මා කියවූ පොත් වල
අවසානය..
තිබුණි සළකුණු කොට
තිත් ඉරි කඩකින්
එළෙසින් මගේ ජීවිතයේ
පිරි උතුරා යන
සියළු වේදනා, දුක් දොම්නස්
...
අතීතයත් සමග එක්වී
අනාගතයත්, වර්තමානයත්
සමග මා මුලා කරන
වේදනාකාරි ජීවන සැමරුම්
තිත් ඉරි කඩකින් වෙන් කළ හැකි නම්
අවසානයක් දකින්නට
එම තිත් ඉරි කඩ ගෙන දෙමි
වේදනා විදින, ජීවිතය ගරු කරන
හැගීමෙන් යුතුව සටන් වදින
දහස් ගණන් තවත් මිනිසුන් හට
වේදනාකාරි ජීවිතයේ
අවසානයක් දකින්නට
අයියෝ කයි.....................................
ReplyDeleteතිත් ඉරකින් නෙවෙයි.... පොයින්ට් 10ක විතර මහත කලු පාට තද ඉරකින් වෙන් කරන්න පුළුවන් නම්....
එහෙනං හිරුවො.. බොලාට දුක නැද්ද මේ රාජ් කියන්න වගේ ජහමනයා ගැන.. හිහි.. (හිනා වෙනවා නෙමෙයි බොල අඩනවා)
Delete//තිත් ඉරි කඩකින් වෙන් කළ හැකි නම්
ReplyDeleteඅවසානයක් දකින්නට//
හ්ම්...........ඔරලෝසුව කරාවි සමහරවිට ඔය දේ...හැබැයි කල් ඉකුත් වීමට පෙර නම් හොදයි...ඒත් ඒක සුවර් නෑ...
මට නං මුකුත් සුවර් නෑ තරුවෝ. නිකං හිතුනා කෙටුවා එපමණයි. තැන්කුයි හොදේ.
Deleteඑහෙම දෙයක් කරන්න පුළුවන්නම් මම තිත් ඉරි හොය හොයා ඉන්නෙ නෑ.
ReplyDeleteඑහෙම නැත්තම් අර Shift+Delete වගේ එකක් තිබ්බ නම්..එක පාරම ඉවරම කරලා දාන්න...
ඇයි බොටත් මොකක් හරි කොරන්නට ඕන වෙලාද?? හැක්...බුදු අම්මෝ මේකි හදන්නේ අපි ඔක්කොම ෂට් ඩවුන් කොරන්න නේ...
Deleteහැකිවීනම් අපට - කාලය ආපස්සට ගන්න
ReplyDeleteකාලය කියන දේ බැහැ කවදාවත් ගන්න
Deleteගිය දේ ගියා සේ වෙනවා ඉවසන්න
muta ada mokak hari wela.
ReplyDeleteWenada wage hitapan bn.
...... Thith walin awasan karanawa wagema sambanda karannath puluwan.
ඇත්ත තමා දේශ්. අවසන් කරන්නත් සම්බන්ධ කරන්නත් පුළුවන් බව මට උඹ කියනකං මතක් උනේ නෑ
Deleteමං නම් ආස කොමාවක් දාන්න :) හැමදෙයක්ම ජීවිතේට අළුත් අත්දැකීමක්නේ..
ReplyDeleteඅඩේ යසියා තව අදහසක් දුන්නා.. තැන්කුයි හොදේ
Deleteඔහොම කොරන්න ඇහැකි නම් ඉතිං කොච්චර හොදද...... ඒත් බෑනේ....
ReplyDeleteබැරි බව නේන්නං සමනලියෝ කියන්නේ.. මේ යකාට පිස්සු කියල මං හිතන්නේ ඔයා තාම දන්නේ නෑ
Deleteපුලුවන් උනානම්
ReplyDeleteසියලු දුක් දොම්නස්
අවසන් කරන්නට
තිත් ඉරි කඩකින්
තිත් ඉරි ගොඩක්
පමණක්ම වේවි
මේ ජීවිතය
හෙක්... හෙක්... සහතික ඇත්ත..
