සිකේයියා අනවශ්‍ය දේශනයක් දාලා මාත් කෑව නෙව රෝස්පාං. චැහ්.. මුන් ටික එකතු වෙලා මට නොසෑහෙන්න අනං මනං කිව්ව උනත් මොනව කරන්නද. ඒක “පඩ දේශන“ කියල ලේබල් කරේ මමම නෙව. මම ඉතිං ඔය පඩෙන් පිට යන්න කිසිම අදහසකින් උන්නේ නැති උනත්, අපේ අල්තයිර් වීරයා නං අහල තිබුනා “පඩ දේශනේ නම් දැන් දුන්න,කක්ක දේශනේ මග එනවද දේශකතුමෝ? :D“ කියලා. ඒත් මං කිව්වේ එහෙම අදහසක් නැතෙයි කියලා. ඒත් අනේ දවස් දෙක තුනක් යනකොට ඔමා දැරිවි දීපු රා වීදුරුවක් බීලා මට කක්ක දේශනයක් මතක් උනා නෙව. හපොයි වෙච්චි දෙයක්. නොහිතන දේම වේ කියන්නේ ඕකට තමා. එහෙනං මේ කතාවත් අහගන්ටකෝ පොඩ්ඩක් සැටල් වෙලා.
මීට අවුරුදු ගානකට කලින් මගේ මිත්තරයෙක්ගේ වෙඩිමක් තිබුනා. ඔය වෙඩිම ප්ලෑන් කරපු අවස්ථාවේ සිටම.. ඔව්.. පත්තරේට ඇඩ් එක දාපු වෙලාවේ ඉදලම අපි කිහිප දෙනෙක් තමා මිනිහගේ දුක සැප බෙදාගන්න හිටියේ. ඔය විදියට හෙමින් හෙමින් ඉන්න මඩ ගොඩේ කොහොම හරි හිටවගන්න මිනිහා සමත් උනා. ඒ පාර තමා වෙඩිමට දින එහෙම නියම කරගෙන ආරාධනා කරන ලැයිස්තු හෙමත් කපල කොටල එහෙට මෙහෙට දාලා හදාගත්තේ. ඒ පාර ඔය හැම තැනම වගේ මිනිහගේ තිබ්බ ඩොක්ටර් සනී අළු පාට කාර් එකෙන් අපේ එකෙක්ම ඩ්‍රැයිවර් වෙලා අම්මත් එක්කම ගිහිල්ල ආරාධනා කරල ආවා. අපි නං යයි ඕවට කොච්චර පස්සෙන් හිටියත්.
ඒත් ඉතුරු උනා ඥාති පවුල් දෙක තුනක්. හප්පුච්චියේ ඉතිරි ඒවා බැලුවම හීතලේ ගැහුනා. මිනිහගේ අම්මට තියා අපිටවත් යන්න හිතෙන්නේ නෑ ඒ පැත්තේ හීතල මතක් උනාම. කොහේද මේ යන්න තියෙන්නේ. හරස්බැද්ද.. ඔය රාගල කිට්ටුව පොට් එකක්. ඉතිං මිනිහගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා සනියේ සැට් උනා ඩ්‍රැයිවරුයි, මායි, තව එකෙක් හිටියා මනමාලයගේ යාළුවෙක්, අන්තිමට බැලුවම ඒකා අපේම යාළුවෙක් වෙලා තමා පස්ස බැලුවේ. අපොයි මනමාලයත් ගියා. එතකොට ඔක්කෝම කස්ටිය හතරයි.
දවස් දෙකක් නිවාඩුත් දාගෙන හැන්දෑ කරේ මේ ගමන යන්න තමා අපේ බලාපොරොත්තුව. කාර් එක තියෙන්නේ අතුරුගිරියේ ඒ යකාගේ ගෙදර නිසා කස්ටියම සැට් වෙලා 170 ක නැගල, ඔපිස් එකේ දොරවහපු ගමන් එහේ ගියා. ඒ ගිහිල්ල ඇග පත හෝදගෙන හීනියට අඩියකුත් ගහල මගදි කෑම කනවයි කියල හිතාගෙන අටට විතර නමෝ විත්තියෙන් වැඩේ පටන් ගත්තා.
ඔය අතරේ කඩුවෙලට යන්න උනේ නෑ මුන්ට සාපිපාසාව නිසා තව බෝතල් දෙකක් දාගෙන, අපිටත් හොරෙන් මනමාලයා තවත් බෝතලයක් අරන්, ඔක්කෝම තුනක් එක්ක වැඩේ පටන් ගත්තා. ඩ්‍රැයිවර් කිව්වට ඌ අපේ මිත්තරයා. මිනිහ අමු බෙබා. බොනවා නෙමෙයි නානවා. වාහනේ ඩ්‍රැයිවින් කරන නිසා වැඩිය බිව්වේ නැහැ. ඒත් අපිට නං සිද්ධ උනා බෝතල් දෙකක්ම නුවර යන කොට ඉවර කරන්න. නුවර හිටිය නෑ කෙනෙකුට වැනි වැනි ගිහින් ආරාධනා කරන කොට මං හිතන්නේ රෑ 12 විතර වෙන්න ඇති.
මට කියන්න අමතක උනා අපේ මනමාලයට වාහන එළවන්න බෑ. ලයිසන් තිබුනත් මිනිහා හරි බයයි. ඒකට. ඒ උනත් බීපු මරගාතේ නුවර ඉදල වාහනේ මූට ගෙනියන්නම ඕන කිව්ව නිසා, ජීවිත ආසාව අතෑරලා ඩ්‍රැයිවර් කාරයා ඉස්සරහ වම් පැත්තේ සීට් එකේ වාඩි කරල හැන්ඩ් බ්රේක් එක ඌට පැවරුවා. වට රවුම කරකවන්න උන්නෑ. පේමන්ට් එක උඩින් වාහනේ රෝදේ යනවා. ක්රාස් ගාලා වැදිල ඉස්සරහ බෆර් එකත් ඩැමේජ් උනා. ඒත් කෝහේද මේකා අතාරින්නේ නැහැ. තවත් පදිනවා. ඒ අතරේ වලපනේ හරියෙදි කන්දක හෙමින් ඇදෙන ලොරියක් පස්සේ තියලා ඇතිල්ලුවා නෙව මේකා. බලන කොට පලාතේ චන්ඩියෙක්ගේ ලොරියක්. ලොරි කාරයා බැහැල ඇවිල්ල අලාභ ඉල්ලනවා. මොන අපිටයි අලාබේ. යන්තං කතා කරල ඒකත් ෂේප් කරගෙන එළිවෙන කිට්ටුව නොමැරි හරස්බැද්ද හන්දියට ගෑටුවා.
