“තාත්තෙ කතාවක් කියන්නකෝ“
ගෙදරට වෙලා මං එනකල් හොඳට සෙල්ලං කරමින් ඉන්න පොඩි කොලුවට එක පාරටම හැදෙනවා තද නිදිමතක්, මම ඇඟපත හෝදගෙන ආපු ගමන්ම. ඕන්න ඒ වෙලාවට තමා කතාවක් කියන්නය කියල ඒ හාදයා මට දිගින් දිගටම කොනිත්තන්නේ. පොඩි වැඩක්යැ.. හුස්මක් කටක් ගන්න කලින්, තඩි පොල්ලකින් ගහනවා වගේ වැඩක් උනත් අපේ හාදයගෙන් බේරෙන්න නං බැහැ. ඉතිං කොහොම හරි කතාව කියන්නම ඕන. මේ වෙන දේවල් හිමිජ්ජා වගේ බලන් ඉන්න ලොකු එකත් ඉස්කෝලේ වැඩ පැත්තක තියල හෙමින් සීරුවේ ඕං එනවා මගේ ගාවට. ඉතිං දෙන්න මයේ දෙපැත්තෙන් හාන්සි වෙලා තාත්තා කතාව කියන කල් බලාගෙන ඉන්නවා. ඔහේල දන්නවා නේ මට ඉතිං පොඩි කාලේ නොතිබුන ආසාවක් මේ අවුරුදු කීපය ඇතුලෙදි සුරංගනා කතා සම්බන්ධව ඇති උනා කියල. ඒක ඇත්තටම උනන්දුවක්. මේ උනන්දුව ඇති කලේ ඉංගිරිසියට පරිවර්තනය කරල තිබුනා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නම් සුරංගනා කතාකරුවගේ පොතක් හේතුවෙන්. ඒකේ තියෙන සමහර කතා කියෙව්වාම මට හිතුනා මේ අපේ ජනකතා නේද කියලා. කෝම කෝම හරි අවසානයට බලන කොට හැම රටකටම ආවේණික විදියට හැඩ ගැසුනු එකම ජාතියේ කතා තියෙනවා කියල අන්න ඒ අවස්ථාවේදි මට හොයාගන්න ලැබුනා හිටං.
ගෙදරට වෙලා මං එනකල් හොඳට සෙල්ලං කරමින් ඉන්න පොඩි කොලුවට එක පාරටම හැදෙනවා තද නිදිමතක්, මම ඇඟපත හෝදගෙන ආපු ගමන්ම. ඕන්න ඒ වෙලාවට තමා කතාවක් කියන්නය කියල ඒ හාදයා මට දිගින් දිගටම කොනිත්තන්නේ. පොඩි වැඩක්යැ.. හුස්මක් කටක් ගන්න කලින්, තඩි පොල්ලකින් ගහනවා වගේ වැඩක් උනත් අපේ හාදයගෙන් බේරෙන්න නං බැහැ. ඉතිං කොහොම හරි කතාව කියන්නම ඕන. මේ වෙන දේවල් හිමිජ්ජා වගේ බලන් ඉන්න ලොකු එකත් ඉස්කෝලේ වැඩ පැත්තක තියල හෙමින් සීරුවේ ඕං එනවා මගේ ගාවට. ඉතිං දෙන්න මයේ දෙපැත්තෙන් හාන්සි වෙලා තාත්තා කතාව කියන කල් බලාගෙන ඉන්නවා. ඔහේල දන්නවා නේ මට ඉතිං පොඩි කාලේ නොතිබුන ආසාවක් මේ අවුරුදු කීපය ඇතුලෙදි සුරංගනා කතා සම්බන්ධව ඇති උනා කියල. ඒක ඇත්තටම උනන්දුවක්. මේ උනන්දුව ඇති කලේ ඉංගිරිසියට පරිවර්තනය කරල තිබුනා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් නම් සුරංගනා කතාකරුවගේ පොතක් හේතුවෙන්. ඒකේ තියෙන සමහර කතා කියෙව්වාම මට හිතුනා මේ අපේ ජනකතා නේද කියලා. කෝම කෝම හරි අවසානයට බලන කොට හැම රටකටම ආවේණික විදියට හැඩ ගැසුනු එකම ජාතියේ කතා තියෙනවා කියල අන්න ඒ අවස්ථාවේදි මට හොයාගන්න ලැබුනා හිටං.
