“අයියෝ මගේ මල් ටික ඔක්කෝම මැරිල වගේ නේ“ පුංචි අයිඩා කිව්වා. “ඊයේ හරි ලස්සනට තිබුනට අද බලන්නකෝ ඒවයේ කොළ හිටං පල්ලෙහාට නමාගෙන ඉන්නේ, ඇයි ඒගොල්ල එහෙම ඉන්නේ?“
සෝපාවේ ඉදගෙන උන්, ඇය වැඩියෙන්ම කැමති වෙච්චි යාළු අයියගෙන් එහෙම ඇහුවා.
මේ හාදයා මිත්‍රශිලි ඒ වගේම හරිම විනෝදෙට බර කෙනෙක්. කොල්ලා හරි අපුරූ පින්තූරු එහෙම ලස්සනට කපලා, ඒ කියන්නේ හාට් එකක් ඇතුලේ පුංචියට කෙල්ලෝ නටනව වගේ තියෙන පින්තූර, බලකොටු වල පින්තුර කපනවා හරිම අගේට. දෙකක් නෑ මේ කොල්ලා නං හරිම විනෝදකාමියෙක්.
“ඇයි මේ මල් ටික ඔක්කෝම අද හොදටම මැලවෙලා?“ පුංචි අයිඩා පරවෙච්චි මල්පොකුර අයියා දිහාවට දික් කරන ගමන් ආයෙත් ඇහුවා.
“ඉතිං ඔයා දන්නවද මේවට මොකක්ද වෙලා තියෙන්නේ කියල?“ අයියා ඇගෙන් ඇහුවා.
“මේකනේ... ඊයේ මේ කට්ටිය ඔක්කෝම මුළු රෑ තිස්සෙම ලොකු නැටුමකට ගිහිල්ලා. ඒකනේ මේ කට්ටයට මෙහෙම තියෙන්නේ. දන්නවනේ උදේට කොච්චර මහන්සිද කියල.. ඒකයි“
“මල් වලට නටන්න පුළුවන්යැ??“ අයිඩා ඇහුවේ කටට ආපු හින්දමයි.
“අපොයි මොකද නැත්තේ, ඔන්න කළුවර වැටෙන කොට අපි නිදාගන්න යනවා නේ. එතකොට මේ ගොල්ල හරිම සන්තෝසෙන් පැනගෙන ගිහිල්ල, අපි නිදාගන්න අතරේ හැමදාම රෑට නැටුම් නටනවා“ යාළු අයියා හරිම සැහැල්ලුවෙන් කිව්වා.
“ඒ ගොල්ලන්ගේ ළමයිනුත් යනවද එතකොට?“ අයිඩා ඇහුවා.
“ඔව් ඔව්.. අර මිටියාවතේ තියෙන පුංචිම පුංඩි ඩේසියා මල්, ලිලි මල් එහෙමත් යනවා එතෙන්ට“ අයියා කිව්වා.
“ඉතිං කොහේද අනේ ඒ අය නටන්න යන්නේ“ පුංචි අයිඩා ඇහුවා.
“අපේ නගරෙට ඇතුල් වෙන තැනට එහා අර ලොකු බලකොටුව දන්නවනේ.. අර අපේ රජ්ජුරුවෝ ග්‍රීෂ්ම ඍතුවට ගිහිල්ල නවතන්නේ. අයියෝ.. අර ලස්සන මල් ගොඩාක් තියෙන මල් වත්තක්ම තියෙන්නේ. ඔයාට මතක නැද්ද පාං කෑලි දානකොට අපි දිහාවට පීනගෙන එන හංසයෝ ඉන්න... අන්න එතට තමයි මේ වගේ ලොකු නැටුං සංදර්ශන තියෙන්නේ.. ඇත්තටමයි මම කියන්නේ“
“ඒ උනාට මම ඊයේ අම්මත් එක්ක ඒ මල් වත්ත හරියට ගියාට මම දැක්කේ නෑ එක ගහකවත් කොලයක්. ඔක්කෝම බිම වැටිලා. එක මලක්වත් ගහක නෑ. එතකොට කෝ ඒයාලා?? මම ග්‍රීෂ්ම කාලේ දැක්කනේ හුගාක් අය ඒ උනාට..“
“ඒගොල්ල ඉන්නවා... බලකොටුව ඇතුලේ“ සිසුවා උත්තර දුන්නා.
