චූං පාං
ලංකාවේ විවෘත ආර්ථිකය පටන්ගත්තට පස්සේ එක එක දෙවල් වෙනස් උනානේ. සමස්ථයක් හැටියට අපි කන බොන අදින පලදින දේ හිටං වෙනස් වුනා. කොටින්ම කිව්වොත් ඉස්සර කක්කුස්සියට ගිය අපි දැං යන්නේ බාත් රූම් වලට නොවැ. ඒකටත් එක්ක කොමඩ් එකක් තියෙන්නම ඕන. ගිය දේ ගියාවේ. මං මේ කියන්න යන්නේ අලුත්ම විවෘත ආර්ථික සංකල්පය වන චූං පාං ගැන.
උදේට බලන්න 5.00 ඉදලා 8, 9 වෙනකං චූංපාං කොල්ලෝ කීදෙනෙක් යනවද? අපේ ගෙවල් පැත්තේ නං උදේට වාහන 5 ක් විතර යනවා. සාමන්‍යයෙන් මිනිස්සු හිතන්නේ මේ ගොල්ල බේකරි දාගෙන බොහොම අමාරුවෙන් වැඩේ කර ගෙන යනවා කියල. ඇත්ත තත්වය නං කොහේ හරි තියන බේකරියකින් මේ වාහන ඔක්කොම බඩු ගන්න එකයි. හැම බේකරියම මේ ගොල්ලට බඩු දෙන්නෙ නෑ. ඒකට හරියන බර අඩු, ප්‍රමිතිය අඩු භාණ්ඩ සපයන බේකරි තමයි වැඩේට අල්ලන් තියෙන්නේ. ඒ බේකරියටත් කියන්නේ චූංපාං බේකරිය කියලා.. ඇයි.. උදේ හවස වාහන 10 ක් 15 ක් විතර එතනට එනවානේ.
අනිත් එක් මේ වාහන අයිති වැඩිම උනොත් දෙන්නෙකුට විතර. අපි හිතමු මම පාං ගන්න එකේ පාං නැතිනං මිනිහා කියනවා "මහත්තයා. අපි ගාව ඉවරයි. එනගමන් අපේ අනිත් එකෙන් අරගෙන එන්නම්" කියලා.
තවත් එකක් සහෝදරයෝ වගේ ඉන්න මේ අය ටර්න් එක වැරදුනාම අනෙක් එක්කෙනාට පහර දෙන වෙලාවල් එහෙමත් තියෙනවා. අපේ ප්‍රයිවට් බස් ක්‍රමය වගේමයි.
අඩුවට බඩු දුන්නට එ‍්කේ ලාභයක් නෑ. අපි ගන්න පාං ගෙඩියක සාමාන්‍යයෙන් ග්‍රෑම් 370 ක් වත් නෑ. අනිත් ඒවත් එහෙම තමයි. කමක් නෑ ළගටම ගෙනැත් දෙනවනේ නේද?
සමාජය විනිවිද දැකීමක් හා එයට අනුගත වූ
ReplyDeleteසයිබර් සටහනක්...
තේරුනේ නැහැ නේද ? හැක්
එල පෝස්ට් එක කියල කිව්වේ ...:D
තැන්කුයි.. හැක්..
Delete