ඒකට කාරි නෑ මම දැං ආවේ කතා කියන්න නේ. ඉතිං ඔය විදියට හාන්ස්ගේ කතා, ග්‍රිම්ස්ලගේ කතා හෙම, හැබැයි රජෝ පොඩියට තියෙන කතා අපේ හාදයෝ දෙන්නට කියන්න ගත්තම, දවස ගානේ කිසි බේරිල්ලක් නැති සොඳුරු කරදරයක් තමා මටත් විඳින්න උනේ. අන්තිමට අපේ පොඩි හාදයට බත් ඩිංග කවා ගන්නත් සුරංගනා කතා කියවන්න වෙනවා නේ.. ඔය විදියට කතා දුසිං දෙක තුනක් පොඩි උන් දෙන්නට කිව්වට තාමත් හැමදාම හැන්දෑවට ඇඳට වැටුන ගමන් පොඩි එකා කියන්නේ “අනේ තාත්තේ අර සිංදු කියන කුරුල්ලගේ කතාව“ කියන්නකෝ කියලයි.
මේ සිංදු කියන කුරුල්ලා කතාව මම පොඩි එවුන්ට කියල දුන්නේ අර මම මීට කලින් දාලා තිබුන පුංචි නයිටින්ගේල් කතාව ඇසුරෙනුයි. ඒත් මේ ජාතකයක් විතර විසාල කතාව ඇදබාන්ට මට අමාරු හින්දා පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරල කතාව කෙටියෙන් එළිදක්වන්නට මට සිද්ද උනා. අහල බලන්නකෝ මගේ පුංචි නයිටින්ගේල් ගැන.
“ඔන්න පුතේ එකෝමත් එක කාලෙක ලෝකෙ තිබුනා ලස්සන රටක්. ඒ රටේ හිටියා බොහොම ප්‍රසිද්ධ රජ කෙනෙක්. මේ රජතුමාගේ මාළිගාව හරිම ලස්සනයි. ඒ වගේම විසාල උද්‍යානයකුත් මාලිගාව වටේටම පිහිටල තිබුනා. ඉතිං මේ රට බලන්න එන සංචාරකයෝ රජතුමායි, රටයි, මාළිගාවයි වර්ණනා කරල බෝහොම ලස්සන කතා පතුරවල තිබුනා. ඒත් ඔන්න එක දවසක් මේ රජතුමාගේ යාළුවෙක් වෙච්චි තවත් රටක රජකෙනෙක් ඇවිත් රජතුමාට කිව්වා මෙන්න මෙහෛම.
“රජතුමනි. කා් අර ඔබතුමාගේ ලස්සනට සිංදු කියන කුරුල්ලා“
ඔන්න බලන්නකකෝ අපේ රජතුමා මේ වෙනකං එහෙම කුරුල්ලෙක් ඉන්නවා කියලවත් දැනගෙන හිටියේ නැහැ. ඒ පාර රජතුමාට හොඳටම තරහ ගිහිල්ල තමන්ගේ අගමැතිට වහාම එන්න කියල පණිවිඩයක් යැව්වා. රජතුමා එයාගෙන් මේ ගැන ඇහුවට එයාවත් ඒ ගැන දන්නේ නැහැ. ඒ පාර රජතුමා අණ කරා මේ කුරුල්ලා හොයාගන්න කියලා. ඉතිං අර අගමැතිතුමා මුළු මාලිගාවේම ඉන්න අයගෙන් සිංදු කියන කුරුල්ලා ගැන ඇහුවට කව්රුවත් දැනගෙන හිටියේ නෑ. අන්තිමට කව්ද දන්නවද ඒ ගැන දැනං හිටියේ. රජතුමාගේ කුස්සියේ උදව්වට ඉන්න පුංචි ළමයෙක්. එයා කිව්ව මම දන්නවා ඒ කුරුල්ලා ඉන්න තැන. එයා ඉන්නේ මේ මාලිගාව පහු කරගෙන ගියාම තියෙන කැලේ මැද්දට වෙන්නට තියෙන ලොකු ගහක කියලයි. ඉතිං පුතේ, දැං අර පුංචි ළමයත් අඩගහගෙන ඔක්කෝම අය කුරුල්ලා හොයන්න ගියා. ඔහොම කැලේ ඇතුලට යන කොට හරිම නිස්සද්දයි. ඒ වගේම ගස් වල කොළ හෙමින් හෙමින් හුළගට හෙල්ලෙන කොට සර සර ගාලා සද්දයක් ඇහෙනවා. ඈතින් ගලන දොළ පාරක සද්දයත් නිසා හැමෝම හරිම පුදුමෙන් වගේ කැලේ ඇතුලට ගියා. එහෙම ගිහිල්ලා කන්දක් මුදුනේ තිබුන ලොකූ ගහක් ගාව නතර වෙච්චි අර ළමයා කිව්වා අන්න අර ගහේ තමා මේ සිංදු කියන කුරුල්ලා ඉන්නේ කියලා. ඉතිං කව්රුත් කිව්වා ඔයානේ එයාව දන්නේ ඒක නිසා කතා කරන්න කියලා. ඒ පාර පුංචි ළමයා කුරුල්ලට කතා කලා.
