මේ කතාව මං පුංචි කාලේ අහපු කතාවක්. මේ කතාව ගැන හිතන හැම වෙලේම මට ඒකේ වටිනාකම දැනේන්න ගත්තා. ඒ කියන්නේ සමහර කතා වගේ, සමහර මිනිසුන් වගේ, වයසින් වැඩෙද්දි තව සාර වෙනවා වගේ.
මං හිතනවා ඔය අය ගම්බද පැත්තක ජීවත් වෙලා ඉන්න ඇති කියලා. හිතන්න..ඔන්න තියෙනනා හුගක් පරණ අතු හෙවිලි කරපු ගොවි ගෙයක්. වහලේ උඩ පුංචි පුංචි ගස් කොලං වැවිලා. වහළ මුදුනෙම කොකෙක් තමන්ගේ කූඩුව හදලා. හරියට කොකා නැතිව වහල හදන්න බැරිව වගේ. ගෙයි බිත්ති ඇල වෙලා, ජනෙල් තියෙන්නෙත් හුගාක් පහතින්. ඒ මදිවට විවෘත කරන්න පුළුවන් වෙන්න තියෙන්නෙත් එක ජනේලයයි. ගිනි පෝරණුව බිත්තියට අල්ලල තියෙන්නේ හරියට මහත මිනිහෙක් බිත්තියට ඇලිල ඉන්නව වගේයි. වැටට හේත්තු වෙලා පරණ ගහක් තියෙනවා ඒකේ අතු බිමට පාත් වෙලා. වැටට අල්ලලා තියෙන්නෙ පොඩි ජල තටාකයක්. තාරාවෝ කීප දෙනෙක් ඒ තටාකේ ඇතුලේ ඔබමොබ යනවා. හැම එකකටම බුහ් බුහ් ගාලා බුරන දඩෝරියෙකුත් ඒ ළගම ඉන්නවා.
ඔන්න ඔය වගේ තමා ගොවි ගෙවල්. මේ ගෙදර හිටියේ වයසක උන්දැල දෙන්නෙක්. ගොවියෙක් හා ඔහුගේ වයසක බිරින්දෑ. ගේ වගේම ඒ අයගේ දේපලත් බොහොම පොඩ්ඩයි. ඔය අතරේ මේ අයට අශ්වයෙකුත් හිටියා. ඔය ගමනක් බිමනක් යන කොට එක්ක යනවා. නගරෙට යන කොට අශ්වයා පිටේ නැගල යනවා. ඒ අතරේ අහල පහල අයත් “අයියේ පොඩි වැඩකට යන්න මට අශ්වයා දෙනවද?“ කියල ඇහුවම නොදී බැරි නිසා අපේ උන්දැ අශ්වයව දෙනවා. ඉතිං ඒ මිනිස්සුත් වැඩේ කරගෙන ඔය පොඩි පොඩි දේවල් අපේ උන්දැට ගෙනැත් දෙනවා ඒකට හිලව් වෙන්න. ඒත් මේ දෙන්නා හිතුවා ඔය ලැබෙන සොච්චමට වැඩිය මේ අශ්වයා විකුණල හරි, මොකක් හරි වටිනා දේකට හරි මාරු කරල දානවා නං වඩා හොදයි කියලා. ඒත් මේ වටිනා දේ මොකක් වෙන්න පුළුවන්ද?
“අපේ මහත්තයෝ ඔයැයි දන්නවනේ මොකක්ද කරන්න ඕන කියලා“ ගම හාමිනේ කිව්වා.
