එක්තරා කාලෙක හරිම ලස්සන දුවෙක් හිටිය අසරණ දුප්පත් මෝල් හිමියෙක් උන්නා. දවසක් ඔහු රජතුමා ගාවට උවමනාවෙන්ම ගිහින් කිව්වා “මට දුවෙක් ඉන්නවා.. එයාට පුළුවන් පිඳුරු අඹරල රත්තරං බවට පත් කරන්න“ කියලා.
“ආ.. ඒක මං අහන්න ආස විදියේ වැඩක්. තමුන් කියන විදියට තමුන්ගේ දෝණියන්දැට ඔය වැඩේ කරන්න පුළුවන් නං.. හරි හෙට උදේ මා හමුවට පමුණුවපං. එතකොට මං ඒක පරික්ෂා කරල බලන්නං“ කියල රජතුමා අණ කරා.
ඉතිං පහුවදා අර මනුස්සයගේ දුවව රජතුමා හමුවට ඉදිරිපත් කරාට පස්සේ රජතුමා එයාව පිඳුරු පුරෝපු කාමරයකට එක්ක ගිහිල්ල, ඇමරුම් අත් යන්තරයකුයි රත්තරං නූල් ඔතන්න හිස් නුල් බෝලයකුයි දීලා මෙහෙම කිව්වා. “හ්ම්. දැං වැඩ පටන් ගන්නවා. තමුන්ට හෙට උදේ පාන්දර වෙන කොට මේ පිඳුරු සේරම ටික රත්තරං කෙඳි කරගන්න බැරි උණොත් තමුන්ව හෙට උදේට මරල දානව මං“
ඉන්පස්සේ රජතුමා කාරමය අගුල් දාලා යන්න ගියා. ඉතිං අර දුප්පත් රැරිවි කාමරේ වාඩි වෙලා තේරුං ගන්න බැරිව හිතුවා මේ මොන මරාලයක්ද කඩා පාත් උණේ කියල. ඇය මොන විදියෙන්වත් ඔය පිඳුරු අඹරලා රත්තරං ගන්න විදියක් දැනං හිටියේ නෑ. ඉතිං ඇය බය වෙන එක අහන්නත් දෙයක්ද? බය වැඩි වෙලා එයා ඉකි ගහමින් අඩන්නට උණා.
ඒත් හිටි ගමන්ම කාමරේ දොර ඇරගෙන කුඩා මිනිසෙක් කාමරයට ආවා.
“සුභ සන්ධ්‍යාවක් මෝල්හිමි කුමරියනි.. ඇයි ඔබ මේතරංම අඩන්නේ?
“අනේ අයියෝ.. මට සිද්ධ වෙලා තියෙන්නේ මේ පිඳුරු අඹරලා රත්තරං හදන්නයි. ඒත් මං ඒක කරන විදියක් වත් දන්නේ අයියෝ“
“හරි.. ඔබ මට මොනවද දෙන්නේ මම ඔබ වෙනුවෙන් මේ වැඩේ කරල දුන්නොත්?“
“මං ඔබට මගේ මාලය දෙනවා“
ඉතිං අර කුඩා මිනිසා මාලය අරගෙන අත් යන්ත්‍රය ඉස්සරහ වාඩි වෙලා “ක්‍රර් ක්‍රර් ක්‍රර්“ කියලා තුන්පාරක් ඒකේ රෝදය කැරකෙව්ව විතරයි හිස් නූල් බෝලය පිරෙන්න රත්තරං කෙඳි ආවා. එයා ඒ විදියටම ආයිත් පාරක් රෝදේ කැරකැව්වා. ආයිත් රත්තරං කෙඳි ආවා. ඔය විදියට රෑ එළිවෙනකං අර පිඳුරු ගොඩම රත්තරං කරන්න ඔහුට හැකි උණා.
