Wednesday, May 8, 2013

සම්මා දිට්ඨි!!!

හෙමින් ආපු කාර් එක ඒ සැනින්ම වේගේ වැඩි කරල, පාර පුරා යන්න ගත්තා. අහල පහල තිබුන වාහන වල හෝන් වලයි, මිනිස්සුන්ගේ ගෝසාවයි එක්ක පාර පුරා එකම ගාල ගෝට්ටියක්. සමහර වාහන ලයිට් කනුවක් දෙකක් බදාගත්තා. සමහර මිනිස්සු කකුල් වල ලෙලි යනකංම දුවනවා. වටේ පිටේ කරදරයක් නොවෙන දුරක ඉන්න මිනිස්සු ඇස් ලොවි ලෙඩි තරං ලොකු කරන් කටවල් බලි වගේ ඇරගෙන හුස්ම ගන්නත් අමතක වෙචිචි ගානට බලන් ඉන්නවා. විටෙක නලලට යන අත් “බුදු අම්මේ“ කියාගෙන මරහඩ තලන මිනිසුන්ටත්, ජීවිතේ තව තත්පරයක් හරි ජීවත් වෙන්න ආසාවෙන් අයාලේ දුවන මිනිස්සුන්ටත් එකම එක ඉල්ලීමයි තියෙන්නේ. ඒක පේන්නේ ඒ අයගේ ඇස් වලින් විතරයි. මේකෙන් මාව බේරල දෙන්න කියන එක. මේ විදියට හැමදේම උඩුයටිකුරු වෙන්න එක මිනිත්තු භාගයක් වත් ගියේ නෑ. එකම හේතුව හොදට ආපු වාහනයක් එක පාරටම පාර පුරා පිස්සු කෙලින්න ගත්ත එක. අංශු මාත්‍රයක් වෙච්චි මේ ඉඩ කඩ තුල මුළු ලෝකයක්ම කලඹන තරමේ තදියමක් තිබුනා. ඒ සැනෙකින් ඩොං ස්ලාං බ්ලාං කියන සද්ද ටිකත් එක්ක ලේලන්ඩ් බස් එකක බදේ මැදින් ගැටුන කාර් එක නතර උනේ බොනට්ටුවෙන් භාගයක්ම බස් එකේ බදේ ගිල්ලුනාට පස්සේ. එක පාරටම නිහඩ තාවයක්. ඒකත් තත්පර ගානයි. 

“කාර් එක හැප්පුනා“ කියාගෙන ඒ සැනෙකින් මිනිස්සු අනතුර වෙච්චි දිහාවට දුවන්න ගත්තා. අර මරු විකාරෙන් තමන්ගේ ජීවිතේ බේරගන්න දුවපු හුගක් අය දැං මහන්සි වෙනවා තමන්ව මරුව තුරුලට යවන්න කැස කවපු වාහනේ ඉන්න මිනිස්සු ටික බේරගන්න. ඔව් බලන්න දෙයක් නෑ සිට් බෙල්ට් එක නොදා හිටපු කාරෙකේ හිටියේ එක්කෙනයි. ඩ්‍රයිවර්ගේ ඔළුව බිදිල පැත්තට ඇල වෙලා. බිදිච්චි වින්ඩ්ස්ක්‍රීන් එකෙන් පැනපු ලේ පාරවල් බස් එකේ බදේත් සටහන් තියලා. හැම දෙයක්ම සන්සුන්. හැම වාහනයක්ම නැවතිලා. අනතුර වෙච්චි තැන වටේ මිනිස්සු සිය ගාණක් පිරිලා. ආයෙත් “බුදු අම්මේ“ කියාගෙන නලලට යන අත් ඇතිව මිනිස්සු විස්සෝප වෙනවා. හැබෑවටම මේ වෙලාවේ උදව් කරන්න ආපු මිනිස්සු යක්ෂයෝ වගේ අනිත් උන්ට බනිනවා. 

“තොපි මිනිස්සුද යකෝ... අලවංගුවක් ගෙනෙල්ලා ඉක්මනට.. කට ඇරන් බලන් ඉන්නේ නැතිව“

ඒ සැනෙකින්ම තමන්ටත් යුතුකමක් කියල දෙයක් ඇතැයි හිතිච්චි එකෙක් දුවල ගිහිල්ල කොහෙන්දෝ පත අලවංගුවක් ගෙනාවා. ඒකෙන් ඩ්‍රයිවර් පැත්තේ දොර කඩන්නයි ලෑස්තිය. ඒත් එක්කම ඒ පැත්තේ ඉස්සරහ රෝදේ බිදිල, බස් එකේ බදේ හිරවෙච්චි කාර් එක, බිමට වඩා උඩින් තියෙන විත්තිය දැක්ක විචක්ෂණශිලි අයෙක්, අර අලවංගුවෙන් අනින්න ගිය මනුස්සයව ඉක්මනට එතනින් අයින් කරල, කොහෙන්දො ගෙනාපු නාවර ගෑවිච්චි ලී කොට දෙක තුනක්, කාර් එක බිමට බහින්න බැරි වෙන්න යටින් තිබ්බා. ඒ වෙලාවේ එතැන මුලිකත්වය ගත්ත මිනිස්සුන්ගේ ධෛර්යයි, එකමුතු කමයි දැක්කම මේ ලංකාවද කියල හිතෙන තරමට හදවතට වේදනාවක් එනවා, හරියට කරුණු දන්න කෙනෙකුගෙ නම්.

