අපේ එක්කෙනෙක් හිටියා නක්සත්‍රය අනුවම වැඩකටයුතු කරන. එයාට පොඩි කාලේම එහෙම කෙනෙක් කියල තිබුනලු “මේ කොලුවා ලෝකේ වටේ සවාරියකුත් යාවි.. පොතකුත් ලියාවි“ කියලා.. ඒ කිව්වත් වගේ මේ හාදයා ඒ දෙකම කරගත්ත බව නං ආරංචියි. ඒ මදිවට එකට දෙකක් වෙන්න තව පොතක් ලියනවයි කියලත් හාහුවක් යනවා. හැබෑටම මක්කටද මේ පොත් ලියන්නේ. අපි දන්න කියන ලේඛකයෝ ඔක්කෝම පොත් ලියනවා. එහෙනං අහවල් එකටද මේ බ්ලොග් වල ඉන්න ඈයෝ ඒවයේ ලියන තුණ්ඩු ටික එකතු කරගෙන පොත් ගහන්නේ.. මට නං තේරෙන්නේ නෑ මේවා.
හොදා. බ්ලොග් ලියනවයි කියමුකෝ. පොතුත් ලියනවා කියමුකෝ.. බ්ලොග් වල ඉන්න කී දෙනෙක් පොත් ලියල තියේද කියල හරියටම කියන්න පුළුවන්ද? මට නං බෑ.. මං දන්නෙත් නෑ ඒවයේ ගණං හිලව්. නීට්ටැවන් හීනෙන් පේන පුද්ගලයෙකුගේ පොතක් සිංහලෙන් පළ කරන්න තව කෙනෙක් දත කනවය කියලත් ආරංචි ලැබිල අවුරුදු දෙකක් විතර වෙනවා මයේ හිතේ. තාම පිට කවරේ ඉවර කරගන්න බැරිද දන්නෑ.
කොහොම උනත් මෙන්න මගේ සත පහ.. මම දන්නා තරමින් අන්තර්ජාලේ සැරි සරමින් පොත් ලියපු අයගේ ලැයිස්තුව. මේකේ ගොඩාක් අඩුපාඩු තියෙන නිසා ඔය නෝනා මහත්වරුන්ගේ උදව් අවශ්‍යයි මේ ලැයිස්තුව පුර්ණ ලැයිස්තුවක් කරගන්න. තව එකක් තියෙනවා.. අර රසික කියලා දැං මානව කියල බ්ලොග් ලියන මහත්තයා වගේ අය නං පොත් ලියල බ්ලොග් වලට ආපු අය. නොකී කතාත් එහෙමයි. මම නං හිතන්නේ ඒක හොද ප්‍රවණතාවයක්.
තම තමන් දන්නා අන්තර්ජාල සම්බන්ධයක් ඇති අයගේ පොත්පත් සම්බන්ධ තොරුතුරු එක් තැනකට එක් රැස් කිරීමට මං මීට කලින් මුණුපොතේදි මහා ව්‍යාපාරයක් ආරම්භ කලා. ඒත් මගේම කරුමෙට ඒක යාවත්කේකාලිනව පවත්වාගෙන යාමේ තාක්ෂණික දැනුම මද කම නිසා වැඩේ අතරමගම හබක් උනා. එහෙනං හැමෝම හොද අත්පුඩියක් ගහල වැඩේට එන්ටර් වෙමු..
මම මිලදී ගත් අනුපිළිවෙල අනුව මුල් පොත් කිහිපය පෙලගස්වා තියෙන්නේ.
- හකාවතී - ප්‍රීති ඩෝසන් - වචන ටැක්සි
- තිලක සිත - තිලකසිරි ඒකනායක - තිලකසිත බ්ලොගය
- කවියක් බිමින් තබමි - ප්‍රසාද් වීරසිංහ - සඳ පහන
- තරු ඇස් රහස් - තරංගනි රෙසිකා ප්‍රනාන්දු - තරු රසී බ්ලොගය
- මේ නිහඩ වෙරළට එන්න - මාලතී කල්පනා ඇම්බ්‍රොස් - බූන්දි
- තෙත සුළං අහුරක් - තනුජා ලුම්බිණි - ෆේස්බුක් පිටුව
ඊට පස්සේ මෙන්න මේ ටික මං ගාව නැති මං දන්න ඒවා
- සිව් වසරක් මරදානේ - රසික සුරියආරච්චි (රසිකොලොජිස්ට්)
- ඉතා කෙටි කලබල සිහින - යශෝධා සම්මානි (බස්සිගේ නවාතැන)
- ශාස්තෘ - අජිත් පැරකුම් ජයසිංහ (W3lanka)
- අාලවක ආලිංගන - චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න
- පොල්කට්ටෙන් එපිටට - අජිත් ධර්මකීර්ති (කොළඹ ගමයා)
- සමනලයා මියෙද්දෙන් - දිනේෂ් උමගිලිය (වර්ණ අඩවිය)
* රතු පාට එ්වා බ්ලුක් නෙමෙයි නෙහ්..
ඉතිරි ටික සම්පුර්ණ කරමු නේද? මේ විස්තර එක තැනක ගොඩ ගහන්න වෙන ක්‍රමයක් යොදා ගත හැකි අයෙකු සිටීනම් එය මීට වඩා වටිනවා..
හැබැයි එකක් කියන්න ඕන.. නොකී කතා (හෙන්රි වර්ණකුලසූරිය), ටිම්රාන් කීර්ති, ජගත් ජේ එදිරිසිංහ (මානව අඩවිය), වෛද්‍ය රුවන් එම් වීරතුංග (ට්‍රාන්සිල්වේනියා) වැනි අය පොත් ලියමින් සමාජ ජාල අඩවි වල හිටියත්, එ අඩවි වලින් ගෙන පල කළ බ්ලුක්ස් නැති බවයි මම හිතන්නේ.. මංජුල වෙඩිවර්ධන මෙතැනදි මම අමතක කරා.
පලි - සංකිර්ණ වැඩක් වෙයිද මන්දා???
