- තනි සිංහලයෙකි.
- ලෝකෙට අඩබෙර ගසන්නෙකි.
- හෙන හැන්ඩියෙකි. ටිකක් විතර නෝන්ඩි වී ඇති කෙනෙකි
- රෑට කළුවරේ දත් ටික විතරක් කිරි සුදට පෙනේ
- දැං සිගරට් නොබොයි. ඒත් කලින් බිව්වා. කඩේදී පත්තුකරපු එක කොල්ලාගේ අතටම මාට්ටු වූ දා පටන් නවත්වා ඇත.
- මිතුරන්ගේ ගෙවල් වලට බෝංචි සහ කැරට් ගෙන යයි. තෙමේම ඒවා කයි..
- ලංකාව පුරා හැංගි මුත්තං ගසා බේරෙන්නට බැරි තැන චුත වී සිට නැවත පැමිණ සිටී..
- ස්පාඤ්ඤ සම්බවයක් ඇති මිත්තරයන් ඇසුරු කරයි...
- මේකා නොකරන දෙයක් නැත. ඒකා හිතන්නේ හැමදේම දන්නවාය කියා කොරන එක හරිය කියාය.
- තාල වර්ගයේ ජාතික වෘක්ෂ බිම හෙලීමේ රුසියෙකි..
- ඉපදුනු බිම නියමයි කියා සමහර විට පස් කකා ඇවිදිනවා විය හැක. හැබෑට අලි බෙටි බලන්නට ගියාදැයි හැකය..
- වාහන පෙරේතයෙකි. අළුත් එකක් ගන්නේම නැත. පරණ ඒවාම පාවිච්චි කරයි. චූත වූ සැනින් අවුත් ඒකට උම්මා දී ඇති බවට සාක්ෂි ඇත. ඒ මදිවාට අතරමගදී වාහන ස්පාක් කර ගනී.
- චූ කරන්නට දන්නේ නැත.ලොක්කන්ට කෙළවෙයි.
- 456123 අංකයෙන් යුත් දුරකතන සිම්පත් භාවිතා කරයි.
ඔබ කොතැනදී හෝ දුටුවොත් වහාම දැනුවත් කරන්න. දුටු දේ නොදුටු දේ ලෙස සිටීම බරපතල වරදකි..
හැකි ඉක්මනින් තොරතුරු දෙන්න. නිවරැදි තොරතුරු දෙන එකාට වයර් කෑල්ලක් තෑගි වශයෙන් දෙනු ලැබේ.
හා.. හා.. ඕක හදිසි කේස් එකක්. මේක බලන්නත් ඕන හරිය
තාම දුටුවේ නැත. දුටු පසු දැනුම් දෙමි. :)
ReplyDeleteවයර් කෑල්ලක් මොකටද දෙන්නේ? හොයලා දුන්නාට පස්සේ අපේ බෙල්ල හිර කරන් මැරෙන්නද? :0
උඹලා පොලොසී ගෙනිහිල්ලා සිග්නල් ලයිට් එකේ රතු වැටෙන කොට යන්න කියලා, ගියාම ආයි අල්ලල හිරේ දානව...
Deleteමාර්ග ප්රවාහන අඳිකාරි තුමනි, මාර්ග ඇමති තුමනි මේ ඔබේ අවදානය පිණිසයි :P
ReplyDeleteඋන්ට කියල වැඩක් නෑ බං. මේකාට පොලිස් කාරයෝ එහෙම පෙන්නන්න බැරි එකෙක්. ත්රස්තවාදයට ත්රස්තවාදයෙන්ම පිළිතුරු දෙන ජාතියේ බුවෙක්
Deleteහැබෑට පේන්නම නෑ නේ.. රට වටේ ඇවිදිනවා ඇති බං........... හි හි
ReplyDeleteමව්බිම හොදය කියා වාහනේ කුර ගෙවෙන කං රස්තිය ගහනවා ඇත.... තව ලිස්ට් නොස්ටැල්ජියා එක හින්දා ලිස්ට් එකට ටික් තමා තෙමේම ආතල් ගන්නවාද විය හැක
Deleteපණ පිටින්ද ඕන ? නැත්නම් හිස වෙන් කරලද ?
ReplyDeleteඑහෙම කරන්ට එපා බං පණ පිටින් ඕන.. ඕක කෝච්චියේ ගියපු එහෙකුටත් මනෝ තගක් දාලා තිබුන
Deleteපණ පිටින් බං.. ඕකාට ස්පෙසිෆිකේෂන් එහෙම පෙන්නන්ටම බැරිය..
Deleteසොයා ගැනීමට නැත.