අලවංගුවෙන් හිල් වෙච්චි බදෙන් නිදහස් වෙච්චි දොර එක්කෙනෙකුට අතින් අරන් පැත්තකින් තියන්න පුළුවන් උනා. එතැනින් එහාට කාර් එක ඇතුල දිහා බලන එකත් හරිම ජුගුප්සාජනකයි. කාර් එකේ බිම එකම ලේ විලක්. ඩ්‍රයිවර්ගේ දකුණු කකුලේ දණහිස බිදගෙන ස්ටියරින් වීල් එකේ අලවංගුව ඇවිල්ලා, ඒක කකුලෙම හිර වෙලා. එක අතක් දෙකට බිදිලා ඒකෙන් ලේ වෑහෙනවා. තනිකර ලෙයින් පෙගුනු රතු මිනිහෙක් අමාරුවෙන් එළියට ගත්ත මිනිස්සුන්ට උනෙත්, අර මිනිහා වගේ ලේ වලින්ම නාන්න. එළියට ගත් සැනින් ජීවිතය කියන සාගරයෙන් එතෙර වෙච්චි මළකදක් තමන් එළියට ගත්ත බව තීරණය කරන්න එතන ඉන්න ඕනම කෙනෙකුට පුළුවන් උනේ, උරිස්සෙන් අල්ලපු මනුස්සයට තවත් එක්කෙනෙක් උදව්වට ගන්න වෙච්චි නිසයි. ඔව් ඒ උදව්ව ඕන උනේ බාගෙට බිදුනු ඔළුව අල්ලගන්න.

තවත් මිනිත්තු ගානකින් පොලීසිය ආවා. ඒ සැනින්ම ආපු ඇම්බියුලන්ස් එකෙන් මිනිය ඉස්පිරිතාලෙට ගෙනිච්චා. තවත් ටික වෙලාවක් යන කොට බස් එකට රිංගපු කාර් එක උස්සල බිමට තියල පාරෙන් අයිනට කරා. අනතුරට මුහුණ දීපු බස් එකෙත් ආපු මිනිස්සු ආගිය අතක් නැති හින්දා ඒක පොලිසි ගියා. වටේ පිටේ අය ඉක්මනට වීදුරු කෑලි, තහඩු කෑලි, රබර් බීඩින්, ලයිට් කවර කප් කෑලි වගේ සුන් බුන් ඔක්කොම  පාරෙන් අයින් කරා. 

පොලීසියේ එක්කෙනෙක් මුල්ම වතාවට නළාව පිම්ඹට පස්සේ ඉස්සෙල්ලම මෝටර් සයිකලයක් සෑහෙන්න අමාරුවෙන් ගියා. ඒක එතැනින් යවන්න පොලිස් නළාව දෙතුන් පාරක් ම ගහන්න උනා වගේම සයිකල් කාරයට බනින්නත් උනා. (වෙලාවට මාලිංගට වඩා හොද එකෙක් එතන ඩියුටි දාලා තිබ්බ නිසා වෙන්ටැති ඇහුවේ නැත්තෙ, ඇයි මීට කලින් ඇක්සිඩන්ඩ් එකක් දැකල නැද්ද කියලා) ඊට වඩා ඉක්මනින් තවත් මෝටර් සයිකල් දෙක තුනක් ගියා. දැං රෝද තුනේ දෙක තුනකුත් එතැනින් පිටත් උනා. කිසි කලබලයක් නෑ මෙච්චර වෙලා එකතැන තිබ්බ වාහන දුසිං ගානක් හෙමීට හෙමීට තමන්ගේ අරමුණ වෙනුවෙන් එතැනින් නික්මුණා. තවත් විනාඩි 10 ක් විතර යන කොට වාහන තදබදයක් ඇත්තෙම නෑ. අර කාර් එක පාර අයිනේ තියෙනවා. පැයක් දෙකක් විතර ඇවෑමෙන් බූම් ට්‍රක් එකක් ඇවිල්ල ඒකත් පටවං පොලීසි ගියා. හවස් වෙන කොට එතන තිබ්බි ලේ පැල්ලං හිටං ගෙවිලා ගිහිල්ලා. ඒත් පොඩි පොඩි වීදුරු කෑලි ටිකක් පාර අයිනට වෙන්න විසිරිලා. එච්චරයි. මොකද උනේ කියල අහන්නවත් කෙනෙක් හවස් වෙනකොට හිටියේ නෑ.


