පුළුවන් නං උඹ මේක නොකියා ඉදීවි මං දන්නව නේ පුත්තරගේ හැටි. හැක්..
Deleteඔව් ඔව්.. එකම වෙලාවට හැමදාම යනකොට එකම කට්ටිය හම්බවෙනවා... එහෙම හම්බවෙන කෙනෙක් එකපාරටම දකින්න නැතිවුනාම මොකද වුනේ කියලා හොයලා බලන්න හිතෙනවා හි..හි...
ReplyDeleteඅන්න අන්න තුශානියට හොදට තේරුනා වැඩේ. කව්ද දන්නේ අසනීප වෙලාද කියල නේද??
Deleteමට දැනෙන විදියට කවිය පොඩ්ඩක් කපල කොටල ගත්ත. උඹෙ නිර්මාණෙට එළියක් දෙන්න ම්සක් , ගරහන්න නෙමෙයි. පට්ට අදහස.
ReplyDeleteකලක සිටන් නුඹ දුටුවෙමි යනෙන මගේ
දසුන නුඹේ සිත සනසයි බොහොම අගේ
ඝණට තිබෙන රත් දෙතොලේ රසය හැඟේ
දිවිය සැලේ නුඹ දකිනා විටදී මගේ
එකම විටෙක නුඹ හිනැහෙයි මහ පාරේ
එකම පැතුම නුඹ දැකුමයි හැම වාරේ
නුදුටුවොතින් සතුට නැතේ හද පෑරේ
මතක ඇතිව හෙට ඉදපන් එන පාරේ
කලෙක පටන් නුඹ හිටියේ නැහැ වාගේ
හිත නොතකයි කිව්ව විටද දුක මාගේ
දිනපතාම මඟ බැලුවේ දුකින් වගේ
කවදා හමුවෙද දෙදෙනා නැවත නඟේ
ගෙයක් දොරක් කොහි වේදැයි සොයන්නද
යනෙන තැනක් කාගෙන් මං අහන්නද
සතුට ගෙනෙන නුඹ කවදා දකින්නද
කවදා වෙන තුරු මං දින ගනින්නද
දේශා ගෙ සිතිවිල්ල වගේම උඹේ ත් පට්ට සිතිව්ල්ල.....
Deleteකෙන්ජි, මූ හැන්දෑවට බාත් රූම් එකේ නානකොට දැන් කියන්නෙ "කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි..." සින්දුව විතරමලු
Deleteනියමයිනේ ඉන්දික
Deleteඉන්දික බොස් පහර ඈ !!!
Deleteඉන්දික උඹත් මාර කවි කාරයෙක්නේ... සුපිරි දේශා පරාදයි මේ කවට
Deleteනලිය.... ඉන්දික කවිකාරය නිසානෙ ....ඌ ට ම ...වෙන්නෙ අරම.......
Deleteහැක මාරයි මම හිතන්නේ දෙශාටත් කියන්න ඕනවෙලා තියෙන්න ඇත්තේ ඔය ටික ,ලොකාපවාදයෙන් බේරෙන්න ඔය බොරුවක් ලියලා තියෙන්නේ
Deleteඋපේගේ කිවය මගේ එකට වඩා හොදයි ඒකේ දෙකක් නෑ. බොට තැන්කුයි..
Deleteහැබැයි පුතේ මට මේ කෙල්ලත් එක්ක කනෙක්ෂන් එකක් තියාගැනීමේ ආසාවක් නැහැ.. හැක්..
//හැබැයි පුතේ මට මේ කෙල්ලත් එක්ක කනෙක්ෂන් එකක් තියාගැනීමේ ආසාවක් නැහැ.. හැක්../////
Deleteදේශා.....ඇයි?
ඇත්තටම බං අරූ.. කොහේවත් යන අහිංසක කෙල්ලෙක් අමරුවේ දානවට වඩා මගේ ආතල් එක මං පාඩුවේ ගත්තම ඉවරයි නේ.. එයා නැත්නං ආතල් එකත් නෑ. එච්චරයි
Deleteඒ ගෑනු ළමයා මේක දකීවා කියල පතනවා මිස වෙන මක්කා කරන්න ද?
ReplyDeleteඒ ගැණු ළමයා මේක දකින්න විදියක් තිබුනොත් එළම තමා...
Delete\\ඔය වගේ හැම දෙයක්ම ඒකාකාරි විදියට සිදු වෙන්නේ//
ReplyDeleteමේ කතාවනම් හරියටම හරි. උදේට හැමදාම එන්නෙ "ට්‍රාන්ස්පෝර්ට් බස් එකේ". ඉතින් හැමදාම මේ විදියමයි. පහුවෙන වාහන, පාරෙ යන අය, දකින දර්ශන හැමදාම එකම වගෙයි. එකම වෙලාවට එකම විදියට. පුංචිවත් වෙනසක් නැතිව. හරියට ෆොටෝ කොපි වගේ.
ඔව් බං හරියට වයින් කරපු මැෂින් වගේ..
Deleteගනං ගන්න එපා දේශක තුමා අපි කාටත් ඔය වැනි හැගීම් එනවා. ඒ වගේම ඒවා නැතිවෙලත් යනවා. ඒ ළමයා කසාදයක් එහෙම කරගෙන වෙන පලාතකට යන්න ඇති.
ReplyDeleteඒක නෙමේ මම අදනේ දන්නේ දේශක තුමාගේ කවිත්වය. කවි රස විඳිනවා වගේම කවි ලියන්නත් පුලුවන්නේ. තව තව ලියපං මචං.. ජයම වේවා!