ඊට පස්සේ නෑ ගෙදරට ගියා අපි නවතින්න හිතං හිටිය. දොරට තඩි බාලා අමාරුවෙන් දොර ඇරවගත්තා. ඒ ගෙදර අයියයි මල්ලියි, පවුලයි විතරයි ඉන්නේ. හැබැයි ඒ රාත්තිරියේ අයියා හිටියේ නැහැ. මලයා විතරයි හිටියේ. පවුල දුවල පැනල හීතල වෙචිචි කෑම ටික ඇරල අපිට කන්න දුන්නා. එහෙම කාලා ටිකක් හැරෙන කොට උදේ 6 ට කිට්ටුයි. ඒ අතරේ තමා ඉතුරු බෝතලේ සිහියට අවේ. හීතලත් එක්ක නෙව, මහන්සිය ඔක්කෝම යන්න එක්ක ඒක ඉවර කරා. ඊට පස්සේ නිදිමත යන්න කියල අහල පහල තිබ්බ පීල්ලකට ගිහිල්ල හොදට ඔළුව අල්ලල නාගත්තා. හැබැයි බෙල්ල ගලවල යන්න තරං වතුර පාර සැර නිසා අතින් මූන අල්ලං තමා නෑවේ. බැරි වෙලා හරි කඩල ගිහින් බිමට වැටුනොත් කියල සැකේට.
නාලා ඉවර උනාට පස්සේ තමා මිනිහා නියම කතාව කිව්වේ. එකගෙයි කෑම කොයි තරං අහල තිබ්බත් එදා තමා ඇස් දෙකෙන්ම එහෙම සීන් එකක් දැක්කේ. අර යකාගේ අයියා එදා ඕෆ්. එතකොට මලයට තමා පවුල අයිති. අයියා කාරයා කොහේ හරි වෙන තැනක ගිහින් නිදාගන්නවා ඇති කියලයි මිනිහා කිව්වේ.
ඇවිල්ල උදේට කාලා අවට සිරි නරඹන්න පයින් ගාටන්නයි සුදානං උනේ. ජර්සි අරව මේවා නොතිබුනත් අනේ මන්ද මොන සීතලක් වත් තිබ්බේ නැහැ. අපි ඇවිද ගෙන යනවා තේ වතු මැදින්, අල වතු මැදින් පාර වැටිල තියෙන හින්දා. ටික දුරක් යනකොට තැබෑරුමක්. ආයෙත් සාපිපාසාම. එතෙන්ට ගියාම තියෙනවා සුපිරි පොල් රා බැරල් එකක්. පෙරේත කම යන්නත් එක්ක හොද හැටි වීදුරු හය හතක්ම ලුණු කැට දෙක තුනකුත් එක්ක බඩට ඔබා ගත්තා. රහ.. නං උපරිමයි. විනාකිරි තව රහයි මං හිතන්නේ. ආයිත් මාර්ග සංචාරය.
අඩි පනහක් හැටකට එහා මට යන්න උනේ නැහැ. පසු පසු කලාපයෙන් මුර ගෑමක් එක්ක ආරාධනයක්. මොන ඉන්නම බෑ.. අහල පහල ගෙයක් වත් නැහැ. මුන්ට කිව්වම අමාරුයි කියල ඔන්න ඔය තේ වත්තට ගිහිල්ල කරගෙන වරෙන් කිව්වා. ඉවසන්නම බැරි තැන පල්ලමට බැහැල තේ ගහක් අල්ලන් චුරු චුරු ගාලා අඬන බඩ නිදහස් කරා. වතුර.. වතුර නෑ පැටියෝ. තේ දල්ල බොන්න විතරක් නෙමෙයි පිහිදාන්නත් හොදා. අම්මේ සනීපෙ කියල හෙමින් සැරේ පාරට ගොඩ උනා. අරුන්ට දෙකක් කියන්න කට ඇරියා විතරයි ආයිත් ආයාචනයක්.. දිව්ව තවත් තේ ගහක් ගාවට. ඒ විදියමයි. හැබැයි තව ටික වෙලාවක් එතැනටම වෙලා බලං හිටියා තවත් ආරාධනාවක් ආවොත් හෙම කියලා. නෑ එහෙම එකක් නෑ. සැනසිල්ලේ ආයේ උඩට නැංගා.
සනීපේ බෑ බඩ ගොර ගොර ගාපු එකත් ඉවරයි. අපි සැට් එකම අම්මමෝ නැතිව තැබෑරුම් කාරයගේ ගුණ වර්ණනා කරමින් ආපු සංචාරේ කෙටි කරල, ආයෙත් හැරුනා.. ඇයි අනේ මම ආයේ නාගන්නවත් එපායැ.. අර තාර ටික යවන්න. හැරිලා තවත් මීටර් සීයක් විතර එනකොට අත ලඟ තිබ්බේ අල වගාවක්. මොනව කරන්නද ඒ එක්කම තිබ්බ උස ගහකට මුවා වෙලා වැඩේ කරගත්තා. අම්මේ... එන්න එන්න බඩ රිදෙන එක වැඩි වෙනවා. ඉවසන්නම බෑ. කොහොම හරි තව ටිකක් දුර එනකොට හම්බ වෙච්චි පළවෙනි ගෙදරට ගිහ්ල්ල ආයේ ටොයිලට් එකට බැහැල දෙපාරක් විතර බඩ සෝදල දාලා, යන්තං තාර පාරවල් ටිකත් යවාගෙන ඇවිල්ල, එකගෙයි කන අක්කට කියල දෙහි එක්ක කෝපි කෝප්පයක් හදාගෙන බීලා නිදාගත්තා. පැය දෙක තුනක්ම.
