ඊයේ මා ලියන ලද අපේ උතුම් ශ්‍රීමතාන්ගේ පරමාදර්ශි චරිතය සම්බන්ධ කතාව පිළිපදව සැක පහල කොට කිසිත් නොදොඩා හැංගී සිටි දේශද්‍රෝහි බ්ලොග්කරුවන් හට මාගේ උපරිම දියාරු විරෝදය පළ කරමි. අප විසින් ඉතා අපහසුවෙන් හා දේශප්‍රේමිත්වයෙන් යුතුව කරනු ලබන දේශන වලට සවන් දීමෙන් වැලකී සිටිම ඉතා නොහොබි, මක් නිසාද යත්, මව්බිම ආපස්සට යැවීමට කැස කවන අතලොස්සක් වූ පිරිසකගේ උත්සාහයන් සාර්ථක කිරීමට ඔබද පංගුකරුවෙකු වන නිසාය..
ඕං ඊයේ ලියපු අටුවාව කියවපු නැති අය කියවන්න.. මේ රට මගේ රට
අම්මෝ.. යාන්තං යුරේකා ආවා... ඒ කියන්නේ ඊයේ මම කිව්ව කතාවේදි කොයි තරං තෙපර බබා හිටියත් කියන්න අමතක වූ කතාව දැං මතක් උනා. ඒක හැබැයි ටෙලිපෝන් කෝල් එකක් විතරයි. ඕං බලාගන්ටකෝ එහෙනං..
දේශකයා
|
හලෝ... කබ්බා
|
කබ්බා
|
ඔව් දේශා මොකෝ බං
|
දේශකයා
|
යකෝ උඹ ඊයේ එනව කිව්වට අරක හදල දෙන්න, ආවේ නෑනේ? ඇයි බොල
ඒ...
|
කබ්බා
|
අනේ සොරි බං හෙන වැඩ
|
දේශකයා
|
බලපං බං උඹට මම ගිය සිකුරාදා ඉදල කියන්නේ
අද බලපං ඉරිදා.. උඹට ඒත් වැඩ. අනේ පලයං යන්න
|
කබ්බා
|
ඔව් ඔව් හරි මම දන්නවා පොඩ්ඩක් හිටපංකෝ තව දවසක්
|
දේශකයා
|
තව දවසක්.. උඹ කුනුහරුප කියනවද යකෝ
|
කබ්බා
|
ඔව් බං එක දවසක් හිටපං මම හෙට හවස් වෙන කොට එනවා
|
දේශකයා
|
හැබැයි උඹ හෙට එන කොට මම තොට සුදු වෑන්
එකක් එව්වත් ගණන් ගන්න එපා හරිය
|
කබ්බා
|
ඇයි තෝ එහෙම කියන්නේ
|
දේශකයා
|
තේරෙන්නැද්ද යකෝ දවස් තුනක් තිස්සේ මේ මගුල් ඇන්ටනා කචල් එක හින්ද, ටීවී එකේ පේන්නේ ජාතිකෙයි ස්වාධීනයි විතරයි. උඹ කියන්නේ දැං මේ දවස් ටිකේම
ඔය දෙක බලල මගේ මොලේ අවුල් වෙලා. හෙටත් ඔය දෙකක බල බල හිටියොත් මට වෙන දේ මම වත් දන්නෑ යකෝ.. ගිහිල්ල පොරට වදීද දන්නෙත් නෑ...
|
කබ්බා
|
හෙහ්.. උඹට පිස්සු
|
දේශකයා
|
නෑ ඕයි.. මේ දවස් දෙකට ඒකේ කියපුව අහපු මගේ ඔක්කෝම අදහස් ඩෝං ගාලා වෙනස් වෙලා තියෙන්නේ.. දැං නං ඉතිං අපේ ශ්‍රීමතා
තරං උතුම් කෙනෙක් මේ ලෝකේම නැති විත්තිය මට සුවර්ම සුවර්...
|
කබ්බා
|
ඈ.. හිටපං හිටපං.. මම විනාඩියෙං එන්නං.. මොන මගුලක් වෙලාද මන්ද මේකාට
|
ඇමතුම විසන්දි වේ
|
ආහ්.. මෙහෙම එකක්ද... අනේ මන්දා මං.. මං බැලුවේ නෑ ඊයේ පෙරේදා නං... 6 ඉඳන් 8 වෙනකම් විතරනේ ඕක බලන්නේ මම... හි හි....