හෝඩුවාවක්..
මනෝජ් පරනෑන්ඩු කියල හෝතඹුවෙක් මෙන්න බ්ලොග් එකක් දාලා. 

ප.ලි. - මේක අපේ ඩ්‍රැකි ගෙන් ගත්ත හෝඩුවාවක්.. පර්යේෂකයා කියල කෙනෙක් සොරබොර ගැන හොද චාරිකා සටහනක් එක්ක විස්තරයක් දාලා තියෙනවා.. ඒකත් හොදා..

84 comments:

  1. හිත කීරි ගැහුණා විස්තරේ කියවලා. මාර විදිහේ වචන ගැළපීමක් නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්‍රැකි... සන්තෝසයි මේ පැත්තේ ආපු එක ගැන.. ජය වේවා...

      Delete
    2. පොඩි එකාගෙ ලියුම

      Delete
  2. අපෝ කොහෙද බන් මේක උනේ?

    හුඟක් වෙලාවට තදියම හින්දා තමයි ඔහොම දේවල් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ #%#%#$^$^$^ % හරියේ බං... තදියම නිසා නෙමෙයි කියල ඔප්පු කරල පෙන්නනවා ලගදිම.. හැක්...

      Delete
  3. ඕක තමයි ලංකාවෙ හැටි. කොයි දේ උනත් ඒ වෙලාවට කලබල වෙනව. ටිකක් වෙලා යනකොට මොනවත් උනේ නෑ ගානයි.

    ස්ටියරිං වීල් එකේ අලවංගුවක් තියෙනව කියල අදමයි දැනගත්තෙ.

    ReplyDelete
    Replies
    1. යාස් යාස්... ඒකම තමා අදහස... අලවංගුව හැක් හැක්.. ඒක මම දැම්මේ..ඇයි බං ස්ටියරින් එකේ තියෙන්නේ පොල්ලක්..

      Delete
  4. ඕවා ඔහොම තමයි දේශකයෝ...
    සමහරුන්ගේ මිනිස්කම් ඇති වෙන්නෙත් තව සමහරුන්ගේ මිනිස්කම් නැති වෙන්නෙත් මේ වාගේ වෙලාවලදිනේ...

    හෝඩුවාවට මාරම ටැංකු වේවා මෙයා...

    ReplyDelete
    Replies
    1. ආ සොර බොර වැවත් එල ඇ...

      Delete
    2. හ්ම්.. ඒක ඇත්ත.. මනුස්සකම ඇති වෙන්නත් නැති වෙන්නත් පුළුවන්..

      Delete
  5. මේ ඇත්තටම දේශකයා දැක්ක අනතුරක්ද? බලා ඉඳලා වගේ ලියලා තියනවා. ගොඩක් අය මේ වගේ වෙලාවලදී එකට එකතු වෙලා වැඩ කරනවා. ඒ වෙලාවට නම් මිනිස්කම මතු වෙනවා ගොඩක් දෙනාගේ.

    උඩ ලින්කුවලට ස්තූතියි. ගිහින් බලමු.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... ඔව් අපිට සංස්කෘතියෙන් ආපු දෙයක් තමා කරදරයකදි එකතු වෙලා ඊට පස්සේ වෙන් වීම. ජය වේවා

      Delete
  6. කවද්ද බොල මේ ඇක්සිඩන්ට් එක උනේ කොහෙද උනේ?

    ReplyDelete
    Replies
    1. ඒක උනේ 3%@%#%#$^$^&$&%$& එතන. දවස #%#%#%#%#%#%%

      Delete
  7. ඔය වගේ දෙයකදි ඔය විදියට මිනිස්සු උදව් කරන්නෙ ලංකාවෙදි. ඒකයි අපේ මිනිස්සුන්ගෙ තියෙන වටිනාකම...අනෙක් බහුතරයක් දියුණු රටවල පොලිසිය එනතුරු කිසිවෙක් ලං වෙන්නෙත් නෑ...වගකීම ගන්න වෙයි කියන භයට...වාහනේ ඇතුලේ ඉන්න තුවාල කාරය සමහර විට පොලිසිය පැමිණෙන විට කූරියා ගහලා....

    ReplyDelete
    Replies
    1. වගකීම ගන්න වෙයි කියන බයට නෙමේ බන් නීතියෙන් ඒක තහනම් කරලා තියන නිසා වෙන්න ඕනා. මෙහෙනම් තමන් එක්ක එකට යන එකා පපුව අල්ලන් ඇදගෙන වැටුනම් උස්සන් ඉස්පිරිතාලෙ දුවන්න තහනම්.. කෙලින්ම පොලීසියට කතා කරලා පැත්තකට වෙන්න ඕනා..

      Delete
    2. හ්ම්..! මාත් අහල තියෙනව නීතියෙන් තහනම් කියල.