හැබැයි මම නැගිටින කොට අපේ පුත්තරයෝ ටික හිටියේ නෑ. පස්සේ තමා මතක් උනේ.. නුවරඑළියේ ඉන්න මිනිහගේ මිත්තරයෙක්ගේ ආරාධනාවක් තිබ්බා බොන්න එන්න කියලා. උං ඒකට ගිහිල්ල මාව දාලා. දවල් වෙද්දි එනවා කරපට් වෙලා කාර් එක නැතිව බස් එකේම. කාර් එකේ බ්රේක් හෝස් එකක් ගිහිල්ල. ඒක හදන්න දාලා ඇවිත්. ඉතිං දෙයියනේ කියල නිවාඩුත් තියෙන එකේ තව රැයක් පුරා බොන්න චෑන්ස් එකක් ලැබුනා. නැත්නං කරන්නේ බීබී ඇවිදන එක නෙව. මෙදා පාර එකතැනකට වෙලා බිබීම හිටියා. දවස් දෙකකට පස්සේ කාර් එකත් හදාගෙන එනගමන් සල්ලි ඉවර වෙචිච නිසා, ජීවිතේට නොබීපු ඈයො වගේ ආයේ කොළඹ ආවා.
අනේ හැබෑට නේද ,, උත්තේජනේ නියමෙට වැඩ කරලා දේශක තුමෝ,, ආයේ ෆිලින්ග්ස් ඕනේ වුනාම කියන්ඩ ඈ ,,පස්සේ කියෝලා කොමෙන්ට් එකක් දාන්නම් ජය !!
ReplyDeleteඉතිං කියෙව්වද?? තාම නෑනේ...
Deleteඉතිං කියෙව්වද?? තාම නෑනේ...
Deleteමන් එවලේම කියෙවුවා ,,කොමෙන්ට් ටික දැක්කට පස්සේ මාත් රා බිඋවා වගේ තමයි
Deleteරා බිව් රිළවියෙක් උනාද එහෙනං.. හැක්..
Delete// නොහිතන දේම වේ කියන්නේ ඕකට තමා. //
ReplyDeleteසිතු දේ නොම වෙයි නොසිතු දෙයක්ම වෙයි ...ලො දම් කැරකෙනවා කියන්නෙ එකනේ...
ඒකනේ බං කියන්නේ ලොදෙත් කැරකෙනවා.. හැක්
Deleteමට මැවිල පේනවා දේශකයා තේ ගස් අස්සේ නැවි නැවී ඇවිදින හැටි.
ReplyDeleteඔයාට ඒක විතරද මැවුනේ..
Deleteරා බිවුවොත් ඔහොමමයි ... හි හි ...
ReplyDeleteහොද ඒවා දෙන පුළුවනි අපේ පැත්තේ ආවොත් ...
කොහෙද බං උඹ ඉන්නේ කියාංකෝ
Deleteහැ ..... එන්නද ... :D
Deleteකියන්න සුලගේ ඔබ කොයි සිටදෝ එන්නේ!!!
Deleteහද්දා පිටිසර ඌව වෙල්ලස්සේ වැල්ලවාය නම් නගරය ආශ්‍රිත රන්දෙනිවෙල නම් වූ (පරන්ගියාට රිදෙන්න ගහපු) ගම්මානයට යාබදව පිහිටි දුටු ගැමුණු නිරිදුන් සම්බන්ධ ගම්මානයක් වන සියබලාගුණය නම් ලද්දාවූ ගම්මානයේ සිට ...
Deleteයකෝ ගම තියෙන තැන කියපු විදියට දුවගෙන එන්න හිතෙනව හුළඟ වගේ...ඉඳපන්කො ලංකාවට එනකල්
Deleteසාදරයෙන් පිලිගන්නවා අපේ දුප්පත් ගෙපැලට ....
Deleteසුද්දට රිදෙන්න ගහපු හැටි ගැන අප්‍රසිද්ධ කතාවක් මෙන්න..
Deleteඑන්න හිතෙනවා බොලන් හිටපන්කෝ තව ටික දවසයි ඊට පස්සේ සදහටම නිවාඩු මට!
http://karuugesithroo.blogspot.com/2013/09/blog-post.html
@ සුළඟ,
Deleteගම ගැන සුළඟ කියලා තියෙන හැටි හරිම ලස්සණයි. සීතල සුළඟක් ඇඟේ දැවටිලා ගියා වගේ...:D
එන්න මද නලේ, ගොස් පවසන්න දුක මගේ.
Deleteබලාපං මම උඹත් එක්ක කවදාවත් කතාකරලා නැතුවත් ඉස් ඉස්සෙල්ලම අහන්න වෙච්ච්ච ප්‍රශ්ණෙ. මාත් එන්ඩද, ඈ?
එන්නංකෝ සුළගේ. මේ ඉන්නේ සැට් එකක්ම. කරුමෙට බාගයක් උන් රට පන්නපු ඈයෝ.. මායි නලියයි හරි එන්නං...
Deleteකිව්වත් වගේ පස්ට විස්තරය ගම ගැන. එහෙම තමා තමන්ගේ ගම ගැන ආඩම්බර වෙන්න ඕන. ඒකනේ ඔය ගාල්ලේ උං වැඩ බැරි උනත් අපි ගාල්ලේ කියල කියන්නේ හෙන ආඩම්බරෙන්
@ අල්තයීර්
Deleteතැන්කුයි ලින්කුවට
@ පොඩ්ඩි
ඔව් ඔයාට නං මේ දවස් වල හීතල නැතිව ඇති
@ ඩුඩෙ
උඹ ඉතිං අහන්නේ මාර පුරස්න නේ.. හැක්.. අර බස් එකේ දැක්ක ගෑනියෙක්ට ඇදුං ගලවල ලෑහැස්ති වෙලා ඉන්න කියනවා වගේ එකක්..
