එකෝමත් එක කාලෙක කුමාරයෙක් හිටියා. මෙයාට ඕන වෙලා තිබුනේ වෙන කව්රුවත් නෙමේ ඇත්තම ඇත්ත නියම කුමාරිකාවක්වම කසාද බදින්නයි. ඔය අදහස සපුරගන්න මේ කුමාරයා මුළු ලෝකේ වටේම කරක් ගැහුවා, හැම තැනකම ගියා. ඒත් මොකක් හරි අඩුපාඩුවක් නිසා කොතනදීවත් මේ කුමාරයට ඇත්තම ඇත්ත කුමාරියෙක් හොයාගන්න බැරි උනා. කොච්චර කුමාරියෝ හිටියත් ඒ අය ඇත්තම කුමාරියෝද කියන ප්‍රශ්නෙට උත්තරයක් මේ කුමාරයට කවදාවත් ලැබුනේ නැහැ. ඒ හැම වෙලේම මොකක් හරි දෙයක වැරැද්දක් තියෙන විත්තිය තමා කුමාරයා දැක්කේ. ඉතිං අන්තිමේ කුමාරයා බෝම දුකින් ආපහු තමන්ගේ මාළිගාවට ආවා. අනේ එයා ඇත්තම කුමාරියෙක් සරණපාවාගන්න කොයි තරං නං හීන දැක්කද?
එක දවසක් හැන්දෑවක මහ භයානක කුනාටුනක් ඇති උනා. මහ සද්දෙට හෙන පුපුරුන්න ගත්තා ඒ හෙන වලින් විදුලි එළි මතු උනා. වැස්ස බෝම නරක විදියට අහසින් කඩා වැටුනා. මේ නිසා ඒ වෙලාව හරිම දරුණු වෙලා තිබුනේ. ඔන්න මේ වෙලාවේදිම මාලිගාවේ දොරට තට්ටු කරන හඩක් ඇහුනා. මහළු රජතුමා ගිහින් දොර ඇරල බැලුවා.
දොර ගාව හිටගෙන හිටියේ කුමාරිකාවක්. ඒත්, පව්.. ධාරානිපාත වරුසාවෙනුයි, කරුම කාලගුණයෙනුයි ඇය හොදටම බැට කාලා හිටියේ. තාමත් ඇයගේ කෙස් වැටියේ ඉදල පහලට ඇගේ ඇදුමට වතුර බිංදු වැටෙනවා. ඒවා ඇයගේ සපත්තු වල ඇගිලි හරියටම වැටුනා. මේ මොනව උනත් ඇය තමා කුමාරිකාවක් කියල තමා හදුන්වා දුන්නේ.
“හා එහෙමද?? හරි අපිට ඉක්මනට දැනගන්න පුළුවන් වේවි“ මහළු රැජින එහෙම හිතුවා. ඒත් ඇය මුකුත්ම කිව්වේ නැහැ. රැජින හෙමින් සීරුවේ නිදන කාමරයට ගිහින් ඇද තට්ටුවේ මැදින් පුංචි බීජ ඇටයක් තිබ්බා. ඊට පස්සේ ඒක උඩින් සුවපහසු මෙට්ට විස්සක්ම දැම්මා. ඊටත් පස්සේ සිනිදු පිහාටු වලින් යුත් සුවදායක ඇද ඇතිරිලි විස්සක්ම ඒ උඩින් දැම්මා.
මේ ඇදේ තමා අර කුමාරියට මුළු රෑම නිදාගන්න සිද්ධ වෙන්නේ ඉතිං. පහුවදා උදේ උනාම රැජින ගිහිල්ල කුමාරියගෙන් ඇහුවා “කොහොමද ඊයේ හොදට නිදාගත්තද කුමරිය“ කියලා.
“අහෝ මොන තරං අවාසනාවක්ද? මේ මුළු රෑම මට ඇහැ ඩිංගක් වත් පියවන්න ලැබුනේ නැහැනේ. මේ අැදට මොනා වෙලාද කියල දෙයියෝ තමා දන්නේ. මට දැනුනේ මොකක් හරි තද දෙයක් උඩ මම ඇල වෙලා ඉන්නවා කියලයි. මේ බලන්න මගේ මුළු ඇගම ගෙඩි ගැහිලා. ඊයේ රෑ නං මහ පුදුම රැයක් මට“ කුමාරිය තමන්ගේ අදෝනාව කියන්න ගත්තා.
ඉතිං ඔන්න මේ අය ඔක්කෝම මේ සිද්ධිය නිසා, දැන ගත්තා ඇය ඇත්තම කුමාරිකාවක් කියලා. කාටද දැනනේනේ මෙට්ට විස්සකුයි, පිහාටු ඇද ආවරණ විස්සකුයි අතුරල තියෙන ඇදක් උඩ තියෙන පුංචිම පුංචි මෑ ඇටයක්. ඇත්තටම ඉතිං නියම කුමාරියකට විතරයි ඒක දැනේනනේ.
අර කුමාරයා, මේ නියම කුමාරිකාව සරණපාවා ගත්තා. ඔහුට තේරුම් ගියා දැන්නං අැත්තටම ඇත්ත නියම කුමාරිකාවක් තමා තමන්ට ලැබුනේ කියලා. අර වටිනා බීජ ඇටේ.. ආ ඒක.. කෞතුකාගාරයේ තැන්පත් කරා. සමහර විට මොකෙක් හරි එකෙක් ඒක හොරකං කරල නැත්නං තාම එතැනම ඒක ඇති.
