රේන්ද පොළ ළග හැන්දෑවේ
මහ සද්දෙන් ලේ මස් විකිනේ
අත තියන්ටෙපා එක බල්ලෙක්වත්
එ් ගොඩ ගත්තේ මම සද්දෙන්
සීතල වතුරට අතැගිලි ඇඹරේ
ලේ බොර වැදිලා සීතල නොසැලේ
ගල් උන හිත මගේ අද සන්තෝසේ
අහුලයි සීතල ගල් උන මස් ලේ
විධායකේ මොන යකෙක්ද අපිලට
ස්වාධිපත්ත්තයක් කුමටද මෙරටට
ගත්තොත් සද්දෙන් ගල් උන මස් ටික
කන්නට හැකි වෙයි අද දින අප හට
පාර දෙපැත්තේ සුදු ඉරි ගානේ
ලේ පැල්ලම් එක දෙක මතු වන්නේ
සීතල සියල්ල නැති උන මොහොතක
හදවත උණුහුම් වී ගෙන එන්නේ
පොඩි කොල්ලට පොත් දෙක තුනකුයි
ලොකු කෙලීට උණු බනිසයි, කැවුමයි
හාමිනේට කොළ, තුණපහ ඩිංගයි
හැන්දෑවට මට සිකැරට් දෙකකුයි
ඔක්කොම කරන්නේ මේ ටික ගන්නයි
නින්දට යද්දිම ඔක්කොම ඉවරයි
උදේට තෙමිලා පින්නට නිරතුරු
මොළ ඩිංගක් මට පිහිටල නැතිවා
මොන බහුබූතද මේ ලොකු කරදර
අපිට නොවෙයිදෝ සියලුම ජරමර
හෙට උදේට මට යන්නට හැකි නං
කුමකට පතනුද මෛත්‍රී පරපුර
//විධායකේ මොන යකෙක්ද අපිලට
ReplyDeleteස්වාධිපත්ත්තයක් කුමටද මෙරටට
ගත්තොත් සද්දෙන් ගල් උන මස් ටික
කන්නට හැකි වෙයි අද දින අප හට//
ලුම්පන් ද්රෝහිය!
මාළුකාරයා නේද?? මාත් ඒක නං දන්නවා හැක්.
Delete//මොළ ඩිංගක් මට පිහිටල නැතිවා//
Deleteකාටද ප්‍රා. රාජ්ටද?? හැක්.. කෝ බං යාළුවා සෙන්නා තුමා..?
Deleteමට දේශක මට
Deleteසෙන්නා බිසී ඇති. මාත් එහෙමවගේ නිසා අර වැඩේ පරක්කුයි. ලබන මාසෙ පුලුවන් වෙයි
හොදයි නේ.. මාත් බැලුවා මොකද බොරු බිසී කියලා.. ඒ ලිට්ල් බාස්ටට් සනීපෙං ඉන්නවා කියල බිග් බාස්ටඩ්ට මැසේජ් පොජ්ජක් එවල තිබුනා ඊයේ..
Deleteහහහා... ජාතික ගීය! පට්ට!
ReplyDeleteපට්ට වෙන්න විදියක් නෑ මාතලං අංකල් බැනල මට. හැක්..
Deleteදියසේන :
ReplyDeleteඒ කාලෙ මම හිතුවා
දෙදහස් පන්සීයෙදි ඇවිදිල්ලා රට හදන්න
පස්සෙ මටම හිතුනා
ඔක්කොටම ඉස්සෙල්ලා මම හැදෙනව
එහෙම හිතල වැලි දැම්මා හාල් වලට
මිරිස් වලට වතුර ගැහුවා
කිරුවා බොරු පඩියෙං
ගින්දර අරන් ගියා වතුර යටිං
බෙලි කැපුවා දිය රෙද්දෙන්
ගත්තා කුරුණෑගල පොල් ඉඩමක්
බැන්දා කසාදයක්
ගෝරිමන්ද සිටාණන්ගෙ වැඩිමල් දූ
තමුසෙලටත් දියුණු වෙන්න ඕනෑ නං
ලක්ශයක් වුනත් මම දෙන්නං
හැබැයි ගොය්යො නිකම් නොවෙයි
ශයිලොක්ටත් දුන්නේ
මස් රාත්තලේ පොළියට
මට දැන් තේරෙනවා
එක් එක් පුද්ගලය තර උණාම
මුළු රටම දියුණු වෙනව
මොකද තමුසෙල කියන්නෙ
(උපුටා ගත්තේ මහගම සේකර - බෝඩිම 20 පිටුව )
මේ ලඟදි දම්මික බංඩාරයන්ගේ හඬින් අහන්න ලැබුන මචෝ..
