උඹ දන්නවං
මැරෙන්න ඉස්සර..
මම එනවා
උඹ හොයාගෙන...
මොකටවත් නෙමෙයි..
පවිත්‍ර සමාජය ඔද්දල් කරාට..
අශීලාචාර කතාවෙන්
පල් හෑලි අදහස් වලින්
ගෑනියෙක් එක්ක නිදාගෙන
බඩ පිරෙන කං වයින් බී
හොදින් කා හෑල්ලූ වී
ජීවිතේ ඒකමයි කිව් නිසා
පල්ලියේ දොරකඩම
ගෑනියෙක් මරණ කොට
ස්වර්ගයේ දොරටු ළග
සාතන්ලා කපන හැඩ
උඹම විතරයි හිටියේ
ගෑනි බේරගන්න
හැම පර බල්ලෙක්ම
දේව අණ උඩ නැගං
කපනවා..කොටනවා
උඹ කිව්ව එක දෙයක්
දැනෙනවා මට තවම
ජෝසප් වගේ එකෙක්
ඉන්නවා මං තුලත්
ඒ යකා හරි කැමතියි
වනචර වැඩ කරන්න
වමනේ යනකං බොන්න
පුළුටු මස් ගිලින්න
ඒත් ඒ මං නෙමෙයි..
මට ගොඩ එන්න බැරි වෙන්න
හංගගෙන ඉන්න ඌ
ජෝසප් කෙනෙක්මයි
සෝර්බා..
අන්තිමේ උඹත්
හැමෝගෙම පාරේ
දරුමල්ලෝ හදාගෙන
ගියා නෙව සංසාරේ..
අන්තිමේ මොකුත් නෑ
උඹත් නිකම්ම පුස් වෙඩිල්ලක්
උඹට වඩා වටිනවා
උඹගේ සන්තුරිය මට..
ස්තුතිය - තටු නැති පිටු
කමෙන්ට් කරන්ට කලින් 'තටු නැති පිටු' කියවලා ඉන්ටවෙයිනේ. :D
ReplyDeleteමමත් මේ කල්පනා කලේ ඒක තමයි.. "තටු නැති පිටු" කියවලා ඉන්න වෙයි වගේ..
Deleteඅනි්වා තටු නැති පිටු නොකියවා මේකෙන් වැඩක් නෑ..
Deleteමාත් මේ ඒක කියවන්න යන්නෙ.
Deleteඒ සටහන කියෙව්වා දේශක. ඒත් මට මේ කියන සෝර්බා ගැන අදහසක් ගන්න අමාරුයි. නවකතාවක චරිතයක් බව පැහැදිලියි. ඒ ඇරුණම ඒ චරිතය පිලිබඳ ඔබගේ අදහස දැනගත්තා.
Deleteබලපං මනෝ බුක් සොප් එක්ක 550 යි
Deleteසම ප්රකාහනය නං කීයද කියල දන්නෑ පැරණි සංස්කරණය තමා මං ළග තියෙන්නෙ
මාත් තටු නැති පිටු වලින් තමා ඒ ගැන දැනගත්තේ. දැනගෙන නිකා හිටියේ නෑ. පොත ගත්තා. තුන් පාරක් කියෙව්වා. තාමත් විටින් විට අතරින් පතර කියවනවා..
Deleteඅපි ඔය ලොකු ලොකු පොත් කියවන්න යන්නෙ නෑ බොල.
ReplyDeleteපේන්නේ බරට..
Deleteඑකපාරක් කියෙව්වමත් බරයි
ඒත් දෙවැනි පාර ඒක හෑල්ලුයි..
තුන්වෙනි පාර අදුරු තැන් එළිය කරයි
තුන්වරක් බෑ...
Deleteඒ ජෙප්පොන්ට නේ බං.. හැක්..
Deleteසෝර්බා..
ReplyDeleteඅන්තිමේ උඹත්
හැමෝගෙම පාරේ
දරුමල්ලෝ හදාගෙන
ගියා නෙව සංසාරේ..
හරි හරි..ඒක තමා..
Deleteමොකද්ද මේ කතාව??
ReplyDeleteසද්ධාතිස්ස වඩිගමංගාව පරිවර්තනය කරපු නිකොස් කසන්සාකිස්ගේ “සෝර්බා ද ග්‍රීක්“ පොතේ සිංහල එක.. සොර්බා නම් ග්‍රීකයා. මිනිහාගේ සත්‍යය පෙන්වන පොතක්..
Deleteදේශකයා ~= සෝර්බා ද?
ReplyDeleteමොකටවත් නෙමෙයි..
පවිත්‍ර බ්ලොග් ඔද්දල් කරාට..
