“බලපංකෝ බං මේ වේස හිගන්නොගේ තියෙන කොලිටි, යකෝ අපිවත් එහෙම හොයන්නෑ නිකං දුන්නොත් ගිලල දානව මිසක්. හ්ම් කාපල්ලා ඔය බනිස් දෙක“
කාන්ති අක්කා එහෙම කියාගෙනම උදේ පාන්දර ඔපීසියේ දොරෙන් හති හලාගෙන එන ගමන්, එයාගේ මේසේ ගාව පුටු ඇන්දෙ කොනකට අත් බෑග් එකේ පටි දෙකෙන් තොන්ඩුව දාන්න කලින්ම, අනිත් අතේ තිබ්බ ටියුලිප් බෑග් එකෙන් උඩම තිබ්බ සිලි බෑගයේ තිබුන බනිස් දෙක මට දෙන ගමන්ම තරහෙන් කිව්වා.
සාමාන්‍යෙයන් ඕනම විහිළුවක් තහළුවක් කර ගෙන ඉන්න පුළුවන් වෙච්චි කාන්ති අක්කා, කාලෙකින් ඒ කියන්නේ මට මතක ඇති දවසක මෙහෙම මූන රතු කරගෙන, නහයෙන් අඩාගෙන ඇවිල්ල නෑ.. තරහ නොයනවත් නෙමෙයි. ඒත් උදේ පාන්දර නං හරියට දවස් තුන හතරක් පරණ සූරියකාන්ත මලක් වගේ හැමෝටම සිරික්කියත් එක්ක, ගුඩ් මෝනිං බෙද බෙද තමා එන්නේ.. අඩේ මේ සුරියකාන්ත මල පරණයි කිව්වේ මේ අපේ කාන්ති අක්කට දැං පැන්සොං යන්න වයස හරියාගෙන එන හින්දා..
“මොකෑ අක්කේ උනේ, හිගන්නෙක් අද ආදරෙයි කියලවත් කිව්වැයි“
“අනේ පල බං යන්න... අපි මෝඩයෝ බං බැලුවම“
“හා හා මොකද්ද උනේ කියන්නකෝ වද නොදී“ ඔපීසියේ ලපයි සිපයි ඔක්කොම එයාගේ මූනට එබිල එහෙම කියන කොට, ඔපීසියේ කොච්චර ඉඩ තිබ්බත්, පිටින් ආපු එකෙක් හෙම හිටියනං හිතනවා, ඔපීසියේ උං ඔක්කෝම වැඩ කොරන්නේ එක මේසෙකය කියලා.
“හිටහං වතුර ඩිංගක් බොන්න ඕන.. පාල මල්ලියෝ මට වතුර එකක් ගෙනෙං පැටියෝ“
එහෙම කියාගෙනම කාන්ති අක්කා එයාගේ පුටුවටම කියාපු පස්ස ආයි නෝ හෙලුලුම් වෙන්නම පුටුවට තියල, ආසාවෙන් හිටපු පුටු ඇන්දට හේත්තු උනා.
ගුඩුස් ගුඩුස් ගාල වතුර වීදුරුවෙන් බාගයක් විතර ගිලල දාල, දකුණු අතේ පිට පැත්තෙන් කට පිහිදල, ඒ මදිවටද මන්ද, ලේන්සුවෙනුත් කටට වයිපර් සැලකිල්ලකුත් දාගෙන, ඔන්න දැං හීන් හිනාවක් එක්ක කතාවට බහින්නයි ලෑස්තිය. අපි ඉතිං කටවල් උල් කරගෙන, පස්සවල් උස්සගෙන, සමහර ලපයි නං ඒගොල්ලන්ගේ හැට්ටේ බර අඩු කර ගන්න මේසෙ උඩින් ඒවා පතබාවගෙන ලෑස්තියි..කාන්ති අක්කා නොහොත් අපේ ආදරය දිනු වයලට් මිස්ගේ උදේ පාන්දර උනුසුම් පුවත් ටික දැන ගන්න.
