එක වෙළෙන්දෙක් තමන්ගේ බඩු ටික පොළට අරන් ගිහින් හොද වෙළදාමක් කරගත්තා. ඉතිං දැං මෙයාට හැරෙන තැපෑලෙන් ගෙදර යන්නමයි උවමනාව. හැන්දෑ වෙන්න කලින් ගෙදරයට යාගන්න ඕන නිසා මෙයා ඉක්මනින්ම තමන්ගේ පෙට්ටියට වෙළදාමෙන් හොයාගත්ත රන්, රිදී කාසි ටික ඔක්කෝම අඩුක්කරගෙන ඒ පෙට්ටිය අශ්වයගේ පිටේ තියල හොදට ගැට ගහල ගෙදර යන්න පිටත් උනා.
දවල් කෑමට මේ වෙළෙන්දා එක නගරෙක හෝටලේකට ගියා. අශ්වයාටත් කන්න දීලා ආපහු එන්න හදන කොට, හෝටලේ ඉස්තාලේ හිටියා කොල්ලා දුවං ඇවිත් වෙළෙන්දගේ අශ්වයා එයාට දීල මෙහෙම කිව්වා.
“සෑර්. සර්ගෙ අස්පයගේ ඉස්සරහ වං කකුලේ ලාඩමේ ඇනයක් හැලිලා.“
“ඒක හැලිච්චාවේ බං. මට තව හැතැප්ම හයයි යන්න තියෙන්නේ. එතකං ඔය ලදරං ලාඩම කීයටවත් ගැලවෙන්නෑ“ කියලා වෙළෙන්දා ආයිත් ගමනට පිටත් උනා.
හවස් වෙද්දි මේ වෙළෙන්දා තවත් නගරෙක නැවතුනා තේ බොන්න. තේ බීලා, අශ්වයාටත් කන්න දීල එන්න හදන කොට එතන හිටිය ඉස්තාලේ කොල්ලා දුවං ඇවිත් මෙහෙම කිව්වා.
“සෑර්. සර්ගේ අස්පයගේ ඉස්සරහ වං කකුලේ ලාඩමක් හැලිලා. මං ඒක හරිගස්සගන්න කම්මලට යවන්නද අස්පයව“
“කම්මල මකබෑවියං කොල්ලෝ. මට දැං හදිසියි. ඒක නිසා ඉක්මනටම යන්න ඕන. ඔය ලාඩම නැතිව උනත් මේ හාදයට ඉතිරි හැතැප්ම දෙක යාගන්න පුලුවන්“ කියල වෙළෙන්දා ආයිත් ගමන පටන් ගත්තා.
ටික දුරක් යද්දිම අශ්වයා කුර ගහන්න පටන් ගත්තා. කුර ගහ ගහ වැඩි දුරක් යන්න කලින් ඒකා නොන්ඩි ගහන්න ගත්තා. වැඩි දුරක් නොන්ඩි ගහන්න කලින්ම මේ සතා බිම වැටිල කකුල කඩාගත්තා. අයියෝ ඉතිං අපේ අසරණ වෙළෙන්දට සිද්ධ උනා තමන්ගේ පෙට්ටිය අශ්වයගේ පිටෙන් බාගන්න. ඒ මදිවට කකුල කැඩිච්චි අශ්වයා එක්ක යන්න ඇහැකැ. ඉතිං එ් සතාව එතැනම දාලා අර තඩි පෙට්ටිය මුට්ට කරගනෙ හද්ද අමාරුවෙන් පයින්ම ගෙරදට ගාටන්න සිද්ධ උනා. කෝම හරි අන්තිමට අපේ වෙළෙන්දා ගෙදර යන කොට මහ රෑ ජාමෙට විතර ඇති.
ගෙදර ගිහිල්ල මහන්සි පිටින්ම ඉද්දී වෙළෙන්දට මෙහෙම හිතුනා.
“අර කාළකන්නි ඇනේ.. ඕක තමා මේ හැමදේටම වගකියන්න ඕන“
ඉක්මන් කොටයි.
