2015.03.26 පෙරවරු 11.00
“එහෙනං ඔක්කෝම හරිනේ.. ඔයා ලොකු එකාව ගන්න 1.00 ට.. ත්‍රයිෂෝ එකක් අරගෙන යන්න. මිනිහට ඇවිදින එක මහන්සියි ඔච්චර දුර.“
“හා මම හරියට 1 ට යන්නං. පොඩි ගේට්ටුව ගාව නේහ්.. මට මතකත් නෑ කාලෙකින් ගියෙත් නෑ නේ. ඇත්තට දැං මේන් ගේට් එකෙන්ද කොල්ලා යන්නේ“
“නෑ තාම ප්‍රයිමරි නිසා පොඩි ගේට්ටුටවෙන් යන්නේ. කියන එක අහගෙන ඉන්නවා විකාර කියවන්නේ නැතිව..#$%%%@$%@% හැක්“
“එතකොට පොඩි එකාව ඩේකෙයාර් එකෙන් ගන්න එක තමා අවුල“
“අයියෝ මනුස්සයෝ.. අඩි සීයක්වත් දුර නෑනේ. මිනිහවත් අරගෙන තුන්දෙනා එක්ක බස් එකේ එන්න. බැහැල ආයි වීල් එකක් අරන් ගියාම හරිනේ“
“මේ බඩු මලු දහයක් විතර උස්සගෙන මම පාරෙ යන කොට මිනිස්සු බලාවි මේ මොකෙක්ද කියලා.. වෙන ක්‍රමයක් නැද්ද අනේ ඕකට.. හරි වදයක් තමා පොඩි එකාව මට්ටු කරන එක. ඌ එක අඩියක් තියල අඩි දහයක් වටේ දුවනවා නෙව..“
“ඕන මගුලක් කරගන්නවා. එක්ක යන්න බැරි නං බම්බු ගහගන්නවා. මට කරන්න දෙයක් නෑ. මං එනකොට රෑ වෙයි ටිකක්. “
“කීය විතර වෙයිද එනකොට“
“වෙලාවක් කියන්න බෑ“
“නෑ නිකං ගෙස් කරල කියන්න වෙලාවක්“
“මේ... මං නැකැත් දන්නෑ.. එන වෙලාවට එනවා එච්චරයි“
“ඉතිං මං කීය වෙනකං බයෙන් ඉන්නද?“
“අැයි මං නැතිවෙනකං මිනිස්සු බලං ඉන්නවද තමුසේ උස්සං යන්න. නිකං බබා නොවී ඉන්නවා හිටං. පොඩි උන් දෙන්නා ඔයිට වැඩිය හොදයි“
“හා කමක් නෑ. මං ඉතිං අමරුවෙන් හරි ඉන්නං“
“මං තියනවා එහෙනං“
මගේ අම්මෝ ඔය මං හිතන්නේ ලව් කරන කාලෙ මල් කැඩුවට පස්සේ පවුලත් එක්ක ලොකු ටෙලිපොන් කොන්වර්සේසන් එකක් ගියාමයි මයි හිතේ. මේ ගෑනුන්ට එක විනාඩියක් සුවාමියා නැතිව ඉන්න බැරි හැටි. පුදුම සුවාමිබත්තියක් තමා තියෙන්නේ. බම්බුව.. හැක්
පෙරවරු 11.38
“හලෝ“
“දේශා.. ඔයා කොහේද“
“මං බස් එකට නගින්න ඉන්නේ“
“අනේ තරහ නොවී මේක අහගන්න“
“මොකක්ද“
“ඉස්කොලේ ටීචර් කෝල් කරා. ලොකු පුතාට හොදටම උණලු. පැනඩෝලුත් දුන්නලු. හිස කකියනවයි කිව්ව නිසා“
“අප්පට සිරි. මිනිහටත් එහෙනං අර උණ බෝවෙලා.. සැහ්.. දැං මොකද කරන්නේ“
“බේත් ගන්න ඕන.. දැං යන්න ඕන. ඔයි ගමන පස්සේ යන්න බැරියැ“
“බම්බුවක් කතා කරනවද? තමුසේ යනවා ඉස්කොලේට ගිහිල්ල කොල්ල අරන් ගිහින් බේත් අරන් දෙනවා“
“අයියෝ.. පිස්සු කියවන්න එපා.. මට බයයි උණ වැඩි උනොත් හෙම.. බෑ බෑ.. අද ඉන්න“
“මේ ගෑනුත් එක්ක මොකක්වත් කරන්න විදියක් නෑනේ.. මගුල“