අශීලාචාර කතාවෙන්
පල් හෑලි අදහස් වලින්
ඔව් අපි හැමෝම අඩු වැඩි නැතිව සෝර්බාට සමානයි..
Deleteසෝර්බා නම් ග්‍රීකයා කියවන කොට මට මතක් වෙන්නෙම ගාමිණි ෆොන්සේකාව.සමහරවිට පරසතු මල් නිසා වෙන්න ඇති.
ReplyDelete/උඹ කිව්ව එක දෙයක්
දැනෙනවා මට තවම
ජෝසප් වගේ එකෙක්
ඉන්නවා මං තුලත්/
මේකෙ මම ආසම තැන!
වෙල්කම් කටුස්.. ඒක හැමෝටම පොදු දෙයක් නේද මං කිව්වේ ජෝසප් ගැන.. උඹ පොත කියවල තියෙන එක ගැන සන්තෝසයි.. මට කාලෙකින් කියවු මතක හිටින පොතක්..
Deleteපිස්සු හැදෙනවා නෙහ්...
ReplyDeleteජ ය වේ වා !!
එහෙම නෑ.. නිට්ටඹුවේ..
Deleteසොර්බා... පොඩි මතකයක් තියෙනවා... නිච්චියක් නෑ..
ReplyDeleteඅල්සයිමකාරයෝ නේ...
අල්සයිම..කාරයෝ.. හැක්..
Deleteපුළුවන් කමක් තියේනං දැං කියවහං ඒ පොත...
සෝර්බා නම් ග්‍රීකයා
ReplyDeleteඅරං ආවේ දේශකයා
තටු නැති පිටු හිටු කියා
ගැලවේ බ්ලොගේ සොය සොයා
අඩක් කියවා තේරුණි
සිංහල නිසා ගොඩ වුණි
කොමෙන්ට් ටික බැලුමෙනි
ඒ බාගෙටත් කෙළවුනි :D
සිරාවට,කලින් පොත කියවල තිබුන නිසා ගොඩ ගියා.නොකියව "තටු නැති පිටු" කියෙවුවනම් දැනටම වීල් කැඩිල තියන මොළේ චේන් එකත් පනිනව.
Deleteකල්‍යාණී.. ඔබ මේ පොත කියෙව්වා නං අගෙයි..
Deleteදේශා කියවන්නෙත් බර බර පොත්නෙ බැලුවම.
ReplyDeleteවෙල්කම්.. මධුමාධවී.. මේ පොත් නමින් බරයි.. ඒත් ඇතුලෙන් හෑල්ලුයි. අපි ම ලැජ්ජා වට පත් වෙනවා..
Deleteඅනේ මංදා බං මට නං පුල් හොල්මං.
ReplyDeleteඋඹ කියවල නැද්ද හැලපයියේ මේ පොත..
Deleteනෑ බං අහල තියෙනව විතරයි කියවල නෑ.උඹ නිර්දේශ කරනවද
Deleteඅනිවා බං. උඩින්ම.. උඹ පොත කියවල ඉවර වෙලා ඒක වැඩක් නැත්නං මාව මරහං..
Deleteඔය පොත වැඩක් නෑ හැලපෙ. මූව මරල දාහං. yela'''
Deleteඔය කිව්වේ ...මගේ යක්ෂයා ප්‍රසන්න.. හැක්..
Deleteමේ දවස්වල හැමෝගෙම යක්ෂයා එලියට ඇවිත් :)
DeleteThis comment has been removed by the author.
Deleteමට නං ඔය බරසාර පොත් කියවලා තේරුං ගන්ඩ බෑ.. ඒ නිසා සරල කතා කියවනවා.
ReplyDeleteකමක් නෑ. සරල මනුස්සයා නේහ්..
Delete//ඒ යකා හරි කැමතියි
ReplyDeleteවනචර වැඩ කරන්න
වමනේ යනකං බොන්න//
කවුදදද?
මගේ ඇතුලේ ඉන්න යක්ෂයා..
Deleteහැංගිච්චි උන් අපි අතරේ
ReplyDeleteඔය ඕනේ තරම් ඉන්නේ
උඹේ ඇතුලෙත්,මගේ ඇතුලෙත්
ඒ හැංගිච්චි උන් එළියට ආපු දාට
ඇත්තට එදාට මොනවා වේවිද එහෙම දාට.
මොනව වෙන්නද බං හැමදාම ඕක වෙනවා නේ..
Deleteමට එකපාරට මතක් උනේ ලොයිකො සෝබර්ව. දැන් ඉතින් තටු නැති පිටු කියවලා එන්නම වෙනවා.
ReplyDeleteඒ කිව්වේ මකාර්ද??
