අවුරුදු හතරක් විතර කාලයක් කටුබැද්ද, රාවතාවත්ත, මොරටුව, කොරළවැල්ල පැති වල මටත් ලගින්න උනා නේ. ඒ කාලේ දැං මතක් වෙන්නේ කිසියම් වූ මිහිරි හැගීම් එක්කමයි. ඒත් ඒ දවස් වල ගතකරපු ජීවිතය ගැන ඒ කාලේනං තිබුනේ අජූත හැගීමක්.
අපි බෝඩින් වල ගත කරපු ජීවිත ගැන මට අද එකපාරට මතක් උනේ සහෝදර හැංගුව එයාගේ බෝඩිං පෝස්කටුව නිසයි.
මම ඉස්සෙල්ලාම මොරටුවට ගොඩ බැස්සට පස්සේ හිටියේ රාවතාවත්ත හන්දියේ තිබුන බෝඩිමක. ඒ බෝඩිම හොයාගත්තේ රාමේ කියන මගේ මිත්තරයා, බැචා. ඉතිං මිනිහා කිව්ව නිසා මාත් අඩුමකුඩුම ටිකත් ගැට ගහගෙන ගියා එහේ නවතින්න. රාවතාවත්ත හන්දියේ ලුනාව පාරට වෙන්න තියෙන පල්ලියත් එක්කම, පල්ලියෙ තාප්පෙන් ඇතුල් පැත්තට තියෙනවා පොඩි අඩි පාරක්. ඒ පාර දිගේ ගියාම කෙලින්ම බෝඩිම. ඔය බෝඩිමේ කාමර තිබුනා පහක්.. හතරක් අළුත් හදපු අඩුක්කුවක් වගේ පොඩි කඩ පේලියක් වගේ ගේකයි තිබුනේ. අනිත් කාමරය වෙනම හදපු තරමක් ලොකු කාමරයක්. ඒ කාමරයි අර කාමර හතරයි හරියට අංශක අනුව හැඩේට තිබුනට ඒක වෙන්වෙලා තිබුනේ අනිත් ගෙවල් වලට යන පාරෙනුයි කාමර හතරේ බෝඩිමට අල්ලල තිබුන නාන ලිදෙනුයි තමා.
රාමයා හිටියේ තව දෙන්නෙක් එක්ක අර ලොකු කාමරේ. ඒකේ තුන්දෙනෙක් ඉන්න නිසා මට ලැබුනේ ලිද ගාව තිබුන කාමර හතරෙන් එකක්. ඒක කාමරයක් කිව්වට වඩා හොදා මිනි පෙට්ටි දෙකක් දාපු ටකරං මඩුවක් කියල කියන එක. බිත්ති දෙක දෙපැත්තට ඇදන් දෙක. එතකොට අතරින් ඇවිදින්න අඩි දෙකක් විතර ඉඩක් තිබුනේ. පොඩි ස්ටූල් එකක් තිබුනා ඔය පොඩි පොඩි බඩු තියාගන්න. ඇදට උඩින් බිත්තියේ ගහල තිබුනා ලෑලි රාක්කේ තමා ඔක්කෝම බඩු තියන්නේ. මගේ ඇද උඩ මට එකයි. අනිත් ඇද උඩ අනිත් එකාට එකයි.
ඒ මිනිහාගේ නම මට දැං අමතකයි. ඒත් මිනිහා වැඩ කරේ වෙලෝනා එකේ. මිනිහා හරිම අමුතු සතෙක්. කවදාවත් මාත් එක්ක කතා කරන්නෑ. හැන්දෑවට ආවත් ඔහේ වාඩි වෙලා පපුව අත ගගා කල්පනා කර කර ඉන්නවා. අනිත් උන් නං කිව්වේ මේ හාදයා වෙලෝනා එකේම වැඩ කරපු කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියට ඒකි බුට් එක තිබ්බට පස්සේ මූට පිස්සු හැදුනයි කියලයි. ඒකත් ඇත්ත වෙන්න ඇති. මොකද මුල්ම දවසේ මං ඇහුවම ගම කොහේද කියල මිනිහා කිව්වේ ආණමඩුවෙයි කියලා. ඒත් පස්සේ තමා දැනගත්තේ මිනිහා අනුරාධපුර පැත්තේ කියලා. ඒත් පස්සේ දවසක තව කාට හරි මිනිහම කියනව ඇහුනා ඒ යකාගේ ගම අකුරැස්සද කොහේද කියලා. ඉතිං මං තේරුං ගත්තා මේකා පිස්සෙක් කියලා.
එක දවසක් පොර නාලා ඉවර වෙලා හවස තේ බොන්න හන්දියට ගිහිල්ල. හැමදාම ප්ලේන්ටි බොන මේ හාදයට කඩේ එකා නෙටස්ටමෝල්ට් එකක් පොවලා මිනිහා මෝල් වෙලා. මට ඇවිත් කියනවා “මල්ලියේ මාර සීන් එකක් නේ.. මට ඇග පත පන ගහල ආවනේ“ මං ඇහුවා මොනවද කෑවේ කියල. “මුකුත් නෑ නෙට්ටමෝල්ට් එකක් බිවිවා“ කියල කියාපි. ඔන්න ඔහොමයි මිනිහගේ තත්වේ.
බෝඩිමේ අංකල් කොන්ඩෙ සුදු වෙචිචි වැඩිය උස නැති මහත බුවෙක්. වයස නිසා බෝම අමාරුවෙන් තමා ඇවිදින්නේ. හැමෝටම නමින් කතා කරපු මිනිහා තමා අපිට උදේට ප්ලේන්ටියක් දෙන්නේ. අපි හිටියේ මාසෙකට රුපියල් හාරසීය ගනනේ. ඉතිං ඒකට හරියන්න ප්ලේන්ටිය නිකං දෙන ගානට තමා අංකල් කතා කරේ. උදේ පාන්දර ප්ලේන්ටි හදාගෙන ජොග්ගුවට දාගෙන පොර එනවා කාමර ගානේ. නම කියල කතා කරාම අපි නැගිටල ගිහ්ල්ල කෝප්පෙට ප්ලේන්ටිය දාගන්නවා.
