මායා (1)
මායා, කව්ද ඔබට ඒ නම තිබ්බේ...
මගේ ප්‍රේමයේ පබළු වැල් ගෙන
පළදවන්නට හැදුව මොහොතක
මායා දෑසින් මදෙස බලා
ප්‍රේමාග්නියෙන් මා දල්වා
රතැගිලි තුඩගින් ගැටය ලිහා
බිමට දැමූවයි පබළු ලිහා
***************************************************
ඔයත් මායා (2)
සිත පතුලේ කිමිදේ සිතුවිලි බෝමා
නෙත මතුයේ රග දැක්වේ ඒ සෝබා
සිත පැටලේ නැති අරුමේ සේ මායා
මට දැනුනේ මා තුල මා තනි වූ සේයා
අයියෝ මෙයත් මායා (3)
සොදුරු හැගුමන්
නුඹ තුල වූ
මුසු කල බව දනිමි
මා හට.....????
නැත ඔවුන්ටත්....???
නුදුටුවෙමි එහි වෙනස
දෑස මායාවෙන් වෙලී
දුටුවෙමි
මට පමණක් ලෙස
ඔබේ හැගුමන්
මායා පටල ඉවත ට හැර
බැලුවෙමි
නුඹ, මටද.......
නැතහොත් වෙන අයෙකුටද...????
පානා සොදුරු හැගුමන්
නුදුටුවෙමි
දෑස මායාවෙන් වෙලී
දේශකයා කයි ලියන්නත් දන්නවනෙ බොලේ...හොදා හොදා...අපේ හන්දියෙ බත් කඩේ කරන්නෙ නම් මායා ඇන්ටිගෙ දුව...
ReplyDeleteදන්නේ සුට්ටයි පෙන්නන්නේ ගොඩායි.. හෙහ්... මායා බත්ද උඹ කන්නේ එතකොට
Deleteමොනවද යකෝ මේ කියවන්නේ... තේරෙන්න කියහංකෝ... බ්ලොග් රෝලේ තියන බ්ලොග් ගානෙ හැටියට එක පෝස්ට් එකට දෙන්න පුළුවන් විනාඩි 2යි.
ReplyDeleteඅන්න හරි නේ.. තොට විනාඩි දෙකක් වත් කියවන්න කාලේ නොගන්න තමා මේ වගේ එකක් දැම්මේ.. වැදපං මට එහෙම ඒවා දානවට...
Deleteදෑස් පිසදා හැරී බැලුවෙමි
ReplyDeleteනැත මායාවල් කිසිදු
මා පසුපසින් උන් හැන්ඩි කොල්ලාටය
ඇය බැලුම් හෙලා ඇත්තේ
අයියෝ..මං...
සොරි තමා සරෝ.. මං දිහා බලල තියෙන්නේ.. හැක්..
Deleteපට්ටයි ඕං ඈ.....
ReplyDeleteඅනේ පල යන්න... මම මේ ජෝක් එකට දාපු එකක්
Deleteනියම මායාවක් ඈ..
ReplyDeleteමායාවි පුසෝ...
Deleteඅඩේ දේශාට අද උදේ බස් එකේදී සැට් වෙච්ච කෑල්ලගේ නම මායද කොහේ. මොකද මේ ට්‍රැක් එක පැනල කවි ලියන්නේ.
ReplyDeleteඅඩේ එක ට්‍රැක් එකක ලිව්වම මේකා කියනවා ට්‍රැක් පැනලලු.. බස් මායා නෙමෙයි බං ගෑනු මායා
Delete
ReplyDeleteඅයියෝ මේවා මීට කලින් අහන්න තිබ්බ කවි බන්..
උබල වගේ උන් හිටියේ නැනේ ඒ කාලේ..
අපිව අහු උනා යකෝ මායාවට...
උඹලට ඒක නේ කියන්නේ තව අවුරුදු හත අටක් පරක්කු වෙලා ඉපදෙන්න තිබ්බයි කියලා...
Deleteකිමද මේ අරුමේ? මට නොහැගේ ..
ReplyDeleteඑතනත් මායාවක්ද? ;)
මටද නොහැගේ.. ඉතිං බොට එහෙම උනාම මක්කැ වෙනවැයි.. හෙහ්
Deleteමායාවක තරම..! පට්ට කයිය දේශකයෝ..
ReplyDeleteමායා චන්දන
Deleteඅහෝ මායා ....!?!
ReplyDeleteඅනේ ඔයා මායාද??,
Deleteදේශකයාගේ අලුත් කෑල්ල මායාද?.