ආච්චිගේ කොලම 1 හා 2 - සහන් කසීර
ReplyDeleteපොල්කට්ටෙන් එපිටට- අජිත් ධර්මකීර්ති
අනිත්කොන- බෝධිනී සමරතුංග
මනුපුර සක්මන - බෝධිනී සමරතුංග
සොඳුරු බාලේ ගෙවුණු තාලේ - රන්දිකා රණවීර
ගම්මිරිස් කුරුල්ලා- කාන්චනා අමිලානි
ප්‍රේමයේ කාර්තු- කාංචනා අමිලානි
ඕං බලහං මගේ මතකේ.. හැක්.. පොල්කට්ටව අමතක වෙලා යන්තං උඹ මේක දාන්න කලින් මතක් වෙලා මං දාගත්තා..
Deleteතැන්කුයි.. මේවා පසුව ඇඩ් කරමු නේද පෝස්ට් එකට..
මා ළඟ ඇති බ්ලොග්කාරයින් ගේ පොත්-
Deletehttp://rasikalogy.blogspot.com/2016/01/new-year-begins-today.html
තැන්ක්ස් රසික...
Deleteපොල්කට්ටෙන් එපිටට දැම්මේ දැන් නේද? මේක හරියන්නේ නෑ. හැක්. මගේ ගාව තව තියෙනවා උන්ගේ නම් මතක නෑ.. ගෙදර ගිහින් බලලා දාන්නම්.
ReplyDeleteහැක් හැක්.. අර යුකේ බ්ලොග් ගැන කියවන කොට තමා පොල්කට්ටාව සිහියට ආවේ.. හොදා.. ගෙදර ගොහින් ඉතිරි ඒවාත් දාහං.. ජය වේවා.. තැන්කුයි.. හොද අතකින් පත්තු කරේ..
Deleteපත්තු කරන්නනං ඉතිං අපේ ගිනිවැල් අයිය ඇර වෙන කවුද ඉන්නෙ.
Deleteගිනිවැල් අයියා කව්ද.. මෙන්න ගින්දර කොල්ලෝ.. හැක්
Deleteඉඳහං මගේ පෝස්ට් ටිකත් එකතු කරල පොතක් ගහනකල්. හැක්..
ReplyDeleteඅර දේශකය කියල එකෙක් කාලෙකට කලින් රසකතා කියල පොතක් ලිවුව මතකයි. මක්කැයි ඒකට උනේ.
ඒකේ පැණිගතිය වැඩි වෙලා සත්තු කැවා හිටං..
Deleteදේශකයා කියන්නේ සොඳුර පත්තරේ කතෘ නේද?
Deleteපසන්න අයියට නම් ඉතිං ලේසියි... පොස්ට් දාහක් දෙදාහක් ලියලත් තියෙනවනේ... ප්‍රින්ට් කරාම මලලසේකර ඩික්සනරිය වගේ තියෙයි... හැක්!
Deleteමාත් ගහනවා පොතක් මගෙ පෝස්ට් ටිකත් එකතු කරල.. ප්‍රසන්න අයියව ගන්නව සම සංස්කාරක හැටියට.ඕ යේස්
Deleteරොහාන්, ආයෙ මොනවද ඉතිං කියෝන එකාට අබ සරණයි.
Deleteපත්තරේ, 'සම' සංස්කරණය කරන්නනං අර දොස්තරමහත්තයව අල්ලගන්න වෙයි. හැක්..
එක ගමේ සීයා කෙනෙකුයි කොලු කුරුට්ටෙකුයි සැට් වෙලා මෙතන අපිට පොත පෙරලනවා නේද?? හැක්
Deleteමචං පත්තරේ පොත් ගැහුවට කමක් නෑ අායි මගේ මේ දුප්පත් බ්ලොග් කටුව උස්සනවානෙමෙයි හරිය..
අපි හරිනම් කරන්න ඕනා පොත් ලියන උන්ට හූ කියලා උන්වත් බ්ලොග් ලියන්න ඇදලා ගන්න එක... ගොඩ වැඩිකරගැනීම කොයි සෙල්ලමේදිත් වාසිදායකයි...
ReplyDeleteහරියට හරි.. මාත් කිව්වේ ඒකයි... අර කවරේ කවරේ...???
Deleteඉතින් කවරෙ ගැන කතා කොරලා පලක් තියෙයි ? දැන් හූ කියන්න නේද කතා වුනේ ?
Delete“සම්බාවය“ කියන ලෙඩේ හැදිල අද ප්‍රා ජේ ඉයන්ලයි ගෙදර ගියා බේත් ගන්ඩ.. හැක්
Deleteඇයි ඉයන් දෙමටාලොජිස්ට් ද ?
Deleteඉයං දන්නවලු බාව බස්සන හැටි.
Deleteහෙහ් හෙහ්
Deleteහැක් හැක්.. ප්‍රා ගේ අතත් අද පන නෑලු.. කමේන්ට් කෑල්ලක් වත් දාන්න..
Deleteසෙන්නගේ පොත කියවන්න ට්‍රේන්වෙනව දැන්මම
Deleteඔව් ඉතිං ලියපු ඒවා කියවිලාද කියලවත් බලන්ඩ එපායැ.. සෙන්නා විස්වාස කරන්න බෑ..
Delete"සැමදා කඩවුණු පොරොන්දුව" - දේශකයා
ReplyDeleteඅඩෝ නියමයි බං,මූට හරියටම හරියන පොත.
Deleteඕක නවල් එකක් ද?
Delete"ඔය ඇස් අමතක වෙන්න නම්-මගේ ඇස් පියවෙන්න වෙයි" - ඉවාන් පවුලූෂා
Deleteකෝ මේ ප්‍රා :D
ඉට්ස් රේනිං හියර් මයි ඩියර්. ලව්පූස්.. හැක්
Delete"සැමියා බිරිඳගේ මොකාද?" - පත්තරමල්ලි
Delete"නව නිර්මාණවලින් ගැලවීම" ඉවාන් පව්ලූශා
"Foot in Mouth" - A Lecturer
ගේන්ඩ පත්තර පුතා.. ලව්පුස් තුමා. මට ලොකු පිහියක්.. බඩ කපාගෙනම මැරෙන්න හිතුනා..