මේවා කවිද? අර කෙන්ජිගේ වගේ වලත්ත කවි නේ.. හැක්..
Deleteහැබෑට කසාද බැන්දට පස්සේ ජොබ් එකෙන් අයින් උනාවත්ද
ගෙදර ඉන්න මැණික ටිකක් ඔප දමලා
ReplyDeleteඔසරි පොටක් කරාඹුවක් පටලවලා
තනිවුණාම එහෙන් මෙහෙන් කිතිකවලා
ගත්තානං තනිය මැකෙයි අහක්වෙලා....................
වැඩක් තියෙද මැණික වුනත් ඔප දමලා
Deleteඔසරි කරාබුත් ඈ හට වහක් වෙලා
මොනව කරන්නද හුඟකල් කිති ඇරිලා
නිතර දකින කරමල දැන් සුද ගැහිලා
වයිරෝඩියත් දකිනා විට හැමවිටම
Deleteදලං වගේ පේනව නොදකිං කැතම
හැට පැන්නත් දේශක වගේ වඳුරු තෙම
ගස් උඩ මිස උන් යන්නේ නොමැත බිම
කොළඹ රටේ බත් කාලා පුරුදු මට
Deleteවෙල් ඉවුරේ කරක් ගහලා පුරුදු ඇත
මොනා උනත් හිත සතු දේ ඇති එමට
එහෙව් එකේ මොන වයිරෝඩිද ගෙදර
කතාව තව ටිකක් තිබුණා නම් මල් හතයි ඈ ,දේශක මිනිස්සුන් ගේ හොදම හැගිම් ගැන කතා ලියන්නෙ ,මෙකත් එක්තරා පිච්ච මලක් නේ ;))))
ReplyDeleteකතාව සෑහෙන්න දික් කරන්න නං තිබුනා තමා බං...
Deleteඔය රස විඳීම දුර දිග ගියානම් විවාහයත් කැඩිලා තමා ඉවර වෙන්නෙ.. ඔහොම වුන එක හොඳා...
ReplyDeleteකවි..!! හෙහ්.. අපි කියවයි ඕවා...
දුරින් හිද ඔබ දෙස බලන්නං තියරිය තමා මං අනුගමනය කරේ.. සෙන්නෝ..
Delete//දුරින් හිද ඔබ දෙස බලන්නං තියරිය තමා මං අනුගමනය කරේ////
Deleteදේශා.....ඇයි ඒ?
අනේ බං අරූ.. මං බැදල ළමයි දෙන්නෙක් ඉන්න උන් දෙන්නෙගේ වැඩ කප්පරක් කරන එකෙක්. ඒ කෙල්ල කව්ද කියලවත් නොදැන මං පිස්සුවෙන් වගේ දගලන්න ගත්තොත් මොකක්ද වෙන්නේ.. සියල්ල අවුල්.. කෙල්ල මට කැමති වෙයිද? මම නං හිතන්නෑ. ඉතිං බය ලස්සන දෙයක් දිහා බලල ඒක ඇස් දෙකෙන් විදගත්තම විතරක් මදෑ..
Deleteදැන් අර හඩු නයිටිය ඇඳං පාං ගන්න එක ගෘහනිය දිහාවත් බලලා සැනසියං, දේශා.
ReplyDeleteනොකිව්වට දේශ ඒ පැත්තටත් ඇහැ දාගෙනලු යන්නෙ :-D
Deleteඒ අර ළමයගෙ අම්මා. කවුද අර කන්සිළුගෙ. ;)
Deleteඕ යේස්.. ඒ කන්සිලුගෙ අම්මා.. දේශක තාත්තා . ඉතිං හරිනේ :D
Delete@ හැන්රි
Deleteඑයා දිහා බලල වැඩක් නැහැ බං..
@ පත්තරයා
කන්සිළුගේ අම්මා අපේ ගෙදර පස්ස පැත්තේ එකී නේ..
හෙක් හෙක් මේ මොකෑ මේ දුකට කියන කවි ලියල, මේ මං දුකට ලියපුව හඳ දකිද්දී :P
ReplyDeleteසුදු සද දුටු සද
මතක් වී නුඹේ පෙම
උඩු බුරයි මගේ සිත
නාකි බල්ලකු ලෙස
උඩුබුරනා විට මහ හඩන්
අසා ඉදිපන් ඉතින්
සී මැදුරු කවුළුවෙන්
නිදි යහනට වී තුටින්
මාගෙ දුක් සුසුමන්
පාරයි සදේ සදකැන්
සමුදී නුඹ ගිහින්
අමාවකයි දැන් ඉතින්
තනි තරැවක ලෙසේ
බැසයන සද විලසේ
තනි කලේ මා කෙසේ
කියාදී යනු ලදේ..
හොද හොදා. තනිකම දැනනේනේ එක එක විදියට නේ සොමියෝ.. තැන්කුයි කවිය දැම්මට
Deleteලපටි ලඳුන් දෙස බැලුවත් කපටි සිත..
ReplyDeleteනහින දෙහින කාලෙට පිං කෙරුම යුත..
නහින දෙහින… දේශාට එච්චරම වයසක් නෑ බං. ;)
Deleteනෑ .එච්චර නෑ. අපේ විචාරක ලොක්කගෙ වයසෙ වගේ ඇති ඕන්නං :D
Delete@ විදානේ
Deleteලපටි ලදුන් නොම දුටුවත් පිං උතුමෝ
දුටුව දිනක සිල් රෙදි දියවී යන්නෝ..