      Delete
    3. @ සිරා
      ඒක ඇත්ත.. දියුණු රට වල ඒ දේ කරන්න බෑ.. වීයා කිව්ව වගේ තහනං..

      Delete
    4. @ සෙන්නා & වීයා
      ඒක හරි බං.. ඒ රට වල තහනං දේවල් තමා ඔය.. අන්තිමට උදව් කරා කියල නඩු දාවි නීති කැඩු එකට...

      Delete
    5. අපේ රටෙත් මිනිස්සුන්ට අහක බලන් යන්න කියලා පොලොසියටම වැඩේ බාර දුන්නනම් හරි. එහෙනම් හාමුදුරුවොත් එක්කම එන්න පුළුවන් හත් දොහේ දානේ දෙන්නත් එක්කලාම. :D

      Delete
  8. මේ වගේ දේවල් නං ඕන තරම් තමා.. ඒත් ඒ සිද්ධිය ඔබ වචනවලට ගලපපු අපුරුවත් සුපිරිම තමා...
    අර තැන් දෙකටත් ගොවවදිනවා දැන්මම.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේවා මේ වෙන විදියටම තමා ලිව්වේ.. තැන්කුයි..

      Delete
  9. හ්ම්ම් මන් කියන්න ගිය ඔක්කොම අනිත් අය කියලානේ ...

    ReplyDelete
    Replies
    1. සැහ්.. පොඩ්ඩක් කලින් ආවනං මොකක් හරි කියන්න තිබුනා.. හැක් හැක්..

      Delete
  10. ඒ වෙලාවට තමයි අපේ මනුස්සකම් පේන්නේ. ඒත් එහෙම ගෙනියන් අසාධ්‍ය රෝගීන් බේරගන්න තරම් පහසුකම් නැති ඉස්පිරිතාල තමයි රටේ වැඩිපුරම තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ඉස්පිරිතාල ගැන කතා කරන එක වැඩක් නැති දෙයක්.. සමහර තැන් හොදා. ඒත් සමහර ඒවගේ ලෙඩා ගන්නවත් එකක් නෑ.. ට්‍රොලිය ගන්න ඒ හාදය සිගරට් එක බීල එනකං ඉන්න ඕන..

      Delete
  11. ඇත්තෙන්ම බොහොම සංවේදී කතාවක්. මට මේ ගැන අත්දැකීම් දෙකක් තිබෙනවා. එකක් නුගේගොඩම, අනෙක නවසීලන්තේ ඕක්ලන්ඩ් වලදි. නවසීලන්තේ එකේදි ලොකුම අනතුරක්. නමුත් එකෙක් එතෙනට ආවේ නැහැ. අනතුර දැක්ක ගමන් වාහන පියාබනවා. පොලීසියට කවුද කෝල් කරලා ඈතින් උන් එන හඬ ඇහුනා. අපිත් යන්න ගියා. වෙන කරන්න දෙයක් නැහැ.

    අනෙක දැනට වසර කීපෙකට උඩදී නුගේගොඩම. දිනක් දුවව පාසැලට ඇරලවන්න අපි උදේම එනවා. හැබැයි නාවින්න හරියේ හිට වාහන එක තැන. ( මම ඒ දිනවල හිටියේ නාවින්නෙ.) කොහොම හරි කොට කොටා එනකොට උඩහමුල්ල පාස් කලා විතරයි ලොකු අනතුරක්. පාරෙ විශාල ලේ පැල්ලමක්. මිනිස්සු වැලි දාල ඒත් ඒ උඩින් වාහන යන්න කවුරුත් කැමති නැහැ. ඒක මඟ හැරලා වටෙන් වාහන ගන්නවා.

    අදටත් එතැනින් යනකොට මට නිතරම ඒක මතක් වෙනවා. ඒ තරම් ඒ සිද්ධිය දුකයි. ආච්චි අම්මයි මිණිපිරියයි දෙන්නම නැති වුනා. ඒ වරද තනිකරම පුද්ගලික බස් රියැදුරෙක්ගේ.

    ReplyDelete
    Replies
    1. කොහොමද අවස්ථා දෙකේ තත්වය නේද?? අහසයි පොලවයි වගේ.. මොනා උනත් ආසායානුවන් අතර හදිසියකදි මනුස්සකම තියෙනවා...

      Delete
  12. මේ වගේ අවස්ථාවල යටවෙන කට්ටියව උස්සන්ට ගිහින් කොඳු ඇටයට හානි උනු අය දැකලා තියෙනවා. ඔක්කොටම කලින් රෝහලකට ගෙන යන එක තමා වැදගත්.
    දේශකයාටත් දකින්ට වෙන දේවල්....

