Thursday, August 8, 2013

දේශකයා දුටු මාරයා (මාරයා දුටු දේශකයා)

ඔව් ඔය හෙඩිම දැක්කට බය වෙන්න එපා මොකද මාරයා කියල මේකේ කෑගගහ ඉන්න එකාත් මාරයෙක් තමා. ඒ උනත් මම කියන මේ මාරයා බුදුන්ටත් වැඩ වරද්දන්න සෙට් වෙච්චි මාරයම තමා. හුග දෙනෙක් මාරයා කියන වචනෙටත් බය වෙන්නේ මාරයා ඒ තරම්ම දරුණු ජීවිත සංසිදිධියක් නිසා නෙව. හැම දේකින්ම ගැලවුනත් ඔය මාරයගෙන් ගැලවෙන්න අමාරුයි. කොහොම උනත් මාරයගේ ගේ ගාවටම ගිහිල්ල, ආයේ හැරිල ආව අවස්ථා දෙකක් මගේ ජීවිතේ තියෙනවා. ළගදි අපේ සහෘදයෙක් එක්ක පොඩි චැට කෑල්ලක් බැදන් ඉන්න වෙලාවේ මේ සිද්ධි දෙක මතක් උන නිසා ඒ ගැන ලියනව කියල හිතාගත්තා. බොට තැන්කුයි මට අයිඩියා එක දුන්නට.

මේ අවුරුදු හතරකට විතර කලින් දවසක්. එදා පෝය දවසක්. එක දිගට නිවාඩු තුනක් විතර තිබ්බ නිසා පොඩි වැඩක් තිබුන උනත් දේශිකාගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා එයාලගේ ගෙදර ගියා. අදුරුමිස්ට මාමන්ඩියයි, කොන්ද නැති මස්සිනා කාරයයි පෝය දවස නිසා ගෙදර හිටියා. උදේ පාන්දර ආව නිසා උදේට හෙමීට කෑම ටිකක් කාලා, පිරිමි විතරක් ඉන්න ගේක හැටි දන්නවනේ, ගේදොර ටිකක් අස් කරල දැම්මා. මිදුල හෙම අතුගාලා, වහලේ වදුරෝ දුවල එහාට මෙහාට වෙලා තිබ්බ උළු ටිකත් හදා දාලා, මාස ගානකින් සුද්ද කරල නොතිබ්බ සිමෙන්තියෙන් බැදපු වතුර ටැංකියත් සුද්ද බුද්ද කරලා එනකොට හොද එකෙන්ම දාඩිය පොල්ල දාලා. 

යන්න තිබ්බ ගමන පරක්කු වෙන හින්දා බාත්රූම් එකට බැහැල පොඩි වොෂ් එකක් දාගෙන එන්න ලැහැස්ති වෙලා මම බාත් රෑම් එකේ එළියෙන් තිබ්බ ස්විච් එකෙන් ඒකේ ලයිට් එක දැම්මා. මේකට බාත්රූම් එකක් කියල කියනවට මටයි ගහන්න ඕන. ඒක අඩි 5-5 විතර පොඩි කෑල්ලක්. ඇලුමිනියම් තහඩු කෑල්ලකින් වටේ ලී ප්රේම් එකට හයි කරපු දොරක් තිබ්බේ. ඇතුලෙ අඩි තුනක් විතර බිම ඉදල උඩට රතු සිමෙන්ති මැදල, ඉතිරි අඩි තුන කොන්ක්‍රිට් දාපු වහල ගාවටම කොල පාට තීන්ත ගාලා. මේ බාත්රෑම් එකේ තියෙන්නේ පොඩි කොළ පාට සින්ක් එකයි, ඒකට විරුද්ධ පැත්තෙන් හයි කරපු ටැප් එකයි, වතුර මලයි විතරයි. එළිය පැත්තට වෙන්න තියෙන පොඩි හුලං කව්ළුවෙන් වයර් දෙකක් ඇතුලට දාලා බිත්තියට ගහපු ඇනේක බල්බ් එක එල්ලල තියෙන්නේ. මම ඉස්සෙල්ලම අත් දෙක හෝදගත්තේ අත පුරාම මඩ හොද එකෙන් තිබ්බ නිසා. ඒත් එක්කම බලන කොට ඇනේට රෝල් කරල තිබ්බ වයර් එකෙන් ලොකු ප්‍රමාණයක් බිමට වැටිලා. 

ඔය ගැන වැඩිය නොහිතා මම වම් අතින් වයර් එකෙන් අල්ලල ඒ ටික ඇනේ රදවන්නයි සුදානම. ඔව් මිත්‍රවරුනි, ඒක ඇල්ලුවා විතරයි ග්ර් ගර් ග්ර් ගාලා මට කරන්ට් එක වදිනවා. අල්ලපු වයර් එක ගලවන්න බැරි තරමටම අතටම ඇලිලා වෙන හේතුවක් හින්දා නෙමෙයි අතේ වතුර ගතිය තියෙන හින්දා. කකුල් දෙකෙත් වතුර තියෙන හින්දා කරන්ට් ෂොක් එක කකුල් දෙකෙන් අගේට බිමට බහිනවා. මම වයර් එක ගලවන්න ට්‍රයි කරද්දි මගේ පපුව හිර වෙනව. ඒ අතරේ මට හුස්ම ගන්නත් බෑ. මම වයර් එක අල්ලපු අත දිහා බලන් ඉන්නවා ඒත් මට කිසිම දෙයක් කරන්න බෑ එක මස් පිඩුවක් වත් හොල්ලන්න බෑ. ඇහි පිල්ලමක් වත් ගැහුනද කියල සැකයි. ඔය විදියට මං හිතන්නේ මම ජීවිත කාලයක්ම වේවල වේවල පපුව හිර වෙවි හිටිය වගේයි. ඒත් ඇත්තටම විනාඩියක් විතර මම වයර් එකට ඇලිල හිටියා. වයර් එක ඇලිච්ච දබරැගිල්ලෙන් පුළුටු ගදක් එක්ක දුමත් දානව මට පේනවා. තව ටික වෙලාවක් යනකොට මට මොන විදියෙන් වත් හුස්ම ගන්න බෑ පපුවත් එක්ක මගේ හුස්ම හිරවෙනවා. මම කට අරින්න උත්සාහ කරත් හුස්ම හිර වෙන හින්දා උගුරෙන් එකම එක සද්දයක් වත් පිට වෙන්නේ නෑ. ඒත් මේ මගුල ට්‍රිප් එකවත් ඕෆ් වෙන්නේ නෑ. මර විකාරෙන් දැං හුස්ම වැටෙන්නේ නැති මම, පුළුවන් තරම් උත්සාහ කරා අත පොඩ්ඩක් හරි හොලවගන්න. ඒ අස්සේ මුළු ඇගම කරන්ට් එකට අහුවෙලා දරදඩු වෙලා, ඇග ඇතුලේ තියෙන හැම තැනක්ම ඒකෙන් ග්ර් ග්ර් ගාලා වෙව්වලනවා මට දැනෙනවා. පපුව හිරවෙනවා තව ඩිංගකින් මම මැරෙන බව මට හිතුනා.