“අද පොළ දවස නේ. ඉතිං පොළට ගිහිල්ලා මේ අස්පයාව දීලා කීයක් හරි අරගෙන එන්න නැත්නං මොකක් හරි කමක් නෑ වටින දේකට මාරු කරගන්න. ඔයැයි මොනව කරත් හරියි කියල මම දන්නවා. එහෙනං ගොහිල්ල එන්න“
ඉතිං ඇය අපේ උන්දැගේ කරේ දාලා තිබුන ලේන්සුව තද කරල ගැට ගැහුවා. අපේ උන්දැට වැඩිය හොදට එයැයිගේ ඔය ලේන්සුව ගම හාමිනේට ගැට ගහන්න පුළුවන්. ඇය ඒක ලස්සනට ගැට ගැහුවා. ඊට පස්සේ අපේ උන්දැගේ තොප්පිය අරගෙන වටේම පිහිදල දැම්මා එයාගේ අතින්. එයා අපේ උන්දැට හාදුවකුත් දුන්නා. ඉතිං ඒ පාර අපේ උන්දැ අශ්වයත් පැදගෙන පොළට යන්න පිටත් උනා. අපේ උන්දැ ටක්කෙටම දැනං හිටියා එයා මොකක්ද කරන්න ඕන කියලා.
එක වළාකුලක් වත් නැති නිල් ආකාහේ දෙබෑ කරගෙන හිරු එළිය තද සැරේට පොළවට පාත් වෙනවා. පාර පුරාම දුහුවිල්ල. පොළට යන මිනිස්සු නිසා දක්කන සත්තු නිසා මේ දුහුවිල්ල හොදටම ඇවිස්සෙනවා. ඉර එළියෙන් බේරෙන්න නං කිසිම විදියක් නැහැ.
ඔය මිනිස්සු අතරේ එක් කෙනෙක් එළදෙනක් පොළට දක්කගෙන යනවා. මේ එළදෙන හොද පෘෂ්ඨිමත් සතෙක්.
“මේ වැස්සි නං කිරි මන්ඩලයක්“ අපේ උන්දැ හිතුවා. “මයේ අස්පයාට මේ වැස්සිව මාරු කරා නං ආයේ දෙකක් නෑ..මේක හොද බිසිනොස් එකක් තමයි“
“ඒයි. ඔය වැස්සි දක්කං යන උන්දැ.. පොඩ්ඩක් ඉන්නවදෝ..“ අපේ උන්දැ කිව්වා.
“ඕං මට ඉන්නව බෝම වටින අස්පයෙක්.. ඔව් තමුන්ගේ ඔය වැස්සිට වැඩිය බෝම වටිනවා. ඒකට කාරි නෑ. ඔය වැස්සි මට වටිනවා. ඔහේ කැමති නැද්ද මේ බිසිනොස් එක කරන්න. මං කිව්වේ මගේ මේ අස්පයා අරන් ඔය වැස්සිව මට දෙනවා.“
“අහා.. ඒක හොදයි මං කැමතියි“ ඒ මිනිහා කිව්වා. ඉතිං බොහොම සාධාරණව ඒ හුවමාරුව සිද්ධ උනා. ඉතිං අපේ උන්දැ හැරිල ගෙදර යන්න එපැයි. කොහේද මේ මනුස්සයට හිතුනා මෙච්චර ආපු එකේ පොළ පැත්තේ පොඩි රවුමකුත් දාලා ගියා නං හොදයි කියල. ඉතිං අර එළදෙනවත් දක්කගෙන අපේ උන්දැ පොළට යන්න පිටත් උනා. එළදෙනව ඉස්සර කරගෙන අපේ උන්දැ දික් අඩි තිය තිය විගහට ගාටන්න ගත්තා. ඒ අතරේ පාරේ යනවා බැටළුවෙක් දක්කගෙන යන මිනිහෙක්. ඒකා නං තඩි බැටළුවෙක්. ඒ මදිවට හොද එකෙන්ම ලෝමත් තියෙනවා.
“මෙන්න මේ යකාව ගත්ත නං හරි“ අපේ උන්දැට නිකම්ම හිතුනා. “බැටළු තඩියට ඕන තරං තණකොළ අපේ වත්ත පිටියේ තියෙන එකේ හොදට කාලා හැදේවි. අනික සීත කාලේ ආවම අපේ කාමරේම උනත් තියාගන්න බැරියැ. බාග විට මේ වැස්සිට වැඩිය අර බැටළු තඩියා වටිනවා වෙන්න ඇහැකි.“
“අපි මේකා මාරු කරගමුද?“ අපේ උන්දැ ඇහුවා.
කියන කල් හිටියේ වගේ බැටළුවගේ අයිතිකාරයා වැඩේට කැමති උනා. ඉතිං අපේ උන්දැ දැං බැටළුවෙක් දක්කගෙන පාර දිගේ යනවා.