“ඔන්න දේශකයා. මේක තමා මේ මොරටුවෙන්ම තියෙන හොදම තේ එක. මොන බෝඩිමේද මෙහෙම රහ තේ එක්ක දෙන්නේ..“ ඔන්න අංකල්ගේ දිනපතා හෑල්ල. ඕක දවසට තුන් හතර පාරක් වත් කියන එක කියනවමයි. අපි ඒ දවස් වල හෙන උජාරුවෙන් කියන්නේ අපේ උන්ට යකෝ අපේ අංකල්ගේ තේ එක තමා මේ ලෝකේ තියෙන දිව්‍ය ලෝක රහම තේ එක කියලා. ඉතිං ඒක බලන්න සමහර වෙලාවට අපේ හාදයොත් එනවා. කොහේද හවසට තේ දෙන එකක්යැ. අන්තිමට අංකල්ව අවුස්සල උන් යනවා යන්න.
රාමයා හිටිය කාමරේම හිටියා වසන්ත කියල බුවෙක්. කොල්ලු පිටියේ ස්ටාර් ඩස්ට් ක්ලබ් එකේ වැඩ කරපු. නියම පොරක්. හැබැයි බොන්නෑ. අපි ඉද හිට උන්ගේ කාමරේ සෙට් උනාට ඌට අවුලක් නැත්තේ මොකෝ ඌ රෑට කාමරේ නැහැනේ. හවසට ගියාම මේකා උදේ එන්නේ. හැක්.
ඒත් හිටි හැටියේ පොරට වෙන ජොබක් සෙට් වෙලා යන්න උනා. ඒ නිසා බෝඩිමෙන් සමුගන්න අන්තිම රාත්‍රිෙය්දි අපිට දුන්න පාටියක්. පාටිය දාලා අංකල්ට ඇහෙන්නැති වෙන්න අපි හෙමීට සින්දු කිව්වා.
“ඔබට යන්නම ඕනෑ නං
ඔබ යන්න මගෙන් ඉගිලී
මේ කාමරයේ පුරා රැදුනු
සුවදත් අරගෙන
ඒ සුවද ඇවිත්
මගේ හිත පාරයි“
කපුගේ කියන මේ සින්දුව බීපු මරගාතේ හත් අට පාරක් කිය කිය ඌ බදාගත්තා මට මතකයි. ඔය වෙලාවේ තමා කස්ටියට මතක් උනේ අංකල් රෑ නමයටත් බුදු පහන තියන්න එනවා කියලා. සිමෙන්තියෙන් හදපු අංකල් ගේ පාන් පැල ඒ කාමරේ ළගමයි තිබුනේ. දවසට තුන් පාරක් පාං පත්තු කරල අංකල් වදිනවා. රෑ නමයට, උදේ හයට, දවස් දොළහට. ඒක මතක් වෙලා රාමයා කිව්වා.
“ඒයි බං අපි මරු වැඩක් කරමුද“
“මොකක්ද බං“
“පාං පැලේ බුද්ධ පින්තූර ටිකක් තියමු“
“ඔය තියෙන්නේ බං. තව මොකටද?
“හැක්.. ඒවා නෙමෙයි යකෝ මේවා ටිකක් අලවමු“ රාමයා ඇද යට තිබිලා බ්ලු පොටෝ ටිකක් එළියට ගත්තා. සැප කනේ ඒ වෙලාවේ ඒක දැක්කම. කස්ටියම හරි හරි කියල හෙමින්ම කාමරේ දොර ඇරල අංකල් නැති බව සැක හැර දැනගෙන පාං පැල ගාවට ගියා. ඒකේ තිබුනා මැදින් බුද්ධ පින්ත්රේ .දෙපැත්තේ කතරගම දෙයියයි, සරස්වතී දේවියයි ඉන්න පින්තුර. ඒ ටික වැහෙන්න අමු හෙළුවෙන් ඉන්න කෙල්ලෝ තුන්දෙනෙක්ගේ පින්තූර අපි ඇලෙව්වා. අලවල පස්ස පැත්තෙන් හිනා වෙවි අංකල් එනකං බලං හිටියා. හරියටම නමයට පොර ඇවිත් මල් පහන් තියල විනාඩි 10 ක් විතර වදිනවා. අපිට හිනා වෙන්නත් බෑ ඇස් වල ඒ තරං කදුලු. මේ මනුස්සයා වදින වැදිල්ල දැකලා..
ඔය සිද්ධීය නිසා කෝම හරි එළී වෙන්න කිට්ටු වෙනකම්ම පාටිය නැගල ගියා. වසන්ත බෑග් එකත් අරන් උදේ තුනට විතර ගෙදර යන්න ගියා. මං ඒ එක්කම බඩු ටිකත් අරගෙන පිස්සගේ කාමරෙන් වසන්තගේ ඇදට සම්ප්‍රාප්ත උනා. ඇවිත් හොදට නිදාගත්තා.
“වේස බල්ලෝ. මුං නවත්තගන්නවට මට මඩු වලිගෙන් ගහන්න ඕන. පාහරයෝ. මුං වගේ වේස බල්ලෝ ජාතියක්.. රාමනායක... දේශකයා.. සමන්...“
ඔය සද්දෙටයි නම අඩගහන ටකරං සද්දෙටයි මං එකපාරම ඇහැරුනා. එතකොටත් රාමයා අතිත් කට තද කරං ඇද උඩ වාඩි වෙලා ඉන්නවා. අංකල් නම් කියල කතා කරාම නොගිහින් පුළුවනෑ. දොර ඇරගෙන අපි ගියා එළියට.
