මේ විශේෂ අවස්තාවේදී මට නං කියන්න කියල ඒ තරං දෙයක් නැහැ. හැබෑටම ජනවාරි මුල් සතිය වැඩට එනවට වැඩිය හොදා ගෙදර ඉන්න එක.. මොන වැඩක් පලක් කරගන්න බැහැ නෙව.. තව ඩිංගකින් කිරිබත් මීටිමක් තියෙන නිසා යන්න ඕන.. මං ගානේ මේ අවුරුද්දේ හැමෝටම සුභ පතන්න අලුත්ම අලුත් කිරි ටොයි විෂ් එකක් දෙන්නං.. මේක ඕන තැනක ඕන කෙනෙකුට කියල සුභ පැතුවට මගේ ඇති අමනාපයක් නැහැ..
ඔබ සැමට සුභ නව වසරක් වේවා.. !!! (හැක් හැක්..)
ඒකෙන් කාරි නෑ.. මට පහු ගිය අවුරුද්දේ එච්චර ලියන්න බැරි උනා. ඉතිං ඒකට බෝම සතුටුයි කියල සෑහෙන්න පිරිසක් කිව්ව නිසා මාත් හිතාගත්තා තිසරලගේ ක්ලබ් එකට, අපේ බාස්ගේ ක්ලබ් එකට සෙට් උනා නං හොදා කියලා.. ලියන්නේ නැත්නං කියවන්න වෙලාව ලැබෙනවා කියන එක මහ බොරුවක්. ඇයි වදේ ලියන්න දවස් ගානක් යනවයැ.. එක දිගට ලිව්වත් පැය දෙක තුනක් යාවි ඕන නං.
ජීවිතේ කියන්නේ අරුම පුදුම දෙයක් නෙමෙයි නෙව. ඉතිං මටත් දැං හිතිල තියෙන්නේ ඔය එක එක දේවල් වලට වහල් වෙන එක විකාරයක් කියලා.. මොන එහෙකට ප්‍රේට්‍රිියට් මිසයිල හදාගන්නවද ජීවිතේට.. අපි හැමෝම සරුව පිත්තල කඩතුරා වල හිරවෙලා. ඒවා තේරුම් ගැනීම දුෂ්කරයි. හැකි තරම් අතාහරින්න පුරුදු වෙන එක, උපේක්ෂාව කවද කාලෙත් හොදය කියල මට නං හිතිල තියෙන්නේ.. පුද්ගලයෙක් විදියට සාවදානව මිනිස්සුන්ගේ හැසීරිම් දිහා බැලුවම “මම“ කියන දේ පිම්බීම සදහා කොයි තරං දේ කරනවද?? වෙලාවකට හිනාත් යනවා.
අපේ ගමේ අද උදේ කිරිපිඬු පුජාවක් පන්සලේ තියෙනවය කියල මං දැනං හිටියා. ඒත් හද්දෙයියනේ පන්සලට කිලෝමීටර් පහළොවක් විතර දුරක ලව්ස්පිකර බැදපු වාහනෙක යකඩ සද්දෙන් සත්ගුණවත් උපාසිකා මාතාවක් ඒ පුජාව කරනවය කියල බෑගිරි ගහ ගහ පාර දිගේ යන කොට අයියෝ සංසාරේ කියල හිතුනා. මේ උපාසිකා මාතාව නගරයේ විශාල හාඩ්වෙයාර් එකක අයිතිකාරයෙක්. එයැයිටයි එයැයිගේ පුතාලටත් අහල ගං දෙක තුනකටම පැතිරිච්චි ප්‍රසිද්ධියක් තිබුනත් අහල ගං හතකටම ඒක අයිති කරගන්න වෙන්ටැති උත්සාහ කරන්නේ. හරියට අර බණ කියල ඉවර වෙලා හාමුදුරුවෝ කොළෛ් බලාගෙන පිං නාම ලැයිස්තුව සක්කර දෙයියන්ටයි, එයාගේ ගෝලයෝ තිස් දෙකොටි අනුනම ලස්ස අනුනම දාස් අනුනමයට ඇහෙන්න හයියෙන් කියවනව වගේ වැඩක් තමා.. හැක්.. මොකෝ උන්නැහේලා හාමුදුරුවෝ කියන නං ටික රෙජිස්ටර් එකේ මාක් කරගන්නවයැ.. පින නං මොන විදියෙන් කරත් පින තමා. පින තියෙන්නේ හිතේ මිසක්කා හාමුරුවන්ගෙවත් කාගෙවත් කටේයැ.
