ගඟ දියෙන් පිපී විත්
ඇග දවන සීතලක
හිමිදිරිය බව දැනම
පෝලිමේ කෙළවරක
අත් තටු ගසා විත්
විහග කැල එබෙනවා
සීරුවේ එක දිගට
සුදු පීත්ත පේනවා
ඒ මැදින් හරි ලකට
කඩ ඉරක් දුවනවා
පාලමේ දිලිසීම
ඉර නැතත් තියෙනවා
කළු පාට සුදු පාට
සැප කාර් එක දෙකක්
සුදු පාට එළි දමා
සැරවැරෙන් ඉගිලුනා
ඇස් දෙකට වාරු නැති
අත පයට හයිය නැති
කඩමාලු අත් දෙකට
වෙව්ලුමක් දැනෙනවා
නිදි නොමැති රෑ යමෙක
බඩගින්න ඉවසගෙන
පෝලිමේ කෙළවරක
පරඩැලක් වැනෙනවා
හව් හරණ උදව්වක්
නැතිම වී ගිය විටදී
තව ටිකෙන් වැටෙන්නට
ඉඩ උනත් තියෙනවා
ඇස් දෙකින් ගිනියම්ව
ඇග පුරා සීතලව
කුසගින්න බලවත්ව
නිදි යහන පෙනෙනවා
පරඩැල්ද සුලග සේ
බිම කරා දුවද්දි
තවත් එක් පරඩැලක්
වැටෙන පරඩැල් අගට
යහනාව තනනවා
තිබුනනං මට ඉඩක්
පාලමේ සුදු යකඩ
ගලවගෙන මෙහි ඇවිත්
අත් වාරු හදනවා
නිමිත්ත - පාන්දර යාමයේ ආණ්ඩුවේ ඉස්පිරිතාල පෝලිමක මහ පාර වෙන්නටම කෙළවරේ ගත වාරු නැතිව වැටෙන්න ගිය ලෙඩෙක් අල්ලාගත් තවත් එවැනිම ලෙඩෙක් දැකීම... පෝලිමට අඩි කිහිපයක් එහායින් කෝටි ගානක් වැය කොට සකස් කළ කිරිම කිරි පාටින් බැබලෙන සුදු යකඩ පාලමකි....
හ්ම්ම්.....
ReplyDeleteඅම්මට බොල.. පබිලිස් වෙන්නත් කලින් කැන්ජි ගොයියා ඇවිත්.. හැක්.. වෙල්කම් බැක්
Deleteපලමුව තුති කලයුතුය
Deleteඅත දුන් රෝගියාට
අත දුන් එකාගේ යහගුණේ බලය
යොමුකරන්නේ ඔබ
දිලිසෙන වැට දිහාවටය,
88ට පෙර
ජේ වී පී චින්තනය,
මොටෝ ඔතරම් ඉරිසියා
හදමු අපි අලුත් වැටක්
වාරු දෙන්නට දුබලයාට
තිබුනාදෙන් වැට ලස්සනට දිලිහි දිලිහි
රටත් ලස්සන වෙන්ට ඕනෑ
එතකොටයි
හිතුත් ලස්සන වන්නේ
This comment has been removed by the author.
Deleteහැබෑව හැබෑව.. දෙකම කෙරෙනවනං කොයි තරං අගේද
Deleteඔහොම දකින්නත් ......
ReplyDeleteදෑස් පිං කොරන්න......
ඕන මං සිතන්නෙ ...
හිටං ......
හැබැට... 720 මිලි ගහලය ඉන්නේ.. හැක්
Deleteහිතා හිටියාට
ReplyDeleteයකඩ වගෙ මගේ ගත
එනමුදු යම් දිනක
අපි සැවොම දිරනවා
සුදු යකඩ පාළමත්
දිලිසි දිලිසී සිටියාට
යම් දිනක දිරනවා
සියළු දේ දිරනවා
දිරන්නට පෙර යමක්
Deleteගත යුතුය හොද වැඩක්
තැන්කුයි සුදීක...
yes
Deleteඒකනේ.. තාම මේ උමරිගෙන් වැඩක් ගන්න බැරි උනා නේ..
