මං අමරදේව මාස්ටර්ගේ සිංදු අහන්න පටන් ගත්ත හැටි, ඒකේ ආරම්භය කොහොමද කියල කල්පනා කරන්න ගත්තා. ඔය කාලේ ඒ කියන්නේ මම ඉස්කෝලේ යන කාලේ අපේ සමාජයේ තිබුනෙ ටෝප් තව්සන්ඩ්, බ්‍රේක් ඩාන්ස්, රොක් ඇන්ඩ් රෝල් ඔව්වා මෙව්වා නිසා අමරදේව මාස්ටර් සිංදු කියනව අහන එකත් නිකම්ම හිටගෙන නින්ද යන කාරණයක්.. මට මතකයි “අපෝ ඔය නිදිමතයන්ගේ සිංදු අහන්න බෑ නිකම්ම නින්ද යනවා“ කියල කියපු අවස්ථා හිටං තිබුනා. කොහොම උනත් ද්විතියික පුර්ෂ ලක්ෂණ (පුර්ව ළමා විය පහු කරාට පස්සේ (??)) පහල වෙන්ට වෙන්ට කොල්ලා සංවේදි වෙන්ට ගත්තා. බොහොම සද්දෙට අහපු ජැක්සන්ලගේ, ටිෆනිලගේ සිංදු වලින් ගොඩ යන්න බැරි තරමට ජීවිතේ අමාරු වෙන්න ගත්තා. එහෙම කියල අපි අතෑරියේ නැහැ. අපි ජේසන් ඩොනවන් අයියගේ Sealed with a Kiss එක්ක හරි ගොඩ යන්න හැදුවා. ඒත් බැරි නං ජෝජි මයිකල් අයියගේ කෙයාලස් විස්පර්, ලාස්ට් ක්‍රිස්මස් ඒ වගේ තව ඕන තරං සිංදු තිබුන ඔය නිදිමතයන්ගේ සිංදු අතාරැල අපේ ගමන යන්න නං.
ඒත් මොකක් හරි හේතුවකට කරුමෙකටද මන්දා සේකරගේ සක්වාලිහිණි කවි පොත ඉස්කෝලේ පුස්තකාලෙන් අරගෙන ඈනුං ඇරල කියවන්න ගත්තට පස්සේ නිකම්ම නින්ද යන්න ගත්තා. ඇත්තටම ඔය කවි දාන හරිම මලදාන.. කවදාවත් හරියට කියවන්නත් බෑ. කියවල ඒ හාදයා කියන දේ තේරුං ගන්නත් බෑ. අන්තිමට අපි තේරුං ගත්ත එක මේකයි කිව්වම ඒකට ලකුණූ බිංදුවයි. ඔන්න ඔහොමයි කවි. ඒත් මේ සක්වාලිහිණි පොත කියවං යද්දි හරි අමුතු විදියට එක එක කවි එක එක විදියට පයට ගැට ගහල වගේ හැගීමක් ආවා. අන්න ඒකත් එක්ක කවි යුරේකා.. විරේකා නෙමෙයි වෙන්න ගත්තා. ඒකෙන් මේකෙන් මහගම සේකර කියන හාදයා තවත් කවි පොත් ලියල තියෙයි කියල ඒකෙන්ම හොයාගෙන් ඒවත් හොයාගන්න මහන්සි උනා. ඔය විදියට මහගම සේකර ලියපු කවි පොත් කිහිපය උඩින් පල්ලෙන් කියවද්දි තමා “ප්‍රබුද්ධ“ හමු උනේ. ඒ කවි පොත හරියට පාර පෙන්නන යාළුවෙක් වගේ ළගින්ම ඉන්න කොට මේ කවි මිහිර හිතට දැනුනා. ඔහේලට කියන්න මාත් ඔය සේකරගේ කවි එහෙම කියවල ඒ කාලේ කවි පොත් ලිව්ව කියල මතක ඇති නේද? ඔව් ඉතිං දුකයි තමා සමාර කවි පොත් අනං මනං පුච්චල දාන්නත් උනා. ඒකට වග කියන්න ඕන අර ඩුඩ්.. මොකද මිනිහත් ඒවා පුච්චපු විත්තියක් මට ලාවට වගේ මතකයි. ඉතිං ඔය කවි ලියපු පොත් වල අන්තිමම අන්තිම පොත, ඒක පිටු අසුවක කොටුරූල් පොතක් විතරක් යන්තං ඉතිරි වෙලා තාමත් ඔපිසියේ ලාච්චුවක වැඩ ඉන්නවා. මං අරගෙන බැලුවා ඒකේ මුලින්ම මොකක්ද ලියල තියෙන්නේ කියලා.. අහන්නත් දෙයක්යැ.. ඔන්න බලන්න පින්තුරේ.
