පිදුම
ඉයං අඩවියං උපද්දානං
මාතලං හේ ප්රචාරකං
හබරල කාව්යං ජාතං
යාන්තං මාත් ගැටගහං
හැක් හැක්..
ගුණ කතන
මැරිච්ච දවසට
මතක එයි
මිනිසුන්ට
ඉපදුනාට
ජිවත් උනාට වැඩිය
ප්රති ගුරුත්වය
වැහැපන් වැහැපං කිව්වම
වහින්නෙම පොළවට
වැහැපංකෝ අභ්යවකාසෙටම
නොපෙනෙන ලස්සන
තණකොළ මල් පාගගෙන
දරුවා ගියා දුවගෙන
ලස්සන රෝස මලක්
අල්ලලා බලන්නට
ඇඩුම්
ඊයම් බරු......
ගිල්ලලා හදවතේ
කවදාද සැනසීම
කියාපං මට
කුහකයෝ
රොඩී ගමක්.. ආං.. ඇවිත් අලුතෙන්
උදේ පාන්දරම
ඒ ගමේ උන්
ඩෙනිම් ඇදං එනවා පාරට
යන්න බස් එකේ..
ඇයි එතකොට අවුල්ද ඔහෙලට?
නෝ ලයිප්
කන් දෙකේ ගුම් ගුම්
පයිප්පෙන් පොහ් පොහ්
පංකාව නෑ හුම්..
විදවපං ඇති තරං..
සමනලයාගේ කසාදය
මල්වත්ත වටේටම
එක මලක් වත් නෑර
උඹ අහපු පුරස්නෙට
නෑ නේද උත්තර
පුංචි සමනලයෝ
හෙහ් හෙහ්..
“මාව බදිනවද?“
දිපංකෝ උත්තර
අපි හිටං දන්නවා
අන්න ඔබාමා යනවලු
මයික් කඩනවලු
“Obama Out" කිව්වලු
මාර සතුටෙන්ලු..
අපිටත් සතුටුයි
පොඩ්ඩක් හෝව්..
ඊයේ ලේ හලාගත්තලු
පාර්ලිමන්ටුවේ
මං දැක්කේ පත්තරෙන් හිටං
සාපේක්ෂතාවය
හිස් කොළයක්ද හොඳ??
අකුරක් ලියපු එකක්ද??
නිමි..
අල වගේ ද ගෝව
ReplyDeleteගෝව වගේද මාතර කොල්ලෝ.. හැක්..
Deleteඑල්කිරි කොල්ලෝ
Deleteගෝව. ඈක්ක..
Deleteමාතර උන්.. ඈක්ක එකෙත් ඈක්කා.. හැක්
Deleteහබරල කවි මෙදාපාර
ReplyDeleteනෙලුන්යාය සම්මානෙට
දේශකයාගේ මේ කවි ටික
අටමාගේ අවධානෙට..
හැක්.
අටමාගේ දෙකටාන
Deleteනොදැක්ක කහටාන
නෙලුං මල් පුබුදාන
හබරල කොළ පලාන.. හැක් හැක්
මරාගෙන මරෙනවා හිටං,,,
Deleteඅටමා මැසිං බිජ්ජා
Deleteපොඩි සොට් එකක් දැම්මා
බ්රේක් නැති හන්දා
කටට ඉබ්බෙකුත් දැම්මා
ඉබ්බ හෙල්ලෙයි
Deleteපොඩි ඉඩක් මතු වෙයි
අටම පෙර වෙයි
කුනුසරුප වසුරයි.. හැක්
අපූරු කෙටි කවි එකතුවක්නෙ...
ReplyDeleteහබරල කවි.. හැක්
Deleteකාපුවම හබරල
ReplyDeleteකට නං වෙනවලු වණ
කියෙව්වම රෙල
ගැලවෙයි මොලේ ඇණ..