Deleteසිංදුවවත් හිටිය නං දුක් ගීයක් අහගෙන ඒක කරන්න තිබුනා..
කොහෙද බොල මේ මගුල් බ්ලොග් බදාගත්ත එකෙන් වුනේ පොත් කියවිල්ල අඩු වෙච්චි එක විතරයි.
ReplyDeleteමම නං පුර්ද්දක් විදියට අඩු ගානෙ පැයක් වත් සතියට දෙතුන් දවසක රෑට පොත් කියවනවා. එහෙම නැත්නං හරි අඩුවක් වගෙයි දැනෙන්නේ. ඒකට හේතුව විචා.. උදේ ඔපිස් ආවට පස්සෙ ආයි යනකං විතරයි නේ මේ අන්තර්ජාල තියෙන්නේ. ආයි උදේ එනකං මැරුනත් දන්නැ. ගෙදර පීෂි ලැප් නෑ. අතේ ටැබ් නෑ.. හැක්..
Deleteඇත්තෙන්ම කියවීම අගනා ක්‍රියාවක්. මම කියවන්නේ මාසෙකට එක සඟරාවක්/පොතක් වගේ.
DeleteDawson also published books before blog. I have his poetry book.
ReplyDeleteHasitha Abe also translated a book recently.(nothing related to blogs)
Chinthana dharmadasa the first one who published blook I guess.
Kalpana malathie also a blogger but her book not related to her blog.
There are many more. But I cant recall all now
Thanks for the info Buru..
DeleteYep.. a common problem, recalling everything in an instance is extremely impossible. So this may be a little platform for the occasion. Thanks again
This comment has been removed by the author.
ReplyDeleteමම අද දැක්කා බුකියේ තියෙනවා "බ්ලොග් ගලක් උඩ කළු ගලක්" බ්ලුක් එකක් ලෙස එනවා කියලා... මාර සතුටක් තියෙන්නේ මේවා දැක්කාම..
ReplyDeleteඒක ආවෙ ගිය මාසෙ මාතයියෙ අජිත් ගෙ පොතට කලිං දවසෙ
Deleteඒ බ්ලොග හොයාගන්න අමාරුයි නැත්තං ලිංක් කරන්න තිබ්බ
මේ තියෙන්නෙ ඒක
Deletehttp://blockkalugal.blogspot.com/2016/04/blog-post.html
ස්තුතියි මාතා සහ මහේෂ්..
Deleteආ ලිස්ට් එක හදලා දාන්නකෝ.. ඒක හොඳා බලා ගන්න...
ReplyDeleteදේශකයත් පොතක් ලියුව කියන්නේ.. පැණි ගතිය තිබුනේ පොතේද? නැත්තන්????
හැකි පමණ ලිස්ට්අවුට් කරනවා නිර්මාණි
Deleteමම ලියපු පොත් ගාන මටත් මතක නැ. හැක්..
පොත් හතක් අටක් දැනටත් ලියා දාල
ReplyDeleteතියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා
ඇත්ත නැත්ත ගැන මම නෑ වෙහෙසෙන්නේ
නිතරම පත්තරේට මගෙනුයි විස්තර යන්නේ
පුස්තකාලෙමයි කාලය ගතවෙන්නේ
ඒකයි ගත්කතුයි කියා කවුරුත් අමතන්නේ
පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා
අන් විදෙස්වලත් තොරතුරු සපයන්නේ
ඔහෙලට මං නැතොත් වෙන කවුරුද ඉන්නේ
කාණුවෙත් නොයෙක් බිහිසුණු වැඩ වෙන්නේ
මෙ පුවත් පාලනේ මගින් කැපිලයි පලවෙන්නේ
පොත් හතක් අටක් දැනටත් ලියා දාල
තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා
නාට්‍යය - මී පුර වැසියෝ
Deletehttp://rasikalogy.blogspot.com.au/2016/04/jagath-j-edirisinghe-enteres-sinhala.html
ස්තුතියි සිංදු ඇනෝ..
Deleteමෙහෙම ලිස්ට් එකක් වැටෙන්න මග පැදූ එක බොහොම පංකාදුයි
ReplyDeleteකාට හරි ඒවා බලාගන්න වටී නේ ගුණේ.. ස්තුතියි..
DeleteMage pem wehilihini. Darani upeka weerasekara
ReplyDeleteHusma ganna akuru.. Ranjith Kumara Damarakoon
Me Rahas kawuluwen ebenna.. Kaushalya Kumarasinha
Kurulu Kawi. . Kurulu Niskalanka
කුරුළු හැර අනිත් අය බ්ලොගර්ලද?
Deleteකුරුලුත් බ්ලොග්ර ්කෙනෙක් බුරු. හැබැයි රන්ජිත් කුමාර ගැන අහල තිබුනට බ්ලොග් තියේද මම නොදනිමි.. කමියා ඒවයේ ලින්ක්ස් දෙන්න හැකිනං. උඹට දැං වැඩකුත් නෑනේ බං.. හැක්
DeleteJP alias pinch point ත් පොතක් ලිව්වා. බ්ලොග් එක නම් නෙමෙයි.
ReplyDeleteඅපි ජේපී ගෙන් අහමු නේද??
DeleteJජයව්ව්වේවා
ReplyDeleteහප්පට සිරි, හොඳටම වැඩී වගේ. නරකද විදානිට කියල දෙහි ගෙඩියක්වත් අතුල්ලගත්තොත්.
Deleteපිස්සු මරගාතයක්.. කරුමෙට බ්ලොගර් ගාව ඉන්නේ.. හැක්..
Deleteඅර සාස්තර අහල පොත් ලියපු හාදයානම් ලෝක බොරු කාරයෙක් තමයි. හැක් හැක් . ලබන අවුරුද්දේ මේ බ්ලුක් ලැයිස්තුව තවත් දික් වෙයි කියා හිතනවා . ජය වේවා !