‘පුංචි කුරුල්ලෝ.. මෙන්න ඔයා බලන්න කට්ටියක් ඇවිල්ලා. පොඩ්ඩක් එන්නකෝ එළියට“
ඔන්න ඔහොම කිව්ව විතරයි පුංචි කුරුල්ලා හෙමින් සැරේ පියාඹගෙන ඇවිත් පහළ තිබුන අත්තකට වැහුවා. එතකොට අර ළමයා කිව්වා..
“පුංචි කුරුල්ලෝ.. ඔයා සිංදු කියන හැටි අහන්න අපෙ රජතුමාට ආසයිලු. ඒක නිසා ඔයාට අද රාජමාළිගාවට එන්න කියල තියෙනවා“ කියලා. එතකොට කුරුල්ලා කිව්වා.
“අනේ පුංචි දරුවෝ.. රජතුමාට කියන්න අද නං බැහැ කියලා. මොකද මට දැං ගියොත් ආයිත් මගේ කුඩුවට එන්න වෙලා මදි වෙනවා ඒක නිසා මං හෙට උදේට නොවැරදීම එනවා කියල කියන්න“ කියලා.
ඉතිං කට්ටිය ආපහු ආවා. කිව්වත් වගේ පහුවෙනිදා උදේ පාන්දරම කිචි කිචි ගාගෙන අර පුංචි කුරුල්ලා රාජ මාළිගාටව ආවා. ඉතිං මේකට සතුටු වේච්චි රජතුමා කුරුල්ලට පළතුරු කන්න දීලා, කිර ිබොන්න දීල ඉවර වෙලා සිංදුවක් කියන්න කියල කිව්වා. කුරුල්ලා කොච්චර ලස්සනට සිංදුව කිව්වද කිව්වොත් රජතුමාට තවත් සිංදු අහන්න ඕන උනා. ඉතිං පුංචි කුරුල්ලට තව සිංදු ගොඩාක් කියන්න උනා. ඒ පාර රජතුමා ආයිත් පළතුරු, කිරි දීල කුරුල්ලට කිව්ව ඔයා අද මාළිගාවේ ඉන්න කියලා. කුරුල්ලා කිව්වා.
“අපෝ බෑ රජතුමනි. මගේ ගෙදර තියෙන්නේ අර ඇත කැලෑවේ නේ.. මට මගේ ගෙදර යන්න ඕන. අනික මට ගොඩක් වැඩ තියෙනවා. ඒක නිසා මං අද ගිහිල්ල ආයි දවසක එන්නං“ කියලා. මේකට රජතුමාට තරහ ගියා. ඇයි ඉතිං එයා රටේ රජතුමානේ. ඕන කෙනෙක් එයා කියන දේ අහන්න එපැයැ.
“එහෙම කොහොමද.. මමයි රජතුමා.. ඔයා මම කියන දේ අහන්න ඕන“ කියල තරහින් කිව්වා. ඒත් කුරුල්ලා ඇහුවේ නැහැ. එයා යන්නම ඕන කියල කියල යන්න හදන කොට රජතුමාට හොදටම තරහ ගිහිල්ල රාජපුරුෂයන්ට කිව්වා වහාම කුරුල්ලව අල්ලගන්න කියල. ඉතිං ඒ අය කුරුල්ලව අල්ලගෙන කුඩුවක දාලා හිර කරල තිබ්බා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ රජතුමා කුරුල්ලට සිංදු කියන්න කියල කිව්වා. ඒ පාර කුරුල්ලා අඩනවා.
“අනේ රජතුමනි. මට ගෙදර යන්න දෙන්න. මට දැං ගෙදර යන්න ඕන“ කිය කිය මහ හයියෙන් අඩන්න ගත්තා. කමක් නෑ දැං ඔහොම ඉදල හවසට සිංදු කියන්න පුළුවන් කියල රජතුමා ගියා. ආයි හවස එනකොටත් කුරුල්ලා අඩනවා. කෑමට තිබ්බ කිසිම දෙයක් කාලත් නෑ. වතුර බීලත් නෑ. දිගටම අඩනවා ගෙදර යන්න ඕන කියලා. ඉතිං හවසත් සිංදු කියනන් බැරි උන නිසා හෙට උදෙට හරි සිංදු කියවමු කියල රජතුමා හිතාගත්තා. උදේත් රජතුමා ආවා. එතකොට කුරැල්ලට ඇගට පණත් නැ. ඇයි ඉති ඊයේ ඉදලම මුකුත්ම කාලවත් බිලවත් නෑනේ. ඒත් අඩනවා ගෙදර යන්න ඕන කියලා. කමක් නෑ හවසට හරි සිංදු ටික කියවගන්නවා කියල රජතුමා ආයිත් හවස ආවා. අනේ කුරුල්ලට දැන් නං හිටගෙන ඉන්නවත් පණ නැ. ඒත් ගෙදර යන්න ඕන කියල හොදටම අඩනවා. කිසිම දෙයක් කාලත් නැහැනේ. මේක දැක්කම රජතුමාට දුක හිතිලා රාජපුරුෂයන්ට කිව්වා කුඩුව අරින්න කියලා. ඒත් වැඩක් තියෙනවාද? ඇයි.?? ඔව්.. කුරුල්ලට යන්න පණ නෑනේ. ඉතිං රජතුමා කුරුල්ලට කන්න ආයි පළතුරු ගෙනැත් දීල කිරි දීල කිව්වා.