The Nail - Brothers Grimm
ප.ලි - උත්තේජනය නිලුක කඳුරුගමුව - පරිවර්තන අඩවිය..
හී හී එක මම... ගොඩ කාලෙකින් ලස්සන කතාවක්
ReplyDeleteමං එනකංම බලං ඉදල වගේ බිනරි.. හැක්..
Deleteඇණයක්, ඇණයක් ගැන කතා කරයි. :P
ReplyDeleteචික් ඉතරක්.. මම අර මුනුපොතේ ප්‍රෙන්ඩ්ස් මැටිරික්ස් පොටෝ එක පෙන්නනවා හොදේ.. හැක්
Deleteපොඩ්ඩි ++++++
Deleteතවත් ඇණයක්.. හැක්
Deleteඇනෝ?
Deleteඇණේ...
Deleteඋඹේ වාහනේ ඉස්සරහ වම් පැත්තෙ වීල් එකේ වීල් නට් එකක් හැලිල. ඒක දාගනිං ඉක්මනට.
ReplyDeleteමගේ වාහනේ වම් පැත්තේ රෝද්යක් නෑ.. සෙද්ද..
Deleteත්‍රී වීලර්? බයික්?
Deleteඑහෙනං උඹේ ඔළුවෙ ඇනේ තදකරගනිං ඉඳගෙන.
Deleteදේශකයා දීලා තියෙනවා පස්ට උත්තරයක්...හැක්...
Deleteදැකක්නේ ප්‍රසාට උත්තර නෑ
Deletegood story, thanks a lot, ................Ikman nam hemin yanna.
ReplyDelete//Ikman nam hemin yanna.//
DeleteHasten Slowly කියල තිබුනේ.. ඔබ කිව්ව එක හරියටම හරි. ඒත් මං අපේ කට වහරේ එක තමා දැම්මේ..ස්තුතියි..
අපේ ජීවිතේට ගන්න යමක් තියනවා මේ කතාවෙත්.
ReplyDeleteඇණ තද කරගන්න කියල නේහ්.. තැන්කුයි ගිමී..
Deleteමරු කතාව..
ReplyDeleteග්‍රිම් සහෛා්දරයන් වෙනුවෙන් ස්තුතියි ඉන්දරේ..
Deleteikman.lk කියලද කිව්වේ?
ReplyDeleteඇත්ත කතාව අපිටත් අනන්තවත් වෙලා තියෙනා ඕවාගේ දේවල්.......
අනිවා.. අපි හැමදාම ඔය වගේ දේ කරනවා.. පැලැස්තර ගහලා.. වන කරගන්නවා.. ජය
Deleteදවල්ට කාල හැතැප්ම හතරක් යන්න කොච්චර වෙලා ගියාද?පැය තුන හතරක්,මගෙ අම්මෝ ඊට නරකැයි ඉබ්බෙක්ගෙ පිටේ ගියානං.
ReplyDeleteමටත් හිතුනේම ඕක තමයි.වෙළෙන්ඳ සුවර් එකටම ගෙදර යන ගමන් හොර ගමනක් ගිහින්......
Deleteප.ලි.
දේශකයෝ හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බැලුවැයි හිතන්න එපා...
ඕං හැලපේ. කතාවේ තිබ්බේ ඔය විදියට තමා. ඇත්තටම මටවත් ඔය ගැන හාංකවිසියියක් හිතුනේ නැහැ. අන්න ඒකයි බං මම හැමදාම කියන්නේ ඒ අතින් හාන්ස්ගේ කතා ග්‍රේට්..
Delete@ පලි සහෝ..
උඹ මොනා කිව්ව කියලවත් මං කවදාවත් අමනාප වෙලා තියේද?? ඈ බොල.. හැක්
නෑ නෑ .. බඩු මල්ලත් අරං 139 ක නැගලා කොහුවලින් :D
Delete141 ගියාම හොද නැද්ද??
Deleteඑකත් එකටම ඕකා ලංකාවේ එකෙක් වෙන්න ඕනේ...
ReplyDeleteඈ බං කැලේ ඉන්න වල් අස්සයින්ගේ ලාඩන් ගහන්නේ කවුද...