ඔය විදියට සේකරගෙන් මගේ ජීවිතේට ලොකු බලපැමක් ඇති උනා. ජීවිතේට ඇහැ අැරල නොබලන සමහර දේවල් දිහා ආයාසයකින් තොරව ඇස් ඇරල බලන්න පුලුවන් කම ලැබුනා. ඔන්න ඔය විදියට තමා සේකර නින්ද යන සිංදු හෙමත් ලියල තියෙනවා කියල දැනගත්තේ.. අනේ මන්දා ඊට පස්සේ නං ඔව්වට නින්ද යන සිංදු කියල කියන්නේ නෑමයි කියල හිතාගත්තා. අන්න එදා ඉදල මාත් අමරදේව මාස්ටර්ගේ නින්ද නොයන සිංදු අහන්න ගත්තා.
එකිනෙකට වෙනස් වූ අමරදේවගේ මෙලඩි නිසාත් ඒ කටහඩ නිසාත්, ඒ කටහඩ විරහවට අපුරුවට ගැලපෙන විරහී හඩක් කියල කියන්න පුළුවන්. අර මාගල් රවි උන්නැහැ කිව්ව වගේ මින්දද හී සර සිංදුවට මාත් බෝම මනාපයි. බීපු දවසට එක පාරට දෙපාරක් කියන සිංදුවක් ඒක... මං හිතන්නේ ඒක විතරයි මට කියන්න පුළුවන් එකම සිංදුව. ඒ උනාට විරහ දුක විදින කොට අමරදේව මාස්ටර්ගේ සිංදු වලින් හිතට කටු අනින්න ගන්න සිංදුව මෙන්න මේක.
පෙම් රළ පතරින්..
නිබඳව නැහැවෙන..
මිනිස් හඩින් තොර පාලු දිවයිනේ...
මා තනිකරදා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිදේවා
“මා තනිකරදා පාවෙන ඔබගේ ජීවන නෞකා නොබිදේවා“ ඕකේ තේරුම හරියට ආවද දන්නෑ උනත් ට්‍රයි කරපු ක්‍රෂ් වෙන කොල්ලන් එක්ක යාළු වෙලා ඉන්නව දකින කොට ගෙදරට වෙලා හූල්ල හූල්ල ඔය කෑල්ල ඇහුවත් හිතට සැපයි.. නැද්ද මං අහන්නේ.