“රාමනායක.. කව්ද මේ අලුගුත්තේරු වැඩේ කරේ.. තමුසෙල තමා මේක කරේ. මං දැක්කා ඊයේ රෑ එළිවෙන කං කාමරේ ලයිට් පත්තු වෙනවා. තොපි මහ වේස බල්ලෝ ජාතියක්. අදම පලයල්ල යන්න. උඹලගේ ඇඩ්වාන්ස් එකත් මං දෙනවා. අදම පලයල්ල“
“ඇයි ඇයි අංකල්.. මොකක්ද අවුල. අපි රෑ පාඩං කරානං තමා අද විභාගේ නිසා“
“කව්ද යකෝ මේ පාං පැලේ හෙළුවැලි පින්තුර ඇලෙව්වේ.. තොපි තමා මේක කරේ.. මං අතාරින්නෑ.. තොපි යවනවා මේකෙන් එලියට“
“අනේ අංකල්.. අපි දන්නෑ.. අපි ඕවා බලන්නෙත් නෑ. කෝ බලන්න“
රාමනායක හෙමින් පැලට එබී බලන කල අංකල් පාන පත්තු කර වන්දනා කරන පින්තුර දිහා බලා ලැජ්ජාවෙන් මෙන් ඇඹරුනා.
“සිකේ අංකල්.. මේක මහ සහගහන අපරාදයක් නේ.. කව්රු මේ වගේ පඩත්තර වැඩ කරනවද මන්දා.. අංකල් දන්නවනේ අපි ඕවා කරන්නෑ කියලා“
“ඒකනේ ඒකනේ... කව්ද මේක කරේ. මට අර ටෙක් එකේ ඉන්න කොල්ලෝ තුන් දෙනත් විස්වාස නෑ. උං අද උදෙන්ම ගිහිල්ලා“
“අා. අංකල්. අද වසන්ත උදේම ගියා ගෙදර..ආයි එන්නෑ කිව්වා“
“මේ මේ වසන්ත.. මිනිහා ගියා. මට කිව්වෙවත් නෑ. අඩු ගානේ මේ මාසේ සල්ලි දුන්නෙත් නෑ“
“එහෙමද අංකල්. අපි දන්නෑ. මිනිහා කිව්ව අංකල්ට මාස දෙකකම සල්ලි දුන්නයි කියල“
“පර බල්ලා.. එහෙනං මේ වසන්ත තමා මේක කරන්න ඇත්තේ. ඌට අනුකම්පා කරලයි මං මෙතැන ඉන්න දුන්නේ. අන්තිමට ඌ මටම අත හොදල යන්න ගියා.. මෙහෙමත් වසවර්තියෝ“
රාමනායකගේ පාවාදීමත් එක්ක අපි යන්නං ෂේප් උනා. නැත්නං වසන්නයැ. අංකල් ඊට පස්සේ තරහෙන් අර පින්තුර ටික ගලවල එළීයට විසි කරා. බුද්ධ පින්තුරත් එක්කම. පස්සේ අපි ඒවා ඇහිද ගෙන බුද්ධ පින්තුර විසි කරලා අනිත් ටික ආයි අරන් ඇද යටින් ගිහින් තියාගත්තා.
අපෝ දේශකතුමා කරලා තියෙන අළුගුත්තේරු වැඩ ඉදගෙන ... කොකා කෝලා බීවේ නැතෙයි
ReplyDeleteකොකා කෝලා තමා ඩෝ අපි බොන්නේ කෝමත්.. හැක්..
Delete/* පස්සේ අපි ඒවා ඇහිද ගෙන බුද්ධ පින්තුර විසි කරලා අනිත් ටික ආයි අරන් ඇද යටින් ගිහින් තියාගත්තා. */
ReplyDeleteහැක, හැක.
එතකොට උඹලට සාදු එපා මර දුවරු විතරයි ඕනේ?
මේ බෝඩිංකාරයෝ වෙච්චි අපිට සාධු මක්කටෙයි අනේ.. දුවරු ඊට වඩා වටිනවා නෙව
Deleteඅනේ බං උඹලාත් කරන වැඩ.:D අහිංසක රමයා දන්නවනම් උඹලා ඌව පවා දුන්නා කියලා ඌ මොනා කරයිද..?
ReplyDeleteරාමයා තමා බං වසන්තයව පාවාල දුන්නේ. පස්සේ අපි ඌට විස්තරේ කිව්වා. අම්මෝ බොලාට පාටියක් දෙන්න ආයි එන්න හිටියේ දැන්නං එන්නෑ කියල ඌ කියපි..කෝ..
Deleteඅපි හිටිය බෝඩිමේ අයියා කෙනෙක් දවසක් අපිට අතටම අහු උනා..අපේ මෙට්ට යට තිබ්බ පත්තර සඟරා අපේ කාමරයක් අස්සෙම ඉඳන් කියවනවා..එදා මොකකට හරි තිබ්බ ලෙක්චර්ස් කැන්සල් වෙලා අපි බෝඩිමට ආවා යාලුවෙකුගෙ ගෙදර යන්න ඇඳුම් මාරු කර ගෙන යන්න කියලා..මෙන්න මිනිහා අපේ ඇඳක් උඩට වෙලා හොඳට අපේ එව්වා කියෝනවා..ඊට පස්සෙන් මාසෙ ඉඳලා අපි වෙන බෝඩිමකට යන්න වෙන කම්ම මාසෙ නියම දවසට සල්ලි ඉල්ලුවෙත් නෑ..දෙන දවසක අරගෙන නොකර සද්ද හිටියා..
ReplyDeleteප්‍රතිඵලය කන්ටිනියු කරන්න එපායැ වෙනියෝ..
Deleteතියන්න වටින්නෑනෙ. අංකල් කාරය ඔයින් ෂේප් කරගත්ත ඇති.
ReplyDeleteහම්මේ බෝඩිං ආතල් නම් එමටයි. ඒවල රහ දැන් තමා වැඩි වැඩියෙන් දැනෙන්නෙ.
හැක්. ඒ කාලේ අමු දුක. දැං මතක් උනාමයි ආතල්..