ලාඩමක් නැතුව පොඩි දුරක් යන්න බැරි අස්ප මොටා වැටිලා අන්ඩ කඩා ගන්නකල් ඉන්නේ නැතුව කලින්ම දෙකක් දීල අන්ඩක් කඩන්නයි තිබුනේ...
කැලේ ඉන්න නෙමෙයි බං වෙළෙන්දගේ අස්පයා නේ..
Deleteටයිමින් අවුල්.
ReplyDeleteමටත් දැං තේරෙනවා. ඒ වෙලාවේ හිතුනේ නැහැ.. ග්‍රිම් ගේ කතාව අසාර්ථකයි...
Deleteමේ දේශකයගෙ වයස දැන ගන්න ඕනෙ මට
ReplyDeleteබෑ බෑ ඒක නං කීයටවත් කරන්න බෑ. හැක්
Deleteදේශකයත් ෙවලාවකට පස්ට ඇණයක්
ReplyDeleteඔව් ඉදගෙන
වණයක් නොවී ඇණයක් වෙන එක හොද නැද්ද අනේ. ඇනෙනවා රිදෙනවා. ගැලවෙනවා සනීප වෙනවා.. හැක්
Deleteඇණයක්, ඇණයක් පිළිබඳ කතා කරයි කියන එක තමයි හොඳම කොමෙන්ට් එක...
ReplyDeleteමං ඉතිං කාටත් ඇණයක් නේ හ... ඉහි ඉහි..
Deleteග්‍රිනිච් වෙලාවෙන් මෙහෙට මාරුවෙද්දි ටයිමින් අස්පෙට් . අශ්වයෙක් නෙමේ ඕක ලාමක කොටලුවෙක් වෙන්න ඇති,
ReplyDeleteකම්මලේ මලේ.. උම දැක්ක කලේ.. සන්තෝසයි බොලේ..
Deleteමේ කතාවේ ලාමක ගතියක් ඇති බව දැන් දැන් වැටහේ.
:D
ReplyDeleteහිනා කටයි බත් දෙකටයි බයිය පුතා ඔක්කෝම කයි.. හැක්
Deleteආයෙ පොලේ යද්දි ලාඩං තියලා වෑල්ඩිං කරං යමං :D :D
ReplyDeleteඕන නෑ.. තව අස්පයෝ දෙන්නෙක් විතර අරන් යනවා එක්ස්ට්‍රා.. හැක්
Deleteඅශ්වයොනං මොනා හරි කරගෙන යයි. වාහන වලටනං ඔය කතාව සහසුද්දෙන්ම සහතික ඇත්ත.
ReplyDeleteඒක ඇණයක්ම වෙන්න ඕන්නෑ.
අපේ මිත්තරෙක් හිටියා ලෝයර් කෙනෙක්. මිනිහා දවසක් කාරේකේ යන කොට ටයිර ්කඩේ ගාවදි ඇණයක් ඇනිල පැච් එකක් ගිහිල්ලා. ඉතිං මිනිහා පැච් එකත් දාගෙන කඩේ අයිතිකාරයට කියල අනේ මේ මට ඉන්සුරන්ස් එකෙන් ටයර් එකක් ගන්න මේ ලියුම අස්සන් කරන දෙන්න කියලා.. මිනිහා ඒ ලියුමත් අරන් ගිහින් නඩු දාලා. ටයර් වල ඇනෙන් විදියේ යඩක කූරු පාරේ අනාරකෂිතව දාලය කියල. හැක්
Deletefiner things make the difference!
ReplyDeleteබුදුහාමුදුරුවෝ අර සාමනේරයි, ගිණි පුළිඟුවයි ගැන කියනකොට ඇණේ ගැන කියන්න අමතක වෙලා කොච්චර පුංචි උනත් නොසළකා ඉන්න එපා කියලා.. පස්සේ වෙද හාමුදුරුවෝ කෙනෙක්ද කොහෙද කියල තිබ්බා හැම කිල්ලටම වඩා ලොකුයි නොසැළ'කිල්ල' කියලනම්
මං එක පාරක් ලිව්ව නූල් කෑල්ලක් නැති උනොත් වෙන දේ. හැක්
Deleteහදිසි අනතුර
ඇති යාන්තන් අප්‍රේල් මාසෙ ඉවර වෙන්න කලින් පෝස්ට් එකක් දාලා. මරු ඈ!!