ReplyDeleteහිහි මම දවස් තුනක්ම බැලුවේ...
Deleteතේරවිලකට උත්තර ලියලා..ඊයේ දාපු ලියුම සතියක් තිස්සේ ස්වාධිනේයි රාපවාහිනියයි එක දිගට බැලීම නිසා සිදු උනු සංසිද්ධියක්..
ReplyDeleteසික් බං සතියක් බැලුවනං මම පදිංචි වෙනවා එහේ. දවස් තුනයි බැලුවේ....හිකිස්
Deleteඔය අස්සෙ නලී අයියගෙ පත්තරෙත් බැලුව නම් උඹැහැ ගොඩගන්නම බැරි වෙනව
ReplyDeleteහික්ස්..
Delete++++++ :D
DeleteDude:
Deleteදේශකයා: එළකිරි පෝස්ට් එක.
දේශ්: එළකිරි කමෙන්ට් එක.
නලීන්: එළකිරි කමෙන්ට් රිප්ලයි එක. හිකිස් වලින් කොච්චර දේවල් කියවිලා තියෙනවද? ඔන්නම් සතියක් එක දිගට කල්පනා කරන්න පුලුවන්. politically correct හිකිස් එක.
තුන් දෙනාටම: එළකිරි combination එක.
Dude:
Deleteදේශකයා: එළකිරි පෝස්ට් එක.
දේශ්: එළකිරි කමෙන්ට් එක.
නලීන්: එළකිරි කමෙන්ට් රිප්ලයි එක. හිකිස් වලින් කොච්චර දේවල් කියවිලා තියෙනවද? ඔන්නම් සතියක් එක දිගට කල්පනා කරන්න පුලුවන්. politically correct හිකිස් එක.
තුන් දෙනාටම: එළකිරි combination එක.
මචං ඩුඩේ.. පොලිටිකල් හිනාව දාන්න හොද ක්‍රමයක්, ඒ කියන්නේ ඒක ප්‍රකාශ කරන්න හිකිස් වගේ එකක් හදපන්කෝ...
Delete@ නලින්
Deleteමගේ ඔක්කොමත් හරි උඹේ එකම හිකිස් එකත් ඇති..
@ දේශ්
Deleteවෙලාවට බං ඒකේ අර ඇඩ් කෑල්ල විතරයි මට හම්බ වෙන්නේ..
අනේ වාසනාවකට මම ඔය කෙහෙම්මල් පෙට්ටිය බලන්නෙම නැහැ. දුවටත් ඕක පුරුදු නැහැ. හාමිනේත් එහෙමයි. ඒ නිසා අපි දේශද්‍රෝහී පවුලක්.
ReplyDeleteරපෝර්තු කොරන්නම වෙනවා මේකනං... හිකිස්
Deleteමට ඊයේ පෝස්ට් එකේ වැඩි දෙයක් තේරුනේ නෑ බං ඒ වෙලාවේ. ගුණ ගැයිමක් වගේ හිතුනා. පස්සේ ආය කියවලා කමෙන්ට් එකක් කොටන්නයි හිටියේ. මේ පෝස්ට් එක දැක්කමයි තේරුණේ සීන් එක.මොළේ කුරුවල් වීමෙන් ලියන ලද්දක් කියලා. දැන් ඇන්ටෙනාව හදා ගත්තෙයි?
ReplyDeleteදැං හරි බං.. ඔක්කෝම හරි ගියා
Deleteඈ....හිටු අයියේ ඊයේඑක කියෙව්වේ නෑ නොවැ..කියෝලා එන්නම්..නත්නම් නොවටහේ...බට් වරමක් වැටහේ...
ReplyDeleteහොදා හොදා බොලාට මේවා හොදට තේරෙනවා
Delete
ReplyDeleteකිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තිබ්බ එකේ
මේවා මොනාද රුක් දෙවියනි ...!
හැක්.. ඕවා මොනවද මෙයා...
Deleteමං හිතුවා යුරේකා කියල ගෑණු දරුවෙක් ඇවිත් කියලා..
ReplyDeleteඑහෙම උනානං අපිට මෙහෙම වෙන්නෑ බං.. හිකිස්
Deleteඕක හරියන්නෙ නෑ බොල දේශකයො. අඩුම ගානෙ ඩයලොග් ටීවී එකක්වත් ගන්න බලහං.