තව ඩිංගක් දුර යන කොට අපේ උන්දැට හමු උනා තඩි පාත්තයෙක් කිහිල්ලේ ගහගෙන පොළට යන මනුස්සයෙක්.
“අප්පට සිරි අන්න තඩි පාත්තයෙක්. ඌ තරං මහත පාත්තයෙක්.. මයේ ජීවිතේට දැකල නෑ. උගේ පිහාටු ටිකෙනුත් හොද වැඩක් ගන්න ඇහැකි. කකුලට ලණුවක් ගැට ගහල අපේ ටැංකියට දාලා තිබ්බ නං ඕකා හොදට බලාගන්න තිබුනා. අනේ හාමිනේ කොයි තරං සන්තෝස වෙයිද? ඒ උන්දැ මට කොයි තරං කියනවද “අනේ අපිට පාත්තයෙක්වත් හිටිය නං කියලා“ ඔව්. දැං උන්දැට පාත්තයෙක් දෙන්න මට ඇහැකි.“
“අපි මේකා මාරු කරමුද?“ ඔන්න ආයිත් අපේ උන්දැ පුරස්නේ ඇහුවා.
අර මනුස්සයත්, නිකං දියට දැම්මම ඇන්නෑවයි කිව්ව වගේ වැඩේට කැමති උනා. ඉතිං අපේ උන්දැ දැං පාත්ත-හිමිකරුවෙක්.
මේ වෙන කොට අපේ උන්දැ පොළට හොදටම කිට්ටු කරල හිටියේ. මහපාර පුරාම සෙනඟ. මිනිස්සුයි සත්තුයි නිසා එතැන පොඩි තදබදයක්. ඒක නිසා පාරේ නෙමෙයි අහල පහල වැටවල් අයිනෙන් තමා මේ අයට යන්න උනේ. තදබදේ කොච්චරද කියනවනං පොළ ඉස්සරහම ගේට්ටුවේ ඉන්න තෝං එකතු කරන මනුස්සයගේ තක්කාලි පාත්තිය උඩිනුත් මිනිස්සු වගේ වගක් නැතිව යනවා. ඔය අතරේ තෝං කාරයගේ කුකුල් තඩියත් ලණුවකින් ගැට ගහල හිටියේ මොකද ඔය යන මිනිස්සු නිසා කුකුල් තඩියා බය වෙයි කියල හිතලා. බැරි වෙලා හරි නැති වෙන්න උනත් පුළුවන්නේ. මේ කුකුල් තඩියගේ පස්සේ පිහාටු ටික හරිම කෙටියි. උගේ ඇස් නිකං තරු වගේ බැබලනෙවා. බැලු බැල්මට උගේ අමුතු ගතියකුත් තියෙනවා. “කොක් කොක්“ කුකුළා හැඬලුවා. කුකුළා මොකක් හිතුවද කියල නං මං දන්නේ නෑ. ඒත් අපේ උන්දැ නං ඒක දැක්කා.
“අප්පා. මම මෙතුවක් කාලෙකට දැකල නෑ මේ වගේ එකෙක්. අර අල්ලපු ගෙදර පාර්කර් කාරයගේ ගොං කිකිළි මොකෙක්ද මූත් එක්ක බැලුවම. මට හිතනෙවා මේකව ගන්න. කෑම දෙන්න ඕන එකක්යැ. උන්ට ඔය මොකක් හරි කෑමක් අහුලගෙන කන්න ඇහැකි එකේ. අනික මුං බිත්තර දැම්මට පැටව් එනවා. එතකොට අපිට කුකුල් කොටුවක්ම තියේවි. මේ පාත්තයා දීල කුකුළව ගන්න එක තමා හොදම.. ඔව්.. ඒක හරි“
“අපි මේකා මාරු කරමුද?“ ඔන්න ආයිමත් අර ප්‍රශ්නේ.
“මාරු කරන්න... ඔව් ඉතිං ඒකේ නරකකුත් නෑ“ තෝං කාරයා කිව්වා.