“දැං ඕක අමතක කරල යං බේත් ගන්න. දන්නවා නේ ඔය උණ අමාරුයි හැදුනම“
“සික්.. හරි මං විනාඩි දහයෙන් එනවා ඔතනට. ලැහැස්ති වෙලා ඉන්න“
“හරි.. මං දැං එළියට එනවා එහෙනං. ඉක්මනට එන්න“
වැඩේ ජෝන්බාස්ටම ගියා නෙව. අපේ පොඩි එකාට සති දෙකකට කලින් හැදුනා උනක්. යකෝ 102 විතර උණ නගිනවා. මේකා ගැහෙනවා. දවස් දෙකක්ම නිදියගන්නැතිව ගේම ගැහුවේ. ඒ යකාට හො උනා විතරයි ලොකු එකාට බෝ උනා. මිනිහට හොද වෙච්චි ගමන් ආයි පොඩි එකාට බෝ උනා. මිනිහට හොද වෙලා දවසයි මේං ආයි ලොකු එකාට බෝ වෙලා.. බම්බුව. කියන එක ලේසියි. පොඩි උන්ට ඕක ඉවසන එක තමා ටිකක් අමාරු. කරන්න දෙයක් නෑ බේත් අරන් දීල කොල්ලත් එක්ක ගෙදර ඉන්නවා.
එතකොට නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල - 2014.... ඒකට බම්බු ගහගන්න කියනවා. හැක්
මේවා කියල තියෙන්නෙ කට කහනවාටයැ..
ReplyDelete'ආරෝග්‍යා පරමා ලාභා...'
දරු පැටවුන්ට ඉක්මන් සුවය පතනවා..!!
තැන්කුයි ලබ්බ...
Deleteමඩවලින් මිදෙන්නට දැමූ පෝස්ටුවකි හැක්
ReplyDeleteඒ කියන්නෙ නලින් අයියට මඩ නෑ කියන එක නෙමේ....?
Deleteනැතිව නැතිව. අපි ඇත්ත කතා කරන්න එපායැ නලියෝ
Deleteම්ම්ම්ම්ම්.....බලං උන්න එනකං .....
ReplyDeleteඇස් රිදෙන කම් සත්තලන්.....බොක්ක....
සමාවෙන්න සත්තලනේ.. මටත් කදුලු ආවා මේක දැකල
Deleteමේ කතාව ඇත්තනම් ඉතින් නො ආපු හේතුව සාධාරණයි. කොයි එකටත් පොඩි එකාගෙනුත් අහල බලන්නෝන.
ReplyDeleteමොන ඇත්තද ඕකා මේ පෝස්ට් එක කලින්ම ලියාගෙන හිටියෙ.
Deleteඑදා "කුදලන් යන" පෝස්ට් එක දැකපු වෙලේ මට හිතුනා මේකා මේ බයිල ගහන්නෙ කියල
බක්සි...
Deleteමේක ඇත්තම ඇත්ත කතාවක්.. ආයි බොරු කියල මං තෑගි ගන්නයැ..
ඇනෝවා
යකොව්.. අපහාස කරනන එපා. හැක්..උම නං මරු බඩුවක්..
මේ පෝස්ටුවට මගේ සම්පූර්ණ විරුද්ධත්වය........මං කියන්නෙ අන්තර්ගතයට.....හරි නෑ නේ...
ReplyDeleteඒ කිව්වේ කතන්දරේද බං...
Deleteඕං හරි දැන් අපි දන්නව හේතුව හොඳේ.. පොඩි එකාට ඉක්මණට සනීප වේවා! ඊලඟ හමුවීම යෙදෙන දවසට එකෙක්වත් අසනීප නොවේවා!
ReplyDeleteජය වේවා.. සැට් වෙමු දිනක තඩි කලුවා සමග
Deleteරී සයිකල් කතාවක්..........!
ReplyDeleteහැක්.. දවසක දාමය බිදින්නමෙි..
Delete//පොඩි උන් දෙන්නා ඔයිට වැඩිය හොදයි//
ReplyDeleteඕක උනයි කියල ආරංචි උනේනං වෙන විදියකට.