මට නිකන් පික්සු වගේ ..... ඇත්තටම එනවද ... හැබැයි බිම තමා නිදා ගන්න වෙන්නේ ... අපි දුප්පත් අය '''
Deleteඕනනම් හන්ටින් පාරකුත් යන්ට හැකියි .... සත්තු නැතත් පට්ට ස්පොට් එකක් ඇත ...
ගිනි මැලයක් ගසා රැය පහන් කිරීමට නම් අපුරුය ...
එළකිරිනේ.. බිම තරං හොද තැනක් තියේද නිදාගන්න.. හැබෑට දැන්නං එන්නම හිතෙනවා.. හිටහං නලියත් එක්ක කතා කරන්න..
Deleteඑන එක අපුරුය .. මට නිවාඩු දා ගැනීම සදහාද කාලයක් අවශ්‍යය ..
Deleteඅනික රා ඇති කාලයක්ද උවා නම් පන්කාදුය ...
නැත්නම් බෝතල්වල පිහිටයි ... ආරක්ෂාවයි ....
මචං උඹේ හෘදයාංගම බව මේකෙන් දැනෙනවා. හිටහං දවසෙන් දෙකෙන් ඕක සැටල් කරන්න බෑ.. සතියක් හමාරක් යාවි. කන්ටැක්ට් කරමි. උඩ තියෙන මේලට ටෙස්ට් මේලක් එවා තියාපන්..
Deleteසුළග දැන්නම් නෑවිදිං බෑකොහොමවත්. අනිවා එනවා. දේශකයත් එක්කත් කතා කරගන්නම් කෝ එන විදිය
Deleteහ්ම්ම්ම් ... එවන්නම් ...
Deleteවැසි කාලය නිමා කර .. (අහිතක් නැත්නම්) මා දිනයක් යොදන්නද ..
මචෝ බිම කියන්නේ ඉහටත් උඩිං තැනක්නේ. අපිත් දුප්පත් එවුං බං. උඹෙ මේ ලෙංගතු ආරාධනය පැහැර හරින්නම බෑ
Delete@ සුළග
Deleteමේල එවන්න. තව රාබඩ්ඩෙක් ඇවිත් ඉන්නේ.. නලියා.. හැක්.. තව කව්ද එන්නේ.. අත උස්සපල්ලා
@ නලියා
Deleteඅන්න ඒකයි මටත් කියන්න තියෙන්නේ. මේ වගේ ලෙංගතු ආරාධනයක් මටත් කාලෙකින් ලැබිල නෑ. බොන්න නැතත් යන්න හිතෙනවා...
මේ තොපි මට කියල හමන්නගන්න හදන්න එපා තනියම ගිහිං ඈ,හිටපියව් මාත් එනකං.
Deleteතොපිලා යද්දි කියපල්ලා...මමත් එල්ලෙනවා...අපායට හරි යන්න..
Delete@ හැලපයියා
Deleteඋඹ ආයින් එකකොට රා ලංකාවේ තහනං පානයක් වේවිද කියල කව්ද දන්නේ.. හමවන්න කලින් කොයි දේත් කරගන්න ඕන.. හැක්..
@ සිරා
Deleteඋඹත් එක්ක අපායට යන්න උනත් 2015 වෙනකං හැමිනෙන්න එපායැ.. හැක්..
අනේ අප්පේ මෙහෙමත් බාබෙද්දෝ
Deleteබලපංකෝ සැට් එක කෑදරයෝ වගේ සැරිසරන හැටි... හැක්
Deleteඅනේ හුළං කුරුල්ලෝ මුන් ටික පෙරේත කොරවන්න එපා.. කෝ උඹ එදා අපිට රා දුන්නේ නැහැ නෙව. හිඟුරාන ගල් අරක්කු බෝතලෙයි අර මොනාද රතු පාට බෝතලයක් නේ තිබ්බේ මට මතක නැහැ බෝල. අර භූතයා එන බෝතලේ.. එදා කෝ රා... උඹ පොලෝසියේ ඉඳන් ගහක්වත් මදිනවා ද ? අඩෝ රා ඕනෙනම් අපේ පැත්තේ ගාටන්න ලා.. මී රා, පොල් රා තියේ.. හැබැයි වගකීමක් ගන්නේ නැහැ බීවට පස්සේ අතුරු පෙතිපාල ඕනේ තරම් ඇති. මී රා නම් එලාස් ඈ..
Deleteබෙනා උඹ ගිහින් සුළගට කරදර කරන්න ඇති අමුතු වේශ මවලා. ඒකයි වෙන් ඇත්තේ. හැක්.. රා පරිත්‍යාග කරන ලිසිට්කටුවේ උඹ තුන් වෙනියා හොදේ. මතක තියාගනිං. අපි රා සතියක් දාගෙන ඔය තැන් වල එන්නං..
Deleteහිඟුරාන නං බොන්න බෑ කොල්ලෝ,ඊට හොඳයි සුදුවා...සිරාට කියල අත්තනගලු ඔය අහබඩ පෙරන සුදුවා බූලියක්වත් ගෙන්නගම්මු.
Deleteඅපෙයි ඔව් හැලපේ ඒ සීනි කරිංඤඤං.. සිරාට කිව්වට ලැබෙයිද.. මට සැකයි මිනිහගේ සත්ගුණවත්බාවය ගැන හැලපය්යේ... හැක්
Deleteඊට නරකද හැලපයියෙ මම අපායට ටිකට් එකක් අරන් ගිහිං...අත්තනගලු ඔය අසබඩ ඉදන් අමෘතය බෙදපු අපේ රිචාගෙන් බඩු අරන් එන්නම්...මිනිහා ෂුවර් එකටම ජෑස් කොල්ලා එක්ක එහෙ ඇත්තෙ දැන්...
Delete@ දේශකයා...ට්‍රිප් එක යන්න කලින් හොදට රීලා වරෙන්...බඩ යන්න ගත්තොත් පාවිච්චියට ගන්න පෝර උරයකුත් ගෙනෙන් ලොකු ප්‍රමාණෙන්...