ඔන්න බලන්න... මේක ඇත්ත කතාවක් හොදේ.
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්
The Princess on the Pea - Hans Christian Andersen
ලස්සනයි.දේශකයා සුරංගනා කතාත් කියනවා එහෙනම්.........
ReplyDeleteඔව්නේ.. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කියල ලේබල් එක යටකේ තව ඇති.. තැන්කුයි අනේ
Deleteඅහ්.. තව තියෙද....... බලලම ඉන්නං
Deleteහොදා හොදා..
Deletethanks ආයෙම සුරංගනා කතාවක් ලීවට. පහලට යන්න කම්මැලි ඒකයි මෙතනම ලිවේ ඉදගෙන :D
Deleteස්තුතියි ඔමා...
Deleteලස්සන බස් වහර... බොහොම ආසාවෙන් කියෙව්වා.. ( මේකත් ඇත්තම ඇත්ත හොඳේ )
ReplyDeleteරජතුමා දොර ඇරපු සීන් එකටනම් මට බොහොම තදින් හිනා ගියා...
හැක් හැක්.. සුංගනා කතා කියවනව නං කියවන්න ඕන ළමා මනසින්.. හැම දේම ප්‍රශ්න නොකර.. ඒකයි රස විදිමේ මුලික අඩිතාලම...
Deleteඑහෙම කියෙව්වනම් මට හිනා වෙන්න හම්බෙන්නෑනෙ ! එතකොට මම ෆුල් සිරා. සුරංගනා කතා ෆුල් සිරා මූඩ් එකෙන් කියවලා වැඩක් නෑනෙ.. හෙහ් හෙහ්... Something contradictory ?
Deleteඅනිවා බං.. ඒ වෙලාවේදි සිරා මුඩ් නැති වෙන්න ඕන. ඒකයි මේවා හුගක් අයට අල්ලන්නේ නැත්තේ.. WTF with you?
Deleteඅද කාලෙ වගේ නං රජාගෙ ලඟට යන්න කලිං හිල්වල ඇඟිලි ගහල චෙක් කරල...... චැහ් මේක ළමා අඩවියක් බව අමතක උනා.
Deleteහැක්.. හැක්.. කැත ලමයා රාජ්..
Deleteමටනම් මාර දුකයි කුමාරයා ගැන...යුද්ධයක් හරි පැරදිලා කුමාරයාට මාළිගේ අත් හැරලා පලා යන්න වුනොත්......කුමරියට කියලා තේ කහට උගුරක්වත් හදා ගන්ඩ බැරි වේයි.....
ReplyDelete// බීජ ඇටේ.. ආ ඒක.. කෞතුකාගාරයේ තැන්පත් කරා. සමහර විට මොකෙක් හරි එකෙක් ඒක හොරකං කරල නැත්නං තාම එතැනම ඒක ඇති.//
ඇයි ඒක හොරකම් කරන්ඩ තරම් වටිනා ඒකක්ද? ඔය බීජ ඇටේ කියුවේ ජැක්ගේ බෝංචී වැලේ බීජ ඇටේද?
නැත්නං කුමාරියට නිදාගන්න නොදුන්න ඇටේ නේ ඒ.. හැක්.. අද පලි ලොක්කා වැඩ වගේ..
Deleteදේශකයා හැමදාම කරන ඒකේ ,අපි ඉඳලා හිටලා හරි සප් ඒකට බ්ලොගිං බහින්ඩ එපැයි...
Deleteඅන්න හොදයි. බොලා දැක්කමත් සන්තෝස ඒකනේ.. සතුට බුර බුරා නැගෙනවා..
Deleteබුර බුරා නැගෙනවා???
Deleteඅඩෝ උඹ ගිනිතියා ගත්තද?
සතුට මචං ගිනි ගන්නේ බොලාට ඕවා තේරෙන්නෑ. අද පත්තරයගේ වැඩ උඹ බාර ගත්තද මයේ දෙයියෝ... පහු ගිය පෝස්ට්කටුවේ අරූ කියන මදාවි කොල්ලා කියපු ටික බලහං අන්තිම හරියෙ.් මං සලිත වෙලා ගියා බං ඒක අහල..
Deleteඇටේ උඩ කුමාරි කිව්වනං මොකෝ?
ReplyDeleteඔයවගේ කුමාරියක් නං මට නං එපා.(මාත් කුමාරයෙක් තමයි හරිය). ඇයි යකෝ අතක් පයක් වැදුනත් මැරෙයි.
//ඇයි යකෝ අතක් පයක් වැදුනත් මැරෙයි.//
Deleteකතාවෙන් ගන්න ඕන ආදර්ශය තමා ඔය උඹ කියල තියෙන්නේ.. සන්තෝසයි.. හැක්..
මම හිතුවේ කුණුහබ්බයක් කියලා. උබ ඉතින් ලිව්වොත් ලියන්නේ එහෙම එව්වනේ..
ReplyDeleteඅනේ මහාචාරය මාතලං තුමනි, මං එහෙමත් කරයිද ඔයාලට.. හැක්..