ඉතිං ආයිමත් ඒ වැඩේ සිද්ධ උනා. තෝං කාරයා පාත්තයා ගත්තා. අපේ උන්දැ කුකුළත් අරන් යන්න ගියා.
ඉතිං... අපේ උන්දැ පොළට එන ගමන් හොද හොද ගණුදෙනු ටිකක් කලා නෙව. දැං අපේ උන්දැට හොදටෝම මහන්සියි. ඒ මදිවට තිබහයි. මොනා හරි ඩිංගක් කාලා, බ්‍රැන්ඩි උගුරක් බිව්ව නං හොදයි කියල හිතිල අපේ උන්දැ හෙමීට ගියා තානායමට. තානායමට අඩිය තියන්න යන කොටම ඔන්න එනවා තානායමේ අශ්වයින් බලා ගන්නා කෙනා. දෙන්නා දොර ගාවදි හමු උනා. අර මනුස්සයා මොකක්ද ගෝනියක් කරේ තියාගෙනයි ආවේ.
“ඔය ගෝනියේ මොනවද තියෙන්නේ“ අපේ උන්දැ ඇහුවා.
“ආ. මේකේ තියෙන්නේ වේලිච්ච ඇපල් වගයක්.. උෟරොන්ට කන්න දෙන්න“
“මක්කා කිව්වා. ඒක මොන අපරාදයක්ද? මං කැමතියි ඔය ටික ගෙදර අරං යන්න. ගිහින් මයේ උන්දැට දෙන්න. පහු ගිය අවුරුද්දේ අපේ ගහේ එකම එක ගෙඩියයි හැදුනේ. ඉතිං ඒක මහා සම්පතක්ය කියල හිතාන මයේ උන්දැ ඒ ගෙඩිය පෙට්ටියක අරන් තිබ්බා ආරස්සාවට. මේ ගෝනිය ගොහිං දුන්නොත් කියයි නිධානයක් පහළ උනාය කියලා.. ඔව් මම මේ ඇපල් ගෝනිය උන්දැට ගොහිං දෙන්න ඕන.. මොකෝ කියන්නේ මට දෙනවැයි ඔය ඇපල් ගෝනිය“
“ඉතිං ඒකට මට මොනවද දෙන්නේ“
“මම තමුසෙට මේ කුකුල් තඩියා දෙන්නං. කැමතියි නේ“
ඉතිං වැඩේ කෙරුනා. වේලිච්චි ඇපල් ගෝනියත් අරන් අපේ උන්දැ තානායම ඇතුලට ගියා. ඊට පස්සෙ තානායම ඇතුලෙදි අපේ උන්දැ ඒක හෙමීට පෝරණූව උඩින් තිබ්බා. වැඩේ කියන්නේ මිනිහා දැනගෙන හිටියෙ නැහැ පෝරණුව ගිනියම් වේච්චි විත්තියක්.
එක එක ජාතියේ මහා ගොඩක් තානායම ඇතුලේ පිරිලා. ඒ අතරේ ඉංගිරිසි කාරයෝ දෙන්නෙකුත් හිටියා. බෝම පෝසත්. ඒ අයගේ සාක්කු පිපිරෙන්න තරම්ම පිම්බිලා රන් කාසි වලින්. ඕන නං ඉතිං ඒ අයට ඔට්ටු අල්ලන්නත් පුළුවන්. ඔන්න අහගන්න.
චිරිස් චිරිස්... අර පෝරණුවේ මොනවද තියෙන්නේ. අන්න ඇපල් ටික පිච්චනෙවා..
“ඒ මොකක්ද?“
“ඇයි..අහන්නේ? තමුසෙල දන්නවනං...“ අපේ උන්දැ කිව්වා.
ඉතිං අශ්වයගේ ඉදල ඇපල් වලට යනකම්ම වේච්චි සංහදිය කොනක ඉදලම දිග ඇරියා අපේ උන්දැ.
“හැක්.. තමුසෙට අද නං නෝනගෙන් ලැබෙන්න ඕන ටික හොද එකෙන්ම ලැබෙයි.. අපොයි කංකරච්චලේ ඉවරයක් නැති වේවි.. හැක් හැක්.“ ඉංගිරිසි කාරයෝ සමච්චලේට වගේ කිව්වා.