Deleteඋඔ යකෙක්...සින්දු
Deleteඑල ද බ්‍රා
නියමයි සිංදුවා. මේක මං සේකරගේ කැමතිම කවියක්. ස්තුතියි.
Deleteපරිස්සමෙන් දේසා..අර ලෙල්ලමේ බ්ලොග් (ඇඩ්) එක ලියන එක්කෙනා උඹට නඩු දායි අපහාස කොලාය කියලා එයාගේ කස්ටියට...
ReplyDeleteඔය මෛත්‍රි උන්දැල නං එහෙම කියාවි.. ඒත් අපි එපායැ අපේ කට හොලවගන්න..
Deleteබ්ලොග් ලියන කියවන. බුකියේ බලිටි ගහන විප්ලවකාරයන්ට නොපෙනෙනා අමුම අමු ඇත්ත.
ReplyDeleteසමාවෙයන්... උපරිමයි.. කියන්න තිබුනා පොඩි පොඩි අඩු පාඩු ටිකක් නැත්නම්. ඉතා හොඳයි.. නැත්නම් බබා අඬයිනේ..
Deleteහැක් හැක්.. බැනුම් අහන කොට තමා මම හිනා වෙන්නේ බං..
Delete'මාළු මාළු' එකට ගිහිල්ල my3 ගේ පුතා කෙලගත්තෙත් එදාවේල හොයා ගන්නද දන්නෙ නෑ..
ReplyDeleteමටත් හිතෙනව මාළු ලෑලක් දාගෙන පැත්තකට වෙලා හිටියනම් ඉවරයි කියල..
අපිත් මාලු ලෑල්ලක් දාගෙන ඉන්න නිසා අනවසය පස්න නේ..
Deleteමං කිව්වෙ මචෝ. මිනිස්සුන්ට එතනින් එහා ලෝකයක් පේන්නෙ නෑ කියලා. එහෙම බලන්න ඉඩක් මේ පාලකයො තියල නෑ.
ReplyDeleteඒ නිසා ඒක මිනිස්සුන්ගෙ වරද නෙවෙයි. ඕක තමයි යථාර්තය. පාලකයො හරිම බයයි එතනින් එහා ලෝකය මිනිස්සු බලයි කියලා.
Deleteඉතිං මෛත්‍රිලට බැරියැ ඕක මිනිස්සුන්ට පෙන්නන්න..
Deleteඅපිත් බලමුකො පෙන්නයිද කියලා.
Deleteමේ විදියට අඩල දොඩල බෑ. ජනතාවගේ කකුල් පාමුල ඇති ඒ උන්ට නොපෙනෙන මාරාන්තික අවධානම පෙන්වා දිය යුතුයි බං. නැතිව තමන්ට වෙච්චි අසාධාරණකම් වලින් වැඩක් නෑ.
Deleteදේශපාලනය අරහං
ReplyDeleteවෙල්කම් ප්රිඩම්... ඒත් ඒකෙන් වියුක්ත විය නොහැක.
Deleteමාළු කාරයාගේ දේශපාලනේ වගේමයි දැන් ඉන්න කලාකාරයගේ දේශපාලනෙත්. පොඩි වචන ටිකක් විතරයි වෙනස් කරන්න තියෙන්නේ.
ReplyDeleteඅපිට මක්කැටෙයි අනේ දේශපාලනේ. උදේට මාළු ටික අරගෙන හවස් වෙද්දි විකුණලා රෑට සිකැරට් එකක් ගහල නිදාගෙන ආයේ උදේට ඇවිත් මාළු ටික ගන්න ඇහැකි උනා නං ඒ මදැ බං අරූ..
Deleteඅගේ ඇති කවි ටික...