හැක් හැක්
කන්ඩෙපා කොල
Deleteතිබුනාට හැඩ වැඩ
හැක්
// තණකොළ මල් පාගගෙන
ReplyDeleteදරුවා ගියා දුවගෙන
ලස්සන රෝස මලක්
අල්ලලා බලන්නට//
අපූරුයි. ඒත් මොකැයි මේ නම..? හබරල????
මෛන්න මේකෙන් තමා බ්ලඩ් සෙල්ස් ඩ්ර්ම්ස්.. හැක්..
Deletehttp://maathalan.blogspot.com/2016/04/micro-poetry.html
අරක
ReplyDeleteමේක
හැක
දේශක
+++++++++++++++++
Deleteනයිට්රස් ඔක්සයිඩ්
Deleteඅන්තිමට නිමි
ReplyDeleteඒකට වැඩිය කැමති :D
අන්තිමට අන්තිමට නිමි.. හැක්..
Deleteආ........... ඔය හබරල ආරලා තියෙන්නේ.......... ජයවේවා.....
ReplyDeleteඑනවද ගන්ඩ.. ආ.. හැක්
DeletePISSU.....
ReplyDeleteමක් කරන්නද බං.. ලබා උපන් හැටි.. හැක්
Deleteඅල බහිනව වැල මැරෙනව :D
ReplyDeleteදේශකය කෘෂ වෙනව...
Deleteවිදානල ඉක්කොල යනවා.. හැක්
Deleteකවි
ReplyDelete****
බෑ කිව්වට.
ලියන්න පුලුවන්
ඔන එකෙකුට
එළ කිරි සරි
කයි ටික සුපිරි
අර "නොපෙනන ලස්සන" කියන හබරලේ "දරුවා" කියන කෑල්ල අයින් කරා නම් හෝ වෙනස් කලා නම් ළොකු කතාවක් තියෙනවා... අහිගුංඨකයෝ ඩෙනිම් ඇඳගෙන බස් එකේ යන එක හෙන අවුල් නේ බං... ඒක කනට ගහන හබරලයක්.. සාපේක්ෂතාවය කියන හබරලෙන් සාපේක්ෂතාවය ප්රශ්ණ කෙරෙනවා.. අනික් ඒවත් නියමයි...
Deleteමේ වගේ කවි ලියන්න පොඩි දෙයයි කරන්න තියෙන්නේ... වාක්යක් ලියලා හිටං, වචන් ටික එහෙ මෙහෙ කරලා බලන්නයි තියෙන්නේ.. හරියට මල් පෝච්චි වෙනස් කරනවා වගේ... කවි ලියන්න බෑ කියන්නේ අපි උක්ත ආඛ්යාත් කියන තියරියේ හිරවෙලා ඉන්න චින්තනය. ඒක අයින් කරාම ලියන ඕන දෙයක් කවියක්...
හැක් හැක්.. කමක් නෑ අභ්යාෙසටත් එක්ක ලියමු.. තැන්ක්ස් මාතා..
Deleteමේ කුමන නම් කසාඳයක්ද?
ReplyDeleteපුත මෙය දුම්රියකි..
Deleteකියන්න ආවාම කවියක්
ReplyDeleteකිව්වා වියතෙක්
හිල්කොරපං කොලයක් හබරල
ජාති ජාති...
ජයවේවා..!!
ලබුජය...
Deleteසාපේක්ෂතාවය
ReplyDeleteකියවිය හැකිය,
හිස් කොළ.
කොළ වල හිස් අකුරු?
නිකමට ලිවුවේ. සීරියස් මුකුත් නැහැ. :)
Deleteහැබයි හිතෙන්නේ එහෙමයි.... :)
Deleteබ්ලොග් වල හිස් අකුරු.. හැක්
Deleteවලත්ත කවියෙක්
ReplyDeleteගත්තහම පෑනක්
ලියයි ඌ කවි ගොඩක්
මොලේ පොටයයි
නොතිබුනත් ඔළුවක්
කලුපාට ඇඳුමක්
Deleteහීන ළග මොහොතක්
සපත්තුවේ හිලක්
කටුස්සා ගලක්..