Deleteඕන නැහැ බං කෑලේ තියෙනවලු එකසිය ගානට.. බඩ ගංගාවක් උනත් දාන්න.
Deleteරා වලට බඩ ෆෝමැට් වෙනවනෙ බං....නෙල්ලි බීවමත් ඔය සෙතේම තමා....සෑහෙන සැපක් ලැබෙන්න ඇති මයෙ හිතේ...අපේ පැත්තට වරෙන් දාගොන්නෙන් මී රා අරන් දෙන්නම්......ඕන තරම් වෙල් තියෙනවා ඇල දොලවල් එක්කම...
ReplyDeleteකියල වැඩක් නෑ සැප නං.. මම දැං ෂූවර් නැත්නං රා බොන්නෑ. බිව්වත් කිතුල් පමනි. අඩේ එහෙනං සුළගේ ගෙවල් පැත්තේ ගිහිල්ල් එන්න ඕන ඔය පැත්තේ
Deleteරා බිලා ඔය වැඩේ කරද්දී පට්ට ගදයි කියන්නේ ඇත්තද? ඉස්සර මගේ යාළුවෝ රෑ රා බිලා උදේ පාන්දරම බොග දාන්න යන්නේ ගෙවල් ගාව තියෙන ඇළකට.ගිහින් ඒකෙම තියෙන පිල්ලකින් නාගෙන එන්නේ.ඉතින් මාත් උන එක්කම උදේ පාන්දර යන්න ඕනේ නාන්න. උන්මයි මට ඒ සීන් එක කිව්වේ. මං රෑ බීලා නෑ. ඒකයි මේ අහන්නේ. :)
ReplyDeleteබිලා බලහන් ලෑට් එකට ගියාම උබම නහය වහගන්නවා ආයේ 2 ක් නෑ
Deleteඉශාන් මල්ලියා කොහෙද බං මකබෑවිලා හිටියේ?
Deleteඇත්ත බං ඒක ගදක් නෙමෙයි බං හං ගදක්.. යකෝ අරුන් ඇලට බඩ සුද්ද කරාද එතකොට???
Delete@ බොරළු
Deleteඇත්ත.. බීලම බලන්න ඕන
@ කෙන්ජා
Deleteඔන්න ඇවිත් ඉන්නෙ. ගෙට උනයි කියන්නේ..
අඩේ අපිනම් රා ලීටර් 03 ක් බිව්වා 03ක් එක්ක බඩු වැඩි වෙලා නෑ උපරිම පැයයි. ලෑට් එකට ගියාම මාර සුවදයි බොන වෙලාවට බඩ ඇතුලෙත් පැහෙනවා
ReplyDeleteඅඩේ දේශේ අපිට බඩ ගියේ නෑ නේ. මම හිතන්නේ දේශේ රා නෙමේ විනාකිරි බිලා තියෙන්නේ
ඒකනේ බං කිව්වේ විනාකාරි තව රහෙයි කියලා. හැක්.. විනාකිරි වලටත් වැඩිය පැසවපු සුපිරි ගණයේ රා වර්ගයක් ඒක..
Deleteහෙක් හෙක්! හැරෙනකොටම මං කීවේ නැද්ද පැඩලා කාරිය ලක ලැස්ති උනේ බොගකට කියල!
ReplyDeleteඅම්මටහුඩු! මෙන්න මට වීරයාලු! ඔය බොරු ආටෝප මොකටද ආයිබෝවන්ඩ මං මේ හිච්චි කොල්ල තාම..
ඔය එකගෙයි කතන්දරේ තාම ලංකාවේ තියේද? සමාජය ඉස්සරහ කොහොමද ඒ මිනිස්සු ඉන්නේ? ඇත්තටම අදටත් එක තියේ කියල දැනගත්තේ මේ දේශනෙන් තමා..
ඕවා ඔය නිකන් කරන වැඩ නෙමේ බෝල .. දේපල පිට යනවට තන්නාසේ තනාගත්ත දේවල් නොවැ ..
Deleteතරහ අවසර අයුබෝන් .. ඕන් කිවුවා ...
එහෙනං එහෙනං,හැබැයි එකේ හොඳත් නැතුවා නෙවේ.. ලංකාවේ නීතියෙන් නම් ඉඩක් දැන් නැතුවා නොවෑ..
Delete@ අල්තයිර්
Deleteඋඹ නිකං උඩ පනින්න එපා මම කිවවේ ඔය පින්තුරේ ඉන්න හාදයට වීරයයි කියලා. බලපං උඹ කිව්ව සාස්තරේ වැඩ කරා.
@ සුළග
Deleteඒක හැබැයි. ඔය දේ වෙන්නේ ඒ වෙනුවෙන් කියල තමා වැඩිපුර ආරංචි
ඕවා කියන්නේ කට කහනවට නෙමේ ආයුබෝවන් ... ඕවා පරණ ඇත්තෝ කියලා තියෙන්නේ ...
Deleteමේ ගැන හුගක් ජනප්‍රවාද තියෙනවා. සජීවි අත්දැකීම් තාමත් සමහර පැති වල තියෙනවා සුළගේ..
Deleteමට නම් හරිම අප්‍රියයි ...
Deleteකොහොමද එහෙම හිතන්නේ ... සහෝදරයාගේ ඇබේනිය ගැන
ඒක වෙනම කතාවක්. ඒ උනත් ඒකේ ඇති දෙයකුත් නැහැ බං බැලුවම.. පුළුවන් නං විස්තර ටිකක් හොයල පෝස්ට්කටුවක් දාපං
Deleteමට ලිවීමට හැක්කේ නිසදැස් පමණකි ... :D
Deleteපොස්ට් ලිවීමට තරම් දැනුමක් නැත ..
තවම මා අදුනිකයෙකි ..
උත්සාහ කරන්න. ඔබ නිසදැසක් ලියන්න වචන කොපමණ ප්‍රමාණයක් අයින් කරනවද. ඒක ලියන්න පුළුවන්.. බැරි නෑ.. ආධුනිකයෙක් බං මමත්.