ඒ වගේම තව ලස්සන සිංදුවක් තමා පිපුන කුසුම පරවූවා.. බබර කිකිණි ගොළු උනා
ඔය අතරේ මට ඒ දවස් වල සංගීත පිස්සුවකුත් තිබුනා. මාස්ටර් මැන්ඩලින් ගහනවා වගේ ගෙදර වයලීන් ගහල ඒක පුරුදු උනා වගේ මාත් වයලීන් ගහන්න පුරුදු උනා. ඒත් මට ඒක හරියන්නෑ. මං දක්ෂ නෑනේ. ඉතිං මම ඕර්ගන් එකට මාරු උනා. ඒක කියල පහසුවක්යැ. ඒ්ත් මාස්ටර්ගේ සඳ හොරෙන් හොරෙන් බලා වළාකුලක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා සිංදුවේ ටට ටට ටා ටට ටට ටා කියල ඉන්ටෝ කෑල්ලක් තියෙනවා. අන්න ඒකනං මරුවට මට ඔර්ගන් එකෙන් ගහන්න පුලුවන්. CC DD C CC DD C.. බැරි අය මගෙන් ඉගෙන ගන ඕක ගහල බලන්න.. පර්ෆෙක්ට් ආ..
මං කටුබැද්දේ අවුරුදු ගානක් තෙපර බාන වෙලාවේ ඔය පැත්තෙ කම්පීටර් සර් කෙනෙක් අල්ලගෙන කම්පීතර කරුණු ටිකක් ඉගෙන කියාගත්තා. එයා ඉතිං ටික කාලයක් යද්දි මගේ හොද ප්‍රෙන්ඩ් කෙනෙකුත් උනා. මිනිහගේ ගෙවලුත් කොරළවැල්ලේ.. නෑ ඇල්බට් නෙමෙයි වෙන නමක් තිබුනේ. කොහොම හරි මේ හාදයා මාව ගෝල්පේස් කෝට් වල තිබුන කම්පීතර ක්ලාස් එකක සී+ කරන්න ක්ලාස් එකකට දැම්මා. පොරත් යනවා මාත් එක්ක. අපි යන්නෙත් කෝචිචියේ. ගිහිල්ලා එන ගමන් ගල්කිස්සට වෙලා ටික වෙලාවක් ඉන්නවා කෝචිචිය මාරු වෙන්න. අන්න ඒ අතරෙදි මිනිහා අනිවා කියන සිංදුවක් තියේ. ඒක තමා
කරදර පොදි බැද
ගැලපිට පටවා
කරුමයේ කරගොනු
පෙරටුව අරගෙන
මේ ජිවන මග අපි යනවා
ඔය සින්දුවත් ජාතික ගීය තරමටම හිතට වැදුන එකක්.
කොාහොම උනත් මාස්ටර් මේ කාලේ ඇතුලත අපිට හිතට කරදර ආපු වෙලාවට ඒ කරදර වැඩි කරන්න දීපු සහයෝගය අමතක කරන්න පුළුවන්ද? ඔය ඔකකෝමටත් හරි යන්න. මෙන්න අමරදේවගේ මං වැඩියෙන්ම අහපු සිංදුව.. ජනප්‍රිය නැති උනත්.. ඔබේ දැසයි ඔබේ දැසයි පැටලිලි සහගතයි මට.
සුභ ගමන් මාස්ටර්.. තැන්ක්ස් ෆෝ බීයින් විත් අස්..
මම තාමත් සේකරගේ සහ අමරදේවගේ හොඳම සුසංයෝගය විදිහට දකින්නේ තුන්මංහන්දියේ අතීතයෙන් ගඟ ගලාබසී ගීතය... චිත්‍රපටියේ තරම්ම සංවේදී බවක් ඒකෙ චිත්‍රපට පිටපත කියවනකොටත් දැනෙන එකයි අපූරුව... හැබැයි ඒක හිතට මහා බරක් ගේන ගීතයක්...
ReplyDeleteවෙල්කම් කාර්පිස්සා..
Deleteමං හිතන්නෙ සේකර ආධුනිකයෙක් උනත් තුන්මං හන්දිය හොද පිලුමක්.. ඔබව මෙහි දැකීමත් සතුටකි..