ReplyDeleteඅායි මැයි අන්තිම හොදේ.. හැක්
Deleteනොදන්න හින්ද අහන්නේ බන්, ඇත්තටම ඔය ලාඩ්ං ගහන්නේ ඇණ වලින්ද ? එතකොට කොහාටද ඇණය වදින්නෙ ? කුරයටද ? සතාට ඉන්න පුළුවන්ද එතකොට ? හෙන පවුනේ බන්....
ReplyDeleteඕං බලාපං කොල්ලෝ. මේං බලාපං..
Deletehttps://www.youtube.com/watch?v=s-uvWWW6GJE
ඔය ලාඩම් ප්‍රශ්නේ නම් මටත් ආව
Deleteවීඩියෝ එක බැලුවයි..
Deleteමාරයි නේහ්....ඒ කියන්නේ ඔය කුරයේ ස්නායු මුකුත් නෑ වගේ නේද / අරූ වගේ වගක් නැතුව ඉන්නෙ... ඒ ඇණයේ දිග බන්...!!
Deleteමට හිත ගියේ පොර අතේ බැඳන් ඉන්න ගැජට් එකට.. ඒක හරි ප්‍රයෝජනවත් ඔය වගේ වැඩ කරණ වෙලාවට..
ඒ ගැජට් එක නං මරු තමා.. ඕං ලාඩං ගහන කොට බැරි වෙලා හරි අස්පයා කකුල ඩිංගක් හයියෙන් උඩට ඉස්සුවොත් බාස් අයියගේ ලාඩම කුඩු වේවිද? හැක්
Deleteඅස්සයට හවස තේ බොන වෙලාවේ ගල් කාලක් පොවන්න තිබ්බේ කකුල් හතරම නැතුව උනත් ගෙදර යනහැටි බලන්න තිබ්බා ...... බොරුනම් කුක්කු තොප්පි මෙන්ඩාගෙන් අහලා බලපන්
ReplyDeleteනොදෝමකින්.. සත්ව හිංසනය..
DeleteStitch in a time- saves nine කිව්වලු..
ReplyDeleteඑහෙමත් කියලද බං. හැක්
Deleteඔය අස්සයෝ මහා ඇණයක්!
ReplyDeleteනාඩියාත් මහ ඇනයක්.. ස්පික්ස් කරන කොට.. හැක්
Deleteඇනය ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි.
ReplyDeleteයහපාලනයෙන් නිසි දඩුවම්..
Deleteඉතින් වෙළෙන්දා කියාපු කතාව ඇත්තනේ . ඇණේ තමයි ඇණේට හිටියේ !
ReplyDeleteඔය හැම එකටම හෙනේ වෙළෙන්දා නේ බං. හැක්
Deleteඋඩහින් කියා තිබෙන්නැහෙ
ReplyDeleteඉස්සර කාලේ හැතැප්මයි
දැන් කාලේ පර්ලොං අටේ ඉන්න හැතැප්මයි
අතර පට්ටපල් වෙනසක්නොවැ තියෙන්නේ ආයිබෝං
කියල ලියල හිටං නිකං ඉන්න බෑ මේ උදෑනැක්කෙ
අස්සයට කරපු මානුශික අයිතිවාසිකම් කඩකිරීමට
විරුද්ධව
පරණ පයිල් දෙක තුනක් උස්සගෙන
යන්නම වෙනව බයිබරි කොමිසන් එකට
මගේ දෙයිම්ප ඕයි,
මේ ඇහුවට තරහ වෙන්න එපා නැද්ද හොයාගන්න ඔහේල ලඟ
සහතික කළ වතුර බෝතලයක්,
නියම සිංහ කොඩියක්
ඇහුවට තරහා වෙන්න එපා. අර අන්තිමට කිව්ව ඒවා කලුනික වගේ හොදේ..
