එන විට යන විට
කණූකුණු ගාන
“එනකොට පිටි පැකට් එකක් ගෙන්න“
කොහෙන් තියෙද සල්ලිද?
හිතා හිතා තැවෙමින්
කන්තෝරු යනකොට
මතක් වෙයි ලබන මස
ගෙවිය යුතු ණය බර
ඒ අස්සේ,
මඟදී
ආතර් අයියා
“මහත්තයා. කොල්ලගේ මඟුල් ගේ ළගයි්
මහත්තයට තමා ඉස්ඉස්සෙල්ලම කියන්නේ“
කියනකොට
හන්දිපත් වෙව්ලුවා
සුසුම්නා ඉරාගෙන
හිරි වැටෙන රිදිල්ලෙන්
හිනාවකි පැන්නේ
හවස මං එනකොට
තුන්සීයක් හොයන එක
කොච්චර බරක්ද
දාහකට වැඩිය ලැජ්ජයි
කියල හිතෙන කොට
ආතර්ගේ මඟුල
නාහෙටම කටු අනිනවා
ලබන මාසේ ණය
එක්ස්ටෙන්ෂන් එකක් ගනිවී
අතට එන රුපියලෙන්
ඇඳුමක් කුඩුමක් හදාගෙන
යන්න වෙනවාමය මඟුලට
ඊටත් කලින්...
බුලත් දෙන්නට ආවම
ඒකට තෑග්ගක්
සොයා ණය කන්දක්
එළි පත්තු කරද්දී
කිරි පැකට් කීයක්ම ඒකෙන්
ගන්න හැකි දැයි කියා
මං ගණං හදනවා
සංසාර චක්කරේ
යන කොට රවුමට
කවදාකවත් යළි
රජයේ රැකියා භවයක් නම්
නොපතමි..
ආධුනික කිවියර - දේශක
+++++++++++++++++
ReplyDeleteණය ගෙවන්න බදු දෙන්න මොනවත් නැත්ද?
රජයේ සේවකයන් අතරේ මෙහෙම අය දැං අඩුයි..මං හිතන විදියට
Deleteඕකනෙ කියන්නෙ. බොට තියෙන්නෙ ගෙදර ප්‍රතිව්‍යුහගතකරනය කරන්න.
ReplyDeleteනැත්තං නවෂීලන්තෙන් වැස්සියක් ගෙනාහං.
සුරියවැව ෆා්ම් එකේ නේ ඉන්නවා තොට හරියන වැස්සියෙක්.. බලහං.. හැක්
Deleteසන්සාරේ.........
ReplyDeleteවෙල්කම්. ඕං පාර දිගේ මාත් ගියා ෆලෝ කරන්න තඩියව.. චියර්ස්
DeleteCheers!!!!
Deleteහිටාං මං දෙදාස් විස්සේ ජනාධිපති වෙලා උඹේ ණය ඔක්කොම එක දවසින් ගෙවනව.. එතකං මට පන්සීයක් හොයල දීපං.. හෙට ඇට්ටෝං ගෙයක් මං නොගියත් ගෙදර උන්දව යවන්නම වෙනවා.. :)))
ReplyDeleteපන්සීයෙන් වැඩේ ගොඩ දැම්මෑකිද අයියේ
Deleteපන්සීයෙන් වැඩේ ගොඩ දැම්මෑකිද අයියේ
Deleteහැබෑට කව්ද බං ඔය එක දවසෙක් ණය ගෙවන්න විස්සයි විස්සේ අපේක්ෂකයා.. හැක්..
Deleteදැන්නං පුතේ පන්සීයෙක් අරන් ගියොත් ඇට කුඩු කරන් එන්න ඕන. ගෙදර උන්දැ යන නිසා හොදයි. ඒකි බොන්නෑ නේද??
@ සබරේ.
උඹ කම්මල පැත්තේ ගියාද ළගදී???
සබරේ.. පෝන් එකෙන් කමෙන්ට් කරලා 'බැක්' යන්න එපා.. ඒ වින්ඩෝ එක ක්ලෝස් කරලම දාන්න.. බැක් ගියොත් තමයි ඩබල් කොමෙන්ට් වැටෙන්නේ..
Deleteරෑ හතට විතර ගිහිල්ල සෝබනේට රෑට කන්න ඉන්නේ නැතුව 'කුල් ඩ්‍රින්ක්ස්' එකක් විතරක් බීල එන්න කියනවා බං.. ආ.. ලියුං කවරේ නම ලියන්නත් අමතක කරනවා.. හෙක් හෙක්..
මාත් ඒක දැනගත්තේ කම්මලයගෙන්.. හැක්..
Delete@කමියා
උඹට වොයිස් ටයිපිං දාගන්න ඕන නං මගෙන් වෘත්තිය සේවය ලබා ගනිං
අතයටින් වැඩක් ෙකාරන්නම ෙවයි වගේ.
ReplyDelete...
ගේමක් ගහල.. ඉරාජ්
Deleteදේශපාලනේ කරල බැලුවොත් නරකද?
ReplyDeleteලොකු ප්‍රාග්ධනයක් ඕන නෙ..අනික උපන් මෝඩකමත් ඕන.. හැක්
Deleteප්‍රාග් ධනේ දෙයි වෙන එවුන්. දින්නට පස්සෙ උන්ට දන් දෙන්න වෙනවා. ඔබතුමාට ප්‍රාඥ් දනේ තියනවනේ
Deleteප්‍රාඥ් දනේ පොඩිඩක් අඩුයි කෝමත්.. අවුලක් වෙයිද අයියේ.. හැක්
Deleteඅපොයි බදින්නෙම නෑ.. මං නං
ReplyDeleteඉතිං අපිට පාංයැ.. හැක්
Deleteසංසාර චක්කරේ
ReplyDeleteයන කොට රවුමට
කවදාකවත් යළි
රජයේ රැකියා භවයක් නම්
නොපතමි..