බොහොම ස්තූතියි. තුන්මං හන්දිය වාණිජ අතින් අසාර්ථක වීම නිසා සේකර බොහොම දුක්වුණා කියලා මම අහලා තියනවා. මොකක් හරි හේතුවක් නිසා ඒක අහන වාරයක් ගානේ මගේ හිතට දුකක් දැනෙනවා. තුන්මංහන්දිය චිත්‍රපටිය ලංකාව වගේ රටකදී අසාර්ථක වීම පුදුමයක් නෙවෙයි කියලා කොච්චර හොඳට දන්නවා වුණත් ඒ වගේ පදනම් විරහිත වේදනාවල් හිතෙන් යවාගන්න අමාරුයි.
Deleteමම මේ කතාව වෙන දිහාවකට අදිනවද මන්දා :)
ඇත්තෙන්ම.. හරියට කොච්චර දැනගත්තත් පර්ස් එකේ සල්ලි නෑ කියල හිතෙන කොට එන දුක වගේ.. හැක්..
Deleteකොහාට අදින්නද?? සේකර නැතිව අමරදේව ගැන කතා කරල වැඩක් නෑ තමා..
ඔය Sealed with a Kiss සින්දුව ඒ කාලෙ විතරක් නෙමෙයි අදටත් මට අල්ලල යන එකක්.
ReplyDeleteඅමරදේව මාස්ටර්ගෙ සින්දු අහල පුරුදු උනාට පස්සෙ ඒ පුරුද්ද අතාරින්න බෑ. මුලදි මටත් හිතුනෙ මේ මොන මල ඉලව්වක්ද කියල තමයි.
ඉස්සර අපිත් ඕන වෙලාවක කියන්නෙ අමරදේවගේ ඇරෙන්න ඕන සිංදුවක් කියමු කියලයි. ඒ තරංම පීචං කරා බං හැක්.. ඩොනවෑන් අයියා දැං හෙන මහළු ඇති නේද බං?
Delete'CC DD C CC DD C'ඉඳහං මමත් ඕගං කෑල්ලක් හොයාගෙන ඒකෙ කී වල ඔය අකුරු තියෙනවද බලන්න.
ReplyDeleteලස්සනට ගහල වීඩියෝ එක දාහං. හැක්
DeleteDCSL ගහලම තමයි වැඩේ පටං ගන්න ඕන. හැක්..
Deleteඊට හොදා වෙනීගෙන් ඉල්ලං කැඳ එකක් බොනවා. හැක්
Deleteඋඹත් සී+ කලාද? මාත් ඕක කලා. දැන්නං මෙලෝ මළදානයක් මතක නෑ.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඒ මොකක්ද ඒ? අපේ කාලේ නම් තිබුණේ C++.
Deleteදේශකයාලා ගේ, ප්‍රසන්නලා ගේ කාලෙට එනකොට එක + එකක් හැලිලා වගේ.
අනික කටුබැද්දේ සිට ගෝල්ෆේස් ගියේ ඇයි? මං C++ ඉගෙන ගත්තේ කටුබැද්දේ කැම්පස් එකෙන්.
ඔවු ඉතිං සී++ තමයි. ඒත් අපි ඒක ඉගෙනගත්ත හැටියට සී+ නෙමෙයි සී- නොවී බේරුන එක ලොකු දෙයක්. හැක්..
Deleteරසික අපි ඉතිං පහසුවට C කියල විතරමයි නේ කියන්නේත්.. මට සිද්ධ උනේ අඩු මුදලට වැඩේ කර ගැනීමේ තන්හාව. ඒක නිසා අර ගුරාගේ යාළුවෙක් උගන්නන තැනකට ගියේ.. ගෝල්පේස් කෝට් වල තිබුනා ඒකේ නමත් මට දැං අමතකයි..
Deleteආ දේශ මල්ලී කෝමද
ReplyDeleteඒයි බලහං මේ අර අයිය ද දන්නෑ. හැක්..
Deleteආ අයියා නේද?? හැක්.. හොදින් අයියේ හොදින්..