Deleteඌ ලියන එක බලාගන්නං කිව්ව මාතෙ,
Deleteමායි නලියයි ප්‍රියයි ඉතුරු ටික මේන්ටේන් කරලා දෙනවා :D
දේශා, පත්තරයා උඹව මේන්ටේන් කරලා නවතින්නේ නැහැ. ෆුල් සර්විස් කරලා, රීකන්ඩිෂන් කරලා, රීලෝඩ් දාලා, වොල්කනයිස් කරලා, එලයින්මට් හදලා, වීල් බැලන්ස් කරලා, දෙකට නවලා ..............................ලා තමයි නවතින්නේ.
Deleteතව ටිකකින් මුන් ටික ළමයි හදලා උන්ව පෙරපාසලුත් එක්කගෙන යයි...පත්තරයා තමා පත්තරයා....
Deleteඒත් කමක් නෑ බං මම ළමයින්ට නං දෙන්නං.. හැක්..
Deleteඒ පාර මට අනිත් උන්ගේ බ්ලොග් වලට යන්ඩත් බැ බංලා
ReplyDeleteඋඹව අයින් කරා. රට පෙරලන්න කුමන්ත්‍රණය කරපු නිසා. ලොක්කා ඒක සිරාවට අරගෙන
Deleteබුකීයේ ඕක ඩයලොග් අවුලක් කියලා ,කියලා තිබුනා නේද?
Deleteඅටං
Deleteඅන්තිම කාලෙ වෙද්දි ඔහොම වෙනව බං. ඉස්සෙල්ල තමංගෙ එක,.... ඊට පස්සෙ වටේ එව....
අටම් කෝකටත් ඔය දේශකයා කියන ඒක අහලා බ්ලොග් පෙරමුණ ඕනෑම වෙලාවක දෑත් ශක්තිමත් කරන්ඩ ලැහැස්ති කියලා දාලා බලහන්...ඊට පස්සෙවත් හරි යැයිද කියලා??
Deleteමේ අටං ගේ මොන හුටං ද රාජ්.. ඕකා බීල බීල ඩයලොග් එකටත් දැං වෙරි ඇති.. හැක්..
Deleteයකෝ මම අටම්පහුරේ දාන කමෙන්ට් වලට මොකද වෙන්නේ?
Deleteඒකා ඒවා ගිලිනවා..
Deleteමම උඹේ බස හැසිරවීමට මනාපයි! ජය වේවා!
ReplyDeleteමං හිතුවේ අමනාප වෙයි කියල.. තැනුකුයි ගුණේ..
Deleteඑතකොට මෑ ඇට තියෙන්නේ ඇත්තම කුමාරියන්න නේ..... හා දේශකයෝ ලියල තියන විදියනං අපුරුයි.
ReplyDeleteවෙන්නැති වෙන්නැති.. හැක්. හැක්... අනේ මෙහෙමත් අංගුත්තර පත්තර කාරයෝ.. හැක්..
Deleteදේශකයාගේ පුංචී බීජ ඇටේ "මෑ"ඇටයක් වුණ ඉක්මන.... :D
Deleteපත්තර කාරයෛා් ඒකට දස්සයි.. මට දානන් ඇටයක් නැති නිසා ඔ්ක ද්මැම කියලද උඹ හිතන්නේ. හැක්..
Delete//කොච්චර කුමාරියෝ හිටියත් ඒ අය ඇත්තම කුමාරියෝද කියන ප්‍රශ්නෙට උත්තරයක් මේ කුමාරයට කවදාවත් ලැබුනේ නැහැ. ඒ හැම වෙලේම මොකක් හරි දෙයක වැරැද්දක් තියෙන විත්තිය තමා කුමාරයා දැක්කේ. //
Deleteමොකක් හරි වැරැද්දක් කියන්නේ ඔය අනිත් අයට මෑ ඇටේ තිබුන් නැතිවැයි?
ඒක මෑ කියල අපි නොව්ේ කිව්වේ දේසකයෝ// ඇදක් උඩ තියෙන පුංචිම පුංචි මෑ ඇටයක්.//
Deleteඒක තමා මාත් කිව්වේ. වෙන අැට නැතිවයැ මෑ අැටයක්ම ගත්තේ.. හැක්..
Deleteඔය මෑ ඇටේ එයාටම ඔච්චර දැනෙනවද ...අනේ සංසාරෙ
ReplyDeleteඔව්. ඒ නියම කුමාරිකාවකගේ ලක්ෂණ... තේරුනාද ළමයට..
Deleteනියම කුමාරිකාවන්ගේ මෑ ඇටේ ස්පර්ශවුණත් ඇතෙයි කියනවනේ...
DeleteThis comment has been removed by the author.
Deleteනියම කුමාරිකාවකේ මෑ අට බලපු එකෙක්ගේ ඇට දෙකම නැති වෙනවලු..
Deleteඇටයක් කිව්වම මම හිතුවෙ වෙන එකක් හෙහ් හෙහ් බලුකොම නොවැ,ඇටේ තියෙන්න ඕනෑ යට නෙවෙයි කුමාරිගෙ උඩින් කියල කියන්න හිතාගන බොල ආවේ.
ReplyDeleteබොලාට ඉතිං වයසට ඇග යි කටයි කහනවා නේ. ඒකයි අවුල්.. හැක්..
Delete"මෙට්ට විස්සකුයි, පිහාටු ඇද ආවරණ විස්සකුයි අතුරල තියෙන ඇදක් උඩ තියෙන පුංචිම පුංචි මෑ ඇටයක්" නිසා ඔච්චර කෙස් නම්
ReplyDeleteමදුසමය කොහොම ගත කරන්න ඇත්ද ඇග නිල් වෙලා මාසයක් වෙනිවැල් ගැට බොන්ට ඇති
This comment has been removed by the author.