ReplyDeleteකට වහගෙන හිටු පොඩි එකා විදියට.. හෙහ්
Deleteමේ මොන මායාවක්ද මන්දා...බලන් යද්දී උඹ හරි කවිකාරයනෙ දේශෝ..
ReplyDeleteඋඹල තමා මේ මායාවන් අපිට ඉගැන්නුවේ. අයියෝ අපරාදේ උඹ බැන්දද බං... හිකි හිකි...
Deleteඅහෝ ඛේදයකි දුකකි ඉරකි තිතකි...
ReplyDeleteසිරාවට කියන්න දෙයක් නෑ බොල.......
Deleteකයි තුනම කියෙව්වා ඕන්. දෙකක් නවාගෙනම ආයේ එඥන් රස විඳින්න.
ReplyDeleteහා හා නම නමා ඉදපං. අපේ පොඩි එකත් එහෙම තමා හාමුදුරුවන්ට කියන්නේ නමා නමා කියල...
Deleteබැනලා ගියාට කවි දැකලා අහක බලං ඉන්න බැරි කොමට ආයේ ආවා... හ්ම්ම් සුට්ටක් තේරුණා වගේ... ප්‍රේමයේ මායාව තුන් අයුරකින්. ඔය අන්තිමා මායා ලඟට යන එක සවුක්කියට අහිතකරයි... තේරිලා නැත්තං හූවක් කියපං..
ReplyDeleteඔව් ඔව් ඒක සෞක්කියට හිත කර නොවේ තමා. තෝ බැන්නයි කියල මම තරහ වෙනවයි බං. නිකං ලාමක කතා කියන්න එපා... මෝඩ පැටියා..
Deleteඔය කියන මායාවට අහු වුනොත් නම් තොලොංචි වෙන්න තමයි වෙන්නෙ...
ReplyDeleteඅනේද කියන්නේ අපිට පානුත් නැත්තේ ඒකනෙව... නදිනියෝ..
Delete"මායාවකි ප්‍රේමය මා හදවත රිදවුයේ............
ReplyDeleteසෝ ගීයකි දුක් බර වූ සැනසුම කොයි වේ දෝ..........."
ඕව ඔහොම තමයි බං...කවිය ගින්දර........
රස්තේ පාරක් ගහමුද
ටැන්කුයි රස්තෝ.. ඕනන දැන්නං ලිංකටුව වැඩ කොරනවා...
Delete
ReplyDeleteඅයියෝ මේවා මීට කලින් අහන්න තිබ්බ කවි බන්..
උබල වගේ උන් හිටියේ නැනේ ඒ කාලේ..
අපිව අහු උනා යකෝ මායාවට...
( ayeth damma nisa maath ayeth dama..)
කිව්වයි කියල හිතාගං
Deleteඑතකොට ඔක්කොම මායා ඈ...
ReplyDeleteයා යා ඕල් මායා
Deleteමායාවකට හසු වී ඇත දේශකයා
ReplyDeleteමායාවක් වගේ මු ලියනා සේයා
මයා කියා හැම තිස්සෙම කෑ දේයා
මයා නොපා උඹ හිටහන් දේශකයා
අනේ අපොයි මේ අලියා ආපු තැන
Deleteකවි ලීවොත් පහරයි ඒ කවි බසට
කවි ලියනා කල අලියා සුදසු ලෙස
මටම ඇඩෙයි මා ලිව්වේ නැත එලෙස..
තැන්කුයි අලියෝ = අයිලාෂෝ..
අනේ මම නං දන්නෙ නෑ බං! ඉස්සර සිරසෙ ගියා විදර්ශනා කියල නාට්ටිටක්.(තාම තියනවද දන්නෙ නෑ). ඒකෙ ප්‍රචාරක වැඩසටහනේ කියන්නෙ
ReplyDelete"විදර්ශනා.... මායාව නිරුවත් කර..." කියල. අපේ එකෙක් කියනව "මචං අන්න බලනව නං ප්‍රෝගෑම් එක" කියල. ඌ හිතල තියෙන්නෙ මායා කෙල්ල නිරුවත් කරල කියල. හෙහ් හෙහ්...
ඔව් ඔව් මටත් මතකයි ඒක නිකං ඇදල පැදල කියන්නේ. මා....යා... ව.... බය.් හිතෙනවා.. හෙහ්...
Deleteමායා දේශයක ඉන්නකොට මායා මැවෙන එක අරුමයක් ද....?
ReplyDeleteඔයාට විතරයි මේ මායා තේරෙන්නේ...