Deleteඅඩෝ සිරාවට අපි කෙල්ලන්ට සලකන්න ඕනේ.. උඹ කිව්වා වගේ ඔය කෙල්ලෝ කියල ජාතියක් හිටියේ නැත්නම් අපි සමහර විට ජිවිත කාලෙටම අමරදේවගේ සිංදු අහන එකක් නෑ..
ReplyDeleteකොටින් ම ඔය අපේ කලා සහ රසවින්දන හැකියාවල් දියුණු කරන්න හේතු වුනේ ඒ දවස් වල අපිට බූට් තියපු කෙල්ලෝ.. කොටින්ම නිසදැස් නම් කීයක් ලියන්න ඇත්ද..
ඔන්න මම උ.පෙ කරන කාලේ මට සැරේට මයිකල් ජැක්සන් පිස්සුව හැදිලා තිබුනා.. මම මයිකල් ජැක්සන් ගේ පින්තුරයක් ගහපු ටි-ෂර්ට් එකක් ඇඳන් එක ගෘප් ක්ලාස් එකකට ගියා..
මගේ ඔළුවේ ඉඳන් කකුල් දෙක දිහා බලපු සර් මොකක් ද දන්නවා ද ඉස්සලම කිව්වේ.. "මයිකල් ජැක්සන් ල එක්ක මෙව්වා කරන්න බෑ ළමයෝ " කියල.. හෙහ් හෙහ්.. සර් හරි ඉතින්..
අමරදේව මාස්ටර් සැහෙන දේවල් අපේ ජිවිත වලට එකතු කළා සිරාවට.. දැනටත් ඔය මොකක් හරි ප්‍රශ්නයක් ආපු වෙලාවට සැප දුක සමබර වේ කියල සිංදුවක් කියල හිත හදා ගන්න පුළුවන් ඒ මනුස්සය නිසා..
අම්මප ඇත්ත පැතුමෝ. ක්‍රෂ් එක ටික දවසක් හිනා නොවනත් ප්‍රියාගේ “අදුර අදුර මගේ“ අහපු බුවෙක් මම.. හැක්...
Deleteරස වින්දනය අපිට උගන්නනන්න මාස්ටර් සෑහෙන්න මහන්සි උනා..
කවියන්ගේ නිර්මාණවලින් බොහෝ විට ඉතුරු වෙන්නේ ගීත විතරයි.
ReplyDeleteනැහැ. තුඩ තුඩ රැව් දෙන්නේ එපමණයි.. නමුත් සීමිත පිරිසක් අත කවි ගැවසෙනවා...
Deleteඅමරදේව ගැන ලබන අවුරුද්දෙ විතර මාත් ලියනව, එතකල් උඹෙ මේ සහෘද ආදරණීය සටහන හොඳටම ඇති.
ReplyDeleteසේකරගෙ කියන්නෙ රටේ අවධානයට සම්භාවනාවට "මලාට පස්සෙ" පාත්‍ර වෙන කෙනෙක්. සේකර මැරෙනකොට අපි අම්මගෙ තනේ කිරි බොනව, ඒත් ඒ කවි අද අපිටත් පාර පෙන්නනව.
අමරදේවට සේකර හරියටම හරි ගියා, එතනදි අමරදේවගෙ අටිනාකම තමා ගැලපෙන රචකයන් සහ පද තෝරගන්න හැකිවීම. ජෝතිට වැරදුනෙත් එතන. අමරදේව සම්භාවනාවටත්, ජෝති ගර්හාවටත් පත් වෙන්නෙ ඔන්න ඔය සාධකය නිසා. නැත්තම් කවුද දෙන්නගෙන් වඩා හොඳ කියන්න බෑ.
ප්‍රබුද්ද කවිපොතේ තියෙන "ඒ ගී සුරා තැටි වලට වක්කරපු බව. සේකර මැරිල අවුරුදු දහයක් යනකොට ජෝතිට උනේ ඒක. අනික් පැත්තෙන් සේකර කියනව "විඳිනා දැනෙනා උසස් මනසට නොරිසිය නොසියුම් කලාකෘති" කියල. අමරදේවට උනේ ඒක.