දවස ඉවර උන ගමන්ම රජතුමා කාමරයට ඇවිත් බැලුවම ඇස් අදහගන්න බැරිව පුදුමයට පත් උණා. කාමරේ පිරෙන්න රත්තරං. ඒ උනත් රජතුමාට තණ්හාවක් පහළ උණා. මුලින් තිබූ කාමරේටත් වැඩිය පිඳුරු පුරවපු ලොකු කාමරයට ඇයව රැගෙන ගිහින් ඒ සේරම පිඳුරු ගොඩම හෙට එළිවෙන්රන කලින්ත්ත රං වලට හරවන්න කියලා ඇයට අණ කළා. ඒත් මේ අහිංසක රැරිවි දන්න එකක් යැ කොහොම මේක කරන්නද කියලා. ඉතිං අඩ අඩ හිටියා. ඉස්සෙල්ල වගේම දොර ඇරගෙන අර කුඩා මිනිහා ආයිත් කාමරයට ආවා.
“මම මේ පිඳුරු ගොඩත් රත්තරං වලට හැරොව්වොත් මට මොනවද දෙන්නේ?“ කුඩා මිනිසා ඇහුවා.
“මගේ ඇගිල්ලේ තියෙන මුද්ද මම දෙන්නං“
ඉතිං අර මුද්ද අරගත්තු කුඩා මිනිසා එළිවෙන කොට මුළු පිදුරු ගොඩම දිලිසෙන රත්තරං බවට පත් කරා.
මේ ටික දැක්ක ගමන් රජතුමාට උඩ පනින තරං සන්තෝෂයක් ආවා. ඒ්ත් එයාට මේ රත්තරං මදි කියලයි හිතුණේ. ඒක නිසා ඊටත් වඩා පිඳුරු ගොඩක් තියෙන විශාල කාමරයකට අර ගැහැණු දරුවව අරගෙන ගියා.
“තමුන් අද රෑ එළිවෙන කොට මේ ඔක්කෝම පිඳුරු ටික රත්තරං වලට හැරෙව්වොත් මං තමුන්ව මගේ බිසව බවට පත් කරගන්නවා.“ මේ කෙල්ල මෝල්කාරයගේ ළමයෙක් උණත් මීට වඩා පෝසත් බිරිඳක් මුළු ලෝකෙන්ම හොයාගන්න බැරිය කියල රජතුමා දැනං උන්නා.
ඉතිං අර ළමයා කාමරේ දාලා අගුල් දැම්මට පස්සේ කුඩා මිනිහා ආයිත් දොර ඇරගෙන කාමරයට ආවා.
“හරි. මේ පාරත් මම ඔය වැඩේ කරල දෙන්නං. ඔබ මට මොනවද ඒකට දෙන්නේ?“
“අනේ දැන්නං මට ඔයාට දෙන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ“ ඇය දුකෙන් පිළිතුරු දුන්නා.
“හරි එහෙවං මට මෙහෙම පොරොන්දු වෙන්න. ඔයා රැජින උණොත් ඉපදෙන පළමු දරුවා මට දෙන්න ඕන“
රජතුමා කිව්වට ඒක වෙන දෙයක්ද කියල මේ අහිංසක ළමයට හිතා ගන්න බැරි දෙයක් නේ. ඉතිං මේ කරදරෙන් බේරිල යන එක ඊට වඩා හොද නිසා ඇය කුඩා මිනිහට පොරොන්දු උණා. ඉතිං එළිවෙන කොට පිඳුරු රත්තරං කරන වැඩේ වෙලා තිබුණා.
රජතුමා උදේම කාමරයට ආවම තමන් කියපු විදියට හැමදේම සිදු වෙලා තිබුන නිසා අර මෝල්හිමියගේ දුවව කසාද බැන්දා. ඉතිං ලස්සන මෝල්හිමි කුමාරයි අවසානේ රජ බිසව බවට පත් උණා.