“අනේ පුංචි කුරුල්ලෝ.. ඔයා ගෙදර යන්න. ගිහිල්ල ආයිත් පුලුවන් දවසක ඇවිත් සිංදු කියන්න“ කියලා. කැමට ටිකක් කාලා කිරි ටිකක් බිව්වට පස්සේ කුරුල්ලට පණ ටිකක් ආවා. ඉතිං ඒ පාර එයා යන්න යනකොට රජතුමාට කිව්වා.
“බොහොම ස්තුතියි රජතුමනි. මම දවස් දෙකකින් විතර ඇයිත් එන්නං“ කියල පියාඹල යන්න ගියා.
දවස් දෙකක් නෙමෙයි හතරක්ම ගත උනාට කුරුල්ලා ආයි ආවේ නැති නිසා රජතුමාට හරිම දුකයි. රජතුමා හිතුවා කුරුල්ලා හරිම බොරු කාරයෙක් කියලා. එහෙම හිතාගෙන ඉන්න කොට ඔන්න පස් වෙනි දවසේ උදේම කිචි බිචි ගාගෙන කුරුල්ලා ආවා රාජමාළිගයට. ඉතිං රජතුමාට බෝම සතුටුයි. ඒ පාර පළතුරු කන්න දීලා, කිරි දීල කුරුල්ලත් එක්ක ටිකක් කතාත් කරල සිංදු කීපයකුත් අහගෙන ආයි එනවා කියල කුරුල්ලා යන්න ගියා. ඔය විදියට නිතරම කුරුල්ලා රජතුමා හමු වෙන්න ආපු නිසා එ දෙන්න ගොඩක් දේවල් කතා කරල හොද යාළුවෝ වෙලා බෝම සන්තෝසෙන් කාලය ගත කළා..“
හම්මෝ ඔය කතාව සමහර වෙලාවට දවසට දෙපාර හෙමත් කියන්න වෙන නිසා තවත් කෙටි කරන අවස්ථා හෙම තියෙනවා. වැඩ අධික දවසක ඕං කියයි නේ අනේ තාත්තේ අර සිංදු කියන කුරුල්ලගේ කතාව කියන්න කියලා. අන්න ඒ වෙලාවට කොයි වැඩ තිබුනත් අපේ පුත්තරයා නං ඒවා තඹේකට ගනං ගන්නෙ නැහැ. මිනිහට කතාව කියන්නම ඕන. අන්න එ් වගේ දවසට මෙන්න කතාව.
“ඔන්න එක රටක රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාට ලස්සන සිංදු කියන කුරුල්ලෙක් හිටියා. දවසක් ඒ කුරුල්ලට ගෙදර යන්න ඕන කිව්වම තරහ ගියපු රජතුමා එයාව කුඩු කරල තිබ්බා. ඉතිං කුරුල්ලා සිංදු නොකිය දවස් තුනක්ම අඩන්න ගත්තා. මුකුතුම කැවේ නැ. ඒ පාර කුරුල්ලට හිටගෙන ඉන්න පණ නැ. මේක දැක්ක රජතුමාට දුක හිතිල කුරුල්ලට යන්න දුන්නා පුලුවන් දවසක එනන කියලා. ඉතිං කුරුල්ල නිතරම රජතුමා හමු වෙනන ඇවිත් සිංදු කියල කතා බහ කරල ඒ දෙන්න හොද යාලුවො ්උනා එච්චරයි.“
හැක්.. ඔය විදියට කතාව ඉවර කරල එච්චරයි කියල කිව්වට පස්සේ මේ යකා අහනවා නේ..
“ඊත පත්තේ“ කියලා.. හැක් හැක්..
අනේ තව කතාවක් කියපංකො දේසෝ
ReplyDeleteහිටපං මඩු වල්ගේ අරං එනකං.. හැක්
Deleteඊත පත්තේ...
ReplyDeleteඉස්සර අපේ මලයට අපේ තාත්තා කතන්දර කියනකොට මාත් එතෙන්ට රිංගනවා.. කතාව වෙනස් වුනානම් මගේ කතාව වගේ...
යකෝ පොඩි එකාට තේරුනැයි...
වෙල්කම් මචං.. මොනා කරන්නද බං ඒ වලොවට ආයේ අහනන් බෑ කියල පොරොන්දු කරගෙන තමා කියන්නේ.
