බ්ලොග් නම් විලේ දැළි පනුවන් පීනනවා
ඉදහිට යමක් රසවත් එහි පල වෙනවා
ඉහට උඩින් ලිපි තිබු කල සිහි වෙනවා
අදෝසංසාරේ බ්ලොග් නාමය නොදිරනවා
කවියක් දෙකක් ලිව්වට අපි ඇමෙචර්ය
ගුණ නැණ වඩන කවි කෝමත් රසවත්ය
නුහුගුණ ඉවත ලෑමත් කවියට හැකිය
නැනවත් තොමෝ ඒ ගැන හරි විමසිලිය
රටේ තොටේ කිසි කලෙ නැත පිබිදීමක්
අඩියෙන් අඩිය අපි යන්නේ වලැ පල්ලේ
වනචාරි වැඩ ඕසේට හෙළ දේසේ
ගූ ගොඩ වට කරගෙනයි අපි දැං බත් කන්නේ
කුස්පල් නැමැති කවිකරුවා දඬුහින්නේ
බුකියේ ගොතනවා කවි පද වැල් හෙළ‘සේ
කිති කවනවා සිස්ටම් එක යන වාලේ
කියවා බලා රස විඳපන් හෙළු රෑනේ
බුකි පිටුව - හෙළු කිවියර කුස්පල් දඬුහින්න
පක්
ReplyDeleteThe above comment has been deleted by Arthur!!
Deleteha
Deleteමද්දා උඹට මොකද බං වෙලා තියෙන්නේ. නිකං තරහෙන් පුපුරු ගහන්නේ. හැක්
Deleteහැක් හැක් හැක්
Deleteකුස්පල් අංකල් ජාත්‍යන්තරේට ගිහිං නෙව...
ReplyDeleteමම නං කැමති උනේ අපේ අඩුපාඩු වලට දෙන හීන් ටොකු වලට. ඒක වටිනවා
Deleteචම්පික් ගොඩකවෙල කිවියා මොනවත් කිව්වෙ නැද්ද?
ReplyDeleteඅපි කිව්වොතින් කවි යනවා බඩ දේශාගේ
Delete@ප්‍රා මැතිඳ
Deleteකොන්ක්‍රීට් කටක් තියෙන අය නෙ ඒ
තෝ, දැලි පණුවා කිව්වේ මටැ ද ? හෙහ්..
ReplyDeleteබස් වල කවි ලියන විල්බට් උන්දැවත් මතක් වුනා...
අපැ දැලි පනුවන් හෝ වන්නෙමු. හැක්
Deleteහැබැයි මේ උන්දැ පැරණි විරිත් හෙම හොඳට අධ්‍යයනය කරල කවි ලියන්නේ. අප්‍රසිද්ධ විරිතක්
කුස්පල් දණ්ඩගේ කවිනම් රසවත්ය
ReplyDeleteදේශයාගෙ කවිනං ගූ තැම්බක්ය
ඒ දෙක මැදින් ගලනා ගඟ මනහරය
බ්ලොග් එක පිහිටියේ මොනිටරෙ කෙලවරය.
හැක්..
නොලියාම බැරි උනත්
Deleteනොලියනු කවි කි‘කලෙකවත්
අසා මේ කවි බඩ
කොන්ක්‍රිට් උනා අත පය
දේශකයා සහ කුස්පල් නිකන් එකම වගේ ගතියක් දැනෙනවා... අනේ මන්ද වැස්ස හින්ද වෙන්ඩ ඇති...
ReplyDeleteමං කවදාවත් මාව ප්‍රමෝට් කරගන්නෑ නේ බං. ඕකෙදි බුකියේ කස්ටිය මෙහෙම කියනවා මට ඇහිල තියෙනවා. කුස්පල් එක්ක පරණ කාර් පිස්සෙක්ගේ සම්බන්ධයක තියෙයි කියලා. ඒත් ඒ පුග්ගලයා බිම දිගා වෙලා ඒක ප්‍රතික්සේප කරා. හැක්
Deleteදේශකයා නැති අඩුව බුකියේ කලෙක හිටං...
ReplyDeleteදැනිලා තිබ්බ බව මතකෙට ආව හිටං..
අනේ පනේ තව මේ වගේ ඔත්තු බලං..
හෙටත් වරෙන් බ්ලොග් බුකි හැම එකම අරං..
මිත කලණෙගේ සෙනෙහ දැනී
Deleteදෑස පලා කදුළුැ වැටෙයැ
දිවි බේරුනොතින් මෙමැ
ඉන්නෙමි බුකියේ සදා
අමරබන්දු....
ReplyDeleteරූපසිංහ.....
අමරබන්දු රූපසිංහ.....
අමරබන්දු....
රූපසිංහ......
අමරබන්දු රූපසිංහ....
ඔය කියන්නේ අර අවුල් වෙච්චි පොරගේ යාලුවා නේ. මිනිහ ගැනත් කවියක් තියේද බං. හැක්.. එළ
Deleteදැන් මේ කවිය කුස්පල් ගේද දෙස්පල් ගෙද ? කාගේ වුනත් තවත් අඬන ළමේක් නේ
ReplyDeleteමේ පෝස්ටුවේ පැදි පෙළෙහි සම්පුර්ණ අයිතිය මං තුමා සතුය. මොකක්ද මේ අඩන ලමා සීන් එක?
Deleteඅහෝ නොවැටහේ
ReplyDeleteවිජයකලා නේ හයියෝ
Deleteබඩ පලයන්
ReplyDeleteගෙම්බා
Deleteඅම්මෝ කාලෙකින් දාල තියෙන්නෙ මාර කවි ටිකක්.
ReplyDeleteඅම්මෝ චාන්දි දැක්කෙත් කාලෙකින්. ස්තුතියි මේ පැත්තේ ආවට
Deleteකවි සිත දියුණු වේවා
ReplyDeleteබුකිය එපා වේවා
ආපසු මෙහෙට පැමිණේවා
හොඳ හොාඳ ලිපි ලියේවා
විචාරක දියණිය
ස්තුතියි ප්රාර්ථනයට.
Deleteඔබතුමිය මොකද දැං ලියන එක නවත්තලා?
අපි පිං කළා ඒ කාලේ කියවන්න
ReplyDeleteසකර්බර්ගයා අප හට දී ඇත බඩ යන්න
බ්ලොග් කියවනේ පොස්ට්එක උඩටම ගන්න
මහ රෑ පබ්ලිෂ් කළ බව ඇසුවා කෝමද හිතා ගන්න
වැඩබැරි දාස කවි ලිව්ව හැටි මතක් උනා කියහංකො...
ReplyDelete... කඩිනම් රාළට හැදුනා බඩගින්නක්
ගිල්ල හීතල ඉස්තිරික්කයක්...
හැහ්..