අවුරුද්දක් ගියපු තැන ඇයට ලස්සන දරුවෙක් දරුවෙක් ලැබුණා. රැජින හීනෙන්වත් හිතුවේ නෑ තමන්ගේ දරුවව අර කුඩා මිනිහට දෙන්න ඕන කියලා පොරොන්දු වෙලා තිබුණත්. ඒත් එක පාරට එ් මිනිහා රැජින ගාවට ඇවිත් “දැං පොරොන්දු වෙච්චි විදියට මට දරුවව දෙන්න“ කියල කිව්වා.
මේක ඇහුව ගමන් රැජින භීතියෙන් ඇලලිල වෙව්ලල ගියා. ඉතිං ඇය කිව්වා මේ රාජධානියේ තියෙන හැම වටින දෙයක්ම දෙන්නං ඒත් මට දරුව දෙන්න බෑ කියලා.
“මොන දේටත් වඩා පණ තියෙන යමක් තමා මට වටින්නේ“ කියලා කුඩා මිනිහා කිව්වා.
අනේ ඉතිං මේක ඇහුවට පස්සේ හිත වාවන්නේ නැති වෙච්චි රැජින විලාප තියමින් අඩන්න ගත්තා. ඒ විලාපය ඇහුවම අර මනුස්සයටත් දුක හිතුණා.
“කමක් නෑ. මං ඔබට දවස් තුනක කාලයක් දෙනවා. ඒ කාලය තුළ ඔබට මගේ නම හොයාගන්න පුළුවන් උණොත් ඔබ දරුවා තියාගන්න“
ඉතිං මේ රැජින මුළු රැයක් තිස්සේම තමන්ට හිතන්න පුළුවන් ඔක්කෝම නං හිතන්න ගත්තා. පහුවදා කුඩා මිනිහා ආවට පස්සේ රැජින එක දිගට තමන් දන්න නම් ටික කියන්න ගත්තා. ඒ ඔක්කෝම අහගෙන ඉදල මිනිහා කිව්වා “ඔය එකක් වත් මගේ නම නෙමෙයි“ කියලා.
ඉතිං රැජින දෙවෙනි දවසෙදි අහල පහළ ඉන්න හැමෝගෙම නම් අහගෙන ඒවයෙන් වෙනස් නම්, අමුතු නම් හොයාගෙන මිනිහා ආපු ගමන් කියවන්න ගත්තා . ඒත් ඒ එක නමක්වත් තමන්ගේ නෙමෙයි කියල මිනිහා යන්න ගියා.
තුන් වැනි දවසෙත් ඇය අහල පහළ අයගේ නම් හොයාගෙන එන්න කියල යවපු මනුස්සයට එක නමක් වත් හොයාගන්න බැරිව ඇයි ඇවිත් රැජිනට මෙහෙම කිව්වා.
“අනේ රැජිණියනි, මට අද එක අලුත් නමක් වත් හොයාගන්න බැරි උණා. ඒත් මං කැලේ කෙළවරට වෙන්න තියෙන කන්දේ මුදුනට ගියපු වෙලාවේ මං දැක්කා නරියෙකුයි හාවෙකුයි එකිනෙකාට සුබ රැයක් පතනවා. අන්න එතනදි මම දැක්ක පුංචි ගෙයක්, ඒ ගේ ඉස්සරහ ගිනි ගොඩක් ගහල තිබුණා. ඒ ගිනි ගොඩ වටේ හරිම පුදුම විදියේ කුඩා මිනිහෙක් තනි කකුලෙන් උඩ පැන පැන මහ සද්දෙට කෑ ගැහුවා මෙහෙම කියලා.“
“අ.. ද මම පුච්චනවා.. හෙ.. ට මං පෙරනවා
ඊට පස්සේ රැජිනගේ දරුවා මං ගන්නවා
හා හා.. කව්ද ඉතිං මාව දන්නේ
මම හරියට හිටං ඉන්න බොරු කකුලා වගේ නේද?
