කෑම කඩේ හතර වටේ
දුවපු මගේ දෙක
නැති උනාම මල වදේය
අහපු මගේ දෙක
හුවමාරුව කරගත්තම
නැති උන මගෙ දෙක
හැක්ස් එකට මයිලේඩිට
මාරු කරපු දෙක
අතේ සතේ නැති වෙන කොට
එකතු කරපු දෙක
ඒක අරන් ස්ලාං ගාලා
වීසි කරපු දෙක
එක බල්ලට එකක් ගානේ
හොයල බලපු දෙක
මට කවදත් අතට නාපු
මගේම වූ දෙක
හිත ඇත්නම් මොන කතාද
සාක්කුවෙයි දෙක
රණ්ඩු කරල, යෂ්ඨි දමල
ඉල්ලගත්ත දෙක
අඩල අඩල ඇති් උනාම
නිකං දුන්න දෙක
නැතිය කියල වැලපුනොතින්
දෙවියෝ දීපු දෙක
ගෙදර වටේ කැටේ පුරා
පිරිල තිබ්බ දෙක
මල මගුලක් එකක් නෑනේ
දැං ඒකේ දෙක
ඉදල හිටල ලැබුනා උනත්
මගේ තමයි දෙක
මුලලාලියා පෝසත් උනේ
අරන් මගේ දෙක
ආයේ ඉතිං ඕන නෑනේ
මගේ පුංචි දෙක
රවුං කරල වැටයුවාම
ඉවරයි නෙව දෙක
කොන්දොස්තර කවදාවත්
ReplyDeleteලබා නොදෙන දෙක.
හදීසියට කවදාවත්
ලග නොරැදෙන දෙක.
නියමයි බං. මේක කියවලා දෙක පැටලුනා වගේ!! පට්ටයි. :D :D
දේසකය පමළ දෙක
Deleteවෙලා වගේයි පහනෙ දෙක
මේක දාපු පවට දෙක
හැලියන් මුගෙ පරන දෙක
@ ප්‍රියා
Deleteඋම කියන්නේ කොන්දගේ දෙක ගැන නේ.. හැක්..
@ උපේ..
හැලුනා බොල හැලුනා
ලොක්කා එය ගත්තා
මට නොලැබුනු හින්දා
ගත්ත එකා දින්නා... හැක්
සුපිරි!
ReplyDeleteමේ මොකක්ද ඒත් --> "වැටයුවාම" ?
ඇයි තිස්සයිය දන්නැද්ද ආසන්න අගයට වැටයීම.
Deleteටිට්ට අයියා ගණං වලදි වටයනවා කියල එකක් තියෙන්නේ අන්න ඒක..
Delete40 ශ්‍රී ලොරියක් තියනවා මරු භාන්ඩෙ.... බට්ටි පරාදයි... ලෑල්ලට පෑගුවහැකි.... ගන්නවද... අයිතිකාරයා රට යන්න හදන නිසා විකුනන්න දාලා තියෙන්නෙ....
ReplyDeletehttp://jangun.wordpress.com
Deleteඒ වැඩේ හරියන්නෑ බං.. වෙසෙල් එකක් නං සලකා බලනවා..
Deleteවෙසෙල් එකේ ලෙඩ, ආයේ කම්පැනි කෝල් එකක් යනවා සොෆ්ට්වෙයාර් වර්ෂන් අප්ඩේට් කරන්න, ඉන්ඩිකේෂන් ඔක්කොම අවුල් සමහරක් ඒවායේ.
Deleteඕයේස්. ඔක්කෝම කම්පැනි අදිනවා.. හැබැයි ඊට පස්සේ පුයල් එපිසියන්සි, පර්පොමන්ස් හෙම හොද වේවිලු..
Deleteම්ම්ම්.....
ReplyDeleteKenji Ogawa shared Naleen Dilruksha's photo.
15 mins ·
කන්න ....දෙනවනම්......බොන්න දෙනවනම්......මෙහම කට පුරවන්......කන් නෑහුනා....ලෙසට......ඇස් දෙක පොට්ට ලෙසට.......ලියන්නම්.....රජ තුමණි ..........// ...හෙක්...හෙක්....මෝඩ හරක් රැල ...ගනියිනෙ පත්තරේ.....බත් ඔතන්ට හරි........තෙවරත් ඔබ තුමාම ....එන්න ඕනි......//.....