ඒත් එක්කම මම කල්පනා කරේ මට මැරෙන්න පුළුවන්ද, ඔව් දෙය්යනේ මම මැරෙන්න යන්නේ, දේශිකාට මොකක්ද වෙන්නේ, අයියෝ මගේ දරු පැටියා (එතකොට එකයි හිටියේ) කොල්ලව බලාගන්නේ කව්ද? මගේ සුදු පැටියා උඹට තාත්තව නැති වෙනවා පුතේ. උඹ හොදට හැදියන්. මම මැරුනත් උඹව අමතක කරන්නේ නෑ. කියල හිතින් දාස් වතාවක් ඒ තත්පර ගානට මම විදෙව්වා. මගේ ඇස් කෙවෙණි වලින් කදුළු ඇවිල්ල මගේ ඇස් බොද වෙන බව දැනුනත් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නෑ. මම දරුවා ගැනම හිතාගෙන මටම සමාව දීලා මරණෙට සුදානං උනා. හැම මිලි තත්පරයක් ගානෙම මගේ ඇගේ ග්ර් ග්ර් එක වැඩි වෙනවා මට දැනෙනවා. තව ඩිංගකින් පපුව කෑගහන එක නවතිනව කියල මට හිතුනේ ගොරොද්දේ අදින ගානට මම ,ඕහ්. ඕහ් ගාගෙන හුස්ම ඩිංගක් වාතයෙන් ඇදල ගන්න මහන්සි වෙනකොටයි. ඒත් මොන සද්දයක් වත් උගුරෙන් පිට උනේ නෑ. බාත්රූම් එකේ බල්බ් එක හෙල්ලි හෙල්ලි පත්තු වෙනවා මට කදුළු අතරින් බොද වෙලා පේනවා. ඒ අතරේ මගේ හිත මුළු ලෝකේ පුරාම මගේ නෑයන්, හිතවතුන් හොය හොය යනවා ඔවුන්ට සමු දෙන්න. අර මර විකාරේ දැං මට පුරුදු වෙලා. ඒ මොකකට වත් මගේ හිත නවත්තන්න බෑ.. මම හිතන දේ නවත්තන්න බෑ. ඒත් හුස්ම ඩිංග නං ගන්න බැරි ගානටම මාව හිර වෙලා කියල දැන් දැනෙනවා. ඒ අතරේ ඔළුවෙන් මොකක් හරි එළියක් පිටවෙනවා වගේ මට දැනුනම ඒ අවසානය තමා කියල හිතාගෙන මම නිසොල්මනේ හිටියා. ඒ තත්පරේදි කකුල් දෙක සමබරතාවයෙන් මිදිල මන්ද වේගෙන් (ස්ලෝමෝෂන්) මම බිමට වැටෙන විත්තියක් මට දැනුනා. හැබැයි ඒක මගේ හිත පිළිගන්නේ නෑ මම වැටෙනවා කියලා. මට හිතෙනවා මම වැටෙනවා කියලා. ඒත් කිසිම හැගීමක් නෑ. 

තව තත්පර දෙකකින් විතර බාත් රෑම් එක අදුරු උනා. බල්බ් එක නිවුනා. මම බිම වැටිල ඉන්න විත්තියක් දැනෙන්න ගත්තා. ඒ අතරේ ආයේ මට හුස්ම ගන්න පුළුවන් විත්තියත් ඔළුව හරවන්න පුළුවන් විත්තියත් තේරුම් යන කොට දේශිකා බාත් රෑම් එකට ඇවිල්ල මාව නැගිට්ටවනවා. මේ වෙන දේ මොකක්ද කියල හිතා ගන්න බැරිව මම ඉන්නවා. ඇත්තටම මම මැරිලා.. මගේ හිතද මේ මාව ජීවත් වෙනවා කියල පෙන්නන්නේ කියල මම හිතනවා. 

“දේශා නැගිටින්න.. ඔයාට කරන්ට් එක වැදිලා“

මම අමාරුවෙන් ආයේ සිහිය අරගෙන වට පිට බලන කොට මාමණ්ඩියයි, මස්සිනයි ඔව් ඒ වෙලාවේ මම දකින්නම උවමනාවෙන් හිටිය, අඩ අඩ ඉන්න මගේ පුතන්ඩියයි දැක්කම මට පුදුමාකාර සැනසුමක් දැනුනා. ඒත් එක්කම ආපු කදුළු මරණෙන් බේරුනාට වැඩිය මගේ කොල්ලා ආයේ ඇස් දෙකෙන් බලන්න පුළුවන් වෙච්චි නිසා ආපු කදුළු බව මට කියන්න පුළුවන්.

මාව අල්ලන් ගිහිල්ල පුටුවේ වාඩි කරල, මස්සිනා මගේ මුළු ඇගම තලන්න ගත්තා. මට කිසි වේදනාවක් නෑ. ඒ අතරේ මට පේනවා මට දැනෙනවා මස් කෑලි නැතිව වල ගැහිච්චි වම් අතේ දබරැගිල්ලයි, ඒකෙන් එන පුළුටු මස් ගදයි. 

දැන් දේශිකාගේ කතාව

“මම තාත්තත් එක්ක කතා කර කර ඉන්න කොට තමා බාත්රෑම් එක පැත්තෙන් දඩාං ගාලා සද්දයක් ඇහුනේ. ඒ සද්දෙට මම දුවල ඇවිල්ල බලන කොට ලයිට් එළියට දැක්කා වයර් එකක් අතේ පටලගෙන ඔයා වැටිල ඉන්නවා. ඒකෙන් මට හිතුනා ඔයාට කරන්ට් එක වැදිලයි කියලා. එද්දි පැනල ආපු දොරේ කඩුල්ල (පොඩි එකා එළීයට පනින නිසා දාලා තියෙන) මම මාරාසවේලා වගේ කකුලෙන් කඩාගෙනමයි ආයි දිව්වේ. ඒක උඩින් පනින්න ඕන විත්තියත් අමතක උනා. මෙන්න බලන්න දණහිස් දෙකම ලෙලි ගිහිල්ල. දුවල ගිහිල්ල මේන් එකයි ට්‍රිප් එකයි ඕෆ් කරල තමා මම ඔයා ගාවට ආවේ.“

ඒකෙදි මට පැහැදිලි උන කාරණයක් තමා ගෑනු කොයි තරං අපිට වැඩිය හදිස්සියකදි කල්පනා කාරිද කියලා. බැරි වෙලා හරි මාමාන්ඩියා මාව වැටිල ඉන්නව දැකල ආවා නං පෝලිමට මාරයා ගාවට යන්න තිබුනා. මොකද පොර එහෙනං මට තට්ටුවක් දාලා අහනවා “දේශා මහත්තයා ඔය මොකද බිමට වෙලා කරන්නේ“ කියලා. මම හිතන්නේ මාව මාරයගෙන් බේරගත්තට දේශිකාට මම කවදත් ණයගැතියි.

මේක දිග වැඩි උනා මාරයා දැක්ක දෙවෙනි එක පස්සේ දෙන්නං..

121 comments:

  1. යකෝ මටත් කරන්ට් එක වැදුනා මේක කියවලා.. උබ මෙහෙම පස්සෙ ලියන්න ඕනා කියලා ඒ වෙලාවෙ මතක තියා ගත්තද ? හැම හැඟීමක්ම අකුරක් අකුරක් ගානෙ විස්තර කරලනෙ.. අපූරුයි..

    දේශිකාට මගේ ප්‍රණාමය !! උඹ වාසනාවන්තයෙක්.