Delete
ReplyDeleteහරිම ලස්සනට පද ටික නම් තියෙනවා..
ඒ කිව්වේ උබට පුළුවන් නම් හැම
එකාගෙම ජීවිතේ අවුලක් ගියොත්
ඩොට් ටිකක් ගහල එනවා කියලද පොත වහල ? හැක්
නෑ බං මගේ සතුට උන් වෙනුවෙන් දෙනවා කියල හිතුවේ.. උඹ මට දෝසාරෝපනේ දාන්නට එපා බං... එනවා උඹේ මුළු කතන්දරේම බලන්න...
Deleteමං නම් කැමති ආයි ලියන්න.
ReplyDeleteඒ කිව්වේ උඹ ලියන්නෙ නැත්ද, අන්න ගෙට්ටුවේ මාතර ඈයොන්ට විසේස ආරාධනාවක් තියෙනවා. සිරා ගෙන්..
Deleteඔව් ඔව් ගම්පහ ඈයො විදියට සිත්තමීත් ආරාධනා කරනවා.....
Deleteමේ ඈයෝ කියන්ටකෝ බලන්න අපි මොන ඈයොද කියලා...
Delete.............වගේ?
ReplyDeleteපු..... වගේද??? හැක්...
Deleteකවියත් මරු. ඒ පරාර්ථකාමී සිතිවිල්ලත් නියමයි. නන්දා මාලනී මහත්මියගේ සින්දුවක් මතක් උනා.
ReplyDeleteතැන්කුයි.. මොකක්ද බං සින්දුව. හඩන්නට හැකි නම් ද??
Deleteතිත් වැඩි උනාමත් තිත්තයි වගේ බං.
ReplyDelete"සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ...
සිනහා නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ...."
තිත් වැඩි උනාම ඔක්කාරේ වගේද?? බොට පරණ සින්දු මතක් වෙන්නේ...
Deleteපටන්ගනින්කෝ මතට තිත තියලා...
ReplyDeleteඒකට තිත තිබ්බොත් ඉතිං පුතේ ජීවිතේ වැඩක් නෑ..
Deleteඅන්තිමට තිත් විතරක් ඉතුරු වෙයි...............
ReplyDeleteමොකෝ කියන්නේ කොන්ක්රිට් බලගයේ දිනපතා තිත ගානේ තියමුද?? එතකොට අපිටත් කරදර නෑ තිත් තිත් තියන්න පුළුවන්..
Deleteඅනේ මට තේරුන් නෑ බං...තිත්..තිත්...තිත්...
ReplyDeleteකියන්න දෙයක් නෑ පැට්රියට් මලයෝ.. තිත්......
Deleteවේදනාකාරි ජීවිතයේ
ReplyDeleteඅවසානයක් දකින්නට
පුළුවන්ද ඔයා කියන
මේ තිත් ඉරි ගොඩකට
..................................................
වෙනස් පෝස්ට් එකක්
ඒක නිකං අදහස් නේ සිත්තමියෝ. මං නිකං ජීවිතේ පොතක් කියල හිතුවේ.. තැන්කුයි.. ඉතිං කවි නෙමෙයි පහුගිය ටිකේ කරපු දේවල් ආයේ බ්ලොගේට එන්න හිතුනු විදිය ගැන ලියවිල්ලක් එහෙම දාමුකෝ..
Deleteඅපි ඉතින් කොහොමටත් තිත් ගොඩක් නෙව.. මැරෙන උපදින ශෛල තොගයක්... ඉතින් ඉවර වෙන්නෙ තිත් හැටියටම තමයි..
ReplyDeleteඅපේ ආරම්භයත් තිතකි. අවසානයත් තිතකි..
Delete