ReplyDeleteඅයියේ එකවුන්ට් නම්බර් එක 086-3400251226. සල්ලි දානවැයි එහෙනං.. මම ගෙදර යමින් ගමන් ඒක ඇන්න යන්නං.. හිකිස්
Deleteමාත් බලන්න ඕනේ.. දවසක් දෙකක් වත්... ඔය තරම් හොඳ අදහස් පහල වෙන එකේ අලුතින් ඇන්ටනාවක් අරගෙන බැලුවත් මොකෝ.. :D
ReplyDeleteඔව් බං අදහස් වෙනස් කරන්න මාධ්‍යයට පුළුවන් කියන එක විස්වාස නොකරපු මටම ඒක උනානේ බං
Deleteඔය රෙදි නාලිකා දෙක මලාට බලන්නේ නැහැ
ReplyDeleteමේ තව දේශදෝහියෙක්.. රපෝරතු කරනවා මේ දැන්ම
Deleteහික්... මාත් ඊයේ බැලුවා එකපාර මේකාගේ අදහස් වලට මක්ක වුනාද කියලා... ඒ නිසා මුකුත් කියන්න ගියේ නෑ. කියෝලා ඔහේ අවා දැක්කේ නෑ වගේ.... බලන් ගියාම මේකනේ බොලේ වෙලා තියෙන්නේ. ඔච්චර අමාරුවෙන් බැලුවේ මොකටද බොල... නොබලා ඉන්න තිබ්බනේ TV.....
ReplyDeleteනොබල ඉන්න බෑ
Deleteදානවනේ
මගේ කොලු පැටව්
වහල ඉන්න බෑ
මුං දානවනේ
හෙන සද්දෙන්
එහෙනං මේ වයර් මාරුවෙලා වෙච්ච දෙයක් ඈ.....
ReplyDeleteහෙහ්.. හෙහ්.. අමතර වයර් එකක් වැඩ කරන්න අරන්
Deleteමම වගේ ඔය කෙහෙල්මල් නොබලා ඉඳින් දේශෝ..එතකොට බොට මේ වගේ " ලෙඩ " හැදෙන්නෙ නෑ...හි හී
ReplyDeleteහැක්... අන්න බලාහං සමනලීට දීපු උත්තරේ..
Deleteආ මචං මේ තුවා කැල්ල ඇඳගනින්...
ReplyDeleteහේ හේ.. මක්කැයි කිව්වේ...
Delete
Deleteඔක්කොම එළියෙලු ..D
හපොයි මක්කැයි උනේ බං...!!
ReplyDeleteහික් හික්.. උඹ හිතාගන්කෝ...
Deleteමං දේශපාලන එවුවට ලිවිල්ල නතර කලා. මං හිතන්නෙ ඊට වැඩිය හොඳයි මම මටම කියාගන්නවා කන්නඩියක් ලඟට ගිහිල්ලා කියලා. මේකෙ දේශපාලනේ ලිවිල්ලත් ඊට දෙවෙනි නෑ. එවුව දකින්නඕනෙ එවුන් බ්ලොග් කියවන්නෙ නෑනෙ.. ඉතිං මොකට දුක් විඳිනවද ?
ReplyDeleteඑහෙම නෙමෙයි අප්පා, අපිත් දේශපාලනේ ගැන ප්‍රහසනයක් වත් කරාම බලල යන්ට. ඕවා ඇගටම බද්ද වෙච්චි දේවල් නෙව. කොයි තරං එපා උනත් ඇගටම ඇලිච්චි අයින් කරන්න බැරි මැක්කෙක් වගේ තමා.. මාත් බරපතල දේශපාලනය කතා නොකරමි...
Deleteක්ෂමා වේවා! පමා වූවාට.
ReplyDeleteකලින් පෝස්ටුව කියවීමෙන් මා ලද ආශ්වාදය, වචන සොච්චමකට පිඬු කොට දැක්වීම ඔබේ මහර්ඝ සිංහල භාෂා දැනුමට කරන නිගරුවෙකියි සිතුනු බැවින් ගෙදර සුනඛයාට ගෙනා නමුත් කුටුම්ඹයේ සාමය අරභයා බොහෝ විට මට ස්වේච්ඡාවෙන් පැලඳගන්නට සිදුවන මුඛවාඩම ලා ගෙන සිටියෙම් නමුත් ඔබ මතුකල කාරණා දිය යට සැන්ගූ රබර බෝලයක් සේ දිය මතුපිටට පැමිනීම කෙසේ වලකම්ද?