Deleteහ්ම්ම් ඒ කාලෙත් කෝක්ද බිවුවෙ? නැත්නම් වෙරළු මල්ද? හි…
ReplyDeleteමම හිතුවා අර අන්තිම ටික කියවත්දි බුදු රූපටික පැලේම අලවලා අර ටික විසික් කරයි කියලා මදැයි කොරා. ;))
අපි කවදත් කෝක් බොන පුතුන් තමා ප්‍රිෙයා්.. අංකල් විසි කරපු ඒවා අපි මොටද ඇහිදින්නේ බං..
Deleteමේ ඉතිං උඹ කරපු කුප්ප වැඩ වලින් සොච්චමයි නේ,,..
ReplyDeleteඑදා අර කොල්ල........................... එක්කෝ ඕන නැහැ මක්කෙටෙයි ....බොක්ක සතුරා කර ගන්නෙ ...
හැක්.. ඔන්න ඕකනේ කියන මගුලක් කෙලින් කියහං..
Deleteනෙදකින් තොපි වගේ අලුගුත්තේරුවො ජාතියක් උබලට බුද්ධරූපෙ ලගින් ඕව තියද්දි පව් සිද්ධ වෙනව කියල නිකමටවත් හිතුනෙ නැද්ද...
ReplyDeleteබුද්ධරූප.. අර කඩෙන් ගත්ත ප්‍රින්ට් කරපු ඒවා.. ඒවාට මොන පව්ද බං...
Deleteඅනේ අහිංසක වසන්තයා. :D
ReplyDeleteහැක්. ඌ බිලිබොයි උනා නේ..
Deleteඅර කබඩ් එකක් වගේ කාමරේ අරුත් එක්ක ඉන්න එක nightmare එකක් වෙන්න ඇති නේද?
ReplyDeleteඌ නෙවෙයි කියලා උඹට ෂුවර්ද? උඹට උදේට වෙනසක් හෙම තේරුනේ නෑනේ.
උඹලා කරපු වැඩේ ගැන මොකුත් නොකියා ඉන්නම්.
ඒකනං කියල වැඩක් නෑ බං. මං සති දෙකක් විතර යනකං හෙන බයෙන් හිටියේ. රෑට නින්ද යන්නෑ ඌ නිනිදෙන් විරිත්තන සද්දෙට..
Deleteඉතිං මොකක්ද බං අංකල් ඒ කියන්නේ වදින එකා විසි කරානං අවශ්‍ය දේ අරන් අනවශ්‍ය දේ ඉවත් කරන එක අපිටත් කරන්න පුළුවන්නේ..
ඇත්තනේ මක්කටෙයි බුද්ධ පින්තූර ..අනේ වෙරළුවා
ReplyDeleteඅපිට මොකටද බං බුද්ධ පින්තුර..
Deleteකරපු වැඩේ ටිකක් අප්සැට් උනත් ඉතින් ගත්ත ආතල් එක නිසානේ අද මේ පොස්ට් එක ලියවිලා තියෙන්නෙත්...... රටේ ලෝකේ එවුන් කරන නොයෙක් මාදිලියේ පදත්තර වැඩ එක්ක ඔයවගේ දෙකට බුදුහාමුදුරුවෝ උනත් තරහා වෙයි කියලා හිතන්න අමාරුයි බන්
ReplyDeleteඅනේ බං මොන බුදු හාමුදුරුවොද? ඕවා මහ බොරු කතා. ඔය වගේ පින්තුර ප්‍රින්ට් කරාම ට්‍රාන්ස්පෝට් වලදි කඩේදි එතුමා විදින නවනිංගිරාව මිනිස්සු දන්නේ නැහැනේ..
Deleteඅසමජ්ජාති දේශකයා.
ReplyDeleteකොහේද අසමජ්ජාති.. හැක්..
Deleteහුකා මට දැනුයි මතක් වුනේ මම අද උදේ බොඩ්ිමක් හොයන්න කියල පොරකට කෝල් කලා. මිනිහ විනිාඩි දහයකින් ගන්නව කිව්වට තාම ගත්තෙ නැහැ..ආයිත් කෝල් එකක් ධීල බලන් ඕනි.
ReplyDeleteතැන්කුයි කියහං රිමයින්ඩර් එකට.. හැක්..
Deleteහපොයි...
ReplyDeleteඅසමජ්ජාතියොත් අසමජ්ජාතියෝ කියනවා මේ වගේ දේශකයන්ට.. හැක් හැක්..
කොලු කාලෙනේ
ජය වේවා!!!
අනේද කියන්නේ විදානේ..
Deleteමමත් ඔය ගාළු පාරෙම තැන් කීයක හිටියාද? හම්මේ බන් කරපු දේවල්..රස්සාවල් කරන නිසා අතේ සල්ලිත් තිබුනා. උඹට අර පිස්සු සංසර්ඝයා එක්ක තව හිටියා නම් මීටත් වඩා පිස්සු හැදෙනවා.
ReplyDeleteස්ටාර් ඩස්ට් එක රවී විජේරත්නගේ නේද? ග්‍රේලයින් හවුසින්,699699 කියලා කැබ් සර්විස් එකකුත් තිබුනා ඒ කාලේ ඔය යකාට. මටත් පොට්ට චාන්ස් වදිනවා ස්ටාර් ඩස්ට් යන්න. විස්කි ගහලා ,බෙන්සන් පැකට් එකකුත් සාක්කුවේ දාගෙන එනවා. ගැම්බ්ලින් නම් මට දිරවන්නේ නැහැ.
688688 cabs
Deleteග්‍රේලයින් බසුත් තිබ්බ නෙ. පස්සෙ බස්නං වහල දැම්ම.