    //හවස් වෙන කොට එතන තිබ්බි ලේ පැල්ලං හිටං ගෙවිලා ගිහිල්ලා. ඒත් පොඩි පොඩි වීදුරු කෑලි ටිකක් පාර අයිනට වෙන්න විසිරිලා. එච්චරයි. මොකද උනේ කියල අහන්නවත් කෙනෙක් හවස් වෙනකොට හිටියේ නෑ.//

    හරියට ජීවිතයේ අවසාන කාලය වගේ.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඕවා ඉතිං හැමදාම පේන දෙවල් නේ පොඩිඩියෝ.. ජීවිතේ අවසාන කාලය වගේ කියන එක එතනට ආදේශ කරාම හොදයි වගේ පේනවා.. පොඩ්ඩක් මොලේ තියෙනව නේද??? හැක් හැක්..

      Delete
  13. ඉස්සෙල්ලම ඉතින් මේ වගේ සියලු විපත් ගැන කණගාටු වෙනවා...(ඒ ඇරෙන්න වෙන කල හැක්කක් නැහැ මට මෙතන ඉඳන් කී බෝර්ඩ් එකෙන් .)

    දෙවනුව මෙන්න මේ වාක්‍ය නිසා මගේ හිතට තදින් දැනුනා අද පෝස්ට් එක දේශා...


    \\එළියට ගත් සැනින් ජීවිතය කියන සාගරයෙන් එතෙර වෙච්චි මළකදක් තමන් එළියට ගත්ත බව ///

    අපිත් ඉතින් ඔච්චරයිනේ...මරණයක් ගැන ලියපු දේකින් සංවේදීම වාක්‍ය එතෙක් මෙතෙක් මගේ ජීවිතේ...

    ReplyDelete
    Replies
    1. ඔව් අපිත් යන වෙලාවක් වත් කොහොම යනවද කියලවත් දන්න එකක්යැ. කතා කරාම යනවා.. අඩගහන ඕන විදියකට...

      Delete
  14. හ්ම්ම්... ජිවිතේ හැටි තමයි...... පණ නම් තණ අග පිනි බිදු වැන්නේ කිව්වේ ඒකනේ....
    මේක කියවනකොට මාත් ඇස් දෙකෙන්ම දැක්ක සිදුවීමක් මතක් වුනා. අම්මෝ එදා නම් මම හොදටම බය වුනා. එතකොට මං 8 වසරේ විතර ඇති. උදේ පාන්දරම අපේ ස්කොලේ ගාවම වාහන 3නක් එකට හැපුනා. වෑන් එකක්, ත්‍රි විල් එකක් සහ බයිසිකලයක්. බයිසිකලේ ගිය මනුස්සයා අපේ ස්කොලේ ගේට් එකට චුට්ටක් මෙහායින් බිම වැටිලා ගැස්සිලා ගැස්සිලා පණ ගියා. ඒක කාටවත් හිතා ගන්න බැරි තරම් ඉක්මනින් වුනේ හරියට ඇහි පිල්ලමක් ගහන පමාවට. අම්මෝ මට නම් එදා හොදටම අප්සට්....

    ReplyDelete
    Replies
    1. සමනළී දැන් කීයෙ වසරෙද

      Delete
    2. අපෝ... මං දැන් ඉස්කෝලේ ගිහින් ඉවරෝ...... :)

      Delete
    3. @ සමනලී
      ඒ වගේ මොහොතක් හරිම වේදනාත්මකයි. අපිට කරන්න පුළුවන් දෙයක් වත් නෑනේ.. මම අකමැතිම දර්ශනයක් තමා ඒක. මාවත් අසරණ වෙනවා එතකොට..

      Delete
    4. @ හැලපයියා
      හිටපිය මේක හැලපික්කට කියන්න... උඹ උගන්නන ඉස්කෝලේට සමනලි යන්නේ නෑ...හැක්...

      Delete
  15. //ඒ වෙලාවේ එතැන මුලිකත්වය ගත්ත මිනිස්සුන්ගේ ධෛර්යයි, එකමුතු කමයි දැක්කම මේ ලංකාවද කියල හිතෙන තරමට හදවතට වේදනාවක් එනවා, හරියට කරුණු දන්න කෙනෙකුගෙ නම්.//

    සම්පූර්ණ ඇත්ත. දෙපාරක් ඇක්සිඩෙන්ට් වෙලා වල කජ්ජ ගහන්න ගිහින් අනූ නවයෙන් බේරුණු මං ඒක අත් විඳලම තියනවා.

    ඒත් මොකද මිනිස්සු එතනින් යන්න අදිමදි කලේ...??? ලේ වලට බයේ ද... සංවේදී කම ද.. වෙන මොකක් හරි ද..???

    ReplyDelete
    Replies
    1. ඔව් ඇක්සිඩන්ඩ් එකක් උනාම වටේ ඉන්න උං දුවල එන එක තමා පාරේ යද්දි තියෙන එකම හයිය. උඹට අත්දැකීම් දෙකක්ම තියේනං ඒ ගැන කියල වැඩක් නෑ නෙව..

      මිනිස්සු අදිමදි කළ හේතුව උඹට තේරිලා නෑ.‍ වෙච්චි ඇක්සිඩන්ට් එක හොදට රස විදින්න තමා එතන ප්‍රමාද වෙන්නේ..