උඹල දන්නවනේ මම උදේට ස්ටැන්ඩ් එකට ඇවිල්ල බස් එකට නගින්නේ නෑනේ.. පයින්ම ඇවිල්ල අර මාලක්කු පාලම ගාව කඩේ වීදියට හැරෙන පාලං ගැට්ට ගාවට වෙලා ඉන්නේ ජයම්පතියගේ ත්‍රීවිල් එක එනකං. කොහොමත් දෙතුන් දෙනෙක් ඌ එන වෙලාවට එතන ඉන්නවමයි. අපරදේ කියන්නේ ඌ සල්ලි ගන්නෙත් නෑ.. කොහොමත් ඌට මගෙන් සල්ලි ගන්න බෑ. ඇයි අපේ මහත්තයා ඌට ලෝන් එක පාස් කරල දෙන්න කොච්චර මහන්සි උනාද? ඉතිං මම පාලමේ ගැට්ට ගාවට ඇවිල්ල ඉන්න කොට, අද පාලමේ ගැට්ටෙම කඩේ වීදිය පැත්තට වෙන්න තියෙන පොඩි කොන්ක්‍රීට් කෑල්ලේ හිගන්නෙක් නිදා ගෙන හිටියා. සරමෙන් විතරක් ඇග පොරවගෙන, මිනිහගේ මල්ලම ඔළුවට තියාගෙන නිදාගෙන ඉන්න මේ වයසක මනුස්සය දැක්කම මට හිතුනේ බං අපිත් කවදා හරි බැරි වෙලාවත් මේ වගේ තත්වෙකට ආවොත්, වැස්සට තෙමි තෙමි, පින්නට වැදි වැදි අර වගේ අනාථයෙක් වගේ හීතලේ වෙව්ල වෙව්ල මහ රැයක්ම අර කොන්ක්‍රීට් එකක් උඩ නිදා ගන්න එක කොයි තරං දුකක් ද කියලයි.
එහෙම හිත හිත ඉන්න කොට, චන්දනයා බං. අර පයිප්පයගේ බ්රාන්ච් එකේ ඉන්නේ, ඌත් ආවා ජයම්පතියත් එක්ක යන්න බලාගෙන. මම ඌටත් පෙන්නුවා අර වයසක හිගන මනුස්සයා අසරණ විදියට ඉන්න හැටි. කියන්න දෙයක් නෑ බං කකුල් දෙකේම තනි කර දැලි බඩ. කොන්ඩෙත් මං හිතන්නේ අවුරුද්දකින් වත් අල්ලල නෑ.. ඌ පෙරවගෙන ඇදං හිටිය සරමත් ඒ වගේම තමා, වෙලාවට පොඩි පොඩි හිල් විතරයි තිබුනේ. වයසත් එක්ක බැලුවමනං, ඕන්නං අවුරුදු හැට පහක් විතර ඇති.
මම කතා කරේ,.... ඇත්තනේ බං, සමහර විට මේ මනුස්සයටත් අපිට වගේ දරු මල්ලෝ ඇති, ඒ ළමයි හොද තැන් වල වැඩ කරගෙන හොදට ජීවත් වෙනවත් ඇති. ඒත් බලාපං කෝ පාපේ කියන්නේ... පව් අසරණයා අර විදියට පාලං ගැට්ටක මුළු රැයක්ම නිදාගන්නවනේ. අපිටත් කවද හරි ඔය වගේ දෙයක් උනොත් එහෙම මොන තරං දුකක් විදින්න වෙනවද බං..
ඒත් මං හිතාගත්තා මම ගෙනාපු බත් දෙකෙන් දවල් බත් එක මේ මනුස්සයට දෙන්න ඕන කියලා. එතකොටම තමා මතක් උනේ, මම මස් මාළු කන්නේ නැති හින්දා මේ මනුස්සයා බත් එක ගත්තම මාළු මුකුත් නෑ කියල දැක්කම, මොනව හරි හිතුනොත්... පව් අසරණයා කියල මම ඒ අදහස හිතින් අයින් කරගෙන හිටියා. හැබැයි මම හිතාගත්ත බං හෙට උදේට එන කොට හොද ලොකු බත් එකක් හදාගෙන එන්න, ඒකට චිකන් ටිකකුයි මාළු ටිකකුයි දාගෙන ආවම මනුස්ස්යා සතුටෙන් කෑම එක කාවි නේ කියල හිතාගෙන. ඒත් බං මට අර මනුස්සයා නිදාගෙන ඉන්න විදිය දැක්කම හෙන දූකායි. මම චන්දනයත් එක්ක මේ මනුස්සයා ගැන කතා කරන එක ඌට ඇහෙන්නත් ඇති කියල හිතල, කීප වතාවක්ම බැලුවත්.. නෑ බං හොද එකෙන් මිනිහා නිදි.