මොන සම්මාන %$$*%(*@(@!@ ක්ද ඕයි. අන්න අර පොල් ගෝනියයි, එලෝලු මලු දෙකයි, අරගෙන එන ගමං පොඩි උං දෙන්නත් අරං එනව.
මතක ඇතිව උං දෙන්නගෙ බෑග් දෙක උස්සගන්නව. උංට ඕව උස්සගෙන ඇවිදින්න මහන්සියි ඔච්චර දුර.
//මේ බඩු මලු දහයක් විතර උස්සගෙන මම පාරෙ යන කොට මිනිස්සු බලාවි මේ මොකෙක්ද කියලා.. වෙන ක්‍රමයක් නැද්ද අනේ ඕකට..//
@$!$!!*(*$$*_$(@_)(_@($_ දඩාං..... (ෆෝන් එක මහ හඬින් අතාරින හඬ)
ඔන්න ඔහොමලු දේශකයට කුළුඳුල් සම්මාන උළෙල මිස් උනේ ඉඳගෙන.
(උඩ කතාව ඇත්තනං පොඩි එකාට ඉක්මන් සුව පතනවා)
(උඩ කතාව ඇත්ත. දැං හුගක් සනීපයි)
Deleteයකෝ උඹ හිතුවද බොලාගේ බාර්යාවෝ වගේ අපේ බාර්යාවො අපිට බනිනනවයි කියලා.. එහෙම නෑ බං.. මං හිතන්නේ බොලාගේ බාර්යාවන්ට වැඩිය අපේ බාර්යාව සැරයි. හැක් හැක්..
දවසක එමි තොප දෙදෙනා සමග එක මෙසේ කන්ට ඉදගෙන :)
Deleteඔය දේශයකා එක්කනං ඉඳගෙන කන්න හම්බෙන එකක් නෑ.
Deleteඇයි යකෝ මං හිටගෙනද කන්නේ.. හැක්
Deleteඋබෙ බොරු
ReplyDeleteළමයින්ගේ ලෙඩ ගාව ගෙන බොරු කියන එක හොඳ නැති දෙයක්.
Deleteහැබැයි ලොකු එකෙකුත් නැත්තං පොඩි එකෙකුත් නැත්තං ඒ දෙන්නාගේ අම්මාත් නැත්තං ඒ තුන් දෙනා ගාවගෙන බොරු කිව්වාට කමකුත් නැහැ. හ්ම්... හ්ම්...
ආයි මක්කටැයි මං ඔහේට බොරු කියන්නේ හ..... ඇත්තමයි මං බේත් ගන්න යනකොට ඩොකා යන්න හදනවා.. බොට කියන්න අර ටවුමේ එච්එන්බී එක පිටිපස්සේ තියෙන ඩිස්පැන්සරෙියේ ඉන්නේ විජේගුණවර්ධන කියල වෑසක ඩොකෙක් ආං එයාගෙන් ගත්තේ. ඕනනං අහපං කොල්ලගේ ඉහ උඩ අංකය - 8797
Delete//බොට කියන්න අර ටවුමේ එච්එන්බී එක පිටිපස්සේ තියෙන ඩිස්පැන්සරෙියේ ඉන්නේ විජේගුණවර්ධන කියල වෑසක ඩොකෙක් ආං එයාගෙන් ගත්තේ. ඕනනං අහපං කොල්ලගේ ඉහ උඩ අංකය - 8797//
Deleteදීපංකො ඉතිං උත්තර!
ආයිත් අහලා.... හැක්
Deleteඔය කලින්ම ගියපාර ඉස්ටෝරිය දාල තියෙන්නෙ. මේ පාරත් මොකක් හරි ගැටයක් ගහල ගුලියක් අඹරන්න වගේ යන්නෙ.
ReplyDeleteමං ඉතිං ඔය දකුණේ උං වගේ ගුලි අඹරන්න කොඩි වින කටින්න දන්න එකක්යැ බං.. හැක්
Deleteඅනේ අනේ, මම හිතුවේ එදා එතන මොකද වුනේ කියලා සම්පූර්ණ තත්ත්ව වාර්තාවක් දෙයි කියලා.
ReplyDeleteහරි හරි. පොඩි එකාගේ අසනීපෙට වෙලාවට බෙහෙත් නොකලානම් දැන් කාලේ තියන ලෙඩ අනුව මොනවයින් මොනවා වෙයිද කියන්න බැහැ.