“ඔයාට කියන්න පුංචි දරුවෝ..රජ්ජුරුවොයි එයාගේ පිරිවරයි ඔක්කෝම බලකොටුවේ ඉදල නගරයට ගියපු ගමන්ම... ඒක බලාගෙන ඉන්න අර වත්තේ තියෙන මල් ඔක්කෝම උඩ පැනගෙන සතුටෙන් දුවනවා බලකොටුවට. ඊට පස්සේ ලස්සන ලොකුම රෝස මල් දෙකක් තමයි රජතුමාගේ පුටුවේ වාඩි වෙන්නේ. එතකොට ඒ දෙන්න රජ්ජුරුවොයි රැජිනයි වෙනවා. ඊට පස්සේ රතු මල් කට්ටිය රජ්ජුරුවන්ගේ දෙපැත්තට වෙලා ඉදගෙන හිටගෙන ඉන්නවා. ඒ මදිවට ඒගොල්ල රජතුමාට ආචාරත් කරනවා. ඒ ගොල්ල තමා රජතුමාගේ පිරිවර එතකොට. ඊට පස්සේ හැමෝම ලස්සන මල් ඇවිල්ල නැටුම පටන් ගන්නවා. ඒ අය හරියට ලස්සන ගැනු ළමයි වගේ. ලොකු ටියුලිප් මල්, එතකොට ලිලි මල් ඒගොල්ලත් එනවා. ඒ අය තමා වයසක අය. ඒ ගොල්ල කරන්නේ අර ලස්සනට නටන ගෑනු ලමයි දිහා ඇහැගහගෙන බලං ඉන්න එකමයි.“
“ඒත්...“ පුංචි අයිඩා අහනවා. “එතකොට කව්රුවත්ම ඒ අයට ගහන්නැත්ද රජතුමාගේ බලකොටුවේ නටන එකට“
“මේ ගැන කිසිම කෙනෙක් දන්නෑ. ඒක නිසා ප්‍රශ්නයක් නෑ“ යාළු අයියා උත්තර දුන්නා.
“හැබැයි සමහර වෙලාවට ඔන්න එනවා බලකොටුව බලාගන්න වයසක සීයා.. එයාට සද්ද ඇහුනවා එයා ගාව තියෙන ලොකු යතුරු කැරුල්ලත් අරන් ඇවිල්ල ඇරල බලනවා. ඒ උනාට එයාගේ යතුරු කැරුල්ලේ සිං සිං සද්දේ ඇහෙන කොටම මල් ඔක්කෝම සද්ද නවත්තල, ශාලාවේ තියෙන තිරරෙදි අස්සේ හැංගෙනවා ඉක්මනටම. ඇතුලට ඇවිල්ල බලන වයසක සීයාට මල් වල සුවද ආවට එයාට මල් ටික අහුවෙන්නේ නං නෑ“
“ඒක නං නියමයි“ අත්පුඩි ගහමින් අයිඩා සතුටින් කිව්වා. “මට බැරි වෙයිද ඔය මල් දිහා බලන්න.. ආ?“
“අපෝ පුළුවන්“ අයියා උත්තර දුන්නා. “ඔන්න ඔයා ඊළග පාර එතෙන්ට ගියාම හොරෙන්ම එතන ජනේලෙන් එබිල බලන්නකෝ. ඔයාට බලාගන්න පුළුවන්. මම අද ඒ විදියටම ගිහිල්ල බලලයි ආවේ. එතැන සෝපාවේ හිටියා ලොකු කහපාට ලිලි මලක්. එයා සෝපාව උඩ හොදට ඇදිල පැදිල හිටියේ. එයා රජගෙදර ගෑනු කෙනෙක්“
“එතකොට අර උද්භිද උද්‍යානයේ ඉන්න මල් වලටත් ඔච්චර දුර ගෙවාගෙන එතෙන්ට යන්න පුළුවන්ද?“
“අපොයි පුළුවන්‘ යාළු අයියා උත්තර දුන්නා. “ඒගොල්ලන්ට පියාඹල යන්න පුළුවන් හරියට අර පාට පාට සමනලයෝ වගේ. ඔයා දැකල තියෙනව නේද සමනලයෝ. හරියට මල්වගේමයි නේද? ඒ වගේ මේ මල් වලටත් නටුවෙන් ගැලවිල අහසට පැනල එයාගේ අත්තේ තියෙන කොළ වලින් තටු හදාගෙන පියාඹන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ එතන තියෙන මල් නං කවදාවත්ම බලකොටුවේ නැටුමට ගිහිල් නැතිව ඇති. සමහර විට රෑට වෙන මේ ෂෝක් වැඩේ ගැන ඒ අය දන්නැත්ද දන්නෑ නේද? මං කියන්නද වැඩක්.. මිනිහා නං පුදුම වේවි. මං කිව්වේ ඔය උද්‍යානය බලාගන්න ඉන්න මහාචාර්ය සීයා. එයා මේ ළගම නේ ඉන්නේ. ඔයා දන්නවද? දන්නැද්ද? ඒකට කමක් නෑ ඔය පාර ඔයා උද්‍යානෙට ගියාම එතන තියෙන එක මලකට කිට්ටු වෙලා හෙමින් කියන්න බලකොටුවේ තියෙන නැටුම ගැන. එතකොට එයා අනිත් මල් හැමෝටම ඒ පණිවිඩේ කියාවි. ඊට පස්සේ මේ ගොල්ලෝ ඔක්කෝම එතෙන්ට යාවි. පව් අපේ වසයක සීයාට මොකක්ද උනේ කියලවත් හිතා ගන්න බැරි වේවි. ඇයි එතකොට එක මලක් වත් උද්‍යානේ නෑනේ. අඩුගානේ එයාට හිතාගන්න බැරි වේවි මේ මල් කොහේට ගියාද කියලවත්. නැද්ද?“
“මලක් කොහොමද තවත් මලකට ඒ පණිවිඩේ දෙන්නේ. මල් වලට කතා කරන්න බැහැ නේ“
“ඔව් ඒකනං එහෙම තමා“ අයියා උත්තර දුන්නා. “ඒ උනාට ඒ අයට ගොළු බාසාවෙන් කතා කරන්න පුළුවන්. ඔයා දැකල නැද්ද පොඩි හුළගක් එනකොට මල් දෙපැත්තට ඔළුව වනනවා. කොළ වැනෙනවා? ඒ ගොල්ල කතා නොකරට ඒ වගේ දේවල් වලින් ඕන දෙයක් තේරුං ගන්න පුළුවන්. මම ඒක දන්නවා“
“මහාචාර්ය සීයා දන්නවද ඒ කතා කරන විදිය?“ අයිඩා ඇහුවා.