හා හා.. මං මේ තාම ටියුං කරනවා.. ජය වේවා එහෙනං.. බලමු මේ අවුරුද්දේ ලියනවද මලවනවද කියල තීරණයක් ගන්න වෙනවා මට.. ඔහේලනං සතුටු වේවි මං නොලියන එකට.. ඉරිසියාකාරයෝ.. හැක්..
ජය වේවා එහෙනං..
අවුරුදු සුභ පැතුමත් මහ විකාරයක්.. ඉදගෙන..
දුන්නොත් එකක්
දෙනවා මම ගානේ එකක්
නොදුන්නය කියා
කහටක් නැතිය තවත්
සුභ අලුත් අවුරුද්දක් වේවා දේශෝ..........
ReplyDeleteකුරුටු පව්ලේ හැමටත් එසේම වේවා!!
Deleteඔබටත් ඔබේ පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා....
ReplyDeleteමහේෂ් ඔබටත් සුභඵල ගෙනෙන වසරක්ම වේවා!
Deleteසුභ අළුත් අවුරුද්දක් වේවා...!!!!
ReplyDeleteවෙල්කම් සම්පත්.. ඔබටත් එසේම වේවා!!
Deleteආතල් වසරක් වේවා....!!!
ReplyDeleteWe no not need sex.. Coz government fucks us everyday.....!!!
This comment has been removed by the author.
DeleteWe do not
Deleteආතල් වැඩි වෙලා මාතයියා පිස්සු කෙලිනවා.. හැක්.. උඹටත් අඹෙණියටත් කොල්ලටත් පව්ලේ අනිත් සැමටත් සුභම සුභ නව වසරක් වේවා.. දිගින් දිගටම තදින්ම ලියවේවා!
Deleteමේ අවුරුද්දෙවත් යමක් ලියන්න හිතාගනින්.
ReplyDeleteසුබ නව වසරක් වේවා !!
එක එක දේවල් හිතෙනවා හැලපේ..
Deleteහැලපවුලටම සුභ නව වසරක්!
සුභ නව වසරක් වේවා !
ReplyDeleteලියන්න ලියන්න . අපි බලන් ඉන්නේ මඩ ගසන්න :p
මන්තර කාරයා උඹටත් සුභ නව වසරක් වේවා!
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා...
ReplyDeleteතාරුකාවටත් එසේම වේවා
Deleteසුබ නව වසරක් වේවා...!
ReplyDeleteහැපි නිව් ඉයර් ලොක්කා
Deleteඅරන් තියපු ස්කඩ් මිසයිලයක් ඇති හිටපන් පත්තුකරල එවන්න.
ReplyDeleteඅප්පට සිරි අවුරුදු කුමාරයා.. වී පවුලට සුභ නව වසරක් වේවා!
Deleteහා වීයා උඹ තවම ඉන්නවද ? සුබ නව වසරක් වේවා !!!
Deleteසුභ නව වසරක් වේවා
ReplyDeleteවර්ණෙටත් එසේම වේවා!
DeleteWe will be the same honest assholes at 12.01 that we were at 11.59 yeah...!
ReplyDeletehappy 2016 to you ....cheers mate...!
සේම් ටු යූ ඇසෝල් මාමේ.. හැක්
Deleteසුබ ම සුබ නව වසරක් වේවා, ලියන්ටත් හැකි වෙන..!
ReplyDeleteවැසි දැරියටත් සියලු කඩඉම් ඉහලින් ගොඩ වෙන සුභ නව වසරක් වේවා!