ReplyDelete//පොඩි කොල්ලට පොත් දෙක තුනකුයි// පොඩි කොල්ලට පොත් පත් දෙක තුනකුයි
වැරදි ගොඩයි බං.. විනාඩි පහක වැඩක් මේ.. තැන්කුයි.
Deleteහොර පෙරකදෝරුවගේ ඇඩ්..............
ReplyDeleteමහින්දට පක්ෂව ඇඞ් කරන උන් අතිනුත් මහින්දට අවාසි විදිහටම ඇඞ් කෙරෙන්නෙ ඇයි කියල මට හිතාගන්න බෑ. ඒ පොදුවෙ හැමෝම අවිඥාණකව මහින්දට අකමැති හින්දද? මේ මෑතක නිල් බලකාය වෙනුවෙන් කරපු ඇඞ් පෝලිමක් යනවා දැක්කා. එකක නිල් බලකායෙ කොල්ලෙක් සිගරට් එකක් ගන්න කඬේට එනවා. සිගරට් එක අරන් බලන කොට දකිනවා කන්න විදිහක් නැතුව උඩ බලාගෙන එන වයසක මනුස්සයෙක්. සිගරට් එක ආපහු දීලා කොල්ලා බනිස් ගෙඩියක්ද කොහෙද අරන් වයසක මනුස්සයට දෙනවා. එක විදිහකට නිල් බලකායෙ ඉන්නෙත් සිගරට් බොන ඒත් හිත හොඳ කොල්ලො වගේ අදහසක් මේක. තව විදිහකට මහින්දගෙ ආණ්ඩුව යටතෙ කඩයක් කඩයක් ගානෙ කන්න නැති මිනිස්සු හූල්ල හූල්ල ඉන්නවා කියලත් කියනවා. සිගරට් එකක ගානෙන් කෑම වේලක් ගන්න පුළුවන් තරමට සිගරට් පවා ගනං ගිහිල්ල කියලත් කියනවා. අපි අපේ සිගරට් එක කැප කරලා අනිකාට උදව්වක් කරනවා මිස ආණ්ඩුවකින් එහෙම නං පිළිසරණක් නෑ කියලත් කියනවා. අන්තිමට බලද්දි ඒක නිල් බලකායට සපෝර්ට් කරන දැන්වීමක්. උතුර දකුණ මාරු වෙලා වගේ.
තව ඇඞ් එකක සුද්දෙක් පාරක් අහනවා කොල්ලො දෙන්නෙක්ගෙන්. උන්ගෙන් කාටවත් ඉංග්‍රීසි බෑ. ඒ හන්දියෙ හැමෝම අසරණ වෙලා බලන් ඉන්නවා ඉංග්‍රීසියෙන් පාර කියාගන්න බැරුව. එතකොට පොඩි කෙල්ලෙක් තාත්තා එක්ක යන ගමන් බැහැලා ඇවිත් ඉංග්‍රීසියෙන් පාර කියනවා. තාත්තා හරි ආඩම්බරෙන් කියනවා දැන් අපේ ළමයින්ටත් ඉංග්‍රීසි පුළුවන් කියල. එතකොට අර කෙළ වෙච්ච තරුණයන්ට මොකද වෙන්නෙ? ඒක තමයි ඇඞ් එකේ පෙන්නන බහුතරය. එකෙක් දෙන්නෙක් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ඇරුණම අනිත් රොත්තම කට ඇරන් බලන් ඉන්නවා විතරයි. ඒකත් මහින්දගෙ ආණ්ඩුවෙන් කරපු වැඩ ගැන පෙන්නන ඇඞ් එකක්.
තව එකක අලූතෙන් පාරකට තාර දාලා. ඉස්සර තිබ්බ ගුරු පාර හොයාගන්න බැරුව කොළඹ ඉඳන් කාර් එකක ආපු ජෝඩුවක් අතරමං වෙලා ඉන්නවා. එතකොට පරණ බයිසිකලයක් පැදගෙන එනවා ගමේ මනුස්සයෙක්. එයා කියනවා දැන් පාරවල් හැදිලනේ කියල. ඒත් මිනිහා තාම පදින්නෙ කබල් බයිසිකලේමයි. හැදෙන පාරවල් වල වටිනකම තියෙන්නෙ කොළඹ ඉඳන් කාර් වල එන අයට තමයි කියල නොකියා කියනවා.