“ඔව් පුළුවන්. ඔන්න එක දවසක් මහාචාර්ය සීයා එයාගේ වත්තට යනකොට දැක්කා ලොකු කහඹිලිය පැලයක් හිටගෙන, එයාගේ කොළ ටික හොළව හොළව ලස්සන රතු කාර්නේෂන් මලකට කතා කරනවා. එයා මොකක්ද දන්නවද කොළ හොල්ල හොල්ල කිය කිය හිටියේ, “ඔයා හරිම ලස්සනයි. මං ඔයාට හුගාක් ආදරෙයි“ කියලා. අපේ මේ නාකි සීයා ඔය වැඩ වලට කැමති නෑ. ඒක නිසා එයාට තරහ ගිහිල්ල කහඹිලිය ගහේ කොළ වලට හයියෙන් ගැහුවා. ඒ කොළ කියන්නේ කහඹිලිය ගහේ අත් වගේ නේ. ඉතිං සීයා ගැහුවා විතරයි ඒ කොළ වලට එයාගේ අත් හොදටෝම කසන්න ගත්තා. ඔන්න එදා ඉදල එයා කවදාවත් කහඹිලිය ගස් වලට කරදර කරන්න යන්නෑ. හොද පාඩම නේද?“
“හොද වැඩේ“ පුංචි අයිඩා හිනාවෙමින් කිව්වා.
සෝපාවේ අයිඩාගේ යාළු අයියට එහා පැත්තෙන් වාඩි වෙලා හිටිය, සමහර වෙලාවට අයිඩාගේ ගෙදර එන විඩාබර පෙනුම තියෙන විකාර සීයා. “අනේ අම්මේ මෙහෙමත් එවුන්.. පොඩි එහෙකුට කියන බොරු!!“ එහෙම කිව්වා. මේ මනුස්සයා අර හැමවෙලේම සන්තෝසෙන් ඉන්න යාළු අයියට කොහොමටවත් කැමති නෑ. අනික අර පින්තුර කපල කරන සුත්තර වැඩ වලටත් මිනිහා කොහෙත්ම කැමති නෑ. ඒවා මතක් උනාම මේ මනුස්සයට තවත් ඉවසන්න බැරි වෙලා තමයි ඒක කිව්වේ, “අනේ අම්මේ මෙහෙමත් එවුන්.. පොඩි එහෙකුට කියන බොරු!! මේවා මහ විකාර!“
මොනව උනත් පුංචි අයිඩාට යාළු අයියා කිව්ව කතන්දර ටික හරිම අමුතු උනා. ඒක නිසා ඒ ගැන ඇය වැඩිපුර හිතන්න ගත්තා. ඇත්ත තමයි ඒගොල්ල ඔළුව නමාගෙන ඉන්නේ රෑ තිස්සේ නටන හින්ද වෙන්නැති. ඒ අය හරිම මලානික වෙලා. එහෙම හිතමින් පුංචි අයිඩා අර වේලිච්ච මල් පොකුරත් අරන් එයාගේ සෙල්ලම් බඩු කාමරයට ගියා. ලස්සන මේසයක් පුරවලා ඇයට එක එක ජාතියේ සෙල්ලං බඩු තියෙනවා. ඒකේ ලාච්චු පුරවලා තියෙන්නෙත් ලස්සන ලස්සන සෙල්ලං බඩු වලින් තමා. පුංචි තොටිල්ලේ, අයිඩගේ සොෆියා බෝනික්කා නිදාගෙන හිටියා. “සොෆී, දැං ඔයා නැගිටින්න. අද ඔයා මේ ලාච්චුවේ නිදාගන්නකෝ. මේ බලන්න මගේ මල් ටික ලෙඩ වෙලා ඒක නිසා අද ඒ අය ඔයාගේ ඇදේ තමා නිදාගන්නේ. එතකොට හොද වේවි ඒකයි මම කිව්වේ“ සොෆී තරහෙන් ඉන්න බව අයිඩා දැක්කා. ඒත් සොෆි නං එක වචනයක් වත් කිව්වේ නැහැ. දුක තමයි ඉතිං රෑට නිදාගන්න ඇදක් නැති වෙන කොට.