ඉතිං හිතාගන්න පුළුවන් නේද රැජින කොයි තරං සතුටු වෙන්න ඇද්ද කියලා ඒ නම අහලා. ඉතිං ටික වෙලාවක් යන කොට කුඩා මිනිහා ආවා රැජින හමු වෙන්න.
“ඉතිං රැජිණියණි.. මගේ නම මොකක්ද?“
මුලින්ම ඇය කිව්වේ, “ඔයාගේ නම කොන්රැඩ්ද?“
“නෑ“
“එහෙනං හැරී“
“නෑ“
“එහෙනං ඉතිං ඔයාගේ නම හරියට හිටං ඉන්න බොරු කකුලා වගේ නේද?“
“මේක යක්ෂ වැඩක් නේ.. මේක යක්ෂ වැඩක්නේ.. “ කුඩා මිනිහා තරහෙන් පුපුරු ගහන්න උණා. ඒ තරහින් තමන්ගේ දකුණු කකුල තදින් පොළවට ගහපු පාර මුළු කකුලම පොළවට කිඳා බැස්සා. ඊට පස්සේ පුළුවන් තරං වැර දාලා වම් කකුලෙන් හිටගෙන අත් දෙකෙන්ම කකුල අදින කොට.... ඒ මිනිහා ගැලවිලා දෙන්නෙක් බවට පත් උණා.
Brothers Grimm - Rumpelstiltskin
වසන්තම්ගේ ලී කුට්ටියට තවත් අඩයකි. හැක්
පලි - මාෂල්, තරිදු (කාර් පිස්සුවා) හා ගල්මල් අයියාගේ දැඩි බලකිරීම මත සුබස හරහා පරික්ෂාවක් සිදු කරන ලදි. මේ උපන්තේකට එහෙම කළාමයි ආයිබෝවන්ඩ.. එතකොට මට මතක් උනේ ඒ දවස් වල, ඒ කියන්නේ මීට අවුරුදු ගානක් තිස්සේ ඉදලම ඒ උන්නැහේ මට කොයි තරං බැන්නද අක්ෂර වින්‍යාස, අරව මේව්වා හදාගන්න කියලා. සමහර පෝස්ට් වලදි උන්නැහේ කමෙන්ට් කරන්නෑ කියලත් කිව්වා ඒවා හදනකං. ඉතිං අපේ විචාරක මහත්තයට යහපත් සෞඛ්‍ය තත්වයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු..
පලි - මාෂල්, තරිදු (කාර් පිස්සුවා) හා ගල්මල් අයියාගේ දැඩි බලකිරීම මත සුබස හරහා පරික්ෂාවක් සිදු කරන ලදි. මේ උපන්තේකට එහෙම කළාමයි ආයිබෝවන්ඩ.. එතකොට මට මතක් උනේ ඒ දවස් වල, ඒ කියන්නේ මීට අවුරුදු ගානක් තිස්සේ ඉදලම ඒ උන්නැහේ මට කොයි තරං බැන්නද අක්ෂර වින්‍යාස, අරව මේව්වා හදාගන්න කියලා. සමහර පෝස්ට් වලදි උන්නැහේ කමෙන්ට් කරන්නෑ කියලත් කිව්වා ඒවා හදනකං. ඉතිං අපේ විචාරක මහත්තයට යහපත් සෞඛ්‍ය තත්වයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු..
//සන්යාවක්// කියන්නේ කවුද බොලේ..
ReplyDeleteමේ පාරනං වසන්තම්ගේ ලී කුට්ටිය උස්සයි වගේ.. හැක්...
හොද අාදර්ශවත් කථාවක්...
ජ ය වේ වා !!!
මිනිහා දෙන්නෙක් බවට පත් වෙලා කැඩුල ගියා. //
Deleteකැඩුල ගියා කියන්නේ මක්කයි...