“මක්කයි කිව්වෙ.. මට.. එයැයි මට මොනව දෙන්නද..? ඕන නං එයැයි මාව ඉඹල මෙහෙම කියාවි. “අපේ උන්දැ මොන දේ කරත් එ්ක හරියටම හරි“ කියලා.. ඔව්“ අපේ උන්දැ කිව්වා.
“අම්මට හුඩු. ඒකත් එහෙමද? හා.. එහෙනං අපි ඔට්ටුවක් දාමුද? මොකද කියන්නේ.. අපි ඔට්ටුව දාමු රත්තරං කාසි හොන්ඩරයක්.. සෙල්ලංද?? හොන්ඩරේක රත්තරං“ ඉංගිරිසි කාරයෝ ඔට්ටුව දැම්මා.
“එච්චර ඕන නෑ..මට එක බුසලයක් ඇති.. හැබැයි මට ඔය ඔට්ටුවට දාන්න වෙන්නේ ඇපල් පුරෝපු බුසලයක් තමා.. තව ඕන නං මායි මගෙ උන්දැයි ඕකට දැම්මාම හොන්ඩරේ හරි යාවි.. හැක්“
“හරි හරි.. එහෙනං ඔට්ටුයි“
ඉතිං ඔට්ටුව ඇල්ලුවා. කට්ටියම, ඒ කිව්වේ ඉංගිරිසි කාරයෝ දෙන්නයි අපේ උන්දැයි තුන්දෙනාම තානායමේ කරත්තයක් අරන් අපේ උන්දැගේ ගෙදරට ආවා.
“ඉතිං කෝමෙයි මයේ හාමිනේ“
“කෝමෙයි ඉතිං අපේ උන්දැ“
“මම අස්පයා වික්කා“
“ඔව් ඉතිං ඔයැයි දන්නවා නේ කොහොමද ඒක වෙන්න ඕන කියලා“ හාමිනේ කිව්වා. ඒ කියන ගමන් අමුත්තෝ දෙන්න ගැනවත්, ගෝනිය ගැනවත් නිච්චියක් නැතිව හාමිනේ අපේ උන්දැව වැළදගත්තා.
“මම අස්පයා විකුණල වැස්සියෙක් ගත්තා.“ අපේ උන්දැ කිව්වා.
“බුදු අප්පොච්චියේ.. අපිට බඩ පැලෙන කං කිරි බොන්න ඇහැකි එහෙනං. අපිට ඕන තරං බටර්, චීස් උනත් ලැබෙයි නෙව. හොදටම ලාබයි හොදටම ලාබයි මේ බිසිනොස් එක“ හාමිනේ සන්තෝසෙන් කිව්වා.
“ඔව්.. ඒත් මං වැස්සි දීල බැටළු තඩියෙක් ගත්තා“
“හා.. ඒක වැඩිය හොදයි නෙව. ඔයැයි හැම වෙලේම මං ගැන හිතනවා නේද?? ඔය බැටළුවට කන්න ඇති තරං තණකොල වත්තේ තියෙන එකේ අපිට හොදට කිරියි, චීසුයි ලැබේවි. ඇයි බැටළු ලොං ඇති තරං ගන්න ඇහැකි. මරේ මරු. වැස්සි කොහේද ලොං දෙන්නේ ඕන නං උගේ අර කෙඳි ඩිංගක් කපාගන්න පුළුවන්. එච්චර නේ.. බැටළුවා තමා වටින්නෙ.. දෙකක් නෑ.. ඔයැය නං හරි දස්සයා“
“ඒත් මං බැටළු තඩියා දීල පාත්තයෙක් ගත්ත නෙව“
“එහෙමද?? හපොයි එහෙනං මේ අවුරුද්ද අපිට හොදටම සරුයි. අපිට අවුරුදු මේසෙදි උණු උණුවෙම, රෝස් කරපු පාත්ත මස් ටිකක් කන්න බැරියැ. ඔයැයි හැම වෙලේම මගේ සන්තෝසේ ගැනමයි හිතන්නේ.. මං ආදරෙයි ඔයැයිට. අපි ඒකාව තම්බල කන්න කලින් ඇති තරං මහත් වෙන කල්, ඔය ආරස්සාවට කකුලේ ලණුවක් ගැට ගහල අතෑරල දාමු..මක්ක හරි කාලා හැදෙන්නැතෑ නේද?“