ඈ පත්තරෝ.. තෝ හදන්නේ අර නාකි විසේ කාරයයි මමයි සමාන කරන්නද? සිකේ... මිනිහා මට උඩ තට්ටුවේ කාමරයක් දෙන්නත් පොරොන්දු උනා මං කොල්ලෙක් කියල හිතලා.. හැක්..
Deleteසුදු මුහුනයි හුරතලයයි හරි අවදානම්
ReplyDeleteඔබගේ පොකැට්ටුව ඉඩ ඇත නැතිවෙන්න
වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
දත් නැතිදා "උක් දඬු" ගිනි තපින්නද
යකෝ තෝ තමා දවසකටවත් මිනිහා පත්තර මලයා
Delete//දත් නැතිදා "උක් දඬු" ගිනි තපින්නද// +++++++++++++++ පට්ට පට්ට. අන්න ඔය ගැන වත් හිතලා සැනසියන් දේශො.
Deleteකව්රුවත් නෑ කව්රුවත් නෑ ආදරේ
Deleteමා බලා සිටියා දිවා රෑ කල්පනා අඳුරේ
කඳුලු දෙන්න මට හඩන්න
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලකු ලෙසින්.. හැක්..
අන්තිම පදේට පොඩි යෝජනාවක්!
ReplyDelete\\කවදා වෙන තුරා මං සයිකල් පදින්නද\\
ඔය කෙල්ල වෙන බෝඩිමකට යන්නැති බං..
නෑ බං කවුරු හෝ කසාද බැදන් අරන් ගිහින් ඒක තේරෙන්නේ නැද්ද මේකා ලියලා තියන විදියට
Deleteඒ කෙල්ල හිිටියත් නැතත් මං බයිසිකල් පදිනව නේ බං කැන්ඩියො.. හැක්..
Deleteඅවුරුදු දෙකක් පොල් ගෑවට දෙයියො බලලා තොට..
ReplyDeleteමගෙ වෙඩිම වෙලාවෙ බොක්කක් හොඳට ගහලා පොඩි එකාව වඩාගෙන ළඟින් යන නංගි කෙනෙකුට කියලා " මේ වඩාගෙන හිටියට මග්ව් නෙමෙයි ඈ " කියලා .. හැක් . ඌ ඉවරයි පහුවදා !
දේශකයද බොක්ක..
Deleteදේශකයට බොක්කක් නෑ නොවැ.. බීල බීල ඒක ගර්භාශෙයක් සයිස් ඇති දැං :D
Deleteඕක් Katak nam neme ban paththarayo :D
Deleteමේ කටිං අහලත් උඹ මට බහ දුන් නෑනෙ.. ඉතිං වැඩක්‍යෑ බං :D
Deleteඋඹත් ෆොටෝ කෑල්ල ආයෙ වෙනස් කොලාද? :D
Deleteඔව් බං.. පත්තරයා වැදගත් වැඩී වැඩී වගේ හිතුනා :D
Deleteහයියෝ.. ඌ ඉවරදත් අහනවා පැනල දීලා..
Deleteප්‍රවේශමෙන් දේශකයෝ..අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙන් ...එක සැරයක් පත්තරය මේ බ්ලෝග අල්ල ගත්ත..මේක කියන දේවල් දැකල හෙට අනිද්දට දේශිකා මේක අල්ල ගනියිද දන්නේ නෑ..ඔන්න එදාට ඉතින් අපිට මුකුත් කොරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ..
ReplyDeleteපත්තරයා ඇල්ලුවත් කමක් නෑ දේශිකා නාල්ල. ඇල්ලුවොත් කෙලින්ම හතරේ තටුටුවෙන් පනින්න තමා වෙන්නේ බං..
Deleteදේශා මේ පොස්ටුව කියවනකොටම මට මතත් වුණේ මං බලපු (ඒ කාලේ) ඒකාංගික ටෙලියක් දැනටත් නම මතක නෑ. එක මනුස්සයෙක් උදේ පාන්දර නැගිටලා යනවා වෙල් එලියට ඇලෙන් ගලක් අරන් එනවා. දුම්රිය ගේට්ටුවෙදි හැමදාම තව එකෙක් හමුවෙනවා. එක දවසක් ගලක් අරන් ආ කෙනා නෑ. එදා ඌ මැරිලා. මාර සංවේදි විදියට නාට්‍ය තිබුණා. ලේලි වගේ තමා මතක. මේ පොස්ටුවෙන් මට මතක් වුණේම එයයි
ReplyDeleteමන්ද යත් එය ඒ තරමට මට කාවැදිලා සිද්ධිය පමණයි.
මං හිතන්නේ මේ යටින් ඉවාන් කියන්නේ ඒක වෙන්නැති
Deleteඅලුත් එකකට බහිමු බන් :-D
ReplyDeleteමලේ පේන්න හිටියෙ නැත්‍තෙ අස්සයෙක් වත් වැඩ කරාද බන් :D
Deleteඑටිසලාට අස්සයෙක්ලු බං. ඔය ඉවාන් කියන්නෙ. :D
Deleteඒ කිව්වේ මොන වගේ එකකටද බං බැරල් එකකට වගේ..
Deleteමුන්ගෙ ආච්චිලාට හාල් ගරන්න මන් පේන්න නැතත් දැන් ඒකටත් එටිසලාට්, රෙද්ද මට මේ රස්සාවක් නිසා බ්ලොග් කියවන්න වෙලාවක් හම්බෙන්නෙ නෑ බන් අම්බානක වැඩ :/
Deleteඅනේ උඹට තියෙන වැඩ..
Delete'හෙට ඉඳන් දේශිකා සොයනවලු ස්කූල් වෑන් එකක්
ReplyDeleteදේශක යවන්නද?