Deleteඔබටත් පවුලේ සැමටත් සුභ නව වසරක් වේවා !!! දේශෝ
ReplyDeleteජිවිතේ ප්‍රීති සංචාරෙකි ලොවේ
ගමන මිහිරියි රසයි විනෝදයි
සිත දිවා රෑ රැදෙයි සුවේ
අහසේ පාවෙන සුනිල් වලා
කන්ද සිඹ සිඹ තුරුල් වෙලා
රහස කොඳුරයි හැබැයි නොතේරෙයි
යන්න හිතෙනවා ඉගිල්ලිලා
නාරි ලතා ලීලා පාලා
තාලෙට මිහිලිය නලවාලා
නාමලේ සුවඳේ එතීලා
ආව බව පෙනුනා ...
ගී පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - ආර් ඒ චන්ද්‍රසේන
ගායනය - ධර්මදාස වල්පොල
නියමයි සිංදුවා.. සිංදු ඇනෝ ඇනී ඇතුලු දරුමල්ලන් දුසිං ගානටම සුභ නව වසරක් වේවා.. තව සිංදු ලැබේවා..
Deleteආ.. මූට බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ.
ReplyDeleteබොටත් දේශිකා ඇතුලු පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරකට ආසිරි පැතුව කියහං කොන්ක්‍රීට් බාසා.
උඹ මේක ලියන්නැත්තං නිකං හිටහං. අපිට පාංයැ. ඒ උනාට ලියහ මැරුං කන්නැතුව. හැක්...
මට වඩා බාස් හොදා කිව්වලු.. හැක්.. කමක් නෑ අපේ නිව්න් සහෝදර කම බ්ලොග් ලිවිල්ලට අදාළ නෑනේ.. එහෙනං කවදාවත් නොදුටු කතා නොකරපු මගේ සුන්දරම මිත්‍රයා ඇතුලු පව්ලෙ සැමට සුභ නව වසරක් වේවා.. ලෝන් ඉක්මනින් ගෙවේවා!
Delete//තිස් දෙකොටි අනුනම ලස්ස අනුනම දාස් අනුනමයට//
ReplyDeleteඋඹට මෙතන 900 ක් ම මිස් වෙලා.
තැන්ක්ස් මල්ලි... මේ සීසන් එකේ ඒ කස්ටිය වැකේෂන් ලීව්.. ඒකයි හැක්...
Deleteලියන්න බැරි දේවල් මලවලා හරි බ්ලොගේ දාපන්. බත් කන වෙලාවට ඒකත් කන්න බැරියැයි.
ReplyDeleteඕං එහෙනං හොඳ මෙව්වා අවුරුද්දක් වේවා කිව්වා ඈ.
මාමටත් නැන්දටත් දීග ගියා නෑනලටත් සුභ නව වසරක්ම වේවා!
Deleteඅඩෝ ලියහන්. එතකොට අවුරුද්ද ජය වෙයි. මම හිතුවෙ කියවිල්ල අඩු කරල ලියනව කියල. නැත්තන් කොහෙද බන් වෙලාව..හෙහ් හෙහ්..
ReplyDeleteසිකේයියා. උදේ පාන්දරම සිංහලේ ඇවිත්.. හැක්..
Deleteස්තුතියි උපයා.. හැම දෙනාටම සුභ නව වසරක්ම වේවා!
සුබ නව වසරක් වේවා උඹටත් පවුලෙ හැමෝටමත් දේශෝ !!
ReplyDeleteහප්පට බල අප පාද්රේ.. ඉතිං කෝමෙයි.. පුංචි පවුලටම ඕයේස් හොද අවුරුද්දක් ම වේවා!!
Deleteහා හා... සුභ අලුත් අවුරුද්දක් වේවා!!
ReplyDeleteහා හා.. උඹටත් උඹටත්.. ජය
Delete/පින තියෙන්නේ හිතේ මිසක්කා හාමුරුවන්ගෙවත් කාගෙවත් කටේයැ./
ReplyDeleteඑකෙම්ම...