හැබෑට කව්රුවත් හරියටම ලස්සනට විස්තරකථනයක් කලේ නැනේ මාමේ.. (උඹ තරහ වෙලාද මන්දා මං මේ මාමා මාමා ගානවට හැක්)
DeleteMonday, March 23, 2015
ReplyDeleteYES or NO!! (එනවද නැද්ද? කුදලං යන්නද)
අවුරුදු දෙකයි මාස ගණං සංසාරේ
අකුරු කොටං බ්ලොග් ලිව්වේ මං රාලේ
යාළු මාළු බේබද්දෝ ඉන්න වෙලේ
හිත සතුටින් හිටියයි මං මේ කාලේ
තඩියට තඩියි පුක සුදුවට අපේ මාතා
කවදාවත්ම දැකලා නැත අම්මාපා
දත කට විකා ඉන්නේ මං දින ගැනලා
එදා තමයි මුණ බලන්නෙ මේ පැටියා
කතා ගොඩයි වල් කමකුයි නැතිම කෙනා
අගුරු වගෙයි මුණ කලුයි තට්ට සුදා
මැෂින් වලට තෙල් දානා අපේ නානා
මාත් එක්ක තෙල් ඩිංගක් බීල නැතා
නෝනා ලියන කවි දාලා බ්ලොග් එකට
පළවෙනි තැනම ගත් එකමයි මට පුදුම
ගෙදර ගියත් උගුරක් නෑ දුන්නේ මෙමට
තඩි දමියෝ අපි හවසක සෙට් වෙමුද
කරකාරෙට ලෝකේ පුරා සොයා ඇතේ
පපුව පුරා මහත කුක්කු පිරි ඇතේ
මාලේ ගෙලේ චේ පපුවේ ඇත්ත වගේ
කොහෙද ඉන්නේ ලිං ගෙම්බා අද දවසේ
එකෙක් හැදුවා සංගමේට මං ගන්න
අපි අහුවෙයි ඕවා කොහෙද මං එක්ක
කතා කරල පැණි ගෑවට චැට් එකක
අජිත් අයියගේ ධර්මය මට මක්ක
එන්න ඉතිං මේ විසි හය කොළඹ රටේ
දෙන්න උදව් මේ උදවිය කරන වැඩේ
අනේ ඉතිං බ්ලොග් වලටයැ මේ සේවේ
නෑවිත් ඉන්න හොදනෑ නෙව මේ තත්වේ
උඔගේ අපහසුව තෙරේනවා..පොඩ්ඩට ඉක්මනට සනිප වෙයි..
යාලුවෝ එක්ක සෙට් වෙන්න හදනකොට පොඩි මෙන්ඩියා ගැහෙනවා වමනේ යනවා උන අට අනුවක් ලෙඩ කියලා අපේ ගෑනි කොල් කරනවා ගිහින් බලපුවාම ඌට ඉහෙන් බහින රෝගයක් නෑ ඒතකොට සදු කියනවා අනේ මේ දැන් උණ බැස්සා විතරයි කියලා..දෙන්න හිතෙනවා හොම්බයි කටයි බොබ්බයි මොටයි වෙන්න..මම හිතූවේ ඔක අපි ගෑනිට විතරක් ආවේනික ලෙඩක් කියලා..
සමාවෙයන් හිත රිදුන දෙයක් කියවුනා නම් මට දුකයි උඔට ඒ උත්සවයට යන්න බැරිවුන ඒකට..දන්න තැනක හිටියානම් කුදලගෙන හරි යනවා.
ගණං ගන්න එපා බං. මොනව කරන්නද අපේ ගැනු කස්ටිය නෙව
Deleteපොඩි එකාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
ReplyDeleteඔය මුලින් තියෙන කොන්වසේසොං එකනං ඉතිං උඹ අහන්න කියන්න හීනෙං වගේ හිතා ඉන්න එකක්! ලියලාවත් සැනසියකො!
හැක් හැක්.. කොන්වරසේසන් කතාව නං එහෙම තමා. මං ඔහොම කතා කරා නං මගේ කෑලි ගලවල බාර් එකට විකුණාවි අපේ ගෑනි.. හැක්
Deleteඋඹත් මාතා වගේ රිප්ලයි එක නොවරදවා දාන එළ පොරක්! ඒකට මගේ සැලූට් එක.