Deleteඉන්නකෝ හෙට අනිද්දා ලියනෝ
Deleteඅකුරු දෙක තුනක් නං ලිව්ව වගේ මතකයි
Deleteනිමිත්තක් මොකට දැම්මාද
ReplyDeleteමගේ හිත අහනවා.
නිමිත්ත නොතිබ්බත්
කවියේ රස දැනෙනවා.
මකමු එහෙනං.. හැක් හැක්..
Deleteවැටවල් ගහන්නෙත්
ReplyDeleteවැඩක් නැති තැන්වල
අම්බෝ කාාලෙකින්..
Deleteකණු අරන් බ්ලොග් වලත්
වැටවල්ම ගහන උන්.. ඉන්නවා..
මොකක් ගැනද බං... ජීවිතය ගැනද....?
ReplyDeleteනිමිත්ත මැකුවා...
Deleteනිමිත්ත - පාන්දර යාමයේ ආණ්ඩුවේ ඉස්පිරිතාල පෝලිමක මහ පාර වෙන්නටම කෙළවරේ ගත වාරු නැතිව වැටෙන්න ගිය ලෙඩෙක් අල්ලාගත් තවත් එවැනිම ලෙඩෙක් දැකීම... පෝලිමට අඩි කිහිපයක් එහායින් කෝටි ගානක් වැය කොට සකස් කළ කිරිම කිරි පාටින් බැබලෙන සුදු යකඩ පාලමකි....
Thanks...
DeletePatta
එල. නිමිත්ත නැතුව අවුල්
Deleteඔන්න ඉතිං මං ආයිත් නිමිත්ත දැම්මා..
Deleteමට අර ගොවියයි ගනියි බුරුවා විකුනන්න ගිය හැටි මතක් වුනා. කෝ මදාවි නැත්ද ?
Deleteඅජිත්...
Deleteහාන්ස් ක්‍රිස්ටියන්ගේ මේ කතාව කියෙව්වද??
http://deshakaya.blogspot.com/2014/09/blog-post.html
ඒ ලෙඩා තොටියෙක් නම්.. හ්ම්ම්.. තිරසාර නොවන සංවර්ධනෙත් ප්‍රශ්ණයක් තමයි..
ReplyDeleteසංවර්ධනය නොවෙයි.. අවශ්‍යතාවයන් හදුනා නොගැනීම.. දැං ඉස්පිරිතාලේ හත් අටසීයක පෝලිම වෙනුවට පොඩි පෝලිං දෙක තුනක් දානන් බැරිය.. ඒත් නිලධාරිවාදය, අවම පහසුකම් ඒවට ඉඩ දෙන්නෑ
Deleteඅඩේ බොලා යහ පාලනය යටතේ පාලං වල තියෙන යකඩ උස්සන්නද හදන්නෙ.
ReplyDeleteඔය OPD වල පෝලිං ගැනනං කියල වැඩක් නෑ. රත්නපුරේදි මාත් හොඳට දැකල තියෙනව.
අපි එක පාරයි දෙපාරයි දකින්නේ ඕවා.. හැක්
Deleteතිබුනනං මට ඉඩක්
ReplyDeleteපාලමේ සුදු යකඩ
ගලවගෙන මෙහි ඇවිත්
අත් වාරු හදනවා
පට්ට...
ස්තුතියි
Deleteයකඩ සුදා,
ReplyDeleteඔය පෝලිම පාන්දර දෙකේ තුනේ ඉදන් හැදෙනවා. ඒත් ඒ මිනිස්සු කලින් දවසෙ ඇවිත් පාර අයිනෙ රෙදි කෑල්ලක් එලාන නිදියනව. ඇස් දෙකින්ම දැකල කතා කරල තියනව. සමහර වෙලාවට නුවර පෝලිම් වල ගොඩක් හිටියෙ පොළොන්නරුව පැත්තෙ අය. ඒ අයට බෙහෙත් ටික අරන් ගෙදර යන්න දවස් දෙකකට වඩා යනවා. දියුණුයි කියන ලෝකෙ
හා. ඔව් නේන්නං උඹ එ් දවස් වල නුවර ඒටීඑම් මැෂින් වංචාවකටත් අහු උනා නේද?