      Delete
    2. //වෙච්චි ඇක්සිඩන්ට් එක හොදට රස විදින්න තමා එතන ප්‍රමාද වෙන්නේ..//

      ඇත්තට ම මට ඒක මීටර් වුනේ නෑ. ඒත් සිද්ධ වෙන්නේ ඕක තමයි ඉතින්..

      Delete
    3. යෑස් යෑස් ඒක තමා වෙන්නේ බං...

      Delete
  16. අර උඩ තියෙන්නෙ උඹේ පින්තූරෙද ත්‍රිබාසා ප්‍රසන්නයගෙ පින්තූරෙද.
    හෝඩුවා වලට ස්තූතියි දැන්මම ගිහින් බලන්නම්...මනෝජ් නම් මගෙ බ්ලොගේටත් හැමදාම එනවා හොඳ කොල්ලා

    ReplyDelete
    Replies
    1. අපෝ මගේ එකනං නෙමෙයි. :D

      Delete
    2. ආ මං හොද එකෙක් කියලා.....
      රොම්බ තැන්ක්ස් ....හැලපඅයියේ ඇන්ඩ් දේශකයෝ.....

      Delete
    3. හැලප අයියා ගිහින් බලන්නකො ඒ පින්තුරේ දිගේ.. :D

      Delete
    4. @ හැලපයියා
      සික් ඔය ප්‍රසන්නල කව්ද??? එතෙක් මෙතෙක් සිංහල බ්ලොග් ලොව පහල වූ අග්‍රගන්‍යම ලේඛකයා.. චන්දන කිව්ව වගේ පින්තූරේ උඩ කොටල බලන්නකෝ පොරගේ වැඩ කිඩ ටික...

      Delete
    5. @ ප්‍රසා
      ඔව් ඔව් ඒක කළු සුදු ප්‍රසාගේ පින්තූරේ.

      Delete
    6. පෝස්ට් දෙකයි මුළු බ්ලොග් ලෝකෙම අතේ ...හනේ ඒ අතින් අපි. බලන්න ඔයාට තාම ෆලෝ කරන අය 95 යි .මට 111 යි.

      Delete
    7. ඕං ඉතිං උඹ ප්‍රසාටත් ඉරිසියා කරනවා.. යකෝ රජෙක්ට ඉරිසියා කරල වැඩක් නෑ බෙල්ල ගහල යන වැඩක්..

      Delete
  17. සම්මා දිට්ඨි හා මේකේ අතර සම්බන්දෙ මොකක්ද බං..!

    ReplyDelete
    Replies
    1. යහපත් දැකීමක් සදහා.... පේන දේ බලල නෙමෙයි...ටිකක් ඇතුලට යන්න ඕන... ජීව්තේ ගැන අවබෝධයක් එන්න.. සමාජය ගැන අවබෝධයක් ගන්න...

      Delete
  18. වාහන අනතුරැ ගැන නම් මතක් කරනවට වත් මම කැමති නෑ... ඒ තරම් දැකලා තියෙන නිසා... බස් වලට හැප්පෙන ඒවා නෙවෙයි.. කෝච්චියට හැප්පෙන ඒවා...

    වෙදනා උඩ කියලා තියෙන නුගේගොඩ අනතුර කාලේ මාත් ඒ පැත්තෙන් යනවා.. මටත් ඒක මතකයි...

    ReplyDelete
    Replies
    1. එහෙමද එහෙනං කතා නොකර ඉමු..හැක්..

      Delete
  19. වාහනයේ ගිය කෙනාට වෙලා තිබුන තුවාලවල විස්තර කියවද්දි ඇඟම සීතල උනා. //හවස් වෙන කොට එතන තිබ්බි ලේ පැල්ලං හිටං ගෙවිලා ගිහිල්ලා. ඒත් පොඩි පොඩි වීදුරු කෑලි ටිකක් පාර අයිනට වෙන්න විසිරිලා. එච්චරයි. මොකද උනේ කියල අහන්නවත් කෙනෙක් හවස් වෙනකොට හිටියේ නෑ.// මටත් මේක කියෙව්වම හිතුනෙ හරියට අපේ ජීවිතේ වගේ නේද කියල.

    ReplyDelete
    Replies
    1. හ්ම්... අපේ ජීවිතෙත් එහෙම තමා.. චාම්ස්.. තැන්කුයි ආවට මේ පැත්තේ.. මොකද ඔයා හරි හොරයි නෙව එන්න.. හැක් හැක්..

      Delete
  20. >> මොකද උනේ කියල අහන්නවත් කෙනෙක් හවස් වෙනකොට හිටියේ නෑ. <<

    මූට තියන හිතේ අමාරුව ඕකයි.. :D ඕපෙ හරියට අහගන්න කෙනෙක් නැති එක.. එහෙන් මෙහෙන් අහුලගත්තු ටිකනම් මවලා දීලා තියනවා... :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්... අනේද කියන්නේ.. උඹටත් ඔය වගේ මගුලක් තමා පේන්නේ.. තැන්කුයි ඈ හිටහං අනිත් දවසේ බොට අහුලගන්න කෑලි තියන්නෑ...