මල් ටික සොෆීගේ ඇදේ තියල අයිඩා, පොඩි රෙද්දකින් හීමිට ඒ ටික පෙරෙව්වා. “ඕගොල්ල ඔහොමම ඉන්න, හෙට උදේ වෙන කොට හොද වේවි. මම තේ හදල දෙන්නංකෝ හොදේ.“ ඇය ඇඳ වටේම තිර රෙදි දාලා වැහුවේ ඉර එළිය ආවම මල් වල ඇස් නිලංකාර වෙන එක නවත්තන්න. අයිඩා මුළු හවස් වරුවම කල්පනා කලේ එයාගේ යාළු අර සිසුවා කිව්ව කතා ටිකමයි. ඒ කතා එයාට මැවිල පේන්න ගත්තා. නිදාගන්න යන්න කලින් එයාගේ ජනේල් අයිනේ තියෙන එයාගේ අම්ම වවපු මල් පොච්චි ටික දිහා බලාගෙන පුංචි අයිඩා මෙහෙම කිව්වා. “මම දන්නවා හොදේ. ඔයාලා අද රෑට නැටුමට යනව නේද?“ එහෙම උනත් එක මලක්වත් අඩුගානේ කොළයක් වත් හෙලවුනේ නැහැ. මොනා උනත් පුංචි අයිඩා දන්නවා එයා මොනවද ඒ ගැන දන්නේ කියලා.
අයිඩා නින්දට ගිහිල්ල ගොඩාක් වෙලා මල් ගැන හිතුවා, ඊටත් වැඩිය අර බලකොටුවේ මල් නටන හැටි බලන්න තියේනං කොච්චර හොදද කියල හෙම. එයාගේ මල් ටිකත් එහේ නැටුමට ගියා කියල හිතුවම අයිඩට හරි ම පුදුමයි. එහෙම හිත හිත ඉන්න කොට අයිඩට නින්ද ගියා.
මහ රෑ අවදි වෙච්චි අයිඩාට යාළු අයියා කියපු මල් ගැන හීන පෙනිල තිබුනා. ඒ උනත් නැගිටල බලන කොට කාමරේ හරිම නිස්සද්දයි. රාත්‍රි පහන විතරක් දැල්වෙමින් තිබුනා. එයාගේ අම්මයි තාත්තයි නං හොදටම නිදි.
“අර මල් ටික තාම නිදිද දන්නෑ“ අයිඩා හිතුවා. “කොහොමද මං ඒක හරියට දැනගන්නේ“ ඩිංගක් ඉස්සිල අයිඩා බැලුවා බාගෙට ඇරිච්ච කාමරේ දොර දිහා. ඇය හොදට ඇහුන්කන් දුන්නම එහා කාමරෙන් ලස්සන පියානෝ සද්දයක් ඇයට ඇහුනා. ඒ වගේ ලස්සන සංගීතයක් ඇය කවදාවත් අහල තිබුනේ නැහැ.
“දැන්නං මල් ටික නටනවා ඇති ඒක සිකුරුයි“ අයිඩා හිතුවා. “අනේ මට ඒක බලන්න තිබුන නං“ නිදාගෙන ඉන්න අම්මයි තාත්තයි නැගිටීවි කියන බයට පුංචි අයිඩා එහෙමම හිටියා. “අඩු ගානේ මල් ආයිත් එන එකවත් බලන්න පුළුවන් නේ“ ඒත් මල් අවේ නැහැ. අර සංගීතය තවත් ලස්සනට තිබුනා. ඉවසන්නම බැරි තැන හෙමින්ම ඇදෙන් බැහැල, පරිස්සමින් දොර ගාවට ගිහිල්ල කාමරේ දිහා බැලුවා. “මගේ අම්මෝ. ලස්සන“, ඇය මොනවද දැක්කේ?
රාත්‍රි පහනක් නැති වුනත් කාමරේ හරිම එළියයි. ජනේලෙන් එබුන හඳ එළිය හරියටම කාමරේ බිම මැදටම වැටිලා, ඒකෙන් දවල් කාලේ වගේ කාමරේ එළියයි. හයිසින්ත්, ටියුලිප් මල් දිග පේලි දෙකකට හැදිල, ජනේලේ ගාව කිසිම මලක් ඉතුරු වෙලා නැහැ. තිබුනෙ හිස් මල් පොච්චි විතරයි. හැම මලක්ම ඒ ගොල්ලන්ගේ කොල වලින් එකිනෙකා අල්ලගෙන වටේට හැදිල රවුමට කැරකි කැරකි ලස්සනට නටනවා. අයිඩා ග්‍රීෂ්ම කාලේ වත්තෙදි දැක්ක ලොකු කහපාට ලිලි මල පියානෝවේ වාඩි වෙලා හිටියා. එතකොට යාළු අයියා කිව් දේ අයිඩට මතක් උනා. “එයා හරියට ලීනා මිස් වගේමයි“ ඒ වෙලාවේ අයියා හයියෙන් හිනා උනත් දැං ඒක ඇත්තම කතාවක් කියල අයිඩට හිතුනා. ඇය හරිම ලස්සනට පියානෝව වාදනය කරේ, තාලෙට ඔළුව පද්ද පද්ද. කව්රුවත් අයිඩව දැක්කේ නැහැ. එතකොටම ඇය දැක්කා සෙල්ලං බඩු තිබ්බ මේසේ උඩට පැන්න ලොකු නිල් පාට කළුකම්බේරිය පැලයක්, එයා ටක් ගාලා ගිහිල්ල අර ලෙඩ වෙච්ච මල් නිදාගෙන හිටිය ඇද ගාව තිබ්බ තිර රෙදි ටික ඈත් කරා. එතකොට එකසැරේම ඒ මල් ටික නැගිට්ටා, නැගිටල බලල ඔළුව වනල කිව්වේ ඒ අයටත් නැටුමට එන්න ඕන කියල තමයි. තොල කැඩුනු කළු ගැහුනු පරණ බෝනික්කා නැගිටල මල් වලට අත වැනුවා, දැන්නං මල් වලට සනීප පාටයි. ඒ අයත් පැනගෙන ගිහිල්ල අනිත් අයත් එක්ක සතුටෙන් නැටුවා.