ReplyDeleteසොරා ගැනීමටද නොහැක.. ඒකාට හිතෙන විදියට සීයක් ගසා ඇත..
Deleteමොකාද බොල මේ...?? මං වෙන්ට බෑ..
ReplyDeleteඔව් ඔව් බං මේකාට පොල්ගස් කපන හැටි එහෙම බලං ඉදිමේ අමාරුවකුත් ඇත..
Deleteමේ නම් දේශකයා වෙන්න ඕනේ
ReplyDeleteඅහුඋනොත් හගමු දඬු කඳේ
Deleteහෙහ්.. මමනං කළුවරේ කොමෑඩ් වලට චූ කරන්න යන්නේ නැත...
Deleteඑහෙමනම් කවුද? යකෝ මමනම් නෙවෙයි ඔන්න කිව්වා.
Deleteඅපි බුරි උල් වෙන්ට කන්නෙත් නැත. සීය දාපු දවසේ පනස්දාහ දාන්නෙත් නැත.. මම නොවෙමි
Delete
Deleteතාල වර්ගයේ ජාතික වෘක්ෂ බිම හෙලීමේ රුසියෙකි..
යකෝ මේ අපේ ඩුඩ් අයියනේ................
හෙක් හෙක්.. ඔයා දස්සයා..
Delete119 ට දැංම අමතන්න
ReplyDelete119 න් කියන්නේ වැඩක් නැති එකෙක් මක්කට හොයනවාද කියාය.. වෙන ක්රමයක් බලමු මචෝ...
Deleteමේක දෙක.. තව එකක් තිබුන කොතැනක හරි..
ReplyDeleteමනුස්සයා නිදහස නිදහසේ බුත්ති විඳිනවා වෙන්ටැති. :)
එක තිබ්බ තැන මට කියහං බං... ඒකගේ නිදහස.. අපි මෙහේ වේලෙනවා... අපිට හැකිය ඒකාට වගේ බුරි උල් වෙන්නම කන්න..
Deletehttp://akmadawiya.blogspot.com/2012/11/blog-post_25.ht
Deleteවරෙන්තු හැම තැනම..
තැන්කු චන්දන
Deleteඅඩෝ......... මේ අපේ හෙන්රි අයියනේ!
ReplyDelete//රෑට කළුවරේ දත් ටික විතරක් කිරි සුදට පෙනේ//
Deleteමේටික කියෙව්වම ටියුබ් ලයිට්එක නිවි නිවී පත්තු උනා.
//මිතුරන්ගේ ගෙවල් වලට බෝංචි සහ කැරට් ගෙන යයි. තෙමේම ඒවා කයි..//
මේක කියෙව්වම ටක්කෙටම දැනගත්ත පැඩිඩිලියන්ලගෙ ගෙදරට එලවළු උස්සගෙන ගිහිල්ල චාටර් වෙච්ච හැටි.
ලජ්ජවේ බෑ බං... මේකාගේ හැටි දැක්කම.. හැක්.. උඹට මොකෝ ඔය තරං වැඩ,අවුරුද්දේ වැඩ කලොස් අහවර කරන්න ගත්තයැ..
Deleteදුටු වහාම දැනුම් දෙන්නම්. එතෙක් ඉවසා හිටු....!!
ReplyDeleteඉවසිය නොහක. නොවලහා පවසව්
Deleteකවුද බොලේ ඇලිස්..හි හි හී
ReplyDeleteඅර වයර් කෑල්ල...බෙල්ලෙ වැලකටද ? හි හි හී
නෑ බොලේ... කාර් එක ෂෝට් උනොත් පාවිචිචි කරන්න. බැරි වෙලා හරි වයර් බල්ලෝ කෑවොත් හෙම..
Deleteජීවේතේ පළමු වතාටෙ මෙයාව දුටුවෙම්. ලංකාවට ආ සැනින් මා සොයා එන ලදී. ලෙංගතු මිතුරෙක් බව පසක් කර ගතිමි. මේ දිනවල කලින් ලියාගත් ලිස්ට් එකකට අනුව වැඩ කටයුතු වළ යෙදෙමින් ඇත.
ReplyDeleteඔන්න මිත්තරයා. උඹ තමා දවසකටවත් මිනිහා... අපි මෙතැන පන දාගෙන හොයනවා. ඔව් කොහොමත් ලිස්ට් නොස්ටැල්ජියා එක මිනිහගේ හැම එකකම පේනවා
Deleteමමද ඔහු සමග කෝල් කතාවක නිරත වුනෙමි... අපේ බල ප්රදේශයට පැමිණි පසු සිරා කොලුවා බැහැ දැකීමට එන බවට පොරොන්දු වූවෙහිය...