නියම කවි ටික!
ReplyDeleteස්තුතියි සිතු.. මේව්ව කැරකිල හබරල කවි..
Deleteමොකද බං අර උඩින්ම කොන්ක්රීට් බ්ලොගය කියලා දාලා මරණ දැන්වීමක පොටෝ එකක් දාලා තියෙන්නේ
ReplyDeleteදෙන්නම ලගදි යටියන්තොට යනව..
Deleteමුගේ මාරය තමයි ඌ. හැක්..
Deleteආ ඒ අපේ අයියගේ කම්පැනිය. ගිය සතියේ නං මිස්සරේ අනල තිබුනා.. හැක්
Deleteඅගෙයි ..
ReplyDeleteජයවේවා හක්..
හක් ගෙඩියා.. හැක්
Deleteසඳලු තලේ අර ඉන්නේ සකුන්තලා
ReplyDeleteසකුන්තලා ඇයි ඉන්නේ නිකන් බලා
……………………………………………….……………………………………………….
දෙන්නංකො හබරල නං හබරල ගාල් පිටිං :D . ඕ යේස්
ඉදගෙනද??
Deleteඅඩේ............ පොතක ඡේදයක් අරන් පොඩි පොඩි කෑලි වලට කැඩුවම හබරල කවි වෙනවද?
ReplyDeleteකරමුකෝ එහෙනං.. හැක්..
Deleteහබරලත් අලලුනෙ නේද?මං දැක්කෙත් පත්තරෙන් හිටං
ReplyDeleteවෙල්කම් අන්ලිමිටඩ්.. හබරණත් තියේලු..
DeleteMakawapan hoova.
ReplyDeleteවෙල්කම් ජගත්..හැක් හැත්..
Deleteකොන්ක්රීට් බාස් අලුත් නෙට්වර්ක් එකක ඉන්නෙ. හිටහං හෙට උදේට එන්නං. හැක්..
ReplyDeleteඒ කි්වේ අලුත් කම්බි දානවා..
Deleteහබරල කසන නිසා මේවට අපි කියමු කසන කවි කියලා. උඹ කවි දෙකක් ලිව්වොත් අපිට කිව්ව හැකි ,,දේශකයගේ දෙකම කසන කවි කියලා, තුනක් ලිව්වොත් දේශකයාගේ තුනම කසන කවි. ඒක හොඳයි නේද බන්.
ReplyDeleteකසන දෙවි
Deleteදෙසන දෙවි
දෙසන කවි
කසන කවි.
අවුල් නැති
Deleteවියවුල් නැති
කෝකටත් නැති
තුන කසයි පැදි
කෙටි උනාට මරු කවි ටික :)
ReplyDeleteතැන්ක්ස් හංසි
Deleteලස්සන වඩන හෝටිකල්චර්
ReplyDeleteඅලංකර හුරුබුහුටි මිනේචර්
එළකිරි ඩීන් අයියා
Deleteමරුය
ReplyDeleteමම
Deleteරුවැති
යමයෙකි
හොඳම නැත
ReplyDeleteනරකමත් නැත
හැක හැක
හොදක් නැත.
Deleteහැක හැක
අපූරුයි...නියමයි...
ReplyDeleteෂා.. තැන්කුයි
Deleteදේශකයෙක්
ReplyDeleteදෙකක් දාගෙන
කිබෝඩ් කොටල ලියන
මඤ්ඤං කවි
හැක්.
දෙකක් දැම්ම නං
Deleteකෝක් හරි
එල්ලෙනවා
පතුරු යන්නම
මන් හිතුවේ උඹ දැන් බ්ලොග් අවකාසේ නෑ කියලා. බලාගෙන ගියාම උඹත් ඉන්නවා, ප්රසන්නයත් ඉන්නවා, පත්තරයත් ඉන්නවා. මමද එතකොට නැත්තේ ? අන්න මම උඹේ ෆොටෝ එකක් දැම්මා බුකියේ බලපන්.