ඊට පස්සේ මේසේ උඩින් මොකක් හරි බිමට වැටුනා. ඒ අර බර්ච් අත්තක් නේද බිමට පැන්නේ කියල අයිඩා බැලුවා. එයත් හරියට මලක් වගේ. හරිම ලස්සනයි. අර විකාර සීයා දාගෙන හිටිය ලොකු තොප්පියක් වගේ එකක් දාගෙන ඉටි බෝනික්කෙක් බර්ච් අත්ත උඩ වාඩි වෙලා. එයා මල් අතරට පැනල එයාගේ ඇලේට තියෙන කකුල් තුනෙන් හයියෙන් හයියෙන් පැන පැන සද්දෙට මෂුර්කා නටන්න ගත්තා, අනේ අර වගේ හයි හත්තිය නැති පුංචි අහිංසක මල් වලට බර්ච් අයියගේ තාලේ අල්ලගන්න බැරි උනා.
බර්චි අයියා උඩ ඉන්න ඉටි බෝනික්කා එතන මුදුනා වෙන්න හදනවා. ඒ අතරේ අහල පහල තිබ්බ කඩදාසි මල් දිහාට හැරිල මෙයා “අනේ අම්මේ මෙහෙමත් එවුන්.. පොඩි එහෙකුට කියන බොරු!! මේවා මහ විකාර!“ කියල කිව්වේ හරියට අර විකාර සීයා වගේම තරහෙන් පුපුරු ගහන ගමන්. තරහ ගියපු කඩදාසි මල් ඇගේ හීනි කකුල් වලට තට්ටුවක් දැම්මම ඇයව නිකංම ඉටි බෝනික්කෙක් උනා. මේක දැකල අයිඩට හරිම හිනා. බර්ච් අයියයි, ඉටි බෝනික්කයි දෙන්නටම නැටුමෙන් අයින් වෙන්න උනා. නටමින් හිටපු මල් බර්ච් අයියට හොදවයින් දෙකක් කිව්වා. අයිඩගේ මල් ටික තමා හොදම ටික කිව්වේ. ඒකෙන් බර්ච් අයියගේ වැඩ ටික ඉවර උනා. මේ වෙලාවෙම සොෆී නිදාගෙන ඉන්න ලාච්චුවෙන් ලොකු සද්දයක් ඇහුනා. ඒ සද්දෙට පරණ බෝනික්කා මේසේ අයිනට දුවගෙන ගිහිල්ල දිගා වෙලා ඉදගෙන අමාරුවෙන් ලාච්චුව ටිකක් ඇරියා. ඒ ලැබුන ඉඩෙන් ඔළුව එළියට දාලා සොෆී පුදුමෙන් වගේ වට පිට බැලුවා. “ආ.. මෙතන ලොකු උත්සවයක් නේ“ සොෆී කිව්වා “ මම තරහයි. මට කව්රුවත් කිව්වේ නෑ“
පරණ බෝනික්කා සොෆීගෙන් ඇහුවා එයත් එක්ක නටන්න එනවද කියලා. “ඔයා නං ඒකට නියමෙට හරියන එක්කෙනෙක්“ කියල සොෆී උත්තර දුන්නා, ඊට පස්සේ දෙන්න එක්ක ලාච්චුව උඩ වාඩි වෙලා බලාගෙන හිටියා එක මලක් හරි ඇවිත් නටන්න එන්න කියාවි කියලා, ඒත් කව්රුවත් සොෆීට අඬගැහුවේ නැහැ. ඇය බොරු කැස්සක් දැම්මා. “කෙහ්. කෙහ් කෙහ්.“ ඒත් කව්රුවත් බැලුවේ නැහැ. පරණ බෝනික්කා තනියම උනත් හොදට නටනවා සොෆී දැක්කා.
කව්රුවත් සොෆී ගැන බැලුවේ නැති තරහටම සොෆී එහෙම්ම පැන්න බිමට, “තග්“ මහ සද්දෙකුත් එක්ක. මේ සද්දෙට හැමෝම දුවගෙන ආවා සොෆී ගාවට, “අනේ ඔයාට තුවාලද? කෝ බලන්න අමාරුද?“ ඒ අය ඇත්තටම දුක් උනා සොෆී වැටිච්ච එකට. සොෆිගේ ඇදේ නිදාගත්ත මල් ටික ගොඩාක් දුක් උනා. සොෆීට කිසිම අමාරුවක් තිබ්බේ නැහැ. අර මල් ටික සොෆී ලගට ඇවිල්ල එයාට සෑහෙන්න ස්තුති කරා එයාගේ ඇද දුන්න එකට. ඊට පස්සේ හැමෝම සොෆීව කාමරේ මැද්දටම එක්කං ගිහිල්ල, එයාව වට කරගෙන ලස්සනට නටන්න ගත්තා. සන්තෝසෙන් හිටිය සොෆී අර මල් වලට එයාගේ ඇඳ තියාගන්නම තියාගන්න කියල කිව්වට මල් ඒකට කැමති උනේ නැහැ.