Deleteබලහංකො හැරෙන තැපෑලෙන් ගෙදර යන්න හිතපු එකා හැම ටවුමකින්ම කකා බිබී රස්තියාදු වෙන හැටි... තෝ වගේ පොරක් වෙන්න ඇති.
ReplyDeleteඒ දවස් වල වෙලාවට කන බොනවා මොනා නැතත් හරිය.. හැක්
Deleteදැන් එතකොට වෙළෙන්දා උඹව මග දාලා ගියා , මොකෝ දන්නේ නෑ බුරුවට අශ්වයා කියන්නේ
ReplyDelete+++++++++++ LOL! පව් බං අස්සයා..:P
Deleteයකේ මං හිතන් හිටියේ මං වෙළෙන්දය කියල නෙව
Deleteහපොයි දෙයියනේ වෙච්චදේ... පවු අහිංසක අශ්වයා.බූරුවෙක්ගේ වැඩක් හින්දා ඌට කකුලකුත් නැති වෙලා
ReplyDeleteයන්තං ඇති.. තේරිලා..
Deleteමචං ඔච්චර හදිස්සියෙන් දුවන්න තරම් ගෙදර ගෑණි කොච්චර වහ අැද්ද නේද????
ReplyDeleteඔය ළමයි පවුල් වේච්චි දවසේ ඉදල ගෑනු ගැන හරි තරහයෙන් ඉන්නේ.. ඕ යෑස්
Deleteඇති යන්තම් ඇණයක් හන්දවත් බ්ලොග් එකක් තියෙනවා කියලා මතක් උනා..
ReplyDeleteඇණයක් නොවෙන්නයි මා.. කම්පනා කරේ.. හැක්.
Deleteකචාව ඇච්ච... හදිස්සි නම් හෙමින් යා යුතුය.මෙලෝ වැඩක් නැත්තන් ඉතින් ඉක්මනින් කොට කරගත්තාට කම් නැත.සංකල්පය එල ය.ග්‍රිම් එලය.දේශකයාත් එලය.
ReplyDeleteජයවේවා..ය!!
ජයය.. සුභය.. ලබ්බට අත නොතියව.. හැක්
Deleteඑහෙනම් ඒකයි මෙයා පහුගිය කාලේ දකින්න නොහිටියේ..කුර ගහලා නොණ්ඩි ගහලා කකුල කඩන්..හපොයි දේශෝ...ඇණේ ඇණේ බලහන්..:P :P
ReplyDeleteඕං ඉතිං හොස්සපිටල් ඉදල ආවට පස්සේ මං අහගන්න කතා..
Deleteඅපොයි දෙයියනේ උඹ ඉස්පිරිතාලෙත් උන්නද? :O
Deleteදැන් හොඳයි කියා සිතමි. ගෙට් වෙල් සූන් :)
ඉතිං ඩෝ කකුල කැඩිල ලාඩම නැතිව මං ඉස්සපිරිතාලේ නෙව හිටෙියේ..
Deleteගතයුතු ආදර්ශය,
ReplyDeleteඇණ තද කරගත යුතුය.
කව්ද කිව්ව පටි තද කරගමු කියලත්..
Deleteමම ගෙදරට දාන රබර් සෙරෙප්පු දෙකෙන් වම් කකුලේ (ඉස්සරහ වම් කකුලද පස්ස වම් කකුලද කියලා ඇහුවොත් තෝව මරනවා) සෙරෙප්පුවේ ඩ්‍රෝවිං පින් එකක් ඇනිලා. ඊයේ එකපාරටම ඒක කකුලේ ඇනිලා මට හයන්නට පාපිල්ල කියවුණා. තව පොඩ්ඩෙන් අපේ උන්දැ මාව කම්බස් කරනවා.
ReplyDeleteඅම්මපා ග්‍රීම් සහෝදරයන්ටත් ඕන්නැති මගුලක් නෑ වගේ.
අපසාදේ අපට කරදරයක් නොවෙන්නේ කම්බස් කරල දාන්නයි තිබුනේ..