    ReplyDelete
    Replies
    1. උඹට කරන්ට් එක වද්ද වද්ද ඉන්න මං හරි ආසයි.. බලපං දැං දේශිකාට නේ තැන.. හැක්.. පස්සේ ලියන්න ඕන කියල ඒ වෙලාවේ මතක තියාගත්තේ නෑ  බං. මර විකරේ. ඒත් හැම දේම මතකයි මැරෙණකං අමතක වෙන්නෑ..

      Delete
  2. කොච්චර කල්පනාකාරීද කියනවනං තමුං පැනල ආපු කඩුල්ල ආපහු යනකොට නැතිවෙන්න තියෙන සම්භාවිතාව මොකක්ද කියලත් හිතාගෙන තමයි ඉඳල තියෙන්නෙ.

    කවදාවත් කරන්ට් වැඩක් අත් දෙකෙන් කරන්න යන්න එපා බං. මොකද එතකොට කෙලිංම හාට් එක හරහ තමයි සර්කිට් එක කොම්ප්ලීට් වෙන්නෙ. කෙලිංම හාට් එක ඩවුන්.

    ReplyDelete
    Replies
    1. ඒක නේ බං කියන්නේ.. වයර් එක ඩැමේජ් එකක්. ඒකයි අවුල..

      Delete
  3. ඔය වගේ සිද්ධියක් මටත් උනා. තප්පර පහක් විතර කරන්ට් වැදිල හිටිය. හැබැයි මට කිසිම දෙයක් හිතුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. උඹට එහෙනං කරන්ට් එක වැදිලා නෑ.. වතුර එක්ක ෂොක් එක බිමට බහින කොට තියෙන ආතල් එක.. හප්පේ.. මගේ දබරැගිල්ල පළවෙනි පුරුක ගාව තාම අවුල්..

      Delete
  4. ගෙදර ට්‍රිප් එක හරියට වැඩ නම් ඔය මොන රෙද්දක්වත් නෑ....

    ReplyDelete
    Replies
    1. තිබ්බ එකනං අලියෙක්ට කරන්ට් වැදුනත් ඕෆ් වෙන එකක් නෙමෙයි. හැබැයි ඕක ආරංචි වෙලා මගේ යාළුවෙක් ට්‍රිප් එකක් ගෙනැල්ල හයි කරල දීලම ගියා. පස්සේ ඒක ගලවල වෙන එකක් දැම්මා මොකද ට්‍රිප් එක දිහා බැලුවත් ඕෆ් වෙනවා

      Delete
  5. අඩේ මාරු කතාව,, නෑ නෑ උඹ මාරය දැක්ක එක නෙමේ මෙන්න මේක./මොකද පොර එහෙනං මට තට්ටුවක් දාලා අහනවා “දේශා මහත්තයා ඔය මොකද බිමට වෙලා කරන්නේ“ කියලා.//
    දේශිකාගේ ස්ථානොචිත නුවණ නිසා උඹ බේරුනා.

    මටත් කරන්ට් එක වැදිලා තියනව පන්සලේ තොරණ වයරින් කරන්න ගිහින්.මම වැඩ කර කර ඉන්නකොට එකෙක් ගිහින් ෆියුස් එක දාල.එදා දැනගත්තේ වයරින් කරන්න කෙනා ෆියුස් ගලවල සාක්කුවේ ගෙන තමළු කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. දැං ෆියුස් නෑනෙ. MCB නෙ තියෙන්නෙ. ඒව කොහොමෙයි ගලෝල සාක්කුවෙ දාගන්නෙ. :D

      Delete
    2. ඒ කාලේ නං පියුස් තිබ්බා තමා. දේශාකාගේ ගෙදර තාම පියුස් තියේනේ.. කරන්නට් එක වැදුනම වයර් එක ඇගේ එතෙනවා නේද බං..

      Delete
  6. ඔයා වාසනාවන්තයි ,,ඔයාගේ ඒ වෙලාවේ ඇතිවෙච්ච හැගීම් නිසා මාරයා ඔයාට තව අවස්ථාවක් දෙන්න ඇති ඔයා වගකීම් තියන මනුස්සයෙක් නිසා .

    .ඒකෙදි මට පැහැදිලි උන කාරණයක් තමා ගෑනු කොයි තරං අපිට වැඩිය හදිස්සියකදි කල්පනා කාරිද කියලා.
    අන්න ඒක තමයි වැදගත්ම දේ ඒ සිද්දිය හරහා හැමෝටම ඉගෙනගන්න තියෙන්නේ ඈ ..

    ReplyDelete
    Replies
    1. //මාරයා ඔයාට තව අවස්ථාවක් දෙන්න ඇති//

      අච්චර උදව් කල දේශිකාට මාරය කියන්න හොඳ නෑ නේද?

      Delete
    2. තැන්ක්ස් ඔමා.. ඔයා කිව්ව එක හරි දැනගන්න ඕන එකක් මේකෙදි හොදටම පේනවා
      අනිත් කාරණේ හදිස්සියකදි ගෑනුන්ගේ ක්‍රියාකාරිත්වය. ඒක නං අදහන්න වටින දෙයක්..

      @ රාජ්.
      ඔමායා කියන්නේ ඒ මාරයා ගැනද බං...??

      Delete
  7. ඔයා දැකලා තියෙන්නේ එක මාරයනේ..ඊයේ පෙරෙදා වැලිවේරියේදී සමහර පොරවල් මාර සේනාවක්ම දැකලා තියෙනවා....

    ReplyDelete
    Replies
    1. හා හා ඒ මාර සේනාව ගැන කතා කිරිමත් පලක් නැති දෙයක් මයියා. මම දැක්කා උඹත් ඒ ගැන කතා කරල තියෙනවා.

      Delete
  8. උඹ මේක හීනෙන් දැකපු එකක්ද බං,ඔච්චර කෙලියක් වෙලා කොහොමද බං මතක තියාගත්තේ මේ ඔක්කොම, කොහොම උනත් බේරුණු එකම මදැයි

    ReplyDelete
    Replies
    1. මතකේ තියෙනවා බං පෙළගස්සගන්න විතරයි තියෙන්නේ. ඒ වෙලාවේ අසරණව කිසිම දෙයක් කරගන්න බැරිව ඉන්න කොට හොන්ඩර ගානක් බර දේවල් ඔළුවට එනවා.. ඉවාන්..

      Delete
  9. ඔච්චර හරියක් කල්පනා කරන්න වෙලාව තිබ්බද දේශෝ....

    කවුරුවත් ගනං ගන්නේවත් නැති දේවල් වලට කලබල වෙන්නයි හැමෝම කලබල වෙලා ඉන්න වෙලාවට කල්පනාවෙන් වැඩ කරන්නයි ගෑණු තරම් දක්ෂ නෑ පිරිමි...

    ReplyDelete
    Replies
    1. වාව්...............කියන්න ඇත්තටම හිරුවෝ ඔය කථාවට වචන නෑ............ඇත්තමයි පිරිමින්ට ඔය තියෙනවයි කියන ශක්තිමත් හිතටයි ශක්තිමත් පෞෂයටයි අභියෝගයක් හැමදාම ගැහැණිය......

      Delete
    2. @ හිරු
      ඒවා බං ඉබේම කල්පනා වෙන දේවල්. ට්‍රිප් එක ගලවල වයර් එකක අල්ලං ඉදලා බලහං..