මං ලිව්ව කන්ද උඩ දේසනාව ගැන. එතන ජේසු කියනව,
"මිනිසුන්ට පෙනෙන පිණිස ලෝකයා ඉදිරියෙහි ඔබේ පුණ්‍ය ක්‍රියා නොකරන්න බලාගන්න. එසේ කළහොත්, ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සේගෙන් කිසි විපාකයක් ඔබට නොලැබෙන්නේ ය. ”එබැවින් ඔබ දන් දෙන කල, මිනිසුන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ධර්මශාලාවල දීත්, වීථිවල දීත් කෛරාටිකයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑ නොපිඹින්න. සැබැවින් ම, මම ඔබට කියමි, ඔවුන්ගේ විපාකය ඔවුන්ට දැනට ම ලැබී ඇත. එහෙත්, ඔබ දන් දෙන කල, දකුණත කරන දෙය වමතට නොදැනේ වා. ඒ දන් දීම රහසක් ව තිබිය යුතු ය. එවිට රහසින් එය දකින ඔබේ පියාණන් වහන්සේ ඔබට පල විපාක දෙන සේක.”
ඉතිං කුමාරයෝ. උඹගේ රාජ පරම්පරාවටම සුභ නව වසරක් විසේසයෙන් උඹගේ අර බාප්පාට...
Deleteබොලේ අපි දැනන් හිටියේ නෑනේ අර ෆොටෝ එකේ තියෙනවා වගේ ඔනස්ට් ඈස්හෝල් කෙනෙක් කියලා මෙයා. හෙහ් හෙහ්.
ReplyDeleteසුබ නව වසරක් දේශා.
ඇසෝල්ව ඇසෝල්ට් කරන්න එපා බං.. හැක්..
Deleteබොටත් හැපි නිවි ඉයරයක් වේවා!
දේශාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!
ReplyDeleteමදුරු නාසකයන්ටත් එසේම වේවා.. යලට මහට.. හරි එනවා නේ කොච්චර දෙයක්ද?
Deleteඑක එක විදිහේ දේශනා ලියවෙන පට්ට වසරක් වේවා..!!
ReplyDeleteජයවේවා..!!
ගස් ලබ්බාටත් හොදින් ලියන්න හැකි වේවා.. සුභ නව වසරක් වේවා
Deleteදේශාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!
ReplyDeleteආයේ නොලියම හිටියනං වැඩිය හොදා..ඩී ඩී ඩී
.
ජ ය වේ වා
මගේ එකම පැතුම මේ වසරේ වත් නිට්ටඹුවට සිගිනල් ලැබේවා!!
Deleteඔය කිව්ව හාඩ්ඩෙයාර් එක අයිති දේශට. හැක්. රෙ හීං නූලෙං ඒක පෝක පරසිද්ද කරන්න දන්නෙ හිහි
ReplyDeleteසුභ නව වසරක් වේවා දේශො
මහේෂ්.. සුභ නව වසරක් වේවා බොටත්..
Deleteමම පොන් කාඩ් කඩේ දේශකයා
ඔය කිව්ව හාඩ්ඩෙයාර් එක අයිති දේශට. හැක්. රෙ හීං නූලෙං ඒක පෝක පරසිද්ද කරන්න දන්නෙ හිහි
ReplyDeleteසුභ නව වසරක් වේවා දේශො
කම්මලේ මෙන්න උඹලගේ නෑයෝ.. හැක්
Deleteදේශක,
ReplyDeleteසුභ නව වසරක් වේවා.
සමරසේකර
උඹටත් ජය ලැබෙන සතුට උතුරන වසරක් වේවා සමරේ..
Delete48,94,64,16, ?? හැකියාව තියන එකේ ලියපිය...
ReplyDeleteඒ ඔවදන 5, 22, 19, 8, 1 ??? වෙතින්. හෙහ් හෙහ් ...
Deleteඑතකොට සෙන්නා උඹ ...?
මොනවද බං මේ කුණුහරුප.
Deleteකුණුහරුප??? පිස්සුද අයියා. ඔය මේ පහුගිය අවුරුදු ටිකේ කට්ටියගෙ කෙරුවාව නෙව.
DeleteDDT,
Deleteඋඹ සිංහල අකුරු ටික කියවලා නෑ වගේ... දේශකයා නොලියන එකෙයි, මම නොලියන එකෙයි ලොකුම ලොකු වෙනසක් තියනවා කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනේ... පොඩ්ඩක හිටහන් ආයෙත් මොනා හරි කුරුටු ගලා දාන්න....