Deleteයකෝ මෙව්වා හිතන්න මේ අපේ වයසට එනකල් හිටපං. එතකල් ඔය ඉන්න සොමියෙන් හිටපං.
ReplyDeleteසොමියෙන් ඉමු. ඒත් සොමියෙන්ම මැරෙන්නත් ඕන.. හරිය...
Deleteඒ අස්සේ තව එකෙක්
ReplyDeleteපෝළිමේ සිටිය තැන
මොනරු භාගෙක මිලට
තවකෙකුට පුදනවා
ඒ පුදල වෙවුලමින්
පාලමෙන් එගොඩ වී
"පොට්" එකට දුවනවා
අද සුප්පා.....
ජය වේවා...
ඒකත් හරි.. එහෙම ඒවත් තියෙනවා කොළඹ නුවර...
Deleteදේශකයෝ මට මතක් උනේ මේ සින්දුව බන් .ඒ පාලම හදන්න දායක වුන අයෙක් ඉන්නත් තිබුන මෙතැන .....
ReplyDeleteඅවුවට වැස්සට හුරු මිනිසුන්ගේ....
දෑතේ විරියෙනි රටවල් නැගුනේ....
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්...
මොන රජ මැදුරේද සුදු කොඩි නැගුනේ....
දාගැබ් මහා වැවු කළා නිකේතන,
නුඹලා දෑතිනි මිහිමත මැවුනේ...
ඒ නුඹලාටයි, මේ දරුවන්ටයි,
මොන රජ මැදුරේද දොරටුව ඇරුනේ...
මොන රජ මැදුරේද බත් පත බෙදුනේ...
රජ සැප විදිනට රජ දරුවන් හට,
නුඹලා දෑතිනි මන්දිර මැවුනේ...
ඒ නුඹලාගේ දුක දැක ගන්නට,
මොන රජ දැරුවද පැලකට වැඩියේ...
මොන රජ දැරුවද පැලකට වැඩියේ.
ගායනය - ටි එම ජයරත්න
ගී පද - රඹුක්කන සිද්ධාර්ථ හිමි
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
කියන්න බෑ ඉතිං.. වෙන්න බැරි දෙයක් නෙමෙයි නේ බං. සිංදුවට තැන්කුයි..
Deleteදන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා
Deleteසතර අමා ගිනි නිවෙනා දා ,,,
සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ........
නාවර පෙරෙනා මුහුණින්
කඳුළු මිදුනු ගිජු දෑසින්
දස දහසක් සක්වල වට අමාවතුර ගලනා දා
පයිප්පයේ දුඹුරු වතුර බෙලෙක් පිඟානේ පුරවා
මුවින් උරා බොන්නෝ,,,, සෝපාකලා........
දන්සල් ළඟ පෝලිම් වල සෝපාකලා
සතර අමා ගිනි නිවෙනා දා ,,,
සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ........
පදික වේදිකා නිවසේ
මව් සෙනෙහස විඳ නැතියෝ
සියල් සතට තුන් ලොවටම
අමා මෑණි බිහි වූදා
පුතේ කියා මවක මුවින්
කිරිවදනක් නෑසූවෝ
අදත් ඉඳිති නාඩා ,,,,,සෝපාකලා.......
දන්සැල් ළඟ පෝලිම් වල සෝපාකලා
සතර අමා ගිනි නිවෙනා දා ,,,
සුදහ ගින්දරේ,,,,,,, බලා ඉඳින්නෝ.....
සින්දු ඇනෝ , මට මතක් වුනේ අර අමරදේවගේ - මා දැන් මහලු වියේ ගීතය.
Deleteඅජිතෝ.. බොට ඉතිං දවස තිස්සේම හරියන්නේ ඒ සිනුදුව තමා.. හැක්
Deleteයකෝ පනහට තව මාසයක් තියෙනවා.