මොකෝ බොකු.. බොකු බරද??
Deleteඅම්මප මගේ දෙක!!
ReplyDeleteතියෙනවා නෙවද???
Deleteමොකෙකුටවත් අල්ලන්නට දෙන්නෙමනෑ දෙක...
ReplyDeleteහැක් හැක්...
ජ ය වේ වා !!!
ෂැයිෂ් එක අප්ෂැට්ද අයියේ...
Deleteමොන දෙක ගැනද බං ඔය කියන්නෙ..
ReplyDeleteදැන්නං මටත් සුවර් නෑ.. හැක්..
Deleteලියලා එක දෙක
ReplyDeleteපන්න ගත්තු දෙක
ලියලා එක දෙක
වැඩියං මේ රුක
ලිව්වට මේ දෙක
Deleteඑකක් හිදිලා ඇත
දුන්නොත් සප් එක
ලියනෙමි දෙක දෙක
අපොයි... දෙක පැටලුනනේ......
ReplyDeleteහැක් හැක්.. මට හිතුනා.. වෙල්කම් දීප්ති..
Deleteසිගරට් ගනන් ගිය එකට සෑහෙන දුකෙන් වගේ.දෙකට කෙල වෙනවනෙ.දැන් 30යි නේ. :D
ReplyDeleteහාපොයි නෑ සන්තෝසෙට ලිව්වේ.. ඇයි බං දැං දෙකේ කචල් නෑනේ අපි ප්‍රී.. හැක්..
Deleteවෙල්කම් වේවා සුදර්ශන...
කී පාරක් වෙල්කම් කියනවද?
Deleteහැක්..හැක්..
මට ඉතිං දෙක පැටලෙනවා නේ බං.. සොරි ම තමා.. උම්මා
Deleteඈ ....දෙක ඉවර වෙලා නොවෑ දේශක ගේ.මගේ නම් එක ඉවර උනේ ...
ReplyDeleteජය
ඒ කියන්නේ ඩන්ග්ගිල්...
Deleteසුබ පැතුම් ! තව ටිකක් කල ගිහින් මතක් වුනානම් තමා හොඳ.. වටයලා ගන්න බැරියෑ..
ReplyDeleteහැක් හැක්.. ඔයැයි මක්කයි අනේ මේ කියන්නේ..
Deleteඔක්කොමත් හරි. මට තේරුණේ නැත්තෙ "මගේම චූ දෙක" කියන්නෙ මොකක් ද කියල.. ;)
ReplyDeleteමම හිතා ඉන්නේ එහෙම නේ බං..
Deleteකවිය...කවිය..
ReplyDeleteඑල ද බ්‍රා..එල ද බ්‍රා..
එලන්නෙමි බ්‍රා... ලෝඩ් එකක්ම.. ලොරිය පිරෙන්නම
Deleteඉන් පසුව
එලපු බ්‍රා ටිකට පස්ස දා.. මම ඉන්නෙමි
සිරික්කය දා..
සුබ පැතුම් සුබ පැතුම්...
ReplyDeleteලොකු මාත්තියටද???
Deleteහපොයි.. මම හිතුවේ දෙවෙනි උපන්දිනේවත් සමරනවද කියලා..
Deleteඒකත් ඉතිං හරි.. නොදැනම දෙවැනි උපන්දිනේයි 200 යි පහු වෙලාම ගියා නේ සැප්තැබ්බර් හරි අගෝස්තු හරි
Deleteදෙක තමා දෙන්නෙ නැත්තෙ...
ReplyDeletepaක...
ඒක ලැබෙන්නෑ බං.. දැන් ඉතිං කෝමත් එකයි..
Deleteකන් දෙක, ඇස් දෙක, අත් දෙක, කකුල් දෙක, හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්...........................දෙක.
ReplyDeleteකොට්ට දෙක.....
Deleteදෙක නැතුව මුකුත්ම බෑ නේ :ප
ReplyDeleteදෙක වැඩක් නැ බං දැන්..
Deleteඊලඟට තුන ඉවර් වෙයි නේ
ReplyDeleteසමහර විට.. තුන තුන ඉවර වෙලා 40 වෙයි...