Deleteඔව් බන් ඉන්දික.... ඕකුන් රටටම පොලු තිබ්බා..ගෙවල් ගත්ත මිනිස්සුන්ටත් පොලු. මගේ වයිෆ් කැබ්ස් ඩිපාට්මන්ට් එකේ, එයාගේ අක්කා හවුසින් එකේ හිටියේ. ෆ්ලවර් රෝඩ් එකේ ලොකු ගේක ඔෆිස් එක තිබුනේ. රවිගේ අයියා ලාල්...දෙන්නා එක්ක එකට කරේ. දැන් අයියා ගැන නම් අහන්නවත් නැහැ. ඒ කාලේ ප්‍රේමදාස ලොක්කා අල්ලන් ගොඩ ආවා. දැන් මෙයාව අල්ලන් ගොඩේ ගොඩ.
Deleteමටත් මතකයි ග්‍රේ ලයින් බස්. ඒ කාලේ කොළඹ මොනරාගල, කොලඹ බදුල්ල, කොළබ ඇඹිලිපිටිය, කොළඹ වැල්ලවාය ඒවායේ ඉඳලා හිටලා ස්කෝලේ යන්නත් සෙට් වෙලා තියෙනවා.
Delete@ අරූ..
Deleteඕක මොකාගෙද කියල නං මට මතක නෑ. 688 එකේ මගේ යාළුවෙක් නං හිටියා කෝලින් සෙන්ටර් එකේ. දවසක් ඕඩර් කරපු කාර් එකේ පේමන්ට් එක නොගෙන කාර් එක වෙන කොහාටද යවල මිනිහට යන්න උනා පේමන්ට් එක අරන් එන්න කලින් ක්ලයන්ට් ගාවට..
@ උපේ, බබා
Deleteඔව් මටත් මතකයි ග්‍රෙලයින් සිල්වර්ලයින් තමා ඒ කාලේ අනන්ත තිබුනේ. උන් එහෙම් පිටින්ම වැටුනා..
අසම්මජ්ජාති වැඩ කරනකොට තොපිට පව් කියල හිතුනෙ නැද්ද බුදුගෙයි හෙළුවැලි පින්තුර තියන්න යකෝ.
ReplyDeleteහැලපේ........මේවා කොහොම කියන්නද මන්දා...ඒත් ඇහැට දැකපු නිසා ලියන්නම්. මේක මම වරක් ප්‍රියාගේ පෝස්ට් එකකටත් කමෙන්ට් එකකට දැම්මා. බුදුගේ ඇතුලේ සිල් මෑණියෝ (සිවුරු පෙරවපු )කෙනෙකුට ටිං ටිං දාන සාධු කෙනෙක් මගේ අතට අහුවුනා. අපි පොඩි එවුන් නිසා ඕවා ඉහලට දැණුම් දෙන්න ගියේ නැහැ. ඌ ඊට පස්සේ තව කෙනෙකුට කියනවා...තට්ටේ අත ගගා ටිංටිං කරනකොට ෆුල් ආතල්ලු. සිල් මෑණිවරු සහ සාධුලා අතරත් ඔය ගේම් එක ගියා...ඕවා බොහෝ අය දන්නේ නැහැ.
Delete@ හැලපේ
Deleteමොන එහෙකට බය වෙනවද බං.. රුපියල් දෙකේ පින්තුරෙකට.. බුදු හාමුදුරුවෝ උනත් තරහ වෙන එකක් නෑ ඒක එතතින් අයින් කරාට. මොකක්ද ඉතිං අංකල්ගේ වැදිල්ල. තමන්ට සරු වෙන්න කියල යාතික කිරිල්ලක් විතර නේ..
@ අරූ
Deleteඅනේ මන්ද බං මම නං හිතාගත්තා එවැනි දේ කියන්නෑ කියලා. වැඩක් නෑ.. ඒවා කියන එකයි වැරදි වෙන්නේ කරන එකා නෙමෙයි
අම්මපා කරොත් කරන්නේ ඉතින් ඔය වගේ වැඩක්මනේ.. තව ආතල් කතා ඇති වගේ එහෙනම් ඉස්සරහට ලියන්න..
ReplyDeleteමතකෙට එනවා හොරයි බං ඒකයි අවුල..
Deleteඔහොම යමු...
ReplyDeleteනැතුව ඉතිං කෝම යන්නද?
Deleteහපොයි කරලා තියෙන වැඩ ...පව් වසන්ත.
ReplyDeleteහැක්.. වසන්ත නොහිටින්න අපිත් එදාම එළවනවා නේ...
Deleteබෝඩින් ජීවිත කොච්චර කටුක වුනත් රසවත් බවකුත් තියනවා නේද?
ReplyDeleteඅපි කටුක බවින්ම රසයක් ගන්න අයනේ බං.. විචෝ..
Deleteසැප කනේ යකෝ.. අංකල් අත කොහේ තියන් වැන්දද දන්නෙ නැහැ.
ReplyDeleteඋබල කාමරේ වැල අදින්න ඇති ඒකයි පොටෝ තියන් ඉදල තියෙන්නෙ.
කෝම හරි යන්න හිටිය එකා පිටින් දාල වැඩේ ගොඩ දාගත්ත එක නම් හොදා :))
හැක්.. මම දන්නෙත් නෑ රාමයට කලින් හිටපු රුමාගේ එකක් වෙන්න ඇති බං අපි ඒවා බලන්නේ නෑ ඔය කාලේ. මොකද 4 වසරේ නේ ඕවා බැලිල්ල පටන් ගත්තේ.
Deleteඅනේ අනේ දේශකයෝ අපි උඹලාට වඩා කොයි තරම්නම් ගුණ යහපත්ද බලාගෙන ගියාම . හෙහ් හෙහ් . ඔය කටුබැද්ද, තෙලවල, දේවාල පාර පැත්තේ ඕනිම දෙවැටක්, බෝක්කුවක් ඒ ගැන සාක්කි කියාවි
ReplyDeleteහැක්.. අපි එහෙනං ඊට වඩා බෝපැල හොදේ..