      Delete
    2. සංවේදී පෝස්ටුවකට ආවම හැසිරෙන්නේ මෙහෙමද ඔයාල ..?

      Delete
    3. ඔය හාදයා ඔය සෙන්නා කියන එකා මාත් එක්ක ෆුල් කොක්ක. මාත් තව ටික දවසයි බලන්නේ.. උඹ ඉන්නව නේ මාත් එක්ක සහන් කොළුවෝ... හැක්..

      Delete
  21. කෙනජි (ජපන්) එහෙම මේ පැත්තේ ආවෙ නැද්ද කියලා බැලුවෙ...........

    ReplyDelete
    Replies
    1. හිටි ගමන් එනවා.. මේ පාර නං නෑ වගේ...

      Delete
  22. පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ.. අද අද එයි මරු පින් කර ගන්නේ..

    ReplyDelete
    Replies
    1. සාධු සාධු... මධුර ස්වරයෙන් ඇහුවමයි ඔය...

      Delete
  23. හිතා ගන්න බැරි උනා මොකද්ද කියන්නේ කියලා.මරුවටම ලියලා.

    ReplyDelete
    Replies
    1. සිරාවට එහෙම උනාද බං. එහෙනං මගේ වැරැද්දක් ඇති.. තැන්කුයි ඈ මුරුංග පොත්තක් දුන්නට..

      Delete
  24. ඉතින් එයා මැරිලද?;)

    ReplyDelete
    Replies
    1. චා චා මට ඒක පොරගෙන් අහන්න බැරි උනා නේ බං.. අනේ උඹත් නිකං අකලට බට පිණි වරුසා වගේ.. හොයාගන්නත් නෑ..

      Delete
  25. අම්මේ ඇඟත් හිරි වැටුනා මේක කියවලා. මේ කොහේ වෙච්ච සංගෙඩියක් ද? දේශක තුමා. කොහොමෙන් හරි එයාලට උදව්වට කට්ටිය ආව එක වටිනවා. අන්තිමේ අපේ ජීවිත වගේ ඉවර වෙලා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දි අදහසට.. ඔව් හැම දේම එහෙම නේ... තාවකාලිකයි.. ඕව බුදු බණ..

      Delete
  26. උඹ ඉස්කෝලෙ යන කාලේ මේක ලිව්වා නම් රචනාවකට, සිංහල ටීචර් උඹට ආයෙ වලි දාන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇති යාන්තං ටීචර කෙනෙක් පොඩි එකෙක්ට හොදක් කිව්වමද කොහේද මේ...

      Delete
  27. Thanks for finally writing about > "සම්මා දිට්ඨි!!!" < Liked it!

    Here is my web blog :: find out here now

    ReplyDelete
  28. ජීවිතය අපිට කොයි වෙලේ අහිමි වෙනවද කියලා කියන්න බෑ.. සංවේදි සටහනක්..

    ලින්ක් වලටත් ස්තූති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මලයෝ අදහසට..

      Delete
  29. හරිම දුකයි. ඒත් ඉතින් අපිටත් කොයි වෙලාවෙ කොහොම යන්න වෙයිද?මම නම් මැරෙන්න හරි බයයි.

    ReplyDelete
    Replies
    1. ඔව් හැමෝම ඒ අවස්ථාවට මූණ දෙන්න බයයි.. ඒක ඇත්ත

      Delete
  30. හදිසි අනතුරකදී උදව් කිරීම නම් උතුම් මනුෂ්‍ය ගුණයක්. හැබැයි ඒ අයම තමයි රියදුරාට පහරදීම, වාහනයට ගිනි තැබීම, වැනි අමන මරි මෝඩ වැඩ කරන්න පෙළඹෙන්නේ. ඒ නිසයි සමහර රියදුරෝ තමන් අත වරදක් නැතත් අනතුරක් වූ වහාම රථය අතහැර පොලීසිය වෙත දුවන්නේ. වාහනය ගිනි තැබීමෙන් සිදුවන්නේ අනතුර පිලිබඳ වටිනා සාක්ෂි විනාශවීයාම පමණයි.