Deleteලියන්නෝ ලියති කියවන්නෝ සිහිබුද්ධියෙක් කියවා වටහා ගත යුතුය. මේකා එහෙම නැතෝ....
Deleteසිහිබුද්දියක් කොහෙද නලින් අයියා හැන්දෑවෙ හය හත වෙද්දි මුන්ට.. :D
Deleteමට නම් උපන් දා ඉදන් ඕක නෑ බං පත්තරේ. සිහි බුද්ධිය කියන එක. :)
Deleteමට තියනව දෙකක් දාගත්ත වෙලාවට :D
Deleteහපොයි දැන් නං ඕන එහෙක ඒ හාදයව යවන්න කියන්න බින්දි.. වැඩක් නෑ මගේ මහන්සිය.. වතුරේ..
Deleteමගේ පුංචි රෝස මලේ මලේ මලේ ..
ReplyDeleteමමයි නුඹේ වියපත් බමරා.. (බොට හෙන ගහනවා මේවට බමරා!!)
Deleteලස්සන කවි පෙලක්
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
තැන්කුයි
Deleteඅපේ බ්ලොග් දර්ශකය සමග සම්බන්ධ වී ඔබේ බ්ලොග් පිටුවත් ඊට ඇතුල් කරන්න. මෙන්න ලින්ක් එක.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
එක පාරක් ආවා ඒත් හැරිල ගියා. ආයි එන්නං.
Deleteඉතිං බොල දේශිකාට කියපංකො ඔසරියක් ඇදලා රතුපාට තොල් වල උලලා පොඩ්ඩක් හැඩ වෙලා බොලාගෙ ඉදිරියට එන්න කියලා...සුවර් ඇන්ඩ් සොට්...මේ කයිය දේශිකාට පෙන්නුවා නම් දේශකයා තාමත් ගුටිකනවා.....
ReplyDeleteඅඩෝව් පත්තර මල්ලි....මගේ බොග් බඩකඩිත්තුව නිසා නිදි මරලා තව ටික කාලෙකින් මම ලෙඩ වෙන්න පුලුවන්...මේ දේශකයගෙ රෙද්ද අස්සෙ රිංගන්නෙ නැතුව...මගේ එක අරගෙන ලියාගෙන පලයංකො...
හැක් හැක් .. දේශිකා එහෙම එද්දි මූ වෙව්ලනවා බං.. මොන කවිද :D
Deleteඕ යේස් මට එහෙනං උඹේ එක දියං සිරෝ .. මං ලියන්නං ගවේශනාත්මක බ්ලොග් කරනය අම්මට සිරි වෙන්ඩ .හැක්
සිරා ඕනැම දෙයක් ඕනෑවට වඩා ඕනැම නෑ කියනවනෙ.. බ්ලොග් එකක් නිසා අධික ලෙස නිදි මැරීමනම් තේරුමක් නැති වැඩක්.. නිදි මැරීම ශරීරයට කොහොමත් අහිතකරයි..
Deleteමොන එහෙකට ද බං නිදි වරන්නේ. අන්න සෙන්නා කියන එක හරි. මම නං මේ මැසිම වහල ගියාට පස්සේ ඇහැක් ඇරල බලන්නේ නෑ ඕවා ගැන...
Deleteමට සිරාවට භාගෙට වැඩ කරලා පුරුද්දක් නෑ...කරනවා නම් වැඩක් හරියට....පොඩිකාලෙ ඉදන්ම මම එහෙමයි.
Deleteඒ උනාට තෝ බාගෙට නේ මැලේ ගියේ.. හැක්.. දැං මොකෝ කියන්නේ..
Deleteඒ භාගෙ දැන් සම්පූර්ණයි...
Deleteහැක් හැක්.. එහෙනං ගොඩ..
Deleteඔන්න දේශකයගේ ප.ලි ය මං දැම්මා
ReplyDeleteඉන්නා තැනක වේ නම් සතුටක් නොමැති
සැමියා වැඩට යන විට කවුරුත් නොමැති
විටකදි හිතේ නම් වෙන්නට යුවති පති
එක කෝල් එකයි ගේ දොරකඩ කොල්ල ඇති … !!!!
කොල්ලා කිව්වෙ අවුරුදු 30 කට විතර කලින්ද බං පත්තරේ...දේශකයගෙ භාගයක්ම තියෙන්නෙ කඩෙන් ගෙනා දත් කියලනෙ උඹ මට කිව්වෙ....
Deleteඌ හිතං ඉන්නෙ එහෙමනෙ බං.. ඔව් ඔව් බාගයක් තියෙන්නෙ කඩෙන් ගෙනා දත්.. ඉතුරු ටික වයිපරේ බඩට ඇරල බඩේ තියෙන්නෙ :D
Deleteකොටුවක් පනින්නට කරනා ඇරයුමට…
Deleteගන්නේ කොසු මිටය අනිවා ඒ කෙල්ල…
වයසක කමට ගරු කර දුන් මඳහසට…
හනේ හපොයි ඇය හට උනි මේ විපත…
ඈ බං.. නැව් ගියාට පාරවල් හිටිනවෑ !! :D
Deleteකොහු ගන්නෙ මක්කටෙයි.. කොල්ලගෙ ම්හන්සිය බලල සාධාරණ ගානක් දුන්නම හරි.. :D
පුංචි නිසා ඉවසනවා නැත්නං හොම්බට දෙනවා
Deleteමගේ හිතත් මොර දෙනවා ආදරයක් නොම එනවා
හිතේ සතුටු ඉතිරෙනවා ඇයි දුටුවොත් සැනසෙනවා
ඒවා ඉතිං නැති වෙනවා කොහොම උනත් අපි යනවා
"හඩු ගැහිච්ච නයිටිය පිටින් ඇවිත් චූන් පාන් වාහනෙන් පාන් ගන්න අක්කා කෙනෙක්" නයිටි නම් සහෝට පේනවා නෙහ් හොදට
ReplyDeleteආචාර්ය වීරේ මචෝ.. ඕවා පේන්නැති මේ ඇස් ගෙඩි දෙක මක්කටෙයි..
