අනේ සර්.. බලන්නකෝ මට ඒක අමතක වෙලාම ගියා නේ.. අපේ මේ ගොං කෙන්ජා දාන ස්ටේටස් මං බලල සද්ද නැතිව හිටියට, හැබෑටම මේක දැක්කම මගේ පපුව පලාගෙන යන්න ගත්තා.. අපි දිහා පියෙක් වගේ බලපු කියපු ඔබතුමා ගැන කිසිම අහිතක් නැති උනත්, ඇත්තටම මට හිතාගන්න බැහැ ඇයි මේ බව මට අමතක උනේ කියලා. උදේ ටීවි එක බලද්දිත් මට මතක් උනා. ඒත් ඒක ඒ තරං ඔලුවට වැදුනේ නැහැ. ඔව් අපිටත් ඉතිං අර කුකුළගේ කරමලේ වගේ වටිනාකමක් නැහැනේ. අපිට වටින්නේ හොදට ඇග පත මහතට ඉන්න පිරිවර සේනා ඉන්න සිවිල් පොර චරිත නේ.. ඒත් ඔබතුමා හැමදාම මට සුභ පතනවා. ජනවාරි පළවෙනිදට අනිවාර්යයෙන් මට සුභ පතනවා. ඔබතුමා කොහාම දන්නවද කියල මං සමාර වෙලාවට පුදුම උනත්, කව්රුවත් නොදන්න ගෙදර උන්දැ විතරක් දන්න නම්මරෙත් ඔබතුමා දන්නෙ කොහොමද කියල මං පුදුම උනා. ඒ්ත් ඇත්තටම ඒ ඔබ අපිට ආදරය කරන සීමාව නිසා නේ.. කව්රුවත් නොදන්න නම්මරේට උනත් ජනවාරි පළවෙනිදට සුභ පතන්නේ. ඒ වගේමයි මට අද ඊයේ වගේ මතකයි මම අප්‍රෙල් මාසේ ගත්ත අලුත්ම සිම් එකටත් ඔබතුමා සිංහල අවුරුද්දට සුභ පැතුවා. එතකොට මේ සිංහල අවුරුද්දේ ඔබතුමා මගේ දුරකතන අංක සියල්ලම දැනගත්තා. ඒක කොහොම දැනගත්තද කියන එක පුදුමයක් උනත්, ඒකෙන් තේරෙන්නේ ඔබතුමා අපි ගැන කොයි තරං සැළකිලිමත්ද ඔබතුමා අපි කොයි තරං වටින අය විදියට සලකනවද කියල හිතන එක නේ. වෙලාවකට ඒකට ඇඩෙනවා. නහර පුපුරලා යයි කියලත් බය හිතෙන වෙලාවල් නැතිව නෙමෙයි. අනිත් යාළුවන්ගේ සුභ පැතුම් අතරේ ඔබගේ සුභපැතුම් දැක්කම කෑ ගහල අඩන්න හිතෙනවා සන්තෝසේට.
මොනව උනත් ඔබතුමා දන්නවා උපන්දිනේ දවසේ මං වගේ බුරුවෙකුට සුභ පතල වැඩක් නැහැ කියලා. මොකද එදාට මං තනිකරම ලේ වෙනුවට මධ්‍යසාර ශරීර ගත කරගන්නා නිසා නේ. මං ගිය අවුරුද්දේ බලාන හිටියා අඩු ගානේ මේ පාරවත් මට උපන්දිනේට ඔබතුමා සුභ පතාවි කියලා. ඒත් ඒක හීනයක්. මොනව උනත්, මං වගේ බලු නගුටෙකු දවසම බීමත්ව උපන්දිනේ දවසේ ඉන්නවා කියල ඔබතුමා සමාර විට දන්නවා වෙන්න ඇති. අන්න ඒකයි අපි ගැන හිතන අයගේ හැටි. කවදාවත් ඔබ මගෙන් පාර්ටි ඉල්ලල තියේද? නැහැනේ. ඒකට මගේ යාලුවොයි නෑයෝයි. අතේ සතේ නැති උනත් උපන්දිනේ දවසට උන්ට බොන්න දෙන්න ඕන. පුදුම වැඩක් නේ ඕයි සොරි සර්... මේ මල ජරාවේ ඉපදුනාට ඒ දුක මං වත් සමරන්නේ නැත්ද එදාට.