හිටාං හදන්න මගුල.. තව තියේද බලල ඉක්මනට කියපං.. ආයි කියවනවං කියන එක තරං මරණ බයක් මට නෑ.. ඒකයි අවුල.. හැක්.. තැන්ක්ස් විදානේ.. අපේ කාර් පිස්සත් කිව්වා අවුල් තියෙනවා කියලා..
Deleteඅවුල් එකක් නෙමේ අටෝරාශියක් තියනවා.. ඒත් කමක් නෑ දැන් අවුලත් නැති එකේ උඹ අවුල් වෙයන්.....
Deleteපවුල මූව රෑට ගෙයින් එළියට දාපුවම තමයි අවුල් ටික ලිහෙන්නෙ. හැක්..
Deleteඋඹට අවුල් නෑ කියල කවුරුවත් කීවද දුෂක තුමෝ ?
Deleteඅර දුප්පත් රැරිවි කාමරේ වාඩි වෙලා ///
Deleteරැරිවි//
කියන්නේ කවුද බං
ලමයි.. සිංහල පන්තිය ඉවරයි
DeleteEnter your comment...(y)
ReplyDeleteඉතිං එන්තර එන්තර
Delete.
.
අසරණ මෝල් හිමියාගේ මොල් වැඩේන් ඒ කෙල්ල අමාරුවේ නොවැටි බේරුන එකම මදැයි
ReplyDeleteමොන මෝල් කතාවක්ද බං.. හැක්..
Deleteඉත්න් එහෙම පිදුරු රත්තරන් කරන්න පුලුවන්ද බන්.. බොරුනේ....
ReplyDeleteඅනිත් එක මිනිහට පිදුරු රත්තරන් කරන්න පුලුවන්නම් ඇයි අර දැරිවිගෙ කණ කර ටික ගත්තේ..බොරුනේ....
අනිත් එක රජා කාමර තුනක් විතරක් රත්තරන් කරන් නවතියිද?බොරුනේ.....
බොරු කකුලෙක්ට මොටද දරුවෙක්? බොරුනේ...
අනේද කියන්නේ ..පිස්සුනේ
Deleteකොන්ටෙයාන්ස් වල අප්ප්ච්චි
DeleteRumplestilskin starred in one of Shrek movies. "Forever after"I think.
ReplyDeleteLiteral translation would be "hakiluna borukakul hama" noh? I like your name better.
Or hakiluna borukakul naedaeya ?? :-D
DeleteThis comment has been removed by the author.
Deleteමට අමතක උන එකම දේ.. වචන වලින් හරඹ පාන ප්‍රාජේ ව අමතන්න..
Delete'ඇමරුම්' අත් යන්තරයකුයි
ReplyDeleteරජතුමා 'කාරමය' අගුල් දාලා
දුප්පත් 'රැරිවි' කාමරේ වාඩි වෙලා
'එළිවෙන්රන කලින්ත්ත රං' වලට
ඒත් මේ අහිංසක 'රැරිවි' දන්න
මීට පස්සෙ වෙරි වෙලාවට පෝස්ට් දාන්න එපා බොල. හැක්..
සිංහල පන්ති දාන්න එපා.. o|o
Deleteවම් කකුළෙන් හිටං හිටපු හින්ද තමයි වැඩේ කෙල උනේ.
ReplyDeleteඔය ඩබොල් වෙන්න ඔය යකා අපේ කම්මලේගෙ කවුරු හරි ද?
පිදුරු ගොඩක් එක්ක වෙන්ඩ රජ බ්සවගෙන් අත කණකර ඉල්ලන් යන්ඩ. අපේ කවුරුහරි වෙන්ඩ බෑ. :-D :-D
Deleteකම්මල පුතා දැං හොදයි
Deleteදූෂක මාමේ තව කතාවක් කියන්නේ ... පිස්සුනේ
ReplyDeleteලව්පුස්ව දුසනය කරා.. කියලා..