      //කවුරුවත් ගනං ගන්නේවත් නැති දේවල් වලට කලබල වෙන්නයි හැමෝම කලබල වෙලා ඉන්න වෙලාවට කල්පනාවෙන් වැඩ කරන්නයි ගෑණු තරම් දක්ෂ නෑ පිරිමි...//

      මේක ගැනනං කියල වැඩක් නෑ. වචන දාස් ගානක තේරුමත් ලැබෙනවා..

      Delete
    3. @ සිත්තමි
      අඩේ සිත්තමි කාලෙකින් නෙව දැක්කේ. මං හිතන්නේ හිරු කිව්ව එකේ අයිඩියා එක උඹට විතරද කොහේද තේරුනේ.

      Delete
  10. මට මතක් උනේම දවසක් මම පුටුවක් උඩ නැගල වයර් එකක් කටින් සුද්ද කර කර ඉද්දි අපේ තාත්ත සුවිච් එක දැම්මාම ලැබිච්ච ආතල් එක අප්පා . . . උඹට ඒ ආතල් එකම සිය ගුනේකින් විතර වැඩිපුර ලැබිල තියෙන්නෙ

    ප.ලි.
    ජීවිතේ බේරුන එක ලොකු දෙයක් තමා. ඒත් ඔතන වෙලා තියන ලොකුම නොසැලකිලිමත් ක්‍රියා දෙක උඹල නිවැරදි කලාද ඊට පස්සෙවත් ??
    1. ටැම්පරි ලයිට් ඇටවීම (නාන කාමරයක් වගේ අවදානම වැඩි තැනක)
    2. අර්ත් එක සහ ට්‍රිප් සුවිච් නිවැරදිව ක්‍රියා නොකිරීම (වැඩ කලානං උඹට දිගටම කෙලවීගන යන්නෙ නෑනෙ)

    අනික උඹේ තියන නොසැලකිල්ල . . ඒක විස්තර කරන්න ඕනෙ නෑ නේද ?

    දරුවො ඉන්න ගෙදරක වැඩිහිටියො විදියට උඹලට මීට වඩා වගකීමෙන් වැඩ කරන්න තිබුන

    අන්තිමටම කියන්න තියෙන්නෙ
    ප්‍රිවෙන්ශන් ඉස් බෙටර් දෑන් කියෝ කියලයි

    ReplyDelete
    Replies
    1. දැං දේශකය බලාගෙන ඉන්නෙ මිනිහගෙ මාමණ්ඩිට ඕකෙන් කරන්ට් එක වැදෙනකල් ලූ.

      Delete
    2. මට මතක් වුනේ ,පොළිමට පවුලක්ම ළිඳට වැටිච්ච කතාව.ඒක කියවද්දි හානා ගියත් ඇත්තටම ඒ අවස්ථාවේ වෙන්න ඇත්තෙත් මේක. ළිඳේ වැටිච්ච කෙනා බේර ගන්න හිතන් ළිඳට පැනපු එක...

      වෙලාව එනකම් උඹට පුතේ යන්න දෙන්න බෑ. පොඩි එකෙක් හැදුව නම් ඒකා ලොකුමහත් කරල උගන්නල කියල හරි මඟ පෙන්නලම යන අහක යන්න.මාරයට මාරා වේශ වෙලා පොඩ්ඩක් වරදින්න ඇති (ෂොට් එකක් දාලා ඉන්න ඇත්තේ)

      කොහොම වුනත් ලිවිල්ල රසවත්..............

      Delete
    3. @ ඹ්නයා
      මේ කමෙන්ටකටුව දැක්ක ගමන්ම ම එක් අයෙකුට කිව්වා ඕනයා හොදම ප්‍රතිචාරයක් දාලා තියෙනවා කියලා. උඹ ඒ අත්දැකීම හොද එකෙන් ම විදල තියෙන නිසා තමා අංග සම්පුර්ණ උත්තරයක් දීලා තියෙන්නේ..

      අන්තිමට කියපු ඉංගිරිසි එක තමා අපි ඉක්මනටම අමතක කරන එක. තැන්කුයි ඕනස්..

      Delete
    4. @ ප්‍රසා
      පව් බං වයසක මනුස්සයා

      @ සොසි
      තැන්කුයි මේ පැත්තේ ආවට.. හිනාවකුත් ගියා නං හොදා. මොකද අඩ අඩම ඉන්නත් බෑ නෙව.. ස්තුතියි අදහසට.

      Delete
  11. අනූනමයෙන්නේ බේරිලා තියන්නේ . මීට පස්සේවත් කල්පනාවෙන් වැඩ කරන්න . විශේෂයෙන් පොඩි අයත් ඉන්න නිසා . මමනම් කරන්ට් එකට හරිම බයයි . ඒ නිසා හරිම පරිස්සම් .

    ReplyDelete
    Replies
    1. මාත් බයයි බං. කව්ද දන්නේ වයර් එක ඩැමේජ් කියලා. ඒක නෙව මේ හදිය උනේ..ඇත්ත කල්පනාවෙන් වැඩ කරන්න ඕන.. ස්තුතියි ගිම් තුදු...

      Delete
  12. අම්මෝ. මගෙ පපුව ගිඩි ගිඩි ගාද්දි තමයි මේක කියෙව්වෙ.මමත් එතෙන හිටියා වගේ දැනුනා. හැම සිද්දියකම හරිම විස්තරාත්මකව ලියල තියෙනව. ඒ විනාඩි ගනට මුලු ලෝකෙ වටේම හිතෙන් ගියා නේද?

    දරුව ගැන හිතුනු හැටි ලියල තියෙන එක හරි සංවේදියි.ඇත්තටම ඔබ වාසනාවන්තයෙක්. බිරිඳ නම් හරිම බුද්දිමත්.ඔබට වගේ ගොඩක් අයට ඔහොම අවස්තාවක ,මරනයෙන් බේරෙන්න චාන්ස් එකක් ලැබෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා කිසිම දෙයක් කරගන්න බැරිව ඉන්න වෙලාවක හිත කොයි තරං තැන් වල දුවනවද කියල බලන්න ඕන. ඒක විස්තර කරන්න බැරි හැගීමක්.. දේශිකාට තමා දැං ක්‍රෙඩිට් එක ලැබෙන්නේ. ඒකෙත් හැටි. ඒ උනාට මුං කියන්නේ අපරාදේ දේශිකා එතනට ආවේ කියලයි.

      Delete
  13. කොහොමද දේශිකාගේ ටිකිරි මොලේ ? ඔය හිරුත් කියලා තියෙන්නේ එකමයි මගේ හිතේ .

    ReplyDelete
    Replies
    1. අනිවා පුරේ. ඒක තමයි කියල තියෙන්නේ... තැන්කුයි තාම බ්ලොග් කටුවක් පටන් අරගෙන නෑ නේද...

      Delete
  14. //මගේ සුදු පැටියා උඹට තාත්තව නැති වෙනවා පුතේ. උඹ හොදට හැදියන්. මම මැරුනත් උඹව අමතක කරන්නේ නෑ//
    දේශකයා උබ මේක ලියපු විදිහට මං කම්පාවට පත් වුණා බං.

    ඒ වෙලාවෙ දේශිකා ආවෙ නැත්නම් අපිට අද මෙහෙම කමෙන්ට් දාන්න වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි දුලා... මට හිතෙන්නෙත් එහෙම තමා. එහෙනං මට බොලාව හම්බ වෙන්නෙත් නෑ..