මගේ හිතට ඒත් හරි නෑ බං.. මේකට මුකුත්ම දෙන්න විදියක් නෑනේ කියලා.. ඔන්න එතකොට තමා මට මතක් උනේ බං,...අපේ මහත්තයා ඊයේ පුතාට කන්නෙයි කියලා බනිස් එකකුයි, ජෑම් පාස් එකකුයි ගෙනැල්ල තිබුනා.. අපේ ඒවා අපි කෑවට කොල්ලා මේවා කන්නේ නෑ. කොල්ලා එනකොටත් රෑ වෙනවා නේ. ඒක නිසා මිනිහා බත් ම කනවා. ඔන්න උදේ එන කොට ඔය බනිස් දෙක මතක් වෙලා, මම උඹලට ගිලින්න දෙන්න පුළුවන් හින්දා ඒ දෙක කෑම බෑග් එකේ දාගෙන ආවා.
මම ඒක අරගෙන අර මනුස්සයා ළගට ගියා..
“සීයේ නිදිද??? බනිස් දෙකක් තියෙනවා දෙන්නද??“
“හ්ම්... මොනවද බනිස් කිව්වේ“
මට ඒ වෙලාවෙ බං, ඔය ජෑම් පාස් කියන එක කොච්චර කරත් මතක් උනේ නැති හින්දා කල්පනා කරල බැරිම තැන කිව්වා,
“නෑ සීයේ බනිස් දෙකක්“ කියලා
“බනිස් දෙකක්,... ක්‍රීම් බනිස්ද...... ඩබල් බනිස්ද..... පැකට් කරලද“
“නෑ සියේ බෑග් එකක දාල තියෙනනේ නිකං බනිස්“
මම මෙහෙම මේකත් එක්ක කතා කරාට ඒකා මේ වෙන කං ඇස් දෙක වහගෙනම තමයි කතා කරේ. එතකොට මට හිතුනා මූ අපි කතා කරපු ඒවත් අහගෙන ඉන්න ඇතෙයි කියලා. එහෙම හිතන කොටම මූ මට ඇස් දෙක වහගෙනම අත දික්කරාම මම බනිස් බෑග් එක දුන්නා.. මිනිහා හෙමින් ඇගිලි වලින් බනිස් බෑග් එක මිරිකල, බලල මට කියනවා බං..
“හ්ම් හ්ම්... අරගෙන යන්න... අරගෙන යන්න“
මට ඒ වෙලාවේම මූට ඔය බනිස් දෙකෙන් ඔළුවට දමල ගහන්න හිතුනා. ඒත් ඌට නෙමෙයි බනිස් දෙක අපරාදේ හින්දා, මම ආයේ හිත හදාගෙන ආවේ කොහොම උනත් උඹල කනවනේ කියල හිතාගෙන. ආයේ නං බං මම එක හිගන්නෙකුටවත් සත පහක් දෙන්නේ නෑ.. බලපං උංගේ තියෙන කොලිටි.. උං කන්නේ පැකට් කරපු ක්‍රීම් බනිස් හරි ඩබල් බනිස් හරි විතරයි මං හිතන්නේ. බලාගෙන ගියාම බං අපි නේ හිගන්නො. ඔය අහුවෙන ඕන එකක් කනවා.
කස්ටියටම හෙන හිනා.. ඒත් ඉතිං වැඩෙත් සිරියස් තමා... හෙහ්..
කටකාර දේශකයා පැනපු ගමන් කාන්ති අක්කට කිව්වා.
“ඔව් මං හිතන්නේ ඌ පැකට් කඩපු බනිස් කන්නේ නැතිව ඇති“
එතකොට සමින්දයා කියනවා
“නෑ බං ඌ කිඹුල් බනිස්, ලොකු රෝල්ස් විතරක් කන එකෙක් වෙනනැති“
ඒක අහං හිටපු පියුමියා
“නෑ බලපං ඌට බනිස් අල්ලල බලල කොලිටි කියන්න පුළුවන්.. හොද බනිස් කාපු එකෙක් වෙන්න ඇති“
හැක හැක... උදේ ආපු හිනාව පස්සේ දොරෙන් රැව් පිළිරැව් දිදි පලා ගියේ ලොකු තැන එනවයි කියල පෙන්නන සිග්නල් එක, ඒ කියන්නේ ලොක්කගේ කියුබිකල් එකේ ලයිට්, ඒසී පත්තු කරන්න පාලයා ස්විච් බෝඩ් එක දිගේ බඩ ගාන කොට තමා...