ReplyDeleteමේවාට කියන්නෙ පුහුල් හොරා comment එකෙන් දැනේ කියලා.
DeleteK
ඇනෝ.. පුහුල් හොරා අළු ටික හැම තැනම ගාලා තියෙන නිසා අපිත් දන්නේ.
Deleteමං කැමති බ්ලුක් ලැයිස්තුව දික් වෙනවටයි තිලකේ.. හැබැයි පොත් ලියන අය බ්ලොග් වලට ඇවිත් අපි සමග එකතු වීම ඉතාම වටිනා දෙයක්. හොද ප්‍රවණතාවයක්..
බ්ලොග් සටහන් පොතක් ලෙස ඉදිරිපත් කිරීම...බ්ලුක්ස්
ReplyDeleteබ්ලොගෙක් බ්ලොග් පෝස්ට්ස් ලෙස ලියු දේ නැතිව වෙනම පොතක් ලිවීම....බුක්ස්
මේ දෙකම නොකරන එවුන්..බුහ් බුහ්ස්
බ්ලොග් මාධ්‍ය කියන්නේ පොත් නැමති සම්ප්‍රදායික මුද්‍රිත මාධ්‍යයේ අත දරුවා පමනක්ද කියලා මට බොහෝ විට හිතෙනවා. පුරවැසි මාධ්‍යකරණය මේකත් එක්ක ගලපන්නේ කොහොමද?
අර උඩින් සෙන්නා කියන කමෙන්ට් එක වෙයිද.. නැත්නම්..බ්ලොග් ලියන එවුන් පොත් ලියන්න යයිද? ඕන ටොෆියක් පනම් අටයි කියවන එකාට නම්.
ඔය සෙන්නා කියන වර්ගයේ වැඩක් වුනා මෑතකදි රසිකලොජිස්ට්ගේ මැදිහත් වීමකින්. ඒ තමයි ජගත් ජේ එදිරිසිංහ ලියන මානව බ්ලොග් එක.
Deleteඅරූ,
Deleteඒ කියන්නේ රසිකොලොජිස්ට්, ජගත් එදිරිසිංහට හූ කිව්ව ද ? :D
මාත් මේකේ කියුව විදියට... බ්ලුක් එකක් කරන එක ගැන සිහින පවතීම ගැන නම් පොඩි කුකුසක් හිතේ තියෙනවා. නමුත් තාමත් ලාංකික සමාජය බ්ලොග් අරමුණු ගැන නොදන්නා නිසා ඒක ඒ විදියට සිදු විම හොදා කියලයි හිතෙන්නේ.
Deleteඅරූ. පොත් ලියන අය බ්ලොග් සම්බන්ධව උනන්දුවක් තිබීම ඇත්තෙන්ම විය යුතු දේයි. ඒක ඉදිරියේදි වර්ධනය වේවි. අන්න එවිට බ්ලොග් වල නියම වටිනාකම වැඩි වේවි..
ඔව්.. ඔව්.. ජගත්ට රසික හූ වඩියක්ම කියලා.. හැක්..
මාලතී කල්පනා ගේ බ්ලොග් අඩවිය
ReplyDelete- http://hapifly.blogspot.ca/
බොහෝ අය නොදන්නා තැනක්. ගොඩවෙලා බලන්න....
බූන්දිය අවුරුදු හයකට වඩා පරණ සාමුහික ප්‍රයත්නයක් ලෙස ක්රියාත්මක වන වෙබ් අඩවියක් මිස බ්ලොග් එකක්ම නෙවෙයි. නමුත් එහි පලවන දේ බ්ලොග් සටහන් හැටියටත් පලවෙනවා.
http://boondionline.blogspot.ca/
http://boondi.lk/
Deleteතමයි බූන්දි වෙබ් අඩවිය.
ඉහත blogspot සබැඳිවල .ca කෑල්ල .com කියල වෙනස් කරන්න වෙිවි සමහරවිට.
Deleteමාලතීගේ බ්ලොගය සින්ඩියට දා ගත්තා..... ස්තූතියි රන්සිරිමල් මග පෙන්වීමට.
Deleteවෙල්කම් රන්සිරිමල් අංකල්.. හැක්..
Deleteකල්පනාගේ බ්ලොග් එක හෙව්වට හොයාගන්න බැරි උනා. ඒත් මං ඒකේ ෆලෝවර් කෙනෙක් නේ හුග දවසක ඉදල. ස්තුතිියි විස්තර වලට. ඔබගේ පැමිණිමත් සතුටක්..
blooks ගැන කතාබස් කරන එක ගැන ස්තූතියි. පොත් ගැන තාම කතා කලාට... අපි බ්ලුක්ස් පබ්ලිෂ් කලේ 2013 රන්දිකා ලියූ සොඳුරු බාලේ ගෙවුනු තාලේ අනුවර්තනය එයාගේ බ්ලොග් එක රන්දිල් .. ඒකේ දැමූ කතා බ්ලොගර්ස්ලා සහ කියවන අයගේ ඉල්ලීම මත පොතක් වුනු.
ReplyDeleteමගේ පොත් දෙකම කවි පොත - කවි බ්ලොග් එකෙන් (කවියට පෙම් බැඳ) සහ අන්තර්ජාලයේ සහ කුඩා කල ලියූ කවි සියල්ලම, අනිත්කොන නම් බ්ලොග් ලිපි පමණයි.
කරුණාකර කවි බ්ලොගයේ ලින්කුව දාන්න..
Deleteබෝධිනිගේ පොත් දෙක ගැන දැනගෙන හිටියා උවමනාවටත් වඩා. ඒත් අමතක උනා. එච්චර ඕන නෑ මේ සති දෙකක් වත් නැති පොල්කට්ටා අමතක උනා කියංකෝ. ඒ මදිවට ඒ හාදයා අනිත් කොණ ගැන ලියපු පෝස්ට් එකා අමතක උනා නං තව මොකක්ද?? හැක්.. වෙරි සොරි.. අඩුපාඩු මතින් හදාගමු.. ජය..
රන්දිල් ඇන්ටිට චුට්ටක් එන්න කියන්න හොදේ..