      Delete
  15. ඇත්තටම ප්‍රථමාධාර කියන විශය පාසල් වලට ඇතුලත් කල යුතු විශයයක්... පෝලිමට කට්ටිය මාරයා හොයාගෙන යන්නේ නැතිව සිහියෙන් කටයුතු කිරීම ගැන දේශිකාට ප්‍රශංශා කල යුතුයි...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඉන්දික උපශාන්ත පව් නැද්ද?

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. ඒක නං ඇත්ත. ප්‍රථමාධාර හා මුලික හදිසි අවස්ථාවකදි වැඩ කල යුතු ආකාරය ගැන මීට වඩා දෙයක් පාසැල් වල උගන්වන්න ඕන තමා. ඒවා සාමාන්‍ය දේවල්.. ඇත්ත තමා දේශිකා ඇර වෙන කෙනෙක් එතනට ආවා නං පෝලිමට යෑමක් තමා වෙන්නේ. තැන්ක්ස් අභීත..

      Delete
  16. උඹ එවෙලේ විඳපු වේදනාව කියවද්දී ඒ විදියටම මමත් වින්දා බං,ඔය ගෙදර මේන් ස්විච් එකයි ට්‍රිප් එකයි දෙකම කුඩු කරලා දාල එන්නයි උඹට තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. ලියන්න අමතක වුනා...අදුරුමිස්ට මාමණ්ඩියයි,කොන්ද නැති මස්සිනා කාරයයි... මරු බඩු දෙකක්නේ බං

      Delete
    2. ඇත්තටම ඇයි බං උන් දෙන්නට එහෙම බනින්නේ

      Delete
    3. අහන්නත් දෙයක්ද? අමද්‍යප නොවැ...
      මාමණ්ඩියා කොහොම වුනත් මස්සිනාව හොඳින් තියා ගනින් දේශකයෝ..
      අර ඉස්සර මී කඩන්න පල්ලම් බහිද්දී කඹේ දෙන්නේ මස්සිනාටලු අල්ල ගන්න කියලා...

      Delete
    4. මී කඩද්දි නෙමේ බං
      බඹර කඩද්දි

      Delete
    5. @ හැලපේ..

      අප්පට සිරි උඹටත් හොදටම වැදුන නං මට සැට තමා... පස්සේ මිත්තරයෙක් වෙන ට්‍රිප් එකක් හයි කරා. ඒක ළගින් යනකොටත් ඕෆ් වෙන නිසා පස්සේ වෙන එකක් දැම්මා.

      අදුරුමිස්ටයි කියන්නේ නං වෙන එහෙකට නෙමෙයි දරුමිස්ටයගේ හොද කකුලක් හින්දයි. මස්සිනා ගේ වැඩේ තියෙන්නේ මිනිහ අක්කගෙන් නොහා කාමරේටවත් යන්නැති හින්දා තමා ඔහොම කියන්න වෙන්නේ..

      Delete
    6. @ අටමා
      උඹටත් උත්තරේ ලැබෙන්න ඇති

      @ ගයිජින්, ඕනයා
      ඔව් ඕනස් කිව්ව වගේ බඹර කඩද්දි තමා ඔය කබේ අල්ලනවයි කියන්නේ..

      Delete
  17. මාමා බැන්නලු දුවට, උඹ මොකටද පන්ඩිත වැඩ කරන්න ගියේ කියලා..

    ReplyDelete
    Replies
    1. හෙහ්... ඒක පස්සේ වෙච්චි සිද්ධියක් නෙව...

      Delete
  18. මාවත් වතුරෙ ගිලෙන්න ගිහිල්ල ගොඩ ගත්තෙ ඒ කස්ටියම තමා.
    ලියවිල්ල කියනවන කොට කරන්ට් වදිනව වගේ.
    අනර්ඝයි.

    ReplyDelete
    Replies
    1. උඹත් එහෙනං මාවර්ගයේ එකෙක්.. ජය වේවා.. තැන්කුයි ලිව්ල්ල ගැන කිව් එකට..

      Delete
  19. මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මට කරන්ට් වැදුනා.උඹට තරම් මාරාන්තික විදිහට නම් නෙමේ.එදා ඉඳලා අද වෙනකම් මම බල්බ් එකක්වත් මාරු කරන්නේ නැහැ.අත වෙව්ලනවා.

    ReplyDelete
    Replies
    1. මට ඉතිං ලැජ්ජාවක් කියල දෙයක් තියෙන එකක් යැ. තාමත් කරන්ට් එක වදිනවා වෙලාවට ට්‍රිප් එක වැඩ..

      Delete
  20. කරන්ට් එක වැදීම ගැන මම කියවපු හොඳම ලිපිය සහ මරණාසන්න අත්දැකීම (NDE).

    මම ඉස්සෙල්ලම උඹට හිතෙන් බැණ බැණ හිටියේ අදුර්මිස්ට මාමාණ්ඩියා සහ කොන්ද නැති මස්සිනයි කිව්වට. මම හිතුවා බොන්නේ නැති හන්දනේ මූ මෙහෙම කියන්නේ කියලා. අන්තිමට අර තට්‍ටුව දාලා “දේශා මහත්තයා ඔය මොකද බිමට වෙලා කරන්නේ“ කියලා.තියෙන කෑල්ල කියෙව්වාම මම උඹට සමාව දුන්නේ බක බක ගාලා හිනාවෙලා.

    උඹ විස්තර කරලා තියෙන අපූරුව. දේශිකා හන්දා හොඳට ගියා. තවපොඩ්ඩෙන් උඹට බ්ලොග් ලියන්න වෙන්නේ අරෙහෙ ඉඳන් තමයි හැක් හැක් ගාලා.

    ඔය ඕනයා කියලා තියෙන කතාව ඇත්ත.

    දීපාට වැදුනා හොට් ප්ලේට් එක උඩ තියෙන භාජනේ අර එලිමන්ට් එක ගෑවිලා තිබිලා ඒක අල්ලනකොට. වීසිවෙලා ගිහින් බිත්තියේ වැදිලා. අර එලිමන්ට් එක දිගෑරිලා කැඩිලා ඇවිත්.

    අපේ දුවට වැදිලා හොස්ටල් එකේ වොෂිං මැෂීන් එකට ගහන එක්ස්ටෙන්ෂන් එක වතුරට වැටිලා. උඹට වගේ අපි ඔක්කොම මතක් වුනාලු. නමුත් එහෙ තියෙන්නේ 230V නෙවෙයි 110V, හොඳ වෙලාවට

    ReplyDelete
    Replies
    1. ඔව් බං හුගක් අයට කරන්ට් වැදීම ගැන අත්දැකීම් තියෙනවා. ඒත් ඒක අඩු වෙන්නේ නෑ මාරාන්තික නොවෙන්න නං අර ඕනයා කිව්ව විදියට වැඩ කරන්න ඕන...

      අදුරුමිස්ට කියන්නේ බං දරුමිස්ටගේ අතක් හින්දයි. වෙන එකක් නිසා නෙමෙයි. හැබැයි පොර ආවනං වෙන්නේ මම ඔය කිව්ව දේම තමා ආයේ දෙකක් නෑ..