Deleteහැක් හැක්.. ඒක තමා කතාවේ අර්ථය ආචාර්ය තුමනි..
Deleteඔන්න දූෂකයෝ ළමා කතාව අපි වැඩිහිටියන්ට පමණයි කොළා.. හැක් හැක්
ReplyDeleteහප්පේ නලින් අයියේ මේ කමන්ට් ටික කියෝලා මයේ ළමා මනස දුෂණය වුනා බං.
Deleteහිටින් මේ ගැන ළමා කර්යාංශයේ පැමිණිල්ලක් දාන්න.
නලින් අයිය රාජ කුමාරයෙක් නෙවෙයි ගමේ කොල්ලෙක් !!!
Deleteනැද්ද බොස් .
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Delete//අයිතිකාරයා එන්ඩ කලින්//
Deleteඈ බං මේකට දැන් තව අයිතිකාරයො ඉන්නවද? මම හිතුවෙ මේක උඹේ බ්ලොග කියලා :v :D
හැක් .. ආ ඔව් ඔව් මගෙ නේන්නං.. මං ටික දවසකට බලාගන්න දුන්නා. මොකෝ මං ගැලප අයියාගෙ බ්ලොග් එක මෙව් දවස් වල කරං යනවනෙ :D
Deleteරටේ හැම තැනම දුෂණය තියෙද්දේ මෙතන විතරක් ස්වායක්ත වෙයියැ.. නේද??
Deleteඅපේ රටේ දැන් තියෙන තත්වෙ ගැන මතක් වෙනකොට දේසපාලනේ ගාවගන්නෙ නැතිව සුරංගනා කතාවක් වත් රසවිඳින්න බෑ අප්පා. මේ කුමාරිකාව ගැන අහනකොට මට මතක් උනේ අපේ රටේ ඉන්න සබන් බෝල වගේ ඇමති දූවරු, පුත්තු ගැන!!
ReplyDeleteදැං ඉන්න උන් හිතං ඉන්නේ එහෙමයි. ඒත් ඔය යක්කු කඩල ඇටයක් වත් කන්න සල්ලි තිබ්බ උන්ද අනේ..
Deleteඇහි පිල්ලන් ගහන්නැතිව කියෝන ගියා. ලස්සනයි
ReplyDeleteමරු නේ.. හැක්..
Deleteමටත් ඕනේ කුමාරියක්,හැබයි මහා පොළවේ පය ගහලා ජිවත් වෙන්න පුළුවන් එකියක්.
ReplyDeleteහම්බ වුනොත් කියහන් හොඳේ.
එහෙම එකෙක් ඉන්නවා මොකෝ කියන්නේ ඕනෙයි.. ??
Deleteදේශකයා........
ReplyDeleteලස්සන සුරංගනා කතාවක් හොඳේ.................
ස්තුතියි රුකී..
Deleteහෙක් හෙක් මදැයි අට කුමාරිව බලන්න අවා, අනේ අම්මප මෙහෙමත් කුමාරියෝ හිටියනේ, අනේ උන්දෙලා බැඳලා කොහොම කෙරුවද මන්දා :3.
ReplyDeleteයකෝ මෙට්ට 20 උද බුධිය ගත්තම ඔය අටේ දැනුනා කියන්නේ අයි ඉතින් පොළොවේ පය ගහපු නැති උන්දා කෙනෙක් වෙන්න ඕන, අනේ ඉතින් අර අසරණ කුමාරයා, අයි අප්පේ ඕක මෙන්ටනන්ස් කොස්ටෙක කීයක් වෙයි කියලද, එත් උන්ද වැස්සේ තෙමුනා එක තමා පුන්නේ, හනේ ඔහොම අට කුමාරිලා නං අයි ඕනෑම නැතෝ.
සුංගනා කතා කියවද්දි පන්ඩිත කං අමතක කරන්නම ඕන සොමියෝ...
Deleteහම්මෙ මෑ ඇටයක් නිසා අර කුමාරි කොච්චර දුකක් විදලද ඈ ,මෙක මෑ ඇටයක් කියලා දේශක වෙනස් කරා නේ ,ඔය රටේ වෙන ඇට තිබුණෙම නැත්ද තියන්න ඈ ?????
ReplyDeleteකොම වුණත් සතුටුයි හොද ළමා මනසට ගැලපෙන සුරංගනා කතාවක් ......භාෂාවත් නියමයි
අපිට ඉතිං හුරු පුරුදු ඇටයක් තියෙන්න එපායැ නැද්ද..
Deleteදේශකයා. මාර දේශනාව. දේශකයාත් එහෙනම් ඇන්ඩර්සන් කෙනෙක් වුණා..... බලන්නකෝ ඇටයක් කළ හදියක් නේද????
ReplyDeleteඒක නේන්නං.. මම හාන්ස්ගේ කතා කිහිපයක්ම දැම්මා මචෝ..
Deleteලස්සන කතාවක්, පුතාටත් කියවන්න දෙන්න හිතාගෙනම කමෙන්ට්ස් ටිකත් බැලුවා, නෑ ඒකෙන් දැන් කමක් නෑ...ඒකාගෙ වයස ආවම හොයාගෙන කියවපුදෙන්...!!!