Delete(යථාර්තයනං අපිටත් හේම තමා)
ඒක යුතුකමක් නේ බං..
Deleteදරුවට ඉක්මන් සුවය පතනව.
ReplyDeleteමේක බොරුවක් නම්, ආයෙ පාරක් මේ හේතුවම කියන්නැතිව වෙන ලස්සන බොරුවක් දාපං. හැබැයි මම කලින් පෝස්ට් එක බලද්දිම හිතුන දේශ එන්නෙ නෑ කියල.
උඹ හැබෑට එහෙම හිතුවද බං.. සිරාවට එන්න හිටියේ.. ලක්ෂරි වෙහිකල් එකක් අරන්.. කරුමේ ඩබල් පින සිංගල් කිය්නේ මේ වෙලාවට තමා. (කෝ අර ගෙම්බා)
Deleteමම දැනගතිමි මම සැක කලෙමි සිංහ බා සිංහ බා..... සිංහ බා...
ReplyDeleteගල් ලෙන බින්දා.. ආයිත් වැහුවා.. කෝ ඉතිං උඹ ආවේත් නෑනේ බොල.. මක්කයි උනේ..
Deleteපොඩි උන්ට අවුලක් වෙන්නේ නැහැ.බය වෙන්ට එපා කියලා පවුලට කියහන්.
ReplyDeleteරතු තොප්පිය දාපු එකෙක් හොයන්න ගිහින් මාව වල්මත් වුණත් එක්කලා.
හැබෑට අර සුමිත් නිරිඇල්ල කියන ගෝතයා ආවේ නැද්ද?? මං හිතුවේ පොරව උඹට සැට් කරන්න.. හැක්
Deleteදේශගෙ කෙප්ප.
ReplyDeleteමොකැයි අප්ප බොරු කියන්නෙ
පොඩ්ඩට ඉක්මණට සනීප වෙන්ට ඕන.
හයියු... මං කවාදාවත් බොරුවක් වංචාවක් දුසනයක් කරල තියේද නෑනේ.. ඒක මං දන්නවා.. හැක්
Deleteදේශ දන්නව නං ඒ මදෑ හිහි
Deleteමං ගැන මට වඩා දන්නේ එක්කෙනයි. එයාත් මැරිලා.. හැක්
Deleteමම නං ඔය බණේ කලිම්ම කීවා.එකක් කියන්නං බොලාගේ මගුල් වලට පොඩි උන් ඈඳා ගන්න එපා.පව්.
ReplyDeleteබොලාගේ කට තමා මට හෙනේට හිටියේ .තුක් විතරක් ඇස්වහ කට වහ
Deleteකොච්චර උනත් දේශකයාව හම්බෙන්න සෑහෙන්න ආසාවෙන් හිටියේ...
ReplyDeleteපොඩි එකාට ඉක්මන් සුවය පතමි.....
ආයි හම්බ වෙන්න ලැබෙයි නේ බං.. ගනං ගන්න එපා
Deleteමං දන්නවා.. මෙයා එන්නෙ නැ... දේශකයා කවදාවත් පෙනිසිටින්නෙ නැ වගේ... මෙයයිව දැකපු කෙනෙකුත් නැ... අද්භුතයි :D
ReplyDeleteවිලි ලැජ්ජයි
Deleteඉක්මනින් සුව වේවා ....
ReplyDeleteඔය රසික කරා වගේ ප්‍රාර්ථනාවක්ද? හැක්
Deleteගහකට ගිය එකාටත් උත්තරයක් තිබුන රටක් නේ...
ReplyDeleteඒකටම ගියපු රටනේ මේක ලොක්කා. හැක්
Deleteඇත්තමයි කියල හිතමුකෝ... පොඩි එකාට සුව වෙන්න කියල පතනවා....
ReplyDeleteහිතන්න දෙයක් නෑ බං ඇත්ත තමා..අර අංකෙත් තියෙන්නේ
Deleteඔය තියෙන්නේ.. ඔහොම යන්... ඕක තමා ක්‍රමේ.. පොඩි උන්ට ඉක්මට සනීප වෙයි.. සනීප නොවුනත් මොකෝ නෙහ්.. අසනීපයක් තියන එකක්යෑ.... heh
ReplyDeleteඅබ්බට බොබ.. මෙන්න අපේ සෙන්නා..