Deleteඅපෝ දේශකයෝ.. කරන තරමක් කරන්නේ අලුගේතුතුරු වැඩ නේ
ReplyDeleteමොනව කරන්නද ඕවා කරනවා නෙව.. කිවවම මොකෝ..
Deleteමම එක දවසයි කැම්පස් එකේ ළමයි නතර වෙන බෝඩිමකට ගියේ. (කැළණියේ කොහේ හරි. මගේ ගමේ යාළුවාගේ) පුදුමේ කියන්නේ ඔය කියන ඉඩ අස්සෙම උන් නම් භූමිතෙල් ලිපක් තියාගෙන කෑමත් හදාගෙන කෑවේ. එදා තමයි මට තේරුනේ මගේ ජීවිතේ මොන තරම් නම් වාසනාවන්තද කියලා. ( දැන් නම් නිකමටවත් එහෙම කියන එකක්යැ) ඒත් එදා නම් මම පුදුම වුන හැටියට මට හිතුනා අපරාදේ මගේ යාළුවා කැම්පස් ගියෙ කියලා.
ReplyDeleteසමහර අයට එහෙම පේනවා මොකද හුරු නැති තනිකර මස්තබාල්දු පරිසරයක් නේ බෝඩිං ජීවිතය කියන්නේ. හැමදේකදිම වගේම පුරුද් වෙද්දි ඒ ගතිය අතෑරෙනවා..
Deleteමේ මගේ මතකෙට ආව නිසා අහන්නේ. උඹ NIBM එකේ හිටපු දේශක නෙවෙයි නේද ?
ReplyDeleteහොඳ වෙලාවට බුදුහාමුදුරුවෝ නිවන් දැකලා තිබුණේ.
අපෝ නෑ ඔය දේශන තියන තැන් වලට මං යන්නෑ..
Deleteගනන් ගන්න එපා ඔය එක එකා කියන අලුගුත්තේරු කතා. ඔය හැම එකෙක්ම ඔයිට වැඩිය දේවල් කරල ඉන්න එවුන්.ලැජ්ජාවට කියන්නැ. ඇයි ඉතින් තත්ත්වෙට හොද නෑනෙ කිව්වොත්.
ReplyDeleteකරන්න හොද නං කිව්වම මොකෝ බං. ඒකයි මගේ තියරිය
Deleteහැක්.. ඔය කරල තියෙන්නෙ කෝක් බීල වැඩක්. ඒ කාලෙත් වැඩි වෙනසක් නෑ වගෙයි.
ReplyDeleteමට කියහංකො බොලා මොකටද ඔය පිංතූර කාමරේ අස්සෙ තියාගෙන හිටියෙ කියල.
ඒවා අපේ පින්තූර නමෛයි බං..
Deleteඅපි බෝඩින් වල ගත කරපු ජීවිත ගැන මට අද එකපාරට මතක් උනේ සහෝදර හැංගුව එයාගේ බෝඩිං පෝස්කටුව නිසයි.///
ReplyDeleteදේශක එක හරි ඔන්න මං දැම්මා ,මං එක හැංගුවේ මටම මං පොර බය වුණ නිසා ...
This comment has been removed by the author.
Deleteඒකනේ මං බලද්දි ඒක තිබුනේ නැහැ
Deleteමට තියෙන අප්ෂට් එක. ඒ පින්තූර අස් කරයින් පස්සේ බුදු හාමුදුරුවෝ අප්ෂට් ගියාද දන්නේ නෑ කියන එක. ඔය පන්සල්වලත් ඉන්නේ පත තන් තියෙන සුරංගනාවියෝ බුදු හාමුදුරුවන්ගේ උඩිනුයි යටිනුයි. කොහොම නිවන් දැක්කද මන්දා අප්පා..
ReplyDeleteහැබයි මේ පෝස්ට් එක, බොදු බලු සේනාව දැක්කොත් තෝව හොයාගෙන ඇවිත් නිවන් යවනවා ආයේ දෙයක් නෑ.
හැක්.. බොබසේ ටීවි එකේ යන එකක් නං ඒවි..
Deleteමේකා වගේ නරුමයෙක්. යකෝ මරලාත් මදි මේකා නම්
ReplyDeleteඇයි ඇයි මං මොකක් හරි වැරදි දෙයක් කරාද බොල.. හැක්
Deleteසිංහලෙන් කියනවානම් අයියේ බලු වැඩක් ඕක කරන්න තිබුනේ බුද්ධ පින්තූරේ අයින් කරලා
ReplyDeleteඔය බුද්ධ රූපේ කොහේද බං ධර්මයක් තියෙන්නේ නිකං පින්තුර කෑල්ලක් විතරයි.. අංකල්ගේ ධර්මෙත් තමන්ගේ අතට ගාන වැඩි කරගන්න මිසක්කා ධාර්මික බවක් නෙමෙය නේ..
Deleteසුභ අනාගතයක්..!
ReplyDeleteපළමුව මව්බිම...
Deleteමටත් තිබුනා බෝඩින් ආතල් එකක්. මම හිටියේ බොරැල්ලෙ. ඒ ආන්ටිගේ ලොකු දුව ආවා ඒ ගෙදර නවතින්න පොඩි ළමයත් එක්ක. මහත්තයා හිටියේ ප්‍රන්සයේ. අවුරුද්දකට සැරයක් ගෙදර එනවා. තනියම ලොකු ගෙදරක ඉන්න බෑ කියලා ආවා. මට එතකොට වයස විසි පහයි, එයාට තිස් එකයි.
ReplyDeleteමම හියියේ ගෙදරින් පිට උඩ තට්ටුවේ. ටික දවසකින් අපි අදුරගත්තා. දවසක් මම පාන්දර 4 විතර ගෙදර යන්න ඕන වෙලා එයියේ වතුර ටැංකියේ නාන්න ගියා. ඇතුලට ගියොත් අනිත් අය ඇහැරෙන නිසා. මම නාන්න පටන් ගන්න කොට මෙන්න මෙයා පිටිපස්සෙන් අැව්ල්ලා මාව බදා ගත්තා. මම එදා ගෙදර ගියේ තව පැයක් පරක්කු වෙලා. එදා ඉදලා අවුරුද් දෙකක් යනකම් ගොඩක් දවස් වල රෑට එයා හිිටියේ මගේ කාමරේ....