Deleteදේශකයගෙ බොග දැන් පඩ ගදයි බොල...ඔය හදුන්කූරක්වත් පත්තු කරපන්කො...
Deleteහැක්... ඊට පස්සේ කබර ගදක් එන්නේ.. හරිය සිරෝ..
Deleteබිලා මෙච්චර චොර වෙලා තියෙද්දිත් එත් බොනවනෙ අප්පා අපිනම් මොනව කරත් 5වෙනි සිල් පදෙනම් කඩන්නෙ.,.
ReplyDeleteඑතකොට 3 වෙනි සිල් පදේ?
Delete@ මැලේ රාළ
Deleteඕනම එක කියල නෑ... “නෑ“ ද “ඔව්“ ද. හැක්.. චොර.. මොන චොරක්ද බං බඩ චොර මිසක්කා
@ ඉවාන්
Deleteඅපි ගන්න සිල් වල ඒක හයිඩ් කරලයි තියෙන්නේ
ඔය වගේම කට්ටක් මම ඉස්කෝලේ යන කාළේ දවසක් කෑවා. බම්බා කිරි හලෙන් කල් කිරි එකක් බීලා...
ReplyDeleteබම්බ කල් කිරි ජනප්‍රියම පානය. ඒක තාමත් තියෙනවා නේද බං පාරවල් කැඩුවේ නෑනේ.. මම හුග දවසකින් ඒ පලාතේ ගියේ නෑ...
Deleteබඩෙ අවුල නැත්තම් සුපිරි ට්‍රිප නේද
ReplyDeleteසුලගෙ අපිත් එනො
අන්න තව එකෙක්.. හරි නම දාගත්තා.. බඩ ගියත් එළ ට්‍රිප..
Deleteඅයි බන් මම ,,,,,,,
Deleteඋඹත් රට පන්නපු එකෙක් නේ මගියෝ..
Deleteඇයි බං කැවුමක් ගිල්ලා නම් හරිනේ කෙලින් අතට තියලා....
ReplyDeleteඒකේ බුරිය හදාගන්න එකනේ බං අමාරු...
Deleteඔය කදුරට පැත්තට යවන රා මාදම්පෙ(හලාවත) සිට සිදුව දක්වා නිෂ්පාදනාගාර තියෙනව.වතුවලින් එකතු කරන රා ගෙනල්ල පොකුරු පිටින් දුන්කල නැටියි තව මොන මොනවාද දාල තමයි හදන්නෙ.
ReplyDeleteබේබද්දන්ට බොන දෙයක් දැක්කම තැන නොතැනක් නැතිව උගුරට හලාගන්න එකේ විපාක තමයි ඔය.
ඔව් ඔව්. ඒ ජරාව තමා බං.. පෙරේත කමට කොරගන්න වැඩ නේ මේවා
Deleteරා වලට දාන එක එක ජාති වලට තමා බඩ යන්නෙ....මම නම් මී රා විතරයි බොන්නෙ...අන්න නියම බඩු...මාර රහක්......
Deleteඋඹ ඉතිං ඔය අඩගහන්නේ එන්නෙයි කියල නෙව.. මීරා නොබිවු කට මක්කටටෙයි අන්ඩර්ලියන්නෝ...
Deleteඑතකොට වතුර නැතුව රීලා උඹලා දවසෙම ඇට්ටිම්බෙන් හිටියද ?
ReplyDeleteනෑ නෑ පසුව ගලවල දැම්ම තාර පැච්..
Deleteතුක්!!!
Deleteචැහ්...
Deleteබොනවා කීවට මෙහෙමත් බොන්ට පුලුවන්ද? ඇති යන්තම් බ්ලොග් එකක් ලියන්ට දේශකයෙක් ඉතුරු වෙලා ඉන්නවා. :)
ReplyDeleteබොනවා කිව්වට බොනවමත් නෙමෙයි අනේ... බීම කියන්නෙ හොද දෙයක්. ඒකෙත් තමා නාඩි වැඩ කරන්නේ.. හැක්..
Deleteඅනේ, සාධු! මෙච්චර අකරතැබ්බ වෙලත් බේබදුකම අත් අරින්නේ නෑනේ. බොලා ව හදන්න බෑ, දේශකයෝ. මම නොකිව්ව යි කියන්න එපා.
ReplyDeleteමට නං දුක එදා වත්තේ දළු කඩන්න ආපු උන් ගැන :D
ඉහමුදුනින් පිළිගනිමි ඔබගේ උපදේශේ ධාරෝ...
Deleteමටත් දුකයි... ඒත් අහිංසක මං මක්ක කරන්නද දරුවෝ...
යකෝ ඔය රා බොන එක හැම එකාටම කරන්න බෑ. දැක්ක පලියට බොන්නෙ නැතුව හිටියනං ඉවරයිනෙ.
ReplyDeleteඔය වගේ වෙලාවට ලැට් එකකට යනවට වඩා ඔයවගේ පොට් එකක වැඩේ කරන්න තියෙනවනං ඒක තමයි ලේසිම වැඩේ.
අවුරුදු ගානක් බඩේ තිබ්බ ජරාව ටික හේදිලා යන්න ඇති.
ඒ වොලාවට ඕවා මතක් වෙනවයි බං. කිව්වම මතක් උනේ බැල්ක් ලේබල් සමග මල් ගසා කරපු නර්තනයක්...
Deleteඔව් නිකං අරළු පෙති ගිල්ලා වගේ තමා..
තේ බොන්නත් එපාවුනා.
ReplyDeleteරා වල ඔය කියන විදියෙ අවුලක් නෑ බඩු හොඳ නම්. රා මන්ඩි වලට සීනි දාල හදපු "හදාරා" තමයි උඹ බීල තියෙන්නෙ.
ඇත්ත මචං,බෝතල් රා ජරාව බීවමත් ඔය ලෙඩේ එනවා.
Deleteඇත්ත රාජ්. ඔය පැති වල තියෙන්නේ “හදාරා“ වෙන්න ඇති. මන්ඩි ටික ජරස්ත වෙන්න පැහෙනවා ඒකයි. තේ බොන්න තේ බොන්න. බොලා කොහොමත් තේය කියල කැලිකසල නෙව බොන්නෙ..