Deleteහැක් හැක්.. ඉතිං හරිනේ. කවද්ද දිනේ
Deleteජීවිතයේ යථාර්තය තමයි ඉතිං...මොකද හදිසියේ මෙහෙම යමක් ලිව්වෙ..ගොක් කොළවත් හීනෙන් දැක්කද ?
ReplyDeleteගොක් කොල නං හැමදාම පේනවා. ඒක අමතක කරල නැහැ. හැක්..
Deleteනිමිත්ත දැනගත්තේ කොමෙන්ට් එකෙකින්, එතකන් මටත් තේරුනේ නෑ. හැබැයි පට්ට කයිය. දේශා කවියෙක් වීමේ ප්‍රීතිය .
ReplyDeleteප්‍රීතිය සමරන්න මං ගානේ (මම වාඩි වෙලා ඉන්නවා විතරයි) පත්තරේලයි ගෙදර පාටියක් දෙනවා. ගියපාර බොට යන්න බැරි උන නිසා මේ පාරවත් වර... හැක්
Delete!!!!!!!!!!!!!!!!
Deleteඅඩේ ප්‍රා.. උඹ ගියෙත් නෑනේ. මේ පාර යං.. හැක්
Deleteමනරම් බන්
ReplyDeleteජ ය වේ වා !!
එහෙනම් බන්..
Deleteජ ය වේ වා !! බේබ්ද්දා..
මෙන්න නිර්මාණ!
ReplyDeleteකාටත් ඔය ටික වෙයි.
හැබැද මදාවියෝ.. හැක්..
Deleteනිසදැස සමග නිමිත්ත කියවලා අපිට මේ තරම් දැනුනානම් ඒ සිද්ධිය දැකපු උඔට මොනතරම් දැනෙන්න ඇද්ද..
ReplyDeleteඑල ද බ්‍රා ලියවිල්ල..
උඹ නං බ්‍රා කප්පිත්තෙක්.. හැක්..
Deleteතිබුනනං මට ඉඩක්
ReplyDeleteපාලමේ සුදු යකඩ
ගලවගෙන මෙහි ඇවිත්
අත් වාරු හදනවා
කවියේ මුළු අර්ථයම මෙතන .නියමයි
අම්මප තෝව දැක්කම හපල හපල හපල විසි කරන්න හිතෙනවා චුයිංගම් එකක් වගේ.. හැක්. සන්තෝසයි දැකීමම..
Deleteසිදෙන් නැතිවෙන්න හපන්න හොඩේ :D
Deleteසිදේ සිදේ කියල බෙරිහන් දෙනවා හෙම නෙමෙයි.. හැක්
Deleteතැලෙන මිනිස්සු හැමදාම හැමතැනම තැලෙනවා...
ReplyDeleteඅත්වාරුවක් නැතුවම...
මරු!
වෙල්කම් මහේෂ්...
Deleteඅත්වාරු කුමකට
රට පුරා ඉන්න
මෝඩ ජනයාට
පෙනුමට පාළම හැදුවම
ReplyDeleteලොක්ක දම්මල..ඕපනුත් කෙරුවහම
ලැබුන තැන, ආටෝප උජාරුව
වැහුනෙ ඔය යස අගට ඒකෙන්
යුතුකම් වගකීම්වල
අලි ගියපු මහ හිල්
මෙන්න කවි.. හැක්
Deleteශෙහ්! පට්ටයි ඈ!
ReplyDeleteබොට ඉතිං පට්ට නැති මක්කවත් තියෙන එකක්යැ.. හැක්
Deleteඒ පාර උබත් තුන් තේරවිලි කවි ලියන්න ගත්තද??? එක පාරක් ඇවිත් බලද්දී මෙලෝ දෙයක් තේරුනේ නෑ ........ හොඳ වෙලාවට දැන් නිමිත්ත දාලා ............
ReplyDeleteවැල යන අතට මැස්ස ගැසීම..