    හදිසි අනතුරකදී (වාහන අනතුරු පමණක් නොවේ ඕනෙම හදිසි අනතුරකදී)තුවාලකරුවන් ඉවත් කිරීම ඉතා සැලකිල්ලෙන් හා වගකීමෙන් කලයුතු දෙයක්. අපි හිතමු යම්කිසි පුද්ගලයකුගේ ඉලඇට බිඳිලා තිබෙන්නේ කියලා. එය පිටතට පෙනෙන්නේ නැහැ. අපි එකවරම එයාව වාහනයකින් එලියට අදින්න හැදුවොත්, කරේ තියාගෙන ගෙනියන්න හැදුවොත්, අර බිඳුණු ඉල ඇටය ඔහුගේ හදවත පසාරු කරගෙන යන්න පුළුවන්. ඉතිං අපි තමයි අනියම් මිණීමැරුමක් කරන්නේ. කොඳු ඇටය බිඳී තිබෙන අයකු එහා මෙහා හරවමින් පෙරලමින් 'බේරාගැනීම' නිසා, සදාකාලයටම සුව කල නොහැකි ලෙස ඔහුගේ සුෂුම්නාවට හානි වියහැකියි.

    පොලීසියට ප්‍රථමාධාර ගැන පුහුණුවක් තියන නිසයි සමහර රටවල පොලීසිය එනතුරු තුවාල කරුවන් ඉවත් කරන්න ඉඩ නොදෙන්නේ. ඒ වගේම තමයි බේරාගැනීමේ කණ්ඩායම් අතින් වටිනා සාක්ෂි විනාශ වෙන්නත් පුළුවන්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා මගේ පෝස්ට්කටුවට අවශ්‍ය වෙන සියළු තාක්ෂණික කරුණු ටික ඉදිරිපත් කරල තියෙනවා. අන්න ඒවා තමා මට බැරි දේවල්.. හුගක් ස්තුතියි අදහසට.. මටත් හුගක් දේවල් මීටර් උනා ඒකෙන්.. තැන්කුයි.. විචාරක තුමා.. හැක් හැක්.. අර සෙන්නා කියන හාදය කියන ඒවට මම කියන ඒවා ඔහේ එච්චර ගනන් ගන්න එපා හරිය...

      Delete
  31. Heya i am for the first time here. I found this board and I find It truly helpful & it helped me out a lot.
    I hope to present something back and help others such as you helped me.


    Feel free to visit my site erectile dysfunction kidney infection

    ReplyDelete
  32. රිය අනතුරුනම් දකිනවා ඒත් ඒවා ඒ වෙලාවට විතරයි මතකයට එන්නේ. ඊට පස්සේ ඒවා සරල දේවල්

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මටත් ඒක තමා පෙන්නන්න ඕන උනේ..

      Delete
  33. මිනිහෙක් තව එකෙකුට ඇති බය නිසාම එයාව මග අරින්න නැති කරන්න බලනවා. ඒ බය නැති උන ගමන් ඒ මිනිහව බේරගන්න හදනවා. ඕක තමයි මිනිස් ස්වභාවය.තමන්ගේ වාහනේට වෙට්ටුවක් දාලා තව එකෙක්ව හප්පගෙන යද්දී "තෝ මැරියන්" කියලා ශාප කලාට, ඒ මිනිහා හැප්පුනාම මැරෙන්න නොදී බේරගන්න ට්‍රයි කරන්නෙත් ඒ මිනිස්සුම තමයි.

    උදේ වෙච්ච අනතුර ටික වෙලාවකින් සාමාන්‍ය සිද්ධියක් බවට පත් උණා. හවස් වෙද්දී වීදුරු කටු ටිකක් ඇරෙන්න වෙන කිසිම හෝඩුවාවක් නෑ. මේ ගැන මාත් කලින් ලිව්වා, දුකම කොයි තරම් සතුටක්දෝ කියලා. එකෙත් අන්තිමේදී සිද්ධ කෝච්චිය පොඩ්ඩක් පරක්කු වෙච්ච එක විතරයි.

    ReplyDelete
    Replies
    1. මහා පාරේ ඉන්න අපිටනම් අනතුරු කියන්නේ......

      ඊයේ උදේ කොළඹ යද්දී හිස් කන්ටේනර් එකක් කුඹුරේ. ලෝඩ් එකක් නැතිව ලෑල්ලට පාගන්න ගිහින් වෙච්ච් දෙයක්. ඊළඟට කොට්ටාව පරණ පාරේ බයික් එකක්. ඒකෙ හැටියටනම්... අනේ මන්දා....

      ඊළඟට ගෙදර එනකොට රෑ එකහමාරට විතර කාර් එකක් කුඹුරේ. ඒක උණා විතරයි. අපි ආපු සීටීබී බස් එකේ කොන්දොස්තරගේ යෝජනාවක් අනුව බස් එකෙ කට්ටියම ගියා උදවු කරන්න. (ප්‍රයිවට් බස් කාරයෙක්නම් ඔහොම කරයිද?) මං බහිනකොට කොන්දයියට උත්සාහයට තැන්ක්ස් කරලා බැස්සේ. මොකද හෙට ඔය තත්ත්වයට මූණ දෙන්නේ අපි වෙන්න පුළුවන්.

      Delete
    2. බලහං ලොකු දෙයක් කිව්වත් අත්තිමට මොකක්ද නේද බං.. ස්තුතියි අවුස්සා බැලුවාට

      Delete