හැක හැක... මේක නියම කතාවක්නේ?
ReplyDeleteඇත්ත කතාවක් බං...
Deleteකොහොමත් හිඟන්නන්ගේ ඉන් කම් එකත් අපට වඩා වැඩියි. කන බොන ඊවත් අපට වඩා කොලිටි. අපි තමයි බන් හිඟන්නෝ. මම නම් හිඟන්නන්ට සතයක් දෙන්නේ නෑ. ඉන්කම් ටැක්ස් ගෙවන්නෙ නැති නිසා. අනික හිඟන මුදලාලිලා ගැන මම හොඳටම දන්න නිසා.
ReplyDeleteඌ හිඟන්නෙක් නොවේ ඌට වඩා තොපිට පිස්සුයෑ
Deleteදෙන දේ කනවා කියායි හිඟන්නන් අර්ථ දැක්වුනේ යෑ
මගේ වල් හිත නැවතුනේ අර මේසය උඩයෑ
අනේ මං පිං කළ ඒ මේසෙ උනානං කියා හිතුනයෑ
මාත් ඒවාට තිබෙනුයේ පුදුම මනාපයක්ය. අම්මා නම් කියන්නේ මල්ලිගේ ඒවාත් එක්කම බීපූ නිසා කියලාය..
Delete@ මාතලං
Deleteඅපි හිගන්නෝ බං, උං සාමාන්‍යායන් දවසට තුන් හාර දාහ තමා හොයන්නේ. ඇත්ත ගාන ඊට වැඩි. පොලී කාරයෝ, බැංකු පොත් වල ලස්ස ගනන් තියෙන උන් හෙනට ඉන්නේ
@ දයාල් බතී
Deleteඔව් බං, මේකනේ ඉල්ලං කාපු එකක් නේ.. අපිත් ඉතිං අර මේසෙ වෙන්න කැමතියි,... මොනා කරන්නද අපි සුටි කොල්ලො නෙව.. හෙක්...
@ මාතලං
Deleteඔව් ඔව් උඹේ ඇග පුරාම දුවනව වගේ මොනවද එක...
නන්දසෙන රත්නපාල මහැදුරු තුමා මොන තරම් කට්ටක් කන්න ඇත් ද මේ මිනිස්සු ගැන හොයන්න. ඒකත් පුදුම ම ලෝකයක්.
ReplyDeleteමටත් මතක් උනේ හිඟන්නා පොත.
Delete@ මහ වෙදනා
Deleteඇත්ත තමා ඒක අමුතුම ලෝකයක්.. එදා මෙදා තුර කරපු හොදම සමාජ විද්‍යාත්මක පර්යේෂණ්‍ය තමා ඒක. මට මතක් වෙන්නේම ඇදුරු තුමා හිගා කන වෙලාවේ එතුමගේ අම්මා බලන් හිටපු විදිය කියන කොටස...
@ තරුවා
Deleteඑහෙම තමා බං වෙන්න ඕන
හිගන්නා රිජෙක්ට් කරපු බනිස්ට මොකද උනේ??? :D
ReplyDeleteකෑලි කඩා සියල්ලෝ රස විදින ලදි..
Deleteඅපි ගැනම දුක හිතෙනවා මේව ඇහුවාම . මෙහෙම වැඩ කරන අය නිසා ඇත්තටම අසරණ වෙලා හිඟමනට වැටුන අයට වෙන්නෙ අසාධාරණයක් . කාන්ති අක්කානම් ආයෙ කවදාවත් ඉතින් හිඟන්නෙක්ට සත පහක් දෙන එකක් නෑ .
ReplyDeleteඔව් ගිම්හානි, එයා නං ආයේ සතයක් දෙන එකක් නෑ.. මොනා කරන්නද ඕක තමා හැටි...