Deleteඔයවගේ දේවල් සිදු නොවුන කෙනෙක් මේ මිහිපිට නෑ දේශක. හුඟ දෙනෙක් එලිපිට නොකියන එකයි සිද්ද වෙන්නෙ. අර අපේ ඉවාන් කීවා වගේ හැමෝටම නැරුවත්ව හිතන්න පුලුවන් නම් ඔය වගේ ඒව ඕන තරම් ඇති.
ReplyDeleteමේ වගේ සිදුවීමක් අපේ සංගීත විශාරදයෙකුටත් සිද්ද වුනා. ඔහු කලුතර පැත්තෙ සංගීත පංතියක් පවත්වපු කෙනෙක්. ධම්මික බණ්ඩාර කියන
ගී පද රචකයා දවසක් මොහුව හම්බ වෙන්න ගිහින් තියෙනවා. එදා ඒ විශාරදතුමා ගෙදර ඉඳලා නෑ. බැලින්නම් බාර් එකට ගිහින් හොඳට ගසනවාලු.
ඒ මදිවට ඇස් වල කඳුලු පුරෝගෙන ඉකි ගහනවලු. හේතුව මේ කියන විශාරද තුමාගෙ සංගීත පංතියට ආපු ලස්සන කෙල්ලක්, අද ඔහුට බුලත් දීල ගිහින් හෙට කසාද බඳිනව කියල. ඉතින් අපේ විශාරදතුමා කොයිතරම් මේ ගෑනුලමයට හිතින් ආදරය කරන්න ඇත්ද. කොටින්ම කියනවනම් ජනේල් කවුලුව ලඟ මග බලන් ඉන්නවලු මේ ලමය පංතියට ආ ගිය දවස් වල. ඉතින් අපේ ධම්මික බණ්ඩාරයන් මේ කතන්දරේ මේ විදියට පද නිර්මාණය කලාලු.
"මගේ පුංචි රෝස මලේ මමයි නුඹේ වියපත් බමරා.... නුඹ හීනෙන්වත් නොදකින කුමරා....."
අමරසිරි පීරිස් ඒ පදවැල් අරගෙන මේ විදියට තණු නිර්මානය කලාලු.
මගේ පුංචි රෝස මලේ
අහලම බලන්නකෝ.
This comment has been removed by the author.
Deleteපුතා තාත්තගෙ ඔය සිද්ධිය විවුර්තව කියනවා..මං ඒ නිසා නම දාල ආයෙ මැකුවා තෙලිදිය මචං.
Deleteමොකද අනේ පාට මාරු කරන්නේ? හැබැයි ඒ කහපාටේ ලස්සනක් තියෙනවා නේ?:)
Deleteපරණ සූට් එක ඇන්දා .. හොඳා නේ පොඩි මිස් ?? ඈ ඒ කියන්නෙ මේකෙ ඉන්න පත්තර බෙදන බයිසිකල් කාරයා ලස්සනයි - අර ප්‍රබුද්ධ සංවර රූමත් පොශ් හැන්ඩ්සම් සුදු සිංහල බෞද්ධ උගත් වැදගත් විශාරද ගිටාර් වාදකයා කැතයි ඈ ?????
Deleteහිටහං වයිෆ්ට කියල වයිෆ් මට බයින විදියට ඔයාටත් බන්නන්ඩ :D
ස්තුතියි තෙවා... මං දැනං හිටියේ නැහැ ඔය සින්දුව ගැන විස්තරය. ස්තුතියි..
Delete//පොඩි එකාත් ඉස්සරහ තියාගෙන යන නිසා වෙන්ටැති.//
ReplyDeleteසැඟවුනු අර්ථ සොයමින්...
'මෙච්චර පොඩි කොල්ලෙකුට ලමයි ඉන්ට පුලුවන්ද?'
'අක්කගේ ලමයෙක් වෙන්ටෑ...'
'සමහරවිට ලමයගේ අත්තද දන්නේ නෑ.'
'පුතෙක්ගේ හරි දුවෙක්ගේ හරි ලමයෙක් වෙන්ටෑ.' :D
ගෙදරට වලි දාලා වෙලාවට එලියට බහිනවා? කොහොමද වැඩේ ...දේශිකාට කොහොම හරි පණිවිඩයක් දීගන්ට ඕනි.
මේවයේ ඉන්න අයගේ ගතිගුණ සොබාව දන්න නිසා තමා පොඩ්ඩියේ අපි හැංගිලම වැඩ ටික කරන් යන්නේ.. හැක්. අර පළවෙනි සැගවුනු අර්ථය හරි වෙන්ටැති හැක්..
Deleteමේ අනිත් පත්තර මල්ලි කවුද හැබැට......
ReplyDeleteහෙ හෙ .. මං ම තමා පත්තර අයියේ :D පොටෝ එක පොඩ්ඩක් මාරු කරා නෙවැ . ඕ යේස්
Deleteමේකා මේ පින්තුරු මාරු කරනවනේ නලියෝ. බොට හරියන්නෙ මේ සයිකල් පින්තුරේ තමා..