Deleteඑකක් සමග ටොපිය ගත්තෙ
ReplyDeleteතිබුන නිසා දෙක
දෙකට කෙලිය ආන්ඩුවට
ගහපිය හෙන හත
ඒම කියන්න එපා අයියා. දැං ඒකත් ආණ්ඩුවට නේ..
Deleteකවි පදේ මරු වුනාට අදහස තාම මීටර් නෑ වගේ ..
ReplyDeleteසෙන්ටිමීටර් වත් නැද්ද බං.. හැක්..
Deleteඅනුන්ගෙ තුන ගැන හොය හොය
ReplyDeleteහිටපු මුගේ දෙක
මූට මතක නැතිඋනාලු
මුගේ බ්ලොගේ දෙක
දැන් වෙන වැල් වටාරමක්
කියන්න හැදුවට
අපි දන්නව මුට කොහොමත්
ඇත්තෙම නෑ දෙක
සුබ පැතුම් !!
ජය.. ජය වේ..
Deleteමේ ලොක්කා ඒක අදාළ නෑ මේකට..
මට බයක් තියෙන්නේ මේකට විරෝධය පාලා කඩ කාරයෝ සිකැරට් විකුනන එක නවත්තයිද කියලා..
ReplyDeleteමරු කයි පද ටික බං....
උන්ට දැං එලෝ පොල් පෙනිලා ඉන්නේ. ඇයි බං අපේන් නිකම්ම කීයක්වත් කඩාගන්න බෑනේ.. හැක්.. වහ බොයිද මන්දා..
Deleteදේශකයට වඩා වයස දේශකයාගේ දෙක
ReplyDeleteඇවිදිනකොට පැටලෙනවා දනිහ ගාව දෙක
ඒ ඒ දෙක ගැන
මේ මේ දෙක ගැන
60% ක් රූප දාලා වැඩි කෙරුවා දෙක
ගෑස් ගාන අඩු කරලා වැඩි කෙරුවා දෙක
කොහොම වුනත් අන්තිමේදී හින්දා මේ දෙක
ගෑස් ගාන අඩු කරාට නෑනේ අතේ දෙක
තව දෙකක් තියෙනවා..
Deleteඋඹ කෝමද දන්නේ අර දනිහ ගාව දගලන උන් ගැන. (ආ්හ් තෝ එළුුවෙක් ගානටද මාව දැම්මේ..) හැක්.
ඇත්ත නේන්නං දෙක වැඩි කරල අර ඔක්කෝම අඩු කරපුවා ඇල්ලුවා...
දෙකෙන් බැහැ නොවැ වැඩක් දෙන්නට තුනත් දැන් ඕනා වන්නේ
ReplyDeleteදෙකෙන් කාපුවයේ රසේ දැනුනම දෙකෙන් තුනටයි ඕකා යන්නේ
දෙකෙන් මැවූ සුරපුරේ පෙන්නා දෙකේ රැස්පොට් පිටනෙ ඉන්නේ
දෙකෙන් පහුවට බැහැය කිව්වට දෙකට බැරිදැයි දෙකනෙ දන්නේ
දෙක ඇතුලෙනෙ හැදෙන්නේ මක්කද ඒවා සරූ
Deleteදෙක හොඳ නිසානේ හදලා ඇත්තේ තුනක් මරූ
දෙක පෙන්නලා දෙකෙන් තුනට යන්න මේ ගරූ
දෙක දුන් අයම තුන දෙනවා එය නොවෙයි බොරූ
දෙකෙන් දෙසීයක් දෙසුම් තියලා කපපු මග
Deleteදෙකෙන් නොනැවතී ඉදිරියටම යනු ආපු මග
දෙකෙන් කියූ කතා රසයි බලමි තව පෙර මග
දෙකෙන් තුනට පනිනු පෙනේ ඉදිරිය සුබ මග
දෙකටයි දෙසීයටයි ජය වේවා දේශක අයියා :D
මං හාන්නේ කවි තුනටම කෝමද මං උත්තර දෙන්නේ.. ස්තුතියි සොමියා සියළු දෙකවල් වලටම..
Deleteපස්සෙනෙ බොල මට වැටහුණෙ
ReplyDeleteමේ කියනා දෙක
බොගේ කොටල කොටල කොටල
පිරිල වසර දෙක
දෙකත් හලල දාලා කොහේ ගිහිංද මංද මේ දේශා...