පොත් පහක් ලියා තියෙනවා මං. ඒත් ඉතින් වැසි දැරිය කියා නම් නොවෙයි.බ්ලොග් ලියන්නේ අන්වර්ථ නාමයකින් නොවැ..))
ReplyDeleteදැනට මතක් කරගැන්ම අසීරු වුණත් බොහෝ අන්තර්ජාල සැරිසරන්නෝ පොත් ලියා තිබෙනවා..
ඔන්න ඔහොම ලියාගෙන යන්න. තමන් කරන වැඩෙන් තමන් තෘප්තිමත් වෙන්න. සරුංගල් යැව්වාට කමක් නැහැ, නූල් පන්දුව දැඩිව අල්ලා ගන්න. ඔයාට කිව්වා නෙමෙයි. ඕකයි ඇත්ත.
Deleteවැසි දැරියට මතක් උනාම කියන්න..
Deleteසුභ පැතුම්.. ඔබගේ එක් පොතක් හෝ මිලදි ගැනීමට කැමැත්තෙමි.. කරුණාකර විස්තර ලබා දෙන්න.. අවශ්‍ය නම් රහස්‍යභාවය සුරැකිය හැකිය.
(මුණුපොතේ විජට්ටුවෙන් පණිවිඩය ලබා දිය හැකියි)
ජයවේවා කරගෙන යමුකො බලන්ඩ
ReplyDeleteස්තුතියි.. වැවා
Deleteමගේ පොතත් මතක් කලාට කමියට ස්තුතියි. දේශකයටත් ස්තුතියි.
ReplyDeleteපොඩි ඇල්සයිමර් ගතියක් මට තියේ මාතලංට මෙන්.
Deleteහොඳ වැඩක්..
ReplyDeleteකෙනෙක් අමතක වෙලා..රුවන් බන්දුජීව- මීලඟ මීවිත
රුවන් බන්දුජීවගේ බ්ලොග් එකක් තියේද බැලුවා. ඒත් නැහැ හමු උනේ. ඒ පොත මා ගාව තියේ.. ස්තුතියි කස්සා
Deleteපොත් 15 විතර විවිධ ක්ෂේත්‍ර වලින් ලියල පළ කළාට පස්සෙ පත්තර කොලම් විදිහට පළවුණ , පොතක් විදිහටත් එළියට ආව "නොකී කතා" නමින්ම බ්ලොග් එකක් පටන් ගත්ත. ඊට කලින් අනවර්ථ නාමයකිනුත් බ්ලොග් එකක් ලිව්ව ටික කාලයක්.ඒක ආයෙම යාවත්කාලීන කරන්නත් හිතන් ඉන්නවා.
ReplyDeleteබ්ලොග් ලෝකයේ ලියන "නොකී කතා" වලින් තෝරාගත්ත ලිපි කීපයක් ලබන අවුරුද්දෙදි පොතක් විදිහට පළ කරන්නයි අදහස.
ඒ අනව මම මුද්‍රිත ලෝකයෙන් බ්ලොග් අවකාශයට ඇවිත් එතැනින් මුද්‍රිත ලෝකයෙත් සැරිසරන්නෙක්.
සතුටු දායක ආරංචියක් නොකි කතාගෙන්. ඔබ වැනි ලේඛකයන් අප අතරට පැමිණිම ඉතාම අගය කරනවා. ඔබගේ විස්තාපනයන් වියු යුතු පරිදි සිදු වීම ගැන මගේ ප්‍රණාමය.. ජය වේවා.
Deleteබලල ලිශ්ට් එක....ගනිමු හෙමිහිට.....
ReplyDeleteඑහෙයි එහෙයි
Deleteපොත් 15 විතර විවිධ ක්ෂේත්‍ර වලින් ලියල පළ කළාට පස්සෙ පත්තර කොලම් විදිහට පළවුණ , පොතක් විදිහටත් එළියට ආව "නොකී කතා" නමින්ම බ්ලොග් එකක් පටන් ගත්ත. ඊට කලින් අනවර්ථ නාමයකිනුත් බ්ලොග් එකක් ලිව්ව ටික කාලයක්.ඒක ආයෙම යාවත්කාලීන කරන්නත් හිතන් ඉන්නවා.
ReplyDeleteබ්ලොග් ලෝකයේ ලියන "නොකී කතා" වලින් තෝරාගත්ත ලිපි කීපයක් ලබන අවුරුද්දෙදි පොතක් විදිහට පළ කරන්නයි අදහස.
ඒ අනව මම මුද්‍රිත ලෝකයෙන් බ්ලොග් අවකාශයට ඇවිත් එතැනින් මුද්‍රිත ලෝකයෙත් සැරිසරන්නෙක්.
ස්තුතියි අදහස් දැක්විමට..
Deleteලියන්න කියල එකයි දෙකයි තිබ්බෙ ඒවත් කමෙන්ට් වල ලියල
ReplyDeleteඑතකොට ඔක්කම ලිස්ට් එක හරිද
අපෝ නෑ
රනින් රන් හදැත්තී- සුභද්‍රා ජයසුන්දර. (weepingwillospoetry.org)
මළ දූපත මහේෂ් ජයසුන්දර ( මෙයාගෙ ඒව නං බුන්දියෙ විතරද මංද තිබ්බෙ)
මහෛ්ෂ් උඹගේ මහන්සියට මෙන්න මගෙන් මල් මිටක්..
Deleteමහේෂ් ජයසුන්දරගේ බ්ලොග් එකක් හෝ වෙනත් විස්තරයක් දෙන්න..
හොයාගත හැකි තැනක් වත් නැත. පොත කියෙව්වට පස්සෙ මාත් හෙව්ව. අඩු ගානෙ පොතේ ඊ ලිපිනය වත් සදහන් කරල නෑ
Deleteසමාවෙන්න ඕන ජයසුන්දර නොව මුණසිංහ ලෙසට නිවැරදි විය යුතුයි.