මහින්දගෙ ආණ්ඩුව යටතේ කන්න බොන්න නැති, අධ්‍යාපනයක් නැති, මෝටර් බයිසිකලයක් නැති බහුතර ජනතාවක් ඉන්නවා කියන එකෙන්ම ආයිමත් කෙළවෙන්නෙ මහින්දටමයි. ඒත් මේ ඇඞ් ආණ්ඩුවෙන් ගෙවලා කර ගත්ත ඒවා. එක විදිහකට සියදිවි නසාගැනීම්.
-මනෝරම වීරසිංහ ගෙන් උපුටගැනීමක්-
නියමයි. ස්තුතියි..
Deleteසාමාන්‍ය මිනිසාට දේශපාලනයේ බල්ටි ගහන්න කාලයක් නැ අනේ.....
ReplyDeleteඔව් එයාට ඒ අප්‍රබංස තේරුං ගන්න වෙලාවක් හෝ අවකාශයක් නෑ.. ඒකයි තේරුං ගන්න ඕන
Deleteදේශපාලනය වැඩක් නැති දේශපාලනික සත්වයා
ReplyDeleteඔව් නේන්නං. ඒත් ඕන
Deleteහැබෑවනේ..... මාළුකාරයට දේශපාලනය කන්නද ? හැමදාම චන්දෙ දුන්න කියල ලැබුන දේකුත් නෑනෙ.මේ දවස් වල දේශපාලනේ උණු උණුවට විකිණුනාට.චන්දෙ ඉවර වෙලා බලන්නකො.චන්දෙ දුන්න මාලුකාරයාවත් කුණු මාළු කෑල්ලක් තරමටවත් ගණන් ගන්නේ නෑ.
ReplyDeleteමාළුකාරයා යනු මුළු මහත් සමාජයයි..
Deleteගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ අවම පහසුකම් විතරක් ලැබිලා. ඇති අයට ඉහටත් උඩින්. නැති උන්ට එදාවේල හොයාගන්ඩත් නෑ.
ReplyDeleteකවි ටික හොඳයි !
මිනිස්සුන්ට තමන්ගේ යුද්ධය ගැන විනා දේශපාලන යුද්ධ ඔවුන්ට වැදගත් නැත...
Deleteඔය මාලුකාරයා යවමුද පාර්ලිමේන්තුවට. අඩු ගානේ ඒ මිනිහා පාර්ලිමේන්තුවේ වෙන්නේ මොකක්ද කියලා අපිට කියයි.
ReplyDeleteමාළුකාරයා තමා ඔය යවපු කට්ටියත් යැව්වේ.. හෙටත් යවනවා
Deleteමාලු කාරයයි,පත්තර කාරයයි,"අපි" කාරයයි අතර කිසි වෙනසක් නෑ බොලන්......
ReplyDelete++++++++××××
Deleteඒක තමා කසුට්ටෝ මම කිව්වේ
Deleteඑදා වේල හම්බුකරන්න දඟලන මිනිහට මේ දේශපාලන බල්ටි නම් මොනවද ඉතින්..
ReplyDeleteනතිං නේ.. හැක්
Deleteවිධියකේ මොන මගුලද අපහට
ReplyDeleteපිරෙනවනං තුන් වේලට බඩ කට
ඒවා මක්කටෙයි අනේ.. මාළු අහු වෙන්නෙ විධායක බලයෙන් නෙමෙයි නේ. හැක්
Deleteඅස්පිරියයි බං දේසො මේ දේසපාලන පෝස්ටු...
ReplyDeleteදාන්ටකො හොද නැගල යන හිත කූල් වෙන ජොලි නැගල යන පෝස්ට් එකක්. මොකද්ද අප්ප
හිටිං හිටිං තාම ටියුං
Deleteඑල ද බ්‍රා...උඔගේ ලියවිල්ල
ReplyDeleteහෑ.. හරි හරි එළදබ්බ්බ්රා...
Deleteදන්නෑ.
ReplyDeleteමක්කයි??
Deleteමේක මාළුකාරයාගේ පමණක්ද? බහුතර 'බුද්ධිමත්' ජනතාවගේ නෙවෙයිද??