-ක පින් කොට ඇත පිංවත
Delete@ ඇනෝ
Deleteඅනේ ඇනෝ යාළුවේ. උඹට පුරුවේ පිං පඩිසන් දීලා.. තව පින් කරහං බං..
බුද්ධ රූපේ අරං තිබ්බනම් මේක නොම්බර එකේ බලු වැඩක් වෙනවා. දැන් හැටියට නම් මේක වර්චස් වැඩක්
ReplyDeleteඉතිං බං අංකල් නේ බුදුධරුපේ විසි කරේ අපියැ..
Deleteබො,බ,සෙ ට කියනව දැනගනින්
ReplyDeleteටීවි එකට යනව නං උන් එයි.
Deleteකැචයි කැචයි..
ReplyDeleteමේකෙ මුල් ටික කියවද්දි මතක් වුනේ පොතක කියවපු කතාවක්. ඒ පොත් ගැනත් මට සුපුරුදු ලෙඩේ තියනව. නම මතක නෑ. ඒ කතාවෙ එක බෝඩිං කාරයෙකුට වාජීකරනයක් හදල දෙනව අලුතෙන් බෝඩිමට ආපු ශිෂ්‍යයෙක්.. බටර් ටිකක් ද කොහෙද දෙන්නෙ නම්. අර බඩ අතගගා කල්පනා කරන එක, නෙස්ටමෝල්ට් එක... මට ඒ කතාව මතක් කලා.
මටත් ඔය ලෙඩේ තියෙන්නවා නං මතක නැති වෙන...
Deleteඅන්කල්ට දැනුත් බුදුන් වඳින විට ඔය රූපේ මතක්වෙනවා ඇති.
ReplyDeleteදැන්නං මැරිලද මන්දා බං...
Deleteකෝ..බං..පින්තූර ටික තාම තියෙනවැයි..? හැක්..!
ReplyDeleteඅරූගෙ ඇඳ අස්සේ තිබ්බ ඒව අන්තිමට උඹේ ඇඳට ආව නේ..!
අනේ අපි ඕවා බලන්නෑ. සිරාවට..
Deleteහෙක් හෙක්.... දේශක තුමත් බදල බදල පට්ට වැඩ නෙව කරන්නෙ....
ReplyDeleteඔය වගේ විකර වැඩ කරල තියෙනවා බං.. මතක් වෙන්නෑ ඒකයි අවුල
Deleteදේශකයගෙ බෝඩිං ආතල් කියවනකොට මගේ හිත වේගෙන් ගියෙ මාත් බෝඩිමක හිටිය මාස හයක හතක කාලෙට. මං පොලිස් හොස්පිටල් එකේ නර්සින් ට්‍රේනින් වලට යන්න අපේ නැන්නගෙගෙදර ඉදියෙ. නැන්ද එක්ක වලියක් දාගෙන නාවල පහුවුනාම හමුවෙන කොස්වත්තෙ බෝඩිමක නැවතුණා. කිරිමණ්ඩල මාවත දිගේ උදේට පයින් එන්නත් ලේසි නිසා.
ReplyDeleteඒ බෝඩිම අයිති ඇන්ටිගෙ ගේ ලොකු තාප්පෙන් වටකරල අලි ගේට්ටුවක් දාල තියෙන්නෙ. එයාගෙ පරණ ගෙයි තමා බෝඩිම. එක කාමරයක 3 යි. මගේ කාමරේ ඉදියෙ මගෙත් එක්කම පොලිස් හොස්පිටල් ට්‍රේනින් යන කුරුණැගල කෙනෙකුයි එකවුන්ට් කෙනෙක් විදිහට වැඩ කරන මාතර අක්ක කෙනෙකුයි.
ඇන්නටිට ඉන්නව එකම එක පුතෙක්. ඒක ගෑණු ළය වගේ. ඔය පුතා වැඩට යනකම් ඇන්ටි අපේ බෝඩිම පැත්තෙ ජනෙල් අරින්නෙ නැහැ. :-D
දවසක් ඇන්ටි නැතිවෙලාවක ඇන්ටිගෙ පුතා ගෙදර ඉන්නව. අපි හැමෝම බෝඩිමේ සාලෙට වෙලා හයියෙන් විසිල් ගගහ සිංදු කිවුව. අපේ පැත්ත බලවන්න එහෙම කලේ. ඒත් මු නෙමෙයි බැලුවෙ. අනික් කාමරේ නුවර පොලිසිය ගාවින් යන්න තියෙන පාරෙ අක්ක කෙනෙක් බෝඩිං වෙලා ඉදියෙ. ඒ අක්කා හිටපු ගමන් චිප් චිප් කියල අතේ තිබුණ කොකාකෝල ටින් එකක් වීසි කලා..අපොයි ඒක ගිහින් වැදිල තිබුණෙ අන්කල්ගෙ ඇගේ..
අපි එදා දවසෙ රෑ බෝඩිමේ හ්ම් කිවුවෙ නැහැ. ඇන්ටි දැන් එයි දැන් එයි කිය කියා අඩි සද්දෙට කණ් තියාගෙන ඉදිය. හැබැයි ඇන්ටි ආවෙ නැහැ. අපේ බෝඩිං ගාස්තු වැඩි කරන්න ඕනි කියල නම් ඊට සතියකට විතර පස්සෙ කිවුවා. :-(
කෙල්ලෝ ගැන විස්වාසයක් තියන්න බෑ කියල ඇන්ටි සහතිකේටම දැනං ඉදල තියෙනවා.. හැක්..
Deleteඒ කාලේ මාත් ඔය කිරිමන්ඩල පාරේ පයින් යනවා...