පොත නං බූන්දි පොතක් මාලති ගෙන් ඇහුව නං සමහර විට ගන්න විදියක් අහගන්න පුලුවන් වෙයි
අහලා බලමු.. ස්තුතියි මහේෂ් තොරතුරු වලට
Deleteඅඩෝ මම
ReplyDeleteඉතිං ඉතිං.. හැක්
Delete@Pathum:
Deletehttp://biththiya.blogspot.com/2014/09/blog-post.html
ස්තුතියි උපේක්ෂා.. ඒ හාදයගේ පොත ගැනත් අමතක උනා. හැබැයි ඒක හීනයක් සාර්ථක කර ගැනීමක්. නැත්නං බ්ලොග් වලට වැද්දගන්න හොද බුවෙක් නෙමෙයි ඔය බිත්තියා.. ජය වේවා.
Deleteහයියෝ දෙයියනේ... මං මේ තරම් දවසක් දේශකයාගෙ අඩිවියට ඇතුළ් වෙලා නැහැනෙ.. මඩු වලිගයක් ගේන්ට... මට ම ලැජ්ජාවෙ පණ ගියා...
ReplyDeleteදහස්වාරයක් සමාවෙන්ට හොඳද?
විකාර කියන්ට එපා තරූ.. කියෙව්වා නැතා මොකක්ද තියෙන අවුල.. කොච්චර දෙයක්ද?? බ්ලොග් එක නොදැන උනත් එහෙනං අපි අතර හොද මිතු දමක් තියෙන එක.. ජය වේවා..
Deleteවස විලි ලැජ්ජාවට කාරණයත් ඒකම තමයි. අපි මේ තරම් හිතවත්ව සිටියදීත් මේ බ්ලොගය මඟහැරීම.. කාලය මඳකම නිසා බ්ලොග් අතර සැරිසැරීම අඩුයි.. ඒ නිසා විය යුතුයි... පමා වී හෝ දැනගන්නට ලැබීම ලොකු දෙයක්..
Deleteහපොයි.... තරුරසී ගෙත් අවසානෙ තමයි. හැක්..
Deleteතරුයි මායි ඒවා බලාගන්නං.. බාස් පැත්තකට වෙන්නකෝ.. හරිම කරදරයක් නේ මොන වෙලාවේ බැලුවත් පස්සෙන්මයි.. අර උඩ තියන විජට් එක ගලවන්න තරං හිතයි දැං.. හැක් ලෝකල් ටෙක්ස්ලා
Deleteහොද එකතුවක් තමා දේශා...........
ReplyDeleteබ්ලොග්කරුවෝ කියන්නේ විවිධ ක්ෂේත්‍රවල විවිධ හැකියාවන් සහිත පිරිසක් කියලා අපි දන්නවා. ඇත්තට ම බ්ලොග් වල මේ විදිහට රැදී සිටීමට එකම හේතුවත් ඒක විතරමයි. මේ තුළ හැදෙන සංවාදයන් සහ මේ පිරිසේ ලිපි කියැවීම ජීවිතයට ලොකු දැනුමක් ගෙනැත් දෙනවා. ඒක ගන්න හැකි තවත් තැනක් අපි දන්නෑ.
හොද පෝස්ටුවක්...... ජයවේවා...
ස්තුතියි කුරුට්ටනි.. හොද එකතුවක් දැනටමත් ලැබි තියෙනවා හැමෝගෙම උදව්වෙන්.. අපි තව ගොඩ වැඩි කර ගැනිමට උත්සාහ කරමු.. ජය වේවා
Deleteපොඩි යෝජනාවක් කරන්නද.,,???
Deleteමේ සියල්ල ම එකතු වුණාම වෙනම පෝස්ටුවකින් ඒ සියල්ල එකතු කරලා දාන්න. ඒක අපි හැමෝටම වැදගත් වේවි...... ජය
අනිවා අනිවා.. මේ ටික ආවම ඔක්කෝම එකතු කරල එක ලිස්ට් එකක් හදනවා.. පස්සේ ටෙක්ගුරු කෙනෙකුට දීලා ෆේස්බුක් පේජ් එකක් හදාගන්ට තමා ඉන්නේ බං.
Deleteපසුගිය කාලයේ ඉතාම සුන්දර බ්ලොගක් කරගෙන ගිය 'කඳු' හෙවත් ශසිකා අමාලි ඇගේ කාව්‍ය නිර්මාණ ' ග්රීෂ්මර්තුවේ සුළඟ' නමින් පහුගිය ජනේරුවෙදී පළ කරා. ගොඩගේ ප්‍රකාශනයක්.
ReplyDeleteස්තුතියි තිලකේ.. ඒ ගැන දැනුවත් වී නොසිටියෙමි. ශෂිකා කවි පොතක් කරන්න යන බව විතරයි දැනං හිටියේ..
Deleteහොඳ මතක් කිරීමත් තිලක් අයියේ.. ඇත්තටම කඳු බ්ලොග් අඩවිය කවි රස සාගරයක්.. ශසිකා නිහඬවම ඇගේ පොත මුද්‍රණය කළා... ඒ පිළිබඳව කෙතැනවත් කතා නොවුණු තරම්. මටත් තවම ගොඩගේ පැත්තෙ යන්න බැරි වුණා... ‘‘ග්‍රීෂ්මර්තුවේ සුළඟ‘‘ සමාජගත කිරීම කවියට ආදරය කරන අපේ වගකීමක්...
Deleteකඳු බ්ලොගය දැං නැද්ද තරු???
DeleteThis blog is open to invited readers only
Deletehttp://amaleymunasinghe.blogspot.com/
කඳු බ්ලොගයේ උඹ නිතරම කමෙන්ට් කරනවා ඉස්සර. ඒක හොඳ කවි බ්ලොගක් තමයි.
Deleteඔව් බං ඉස්සර දැම්මා.. ඊට පස්සේ ඔක්කෝම කමෙන්ට් ඒකි මකල තිබුනා.. ඊට පස්සේ ආයිත් දැම්මා.. ආයිත් මැකුවා.. ඒත් කමෙන්ට් කරා. අන්න එහෙමයි අපි කරන්නේ.. හැක්
Delete1) රන්දිකා අක්කාගේ "සොඳුරු බාලේ ගෙවුණු තාලේ" කියන අනුවර්තිත පොත.එක එදා පොත එලි දක්වන දවසේදීමයි ගත්තේ.මුලින්ම බ්ලොග් ලියන කෙනෙක් විදියට රන්දිකා අක්කාව හමුවුනෙත් එදා.