Deleteදරුවා දමන්ට යනවිට ඉස්කොලේ
ReplyDeleteකෙල්ලෙක් දැකල දෙශා යයි වල් පාරෙ
ලස්සන බලා විතරක් සැනසෙයිද බොලේ
මුට දෙන්න දඩුවම් ඇත රජ කාලෙ
දරුවා යන්නේ මා සමගයි ඒ පාරේ
Deleteඉන්න නිසයි මං බැලුවේ ඒ රූපේ
හිනා කටක් දැක්කත් ඇති මේ කාලේ
ඒක නිසා දඩුවම් ඕනැ නැත රාලේ
කාලෙකට කලින් නාට්‍යයක් ගියා ජයලාල් රෝහණ හිටියේ , මිනිහා කසාද බඳින වයස පරක්කු වෙලා , හැමදාම බස් එකට නගින තැනදී ඔසරියක් ඇඳපු ලස්සන් තරුණියක් හිනාවෙනවා , ටික කාලෙකින් කතා කරනවා , පස්සේ වැඩ අරුනමත් මිනිහා එයා බස් එක ගන්න හෝල්ට් එකටම යනවා ,
ReplyDeleteබලනකොට කෙල්ලත් මිනිහගේ ගම පලතෙමයි , කාලයක් ගිහින් මිංහගේ හිතට එනවා විවාහ වෙන්න් ඕනේ කියලා , මිනිහගේ හිතේ තියෙන්නෙම අර කෙල්ල ගැන , එක දවසක් කෙල්ල කොල්ලෙක් එක්ක මිනිහගේ බෝඩිමට එනවා , එන්නේ මොකටවත් නෙවෙයි වේදීන් එක කියන්න , සාක්කියට අත්සන් කරන්න කියලා ..
ඊට පස්සේ එකේ යනවා සින්දුවක් හැබැයි ඒ නාට්ටියෙන් ඇහුවට පස්සේ ඒ සින්දුව කොහෙවත් ඇහුනේ නෑ , ලස්සන් සින්දුව
මට කෑල්ලක් මතකයි ..හෙව්වට කොහෙන්වත් හොයා ගන්න බැරිවුනා
"මනමාල බඹරු මල් මුවරද විලේ රඟනවා
මම තාම බලා ඉමි කාලට ගතවී යනවා
හිරු රැඟුම් රඟපානවා
කාලය ගතවීයනවා ............."
තැන්කුයි ඉවාන්.. මං මේක දැනං හිටියේ නැහැ..
Deleteහ්ම්ම්… මම නම් හිතන්නෙ ඕක සාමාන්‍ය දෙයක්. ඒ වගේම ඔය විදිහෙ සම්බන්ධතා කොතෙක් ඇති වෙනවද? ඒක ප්‍රේම සම්බන්ධයක් වත් රාගය මුල් කරගත් සම්බන්ධයක් වත් නෙමේ. ඒත් ඒ බැල්මට වහ වැටෙන අවස්ථා කොච්චර තියෙනවද?
ReplyDeleteඒත් ඒ සම්බන්ධෙ එතනින් එහාට ගෙනියන්න ලං වෙන්න අයිති කර ගන්න දෙපාර්ශවයටම උනන්දුවක්වත් උවමනාවක් වත් නෑ.
ඒක ආදරයක් කාමුකත්වයක් නොවේ. ඒකට නමක් නෑ.
මේ ජීවිතේ අවම වශයෙන් ඔහොම එක සම්බන්ධයක් වත් නැති අය ඉන්නවද කියන්න මම දන්නෑ.
ඇත්ත කිව්වොත් මං ගැන මොනවා හිතයිද මන්දා ,
Deleteආ ඔව් ඔව් .. . මටත් සෑහෙන්න එහෙම ඒව තිබුනා බං :D
තනි අන්ඩේ ලව් කියනනේ ඕවට නේ බං..
Deleteමේවා තමයි නූතන ජනකවි කියන්නේ. බලපන්කො සුනිල් එදිරිසිංහ වගේ ගායකයෙකුට දීලා මේක ගීතයක් කරගන්න බැරිද කියලා.
ReplyDeleteතනුව දාන්නේ පත්තර මලයාලු.. සිංදුව කියන්නේ නං ඉවාන්ලු.. ප්‍රචාරය නලින්ලු.. හැක්..
Deleteසුනිල් ලා වගේ ප්‍රබුද්ධ කුලකයේ ගායකයො මේවා කියන්නෙ නෑ...පීචං ගායකයෙක් වන සුනිල් පෙරේරට දෙන්නා....අනිවා කියයි.
Deleteබොට කියන්න සුනිල් ලොක්කා මීට වඩා නරක සිංදු කියල තියෙනවා..
Deleteඅනික සුනිල් පෙරේරාගේ මොකක්ද තියෙන පීචං කම...??
Deleteඒක මම අපහාසයට කියපු එකක් නෙමෙයි දේශක කොලුවො...ඔය සුනිල් ගොල්ලම තමයි කිව්වෙ මේ රටේ ප්‍රබුද්ධ, පීචං කියලා ගායකයො වර්ග දෙකක් ඉන්නවා....ඒකෙන් පීචං ගනයට තමයි අපිව අයත් වෙන්නෙ කියලා...ඔය ජෝතිපාල උන්නැහේවත් පීචං ගනයට තමයි මුල් කාලෙ වර්ග කරලා තිබුනෙ...අපේ සම්භාව්‍ය සංගීත කාරයෝ...
Deleteඑහෙම කිව්ව සුනිල් පෙරේරා මිසක්කා සුනිල් එදිරිසිංහ නෙයෙමි... හැක්..