Deleteඉතිං “ඊත පත්තේ“
ReplyDeleteඋඹට ඕන හැටියට ඔය කතා වෙනස් කරන්න බෑ ගොයියො. බොට එෆ්.සී.අයි.ඩී යන්න වෙයි. හැක්...
මෙන්න අමුඩෙට පුකෙන් කොමෙන්ටුවක්
Deleteඇයි උඹ එප්සිඅයිඩී එකෙන් කාලද ඉන්නේ කතාව වෙනස් කරලා.. හැක්
Deleteඊට පත්තේ කුරුල්ලා යහපාලනයක් ගෙනල්ලා රජාගෙ පුතා හිරේ දාගත්තා. පුතාට කූඩුවේ කෑම කන්න බැහැ කියලා හිටං එකට නෑ මේ හිල්ටන් එකට ඕඩර් එක දුන්නා. ටික දවසකින් ඒවත් මදි කියලා සිංගප්පූරුවේ රාෆල්ස් හෝටලේට ඕඩර් එකදුන්නා. කන්න නැති වුන්ගෙ සල්ලි වලින් වර්ල්ඩ් ඔෆ් ඇස්ටොරියා හෝටලේ හිටපු හිටපු රණවිරුවන්ව මේවගේ කූඩු වලට දාන එකට විරුද්ධව අංග විකල රණ විරුවො පෙළපාලි ගියා. එතකොට රජා ග්ලිසරීන් ගහගෙන අඬලා, අඬලා, අඬලා, අඬලා, අඬලා, අඬලා,අඬලා, අඬලා,
ReplyDeleteඔහොන කොල්ලට නින්ද යනකං අඬපං.
අඬල අඬල ගොඩගියා වගේ වෙයිද බං.. හැක්..
Deleteඔය එකම කතාවෙත් තියෙනවනේ novel version එක, short story version එක සහ අන්තිමට sms version එක. අද කියන version එක මොකද්ද කියල තීරණය වෙන්නේ කතන්දරකාරයා සහ ශ්රාවකයා ඉන්න මූඩ් එක සහ සිටුවේෂන් එක අනුව. උඹ කියුවා වගේ කතන්දරකාරයාට ඇඩ්රස් නැති වෙන්නේ the end කියුවට පස්සේ පොඩි එකා ඊත පත්තේ කියුවම...හැක්!
ReplyDeleteලඟදි ආපු නිසා සහ නොදන්නාකමට මේ අහන්නේ. අර ප්‍රසන්නයා මොකද දකුණු පැත්තේ උඩහින් වැඩල ඉන්නේ උඹේ බ්ලොග් එකේ?
උදයගේ කතාව හරි.. අපි ඒ ඒ මුඩ් එක අනුව සාමාන්‍ය කතා බහත් මොන විදියද කියල තීරණය කරනව නේ..
Deleteහැබැයි උදය ළගදි ආවා උනාට වැරදියටයි තේරුං අරන් තියෙන්නේ.. ඔය ප්සන්නයි මායි එකාය කියල තමා හැම එකාම වගේ දන්නේ.. හැක්.. මං දුන්න නේ පට්ටමක් මිනිහට.. කොන්ක්‍රිට් බ්ලොග් එක කියලා.. ඉතිං මිනිහා මගේ කොන්කිරිට් බාස් දැං. හැක්.. පින්තුරෙට කොටල බලන්ටකෝ කොන්කිරිට් බාසගේ බ්ලොග් එක.. ජය වේවා..
මේ උදේ... මූ කියන කියන තැං වලට කොටන්න ගිහිල්ල කොයි වෙලාවක හරි පැටලෙයි හොඳේ. හැක්...
Delete/උඹ කියුවා වගේ කතන්දරකාරයාට ඇඩ්රස් නැති වෙන්නේ the end කියුවට පස්සේ පොඩි එකා ඊත පත්තේ කියුවම/
Deleteමේ ටික දැක්කම හිතුනේ වෙන සීන් ඒකක් - ඒ්ක ටිකක් දේශපාලනිකයි වෙග්.. හැක්
අඩේ කවුද අපේ අහිංසක පුසන්න අයියට වල් දේශා jf.a lshkafka??
@දේශා : එතකොට දේශකයා aka Praසන්ன aka ගොඩකවෙල වීරප්පන් (copyright Ravi) කියන්නේ එකෙක් ඇහ්? හැක්...
Delete@ප්‍රසා : පිස්සුද මචන්, මේ අවුරුදු ගානකට කලින් කොටලා ජීවිතේටම ගැලවගන්න බැරි විදියට පැටලිලා ඉන්නේ :-)
@C.J : උඹ කියන වාක්‍යය දේශපාලනික අදහසකින් නෙමේ දැම්මේ. හැබැයි දැන්නම් මටත් එහෙම දෙයක් පෙනෙනවා. ඕක ඉතින් තාත්තලට වෙන පොදු අකරතැබ්බයක්නේ. උඹටත් සමහරවිට ඔය අත්දැකීම ඇති. පුසන්න අයිය කොහොමද බන් අහිංසක. ඔය අහිංසක උන් තමා ඇඟිලි කප කප යන්නේ. හැක්.