“ඔයා හුගක් හොදයි. ඒ උනාට අපි හෙට වෙන කොට මැරෙනවා. ඔයා මතක ඇතුව අපේ අයිඩට කියන්න අපිව අර කැනරි කුරුල්ල භුමදාන කරපු තැනම භුමදාන කරන්න කියල හොදේ. එතකොට ලබන ග්‍රීෂ්මේ වෙන කොට මහන්සි ඇරල හිටියටත් වැඩිය ලස්සනට ආපහු එන්න පුළුවන් වේවි.“
“අනේ මැරෙන්න එපා“ සොෆී දුකෙන් කිව්වා, ඇය ඒ මල් වලට සමුගැනීමේ හාදු දුන්නා. එතකොටම කාමරේ දොර ඇරගෙන මෙන්න මල් ගොඩාරියක් නටාගෙනම ඇතුල් උනා. අයිඩට මොකක් වත් හිතා ගන්න බැරි උනා මෙච්චර ගොඩක් මල්... කොහෙන්ද ආවේ කියලා. ආ එකත් එකටම මේ අර රජතුමාගේ බලකොටුවේ නැටුමට ගියපු මල් වෙන්නැති. ඉස්සෙල්ලම ආවේ ලොකු ලස්සන රෝස මල් දෙකක්, ඔළුවේ පොඩි ඔටුනු දාගෙන. එතකොට මේ රජතුමයි බිසවයි වෙන්න ඇති. ඒත් එක්කම කාර්නේෂන් මල්, ලිලි මල්, ඩේසියා මල් අර මිටියාවතේ තියෙන.. ඒවා ඔක්කෝම ඇවිල්ල කාමරෙ පිරිලා. ඒ අය ලස්සන සංගීතයක් අරන් ඇවිල්ල. හරිම ලස්සනයි. දැං හැමෝම එකට නටන්න ගත්තා. ඒ වගේම හැම මලක්ම එකිනෙකාට හාදු දෙන්න ගත්තම ඒක බලන්න හරිම ලස්සනයි.
අන්තිමේදි සුභ රාත්‍රියක් කියාගෙන හැම මලක්ම නැටුම නැවැත්තුවා. පුංචි අයිඩත් නිදාගන්න ඇදට ගියා හැබැයි එයා දැක්ක මේ දේවල් ගැන ඇය මිහිරි වෙලයි හිටියේ.
ඇයි පහුවෙනිදා උදේට නැගිටලා මල් නිදාගෙන ඉන්න ඇද ළගට ගියා. මල් ටික එහෙමම තියෙනවා පොඩ්ඩක් වත් වෙනසක් නැහැ. ලාච්චුව ඇරල බැලුවම සොෆීත් ඒ විදියටම නිදාගෙන ඉන්නවා. සොෆිගේ මූණ දැක්කම නං හරිම මහන්සි පාටක් අයිඩා දැක්කා. මල් ටිකත් ඊයෙට වැඩිය හොදටම මැලවිලා.
“ඔයා අර මට කියන්න තියෙන දේ අමතක කරල නෑ නේද?“ අයිඩා සොෆිගෙන් ඇහුවා. ඒත් මහන්සි පාටට නිදාගෙන ඉන්න සොෆීට ඒක ඇහුනේ නැහැ මගේ හිතේ. “ඔයා නං ගන්න දෙයක් නැහැ හරිම කැතයි නැටුවා. ඒ උනාට අර මල් ඔක්කෝම ඔයත් එක්ක නැටුව එක තමා පුදුමේ“
ලස්සනට කුරුල්ලෝ පාට කරල තිබ්බ පුංචි කරදහි පෙට්ටියක් අරන් අයිඩා අර මල් ටික ඒකට පරිස්සමින් දාලා “ඔන්න මේ තමා ඔයාලගේ මිනී පෙටිටිය හොදේ“ කිව්වා. මගේ මල්ලිල දෙන්න ආවම ඔයාලව අර කිව්ව විදියටම බිම වල දාලා තියන්නං හොදේ. ඔන්න ලබන ග්‍රීෂ්මේ වෙන කොට මීට වඩා ගොඩාක් ලස්සන වෙලා එන්න ඕන හොදද!!“
ගුස්තාව් හා අඩොල්ෆ් කියන ඒ දග කොල්ලො දෙන්නත් එක්ක සොෆී පුංචි වලක් හාරල පරිස්සමින් ඒ මල් ටික තැන්පත් කරා. හරිමට අවමගුල් උත්සවේක වගේ ඒ දෙන්න තමන්ගේ සෙල්ලං දුනු දෙක කරේ තියාගෙන ඉස්සරහින් ගියා. අයිඩා පෙටිටිය අරන් පස්සෙන් ගියා. ආචාර වෙඩි මුර තියන්න කාලතුවක්කු නැති උනත් මේ කොල්ලෝ දෙන්න තමන්ගේ දුනු දෙකෙන් වලට උඩින් යන්න පුළුවන් වෙන්න ඊතල විද්දා.
Hans Christian Andersen - Little Ida's Flowers
අඩේ මේක හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ කතාවක්ද...?