ReplyDeleteමොනා කරන්නද කනේ.. මේක බ්ලොග් අවකාශය නේ.. බොට ඕන නං මේ කතාව හාඩ් කොපි එකකට ගහනන් බැරියා.. එහෙම නැත්නං වර්ඩ් වල හරි. නැද්ද. ආ වෙල්කම් වේවා. හොදේ..
Deleteමම කෙනෙක් කතාවක් කිව්වාම මම ඔය කතාව කලින් අහලා තියෙනවා කියන්නේ බොහෝම කලාතුරකින්. නමුත් දේශ් මට මේ කතාව සම්බන්ධ ඉතිහාසයක් තියෙනවා. මේ කතාව මම මුලින් අහනකොට තාත්තගෙන් මට අවුරුදු නමයකට අඩුයි. නමුත් උඹ දන්නවද මට මේක මල පැන්නා ලෙසටම. අද පවා මට ඔය වගේ කුමාරිකාවො ගැන තියෙන්නේ පිළිකුලක්. මාරි ඇන්ටනොයිට්ලට වෙච්ච වැඩේ අසාධාරණ නෑ කියලා හිතෙන්න මේ කතාවලින් ඇතිවෙච්ච ආකල්පත් බලපාන්න ඇති අනිවාර්යයෙන්.
ReplyDeleteහැබැයි දැන් කියවද්දී නම් හිතෙනවා මේකේ කුමාරයට ම ගැලපෙන කුමාරි හම්බවෙලා කියලා ;)
Deleteඅනිවා මචං ඩුඩ්. මේ වගේ කතා වලින් වෙන බලපෑම මොනවට පැහැදිලි වෙනවා උඹගේ කතාවෙන්.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteමොකක්ද බං මේ . උඹලගෙත් මෑ ඇට ඇනිලද?
Deleteබලං ගියාම ඒකත් ආතල්.. හැක්...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteඅඩෝ ලැක්චරයෝ.......මම ගම කෑවාද? මුන් ඔක්කොම කපාගෙන කපාගෙන යනවා. මටත් අප්සට් බං දැන් මේ වැඩේට.
Deleteඅරූ අයියා :D
Deleteඅපි වෙනුවෙන් අපි .
තොපි දානව තොපි මකනවා
Deleteතොපිම කනවා තොපිම බොනවා
තොපිම එනවා තොපිම යනවා
තොපි ඉන්නවා මට දැනෙනවා...
This comment has been removed by the author.
ReplyDeleteලස්සන කතාව........ සුරංගනා කතානං ඉතිං ඇන්ඩර්සන්ම තමයි.
ReplyDeleteස්තුතියි සිසි.. හාන්ස්ගේ දිග ලස්සන කතා දාන්න විදියක් නැතිව තමා මං ලතැවෙන්නේ.. ඒවා පට්ට දිගයි නේ.
Deleteනීල ඔබෙ දෑස යහනාවෙ සුව දේ
ReplyDeleteදෙන්න සැතපෙන්න ඉඩදෙන්න නිබඳේ
එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ
සීත දුරු වන්නෙ අද වාගෙ රැයකයි ... !!!!!!!! :D
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගේ ලස්සනයි. පොඩ්ඩක් ඉන්න සුදෝ මා හෝදන් ආවේ දැන් තමයි
Deleteමුන්ට මොකක් හරි අප්සැට් එකක් වෙලා තියෙනවා ඔව් ඉදගෙන..
Deleteසෝයි .... තව එකක්??? හැබැයි ඇට නැති:-)
ReplyDeleteමාසෙට ඇට එකයි හොදේ.. හැක්..
Deleteසුපිරි බස් වහර..කෙලින්ම මතකය ඇදිල ගියේ ඉස්සර බලපු andardsaon ගේ සුරඟන කතා කරලිය..
ReplyDeleteතැන්කුයි ෂෙහාන්.. සන්තෝසයි.
Deleteඔය ඇටේ තියන බව කුමාරිට දැනුනා නම් ඒ ඇටේ අතරමගදී පිම්බෙනවා වගේ අමුතු ගතිගුණයක් ඇති.එතකොට මේක විද්‍යා ප්‍රබන්ධයක් වෙනවා.
ReplyDeleteනෑ නෑ කුමාරිකාව දන්නෑ මොකක් නිසා එයාට නිදාගන්න බැරි උනාද කියලා..
Deleteකාලෙකින් මතක් වෙලා තියෙන්නේ හාන්ස්ගේ සුරංගනා කතාවක් ලියන්න.. මං හිතුවා පහුගිය ටිකේ උන දේවල් හැටියට මේවා අමතකත් ඇති කියලා..
ReplyDeleteමාත් හිතුවේ ආයි මට ලියන්න පත්තරයා ඉඩ දෙන එකක් නෑ කියල නේ බං. හැක්..
Deleteමචං.. උඩ සමහර අම්මල තාත්තල කියල තියන විදියට පොඩි එකාට මේක පෙන්නන්න හිතුනම් පහල කමෙන්ට් ටික නිසා ඒ අදහස අතඇරියා කියන්නෙ පව් වැඩේනෙ බං..
ReplyDeleteඔන්න මං මගෙ හරි නෑ කියල හිතෙන ටික රිමූ කරල දැම්මා.. !!