මොනව උනත් ඔබතුමා දන්නවා උපන්දිනේ දවසේ මං වගේ බුරුවෙකුට සුභ පතල වැඩක් නැහැ කියලා. මොකද එදාට මං තනිකරම ලේ වෙනුවට මධ්‍යසාර ශරීර ගත කරගන්නා නිසා නේ. මං ගිය අවුරුද්දේ බලාන හිටියා අඩු ගානේ මේ පාරවත් මට උපන්දිනේට ඔබතුමා සුභ පතාවි කියලා. ඒත් ඒක හීනයක්. මොනව උනත්, මං වගේ බලු නගුටෙකු දවසම බීමත්ව උපන්දිනේ දවසේ ඉන්නවා කියල ඔබතුමා සමාර විට දන්නවා වෙන්න ඇති. අන්න ඒකයි අපි ගැන හිතන අයගේ හැටි. කවදාවත් ඔබ මගෙන් පාර්ටි ඉල්ලල තියේද? නැහැනේ. ඒකට මගේ යාලුවොයි නෑයෝයි. අතේ සතේ නැති උනත් උපන්දිනේ දවසට උන්ට බොන්න දෙන්න ඕන. පුදුම වැඩක් නේ ඕයි සොරි සර්... මේ මල ජරාවේ ඉපදුනාට ඒ දුක මං වත් සමරන්නේ නැත්ද එදාට.
කමක් නැහැ මං දන්නවා ඔබතුමා මං ගැන කොයි තරං හොයා බලනවද කියලා. ඒක ලබන උත්සව කාලේදිත් එහෙමම වේවි කියල හිතනවා. ඒත් තව අවුරුදු හතරක් ගියපු තැන ඒවා නැති වෙනවා කියල හිතන කොටත් මට දුකයි.
හතර විලි ලැජ්ජයි. සර්.. සමාවෙන්න. ඔබතුමා එවපු එක සුභ පැතුම් පණිවිඩයකටවත් වටිනාකමක් මට දෙන්න බැරි උනා .නැත්නං අමතක වෙලා ගියා. ඒත් මේ පාර අර කෙන්ජා නිසා මට මොලේ පෑදුනා..
අපි ගැන පියෙකු මෙන්ඔ හිතන ඔබතුමාට සුභ උපන්දිනයක් වේවායි මෛත්‍රි සිතින් පැතුම් එක් කරමි!!
මීට කවදත් ඔබට අකීකරු,
දේශක.. හැක් හැක්.. රා
අඩේ අද හිටන් තුමාගේ බර්ත් ඩේ එකද?
ReplyDeleteහිතවත් සාරසාතුමානෙනි,
Deleteමෙහෙම බනින්නද දෙන්න පුලුවන්ද? විප්‍රවාසි බත් බැලයන්ට..
හිටන් ට නේ බැන්නේ... අවුලක් නැහැ
Deleteහෙලා දකිමි. ඔවු ඉඳගෙන.
ReplyDeleteවහාම සුභ පතපිය. දන ගහපිය..
Deleteපත්තරෙන් ඒක දැකපු එක නෙව කැතම වැඩේ හිටං...
ReplyDeleteජයවේවා..!!
පව් අනේ. එයා ඒකාධිපතියෙක් නෙමෙයි.. හැක්
Deleteඅපිට වටින්නේ හොදට ඇග පත මහතට ඉන්න පිරිවර සේනා ඉන්න සිවිල් පොර චරිත /////////// athha
ReplyDeleteඅන්න වෙනස.කලින් දන්නවා නම් ෆෝන් එකට මැසේජ් එකක්වත් යවන්න තිබ්බා හිටං.