Deleteශූර් එකටම ඌ වෙන මොනවා හරි බනිස් ජාතියක් බලාපොරොත්තු වෙන්න ඇති... :)
ReplyDeleteබලහල්ලකො උගෙ සයිස් එක.. " හ්ම් හ්ම් අරගෙන යන්න.. අරගෙන යන්න " ඔය වෙලාවට තමයි මටත් හිගන්නෙක් වෙන්න හිතෙන්නෙ...
හෙහ්. සෙන්නෝ.. ඌට බනිස් කන්න නං බෑ බං.. මමත් දැකල තියෙනවා.. උගේ ගෙම්බර එක එපැයැ බලන්න..
Deleteමේක හරියන්නේ රස කතා එකට බං.. උඹේ මොලේ කචල් වෙලා ද මේ ටිකේ... හි හි
ReplyDeleteඋඹලත් එක්ක ආශ්‍රය කරාම මොලේ කචල් වෙන එක පුදුමයක් ද යකෝ...
Deleteඅතපය හතර හොඳට තියෙන එකෙකුටනං මාත් සතයක්වත් දෙන්නෙ නෑ.
ReplyDelete'මම ආයේ හිත හදාගෙන ආවේ කොහොම උනත් උඹල කනවනේ කියල හිතාගෙන'
ඉතිං බොලා ඒ බනිස් කෑවයි.
අපි කෑවෝ ප්‍රාසෝ.. අපිට ඉතිං කොලිටි නෑනේ.. ඔන්න ඔහේ ඕන දෙයක් කනවා. නැත්නං ගෙදරදි විසි කරන ඒවා නෙව ඔය... හැක්...
Deleteඅඩේ දේශකයා අර හිගන්න ඔබල බලපු බනිස් දෙක අරය ඔයාලට කන්න කියල දුන්නා නේද බං. කතාවේ හැටියට නං එයා පොඩි නයෙකුත් වගේ නේද?
ReplyDeleteඅපි කෑවා බං ආයේ මොනවද/// හෙන රහයි..
Deleteඑයා ගාව තඩි නයෙක් ඉන්නවා බං.. හැම වෙලේම දගලන්නැති...
දැන් තෙරුනයි හිගන්නෝ කව්ද කියලා.........හිගන්නෝ ගැන පොත් ලියලා තබුනත් ඒවා වලින් වත් ඔවුන්ව හරියට නිර්වචනය කරන්න බැහැ බං.............මන්නම් කියන්නේ රජය අපි වගේ අහිංසකයන්ව හුරන් කන්න මත්පැන් සදහා ගහන බදු අඩු කරලා හිගන්නන්ගෙන් ඒ බදු මුදල පියවා ගැනීමට ක්‍රමයක් සකස් කළ යුතුයි..........
ReplyDeleteඋබ මේවා ලියලා මිනිස්සු හොද බනිස් කන්න හිතාගෙන හිගන්නෝ වෙන්න ට්‍රයි කරයිද දන් නැහැ.............
රස්තේ පාරක් ගහමුද
හිගන්නෝ ගෙන් කොහොමෙයි බං බදු අය කරන්නේ.. අඩු ගානේ හිගන ඝනත්වය ගැන සංඛ්‍යා ලේඛණයක් වත් නැතිව. අනික හුගක් උන්ට උප්පැන්න පවා නෑනේ..
Deleteබනිස් කෑම ගැන ඉතිං මම කියන්න ඕනයැ.. උඹලට ඕන එකක් කාපියව්.. අඩේ මං රස්තේ ගහන්න පටන් අරං ඉවරයි. ඒ උනත් උඹ දාපු ලින්කටුව මෙතනදි වැඩ කොරන්නේ නෑ..
හික් හික් පැකට් කඩාපු බනිස් කන්නේ නැතිව ඇති 65ක් කියන්නේ එක්පීරියන්ස් ඇති ඩයල් එකක් නේ.
ReplyDeleteඔව් ඔව්.. සීල් බනිස් කන වයස තමා 65 කියන්නේ.. ඕන්නං බලාපං ඒ වයස ආවම...
Deleteඋඩ ඉඳලා කියවගෙන එන කොට කරකවලා ඇතැරියා වගේ.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
ඇයි අනේ ඒ.. එහෙම මක්කවත් මං කිව්වයැ...