ප්‍රියෝ නලියෝ උඹලත් කරල දාපල්ල කැමති නං, මොකෝ වෙන උං වැදගත් විදියට ලියල ගිහිං.විලි ලැජ්ජ හතයි :D
Deleteදේශො .ඉක්මනට තව එකක් ලියන ඇරියස් අල්ලන්ඩ . අදම දාපං ඈ. හැක්
මාත් ඉල්ලා අස් කොර ගත්තා බං. :)
Deleteදේශො, ඔන්න ඔය අපේ නැටි ටිකත් අයින් කොරලා දාහන්. වැඩේ අහවරයි.
අනේ මන්දා බොලාට වෙසක් හදෙන් මොකක් හරි බලපෑමක් උනාද කියල පරික්ෂා කරල බලන්න වටිනවා..
Deleteමමත් ඇත්ත කුමාරියෙක්ද දන්නේ නෑ. මෙට්ටේ උඩ වැලි කැටයක් වගේ දෙයක් තිබ්බත් නින්ද යන්නේ නෑ. :D
ReplyDeleteඑහෙනං මේ කුමාරිකාව ඔයාගේ නෑ කෙනෙක් වෙන්ටැති.. ඇදේ වැලි කැට තිබ්බම කෝමද මෙයා නිදාගන්නේ ඔබ හරි..
Deleteලියවිල්ල රසයි බොක්ක.....එල...
ReplyDeleteතැන්කුයි බොක්කා..
Deleteමාත් පත්තර මල්ලී කියපුවිදියට බොහොම වැදගත් විදියට කියනවා. අැටේක කථාවක් ලස්සනට කියල තියනවා.
ReplyDeleteජය වේවා!!!!!
ඊළඟ පෝඅට් එකේ දෙන්නං පුතා !!
Deleteඔන්න මගෙනුත් වැදගත් කමෙන්ට් එකක්.……
Deleteමාත් කවදා හරි ලොකු උනාම බඳින්නෙ රාජ කුමාරියෙක්. ඕන්.
සොරි පුතා.. ලොක්කට කොල්ලො තුනක් ඉන්නෙ..
Deleteඑහෙනං පට ගාල පොදු අපේස්සකයෙක් ගේමු.. ගෙනල්ල ජනාදිපති කරමු.
ප්‍රධාන සුදුසුකම දුවල ඉන්න ඕන..
සෝබිත සාදු බෑ.. දුවල නෑනෙ.
ෆොන්සේක ??? එක දුවෙක් ඉන්නව නේ නොබැඳ ??
ආ SF හොඳයි .. !!! කතිරෙ ගහන්ඩ මල්ලි ඈ.
දිනේශ් ප්‍රියසාද් හොදයි නේ තුන් දෙනක්ම ඉන්නවනේ..
Deleteසිරාවට පත්තරේ sf ගෙ ලොකු දුවව බැඳගත්ත එකාට වගේ අපිටත් රටෙත් ඉන්න නැති වෙන වැඩක් ඔය.
Deleteඋඹට කියන්න විදානෙ උන් ප්‍රියසාද් මම ප්‍රියශාද්. 'ස'යන්න මොකක් හරි කරගත්තෑකි. ඒ අදහස එළ.
ඒව අරං අපි වගේ ජහමනයට අමාරුයි ප්‍රියෝ .. :D
Deleteයකාගෙ හැටියට එපෑ විමානෙ .හැක්
පත්තරේ බොට හරියන්නේ අගමැතිගේ දූ..
Deleteඔබගෙ මෙ ලිපිය මහත් වැදගත් කමක් වෙතැයි මට සිත්‍ර. (වැදගත් විදියට කිවුවෙ,පත්තෙරෙ එහෙම කියන්න කියල තිබුන නිසා )
ReplyDeleteඉල්ලං කනවට උදාරන ඕනේද ???
Deleteමාව ගනිංකො :D
නෑමෙන් හොද නෑම අැදගෙන දිය නෑම..
Deleteබීමන් හොද බීම කට ගොන්නක් බීම..
කීමෙන් හොද කීම පැලවෙන බොරු කීම..
කෑමෙන් හොද කෑම ඉල්ලා ගෙන කෑම..
ඔහොමද යකෝ වැදගත් තැන් වල කතා කරන්නේ.. හැක්..
Deleteපුදුමයක් නෑ දේශා. මං එක්ක කැම්පස් කාලෙ හිටි රූමෙක් ඌට කිව්වෙ එච් බී .. ඌ උගෙ ඇඳ හදන හැටි දැක්කාම පිස්සු ඩබල් වෙනවා. මුළු මෙට්ටෙම අත් දෙකින් තලලා ඇතිරිල්ලෙ රැලි ඔක්කොම අරිනවා. කොට්ටෙත් එහෙමයි.. ඒ කරලා නිදා ගත්තෙ නැත්නං ඌට නින්ද යන්නෙ නෑ. ඌ ඔහොම ඇඳ හදලා "අන්දර වැටට වතුර දාල එන්න" එලියට යනකල් ඉඳලා අපි උගෙ ඇඳේ රෙස්ලින් දානවා. ඌ ආපහු ආවාම කුණු හබ්බ ඉවරයි.. ඇත්ත නං උගෙ ඇඳේ වැටුණ ගමන් නින්ද යනවා..
ReplyDeleteමාත් දන්න එහෙම එකෙක් හිටියා හැබෑටම. අපේ කොල්ලත් නිදාගන්න ගියාම රැලි නැති වෙන්න ඕන. නැත්නං ඌ ඒක හදාගන්නවා.. හැක්.