යන යන තැව මා සමග කා කොටාගන්න ප්‍රසන්නයා දිනේවා.. හැක්..
Deleteඉතින් ඊත පත්තේ? හි හි.. අර ඉයන් ගොයියා කියන එක ඇත්තද බන්? පොඩි ඒකිට පුරුදු කරන්න ඕනි කතා විතරක් කියවන්න.. කොමෙන්ට් කියවන්නේ නැතුව. :)
ReplyDeleteඔය ලිංතොටල හරිම ටොයියෝ පේනව නේ.. හැක්.. පහුගිය පෝස්ට් එකේදි උඹට පොඩි එකාට කියවන්න දෙන්න හොද සයිට් එකක ලින්ක් එක මම දැම්මා. ඒකෙන් තව කිහිපයකට යන්න පුලුවන්..
Deleteඒ ලින්ක් එක ආයෙත් කොටාබාන්න බැරිද දේශෝ..
Deletehttp://www.malkakulu.com/
Deleteඉතින් ඊට පත්තේ???හිකි හිකි මන් ඉස්සර අපේ අම්මටත් ඔය විදියටම වද දුන්න කතන්දර අහන්න.
ReplyDeleteදැං ළමයි කතන්දර අහන්නත් අකමැතියි ගිම්මියෝ
Deleteඊත පත්තේ?
ReplyDeleteජ ය වේ වා !!!
ඊත පස්සෙ ඉතිං සමපෝෂ කාපු ටිකිර මදාවියගෙ ඉතුරු ඇට දෙකටත් විදල මාරු උනා.
Deleteදැං මදාවිය ඉන්නවලු හෙණ ගහපු පිට්ටෙනිය වාගෙ !!! ඕ යේස්
Deleteඔව් ළගදි ප්‍රසා අයියා රත්නපුරේ ගියා.... දැන් මධාවියා අනාථයිලු.... හැක් හැක්... සපත්තු මාරු වෙලාවත්ද?????????
Deleteඌ දැන් රබර් ඇට හොයනවළු....
Delete//සපත්තු මාරු වෙලාවත්ද????????? //
Deleteබැංකුව වහන්න වෙලා.. ඩී ඩී ඩී ඩී ඩී ඩී
ඊත පත්තේ?
Deleteකාර් ඒක රිවස් කරලා තාප්පේක හැප්පුවලු
ඊත පත්තේ පුතේ.. වෙල්විදාන මාමා තාප්පේ හැප්පුනා.. ඒ වැදිච්ච් පාර කබරයෙකුත් දැම්මා ඇඹිලිපිටි යන කොට.
Deleteතැන්කූ දේශා මාමේ. අපි වගේ පොඩි එවුන්ට වංචා සහගත වැඩ කරල අහුවෙන්න එපා හරිය.
ReplyDeleteතැත්කුයි කම් මලපු තෝ..
DeleteThis comment has been removed by the author.
ReplyDeleteලස්සන කතාවක් සහෝ,
ReplyDeleteඑ කාලේ අපිට සිංහල පාඩමක් තිබුනා සාරංශ ගත කිරිම කියලා මට එකත් මතක් වුනා
ස්තුතියි මිත්‍රයා..
Deleteපොඩි එකාගේ ප්‍රශ්ණේ හරි බං..
ReplyDeleteඊට පස්සේ තා කුරුල්ලෙක් ගෙනත් හිර කරනවා.. ඊට පස්සෙ තා එකෙක්.. ආයෙත් තා එකෙක්..
රජතුමා මාරු උනත් කුරුල්ලා මාරු කරන එක නං නවතින එකක් නෑ
Deleteබොගෙ කතාවෙයි අර ඇන්ඩර්සං ගොයියගෙ කතාවෙයි දෙන්නගෙම කතාවල්වල අර කෙලි පොඩ්ඩ කුස්සයට දක්කල විතරනෙ දුකයි බං..
ReplyDeleteපොඩි උංට කතා කියල දෙනවට වඩා හොදයි බං කෝචිචියක නැගල හිතුණ අතේ යනව
ඉතිං ඉතිං ඉතිං ගාන්න ගත්තම සංසාරේ බවේ දුකා තමා..
අපේ පොඩි එකියක් ඉන්නව මං හැංගෙනව යකූඋන්දැ දකිදදි. නැත්තං කතා කියල නෙවී මටඑපා වෙන්නෙ කතා මවල. හැක්.
මල් හතයි ඈ
ස්තුතියි මහේෂ්.. ඒ කෙල්ල තමා කතාවේ සාරය
Deleteකථාවේ රිපීට් වර්සන් එකද?