Deleteපොඩිකාලේ කතන්දර පොතක් කියෙව්වා වගේ දැනුනා. හරිම ලස්සනයි .
ReplyDeleteස්තුතියි...
Delete++++++
ReplyDeleteතැන්ක්ස් ඉයන්
Deleteනාකි අපිටත් කිසි අවුලක් නැතුව රස විඳින්න පුළුවන්!
ReplyDeleteතරණ හඩක්. නාකි අතක්.. හැක්
Deleteසුරංංගනාකතාවලට බොහොම කැමති... කතාව මරු...
ReplyDeleteතව දෙන්නං. වෙලාව තියෙන හැටියට
Delete++++++
ReplyDeleteතැන්ක්ස් මිතිල
Deleteලස්සන කතාව. ඔය වගේ කතා තිබ්බ පොතක් මම කාලයක් යාලුවෙක්ගෙන් ඉල්ලන් කියෙව්වා.. රන්මුතු දූව සහ තවත් කතා කියල.
ReplyDeleteවිචාරක මහතාට ඉක්මන් සුවය මමත් ප්‍රාර්ථනා කරනවා!
උඹ ඒවා ඉල්ල ගන්න කෝච්චියේ නේද ගියේ..
Deleteරැරිවි වගේ වචන අඳුනගන හදන්න තරම් සුබස තාම ඉන්ටලිජන්ට් නෑ මයෙ හිතේ..
ReplyDeleteපිඳුරු නෙමේ පිදුරු
ඒවායේ රත්තරන් ප්‍රතිශතය සීයට 69% ට වැඩි නම් හැඳින්වෙන්නේ පිඳුරු කියලා ඒ ගැන පඳුරක් පඳුරක් ගානේ පර්යේෂණ කල දේශකයින් පවසනවා
Deleteපඳුරක් පඳුරක් ගානෙ පර්යේෂණ කළානං අපේ රවී අයියත් ඕකට සම්බන්ධ ඇති.
Deleteපුදුම පිස්සෝ ටිකක් නේ.. අර පොඩි ගැට කෑල්ලක් අරන් මැරෙන්ඩ හදනවා. බම්බුව හැක්
Deleteසුබසට අහු වෙලා නෑ වගේ.. ඩීන් ගල්මල් අයියා පෝස්ට් එක සම්පුර්ණයෙන්ම හදල මේල් කරල තිබ්බා.. ඒත් ආයි ෆෝමැටින් යන්න අති කම්මැලි නිසා. ඔන්නොහේ තියෙන්න ඇරියා බං.. හැක්
.
පොඩි මෙන්ඩ ට ...
ReplyDeleteඋබයි ඩුඩ් අයියන්ඩි තමයි පොඩි එවුනට කතා ලියන්නේ
ආයි අහල.. හැක්
Deleteහොඳ වෙලාවට දියවන්නාවෙ එකෙකුටවත් ඔය දැරිවි මුලිච්චි නොවුනෙ..
ReplyDeleteඋඹටත් අනවස්ස කතාමයි
Deleteකතාව පුරා ලංකා දේසපාලනයේ මෑත යුගයේ චරිත සිහියට ආවා නෙවැ.
ReplyDeleteහෙ හෙ.. මේ සුරංගනා කතා සමාර වෙලාවට ඒ වෙලාවේ තියෙන දේශපාලනයත් එක්ක මුහුකරන එක මං කරනවා.. හැක්
DeleteOnce Upon a Time කියල සීරිස් එකක් තියෙනවා. එකේ ඉන්නවා ඔය රම්පල්ටිල්ට්ස්කින් ගොයියා. සීසන් දෙක තුනක් යනකම් මරුවට ගියා පස්සේ පස්සේ එපා වෙලා බලන එක අතැරිය..
ReplyDeleteවෙලාවට මම කියෙව්වේ අකුරු හැදුවට පස්සේ.. හෙහ් හෙහ්
බ්ලොග් වසන්තම් ට ජය වේවා!