ReplyDeleteඋඹටත් දැං මොලෝ සිහියක් නෑ. හැමදේම අමතකයි.. හැක්
Deleteහිටං තුමාට සුභ උපන් දිනයක් හිටං..
ReplyDelete- මේ පැතුමා ඡායාරූප සිල්පී කල්‍යාණ මිතුගෙනි..
Deleteමම දැක්ක ආප්පෙකට ඉටිපන්දමක් ගහල යවල තියෙන ෆොටෝ එකක්.. හරිම ආතල් පොරවල් ඉන්නේ.. හෙහ් හෙහ්..
ReplyDeleteමරු බං.. හැක්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුබ උපන්දිනයක් වේවා ජනාධිපතිතුමනි.ඔබතුමාත් ඉතිහාසයේ විශේෂ කෙනෙක්. කප්පරක් බලාපොරොත්තු පිට පත්කරගත්තත් බලාපොරොත්තු වෙච්ච මොන මගුලක්වත් නැතත් හිටපු අලුගෝසුව එලව්ව එකා කියන ගෞරවය නං හැමදාමත් අපේ හිතේ තියේවි!
ReplyDeleteහිටපු එකා අළුගෝසුවෙක් නේන්නං... මල්වෙඩි වටේ බෝම්ම පුපුරවා පුපුරවා හිටපු ප්රභාකරන් මහත්තයාවත් මරා දැම්මනෙ.
Deleteඒකට මෙතුමා අමාරුවෙන් හරි රට ආයිත් ඒ යුගයට ගෙනියන්න පාර කපනවා.
නැතුව නැතුව. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, වසීම් තාජුදීන් වගේ බෙදුම්වාදීන්ගෙන් රට බේරගත්ත එකම මදිද හිටං?
Deleteමමත් දාන්නම් දැන් ඉන්න ආණ්ඩුවේ සුද්දවන්ත කොටස්කාරයෝ පරද කරපු ත්‍රස්තවාදීන්ව
Deleteප්‍රේමකීර්ති දේ අල්විස්
විජේදාස ලියනාරච්චි
රිචඩ් පතිරණ
පද්මසිරි ත්‍රිමාවිතන
නිහාල් සිල්වා
ඩෙන්සිල් කොබ්බැකඩුව
විජය විමලරත්න
රෝහණ කුමාර
ඩෙන්සිල් කොබ්බැකඩුව විජය විමලරත්න මැරුවේ මෛත්‍රීපාල කියලා අදයි දැනගත්තේ හිටං. අනේ හුකේ නන්නානේ
Deleteමට නං තියෙන්නේ වෙනම හැගීමක්.. හිටං තුමා හොදයි. නමුත් ප්‍රධානම දේ එතුමා කුඩාම රාජ්‍ය නිලධාරියෙකුට උනත් බරපතල විදියට ඕඩර්ස් නොදෙන කොටින්ම තමන් අතේ තියෙන ඒකාධිපති බලය කිව්වත් වගේ පාවිච්චි නොකරන කෙනෙක්..
Delete01.ඔය ලිස්ට්එකට අදාල හුඟක් අය දැං නෑ.(ප්‍රධානීන් ඇතුළුව)
Delete02.ඒ උදවියට කල වැරදිවලට රිටර්න් එක ලැබුන.
03.මම කියපු එවුන් මරපු එකා සහ උන්ගේ නඩයේ වැඩිකොටසක් ආයෙ බලය ඉල්ලන එකනෙ අවුල.
04.උඹේ වගේම මගේ ලිස්ට්එකේත් ඉන්න හැමෝම ඝාතනය වැරදියි කියන්න මට නං අමාරුවක් නෑ.මොකද අපි උඹල වගේ වහල්ලු නෙවේ
මේ හාදයා මොනවා කියනවද මන්දා.. හැක්
Deleteමෙන්න දේශකයා ලිපියක් දාල. පත්තරේ බලද්දී දැක්කේ.
ReplyDeleteඔයා අයියේ එහෙනං මීට කලින් පත්තරේ බලල නැහැ.. හැක්
Deleteවෙබ්සයිට් එකට ගිහින්ම සුභපතනවා...