මට හිතෙන්නේ මේකා මගේ ලොවෙත් නැති ලියවිල්ල කියවල මේකෙන් වත් ගොඩ දාන්න බැරි තරම්ම ගුලිය කාලා වගේ...
Deleteනෑ;
Deleteරවුම් ගුලි කෑවේත් නැත, හතරැස් පච ඇසුවෙත් නැත.
දැන ගත්ත එක්ක හොඳයි, දේශක ගුලි අඹරන කෙනෙක් කියල,
just kidding,
ඔබගේ අත් දැකීම් හා රචනා ශෛලිය මගින් සිංහල බ්ලොග් ලොවට ඔබගේ මුද්‍රාව තබා ඇත.
මට ඔලුවට ගහපන්කෝ!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හැක්.. උඹේ මොලෙත් කොලොප්පන් උනාද, ඒ රජා. මට දැං මතක් උනේ.. උඹේ අර සිරියහන් ගබඩවේ සීමැදුරු කවුලු තියෙන්නේ සෑට චූ දාන්නද
Deleteඕක හදාගත්තැයි කියල උඹ ශ්‍රීමතාණන්ට ද්‍රෝහි වෙනව එහෙම නෙවෙයි ඕං
ReplyDeleteඅනේ නෑ අයියා. හීනෙන්වත් මගේ මනාපයක් නෑ එහෙම වෙන්ට... අපි කවදත් ශ්‍රීමතා හා බැදි අය නෙව...
Deleteආ ඒකයි මේ එහෙනම් :D
ReplyDeleteහෙහ් හෙහ් ඒම තමා.. ඒම තමා
Deleteහපෝ දැං නම් ටීවී බැලෙන්නෙම නෑ.. ඔය කියපු චැනල් දෙක කරන්නේ ඉතිං හැමදාම කඩේ යන එකනේ.. වයර් මාරු නොවී තියේයෑ..
ReplyDeleteසී සී කැතයි කැතයි සත්‍යය සොයා ගමන් කරන මාධ්‍ය වලට මේ ළමයි කියන කතා...
Deleteහික්ස්.. බොටත් වෙන වැඩ..
ReplyDeleteහෙහ්.... රාජකීය වැඩ බං
Deleteමට නම් තේරුනෙත් නෑ අප්පා...:(
ReplyDeleteසිරාවටමද?? එහෙනං මේකත් හොන්ඩාජුලෝලා එකක් ද කොහේද
Deleteඕකට තමයි බන් අර විචාර බුද්ධියද මොකක්ද කියලා මෙව්වා එකක් තියෙන්නෙ.. ඒක පාවිච්චි කරපන්...අර සහන් කියලා තියනවා වගේ "ගෙඩිය පිටින් ගිලින්න එපා.."
ReplyDeleteහිකිස්. සෙන්නෝ.. සහන්කාරයා මටද දන්නෑ ගැහුවේ ඒකෙන් නේද බං.. දෙන්න ඕන ඕකට හොද වසී බෝලයක්...
Deleteහෝව් හෝවි අමතක උනා.. විචාර බුද්ධිය එහෙම එකක් නෑ බං 77 ඉදලම.. ජාන වලින් අයින් කොරලා
Deleteහෙහ් උබ ඔන්න ඔහෙ නයි ටී එන් බල බලා ඉදපං :D
ReplyDeleteඔව් උඹ කියනකං හිටියේ
Deleteමං නම් ටීවී බලන්නෙ ම නෑ... ඊට වඩා හොඳයි බ්ලොගක් බලාගෙන ඉන්නවා
ReplyDeleteසිරාවට... හැක්.. හැක්..
Deleteහැබැයි, අපිට ජෝක් වුනාට, ඔය චැනල් දෙක විතරක් බලලා අපිට පොර ටෝක් දෙන එවුනුත් ඉන්නවා බන්ස්... ඒකට තමයි සිරාවට ඇඬෙන්නෙ.
ReplyDeleteඅනිවා. ඒ යක්කුන්ට ඊට එහා දෙයක් නෑනේ.. වෙල්කම් වේව්වා ඩ්‍රැකි...
Delete