ස්කෝර් එක අන්තෙටම බැහැල නේද බං.. ඕම තමා ඇවරේජ් පර්සන්ලා ලියන්න ආවම මුල් ටිකේ ඩම් එක දාලා ලියනවා. හිදුනම අඩු වෙනවා. ඊට පස්සේ අධික වැඩ නිසා කියල ලියන එක නවත්නතනවා..හැක්..
Deleteසෙන්නා ඇතුලු හැමට සුභ නව වසරක් වේවා.. ගෑස් මැටි හට්ටි ලැබේවා..
කොහොමද මගේ කෙරුවාව 124,143,75,28,2 යෙලා යෙලා
Deleteසුදීක මේ අවුරුද්දේ වෙනස් වෙයං. හැක්
Deleteඑසේම වේවා
ReplyDeleteයෑස්.. සේම් ටුයූ..
Deleteදේශක තුමාට වැඩි වැඩියෙන් ලියන්න සිතෙන, සතුටින් ගෙවී යන නව වසරක් වේවා.
ReplyDeleteලිංතොට මලයගේ තැටියක් ගන්න ලැබෙන වසරක්ම වේවා!!
Deleteමං මේ උඹව මුරුංගා අත්තේ තියෙනවා නෙවෙයි .දේශකයා කියන්නේ ලස්සනට ලියන්න පුළුවන් රසය හඳුනන එකෙක් . උඹේ පරිවර්තන උනත් ඉහළයි . ඉතින් ඒවා ලියපන් මේ වගේ ඇඟ බේරා ගන්න ඒවා නොලියා . උඹට ජය! . සුබ අලුත් අවුරුද්දකුත් වෙන්ට ඕනි
ReplyDeleteස්තුතියි තිලකේ.. මං උඹ කියන තරං දස්සයෙක් නෙමෙයි බං.. මං ඒක දන්නවා..
Deleteතිලකේ ඇතුලු පවුලේ සැමටම වාසනාවන්ත නව වසරක් වේවා!!
සුබ නව වසරක් වේවා !!!
ReplyDeleteමැට්ටා.. ආර්ථිකය ඩවුන්.. මොන අවුරුදුද?? හැක්.. නිකල් කෑල්ලක් වත් හොයාගන්න ඕන..
Deleteබොටත් ජය ගෙනෙන වසරක් වේවා!
ශුභ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteනොලිය නම් ඉන්න බැරිවෙයි බොට.
දයල් ඔබටත් එසේම වේවා..
Deleteනොලිය ඉන්න බැරි වෙයි බොට.. හැක්
සුබ නව වසරක් වා...ලියමු...
ReplyDeleteස්තුතියි. ඔබටත් එසේම වේවා ඉන්ද්‍රේ...
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා....!!!!!!!
ReplyDeleteඑසේම වේවා වෙදනෙනි..
Deleteබණක් අහන්න අවා මදැයි.දේශාට පවුලේ සැමට සුබ නව වසරක්ම වේවා හිටං....!!!
ReplyDeleteඋඹට නං ඉතිං රජ මගුල් අවුරුද්දක් නෙව.. ආව් ආව්.. ජය වේවා..
Deleteමොනවද කිරිපිඬු පූජාවක් කියන්නේ? අහලා තියෙනවා ඒත් මොකක්ද කියල දන්නේ නෑ. කිරි වලින් හදන කෑම දානෙට දෙන එකද?
ReplyDeleteගැත්තාට සමාව අවසර නොදන්නාකමටයි ඇහුවේ ;(
මේ මොනවා කියනවද බුරු..
Deleteඔය කිරිපිඬු පුජාව කියන්නේ අර මතකද බුදු හාමුදුරුවෝන්ට මුලින්ම ලැබුන දානය.. සුජාතා සිටු දුවගෙන්.. අන්න ඒක සිහි වෙන්න මේ පන්සල් වල බුදුන්ට පුජා කරන්න අලුතෙන් හදාගත්ත පුජා වර්ගයක් ඒක.. ඊට වඩා දෙයක් නං නැහැ.. ඉතිං හැපි නිව් ඉයරයක් වෙන්ටෝනේ.. ජය
http://tinypic.com/view.php?pic=s5z4hg&s=9#.VogJMPlEmUl
ReplyDeleteඒ පාර කකුල් පල්ලෙහාට දාලා යෝග කරනවයැ.. සුභ අලුත් අවුරුද්දක් වේවා මිත්‍රයා..