එක සේකර කෙනෙක්ගෙ එකම කවි පොතක් හරහ අපිට අන්ත දෙකක් දකින්න පුලුවන් වීම මොන අරුමයක්ද?
මම ලියන්න ගත්තෙ අමරදේව ගැන, ලිව්වෙ වෙන මොනවද!
කිසිම අවුලක් නෑ උපේ. උඹ දිගට කතා කරා නං තමා වටින්නේ... සේකර ජීවිතේ විදින්නත් කලින් යන්න ගියා..
Deleteපරක්කු වුනත් හොඳ ලිපියක්.
ReplyDeleteඋවමනාවෙන්ම පරක්කු උනේ බස්සා.. තැන්ක්ස්
Deleteදවස් 14කට පස්සේ අපිට අමරදේව අමතක වෙලා ද කියල බලන්න මූ දාපු පෝස්ට් එකක් මේක... පේනවා නේද හීන් නුලෙන් යන ජාත්‍යන්තර කුමන්ත්‍රණ.. හැක්...
Deleteහැක්. මම හිතුවා අමතක වෙලාම යයි කියලා..
Deleteහොඳ ලිපියක් දේශා!
ReplyDeleteස්තුතියි මැතිණිය.. හැක්
Deleteතැන්ක්ස් ෆො ද පෝස්ට් දේශා
ReplyDeleteඕ යු හයිඩ්. තැන්ක්ස් අයියන්..
Deleteඅපිත් මයිකල් අයියට උදේට හවසට වැදපු කොල්ලෝ
ReplyDeleteමයිකල් නයිට් ට වෙන්ටැ.
Deleteජැක්සන් ...
Deleteමාත් මයිකල් නය්ට් වෙන්න හිතාන ඉන්නේ 2040 දී ඊට කලින්ම ඇහැක් වේව්
Deleteඅපේ කාළේ වික්ටර් හා ප්‍රේමකීර්ති තමයි ඒ කාළේ අමරදේව හා සේකර..
ReplyDeleteගීතයක මම විඳින්නේ තනුව..
කවි විඳින්න කයි පොත් බලනවා.. ගී පද පොත් බලනවා.. ඒකයි මට ගොඩක් සින්දුවල වචන දන්නේ නැත්තේ...
ලිපියත් ඒ දෙන්නටම ගැලපෙනවා.. කවියක් වගේ.. සරළයි.. ලස්සනයි..
තැන්ක්ස් මාතා..
Deleteකල් ගත්තත් ඒ බව දැනෙන්නෑ.ඔවුන් යුග පුරුෂයන්..
ReplyDeleteAdios Maestro!!
ජයවේවා..!!
අන්න එහෙමයි ගෞරව කරන්න ඔ්න. චියර්ස්
Deleteඔහ්.. මාත් ලියන්න හිටියේ මාස්ටර් ගැන.. අපේ ලව් එකට දැන් අවුරුදු විසි එකක්.. ඊට කලුන් මම දැනගෙන උන්නේ සිංදු කියද්දි අත නටවන පොර විදියට විතරයි . අනූ පහේ ඒ ලෙවල් ඉවර වෙලා ඉද්දී පිපුණු කුසුම නිල් මානෙල් විකසිත පෙම් කොලොම්තොට කැසට් පීස් එකක් මාරුවට එකක් දාගෙන පැය ගනන් ඇස් වහගෙන අපි ලව් කරා මතකයි .. මේක කියෙව්වම මගේ කතාවෙන් බාගයක් කියවිලා..