Deleteපිස්සුද යකු පිස්සුද යකු..
Deleteකොටල කොටල මම කිව්වේ
ලොක්ක ගත්ත දෙක..
ගෝලිප් දෙක
තිස්අට වූ විට
ReplyDeleteලබන අය වැයෙන්
ආයෙ ලැබෙනකන්
අපේම අපේම දෙක
ඉවසාහන් ගෙම්බෝ
දෙක දෙක
බක බක
අවුරුද්දට දහයක්ම...
Deleteවැඩි නැද්ද ෂෑර්...
කවි පද ටික නම් මරු ..හැබැයි ඇත්තටම මොකක්ද මේ කියන්නෙ රුපියල් දෙකක් ගැනද ;) :D
ReplyDeleteආන්න හරි.. සිකැරට් එකේ රුපියල් දෙක...
Deleteදුම් වැටියේ....දුම් වැටියේ
ReplyDeleteදෙතොල රැඳී දුම් වැටියේ
සන්තෝසේ සන්තාපේ ...
ඔබ නොවෙදෝ ලග හිටියේ දුම් වැටියේ ....
හද කැලබී ඇති මොහොතේ
ඔබ දෙතොලේ රඳවනවා
ඒ මොහොතේ ඔබ ඇසුරේ
සිත මාගේ සැනසෙනවා ....
දුම් වැටියේ ....
අද මිතුරෝ හෙට හතුරෝ
දුක් දෙනවා එරෙහි වෙලා
ඒවාගේ මතු දවසේ
ඔබ එයිදෝ සතුරු වෙලා ...
- මේරියන්ස් -
බ්‍රෑන්ඩ් එක ගල්
Delete-ස්තුතියි-
මදිපාඩුවට ගොලිප් එකක්
Delete-ස්තුතියි-
(එය සමග නොමිලේ ලැබෙන හැක්ස් ටොපිය හෝ බබල්ගම් එක නැවත නොලැබෙන බව කරුණාවෙන් සලකන්න.)
ගීතය නිතරම ගායනා කරන්න... මදි පාඩුවට ගෝලීප් එකත් කටට හලාගන්න... (ලංකාවට ආවම)
Deleteඋඹේ දෙකට සුභපැතුම් සමඟ වැඩිකල දෙකට බලවත් මෙව්ව එක!
ReplyDeleteඅනේ මන්ද බං... හැක්.. දෙක පැටලී.. පට දෙකලී..
Deleteදෙකක් තිස්සේ දීගෙන ආ දේශනා ටික
ReplyDeleteතවත් කාලක් දීපං සුබ පැතුම් බොට.
මේ මොනව කියනවද බං.. රුපියල් දෙක ඉවරයි...
Deleteදිල් දෙක දේකෝ...
ReplyDeleteජිල් බෝල දෙක දෙක...
හිහි
ජයවේවා දේශක තුමා...
ජයවේවා අපේ අයවැය කරදහියට..
Deleteකතාව වල් වුණාට කවිය නම් පට්ට දේශා........
ReplyDeleteකතාව වල්.. මොන වල්ද බං.. ආර්ථිකයයි වල්.. හැක්..
Deleteදෙක නැතිඋන දේශකයට එන්න කියාපිය
ReplyDeleteමේවට උත්තර දෙන්න කියාපිය.
දෙක නැතිවම ඇවිල්ල ඉන්නේ..
Deleteහිටු කියල උත්තරද දෙන්නේ..
දෙකවල් කීයක් ගැන කියල තියනවද හෑ
ReplyDeleteබලං ගියාම මේකේ දෙකවල් ගොඩාරියක්.. වෙල්කම් නිපුණ..
Deleteඑසේම වේවා!! :D
Deleteතැන්කුයි..
Deleteදෙකෙන් එල්ලලා තියන්න වටිනවා උඹව.
ReplyDeleteඒකෙන් එල්ලල අනිත් එකෙන් උඹ ඔන්චිලි පැදහං අයියේ.. හැක්...
Deleteහයියෝ දේශා.... හිනාවී තවත් තර වුනා යකූ!
ReplyDeleteකොට තර බස්සි... හැක්..
Delete