      උඹට ස්තුතියි උඹ වගේ පොත් කාවෙක්ගෙන් හොදක් අහන්න ලැබිච්ච එක ගැන..

      Delete
  21. යකො මෙහෙම ලියන්න එප බන් මටත් කරන්ට් වෑදුන වගෙ උනා.අන්තිමට නම් හිනා ගියා.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි දමිත්. මට උඹේ මේල් එක දීපං.. පුළුවන් නං

      Delete
  22. හොඳයි හොඳයි... හුටා..! හොඳයි කියල හරි යන්නෙ නෑනෙ කරන්ට් වැදුනා කිව්වම..:)

    ඔච්චර වෙලා ගියා වගෙ දැනුනට තත්පර කීපයක් ඇතුලත ඔය ටික සිද්ධ වෙන්න ඇත්තෙ. මදැයි ඔයින් ගියා.. මාත් අපේ ගෙදර අයට කියල තියන්නෙ ඔහොම වෙලාවක කරන්න ඕන දේ.

    ReplyDelete
    Replies
    1. තත්පර ගානක් වෙන්න බෑ මං මොකද දබරැගිල්ල හාරගෙන පිච්චිලා ගියා. ඒක හාර හාර මාස දෙකක් විතර බෙහෙත් කරා. තාමත් උඩ පුරුක හරියට නමන්න බෑ..

      Delete
  23. හම්මෝ ..........ඇති ඔහොම බේරුනා

    කෝ ...ගෑනුන්ගේ නුවණ හැඳි මිටේ කියන කට්ටිය එන්න ...ඇවිල්ල මේක බලන්න :D

    ReplyDelete
    Replies
    1. අම්මප..කව්ද එහේම කිව්වෙ..!

      Delete
    2. @ රෙහානි.

      හැදි මිටේ තියෙන නුවනත් කොයි තරං වැදගත්ද..

      @ වීයා
      ඒක තමා බං කව්රුවත් කියල නෑ මේකිට හීනෙන් පෙනිලා වගේ..

      Delete
  24. සාමාන්‍යයෙන් ට්‍රිප්ස්විච් එකේ ඉඳල..දුර වෙන්න..වෙන්න ට්‍රිප් එක වැඩකිරීම හොරයි කියනව නේද..ගෙයි කොනේම තියෙන ස්විච්/ප්ලග් එකක් ..සඳහා..ට්‍රිප් එක වැඩකරනවද කියල බලන නිවැර්දි ක්‍රමේ කවුරු හරි කියනවනම් ලොකු දෙයක්..?

    මටත් දවසක් ලාවට වැදිල තියෙනව..අම්මෝ මොනවත් හිතෙන්නෙ නෑ..වෙව්ලනව තමා..!

    ReplyDelete
    Replies
    1. ට්‍රිප් එක වැඩ කරනව ද කියල බලන්න ටෙස්ට් බට්න් එක ඔබල පුලුවන්. එහෙම නැත්නම් හෝල්ඩර් එකකට වයර් දෙකක් අමුනල බල්බ් එකක් සෙට් කරල අරගෙන, වයර් දෙක ප්ල්ග් එකක දකුනු පැත්තෙ සිදුරටයි අර්ත් එක සම්බන්ධ වෙන සිදුරටයි කනෙක්ට් කරල ස්විච් එක දාලත් පුලුවන්. එතකොට ට්‍රිප් එක ඕෆ් වෙන්න ඕන...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඇඟිල්ල ගැහුවත් හරි. සමහර උන් නම් දිව දාලත් බලනවා. ඔය ඕනයා එහෙම කරලා තියෙන්නේ..

      Delete
    4. ට්‍රප් ස්විච් වර්ග දෙකක් තියෙනව. ඉස්සර පාවිච්චි කළේ වෝල්ටේජ් ඔපරේටඩ් කියන ටයිප් එක. ඒ ස්විච් එකට අර්ත් වයර් එකත් සම්බන්ධයි. ඒක ඕෆ් වෙන්න නං අර්ත් වයර් හරහා කරන්ට් එක ගමන් කරන්න ඕන. ඒ වර්ගය මනුස්සයෙකුට කරන්ට් එක වැදුනම ඕෆ් වෙන්න තියෙන හැකියාව අඩුයි. ඒ වගේම පොළවට බස්සල තියෙන අර්ත් එකේ විදුලිය ගමන් කිරීමේ හැකියාවත් ඒකට බලපානව.

      දැං පාවිච්ච් කරන්නෙ කරන්ට් ඔපරේටඩ් ටයිප් එක. ඒකට අර්ත් වයර් සම්බන්ධයක් නෑ. විදුලි ධාරාවෙ වෙනස්වීමට තමයි ඒක ක්‍රියා කරන්නෙ. චන්දන කියල තියෙනව වගේ කරන්ට් වයර් එක වගේම නියුට්‍රල් වයර් එක අර්ත් එක එක්ක සම්බන්ධ කළත් ඒ ස්විච් එක ඕෆ් වෙනවා.

      Delete
    5. Praසන්ன ඉලෙක්ට්‍රීශියන් කෙනෙක් වගේ..

      Delete
    6. ඕනයා කොහෙටද බං දිව දාල තියෙන්නෙ

      Delete
    7. ඒ කියල තියෙන්නෙ වෙන පොයින්ට් එහෙකට දාන කතාවක්.
      වැඩිය හිතන්න එපා.

      Delete
    8. ඇයි ගෑණු ළමයින්ගේ එතනට දිව දාන්නේ ගොඩක් අපිරිසුදු තැනක්නේ

      Delete
    9. @චන්දන,ප්‍රසන්න..,
      ස්තුතියි මචං..!

      චන්දන දකුනු පැත්ත කිව්වම වරදිනවනෙ..බලනපැත්ත අනුව. මම හිතන්නෙ ෆේස් එකට වෙන්න ඕන.

      Delete
    10. @ වීයා

      ඔව් ඔව්. පේස් එක තමයි. ප්ලග් එක ඉස්සරහ හිට ගත්තම දකුණු පැත්තට තමයි පේස් එක සෙට් වෙන්නෙ මචං. ස්විච් එක තියන පැත්ත.

      Delete
    11. උඹල ඔක්කෝම අන්තිමට කරන්ට් එකට දිව ගාන්න ගියා. අනේ අම්මප මෙහෙම උන්...

      Delete
  25. මටත් ඔය සමානම සිද්ධියක් උනා.ඇගිල්ලත් අර විදිහටම පිච්චුනා. මාව බේරගත්තේ අපේ අම්මා . අපේ අම්මව බේරගත්තා මං දිපා අක්කට වාගේ හොට්ප්ලේට් එකෙන් කරන්ට් එක වැදිලා . බාගයක් ලියාපු ඒ සිද්ධිය ඩ්‍රෆ්ට් වල තියනවා

    ReplyDelete
    Replies
    1. මොකටද බං ඩ්‍රාෆ්ට් වල ති‍යාගෙන ඉන්නෙ. බ්ලොග් එකේ ලියල දාහංකො. :D

      Delete
    2. ඔව් ලියන්න

      දේශක-

      Delete
    3. ඇත්ත ප්‍රසා මොන එහෙකට මුං ඒවා පබිලිස් කරන්නේ නැත්තේ

      Delete
  26. ඈ බං! දැන්වත් ඔය ගෙදර ට්‍රිප් එක වැඩ කරන විදිහට හදාගෙනද?