DeleteE303 උපහාර ඩොන්ගල් එක ලේසියෙන් අන්ලොක් කරමු
ReplyDeleteවිස්තරේ නං වටිනවා කාට හරි.. තැන්කුයි
Deleteහොඳ කවියකින් පටන් අරන් තියෙන්නේ.
ReplyDeleteඔව් ඔව්.. පටන් ගන්නවා නවත්නවා.. ඒ තරං දහිරියයි මේ දවස් වල මම.. හැක්
Deleteඔන්න දේශකයාටත් සංවේදී හිතක් තියෙනවයි කියලා අපි පිළිගන්නවා.
ReplyDeleteඔයැයි මගේ සංවේදි හිත දැකල නෑ එහෙනං.. හැක්..
Delete//තිබුනනං මට ඉඩක්
ReplyDeleteපාලමේ සුදු යකඩ
ගලවගෙන මෙහි ඇවිත්
අත් වාරු හදනවා//
ටික කලක් ගිහින් තව
"කවුද බොල පාලමේ
සුදු යකඩ ගැලෙව්වේ,
කී දෙනෙක් නම් මෙතන
අනතුරට පත් වුණිද"
කියා තව කවි ලියා
තවත් තැනකින් යකඩ
ගලවගෙන මෙහි ගෙනත්
පාලමේ අඩුපාඩු
ආයෙමත් හදනවා
:)
යහපාලනය ආවොත් නං අමාරුවේ..
Delete// පරඩැල්ද සුලග සේ
ReplyDeleteබිම කරා දුවද්දි
තවත් එක් පරඩැලක්
වැටෙන පරඩැල් අගට
යහනාව තනනවා // මේ පද ටික හුඟක් හිතට දැනුනා.
නියමයි නේ..
Deleteකාසි නැති ජීවිතයෙ
ReplyDeleteඅවසානෙ සිපිරිගෙය
නොවී දරුවන් ඇගේ
කාසියට ලොල් උනා
පුතේ උඹ දුක් නොවිය
තනිකමක් මට නැතිය
පෝලිමේ මම වගේ
බෝ දෙනා ඉන්නවා...
(මේ අම්මලා තාත්තලා වගේම දරුවනුත් අසරණයි.ජනප්‍රිය දේ ට වත්, උන් සල්ලි දෙන දේ ට වත් නොවී අවශ්‍ය දේට ලොකු ඇත්තො වියදම් කළොත්....)
වෙල්කම් ලබ්බා ගස්!!!
Deleteනිමිත්ත දැක්කාම කවිය කියවන්ට ඕනිත් නෑ. එච්චරට ලස්සනයි දේශකයෝ. කම්මැලි නැතුව කතාවක් ලියන්ටකෝ.
ReplyDeleteට්‍රයි කරනවා ට්‍රයි කරනවා. තාම හරිගියේ නෑ පොඩ්ඩියේ..
Deleteඔය වගේ දේවල් වෙන්නේ පේන්නේ නැත්නම් මේ සංවේදී ජීවිතෙන් වැඩක් නෑ අප්පා...
ReplyDeleteඋදේ පාන්දර සිත සසල කලාට මොනාද ඔහේට දෙන්නේ....?
බ්‍රැන්ඩ් එක ගල් සංගමය.. ගල් තියෙද්දි වෙන ඒවා ගහන සංගමය.. හැක්
Deleteලස්සනම ලස්සන පද බැඳුමට මගෙන් මල් මිටක්!
ReplyDeleteශනියා කාලෙකින් මෙ පැත්තේ.. තැනුකුයි.
Deleteසංවේදී නිමිත්තකුයි .. සංවේදී කවියකුයි .. කට හැකර දේශකයෙකුයි :)
ReplyDeleteබිත්තියේ ගහපු පැතුමකුයි.. හැක්
Deleteහරිම ලස්සනයි.හිතට දැනෙන්නම ලියලා.(Y)
ReplyDeleteහොදයි නේහ්.. හැක්
Deleteආවේ කතාවක් බලන්න ........... කතා නැතෙයි දැන්
ReplyDeleteසිදී ඇත.. කතා ගග.. වෙලාවක් නොමැති කම..
Delete