Deleteකවි ලස්සනයි. ඔය වගේ සමහර දේවල් තියෙනව ළග හිටපු කෙනෙක් දාල ගියාටත් වඩා හිතට වදින. මොනා කරන්නද? දුක තමා.........
ReplyDeleteඔව් අනේ.. පොඩි හැගීමහක් විතරයි නේ.. කාලෙකින් දැක්කේ.. සන්තෝසය සිසියෝ..
Deleteහරි ආසයිනේද බං ඔහොම බල බල යන්න. උනුත් හොරෙන් බලනවා. ඒ ඇස් එකට ගැටෙන වෙලාව....පිස්සු හැදෙනවා බන් යන්න ඔන්න මෙන්න වගේ. මේකත් එක්තරා කාලයකදි වෙනවා. මටත් තිබුනා එක් කාලයකදි ඔහොම "ඔන්ලි බැලුම්" දෙක තුනක්.
ReplyDeleteඅරූ අයියේ දැකීමත් එක්තරා $% මක් තමයි කියල තුන වසරෙ සිංහල පොතේ තියනවා.. අලුත් සිලබස් එකේ :D
Deleteමම නං වයස ගියාට හොද දෙයක් දිහා බලන එක නතර කරන්නෑ. ඒක මචං අපේ අයිතියක් නේ.. ලස්සන දේ රස විදින්න.. ඔන්න ඒක ඉඹින්න ගියොත් තමා මෝල්ගහෙන් කන්න වෙන්නේ.. හැක්..
Delete@ පත්තරාය
Deleteඅපේ කොල්ලා තුනේ ඉන්නේ. උගේ සිලබස් එකේ ඕක නෑ.. හැක්..
බැලුවට කමක් නෑ හැබැයි වැඩිය හිතට ගන්න එපා..
ReplyDeleteඔන්න ඔහොමයි මටත් උපදෙස් ලැබිලා තියෙන්නේ.. එහෙවු එකේ දේශා වගේ කවි ලිවුවනම් මම.. හෙහ්..
ඔව් දිනේෂ්. හිතට ගන්නෑ. දැං කවිය ලිව්වා අමතක කරා.. මිහිරි මතකයක් පමණයි..
Deleteහිනහුනේ හිතවත්කමට ඉතින්
ReplyDeleteසොයා බැලුවේ මනුස්සකමට නිතින්
බලනු එපා දේශා දිහා කැත හිතකින්
අයියේ උඹේ පැත්තේ මම එකම සිතින්..
ඇත්ත බං අයියේ උඹ කියන එක ඔය වගේ හැමදාම දකින කෙල්ලෙක් එක දවසක් දෙකක් මග ඇරුනාම ඔය වගේ සිතුවිලි එනවා තමයි.ඔය අත්දැකීම මටත් තියෙන නිසා බොක්කෙන්ම මම උඹේ පැත්තේ.ඔය එක,එක පඩත්තර කොල්ලෝ උඹට එක එක ඒවා කීවාට.:D
අන්න බොට තේරුනා.. හොද ළමයා..
Deleteකවි ටික එල
ReplyDeleteසික් විතරක්.. හැක්..
Deleteමොනා උනත් දේශකයගෙ උනන්දුව නම් අගය නොකර බෑ. තව කයි පද බැඳල. පව් අසරණයා ! :)
ReplyDeleteඅසරණ කමට අප මොනවා කරන්නද
Deleteපොලිසිය යොදා ඒ ඇත්තිව සොයන්නද
පවුලේ ප්‍රශ්න කන්දක් මෙන් වඩන්නද
මේ හැටි හොදා පැත්තට වී සිටින්නට
කැලේ ඉන්න මුවෝ දිහා බලල කෙල ගිලින දේශා ඉතින් ගෙදර තියෙන මුව හමට තමයි ......
ReplyDeleteහැක්. හැක්.. මොන අයියත් එහෙම තමා ඔය කීප දෙනෙක් ඇර...
Deleteඋඹ තාම යහතිං ඉන්නව නේද?
ReplyDeleteහොඳ වෙලාවට දේශිකා බ්ලොග් කියවන්නෙ නැත්තෙ.
තව එකක්,
Deleteකයි ටික ලස්සනයි.
ඒකකේ ඒකනේ මං මේවා බලන්න දෙන්නැත්තේ.. හැක්.. තැන්කුයි..
Deleteඅඩේ...කවුරුත් මාත් එක්ක තරහා වෙන්නත් එපා. මට ලේබල් එකක් ගහන්නත් එප. දේශකයාගේ මේ බ්ලොග් එක වේස මඩුවක් කරන්න එපා බං. මේ තුල තිබිච්ච සොඳුරු සංවාද චැට් මඩුවකට සීමා කරන්න එපා. ඒ වෙනුවෙන් උඹලාට ෆේස්බුක් එක තියෙනවානේ. මේ තුල සෞන්දර්යාත්මක ඉඩ කඩක් වෙන් කරගමු. මොකද දේශකයා යමක් ලියපු එකෙක්නේ. දේශා දැනගන්න ඕන මොකක්ද කරන්න ඕන කියලා. උඹ ජෝකර් කෙනෙක් නෙමේ. උඹ යමක් කරපු එකෙක්. බඩුවක් ගහන එකයි....ලව් එකේ උපරිම ඉන්න වෙලාවට කොන තෙමෙන එකයි දෙකක්නේ බන්. ඉවාන්, ප්‍රියා ,විදානේ වගේ අයත් මේවා හිතන්න ඕන.