ReplyDelete2) "තිලක සිත"සැප්තැම්බර් පොත් ප්ර්ද්ර්ශනයේදී ගත්තේ.ඒ පොත අතේ තියන් හිටපු තරුඅක්කාව මුලින්ම හඳුනා ගත්තෙත් එදා.
3) "තරු අක්කාගේ "තරු ඇස් රහස්" තරු අක්කාව මුණගැහිලාම ගත්තා.
4) හෙන්රි අයියාගේ "විල්ලරවාඩිය"නව කතාව මිතුරෙකු ලවා ගෙන්වා ගත්තා මරදානේ සුරස ප්‍රකාශකයින්ගෙන්.
5)යශෝගේ "ඉතා කෙටි කලබල සිහින"තැපෑලෙන් ගෙන්වා ගත්තා.
6) අජිත් අයියාගේ "පොල්කට්ටෙන් එපිටට" පොතේ දේශීය නියෝජිත කලණේ දුන්නා කොළඹදී හමුවූ විටකදී නොමිලේම.
7) රසිකගේ "සිව් වසරක් මරදානේ"පොත ලැබුනා නොමිලේම තැපෑලෙන්.
ඔය මගේ ගාව දැනට තියෙන බ්ලොගර්ලා ලියපු පොත්.තවත් බ්ලොගර්ලාගේ පොත් මිලදී ගැනීමට නියමිතයි.
‘‘තිලක සිත‘‘ සමඟ අපි මුලින්ම හමුවුණේ විදර්ශන පොත් කුටියෙදි.. ඒ 2014... මට මතකයි..
Deleteතැන්ක්ස් මනෝ.. රන්දිකා ඇන්ටිව එහෙම් පිටිම්ම අමතක උනා. ඒ ඇනිට්යි බෝධීනි ඇනිටියි පොත් එළියට විසි කලේ එකම කාලේ මට මතක විදියට..
Deleteහරියට හරි අක්කේ විදර්ශන පොත් කුටියෙදි 2014 දී තමයි.
Deleteආන්න එදා තමා තරු නංගි වෑසක ඩෑල් තුනකට කොචොක් එකක් දැම්මේ.. හැක්
Deleteඑක පොතක්වත් විකිණිලා නොතිබුණු ඒ අහිංසක කවියන් තුන්දෙනා පස්සෙන් දුවල මං එයාලගෙන් පොත් ගත්තා.. ඒකට හදල තියෙන පදයක හැටි... අනේ අනිච්චං...
Delete//එක පොතක්වත් විකිණිලා නොතිබුණු ඒ අහිංසක කවියන් තුන්දෙනා පස්සෙන් දුවල මං එයාලගෙන් පොත් ගත්තා..//
Deleteමට නං නියම ප්ලොට් එකක් ඒක. ඒත් කම්මැලියි අනේ කතාවක් ලියන්න.. හැක්..
මේ අපිත් අහිංසකයි තමයි , මරුමුස් පෙනුමට හිටියට. කවි පොත් නම් මන්ද ,කවි කොළ නම් තියෙනවා. ඒවත් මඩ කවි. මඩේ ඉඳලනෙ නෙලුම් පිපෙන්නේත් නැද්ද?
Deleteඇයි අර සුභාෂිතයෙත් කියන්නේ..
Deleteමිනිස් හට සොදුරු ගුණ සහ නුගුණ ඇත
නිදොස් කෙනෙකු මෙදියත උපදනේ නැත
වෙසෙස් සිනිඳු මුවරඳ බර සහස් පත
කොරොස් නළින් යුතු වෙයි කටු පෙළිනි යුත
බ්ලොග් ලියන්න කලින් පොත් ලියපු ලේඛකයෙක් තමයි ගාමිණී විජිත් සමරකෝන්.
ReplyDeleteඔහු ද අලි ඇතුන් සම්බන්ධ ලස්සන පොතක් ලිව්වෙ.. මට පොතේ නම මතක නැහැ.
Deleteවීර කැප්පෙටිපොළ පොත මං කියෙව්වා.. අලි ඇතුන් ගැන පොත මට මතක නැ..
Deleteඩුඩ්. කෝ බං ඒ ගෙම්බා?? දැං මුණුපොතෙන් නෑනේ..
(අම්බෝ වැදගත් මත්මයෙකුට ගෙම්බා කිව්ව කියල මේ අය තරහ වේවි. ඒක නිසා කියන්ං.. ගාමිණි මහත්තයගේ නමින් ලංකාවට ආවේණික මැඩියෙක් නම් කරල තියෙනවා ඒකයි ආදරේට ගෙම්බා කියන්නේ. හැක්)
තැන්ක්ස් ඩුඩ්.. මට ගාමිණි මලයාවත් අමතක උනා..
Pseudophilautus samarakoon.....මූ නේද ගෙම්බා? තව ගොඩක් ලංකාවේ ගෙම්බෝ ඉන්නවා අපේ අය හොයා ගත්ත.
Deleteඅරූ මෙන්න බඩු
Deletehttp://gaminievijith.blogspot.com/2013/03/37.html
‘‘යාල නැගෙනහිර අහිමි වන මං‘‘ ඒ පොත ගැනයි මම කිව්වෙ... ඔහු තමයි ලේඛකයා.. හරිම ලස්සන පොතක්... මගේ පොත් එකතුවෙ තියෙනවා.
Deleteස්තුතියි තරු..
DeleteSamarakoon, Gamini Vijith, 2009 (5th Reprint), Yala Nagenahira Ahimi Wanamang, Dayawansa Jayakody & Co, Colombo. (First published in 2000)
Deleteතැන්ක්ස් ප්‍රා..
Deleteමූණු පොතේ ඉන්නවා බං. දැන් කරන්නෙ දරු සුරතල් බලන එක ආයෙ මුල ඉඳලා හිටං.