ReplyDeleteබිස්නස් පාට්ටරයින් කොහොමත් හොයා ගන්නව නෙව. අපිට තමා හුලං. මේකා එහෙම චුත වී සිටියානම් මැනවැයි සිතුනි..
Deleteහුරු පුරුදු ලක්ෂණ ටිකක් වගේ හික් ...තවම ටියුබ් ලයිට් !මතක් උනාම කීන්නම්
ReplyDelete:D
අනිවා රෙහානි. තෑග්ග තියෙනවා ඔයා එනකං..
Deleteතව ඩෙනිම් එහෙමත් අන්දිනවාලු නේද?
ReplyDeleteමගේ අල්ලපියෝ පොස්ට් එකේ වැදගත් තොරතුරක් මට හම්බ උනා... පොර කරපු කිරිමෙල් කීපයක්.
හෙන්රි අයියා තමයි මේ වැදගත් තොරතුරු ටිකත් දුන්නේ.
"ඕකා ගැන ආරංචි කීපයක් මට ලැබුනා. ඔක්කොම ආමාශය සම්බන්ධ ඒවා.
*මුලින්ම කොළඹ හතේ ලියන්නාට තර්ජනය කරලා සුපිරි කැන්ටිමකදී හැලප වගයක් මංකොල්ල කාලා.
*එදාම සමකය වටේ ලියන නලීන් ගොයියට තර්ජනය කරලා කෑම පාර්සල් තුනක් මංකොල්ල කාලා.
*එතකොට ගාමිණීගෙ විජිතයට පැනලා සුදු ආප්ප මංකොල්ල කාලා."
මං හැන්රියට කිව්වා ඌට බෑලු. මේ දවස් වල බාස්ලා කම්බාස් කරනවලු.. හැක්..
Deleteගිය සතියේ ගම්පහදී කතාකලෙමි, ඉන්පසු තොරතුරක් නැත. පොටෝ කෑලි දමා සොයා වැඩක් නැත, පොටෝ වලට වඩා සැබෑ විදිහට පොර හැන්ඩි ලෙස පෙනෙයි.
ReplyDeleteවිස්තර නොකිව්වාට චූ වක්කරන ලද මඩ පුවක් ගෙඩියක් කටේ ඔබමි.. ඔබගේ කම්මලේ යන්තර සුත්තර වැඩ නොකරන නිසා කනගාටුවෙන් හැරී ආවෙමි.. ස්තුතියි බෙල්ල දැම්මට..
Deleteබයවෙච්ච පාර මෙතන තාම කමෙන්ට් කරලත් නෑ
ReplyDeleteනෑ බං. ඒකා ලිස්ට් එකට ටික් කරමින් තමා එන්නේ..
Deleteඅනේ බං දේශකයා ඔය කිව්වට ඕකා හරිම අහිංසකයා. ඇත්තෙන්ම පොරත් හොල්මං වෙලා ඉන්නෙ මොකද තමන් ගැන මෙච්චර විස්තර පොරවත් දන්නෙ නැති හන්දා. දේශකයායි අකමායි දෙන්න කිව්ව විස්තර අහලා තමන් ගැන තියෙන ස්වයං අර්ථකථනයත් ෆොර්මැට් කරලා අලුතෙන් ඉන්ස්ටෝල් කරන්න වෙන විදියක්ලු තියෙන්නෙ.
ReplyDeleteඅනික පොර මේ දවස්වල බදාම කෝස් එකක් කරන නිසා උගේ ගේ පුරාම දූවිල්ල හන්දා ලැපියත් හංගලාලු තියෙන්නෙ.
ඌ කිව්වා උඹට කියන්න කියලා ඌ ගැන හොයා බැලුවට බොක්කෙන්ම කුරුතඥ වෙනවා කියලා.
බදාම කෝස් එක ඉවර වෙච්ච ගමන් අර ලිස්ට් එකේ වැඩ පට්ටාං ගන්නලු ඉන්නෙ.
henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඇම්.බී.බී.ඇස්
Deleteහෙහ් හෙහ් හෙහ්... ලොකු කතාවක් ලියවෙයි වගේ.
හැක්. හැක්.. උගේ ලැපියා හංගලා නං ඉතිං උගෙනුත් වැඩක් නෑ.. ඕකගේ වැඩක් තියෙන්නේ ලැපිය ඉඹින කොට විතරනේ.. අනික ගෑනු ටයි ගැට ගහන්ත් දක්සයි හිංගලෙන්...
Deleteduda මාම නොවැ
ReplyDeleteඒ එයාද බං මිනිහා ඒ උනාට මැසේජ් එකක් එවලා තිබුනා.. හැක්. තැන්කූ ඉමා.. නෝ බ්ලොග් නේද???
Delete