ReplyDeleteදැන් තොපි සෙට් එක මගේ ඇට දෙකට හැලපේ රසවත්ව ලියපු ජාතියේ ගොඩ්‍රෆිගේ ඌරු ඇට ඔපෙරේෂන් එක දීපල්ලා. මම ආදරෙන් රස විඳින්නම්. බ්ලේඩ් මගේ ගානේ.
මම කියන්නේ...දේශාගෙ සාරථක ලිපියක්වත් රස විඳින්න බැරි සයිස් එකට දාන්න එපා. ඒක හරි අපරාදයක්.
ලගදි ඉදන් මමත් දැක්ක දෙයක් තමයි ඔය අරූ කියන චැට් මඩු...ඔය වැඩෙන් වෙන්නෙ ලිපියක හරය කොහෙවත් තියලා...අතුරු පාරවල් දිගේ කට්ටිය දුවන එක....
Deleteඅරූ ඔය කතාව කිව්ව එක හොදයි ,මං එක සැරයක් ඔක කියලා අයේ අයින් කර ගත්තා ,එත් කිප සැරයක්ම කිව්වා වැඩක් නෑ කියලා ,දේශක නියම කතා ටිකක් ලියන් අවා දැන් මේ පිස්සි කෙලිනවා ,ලියන්න ඕන නැතව ඇති ....දේශක මේ ගැන හිතුවා නම් හොද නැත්ද ???අපිත් කියවන්නෙ නැතුව ආ .....සුපිරි දේශා කියලා යන්නම්...ඊට යටින් වෙනින් කතාවක් අරන් කමෙන්ටු දාමු එතකොට ලියපු කතාව ?????
Deleteහැමදේම විහිළු නෙවෙයි දේශක ...මං දන්නෙ නෑ මට කියන්න අයිතියකුත් නෑ ,එත් මේ බොගියට ලගදි සෙට් වෙලා දිගටම කියවන එකෙක් විදියට කිව්වෙ ...
බොලා මොනා කිව්වත් මගේ ඇති අමනාපයක් නැහැ. ඒක වෙනම කතාවක්.
Deleteඅපිමයි කියනනේ බ්ලොග් වල නීති රීති අනං මනං නැහැ කියලා. ඒක නිසා ඒ ගැන වාද වෙන්න එපා. ආතල් එකක් මොන විදියෙන් හරි ගන්න එකෙක් ඉන්නවනං ඔය අපේ පත්තරයල වගේ. ඒක උන් ගත්තාවේ. මේවා මේ සම්බාව්‍ය සමාජයට පනිවිඩයක්, දැනුමක් දෙන්න අටවපු තැන් නෙමෙයි නේ බංස්ලා..
අදහසට තැන්කුයි. මේක ආතල් කාල පරිච්ඡේදයක්. අළුත් කතා සමගින් තවත් කාලයක් ඉදිරියට ඒවි.. හැමදාම එක විදියට බ්ලොග් එකක් දුවන එක ඒකාකාරි යි බං. මට නං හති වැටෙනවා බොරු මවාපෑම් කරමින් ඉන්න. මං කැමතියි මස් කන්න හරි එළිපිට ඉන්න විදියටම ඉන්න. ආයේ මොන උපාසක කංද බං..
මට නං කොයි තරං කොමෙන්කටු වැටුනත් කොයි තරං හිට් ආවත් ඒ තරං ඒක ලොකු දෙයක් නෙමෙයි. මොකද අපිට වැඩිය ඒවා ලැබෙන කට්ටිය ඕන තරං ඉන්නවා. ඒවා ගැන හිතේ පොඩිවත් හැගීමක් නං තියාගන්න එපා. මගේ නං ඒවා නෑ.. හැක්..
දේශා.....මේ කිව්වේ නීතිරීති හෝ නිදහස ගැන කතාවක් නොවේ. අනිත් එක නීතිරීතිවලින් නවත්තන්න පුළුවන් දේකුත් නොවේ. ඕවර් ද ලිමිට් යෑම පිලිබඳ තියෙන අපහසුතාවයක්. අනිත් අයට එහෙම අපහසු නැතුව ඇති. මම කිව්වේ ඒ පැත්තෙන්.
Deleteපත්තරේගේ කමෙන්ට්ස්වල තියෙන ශාප් ෆ්ලේවර් එක අඩු තක්සේරු කරාත් නෙමෙයි. කොහොමද.... කෑවද..නෑවද ජාතියේ ඒවා ගැන කිව්වේ.
I got u. pl send me ur email
Deleteමට නම් හිතෙන්නේ උඹ කියන්න හදන අදහස කවියෙන් සාර්ථකව දෙන්නේ නෑ කියලා... එලිසම, විරිත් අවුල් එහෙමත් තියනවා... කයි පද බඳින්න තව ටිකක් ඉගෙන ගන්න වෙනවා උඹට...
ReplyDeleteමටත් ඒක හිතුනා බං. කිසිම අකුරක් වෙනස් කරේවත් බැලුවෙවත් නෑ දාන්න කලින්. කෙටුවා දැම්මා එච්චරයි.. සරල අරුත් ඇති කවියක් විනා එතනින් එහාට මේකේ ඇති දෙයක් නැහැ බං. මං කවි ලියන්න දන්නෑ.. හැක්..
Delete" රසය ආත්මය කොටගත් වැකිය කවිය කියා " කිවුවෙ භාරතයෙ විශ්වනාථ පඩිවරයා...
ReplyDeleteහිතෙට දැනෙන දේ කාන්සිය,පාළුව, තනිකම ඕවගේ හැගීම් ගොතමින් කිවුවෙ අපේ රටේ ජන කවිය. :-D
මේවා පාර කවි කියලද ඔය කියන්නේ දිනිතියෝ. හැක්..
Delete