Deleteයකෝ මුං දෙන්නා සේරම මකලා දාලනේ දැන් මං හෙලුවෙන් වගේ
ReplyDeleteහැක්.. අපි හොඳ ළමයි උනා.. :D
Deleteනලින් අයියත් ජෝජො බොන්න කොත්තමල්ලි වතුර නොබී.
එතකොට හබුං කාල හොඳ බබෙක් උනහැකි :D
මං කීවා නේ. මේක පත්තරයගේ බ්ලොග් අවකාශය කියල. හැක්..
Deleteමෑ ඇටේ මෙහෙමනම් අනිත් ඇට වැදුනහම නිල් වෙන්න ඇති!
ReplyDeleteඒවා වදින කොට කුමාරිට ඇහැරෙන්න ඇති..
Deleteමට තේරෙන්නේ නැත්තේ ඇයි මේ කුමාරවරු කුමාරියෝ විතරක්ම හොයන්නේ කසාද බඳින්න?
ReplyDeleteසමහර වෙලාවට කුමාරවරු නොවන සාමාන්‍ය කොලේලොත් හොයන්නේ කුමාරියෝ විතරයි...!!
කුමාරවරු එහෙම නේ රූ.. එයාලට කුමාරියෙක්ම තමා ලැබෙන්න ඕන.. එහෙම නේ මවල තියෙන්නේ.. ස්තුතියි මේ පැත්තේ ආවට..
Deleteමොකක්ද් බං මේකෙ කොමෙන්ට් වැඩි හරියක් තියෙන්නෙ දිස් කොමෙන්ට් හෑස් බීන් රිමූව්ඩ් බයි ඕතර කියලනෙ.
ReplyDeleteමෑ ඇටයක් ඇනිල ඔහොම උනානනං අනික් ඇට ඇනුනට පස්සෙ මොනව උනාද දන්නෑ.
ප්‍රසන්න අයිය උදේ පාන්දරම නමාගෙන වගේ
Deleteඒ ප්‍රශ්නේ මටත් ආවා බං.. පස්සේ තමා මතක් උනේ ඕවා මොනවද කියලා.. හැක්..
Deleteලැක්චර....උඹේ මේ ළමා කතා ලියවිල්ල හරිම පංකාදුයි. ඉස්සර කියවපු පොත්වලට හිත ගෙනියනවා. ඇන්ඩසන්ගේ ඉංග්‍රීසි ලියවිල්ලේ රසයම ලැක්චරසන්ගේ සිංහල ලියවිල්ලෙත් තියෙනවා.
ReplyDeleteස්තුතියි අරූ.. අනේ බං මං ඒ තරං දස්ස කොල්ලෙක් නෙමෙයි නේ..
Deleteඔය කතාව පොඩි කාලේදී ඇහුවාම මට ආපු ප්‍රශ්න :
ReplyDelete(1) මෙට්ට විස්සක් විතර දාපුවම ඇඳ වහල ටත් වඩා උස වෙන්නේ නැද්ද?
(2) වහල උස උනත් ඔච්චර උස ඇඳකට කුමාරි නැග ගත්තේ කොහොමද?
(3) නැග ගත්තත් මේ මොන පිස්සු ඇඳක් ද කියල කුමාරිට හිතුනේ නැද්ද?
(4) ඔය උස ඇඳෙන් රෑට වැටෙයි කියලා කුමාරිට බය හිතුනේ නැද්ද?
නීරෝ @ මේක සුරංගනා කතාවක් ;D
Deleteසුරඟන උනත් තාත්වික වුනොත් අවුල් ද
Delete@අපූර්වී
Deleteඔව් ඔව්..
පොඩි ළමයෙක්ට ආපු ප්‍රශ්න නේ ඕවා... :D
සමහර විට මට එහෙම හිතෙන්න ඇත්තේ ඕකේ මොරාල් එක අපැහැදිලි නිසා වෙන්න ඇති. සාමාන්‍යෙන් සුරංගනා කතාවල මොරාල් එකක් තියෙනවනේ. වීරයා, දුෂ්ටයා හොඳට පැහැදිලිව තියෙනවා. ඒත් මේ කතාවේ වීරයොත් නෑ දුෂ්ටයොත් නෑ. මොරාල් එකත් තාමත් හිතාගන්න බෑ.
@ නිරෝ
Deleteඔය කියන ප්‍රශ්න ඇති වෙන්නම ඕන නිරෝ. ඒක .තමා බලාපොරොත්තුව. පොඩි එකා විස්මයට පත් වෙලා ඒ ගැන ප්‍රශ්න කරන එකෙන් මිනිහගේ සිතීම දියුණු වෙනවා. ඒක තමා වෙන්නත් ඕන..
හැබැයි මේවා රස විද්නන නොදන්න විද්වත් අය ( වයසක අය.. ) නං ඔය වගේ මොන්ටිසොර්ි ප්‍රශ්න අහනවා..
අනේ අර අටේ හොරකං කරපු එකාටනම් හොඳක් සිද්දවෙන්න එපා.
ReplyDeleteතවත් කුමාරියෙක්ට දුන්නද කව්ද දන්නේ නේද??
Deleteලියවිල්ල ලස්සනට නිර්මාණය කරල. කියවන්න ආස හිතෙන විදිහට.
ReplyDeleteබෝම ස්තුතියි දිනිතියෝ...
Deleteමේක අයිති ළමා ලෝකයට බබාල නිදියන වෙලාවට කියල නලව ගන්න. ලස්සනයි....... මොනවා උනත්......දෙෂකතුමනි.......