“ඒත් මං පාත්තයා දීලා කුකුළෙක් ගත්තා“
“කුකුළෙක්.. ඒක වැඩිය හොදයි නේ. ඌ බිත්තර මහ ගොඩක් දාලා ඒවා රැක්කම අපි පැටව් රොත්තක් ඉදීවි. ඉතිං එතකොට අපිට කුකුල් කොටුවක්ම හදාගත්තෑකි නේ. අම්මේ.. ඔයැයිට කියන්න මම මේ හිත හිත හිටපු දෙයක් ඒක“
“වෙන්නැති. ඒත් මම කුකුළා දීලා වේලිච්චි ඇපල් ගෝනියක් ගත්තා“
“මක්කා කිව්වා.. මේ කරපු වැඩේට නං මට ඔයැයිව ඉඹින්න හිතෙනවා. අනේ මයේ මහත්තයෝ.. මං ඔයැයිට දෙයක් කියන්නද? අද උදේ ඔයැයි පොළට යන වෙලාවෙවත් ඔයැයිට හවසට කටට රහට මක්ක දෙනවද කියල නිච්චියක් නැතිවයි මං හිටියේ. පස්සේ මං හිතුවා හොද රහට කුරුඳු කොළ ටිකක් දාලා පෑන්කේක් ටිකක් හදල දෙන්න ඕන කියලා ඇයි ඉතිං බිත්තරයි, බේකනුයි ගෙදර තිබුන නෙව. ඒත් මට කුරුඳු කොළ තිබ්බේ නැති හන්දා මම ගියා ඉස්කෝලේ නෝනගේ ඉඩමට. පිට පොත්ත රතට තිබුනට ඒ ගෑනි නං මහ යස්සනියෙක්. මං නොවැන්දා විතරයි. ඒත් මේ ගෑනි මට කුරුඳු කොළ ඩිංගක් දුන්නෑ නෙව. ඕන නං ණයට දෙන්නං ලු. “ඔහේලයි ඉඩමේ මෙලොවක් වැවෙනවද? අඩු ගානේ වේලිච්ච ඇපල් ගෙඩියක් වත්“ ඔන්න ඔහොමයි මට නක්කලේට කිව්වේ. ඒ පාර කියනවා “ඉතිං ඒක නිසා මට ඔහේට අඩු ගානේ වේලිලිච්ච ඇපල් ගෙඩියක්වත් ණයට නං දෙන්න බැහැ“ කියලා. හහ්..හහ්..හා. දැං මට පුළුවන් ඒ ගෑනිට එක ඇපල් ගෙඩියක් නෙමෙයි ඇපල් ගෙඩි දහයක්ම දෙන්න.. නෑ ඕන නං ඇපල් ගෝනියක්ම උනත්.. ඔව්..මට දැං හරි සන්තෝසයි. මට ඉවසුම් නෑ මේ ගෑනිට පාඩමක් උගන්නන කං.. හහ් හහ් හා.“ මෙහෙම කියන ගමන් හාමිනේ මහා සද්දේට අපේ උන්දැට “උම්මා“ කියල හාදුවක් දුන්නා.
“අන්න හරි.. බෙල්ල ගැලවුනත් සන්තෝසනේ ඉන්නේ.. නියමයි. අන්න ඒකයි අපි ඔහේලට සල්ලි දෙන්නේ“ ඉංගිරිසි කාරයෝ දෙන්නා ඇස් උඩ තියං එක පාරට කිව්වා.
ඇති පදං ගෙදර උන්දැගෙන් බැනුම් පිට බැනුම් අසාවි යැයි සිතා සිටියත්, ඒ වෙනුවට බෝම ආදරෙන් හාදු ලැබුණු අපේ උන්දැට රත්තරං කාසි හොන්ඩරයක්ම ලැබුනා ඉංගිරිසි කාරයොන්ගෙන්.