ReplyDeleteමයි වර්ෂන් ලලිත්
Deleteහරියට අර රාමායනය කියෙව්වා වගේ තමා නේද????? ඒළිවේගෙන ඒද්දි ඒකෙක් අහපි දැන් කවුද ඔය සීතා කියන්නේ කියලා..... හත්තිලව්වයි..... ඒළිවෙනකල් කියපු ඔක්කොම ඉවරයිනේ ඉතින්..........
ReplyDeleteඉතිං ඌට දෙක තුනක් ඇදල ඇරල ඉස්පිරිතාලේ ගිහින ්දැම්ම නං අහවරයි නේ බං. හැක්
Deleteමේ වැඩක් කරන්නකෝ- අර පතරංග ජාතකේ වගේ තියන හුචස්පෙල ජීව විද්‍යාවයි රසායන විද්‍යාවයි සිලබස් දෙක ෂෝට් නෝට් කරන්නකෝ. හෙන ගානක් හොයාගන්න පුළුවන් වෙයි. අර දිග කතන්දරේ ෂෝට් කරලා තියන විදියට නම්, ෂෝට් නෝට් ගැහීමේ හැකියාව උපතින්ම පිහිටලා වගේ.
ReplyDeleteඅර රට රටවල එකම ආකාරයේ ආකෘතියේ සමහර විට එකම චරිත පවා විවිධ නම් ඇතුව ඇතුලත් වෙන කතා තියනවා තමා. සුරංගනා කතා විතරක් නෙවේ, ජන කතා, දේව කතා එහෙමත්. ඒක උනේ කොහොමද කියන එක අදටත් හොයන කාරණයක්.
සෝට් නෝට් නැති ජීවිතේ හරි අමාරුයි බං..
Deleteතව කාටහරි උගන්නන එකයි කතා කියලදෙන එකයි තරම් එපාකරපු වැඩක් මටනම් නෑ.ඒ වුනට රෑට රෑට ෆෝන් එකෙන් කතාකරපු කෙල්ලෙක්ට මම කතාවක් කියලදුන්නා රැයවල් තුනහමාරක්.....
ReplyDeleteඒ කතාව කියන්න කැමති නැද්ද.
Deleteහලිම ලත්තන කතාවක්... තිංදු කියන කුරුල්ලා....
ReplyDeleteහෙහ් ඔයි තකාව අපේ එකාට කිවුවොත් නම් මට සිංදු කියන කුරුල්ලෙකුත් ගෙනත් දෙන්න වෙනවා.. හැහ්
ජයවේ..
තෙවා කාලෙකින් දැක්කේ.. දයාසිරි කුරුල්ලත් දැං සෙල්ලං කරන නිසා අල්ලගන්න එකෙක් නැහැ බං.. හැක්
Deleteදේශා... අපේ පොඩ්ඩිටත් කියන්න ඕන ටිකක් ලොකු උනාම..මම හිතන්නෙ ඒකත් ලේසිපාසු වැඩක් නෙවෙයි..
ReplyDeleteඔව් ඔව්.. සුරංගනා කතා තමා පොඩි ඈයෝ හිතන්න පොළඹවන හොද අවුසදේ
Deleteඊත පස්සෙ...
ReplyDelete++++++++++++++
පොඩි උන් ආසයි කතා කියනවට..මම පන්තියෙ උගන්නන්න පටන් ගන්නෙත් බුකියෙන් අහුල ගත්ත විකාර කතාවකින්....
මං උගන්නන උන් ලොකු පොඩි උන්නේ
ඒත් අවුලක් නැහැ.. උගන්නවන අතරට එයින් පොඩි ක්ලිප් දෙක තුනක් දැම්මට ජයට යනවා. ජය
Deleteජාතික කොඩිය අලවල උඩ ඇරිය චන්ද්‍රිකා කොහෙද ගියේ කියල කියපන්කො තාත්තේ
ReplyDeleteමේ පුතා ඕන්නැති කතා අහන්නැතිව ඉන්නවද???
Deleteමේ පාර අයවැය කතාව මතක් වුණා.
ReplyDeleteඒ කිව්වේ ගරු කතානායකතුමනි විතරක් ඉතිරි වෙච්චි සංහදියද? හැක්
Deleteඉතිං රජ්ජුරුවොයි කුරුල්ලයි එහෙම ජීවත් වෙන්ඩ පටන්ගත්තට පස්සෙනේ එක එක කතන්දර හැදෙන්නේ. නැද්ද එහෙම එව්වා?
ReplyDeleteනෑ නෑ ඒවා ගැන අපි හෙව්වේ නැහැ.. හැක්.. අම්මප මාමේ කටේ දාන්න හිතෙනවා අටංගේන් ඉල්ලං කුනුහරුප දෙක තුනක්. හැක්
Deleteඔන්න බලපංකෝ ඉතිං කතන්දර කියන ඒවා හැදෙන හැටි
ReplyDeleteඕ යේස්.. එක එක විදියේ කතන්දර..