Deleteමේක නිකං උපමා කථාවක් වගේනෙ සුදෝ...ඒ නිසා මම අස්පයා ගැන මොකුත් කියන්නෙ නෑ...සමහර වාහන හිමිකරුවො පුංචි මුදලක් වියදම් කරලා කල යුතු අළුත්වැඩියාවන් හිතා මතා පමා කරනවා. ඒ පමාව එක්කො ජීවිත හානියකින්..නැත්තං අර වගේ සෑහෙන ගුණයක වියදමකින් හමාර වෙනවා. බොලාගෙ වාහනේ වම් පැත්තෙ රෝදෙ ගලවලා...දේශිකා දකුණු පැත්තට නග්ගලා බැලන්ස් කරගෙනද යන්නෙ පැත්තක් උස්සලා...
ReplyDeleteකතාව ගති නැ කියල දැං තේරෙනවා.. හැක්. සිරෝ.
Deleteමේ කතා තියෙන ග්‍රීම් පොත මොකක් ද? මම ඉස්සරලා කියවල තියෙනවා ග්‍රීම් සොහොයුරන්ගේ සුරංගනා කතා කියල එකක්.. හැබැයි මෙහෙම කතාවක් මට මතක නෑ..
ReplyDeleteඋඹ මේ කරන වැඩෙත් මරු බන්.. සුරංගනා කතාවක් සිංහලෙන් ලියල ගානට බ්ලොග් එක මේන් ටේන් කරගෙන යනවා.. අපේ ඔළුවේ ඇණ බුරුල් වෙනවනේ මාසෙකට සැරයක් හරි මොකක් හරි ලියන්න ඕනේ කියල කල්පනා කරනකොට
මම ගත්තේ නෙට් එකෙන්.. ඔක්කෝම කතා ටික තියෙනවා.. නිකං හොයල බලන්න Brothers Grimm fairy tales කියලා...
Deleteමාත් මේ දැං මාසෙකට එක්ක දාන්නෙත් හද්ද අමාරුවෙන් බං.. හැක්
හොඳයි, "දෙන්නෙක්ම ඇණයක් ගැන කියවද්දි, නොසළකා නොහරිනු" කියන ආදර්ශය ගත්තා.
ReplyDeleteසුජානම් නොවී නොසිටිනු ඩ්‍රැකී.. බ්‍රාෙවා්..
Deleteඑලද බ්‍රා
ReplyDeleteපොඩි මෙන්ඩියාට
ජය වේවා මෙන්ඩට...
Deleteඒක කතන්දර ලෝකයක් උඔට ස්තුතියි..
ReplyDeleteඑළ ද බ්‍රා...
Deleteවෙළෙන්දා මුවහමට තලන්න හොඳට දන්නා උන්නැහේ කෙනෙක් වගේ..
ReplyDeleteහැක්. ඒකනං හැබෑව
Deleteඔයත් ඇනේ තමා.
ReplyDeletehttp://nelumyaya.com/?p=2309
තවත් ඇණයක්.. හැක්.. තැන්කුයි අජියයියා
Deleteකතාවට වඩා රහ ප්‍රතිචාර ටිකනෙ
ReplyDeleteමේ කතාව අපේ රටේ වර්තමානයටත් හොදටෝම ගැලපෙනවා මට හිතෙන හැටියට. හැමෝම ඔන්න ඔහෙ තව ටිකනෙ කිය කියා තමන්ගෙ ගමන යන්න ගියාගෙන් වෙච්ච වින්නැහි තමයි අද රටේ වර්තමාන ප්‍රශ්ණ ඔක්කොටම මුල
වෙල්කම් සදමාලි.. කතාවේ සාර්ථකත්වය මොකක් උනත් ගන්න තියෙන එකම දේ තමා නියමිත දේ නියමිත පරිදි කරන්න කියන්න එක.. ජය වේවා
Deleteඔක්කොටම කලින් ෆලෝ කොරන්න ඕනේ....සුරංගනා කතා ටික මග ඇරුනොත් දේශකයගේ
ReplyDeleteඔක්කොටම කලින් ෆලෝ කොරන්න ඕනේ....සුරංගනා කතා ටික මග ඇරුනොත් දේශකයගේ
ReplyDelete