Deleteඅනේ උබටත් යන්න බැරි උනාද ..... පුදුමාකාර සන්තෝසයක් දැනෙන්නේ
ReplyDeleteමටත් එහෙමයි. උඹ වගේ එකෙක් ආවානං හෙම.. මොකෑ වෙන්නේ..
Deleteපොඩි එකා හන්දා එහෙනම් අද දේශා බේරිලා..
ReplyDeleteඒකත් හරි තමා බොලේ.. හැක් හැක්
Deleteපොඩි පැටියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා දේශා, මදැයි විස්තර දැන ගන්න බලා හිටියා.
ReplyDeleteඅප්පෝ විස්තර කියන්න ඕන තරං හිටියේ.. අර ඕන නැති මැන්ටල්ලා, රෑට නිදි බස්සිලා, කවි නොකිවු මිත්තරලා.. හැක්
Deleteකොයි යකත් ගෑණිට බයයි ලු නේ.............. දේශයියට තෙරුවන් සරණයි.
ReplyDeleteඅනේ ඉතිං ඕක අහන්නත් දෙයක් යැ නගේ..
Deleteපොඩි උන්ට ඉක්මන් සුව පතනවා.
ReplyDeleteමම ආවේ නැත්තේ උඹ ඇවිත් කුදලං යනකල් බලා හිටපු නිසාය.
කුදලං යන්න තිබුනා කොහේද ඒ දවස් වල බොලාගේ අන්නිව කුදලං යනවා දැකල මට සංසාරේ එපා උනා
Deleteඅනේ පල ගස්බල්ලො යන්න. උඹ නිකන් පොඩි උන් ගාවගන්නව මේ පාරත්. උඹ යන්තන් වැඩේට පබ්ලිසිටියක්වත් දුන්න නිසා එක අතකට හොඳා. ඒත් දැකල, යන්නෙත් නැතුන්, කාවවත් යවන්න බලන්නෙත් නැතුන් හිටපු උන්ටවඩා උඹ ටිකාක් විතර හොඳයි එක අතකට.
ReplyDeleteබෝම ස්තුතියි විද්වත් ප්‍රකාශයට.. හැක්
Deleteසම්මානේ වගේද දේශා ළමයි . .
ReplyDeleteඒක තේරෙන්නේ ළමයි ඉන්න උන්ට විතරයිද මන්දා . . හෙ හෙ හේ
හැක් හැක්. දුකා දැකීම දුකක් වෙන්නෑ කෝමත්..
Deleteදේශකතුමා හම්බවෙන්න ගොඩක් කැමැත්තෙන් හීටියෙ. කොහෙද ඉතින් අවේ නෑනෙ. කවුද දන්නෙ මෙහෙම සිද්දියක්වූන විත්තියක්. පොඩි එකාට නිරෝගී සුව පතනවා. ජය වේවා!!!
ReplyDeleteජය වේවා. කියමු සින්දුවක්
Deleteවිසිල් විතරයි. බල්ටි නෑ.
ReplyDeleteවෙල්කම් වේවා.. මගේ හැටි ඉතිං ඔහොමම තමා.. හැක්
Deleteළමයින්ගේ කතාව ඇත්ත වෙන්නැති ,හැබැයි දේශා මේ තරම් සිංහයා වගේ හාමිනේට කතාකොරයි කියලානම් ජීවිතේට හිතන්න බෑ කියලා දමියා දැන් තුන් පාරක් කෝල් කරලා කිව්වා අම්මපා
ReplyDeleteදමියා පුරුද්දෙන් හිතල ඒක තව කෙනෙකුට ආදේශ කරන්න ඇති මයේ හිතේ මලයෝ
Deleteමේක අර වීර සංගිලි පනික්කියගෙ වගේ අසාර්ථක තිර රචනයක්...
ReplyDeleteසැහ්.. ඒ .තරං අවුල්ද? තාත්වික නැද්ද.. හැක්
Deleteවචනයෙන් හරි අපිට සපෝර්ට් කරපු දේශා. පොඩි එකාට දැන් සනීප වෙලා කියල හිතනවා.
ReplyDeleteපොඩි හරි සපෝට් එකක් දෙනන තිබුනා වෝකර් නොකවුට් වෙන්නම එන්න ලැබුනනං. ජය වේවා අජ්ජා..
Delete