Deleteහයියූ බනිස් :P
ReplyDeleteයා යා බනිස්
Deleteඉගන්නා උන පලියට නිකන් ලැබෙන හැම දේම කන්න ඇහැකියැ. තෝරලා බේරලා හොද එව්වා කන්න එපැයි ;)
ReplyDeleteඒකත් ඇත්ත තමා තරුවෝ.. ඔය හාමුදුරුවොත් හම්බ වෙන දේ තෝරල නෙව කන්නේ.. හෙහ්..
Deleteමං මේ කල්පනා කලේ ඒ හිඟන්නෙක් විතරක් නෙවෙයි මානසික අබාධයක් තිබුණු කෙනෙක් වෙන්න බැරිද කියල. හැබැයි ඔහොම රැස්පොට් හිඟන්නොත් නැතුව නෙවෙයි..
ReplyDeleteදේශෝ බොරු කියන්න එපා ඔහොම...! මං දන්න ජයම්පතියෙකුත් නෑ. පයිප්පෙකුත් නෑ.. !! :)
නෑ බං රැස්පොට් කාරයෙක්.. සතිය ට දවස් තුනක් වත් එතන ඉන්නවා මම හොයා බැලුවා... අජෝව් බොරු නොකිය හැකිය... ඉදපංකෝ උංගෙන් අහන්න උඹව දන්නවද කියල...
Deleteහයියෝ හිඟන්නෝ ගැන කතා කරන්න එපා බං. ඉස්සර මම පිටකොටුවෙන් බස් එකේ නැගලා ඉන්නවා ගෙදර එන්න. සමහරඔ හිඟන්නෝ ඇවිත් කර...දර කරනවා සල්ලි ඉල්ලලා. සමහර දවස් වලට හිඟන්නගේ අතේ විතරක් මගේ පර්ස් එකේ තියෙනවට වැඩිය සල්ලි තියෙනවා පේනවා මට. විශේෂයෙන්ම පඩි දවස් කිට්‍ටු කරලා.
ReplyDeleteඋඹේ භාෂා භාවිතය නම් උපරිමයි මේ පෝස්ට් එකේ. අන්න එහෙම ලියපංකො.
ඔව් බං මහ අඩන්නෝ ටිකක් තමා පිට කොටුවේ ඉන්නේ.. සෙහ් ලැජ්ජ වෙන්නේ නැතිව පර්ස් එක පෙන්නල කියක් හරි ඉල්ලගන්න තිබුනේ..
Deleteඅඩේ මම භාසාව බාවිතා කොරේ නෑ අපේ කාන්ති අක්කා කිව්ව විදියම තමා..
නියම හිනායන කතාව.ඇත්ත කතාවක්ද? ප්‍රබන්දයක්ද?
ReplyDeleteසිරාවට හිනා යනවද? මට නං අඩෙනවා ඇත්ත කතාවක්.. නම් ගම් විතරක් වෙනස්..
Deleteහා හා හිගන්නෝ ඔහොම තමයි බං.... බලාගෙන ගියාම අපියි හිගන්නෝ!
ReplyDeleteඒකනේ කියන්නේ.. අපි හිගන්නෝ
Deleteහැක හැක... අයියෝ..ඔන්න මේක කියවලා නම් මට ඉල ඇදෙන්න හිනා ..
ReplyDeleteඋඹේ ඉල ඇදෙන එක කෙසේ වෙතත් මම නං දැන් දවස් තුනක් තිස්සේ කොන්ද ඇදිල හෙන අමාරුවෙන් බං ඉන්නේ. තෙල් ඩිංගක් ගාගන්නවත් හිගන්නෙක් නෑ.. හෙහ්..
Deleteඌ හිඟන්නෙක් නොවේ ඌට වඩා තොපිට පිස්සුයෑ
ReplyDeleteදෙන දේ කනවා කියායි හිඟන්නන් අර්ථ දැක්වුනේ යෑ
මගේ වල් හිත නැවතුනේ අර මේසය උඩයෑ
අනේ මං පිං කළ ඒ මේසෙ උනානං කියා හිතුනයෑ
මාත් ඒවාට තිබෙනුයේ පුදුම මනාපයක්ය. අම්මා නම් කියන්නේ මල්ලිගේ ඒවාත් එක්කම බීපූ නිසා කියලාය..
Deleteමොකද බං ආසාව වැඩි කමටෙයි දෙක දෙක කොටන්නේ දෙන්නම...