ReplyDeleteනිහිංසා. ඒ වගේ බහුශ්‍රැත අදහස් තියෙන අයට තමා මේවා හරියන්නේ වැඩි පුරම. ආකල්ප හා අර බොරු පන්ඩිත කං නැති කරගන්න. මම නං හිතන්නේ සුරංගනා කතා තියෙන්නේ ලමයින්ට විතරක් නෙමෙයි කියලයි. තැන්කුයි..
Deleteසුරංගනා කතාවක් කාලෙකින් කියෙව්වෙ. තාමත් ඒවා ඒ වාගේම රසවත්. දේශකතුමා ගේ බස හැසිරවීම නිසා එක හුස්මට කියෙව්වා ඔන්න.
ReplyDeleteචන්දි අක්කවත් කාලෙකින් නෙව දැක්කේ.. සන්තෝසයි.. බෝම ස්තුතියි ඈ අපිව බලන්න ආවට...
Deleteහෙක් හෙක්....මෙට්ට විස්සයි ඇඳ ඇතිරිලි විස්සයි...බුදු අම්මෝ...මේක සුරංගනා කතාවක් හින්දා අවුලක් නෑ
ReplyDeleteඔව් ඔව් සයිරි.. ඒක ටිකක් හිතන්න ඕන දෙයක්.. මෙට්ට 20 ක් දැම්මොත් වහලේ තමා නිදාගන්න වෙන්නේ.. හැක්..
Deleteමම හිතන්නෙ ඇටේ නැහැ.දැන් කාලෙ අපේ ඒවා බේරන් ඉන්නෙත් බොහොම අමාරුවෙන්.
ReplyDeleteමේ කාලේ ඇටත් නෑ අපත් නෑ නිෂ්..
Deleteමේ සුරංගනා කතා ලෝකෙ පුරා ජනප්‍රිය වුනේ ඒ කතාවල තිබූ රසය හරය නිසානේ..
ReplyDeleteඅනිවා දයා. සුරංගනා කතා වල තියෙන්නේ රසය වගේම ලොකු හරයක්. ඒක උකහාගන්න එකයි වටින්නේ..
Deleteයකඩෝ...මෑ ඇටයකට ඔච්චර දේවල් කරන්න පුලුවන් කියලා දන්නවා නම් බවලත් උදවිය මීට පස්සෙ සෑහෙන්න ගනන් උස්සයි ගොයියො...මොනා උනත් දේශකයා පොඩි අයට සුරංගනා කථා කියන්න ඉතා සුදුසු බව පෙනේ...මේ පාරෙන් තව දුර යමු...බොට ජය වේවා !
ReplyDeleteපොඩි අයට සුරංගනා කතා කියන එක ලේසි වැඩක් නෙමෙයි බං.. හැක්..
Deleteමේ ලයාන්විත කතන්දර කියන භාෂාවට මම කැමතියි. ළමයි නම් අනිවාර්යයෙන් කැමති වෙයි .
ReplyDeleteස්තුතියි තිලකේ.. මම ඉතිං තැනේ හැටියට බාසාව විතරක් නෙමේ හැම මගුලම වෙනස් කරන එකෙක් නේ.. හැක්..
Deleteලමා කතාවකට ඔබින සරල බස පෝස්ට් එකේ තියෙනවා.
ReplyDeleteඅම්මෝ හැන්රියාටා නැන්දව දැක්ක කල්.. ස්තුතියි..
Deleteකතා අහන්න තියෙන උනන්දුව නිසාම කියවලා බැලුවා. ඔන්න එහෙනම් මගේ බ්ලොග් එක පැත්තෙත් ගොඩවෙලා යන්න එන්නකෝ කට්ටිය. http://pakispettiya.blogspot.com/
ReplyDeleteවෙල්කම් පකිස්.. අනිවා එනවා. ඔන්න ඔහොමයි කරන්න ඕන ආපු ගමන් කොතැන හරි දැනුම් දෙන්න ඒ බව..
Deleteකතාව හරිම ලස්සනයි මං පොඩි කාලේ ජාතික රුපවාහිනියේ බලපු සුරඟනා කතා වගේ . දේශකයා මගේ බ්ලොග් අඩවියට ආවට.Google + වලින් දේශකයව add කලාට අදනේ දේශකයාගේ බ්ලොග් එකට ගොඩ වැදුනේ . අම්මෝ කියවන්න කතා ගොඩාරියක් තියනවා නිවිසැනසිල්ලේ කියවන්න ඕනා :D ගොඩක් සතුටුයි තවත් මේ වගේ සුරංගනා කතා ලියන්න .... :)
ReplyDeleteවෙල්කම් හංසි.. ආපු එකට සන්තෝසයි නාවා කියලත් එහෙම මෙව්ව එකක් නෑ හොදේ.. ස්තුතියි. හාන්ස් ගේ තව කතා ටිකක් ඇති හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කියන ලේබල් එක යටතේ..
Deleteහප්පේ ලස්සන කතාවක් අද නම් දේශකයා දාල... ඔන්න නම ලකුණු කරන්න ආව මං...මුළු කතාවම කියෙවුවා. :-D
ReplyDeleteස්තුතියි දිනිතියෝ. රස වින්දා නං මට බෝම සන්තෝසයි..
Deleteහොදයි කියෙව්වෙමි
ReplyDelete