ඒක නම්
පතනවාද නැද්ද කියලා තාම හිතනවා
දැන්නං රජයේ සේවකයන්ට හොදයි ලු නේද?? හෙන එලෝ්වන්ස් වගයක් දෙනවලු නෙහ්..
Deleteහෙන එලවන්ස් කියන්නේ අනේ එහෙක් කරලා මෙහෙක් කරද්දි ඉවරයි
Deleteරනිල් දීපු දහදාහයි.
Deleteමහින්දගෙන් පන්දාහයි.
ජීවන වියදං එල්ලෙයි
ඔහේල සැමට රජ මඟුලයි... හැක්
අපොයි බදින්නෙම නෑ.. මං නං
ReplyDeleteමෙව්වා කුමන්ත්‍රණ..
Deleteදෙපාරක් තැං දෙකක කියනව කියන්නෙ අනිවාරයෙන් මොකක් හරි ඩබල් ගේම් එකක් තියෙනව.
Deleteවිනාඩි දෙකක පරතරයෙන් එවනවා කියන්නේ සබරේ කුමන්ත්‍රණයක
Delete// ආධුනික කිවියර - දේශක // හි.. හි..
ReplyDeleteසහතික ඇත්ත කිව්වේ අනේ..
Delete//සංසාර චක්කරේ
ReplyDeleteයන කොට රවුමට
කවදාකවත් යළි
රජයේ රැකියා භවයක් නම්
නොපතමි..//
කුඹුරක් කොටන් ඉන්න එක අගෙයි.....
ජයවේවා!!!
කුඹුරු කොටල දැං වැඩක් නෑ දුමියෝ
Deleteඅහල නැද්ද දේශකයා තුමා රජයේ සේවකයන්ට කියන්නේ නම්බුකාර හිඟන්නෝ කියලනේ ඹබතුමා ඔය කවියෙන් විචාරය කරල තියෙන්නේ සැබෑ තත්වය
ReplyDeleteවිචාරක දියණිය
ඔව් ඔව් අහල තියේ. තාමත් ඇත්තටම එහෙමද කියලයි මං මේ කල්පනා කරන්නේ. අපේ පැත්තේ රජයේ සේවකයෝ බහුතරයක් අරක්කු උගුරක් සිගරට් එකක් කෑමක් සල්ලි දීල නං කන්නේ නෑ. නිකං දුන්නොත් නං ඕන දෙයක් ඇති වෙනකං. ඉතිං සල්ලි ඇති නේහ්.. හැක්
Deleteෆෝන් එකෙන් එද්දි මෙහෙම අවුල් වෙනවා අනේ... ඩබල් වටෙන්නේ ඒකයි...
ReplyDeleteකමියාගේ ක්‍රමය භාවිතා කරන්න දරුව
Deleteආධුනික කිවියර දේශක
ReplyDelete"අතකස" උන්නාද එදවස
අතකස තිබ්බේ එදා හෙළදිව
Deleteතෝ හිතුවේ මං එච්චර වයසයි කියාද?
ඒක හොඳ ආධුනික...හැක
ReplyDeleteඇත්ත වශයෙන්ම තාම ආධුනික තමයි ටීචර්..
Deleteඕක රජයේ විතරක් නෙවෙයි අනික් අංශවලටත් ඔහොමම තමයි . Mr ආධුනික :D
ReplyDeleteහැබෑව හැබෑව..
Deleteදෙන ගාණ වගේ දෙතුන් ගුණයක බීල වරෙන්.. ගෑණිටත් කියපන් කලින්ම එහෙම කලේ නැත්නම් ගෙදර බජට් එක බැලන්ස් කරන්න බෑ කියලා...
ReplyDeleteඅම්මප අපි ඒකම තමා කරන්නේ.. හැක්..
Delete//රජයේ රැකියා භවයක් නම් නොපතමි..// මම නම් නිකං කතා කරලා දුන්නත් එපා කියන ස්ථාවරයේ හිටියේ/ඉන්නේ. කාලකන්ණි පොලිටික්කොන්ට සෑර් කියන්න වෙන නිසා. ඊමේල් එකට දාහේ කොළයක් එවන්නම් එක ප්‍රින්ට් කර ගනින් :D
ReplyDeleteහැක් හැක්.. ඔය කිව්වට බොරු බං. රජයේ සේවකයන්ට දැං හොදලු..
Deleteරජයේ රැකියාවක් පතමි
ReplyDeleteඋඹලට දෙන්න රජයේ රැකියා මේ වලව් වල නෑ.. හැක්
DeleteThopita mahaththuru wennayi naya nowee innayi dekak bane. Oka paththaka daala pol kadanna palayan. Naththam hotaleka kottu bas wadeta palayan. Ehemath nathnam mesan bas kenek gawa sawal gahanna palayan. Nambupita kiyak hari hoyan atha nopa jeewath wenna onanam. Nodakin thopi wage haththa.
ReplyDeleteහැක් හැක්
Deleteමධ්‍යම පාන්තිකයන්ට කවදත් කරදර වැඩියි..