Deleteදේශකයා ඇණ ගනී
ReplyDeleteඅපි ඉස්සර කිව්වෙ මේ සංසිද්ධියට ඇණ ගැනීම කියායි
මායා ඇගේ නියම නම නොවුවත් ඇත්තටම එය මායාවක් උනේ දේශකයාගේ ( නැත්නම් මොහු රඟපාන චරිතය ) දූපත්, දුප්පත් මානසිකත්වය නිසයි.
කෙල්ලෙක් බැලුවොත් අපි හිතන්නෙ වැඩේ හරි;
මේකිට හරි විසේ කියල.
ඔබට වැරදිලා.
ස්ත්‍රීත්වය ගැන ඉගෙන ගන්න අවශ්‍යයි,
ඒ අය අපට ප්‍රෙහෙලිකාවක් සපයනවා, දිනපතා,
පිරිමින් එය විසඳන්න ස්ත්‍රීන් අවශ්‍යයි.
ස්ත්‍රීන් මෙච්චර ලස්සන ඒකයි.
පව් දේශකයා!
ඇය විසඳන්න බැරි ප්‍රෙහෙලිකාවක්.
මායා කියන වදන හොඳට ගැලපෙනවා.
ඇයි මිරිඟුව?
එය වඩා හොඳ නැද්ද?
ඇණ ගනී හිටු තොට මම... බක බක...
Deletecorrection
ReplyDelete9th line
'පිරිමින් එය විසඳන්න අවශ්‍යයි.'
යනුවෙන් නිවැරදි විය යුතුයි
ආන්න ඒකනේ මට තද උනේ.. වැරදියට ලියලා...
Deleteදේශකයානන් අපට මායාවක් දී මාරුවන්න මාන බලන හැඩයි.. කොහෙ ගියත් හනික වරෙං. උඹේ දේශනා අහන්න අපි ආසයි.
ReplyDeleteදැං ඉතිං සන්තෑසිය දන්නවනේ.. වැඩේ කෙලවිය. මට යා යුතු තැන යාමට නොහැකි විය...
Deleteමොන මගුලක් කියනවද මන්දා මූ?
ReplyDeleteමම බීලත් නෙවෙයි ඉන්නෙ.
උඹත් ඔච්චර බොන්ඩ එපා බං.
මම බීල ඉන්නනං උඹලට ඉතිං කනේ ඇගිලි හතරක් විතර ගහගන්න වෙනවා ඩුඩේ.. හෙහ්..
Deleteමායා වෙලා ගියා.
ReplyDeleteමෙලෝදෙයක් තේරෙන්නෑ බං...හිටපන් දෙකක් දාන් ඇවිත් බලන්න.
උඹ ට මේ ටිකේ අවුලක් තියෙනවා වගේ... හෙහ්.. දෙකක් දාගනිං ඔළුවට...හිමීට කියන්නේ මටත් මෙලෝ දෙයක් තේරෙන්නෑ තමා බං...
Deleteමායා මායාවකි.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
මායා මායා මායාවකි මායා..
Deleteකවි ටික ලියල කොහෙද තෝ යන්ඩ හදන්නෙ,මායා පස්සෙන්ද.යන මගුලක ගිහිං ඉක්මනට වරෙන්.
ReplyDeleteචැක් විතරක්.. මේකා ගොඩ බාපු ගමන් වැඩේ අන්දොස් උනා.. මදැ කොලා...
Deleteමොකක්ද මේ මායා තවත් මායාවක්ද?
ReplyDeleteසුටි මායා කතා තුනකි..
Deleteඔය මයං හැ හතරෙන් කී වෙනි මායාවද ඇ
ReplyDeleteඒකට අපි අහු වෙලා බොල ඉන්නේ ආයිත් නෝ බේරිලි..
Deleteමායාව මායාව අප රවටනා :3
ReplyDeleteඇයි උඹව රවටන්නේ අර අන්තිමට දාපු 3 ද?? හැක්..
Deleteදේශකයෝ...........................
ReplyDeleteආ අකමෝ...... මං ආවා ගොහිං...
Deleteමයා පොඩි කාලේ හොල්මන් කතාවකත් හිටියා මායා කියල. අම්බෝ.. බයයි.
ReplyDeleteහෙහ්. මටත් හෙන බයයි බං මායා කිව්වම. මොන ජිල්මාට් එකක්ද මන්ද
Deleteඒ මට ඩෝප් ද?
ReplyDeleteඅඩේ සැන්ඩරේ වැඩ ඇල්ලුවැයි..
Delete