ReplyDeleteයෙල්ලද?? හැක්
Deleteඒක තමා සුදීක තමා නැත්තේ. .අපි ඉන්නවා
ලියයි කවි
ReplyDeleteනමින් දේශක වූ
බුකි පුතෙක්
බුකි පුතා
Deleteබැතියෙන්
සමරමු
මේ වෙසගෙත්. හැක්
නියම කවි ටික...
ReplyDeleteඇත්තද ආ.. හැක්
Deleteකවි වැල
ReplyDeleteඅල බහිනව
වැල මැරෙනව
පිම්බුනාට
Deleteඋඩ ගියාට
වෙලාව ආවම
වැටෙනවා හබක් බක් බක්
ටෙස්ලා ගැන ලියලා ඇති
ReplyDeleteහිතන් ආවේ බ්ලොගට
මළ මගුල් හබරලය
කසනවා හැම තැනම
අපි නොදන්නා හබරල..හැක්!
වෙරි ෂොරියැ..
Deleteටෙෂ්ලා මගය..
ෂල්ලි නැතිය..
මාරු නේ ෂෝර්ට් ඇන්ඩ් ස්ව්ට්
ReplyDeleteතැන්කිව් හොදේ.. හැක්
Deleteකියෙව්ව ඔක්කොම. හැක්.
ReplyDeleteඒ මක්කටෙයි..
Deleteඇත්තද කියන කතා
ReplyDeleteදේශක බුකියෙ කියා
බැරිද ලියන්න කවි ගොතා
ලිපියට "නිමි" නොතියා...
ඉවාන් කියන සතා
Deleteදෙසන්නේ බොළද කතා
ගෙබි ලුසා ලව් පූසා
ඉන්නේ දැං නොකර කතා
දේ ශකයානි
ReplyDeleteගම්පලයානනි
කම්මැලි කම් ගව්වක් පන්නා
ලාබ ලබන්නට
පාඩු නොවෙන්නට
වෙළඳාමක් කරමුද දෙන්නා
හබරල???
Delete"නොපෙනෙන ලස්සන" තමයි ලස්සනම..
ReplyDeleteහබරල වුනත් ඉතින් අල කියනව නෙ
තැන්කුයි හොදේ..
Deleteකට කහන කමට
ReplyDeleteලියන පද එමට
තියේ හැම තැනම
බලාපන් මඟ නොහැර
සතේ නැතත් අතේ
මැවේ පද හිතේ
පත කුඩා නැ තොපේ
ඇත්නම් හොඳ හිතේ...
කෙටි කවි කියවා කියා යමි අපුරුයි කියා...
නියමයි ඈ.. තැන්කුයි
Deleteහිස් කොළය කොච්චර හොඳද.
ReplyDeleteහැක් හැක්.. ඇත්තටම.. වෙල්කම් රුසියානුවා..
Deleteමමත් රුසියානු සිංහල පරිවර්ථනයක්
Deleteජය වේවා.. ඔබගෙන් ලැබෙන රුසියානු රසය ගැන බලාපොරොත්තු පෙරදැරිව සිටිමි..
Deleteදේශකයා හබරල
ReplyDeleteකවි නම් මරුය
මට හොඳටම සැටය
මා හබරල
Deleteහොදයිද එතකොට
හිටියොත් ළගපාත
දෙනවා කොලයක්
හබරල ඔලුවට.. හැක්..
හබරල කොලේ
ReplyDeleteඔතලා මස් අගේ
දීපං හොඳේ
කන්නට පනේ
මාලු ටිකක් මස් ඩිංගක්
Deleteගන්න ගියොත් හබරලයක්
තිබුන බවක් දැං මතකයි
කෝ නැ දැං ඒ සෙල්ලං