    ReplyDelete
    Replies
    1. තාම නැහැ

      පොයින්ට් එකක් නැහැ ට්‍රිප් එක දාන්න

      දේශක-

      Delete
    2. දැන්නං වැඩ.. හැබැයි මං පලාතක යන්නෑ දැං...

      Delete
  27. යකෝ ගෙදර පොඩි එකෙක් ඉන්නකොටවත් ඔය අටවන ඒවා පිළිවෙළකට කරපං.... මටත් කරන්ට් වැදිලා තියනවා, හැබැ‍යි ක්ෂණික ෂොක් විතරයි... කරන්ට් එක වැදි වැදි තියන වෙලාවේ සිරාවටම ඔහොම සිහිය තියනවද බං?

    උඹේ ගෑනි කකුල් කඩාගෙන හරි උඹව බේරගත්ත එක නම් ලොකු දෙයක්... පොඩි එකා.... හ්ම්ම්... ඔය මදැයි....

    ReplyDelete
    Replies
    1. නෝනා සෑහෙන දුක් වෙනවලු... එදා කරපු ගොන් කම ගැන....

      Delete
    2. දිව දාලම ස්තූතියි කරා මචන්.

      දේශක-

      Delete
    3. සිරාවට ඒ වෙලාවට තමා හිත හොදටම වැඩ කරන්නේ. මොකද ඒ වෙලාවට වැඩ කරනවයි කියල දැනෙන එකම දේ හිත විතරයි..

      මුං බනින්නේ බං අපරාදේ එච්චර අමාරුවෙන් මේකා බේරගත්තේ කියලා.. හැක්..

      Delete
    4. @ මාතලං

      උඹට නං මාත් එක්ක මොකක් හරි කේස් එකක් තියේ වගේ.. මාව අපායට යවන්නමයි බලන්නේ.. හැක්..

      //නෝනා සෑහෙන දුක් වෙනවලු... එදා කරපු ගොන් කම ගැන....//

      මේක කියවල මට එක දිගටම හිනා ගියා මොකද මම හොදට බීල ගියපු දවසක මේකි කිව්ව නෙව අපාරාදේ එදා බේරගත්තේ කියලා.. අයියෝ මාතලං.. මාව කාපං

      Delete
  28. කොහොමත් කට කියවන දේශකට වඩා දේශිකා බුද්ධිමත්.....ඒ ගැන කිසි මෙච්ච එකක් නෑ......මාරය පෙනිල නෙපෙනෙන්නේ මාරයගෙන්් සමාව ලැබුනමයි. සමාවක් නැතිවුන දා අරගෙනම යනවමයි..... ඔයිට වඩා කල්පනාවෙන් වැඩ කොරන්න ඕනි

    හැමදාම වගේ ලිවිල්ලට හරිම ආසයි.....

    ReplyDelete
    Replies
    1. හැක් හැක්. ඒකනං අනිවා හැකර දේශකට වඩා අනිත් හැමෝම හොදයි.. තැන්කුයි සිත්තමියෝ..

      Delete
  29. ඔයින් ගියා හොඳටම ඇති. ලියලා තියෙන එක කියවනකොට මට මැවිලා පෙනුනා සිද්ධිය.

    මම නම් ඔය වගේ වැඩක් කරොත් අනිවා මේන් එක එහෙම ඕෆ් කරලා තමයි වැඩට බහින්නේ. මැරෙන්න තියෙන බයටත් වඩා මගෙන් යැපෙන, මං ගැන දහසක් බලාපොරොත්තු තියන් ජීවත් වෙන අහිංසක පවුලේ උදවිය නොමරා මරන්න බැරි නිසයි එච්චර පරිස්සම. මම හිතන්නේ මම හරි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හරි.... අපේ කට්ටිය පණ්ඩිතකමට වැඩක් කරන්න ගියාම සේෆ්ටි ගැන සලකන්නේ නෑ.. මහ ලොකු පිරිමිකම.... සේෆ්ටි හෙල්මට්, සේෆ්ටි බූට් දාන්න පුරුදු කරන්න අපේ තාත්තලගේ කම්පැණීයෙ වෙනම කෙනෙක් දාලා හිටියා.. මොකද යන්තම් එහෙට මෙහෙට වෙච්ච ගමන් කොල්ලෝ ඒවා නැතුව වැඩට බහින නිසා... අපේ අය පාරෙ යන්නෙත් මළත් කමක් නෑ ගානට.. ඌ නං මැරෙයි.. ජිවත් වෙන ගෑණුයි ළමයිනුයි තමයි දුක් විඳින්නේ ඊළඟට....

      Delete
    2. හා හා උඹල මෙතන පන්ඩිත කතා නොකිය හිටහල්ල..

      හැබැයි සදුන්,.. හිරැ උඹල කියන කාරණවා ඇත්ත. ඕක හරියට ඔළුවට වදින්නෙම නෑ හුගක් අයට.

      Delete
  30. හැබැයි මාමණ්ඩි තුමා යටි හිතින් පුදුම වින්දනයක් ලබන්න ඇති හෝම් කමින් දවසේ කරපු අසමච්ජාති වැඩේට මහ ගෙදරදීම පටිසන් දීපු එක ගැන.

    ReplyDelete
    Replies
    1. ඇයි දේශකයා කැඩිච්ච ලෑලි කෑලි ටික ගෙනල්ල දීල නැද්ද ??
      එහෙමත් නැත්තං
      ජපං කොඩියෙ කක්කි ගාලද ???

      Delete
    2. @ කෙන්ජි

      අනේ නෑ පොර ඔය ඉතිහාසය මතක තියාගෙන වැඩ කරන එකෙක් නෙමෙයි..

      Delete
    3. @ ඹ්නයා
      කෙන්ජියා කියන්නේ මෙන්න මේක ගැන බං..

      http://deshakaya.blogspot.com/2013/07/blog-post_26.html

      Delete
  31. ඔයින් ගියා ඇති!

    ලංකාවේ හිටපු හොඳම ගණිත ගුරුවරයෙක් මැරුණා කරන්ට් වැදිලා ඔය වගේ කේස් එකකදී. නම මැදගම.

    මංතුමා නම් ඔයිටත් දුර ගියා, කරන්ට් වැදිලා නං නොවෙයි.

    අර පුතා ගැන ඇතිවුණු හැඟීම අන්තිම සංවේදී එකක්.

    දේශක යා ඒ කතන්දරේ කලින් කියෝල නැතිනම් මෙන්න පාර.

    1. ඉන්න ටිකේ ඉඳිමු සුදෝ

    2. මැරෙන එකත් පණ යන වැඩක්! කතන්දරකාරයා ගේ සෑබෑ අත්දැකීමක් ඇසුරෙනි - Near death experience of Kathandarakaraya

    ReplyDelete
    Replies
    1. සිහ්. කකාට උත්තර දීල නැති විත්තිය අද දැක්කේ..සොරි වෙන් ඕන. මං ඔය දෙකම බැලුවා ඔය ලින්කටු දෙකෙන් ගිහින්.. තැන්කුයි කකා

      Delete
  32. දේශිකාට ටොෆි පර්සලයක්වත් එවන්ට ඕනි අපේ දේශකයා බේරලා දුන්නට. :)

    ReplyDelete
    Replies
    1. ඒකත් දේශිකාට. පොඩිඩ් මගේ පරණ වෛරක්කාරයෙක්ද කොහේද.. අපිත් ටොපි කන්න ආසයි..