Deleteහැක හැක හැක...අම්මපා දැන් ඉන්න හිගන්නෝ හෙන සයිස් තමයි...සිල්ලර කාසි ගන්නේ නෑ...උන් මාසෙට බැංකු මැනේජර් කෙනෙක්ට වඩා හම්බකරනවා ඒ රස්සාවෙන්..මම නම් කියක් හරි දුන්නොත් දෙන්නේ අතක් පයක් නැති හරි ඇස් පෙන්නේ නැති හරි මිනිහෙක්ට විතරයි...සමහරු ඉන්නවා අත පය හතරම හොදට තියාගෙන ලජ්ජා නැතුව හින්ගාකන එවුන්..
ReplyDeleteඅනන්ත ඉන්නවා බං.. ඒක නෙමෙයි උඹ හොයාගත්තයි අර තැන..
Deleteඊයේ මටත් හිතුණා හිඟා කන්න. මගේ පර්ස් එකටම තිබුණේ රුපියල් විස්සයි. හිඟන්නෙක් බස් එකේ ඉස්සරහ ඉඳන් එනවා දහයේ, විස්සේ, පනහේ කොළ දෝතින් අරන්. අයියෝ සල්ලි.
ReplyDeleteඒ වෙලාවට නං හෙන දුකක් එනවා තමා බං..
Deleteඅකමෝ... නිර්මාණයක් කරන්න මරු පොයින්ට් එකක් නේ බං.. බලපන් පොඩ්ඩක් හිතල නිකං කවියක් වගේ එකකට සැට් කරන්න බැරිද කියල.
Deleteමටත් ඒක හිතුනා බං,සුපිරි කතාවක් හදන්න හැකියි තමා...
Deleteඔය වගේ සීන් එකක් මං කලින් ලිව්වා. ඒත් හිඟන්නෙක් ගැන නෙවෙයි. හොරෙක් ගැන.
Deleteමාර හිඟන්නෙක්නෙ...
ReplyDeleteඇත්ත තමා බං..... කොලිටි හිගන්නෝ
Deleteහිඟාකෑමතරම් ලාබ රස්සාවක් අද ලංකාවෙ නෑ. ඊයෙ පෙරේද අල්ලං තිබුනෙ ගෑනියක් දවසට 1800 ක් හොයල .. ඉතිං මොකටෙයි රස්සාවල් ?
ReplyDeleteසහතිකේටම.. 1800 නෙමේ සරා අයියේ ගෑනි දවසට 6000 ක් හොයනවලු... හොදම වෘත්තිය තමා මේක
Deleteදවසක් දානයක් දෙන්න හිඟන්නෙකුට අපේ ගෙදර එන්න කතා කලා. හිතං හිටියේ හොඳට කන්න බොන්න දීලා, සරමක් කමිසයක්, සබන් දත් බුරුසු වගේ ජාති ටිකක් එහෙම දෙන්න. ඒවා දීලා රු 1000 නැත්නං එන්න බෑ කිව්වා. මේ අවුරුදු ගානකට ඉස්සර. දැන් ගාණ වැඩි ඇති.
ReplyDeleteඔව් බං අපෙත් හාදයෙක් අගුනෙයි කියල හිගන දානයක් දෙන්න කතා කරාම හාමුදුරුවන්ට වැඩිය හොදට කෑම ලිස්ට් එක දීලා රු. 1000 කුත් ඉල්ලල ආයේ ටවුමට ගෙනැත් දාන්නත් ඕන කිව්වලු.. ඕක තමා තත්වෙ..
Deleteහිගන්නෝ විතරක් නෙමෙයි ඔය පිණ්ඩපාතෙ වඩින හාමුදුරුවරුත් එහෙමයි දැන්, හරියට දේවල් තෝරනවා අපේ ගෙවල් පැත්තට එනවා එක හාමුදුරු නමක් අම්ම මොනවද දුන්නම බැනල ඒවා මම කන්නෙ නෑ කියල..
ReplyDeleteපව් අසරණයා කියල තියෙන තැන මොකද බං රතු කරලා.
ReplyDeleteබම්බලපිටියේ කාලයක් හිටියා මිනිස්සුන්ගෙන් ගන්න ෆ්‍රයිඩ් රයිස් විතරයි. හිඟන්නෙක් වෙලා දැන සද්ද..