ReplyDeleteපොඩිම පොඩි පදයක අවුලක් තේරුනා. කියන්න විදියක් නැහැ, මගේ කවි අන්තිම චාටර් කොට මම කොහොමද අනිත් උන්ට වැරදි කියන්නේ.. හෙහ්..
හපොයි කියහං. මේ කව් වල අඩුපාඩු විතරයි තියෙන්නේ.. හැක්.. මමත් දන්න එකක්යැ කවි ලියන්න. උඩම කියපු අදහස තමා මම ඉදිරිපත් කලේ..
Deleteඇඟේ මාළු නටන්නේ මේ සිද්ධි දකිද්දී තමා
ReplyDeleteමෛත්‍රි කරන්න පුතේ.. හැක්
Deleteමාළු කාරය ගාව හොද පිහියක් තියනව නේද හොද මෝරෙක් දෙකට කපන්න ?
ReplyDeleteතියෙනවා චස් ගාලා එක පාරයි. වෙන් කරන්න තුන් පාරක් දෙපැත්තට අදින්න ඕන.. ඔහෙට මක්කටෙයි ඒ පිහිය??
Deleteතොරෙකුයි ,මෝරෙකුයි ඉන්නව කපල දාන්න. කෝකද කපන්නෙ කියල හිත හිතා ඉන්නෙ
Deleteඅපසාදේ බං කලින් කිව්ව නං අර මීයා කපපු කම්බි කෑල්ල දෙනවා නේ මං. එහෙනං උඹ හිතත්දිම බඩු කැපිලා වෙන් වෙලා. හැක්..
Deleteමේ බ්ලොග්කාරයොන්ට මොනව වෙලාද බං. මැතිවරණයක් කැඳෙව්ව විතරයි ඔක්කොම එවුන්ගෙ පාණ්ඩුකම්බලශෛලාසන රත්වෙල. මට නම් දැනටම මේ මඟුල එපා වීගෙන එන්නෙ.
ReplyDeleteප.ලි.
මම මාළුකාරයෙක් නොවෙමි. හැක් ...
ඒ කියන්නේ කව්රු හරි ගෙනැත් දෙන දෙයක් කාලා ඉන්න එකෙක්ද?? අන්න උන්ට තමා ඔය ලොකු සීන් වෙන්නේ. හැක්..
Deleteමේකනේ බං මේ දවස් වල ඔය හොට් එකත් එක්ක වෙන මුකුත් හිතන්න බැරි අවුලක් තියෙන්නේ. පැයෙන් පැය අප්ඩේට් බලනවා ඒකනේ කේස් එක සෑර්..
පොහ්ඃ හොඳ වෙලාවට කොරන්න ඡන්දයක් තිබ්බෙ ලොක්කට. නැත්නම් තොපි කටවල් පු..වල් ඇරගෙන හොට්වෙල බලන් ඉන්න අතරෙ අරහෙන් ලොක්ක දෙයි බඩයන්න. මැච් එක ඉවරවෙනකොට බඩුමිල වැඩිවෙන රටනේ මේක. :)
Deleteහැක් හැක්.. ඒවා සාමාන්‍ය නාට්ටිනේ බං.. හැබෑට උඹ මාතර නෙවද ඉන්නේ. කෝ මෛත්‍රි ගේ සද්ද දැං..
Deleteපික්ෂුද? මොන සද්ද ද බං. පොර මෛත්‍රී කරන්න ඇවිල්ල තියෙන්නෙ.
Deleteඔව් මඩේ පැන්න එකා ජබොස් ජබුග් සද්දේ විතරයි දන්නේ..
Deleteඇයි ලොක්කා මාලු කාරයෙක්ම අල්ලගත්තෙ, වෙන එකෙක් නැද්ද?
ReplyDeleteහැමෝම වගේ මාළු කනවා නේ අඩු ගානේ හොදි හරි.. හැක්
Deleteමාළුකාරයාගේ අම්මා රෙද්ද.මාළු කාරයාට පස්සේ විස්සෝප වෙන්න තමයි වෙන්නේ.
ReplyDeleteමොන විස්සෝපයක්ද මිනිහා මාළු ටිකක් විකුණගෙන කාවි.. එච්චරයි.
Delete