Deleteඋඔ පෙන්නපු පාරේ ගිහින් අනිත් ලිපියත් කියෙව්වා..
ReplyDeleteමට බර වැඩි වගේ..
නොමග නොයන් පුතේ කියන්නෙ ඕකට තමයි. :D
Deleteමිතුරන් නිසා විය හෙනහුරැ මාරකය..
Deleteමං පෙර ගියේ වරදින් පිරි පාරකය..
ඒ ගිය මගේ අවසානය දේශකයාගේ බොලෝග් එකය..
හැක් හැක්.. අපි නං දිගටම සොෆ්ට්. ඒත් ඉදහිටල ඩිංගක් හාඩ් වෙනවා
Deleteඒ බොගත් නියමයි... දේශා................. කවිය නිකං අමුතුයි වගේ.. පට්ට හරිය...
ReplyDeleteචිකේ මේ කවියක්යැ.. නිකං පාද බෙදීමක් නේ.. ඒ බොග නං එළ...
Deleteදෙයියනේ කියලා ආයි බ්ලොග් බලන්න ආවම මෙහෙම ඔළුව කචල් වෙන එවුවමයි තියෙන්නේ..
ReplyDeleteආයි මොලේ ඔපරේසන් එකක් කරන්න වෙයිද?? හැක්.. වෙල්කම් බෑක් දිනේෂ් ලා පේෂන්ට්.
Deleteමට තේරුණේ නැහැනේ මේක :( කාලෙකට පස්සේ ආපු නිසා ද මන්දා!
ReplyDeleteඅම්මෝ මේකි දැක්කම මගේ ඇගෙත් ධාරාවක් ගියා.. හැක්.. තටු නැති පිටු බැලිය යුතුයි..
Deleteහැක්.... මම හිතුවේ හාන්ස්ගේ කතාවක් කියලා.
ReplyDeleteසික් ඉතරක්.. ඉදල ඉදල ආවා.. (නොකියු දේ)
Deleteසෝර්බා නම් ග්‍රීකයා.... කියවලා නෑ. පොඩි මතකයක් තිබුණ නිසා නෙට් එකේ සුට්ටක් හොයල බැලුව. ම්හු.. මට මතක් වුනේ වෙන එකක්.
ReplyDeleteකියවල බලහං පුළුවන් නං.. අන්න ලිවිලි...
Deleteමචං..... Zorba the Greek ෆිල්ම් එක බලපන්. පරණ කාලේ ෆිල්ම් එකක්. මම ආස නළුවෙක් ඉන්නවා. ඌ තමයි Anthony Quinn. මේ ක්ලිප් එක බලපන්. මගේ ඇතිලෙත් සොර්බා කෙනෙක් ඉන්නවා. ඌ මාරයි බං.
ReplyDeleteZorba The Greek
මගේ ඇතුලෙත් කියලායි ලිව්වේ. මම ආසම තැනක්!!!!!!!!
Deleteතැන්කුයි.. මම කැමති නෑ පිලුම් එක බලල මගේ හිත දුසනය කරගන්න..
Deletethnx ....නෙරංජ ..... A Q......මගෙත් කැමැත්තක්...... වල් දේශාට වගේම.... හෙක්...හෙක්.....
Deleteබොක්කා පිලුම් එක බලල මට කියන්න මොකද කියල හොදේ..
Deleteසොර්බා සොර්බා කියෙව්වෙ සෑහෙන කාලෙකට කලිං හම්මේ ඒ වගේ පිස්සුවක් කියවල ඉවර වෙද්දි ඔළුව නිකං මංඥං වගේ උදේ අතට ගත්ත එක හවස බිම තිබ්බෙ
ReplyDeleteදේශකය ගෙ කවි පෙල රහයි...
ජයෙන් ජය වේවා
යන්තං ඇති කියවපු එකෙක් දැක්කා... .තැන්කුයි මහේෂ්..
Deleteපිටු නැති තටු හොයන්න ගත්තා..එක කියෝලා නෑ නෙහ් ග්‍රීක් වගේ...
ReplyDeleteකලබල වෙන්නෙපා.. ටිකක් හෙමින් කියවන්න..
Deleteපිටු නැති තටු පරිවර්ථනයක්ද ලොක්කෝ..
ReplyDeleteතටු නැති පිටු බං. පරිවර්තනයක් නොවේ..
Deleteසහ් මේකට අටුවාවක්වත් ලියන්න බැරිද?
ReplyDeleteඅර අන්තිමට දාපු ස්තුතියි කියෙව්වේ නැතිද අනේ?
Deletehttp://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/15630-2015-02-03-23-32-14
ReplyDelete