ReplyDeleteමේකේ මං ඩිංගයි නේ ලිව්වේ.. උඹ ලියහං උඹගේ කතාව.. හැක්.. වලස් තඩියා
Deleteයකෝ මු දන්න ජාති
ReplyDeleteඅනේ සත්තලනේ නොදන්න කමට ඩිංගක් ගැට ගහගත්තට ඔහොම අපහාස කරන එක හොදෙයි?? හැක්.. නරියා
Deleteසී+ කියන්නේ මක්කටෙයි..
ReplyDeleteඅමරදේව කියන්නේ කවුද?
මහමග සේකර කියන්නේ කවුද?
දැන්නං සුවර් අර ප්‍රසන්නනයි දෙසකයයි නිවුන්නුවත් නෙවෙයි කියලා
----
ලියමන අගෙයි..
ජ ය වේ වා !!!
මලදානේ බ්ලොග් ඒක කාගේද ...
Deleteඒ කෙමෙන්ට් වලට උත්තර දෙන්නේ කවුද ...
ඊ ලග පොස්ට් ඒක ලියන්නේ මොන අවුරුද්දේද
c+ නෙමෙයි cj.. හැක්. උඹ සුවර් කරපු එක වැරදයි.. නැත්ත ප්‍රසා??
Deleteටිකිරා කියන්නෙ කවුද?
Deleteසමපෝෂ ගුලි කියන්නෙ මොනවද?
බෙලිහුල්ඔය තියෙන්නෙ කොහේද?
මේවටත් උත්තර දියං. ඊටපස්සෙ හොයාගත්තැකි මායි මූයි එකෙක්ද කියල. හැක්..
නදීසා හේමමාලි කියන්නේ කව්ද??
Deleteඅමරදේව මාස්ටර්ට මම නම් කැමති, ඔහු අමරවදයක් නොවී අමරදේව වුන නිසාම තමයි.
ReplyDeleteඇත්කේස හැට්ටරේ දහයෙදි වගේ නං අමරදේව මට අමර වදයක්.. හැක්
Deleteසතියකට විතර කලින්, පාන්දර 3.00 ට ගමනක් යන්න පිටත්වුණා. මම ම සකස් කරගත්ත අමරදේව ශූරීන් ගේ තෝරාගත් ගී එකතුවක් සහිත mp 3 CD එකක් දාගෙන ගියේ. ඇත්තටම මම වාහනය පැදෙව්වත් ගමනාන්තයට යනවා මට දැනුනේ නැහැ.
ReplyDeleteඒක නං හොයාබලන්න ඕන දෙයක්.. විචාගේ බෑණාවරුන්ගේ සංගමය වහාම අමතන්න.. හැක්..
Deleteයනව දැනෙන්නැති එකනං ලෙඩක් අංකල්.
Deleteමොකක් හරි කාලතුවක්කු උණ්ඩයක් යවල තියේ වගේ.. හැක්
Deleteනෑ නෑ අපේ උන්දැත් කීවා ඔයා(ට) යනවා දැනුනේ නෑ කියලා.
Deleteහෙක් හෙක්.. විචා මාමා මෙහෙම ඉන්න කොට තමයි අපිටත් සතුටු.. චියර්ස් හෙනං..
Deleteකියන්න දෙයක් නෑ දේශක ලියමන අපූරුයි...
ReplyDeleteපුදුමයි බං.. හැක්.. කාලෙකින් මේ බ්ලොග් යාළුවෝ දකින්නේ.. චියර්ස්
Deleteනියමයි දේශෝ ....මාස්ටර් ගැන මෙහෙම පරකුවෙලා ලියපු එක හොදයි ....
ReplyDeleteපෙම් රළ පතරින් නිබදව නැහැවෙන
මිනිස් හඩින් තොර පාලු දිවයිනේ...
මා තනි කරදා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිදේවා...
කණකොක් සුද පමණයි බොල් අහසේ
ක්ෂිතිජය රේඛාවේ
මුව වීණාවේ මන්ද ස්වරයෙන්
මුහුද හඩන හඩ සවනට නොනැගේ
මා තනි කරදා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිදේවා...