      Delete
  33. ගෑණුන්ගේ නුවණ හැඳි මිටේ දිග කිව අයට මේ කතාව ආදර්ශයක් නැද්ද ..

    ReplyDelete
    Replies
    1. අනිවා බින්දි. ඒක ඉදිරිපත් කිරිමත් මේ ලියපු එකේ එක අරමුණක්. අනිත් එක කරන්ට් වැදුනම ඉස්සෙල්ලම කරන්න ඕන මොකක්ද කියල පනිවිඩේ දෙන්නත් ඕන. දගලන එකා ළගට දුවල වැඩක් නෑ පුළුන් තරං ඉක්මනින්. ඒ විදුලි ප්‍රභවය අයින් නොකර..

      Delete
  34. මටත් ඔය වගේම සීන් එකක් උණා.. මරු ආතල් කරන්ට් එක ඇඟ දිගේ බහිද්දී.. :D හැබයි ඔය වගේ මරණාසන්න අත්දැකීම් නැත. අනු නවයයි ලුලෙන් බේරිලා තියෙන්නේ නේද ඈ ...


    බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ බෙන්. තව ඩිංගෙක් හුටස් තමා..

      Delete
  35. දෙවැනි කොටස දාන්න කලින් ,,ඔන්යා එහෙම අහලා තියෙන ප්‍රශ්ණ ටිකට උත්ත්‍ර දීලා හිටන් දේශකයෝ...

    ReplyDelete
    Replies
    1. අනිවා. මම උත්තර නොදී නං තව එකක් දාන්නේ නෑ. උත්තර දෙන්න බැරි නං පස්සේ හරි දෙනවය කියල තමා දාන්නේ. හැම එකටම උත්තර දෙනවා ඒක අපේ මාතලංගෙන් ඉගෙනගත්ත දෙයක්. සොරි වෙන්න ඕන මම දන්නවා උඹල මෙතනට දෙතුන් පාරක් ඇවිල්ල උත්තර නැතිව හැරිල යන එක කොයි තරං එපා කරපු අත්දැකීමක්ද කියන එක. මටත් ඔය දේ වෙනවා මොකද මාත් කැමතියි මම ලියපු දේට අදාල කෙනා උත්තර දෙනවනං මම ඊළග පාර යනකොට.

      උඹලගේ ඉවසීමෙන් මම අමතර ප්‍රෙයා්ජන ගන්නව නෙමෙයි බං. ප්‍රැක්ටිකලි උත්තර දෙන්න පුළුවන් කමක් තිබ්බේ නෑ මේ දවස් ටිකේ. ඒත් අද උදේම බැහැපු ගමන් මේ ඒක තමා කරන්නේ. අනිත් වැඩ අමතක කරලා. තැන්කුයි ගයිජින් අදහසට..

      Delete
  36. මුළු ඇගම සීතල වෙලා ගියා යකෝ. මගෙ යාළුවෙකුටත් ඔය හා සමාන සිද්දියක් උනා මල ගෙදරකදි. වටේ බල්බ් අදිද්දි අකුණක් ගැහුව මීටර් එකට. අකුණු පාර අරූ අමුණ අමුණ හිටපු හොල්ඩර් එකෙනුත් එළියට පැන්න. අපිටත් හිතා ගන්න බැරිඋනා මොකද උනේ කියල. වටේම සුදු පාටවෙලා ගියා. තව ටිකෙන් ලග හිටපු අපිත් එක්කම ඔක්කොම ඉවරයි.

    ReplyDelete
    Replies
    1. එහෙනං පුතේ අනාතයි පෝලිමට මාරයා ගාවට යන්න තිබ්බා.. තැන්කුයි ලොකු ශානා මේ පැත්තේ ආවට

      Delete
  37. අනේ වාසනාවන් මෙවන් බිරියන්..
    දැක්කනේ දේශා පොඩි අත්වැරදීමක් ඇති හැම දේම වරදින්න එක නිසා මිට වැඩ සැලකිල්ලෙන් වැඩ කරන්න ඉගෙන ගනින්.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒක ඇත්ත. ප්‍රෙව්සමෙන් වැඩ කරන්න ඕන.. තැන්කුයි මනෝ

      Delete
  38. මෙහෙම බේරිච්ච එකත් ලොකු වාසනාවක්. ඇත්තටම දැන් වෙළඳපොලේ තියෙන ට්‍රිප් ස්විච් එසැනින් ඕෆ් වෙනවනේ. ඔයින් ගියා ඇති.

    ReplyDelete
    Replies
    1. වෙලදපලේ තියන එවුව ඕෆ් උනාට වැඩක් තියේයැ දයානන්ද මහත්තයෝ . . . මුගෙ ගෙදර තියන එක ඕෆ් නොවී

      Delete
    2. @ දයා

      ඔව් ඔව් ට්‍රිප් එක අඩු ගානේ මාසෙකට පාරක් වත් චෙක් කරන්න ඕන. සාමාන්‍යෙයන් අවුල් වෙනවා අඩුයි. ඒත් ඒක ආරක්ෂාවට හොදයි.. බේරිච්ච එක පාපයක් කියල තමා මේ යක්කු නං කියන්නේ.. හැක්..

      Delete
    3. @ ඕනස්
      ඒක තමා ඒක තමා. දැන් තියෙන එක වැඩ බං.. සිරා කතාව.. හැබෑ නෙව කඩේ තියෙන ඒවා ඕෆ් වෙලා වැඩක් තියෙනවයි..

      Delete
    4. ඕනයා - දවසේ කතාව

      Delete
  39. අපරාදේ තෝ මරුනනම් එකක් අද මගේ කාලේ ඉතුරුයි එහෙනම්

    දේශක-

    ReplyDelete
    Replies
    1. බඩ පැලෙන්න හිනා. අඩු ගානේ මම මැරුනනං බොටවත් සැනසීමක් තියේවි. නැත්නං මම නැති ටිකේ නිකං කාලේ කකා උත්තර දෙන්න වෙනවැයි නේද.. තැන්කුයි ඇනෝ දේශක.. (අර ඉරි කෑල්ල ඉස්සරහ නේද වෙනද ගහන්නේ)

      Delete
  40. මටත් දවසක් කරන්ට් වැදුන මතක හිටින්න. ඇත්ත තමයි ඒ සිද්ධියෙ හැම තත්පරයක්ම මටත් හොදට මතකයි. හැබැයි ඔච්චරම ගොඩක් වෙලා මට කරන්ට් වැදුනෙ නෑ මාව විසි වෙලා ගිය නිසා. ඒ ගැන මාත් ලියන්නම්කො.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙනං දැනුන කෙනෙක්. වෙල්කම් වේවා සිඟිති මගේ බ්ලොග් මාල්ලට.. ලියන්න ලියන්න. මම ටික වෙලාවක් ඇලි ගැලී හිටිය නිසා ටිකක් වැඩියෙන් දේවල් හිතුවා..

      Delete
  41. අදැකිම සහිත නිසා කියපු දේ මැවිලා පෙනුනා.. :3 එක එක ජාතියෙ කරන්ට් වදිද්දි එක එක අත්දැකිම් ලැබෙනවා...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් පින්කි. මේක මං අද නේ දැක්කේ. ස්තුතියි මේ පැත්තෙ ආවට..

      Delete