Deleteමම නම් ඉතින් දැනට සුරංගනා කතා කියන්නේ සුදුට තමයි හිටං...:D
ReplyDeleteකව්ද බං ඔය මහලොකු සුදූ?? හැක්
Deleteමමත් ඔය දුක විදිනවා එත් ඒක හරි සුන්දරයි මචෝ
ReplyDeleteබොරු හදහද කියනකොට පොඩි මෙන්ඩ ගේ මුනේ තියන හිනාව මගේ මහන්සිය අමතක කරනවා බං
උඹටත් හොද එක්සයිස් එක මෙන්ඩෝ..
Deleteඉතින් ඊට පත්තේ ?? හි..හි... තැන්කූ දේශ් මාමේ...
ReplyDeleteතැන්කුයි දුවේ.. හැක්
Delete"පුතා මෙහෙ එන්න ඔයාට කතාන්දරයක් කියලා දෙන්න"
ReplyDelete"අනේ මට තාත්තගෙ ඔය බොරු කතාන්දර අහන්න ඕනා නෑ"
ඔන්න ඔහොමයි අපේ ගෙදර තත්තේ......
ඒකටත් එක්ක අර කෙහෙල් කොරටු බුද්ධි පුතයා නං එතුමාගේ පුත්‍රයටත් එහා. .හැක්
Deleteළගදි බස් එකේ යද්දි හීන පෙනුනෙ නැද්ද ගොයියො...මම ආස ඒ වගේ ඒවයෙ බොලා ගුටිකන දර්ශන විස්තර කරනවට..
ReplyDeleteමම දැං බාගෙට මැරිලා බං.. එක්කෝ සම්පුර්ණයෙන්ම මැරිල යනවා කියල හිත හදාගෙන ඉන්නේ.. හැක්
Deleteඊට පත්තෙ කිව්වම බං, අර අපේ බාප්ප කරන්නැහෙ, තව කතාවක් ඒකට අමුණපං. පොඩි උන්ට නිංද යනකං උඹට ලෝකෙ තියෙන ඔක්කොම කතා නන්ස්ටොප් කියන්න පුලුවං වෙයි.
ReplyDeleteඋඹ හිතන්නෙ මාත් යාත්තරමුල්ලේ එකෙක් කියලද?? හැක්..
Deleteඉස්සර කිරිඅම්මා කියල දෙනවා ගොරක යකාගෙ කතාව.කොහොම හරි මුල මැද අග අමතක වෙන්න තමා කියන්නෙ.හැමදාම එකම කතාව.. වෙනස් විදිහට.. මෙලෝ මඟුලක් මතක නෑ.. ශැඃ.. හෙහ්හෙහ්
ReplyDeleteජයවේවා..!!
හැක් බං.. අපේ අම්මත් ඒ කාලේ එහෙම නෙහ්.. පස්සේ හොදට හිතුවම තමා තේරෙන්නේ එකම කතාව නේ බොලං කියලා.. හැක්.
Deleteමග මගුලයි කිව්වා ලබ්බ ඩබල් උනාලු නෙහ්.. සුභ පැතුම්..
කතාවට එහානෙ යකූ කොමෙන්ටුවල රහ...
ReplyDeleteඅපේ අපුච්චට කතන්දර කියන්න කිව්වම කියන්නෙ දෙකයි දේශක මාමෙ. හුණු වටේ එයාගෙ වර්ෂන් එකයි, පොඩි ගමයයි, ලොකු ගමයයි කතාවයි. ඉතිං දවස තිස්සෙම මං 'හොරි කහපිය, ගිනි පිඹපිය' කිය කිය ඉන්නවලු.
හැක් හැක්.. කොහෙන්ද හොයාගත්තේ.. තැන්කිව්
Deleteමාත් ඉතිං ඔය කියන නඕන නිසා ටිකක් මතක තියාගෙන ඉන්නවා එච්චරවයි.. හාන්ස් ක්රිසිටියන්ගේ සුරංගනා කතා ටිකක පරිවර්තනත් මේකේ ඇති. ජය
කතාවට එහානෙ යකූ කොමෙන්ටුවල රහ...
ReplyDeleteඅපේ අපුච්චට කතන්දර කියන්න කිව්වම කියන්නෙ දෙකයි දේශක මාමෙ. හුණු වටේ එයාගෙ වර්ෂන් එකයි, පොඩි ගමයයි, ලොකු ගමයයි කතාවයි. ඉතිං දවස තිස්සෙම මං 'හොරි කහපිය, ගිනි පිඹපිය' කිය කිය ඉන්නවලු.
Ane mage deiyo ubata pin ada kellata kathawak kiyanna kiyala pore bn uba hinda nulen beruna... Hikizzz
ReplyDelete