සිත් සැණකෙළියේ සිතුවිලි සලෙලුන්
නිහඩව නිදා සිටී
වියරු සිනා හඩ රස ගී ගංගා
සිදී බිදී සැගවී සැගවේ
පෙම් රළ පතරින් නිබදව නැහැවෙන
මිනිස් හඩින් තොර පාලු දිවයිනේ...
මා තනි කරදා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිදේවා...
ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව/සංගීතය/ගායනය - පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
මං ආසම සින්දුව බං.. හැක්..
Deleteඅමරදේවගේ සින්දු වලින් හිතට වැඩියෙන් දැනෙන එකක් තමයි මට "පෙර දිනයක මා පෙම් කල යුවතිය" හැබැයි ඉතින් කාලෙන් කාලෙට ඒ සින්දු ප්‍රමුඛතා ලැයිස්තුවේ උඩ යට යනවා.
ReplyDeleteඋඹට වගේ මටත් තාලෙකට අත්පුඩියක් ගහන්නවත් බැරි උනාට ගිටාර් ගහන්න,ඕගන් ගහන්න තියෙන්නේ පට්ට ආසාවක්.ඒ වුනාට ගහන්න බැහැ ඉතින්.එත් ඔය දේශා ගහනවා වගේ මටත් ඇහැකියි නන්දා මාලිනිගේ "අම්මාවරුනේ" සින්දුවේ එන පුංචි පාට් එකක් ප්ලේ කරන්න පුළුවන්.
හැක් හැක්. අපි දෙන්නම යමං කුඩු දුමියගෙන් ගිටාර් ඉගෙන ගන්න. සොරි.. දුමියගෙන්. හැක්
Delete++++++++++
ReplyDeleteතැන්ක්ස් ප්‍රා
Deleteපරක්කු වෙලා ලියපු එක හොඳයි. පරණ අරක්කු වගේ.
ReplyDeleteඅමරදේව කියු පමනින් සේකර මතක්වීම කාටවත් වලක්වන්න බැහැ. ඒක සාධාරනයි. අසාධාරනේ තමයි, මඩවල එස් රත්නායක වගේ චරිත අමතක වීම. මෑතකදි දිලීප අබේසේකරත් මේ බව වැඩසටහනකදි මතක් කලා. මඩවල-අමරදේව සුසංයෙගයත් අති මනරම්.
අමරදේව - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
අමරදේව - අරීසෙන් අහුබුදු
අමරදේව - මහගමසේකර
////මා තනි වූ විටදී පමණි එ මල දකින්නේ
හිරු සඳු මෙහි විත් මොකටද කරදර දෙන්නේ
අඳුර සමඟ මොහොතක් මට ඉන්නට දෙන්නේ////////////
ඔව්.. මඩවල එස් අමතක කල නොහැකියි.. උඹ කිව්ව වගේ මානවසිංහත් එහෙමයි. යුග පුරුෂයන්ගේ එකතුවෙහි නූලක් අමරදේව.. ජය
Deleteහොද ලිපියක්...
ReplyDeleteස්තුතියි මිතිල..
Deleteඅමරදේවගේ ගොඩක් සිංදු දැනගත්තේ එයා මැරුනට පස්සේ. උමාරියා එක්ක කියන සිංදුව ඇහුවාම එයා තව ටික කාලයක් හරි හිටියා නම් හොඳයි කියලා හිතුණා. :(
ReplyDeleteඔය හිටියා හොදටම ඇති අනේ.. හැක්
Deleteකාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ. මිස් වෙච්චි ලස්සන සටහනක්. එදා හමුවෙන්න එන්න බැරි වුනාට කණගාටුයි.
ReplyDeleteආ ඒක ගනං ගන්න එපා අජියා.. ස්තුතියි..
Delete