ReplyDeleteකරුණාකර හැක් නොකරන්න.. හැක්
Deleteසුබම සුබ පැතුම්. මොනවා නැතත් තේරුමක් ඇති දේවල් කතාකොරන එකම මැදෑ.
ReplyDeleteසහතික ඇත්ත.. විධායක බලේ පාව්චිචි නොකර කතා කරන එකම මදෑ..
Deleteහැහ් උපන් දිනේකුත් තියනවලුද ? මම හිතුවේ අහසි..... (හම්බෝ බයේ බෑ.... මුකුත් කිව්වේ නෑ ඕන් මම නම්.. )
ReplyDeleteඔයා කියන්නේ සිංදුව මතක නෑ කියලද?? හැක්
DeleteJayawewa. ..
ReplyDeleteස්තුතිති නදිකා..
Deleteසදුගේත් උපන්දිනය
ReplyDeleteඅපිත් ගැහෙව්වා බල්ලට මචං කියන්න
සුභ 65 වැනි උපන්දිනයක් සදු.. හැක්
Deleteඅය්යේ මම උබ මරනවා ....
Deleteඔයලගේ මෙන්ඩාට වඩා මම අවුරුදු 10 ක් බාලයි ..
Deleteසඳු
අම්මට සිරි.. මෙන්ඩට හැත්තෑ පහක්??
Deleteඔය ජනාධිපති තුමා විෂ් කරපු එකට බුකියේ කොල්ලෙක් දාලා තිබ්බා
ReplyDelete"කව්ද ඩෝ මගේ නම්බර් එක ජනාධිපති තුමාට දුන්නේ හිටන්" කියලා..
මරු ඈ..
Deleteumbata makkeyi ban une
ReplyDeleteමක්ක වෙන්නද බං මේ යස අගේට ඉන්නේ.. හැක්..
Deleteපහුගිය දොහේ ටිකක් පැමිණිම හොරට තිබුනා තමා. තැන්ක්ස් සකුවා..
Very good ,umbata vitharayi upandine matak une.
ReplyDeleteA hthatama ethuma ape nombara danne kohomada,,,hik,,,,hik..
ඒකනේ බං ප්‍රශ්නේ.. කෝම හොයාගන්නවද මන්දා
Deleteදේශකයා හිටං ට ද කිවුවේ. :-p
ReplyDeleteහිටං නෙමෙයි ඉදගන..හැක්
Deleteසරාස් හා ලව්පූස්ගේ කාව්‍යමය වැල් විෂස් කෝ?
ReplyDelete:D
Deleteඑතුමන්ලා ගේ කාව්‍යමය මෙව්වා එක විකසිත වන්නේ ඉදහිටය.. හැක්.
Deleteඒකත් දැක්කේ පත්තරෙන් කියහන්කෝ හිටන්
ReplyDeleteඅන්න ඒකයි වැදගත්.. හැක්
Deleteඑයා අපිට එවන ඒවට අපිටත් රිප්ලයි කරන්න පුලුවන්ද මෙයා...
ReplyDeletereply කරන්න පුළුවන්. එතුමාට වැඩ අධික නිසා රිප්ලයි බලන්න වෙලාවක් නැහැ කියල හිතල මොබයිල් ඔපරේට්ර්ස්ලා ඒවා යවන්නෙ නැහැ ඒකයි අවුල බං.. හැක්
Deleteමමත් සුභ පැතුවා කියනවා හොදා හිටං....
ReplyDeleteකෝල් එකක් දෙන්නං හිටං...
Delete:) Happy B'Day to U //
ReplyDeleteHappy B'Day dear ......
Happy B'Day to U.....
ඕවා තේරෙයිද මන්දා.. හැක්
Deleteඋඹ ආයේ ලියන්න බයයි නේ? ඇත්ත කියපං, උස්සයි කියල බයයි නෙහ්?
ReplyDeleteවල්කම් සැන්ඩර්... හැක් හැක්.. ඒ බයට හරි ලියවෙනවනං ලොකු දෙයක් බං..
Delete