Deleteදැක්කෙම නෑ. මම ඉස්සර නං නිතරම ලෙටර ඔෆ් ඩිමාන්ඩ් යවනවා හැක්..
Deleteලිශ්ටෙක තියෙන එක හොඳයි.. බලනකොට නෝනා මහත්තුරු තමයි වැඩි හරියක් බ්ලූක්ශ් කොරල තියෙන්නෙ නෙහ්?
ReplyDeleteජයවේවා..!!
ලිශ්ටෙක
Deleteබ්ලූක්ශ්
දෙකක් දාගත්ත්ම කමෙන්ට් දාන්න එපා කියලා කවුරුවත් කියලා දීලා නැද්ද හැබෑටම ! තව මොන මොනා ලියයිද මංද...!
දෙකක් දාල කොමෙන්ට් දානකොට අතේ තියෙන දාඩිය හරහා ඇල්කොහොල් වල පවර් එක කී බෝඩ් එකට ගිහිල්ල කී බෝඩ් එක වෙරි වෙනවයි කියල කවුරුවත් කියල දීල නැද්ද හැබෑටම.
Deleteලබ්බි දෙකක් දාලා වගේ ලබ්බා පික්ෂු කෙලින්නේ. හැක්
Deleteමේ පොත් ගන්න එක තැනක් දන්න කව්රු හරි ඉන්නවා නම් කියන්න. හැබැයි online වෙන්න ඕන.
ReplyDeleteතවම එහෙම හැකියාවක් නැහැ... ඉදරියේදි බලමු..
Deleteවෙල්කම් වේවා...
එසේම වේවා....
ReplyDeleteඑසේම වේවා...
Deleteගොඩක් ස්තූතියි මේ ලිස්ට් එකට නම්.. ගොඩක් පොත් මං ගාවත් තියෙනවෝ.. :)
ReplyDeleteහරිම සොයි නේ සිතු..
Deleteමං ගාව නං කීපයයි තියෙන්නේ.. තව ටිකක් ගන්න ඕන.. වැඩේ කියන්නේ අර කිව්ව වගේ ගිහිල්ලා බුක්සොප් එකෙන් හොයාගන්න එකනේ.. උදව් කරන පොරක් හිටියොත් හොදා. නැත්නං අබ සරණයි.. ජය වේවා
මා ගැන සඳහන් කළාට ස්තුතියි ළමයිනේ .... පැන්ෂන් ගිහිල්ලම තමයි ආයෙත් බ්ලොග් එකේ මකුළු දැල් කඩන්න වෙන්නේ ... වැඩි කාලයක් නෑ ...!
ReplyDeleteස්තුතියි.. ගාමිණි අයියා.. ඔබ දැකීමත් බොහෝ සතුටක්.. ඔය ටික කාලෙත් ඉවසල ඉන්නංකෝ.. ජය වේවා.. සුභම වේවා..
Deleteමම හිතනවා ටිප් එක දුන්නේ අතිජාතයා වෙන්ඩ ඇති කියලා.. තැන්ක්ස් ඩුඩ්.
බ්ලූක්ස් කියන්නෙ මුලින්ම බ්ලොග් අඩවි හරහා සමාජගත වෙලා ඉන්පස්සෙ ඒ සටහන්ම යම් සංස්කරණයකින් මුද්‍රිත කෘති හැටියට එළිදකින පොත් මං හිතන විදියට. අනිත් කොන, තිලක සිත, කොළඹ ගමයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බ්ලූක්ස්...
ReplyDeleteබ්ලොග් රචකයකු විසින් ලියූවත් එය මුලින්ම බ්ලොග් අඩවියක පළ වෙලා නැත්නම් එය බ්ලූක් එකක් විදියට සලකන්න බැහැ කියලයි මට හිතෙන්නෙ...
මගේ කවි පොත සමස්තයක් විදියට බ්ලූක් එකක් විදියට සලකන්න බෑ මං හිතන්නෙ. මොකද ඒ කවි අතර තියෙනවා මගේ උසස්පෙළ අවදියේ සිට ලියවුණු කවි. බ්ලොග් අඩවියේ පළ නොවුණු කවි...
blogged things in a book - b"l"ook
DeleteThaus es rahas defa be a blook
නොදන්න දේවල් බොහෝමයක් දැන ගත්තා, බොහෝම ස්තුතියි.
ReplyDeleteමක්කයි ඩීන් අයියේ දැනගත්තයි කිව්ව ඒවා.. හැක්. ජය වේවා කාලෙකින් දැක්කේ.
Deleteබලල නැති පොත් ටික ලිස්ට් දොවන් කර ගත්තා, ඉස්කොතුයි දේශක අයිය. :)
ReplyDeleteආ ඒක හොදා.. ජය වේවා
Deleteතැන්ක්ස් අරූ.. උඹ ඉතිං අවුල් කියල දන්න නිසා හොදා.. නැත්නං එක තැනක බෙට්ටක් හැලුවත් ඇති අපිට උඹ නං.. හැක්
ReplyDeleteඅනේ, මටත් ආසයි පොතක් පලකරන්න!!
ReplyDeleteඉතිං කරමුකෝ ටීචර්
Deleteමං හිතුවෙ blook සංවාදය ගියෙ fb එකේ විතරයි කියල. දැනුයි post එක දැක්කෙ :D
ReplyDeleteඒකනේ.. මදෑ අදවත් දැක්කා.. හැක්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදැං එතකොට බ්ලොග් ලියන එක බුක් ලියන එක තරම් පිළිගැනීමක් නෑ කියල හිතලද ඔය බ්ලුක්ද මොකක්ද මගුලක් ගැන කතාවෙන්නෙ. මහ ලොකු බ්ලොග් කරයන්ට බුක් සරණයි..(පොල්කිච්චිට හොරෙන් ලිව්වෙ ඈ)
ReplyDeleteමීට පොල්කිච්චා
හොරෙන්ද ලිව්වේ.. එහෙනං කමක් නෑ.. හැක්
Delete