සාමාන්‍යයෙන් මැදිවියේ තලතුනා අවිවාහක කෙනක් තමන්ගෙ රාජකාරි මේසෙ වැඩකරමින් ඉන්නගමන් විනාඩි 3-4 කට සැරයක් නලලෙ අත ගහගන්නවලු . මේක දැකපු බුවෙක් ඇහුවලු ඇයි අංකල් හිටපු ගමන් නලලෙ අතගහගන්නෙ කියල ඒ පාර නෑ පුතා මං කල්පනා කලේ අපේ මුල් පත්විම් ලැබිච්ච දවස්වල අපි බෝඩිවලනෙ හිටියෙ එක පබා්ඩිමක අයිතිකාරි ලස්සන සුදු ඇන්ටි කෙනෙක්. එක දවසක් රෑ ධාරානිපාත වැස්සක් වැස්සා එදා ඇන්ටියි මායි විතරයි බොඩිමේ හිටියෙ . ඉතිං එදා ඇන්ටි එහා මෙහා පේන නයිටිකුත් ඇදල අදනම් හරිම සිතල දවසක් කිය කියා මගේ ඇදේ වාඩි වෙලා හිටිය ඒත් කථා කර කර හිටිය මිසක් අමුතු දෙයක් සිද්ධ වුනේ නෑ ඒව මතක් වෙලා තමයි නලලට අත යන්නේ කියල,,,,,,,,,,,
ReplyDeleteවෙල්කම් ලක්මිනි.. මේක නං මරු කතාව. කියල වැඩක් නෑ..
Delete///පස්සේ අපි ඒවා ඇහිද ගෙන බුද්ධ පින්තුර විසි කරලා අනිත් ටික ආයි අරන් ඇද යටින් ගිහින් තියාගත්තා.///
ReplyDeleteමේක තමා මං දැක්ක හොඳම එක.
බොලා අර පින්තූර ඇලෙව්වෙ මොනවයින්ද හැබෑට? කිරි ගම් එකෙන්ද?
ඇලෙව්ව විදිය මතක නෑ මං හිතන්නේ ටේප් ගහන්න ඇති බං..
Deleteඅනේ අම්මපා...මෙහෙමත් වැඩ
ReplyDeleteහැක් හැක්.. ස්තුතිියි සයිරි..
Deleteමාර වැඩනේ දේශකයෝ උඹලත් කරන්නේ. ඒ කෙසේ වෙතත් ඒ කාලේ කොල්ලෝ කීය කීය හරි දාලා බෝතලයක් අරගෙන කොත්තු රොටී බයිට් සමඟ ගහන කොට තියෙන ආතල් එක කොච්චරද?
ReplyDeleteකියල වැඩක් නෑ මචෝ.. ඒවා මතක් වෙනවා..
Deleteමිහිරි මතක බෝඩිම...
ReplyDeleteඔව් ඔව්.. ඒම නේ බං... තැන්කුයි
Deleteකරලා තියෙන වැඩේ නම් හරි නෑ නේද දේශකයෝ..
ReplyDeleteහරි නෑ තමා.. ආතල් ජීවිතේ නේ..
Deleteකරලා තියෙන වැඩේ නම් අන්තිම පජාතයි..කා එක්ක සෙල්ලං කරත් බුදුන් සමග සෙල්ලම් කිරීම ඉතාම වැරදියි වෙරි මරගාතෙ උනත්...මා ලංකාවෙ සිටින කාලෙ රාජකාරියට ගියේ මහව දුම්රියේ..මේ දුම්රියේ හිටියා ගුවන් විදුලියේ පරණ නිවේදක මහත්තයෙක් මැදි කොට සාදාගත්ත ඒ වයසෙම සෙට් එකක් හිටිය ගැන්සියක්. මේ ගැන්සිය උදේට විහිළු කථා අරවා මේවා ගොඩාරියක් කිය කියා එන්නෙ...නිවේදකයා තමයි මූලිකයා...මිනිහා දවසක් බුද්ධාගමේ එන ගාථා වලට විහිළු කෑලි දදා කියව කියව හිටියා...විශ්වාස කරන්න මැදි වයසෙම ගෑණු කෙනෙක් මිනිහට බැන්නා කනේ ඇගිලි ගහගන්න මුලු කෝච්චි පෙට්ටියටම ඇහෙන්න.....අනේ ඊට පස්සෙ අර මහත්තුරු බලු නකුට පුකේ ගහගත්ත බල්ලො වගේ ඉඩ තියෙන තැන් වල ඉදගත්තා....මේ සිදුවීම තමයි මට මේ අලුගුත්තේරු වැඩේ දැකලා මතක් වුනේ...
ReplyDeleteබොරු ධර්මයක් මොටද බං. මම නං ඔය පත්තර කෑලි පින්තුර කෑලි වලට බුද්ධාගම තියා මොන ආගමක් වත් ගාවගන්නේ නෑ..
Deleteමූණු හයෙනුයි අත් දොලහෙනුයි කතරගම දෙයියො සෑහෙන වැඩ ගන්න ඇති එදා රෑ... බෝඩිං වල ඔය පත්තර සඟරා වරදින්නේ නෑනේ... මම හිටියා කාමර 4ක 8 දෙනෙක් හිටපු බෝඩිමක... පත්තර වල පිටු බෙදාගෙන කියවලා, ඉතුරු කොටස තියන පිටු හොයාගන්න ගියාම තමයි මළ පනින්නේ...
ReplyDeleteසමහර හාදයො ඒවා යෙ හොදම ඒවා හංගගන්නව නේද බං.. හැක්
Deleteමගේ කමෙන්ට් එකට මොකෝ කලේ? ඒකත් විසි කරලා දැම්මද?
ReplyDeleteනෑ පොඩ්ඩියෝ. එහෙම එකක් ස්පෑම් එකෙත් තිබුනේ නෑ.. සොරි වෙන්ට ඕනැ.. මං විසික් කරේ නෑ..
Delete