Deleteමොනවටත් ඇලෙන්නේ නැතුව හිටියට කමක් නැහැ. ඉනඩලා හිටල බ්ලොගක් ලියල. සින්දුවක් කියල කාරිය ජොලියේ හිටිය නම්. සුභ අලුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteඅනිවා අනිවා.. එක දෙයක් දිගට නෑ.. සාමාන්‍ය නැවතුම් ජීවිතයක් මට තියෙන්නේ. හැක්..
Deleteඑහෙනං ගමයා, ගම හාමිනේ ඇතුලු සියල්ලටම හැපි නිව් ඉයරයක් වේවා!
බොටත් සුබම් සුබ අලුත් අවුරුද්දක් වේවා....
ReplyDeleteඑසේම වේවා විභීෂණ 2
Deleteහැක්.
.
ලියපං බං ඉඩක් ලැබුණම. අපි කියවනව කැමැත්තෙන්.
ReplyDeleteඅනිවා.. හිත හැදුනම, ගත හැදුනම, කල ආවම ඔක්කෝම එකතු කරන් මම ලියනවා. ජය වේවා.. ඉතිං සුභ නව වසරක්ම් වේවා නොකීටත්..
Deleteමාත් නොලියා ඉන්න හේතුව අත් හැරීම තම්‍යි අනා.
ReplyDeleteඅද වැඩට ආවේ මාත් එපාවෙලා ඉන්නේ අප්පා..කම්මැලියි දවස් දෙක තුනක් නිදාඉදලා නැගිට්ටේ අද
උඹට නං බං ලෙඩක් තියෙන්නේ මගෙන් බුට් එක කාපු දවසේ ඉදල. හැක්.. හැක්..
Deleteලියහං ලියහං.. අරහේ මාතා මැරෙන්න හදනවා උඹ ලියන්නෑ කියලා.. හැපි නිව් ඉයර් මයි ඩාලිං ඉදගෙන..
අම්මටසිරි මේකත් එක්ක මෙතැන මේකට කොමෙන්ට් පනහක්.... පුහ් ..... සුබ අලුත් අව්රුද්දක් යකෝ......
ReplyDeleteරාළේ රාළේ.. ජය වේවා.. උඹත් අමාරුවේ වැටියං හිටං.. හැපි නිව් ඉයර් හෙනං
Deleteමටත් මගෙ බ්ලොග් එක අමතක වෙලා අලුත් අවුරුද්දට යන්තම් කවි කෑල්ලක් දැම්මා. බලනකොට දේශත් ඒම වෙලා.
ReplyDeleteකොහොම වුනත් දේශකයටත් පවුලෙ හැමෝටමත් සුබ නව වසරක් වේවා.
ආ ඒක බලන්න බැරි උනා.. මුණුපොතේ නං කස්ටිය කියල තිබුනා දැක්කා හරිම සංවේදියි කියලා. හිටාං යන්න ඕන බලන්න..
Deleteදිනිතියටත් වාසනාව ගේන හැකියාව උතුරා යන නව වසරක් වේවා!
හැක හැක... වැල්කම් ටු ද කුලබ්...
ReplyDeleteයකෝ මාව නම් ආදර්ශයට ගන්න එප අර ප්‍රසන්නයාව ආදර්ශයට ගත්තත්...
හැපි නිව් ඉයරයක් වේවා...
Deshayaka hadanne mage rassawa nethi karanna
Deleteඅහා.. උඹල හදන්නේ මාව ක්ලබ් එකට ගන්න නේද.. ඉරිසියාකාරයෝ.. හැක්..
Deleteතිසර මිතුර.. සුභ නව වසරක් උඹටත් සැමටත්...
ලියම්දෝ නොලියම්දෝ කියල ඉන්න අපි වගේ අයට ඉතාම වැදගත් පෝස්ට් එකක්...සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!