ReplyDeleteහරි ලස්සනයි බං.ඒ නැටුම බලන් හිටියා වගේ හැගීමක් ආවේ.
තැන්කුයි මන්ජුල.. මම කලබලෙන් හැදුවේ.. තව වැරදි වගයක් පස්සේ දැක්කා
Deleteහාන්ස්ගෙ කතාවක්නං ආයෙ මොනව කියන්නද. නියමෙට ලියල තියෙනව.
ReplyDeleteප.ලි.
හොඳ වෙලාවට මෙතන වෙරළු මල් තිබ්බෙ නැත්තෙ. :D
තව දෙක තුනක් දෙන්න හිතාන ඉන්නවා... හොදේ
Deleteපුංචි කාලේ මතක් උනා. හරිම ලස්සනයි. ඒ කාලේ කියවපු කතන්දර තාමත් හරිම රසවත්
ReplyDeleteඔව් බං හරිම ලස්සන කතා.. ලොකු පොඩි බේදයක් නැතිව රහට ගන්න පුළුවන් ස්තුතියි
Deleteහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ කතා කියවන්න හරිම ආසයි. අර කිව්වත් වගේ වෙරළු මල් ඉවරවෙලා වගේ.
ReplyDeleteඑව්ව මොනාට මතක් කරනවද මේ මල් වත්තක්ම තියෙන්නේ.
Delete@ ඉවාන්
Deleteහාන්ස්ගේ කොයි තරං ලස්සන කතා තියේද මේක මම කැමතිම කතාව.. වෙරළු මල් හා පිච්ච මල් අතරමැදි කතාවක් ලගදිම එනවා
@ මොරා
Deleteඅනේද කියන්නේ ඕන මලක් ගන්න බැරියැ මේකෙන්..
කතාව රසවින්දා දේශකයෝ. මම කවදත් කැමතියි මේ වගේ කතාවලට. ඇලිස්ගේ විස්මලන්තය වගේ
ReplyDeleteඕයේ. ස්තුතියි මොරා.. තව දෙක තුනක් දෙන්නංකෝ...
Deleteඒ සුන්දර නිදහස් පුංචි කාලෙ දැන් ආයෙ එන්නෙ නැහැ බං..
ReplyDeleteස්තුති මතකයෙන් හරි ඒ කාලෙට අරන් ගිය එකට.. :*
සැමා කාලෙකින්.. ස්තුතියි රස වින්දා නං මට සන්තෝසයි
Deleteෂෝයි. මොකෝ බං උඹට සුරංගනා කතාවක් ලියන්න හිතුනේ?
ReplyDeleteතෙවැනි ඇස නොසිතපු වෙලාවක පිලිසිදිලයි කියලයි "(කට)කැඩිච්ච නිව්ස් හෙවත් බ්‍රේක් in NI වුස්"වලින් ආරංචි වුනේ.
Delete@ ඩුඩෙ
Deleteමේක මම ළමා හා වැඩිහිටි දිනේට දාන්න හිටියේ. කොහේද මගේ මැසිම ඒකට ඉඩ දුන්නෑ නේ බං...තැන්කුයි
@ කැන්ජි
Deleteඋඹ කියපු ඒවයින් මෙන්න මේක මට නොතේරුන එකම ප්‍රතිචාරය.. හැක්..
අස්සන සුරංගනා කතාවක්....ඇත්තටම පුංචි දවස්වල අපි ඔය වගේ හීන දකිනවා නේද?
ReplyDeleteගොඩක් ස්තුතියි දේශ් මෙ පරිවර්ථනයට..
*ලස්සන
Deleteතැන්කුයි රෙහානි.. පොඩි කාලේ විතරද බං දැනුත් එහෙමයි හීන දකිනවා ලස්සන...
Deleteකතාව කිවගෙන යද්දි මං හිතුවා පොඩි එවුන්ට කියන්න අපූරැ කතාව කියලා. ලේඛකයා දැක්කහම ඉතිං වෙන මොන කතාද? හැබැයි දේශකත් දක්ෂ පරිවර්තකයෙක්වීම සතුටුයි. කතාවේ රසය නොනැසෙන සේ පරිවර්තනය වෙලා තියෙනවා.
ReplyDeletetaru arana oyage bog eke nama wat?
Deletehttp://www.tharuarana2013.blogspot.com/
Deleteස්තුතියි තරු... ටිකක් පොඩි එහෙකුට උනත් කියවන්න හැකි වෙන ආකාරයක් තමා මම භාවිතා කරේ.. ඔබේ ප්‍රතිචාරය ඉදිරි කටයුතු සදහා හොද උත්තේජනයක් මට..
Deleteඋඹ හැමදේටම යක්ෂ....නෙමේ දක්ෂය නේ..
ReplyDeleteකවද විතර ප්‍රයිවෙට් පුද්ගලික හමුවීම දාගමුද..??
අර මොකටද ?
Deleteතැන්කුයි කෙන්ජියා.. හා ඒක ළගදිම දාමු. නලියවත් ගමු නේ.. පවි නේ ඒකා..
Delete@ ඉවාන්
Deleteකෙන්ජියා කරන වැඩ නිසා ප්‍රයිවෙට් මීටින් එකක් දාගත්තත් පාඩුවක් නැහැ බං. උඹත් ඇපොයින්ට්මන්ට් එකක් දාගනිං.
