බාලේ බැන්ද ප්‍රේමය අපේ ඉස්කෝලේ
තාමත් හිතේ පිළිරැව් දේ ඒ කාලේ
අකුරු කරන කාලෙදි දුටු ඒ දසුනේ
හිත රැදුනා ආයෙත් පාසැල් කාලේ
උදේ ඇවිත් ඉස්කෝලෙට ඒ කාලේ
කරපු අකුරු කවදාවත් නෑ මැකුනේ
සතුටයි දුකයි එකතුව අප විදගත්තේ
දිවිය අපේ ඒ මතිනුයි ගොඩ නැගුනේ
කොලු කාලේ කරපු දේවල් දන්නවද
මැද වයයේ විදපු කරදර මොනවටද
පැසැල් දිවිය මගේ දිවියේ පිටුවක්ය
තාමත් හිතින් ඒ ගැන තුටු වෙනවාය
ගුරුවරු අපේ දීඝායු ලැබ ගත්වා
පාසැල අපේ සැමදා ලොව බැබලේවා
දරුවන් සියලු හොද පුරවැසියන් වේවා
මේ රට අපේ දියුණෙන් දියුණට වේවා
ප.ලි. - කාලෙකිත් දැකපු හොදම නිර්මාණාත්මක අදහසක් නිසා ඇති වූ සිතුවිලි කවි කළෙමි. ඒක දැක්කේ ගොසිප් ලංකා නිව්ස් වලින්
පාසල් කාලය කියන්නේ එක පාරක් විතරක් ලැබෙන දෙයක්. ඉඳ හිට හරි හිතෙන් ඒ කාලෙට යනවා අපි හැමෝම.
ReplyDeleteචන්දනට අර කව්ද කිව්වා වගේ නොයන බ්ලොගයක් නැතිව ඇති.. තැන්කුයි මේකට කමෙන්කටුවක් දැම්මට
ReplyDeleteඑලටම තියෙනවා දේශකයෝ...
ReplyDeleteසුපිරි ...
තැන්කුයි සහන්
Delete