Delete@ ඇනමලයා
Deleteමචං බෝතල් රා නං බොන්න එපා. ඒකේ බැක්ටිරියා වර්ග කිහිපයක් අළුතින් හැදෙනවා රා පැහෙන කොට..
බීල වාහන එලවන්ඩ එපා, යකෝ. මේ අහිංසක අපිත් ඔය පාරවල්වලම යනවනේ.
ReplyDeleteමම නැහැනේ ඔය වගේ අසමජ්ජාති වැඩ කරන්නේ ... ඔව් ... ඉඳගෙන ///
Delete@ ඩුඩෙ
Deleteදැන්නං ඒවා කරන්නෑ බං. ඒ දවස් වල ඔය මගුල් පොලිසියවත් බීලා ගියාට ගනං ගන්නෑ නේ.තරහටමයි බොන්නේ එතකොට..
@ මගියා
Deleteඒඊඩී 9600 ක් කරන්න ඕනද
එපා එපා මේ හම්බ වෙල තියන ෆොන්ටෙර ටින් කිරි ටික ඇති ...
Deleteඋඹ නිකං තව කන්න ඉල්ලනව වගේ මට දැනුනා දැනුනා ඒකයි ඇහුවේ...
Deleteමමත් එකම එක දවසක් රා කට්ටක් ගැහුවා...
ReplyDeleteහැබැයි ඔය තරම් නං අවුලක් උනෙ නෑ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රා කට්ටක් ගැහුවා කියන්නේ බං සුපිරි බඩු වෙන්න ඕන.. චිරිස් ගාලා බිංදු පනින ජාතියේ. කෙළ උනනවා බං කටට
Deleteබේබද්දෝ බේබද්දෝ
ReplyDeleteබොට වෙන වචනයක් හොයාගත්ත නං අහවරනේ. අහක ඉන්න අහිංසක බේබද්දොන්ට අනං මනං නොකිය..
Deleteපැතුම් ඔය බේබද්දෝ කියන එක ඒ තරම් ලස්සන නැහැ එක නිසා වචනේ රෙප්ලසේ කරහන් මෙහෙමෙ/// සමනලයා .. මල ඒ වගේ ලස්සන .නමකින් ..
Deleteඒකට හදමු නමක්..
Deleteබොන එක මදිරාබාධය
බොන එකා මදිරයියා.හරියට හැලපයියා වගේ.. හැක්..
යකඩෝ.. කියන විදියට නම් උඹ ඔයින් ගියා හොඳා,,., හැබෑට දෙස්හෝ තේ ගහ ඔය වැඩේට කියපු ගහ නේද... ගහ කොටයි .,,, කොටු හයියයි ././/කොලේ මෙලෙකයි පිහා ගත්තකි ... හබයි ඔය රෑ සීතලට ඔය තේ ගස් යට සරුපයෝ ලගිනවා ././ කෙවනම් පක්ෂත් භාගේ බොලට පෙනැයි වැඩේ ....
ReplyDeleteඔය රා හොඳ බිමක් බන්,,., අදටත් මම නම් කැමතිම බිමක්...මම ඉස්සෙල්ලම බීවේ ඉස්කෝලේ 10 වසරදී..
ඒකනේ උඹ තාම බොන්නේ. අම්මපා තොපි පොඩි කාලෙත් නහර වැඩ කරල තියෙන්නේ.අපිනං එහෙම නෑ.. ඒ හරියේ හිටිය එකම සරුපයා මං ගාව තමා හිටියේ.. හැක්..
Deleteඒ සරුපය දෂ්ට කල හැටි යට තියනව .. කොමෙන්ට් ටික ගහගෙන පල එථක්තොඅ හම්බ වයි ,,,හෙහ් හෙහ් හෙහ්
Deleteහැක් හැක්... උඹත් එක්කත් බේරිල්ලක් නැති උනේ නේ.. ඇයි බං අර පස්වැනි වැඩේවත් කරගනිං. (බොන එක)
Deleteඇපෝයි... රා ගුඩ්ඩෝ.... අපි ඉස්කෝලෙදි දවසක් හදල ටෙස්ට් කරන්න එකෙක්ට දුන්නා.. ඌට එසැණින් කලිසමේම බෝස්.... :)
ReplyDeleteඋඹල ඌට වස පොවල වෙන්ටැති... අගෙයි වැඩේ...
Deleteඊට පස්සෙ අර ගෙවල් පැත්තෙ යනකොට ටාට්ටේ කියාගෙන හොටු පෙරාගෙන කොළු පැට්ටෙක් දේශකයාව බදාගත්තෙ නැද්ද ? පුදුමයි..
ReplyDeleteThis comment has been removed by the author.
Deleteසරත් අයියේ එහෙම නෙමේ වෙලා තියෙන්නේ ... මෙහෙමයි ....
Deleteදැන් ඔය සිද්දියට අවුරුද්දු 2-3 කට පස්සේ ලංකාදීපේ ද්යියෝ සාක්කි එකට යනවලු තේ ගස් වල එල්ලිලා කක්ක දාන ළමයෙක් ගැන... ඒ ළමයට කොච්චර කොහොම කලත් කැක්ක යන්නේ තේ ගැහෙ එල්ලුනාම විතරලු... ඉතින් එදා ඉඳන් දෙසිකය ඔය පැත්තේ ඉඳන් එන බස් එකක් දැක්කත් හැඟෙනවා කියල තමා ආරන්ච්ගිය ...
@ සරා
Deleteචීයා ඔය ඔය කැත කතා කියන්නෙපා පැය තුනක් නිදාගත්ත විතරයි..
@ ගුවනා
Deleteඋඹටත් වෙන වැඩක් නැද්ද අප්පා ඔය ලංකාදීප බල බල ඉන්නේ.. අපහාස කරන්නෙපා ඩෝ. නඩු දානවා..
එකගෙයි කන තැනක
Deleteඑකෙක් නැතිවූ දවසක
අනුමත වූ රැයක
සිදුවු දේ ගැන කියනු කෙලෙසක ?