ලස්සන සුරංගනා කතාව. ඇඳට ගිහින් නිදාගන්ට හිතුනා... :)
ReplyDeleteහැබැට එහෙනං ඔක්කෝම ටික බලාගන්න තිබුනා නේද.. තැනුක්යි පොඩි..
Deleteමං කියවගෙන ආවේ දේශකයගේ කතාවක් කියලා හිතාගෙන.. පස්සෙනෙ දැක්කේ හාන්ස්ගේ කතාවක් කියලා..
ReplyDeleteඅටුවා ටීකා නැතුව දැම්මේ ඒකයි බං.. හාන්ස් කියන්නේ ලොකේ හිටිය දක්ෂම කතා කාරයා...
Deleteබ්ලොග් ලෝකයේ ළමා පිටුවකට හොඳයි. මල් වත්ත නම් ටොපට හිත් වැදුනා දේශකයෝ..හරිම සුමුදු රසයක්.
ReplyDeleteස්තුතියි අරූ.. හාන්ස්ගේ කතා එහෙම තමා නේද බං හැමෝටම රස විදින්න හැකියි..
Deleteඅපූරු කතාවක් දේශකයා ලස්සනට පරිවර්ථනය කරලා.මේ වගේ කතා කොච්චර කියෙව්වත් එපා වෙන්නෙ නෑ. ආයෙත් පොඩි කාලෙට ගියා වගේ දැනුනා :)
ReplyDeleteතැන්කුයි චාම්ස්.. ඉදිරියේදි දෙන්නං තව ලස්සන කතා ටිකක්..
Deleteaida kiwwama mata mathak une bentahra aida meeta kalin balala nathi wunath lassana kathawak
ReplyDeleteබෙන්තර අයිඩා.. හැක්... නෑ මේ ඩෙන්මාර්ක් අයිඩා.. තැන්කුයි කෝරලේ...
Deleteනියම කතාවක්. උඹට ස්තුතියි.
ReplyDeleteමට ඒක දැනුනා රාජ්.. සතුටුයි..
Deleteකලෙකට පස්සෙ හිත සැහැල්ලුවෙන කතාවක්.. අපූරුයි..දිග උනත් අගටම කියෙවුව. දේශක තුමා පාර වෙනස් කරල වගේ..
ReplyDeleteමටත් හිතුනා දිග වැඩියි කියල. ඒත් කියවන කොට අමරුවක් නැති වෙයි කියල හිතුවා. සරාගේ ප්‍රතිචාරෙන් ඒක තහවුරු උනා.. පාර ටිකක් වෙනස් කරන්නත් හිතුවා නං තමා.. බලමුකෝ..
Deleteකතාව නියමයි දේශකයො. ටිකක් දිග වුනත් කියවන් යත්දි ඒක තේරු නෑ. නියමයි ආ.
ReplyDelete- ප්‍රියා.
වෙල්කම් ප්‍රියා.. උඹට ස්තුතියි කියවල බැලුවට..
Deleteහෙන්රි අයියට දැන් පාලුවක් නෑ...බ්ලොග් අවකාශයට අභිනව පරිවර්තකයෙකුත් ඇවිල්ලා ඉන්නෙ...බොහොම රහයි...අයිඩගෙ මල් කථාව...තනමල්විල මල් ගැන කථා මොකුත් නැද්ද ?
ReplyDeleteස්තුතියි සිරා.. ශිෂ්‍යෙයක් විදියට මම හැන්රි ගුරුතුමාගෙන් මීට වැඩි දෙයක් බලාපොරොත්තු උනා. කොහේද ඌට විකාරද කොහේද මේ දවස් වල.. හැක්..
Deleteඅනේ තවත් සුරංගනා කතාවක් කියන්නකෝ.
ReplyDeleteඅලුගෝසුවා තවම මේ පැත්තේ ඇවිත් නෑ වගේ නේද....
අනිවා කියන්නං.. වෙල්ක්ම් කිව්වා එහෙනං..
Deleteකව්ද බං අළුගෝසුවා...
ලෝකයේ හොඳම සුරංගනා කාත ලියපු හාන්ස් ක්‍රිස්ටියන් ගේ සුරංගනා කතාවක පරිවර්තනය අගෙයි. වයස් බේදයකින් තොරව කියවා රසවිදින්න පුළුවන්
ReplyDeleteස්තුතියි දයා. හාන්ස්ගේ කතා කොයි තරං සාරවත් පන ගහන කතාද?
Deletelassnayi.
ReplyDeleteස්තුතියි බින්දි නගෝ.. හැක් හැක්...
Deleteමල් වර්ග ගැන ඉතා හොඳ සුවඳක් ඇති අපේ දෙසකයා ගෙන් මල් ගැන සුරංගනා කතාවක්. ඔය එන්නේ මල් පැළේ කන්න තමා... "මල් පොහොට්ටුවක් එපා කඩන්න.. මල් පොහොට්ටුවට පිපෙන්න දෙන්න" කීවට උබ අර මොටෙයියගෙන් එනකොටම කෙලින්න තමා යන්නේ නේද ???
ReplyDeleteබලපං හොද කතාවක් වත් බොලාට බලන්න බැහැනේ..
Delete