ReplyDeleteකොහෙන් හරි ගැට ගහගෙන ලියන්න පටන් ගනිං බං. එතකොට මොනා හරි ලියවේවි. දිගට නොලියන අයගේ අඩු පාඩුව තමා මතකය ආවර්ජනය කිරීම දුෂ්කර වීම. හැබැයි යම් තැතකට සිතුවිල්ල යොමු උනාම එතනින් එහාට ගලා යාමක් වෙනවා. හරියට තල්ලු ස්ටාට් වාහන වගේ.. උඹට බැරි නෑ. පුලුවන්.. ලියහං..
Deleteනොරට පැතුම්.. මෙරට පැතුම්.. දෙක යාවේ.. නව වසරේ.. හැක්.. ජය
නෑ බං නොලියා ඉඳලා ලියන්න ගියාම, දවස් පහක් විතර බඩගින්නේ හිටි එකෙක්ව බුෆේ එකට ගිහිං දැම්මා වගේ. කොහෙන් පටන් ගෙන කොහොම නෙලන්නද කියලා හිතා ගන්න බෑ.
Deleteඒකත් එක අවුලක්.. ප්‍රධානම දේ යමක් කෙටීමයි.. එතකොට අනවරතයෙන් එනවා එන්න තියෙන දේ.. මං කිව්වේ මට වෙන දේ..
Deleteපහු ගිය මාස දෙකක් තිස්සේ 60ක් විතර දේවල් ඔළුවට ආවා ලියන්න ඕනේ කියල හැබැයි එකක් වත් ලිව්වේ නෑ.. අපතය වගේ හිටිය.. තියෙන්නේ පටන් ගන්න තියෙන කම්මැලි කම .. වෙලාවක් හරි විදියට සෙට් නොවීමත් එක හේතුවක්..
Deleteඔෆිස් එකේ ෆ්‍රී උනාම තමයි මම ගොඩක් වෙලාවට ලියන්න ගන්නේ.. කරුමේ කියන්නේ පැය 8ම ෆුල් ටයිම් වැඩ මේ දවස් වල... උඹ කිව්වා වගේ පටන් ගත්තොත් ලියවෙනවා..
අපේ සහන් පද්මසංඛ දවසක් කිව්වා “වැසිකිලියේදි ඇති වන අපුරු සිතුවිලි“ එළියට එනකොටත් තියෙනව නං නිර්මාණ බර ගානක් කරන්න ඇහැකිය කියලා. මාත් ඒක විශ්වාස කරනවා බං.. හිතට ආපු අරුම සිතුවිලි සටහන් කරගන්න ඒ වෙලාවට කොල කෑල්ලක්වත් කවදාවත් ළග තියෙන්නෙ නැහැනේ..
Deleteසුභම සුභ නව වසරක් වේවා! වැඩි වැඩියෙන් ලියවේවා! (හොරෙක් අහුවුණෝ!)
ReplyDeleteබැංකුව කැඩුවද?
Deleteමේ තියෙන්නෙ ඇහිං දුටු සාක්කි.
Deleteහොරෙක් අහුඋනෝ...
Deleteඇයි විදානේ උඹට සපත්තුව ගෙනැත් දුන්නද? හැක්
උඹ කියවගෙන ආපු එක ආසාවෙන් කියවන ආවේ. අන්තිමට හීනෙන් ඇහැරුණා වගේ එක තැන අත ඇරලා දැම්මේ. මෙහෙම අපිව අනාත කරන්න එපා බං.
ReplyDeleteසුබ අලුත් කෙහෙම්මලක් වේවා !!! මටත් දැන් මේවා කියලා ඇති වෙලා. මහා විහිළුවක් බං.
මටත් කෙමේමල ඇති වෙලා තියෙන්නේ. සැහෙන්න කාලෙක ඉදල..
Deleteමොනා කරන්නද සුදීකෝ.. ලියන්න පිරියක් නැත්නං.. ජය වේවා.. උඹගේ මේ අවුරුද්දේ ස්කෝර් එක ටිකක් හරි වැඩිවේවායි පතමි..
සුබ නව වසරක් දේශක :)
ReplyDeleteඑසේම වේවා හංසි..ජය
Deleteඋඹේ පෝස්ට් එක මට මිස් වෙලා ..
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සියළු දෙනාටම.
උඹටත් ඩබල් හැපි අවුරුද්දක්ම වේවා කම්මලෝ.. හැක් ජය
Delete