රැයක් නම් නොව විය
Deleteමොකෙක් වත් නැති වුව
ගියපු බඩ සිහි කොට
කළ හැකි යමක් මට නැත...
මල්ලී හිතන්නේ මල්ලිගෙ කියලාය
Deleteඅයියා හිතනේ අය්යගෙ කියලාය
කණමදයා වෙලත් යුතුකම් කරලාය
දෙදෙනෙකු දත් පරිදි දේශක පැටියාය.
සරා හිතන්නේ හරි කුප්වැනි දෙවල්ය
Deleteඅයිය මලෝ දේශා ගැන නොදනීය
එහෙම උනත් අවුලක් හෙම නැත්තේය
පිච්ච මලක් ඉඹලා අපි ඉන්නේය...
බඩ ගියේ වික්ටෝරියා වේල්ල ඇරියා වගේද....බඩු ටික ගිහිල්ලා ඉවර උනාට පස්සෙ අමුවෙන්ම සීල් ෂොට් දෙකක් විතර ලග නැමුවා නම් ලෙඩේ කම්මුතුයි...
ReplyDeleteඔව් බං ගලන ගඟකි ජීවිතේ වගේ තමා... ඒ වෙලාවේ ගෙනාපු බඩු ටික ඉවර වෙලා නැත්නං දෙකක් ඇනගන්න තිබුනා බං... හැක්...
Deleteඅයියන්ඩියේ මී රා, පොල් රා, ඕනෙනම් මෙහෙ ගාටන්න..
ReplyDeleteමී රා නම් ෆෂ්ට.. ජෝ බොනවා වගේ. ආයේ වදිනවා ටොයින් ටොයින් වෙන්න..
දාසක් බීච් ගිහිං කෙලලා ආවේ හතර ගාතයෙන්... :D පොල් රා නම් ගමේ තියේ. ආයේ මෙහෙනම් ඔය තේ වතු අල වතු නෙමෙයි ඔරිජිනල් කදු තියේ. කිසි දුකක් නැහැ.
ඔය හීතල ගැන කියද්දී මට සෞදර්යත්මක සිතුව්ලි පහල උණා නෙව.
දේශකයා ජාලේ සැරි සරනවා නෙව. ආදර කුමාරය කියලා ඩයල් එකක් ඉන්නවා දැකලා ඇති නේ ජාලේ. මම පොරගේ ගෙදර ගියා. තියෙන්නේ රත්නපුරේ. අර වතුර එන්න පීල්ලෙන්ද මොකක්ද වගේ. පට්ට හීතයි. කඳු උඩ ගෙවල්. එහෙත් ඔය කිතුල් එහෙම තියේ. මල් ජාතිත් ඒමට තියේ..
අනේ අප්පේ සැප කරේ.. පට්ට ලස්සනයි නේ බං ඒ වගේ ප්ලේස්. තේ වතු මාරයි....
- Bora Diyaka Induwara
ආදර කුමාරය මට හමු වෙලාම නැහැ බං.
Deleteඑතකොට උඹ සුළග හමන් පැත්තට ගියා, ආදර කුමාරය රැගුම් පාන තැනට ගියා මේ ටිකට. සකෝ.. උඹට නං පුතේ නංගං අනංමනං දෙන්න හොද පුත්තරෙයක් නෙමෙයි... හැක්..
හරි හරි උඹලයි ගෙවල් පැත්තෙයි නෑවිත් බෑ මේ යන විදියට. මතකනේ උඹ තුන්වැනියා ලිස්ට්කටුවේ. ඉස්සෙල්ලම සුළඟ ඊට පස්සේ අන්ඩලියන්නා ඊට පස්සේ උඹ.. හරිනේ තව ආරාධනා කරනවදෝ...
නලියෝ අපි රාබඩ කද දාල තමා ඉන්න වෙන්නේ මේ විදියට කෙලියොත්.. හැක් හැක්..
යකෝ මූ පැඩ්ඩා මදිවට රිව්වානේ මෙතන!!!!!
ReplyDeleteමචං කන පැලෙන්න පොල් රා බීලා, කට කපලා ඉන්න ප්‍රයිවට් බස් එකක වමනේ දැම්මනේ බන් මගේ යාලුවෙක්.හිතාගනින් ඉතුරු ටික.
හැක් හැක්..
Deleteබස් එක ඉතුරු උනාද කියලයි අහන්න තියෙන්නේ.. අම්මපා මාරම සුවදක් එන්න ඇත්තේ..
පොල් රා වගේද කිතුල් රා... ඈ..
ReplyDeleteඈ.. රා...
Deleteඅඩේ මේ එකගෙයි කෑම තාම ලංකාවේ තියෙන දෙයක්ද?
ReplyDeleteඅපොයි ඔව් බං තාම තියෙනවා අතරින් පතර. වැඩිපුර තියෙනනේ උඩරට පලාතේ තමා
Deleteරා..... දැක්කාම නොබීත් බිව්වාම විඳවන්නත් බෑ... බොනකම් සුමිහරි පානය බිව්වාම බඩ ඇතුලේ පැහෙන්න ගත්තාම දෙයියෝ සිහිවෙනවා...
ReplyDeleteඒක නෙව කියන්නේ.. රා පැසෙව්වට පස්සේ බීල වැඩක් නෑ. කෝටියක් විතර දිලීර, බැක්ටිරියා අරවා මේවා හැදෙනවා. ඒකනේ බඩ යන්නේ..
Deleteබලහන් මේඋඹ කොයි තරම් සේවයක්ද කරලා තියෙන්නේ තේගස් වලට පොරදාලා.
ReplyDeleteඕවා වතු සමාගම්වලින් කරන්න ඕනේ වැඩනේ...
සමාජ සේවය නේ බං...හැක්
Deleteරා පොලේ රා බෙදන එකගෙ අත දෙක්ක නම් තොපි රා බොන්නෙ නෑ. රා පීප්පෙට අත දාලම උගෙ අත තෙම්බිලා හමත් ගිහින් තියෙන්නෙ
Delete