ඔව්.. දැක්ක නේ ඒකට වටිනාකමක් තියෙනවා. තමන්ගේ ස්වාමිපුරුෂයා කරන හැමදේම හරි යැයි බිරිඳ සිතනවා නං ඒක තමා වටින්නේ.
ඉතිං කතාව ඇහුවා නේ. මං කිව්වේ.. මම මේ කතාව ඇහුවේ මං පුංචි සන්දියේ. ඉතිං ඔන්න ඔය අයත් මේ කතාව දැං දන්නවා. මේකත් දන්නවනේ “අපේ උන්දැ මොන දේ කරත් ඒක හරියටම හරි“
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්
Hans Christian Andersen
What the Old man does is always right
ප.ලි. - ඇපල් ටික වේලගන්න උදව් කරේ අපේ හැන්රියා තමා.. ඉතිං.
ම්ම්එහෙමද......?...
ReplyDeleteඔව් ඇයි අවුල්ද? හැක්.. අවුල් කියන්නේ නරක වචනයක් නෙමී හරිය.
Deleteපික්ෂුද.....බොකූ ........මා...නොදනිම්ද......ඔය වචන හරුප.... හෙක්...හෙක්....
Deleteහැක් හැක්.. බොකු කෙන්ජා...
Deleteමම හිතුවෙ ඇපල් දීල සුද්දො දෙන්නෙක්ම ගෙනත් දුන්නට ගෑනි තවත් කැමති වෙයි කියල
ReplyDeleteඇපල් ගැන ඇහුවට ඇපල් වික්කේ නෑ නේ බං.. ඔහොම කියන්න එපා අපේ වනිතා මිසී ආවොත් හෙම..
Deleteකරුමේ කියන්නේ බං හුඟක් බිරින්දෑවරු හිතන්නේ හස්බන්ඩා කරපු එකම හරිදේ තමන්ව කසාද බැන්ද එකයි කියලා, කරපු හොඳම තේරීම තමන්ව තෝරාගත්ත එකයි කියලා.
ReplyDeleteඇත්තෙන්ම බං මේ ලේඛකයා මේවගේ කතා රොත්තක් ලියලා තියෙන බව මම දන්නේ උඹ ඒවා පරිවර්තනය කරල දාන්න ගත්තට පස්සෙ. මම දැනගෙන හිටියේ අර ප්‍රසිද්ධ ඒවා ටික විතරයි.
ඇපල් ටික වේලා ගන්න උදව් කලේ මම කිව්වා? වේලා ගන්නද කුණු කර ගන්නද? වේලපු එක හොඳයි බං.
///කරුමේ කියන්නේ බං හුඟක් බිරින්දෑවරු හිතන්නේ හස්බන්ඩා කරපු එකම හරිදේ තමන්ව කසාද බැන්ද එකයි කියලා, කරපු හොඳම තේරීම තමන්ව තෝරාගත්ත එකයි කියලා. /// හුඟක් බිරින්දෑවරු ගැන දන්නව
Deletedesh දේශ්, හැක්!! ;D ;D
Delete//ඇපල් ටික වේලගන්න උදව් කරේ අපේ හැන්රියා තමා.. ඉතිං//
Deleteඇත්තට හෙන්රියා මොකද කලේ
අනේ අම්මෝ ඩුඩ්.. හාන්ස් ගේ කතා තුන්සීයක් විතර තියේ.. සමහර හොද කතා පට්ට දිගයි.. ඒවට අත තියන්න හිතෙන්නෑ. ඒත් කවදා හරි ඒවත් දානවා.. තැන්කුයි බොට.
Deleteහැබෑට බං.. බිරින්දෑ වරු හිතන්නෙම ඔය විදියට නේ.. හැක්..
උඹ කිව්වත් වගේ කරගෙන යද්දි තමා මට තේරුනේ ඇපල් කුණු කරන එකද වේලන එකද හොද කියලා.. බොට ස්තුතියි.. මට දීපු උපදෙස් වලට..
@ අටමා
මමත් ඔය නොදන්න මගුලක් ඉතිං අපේ හැන්රි සර්ගෙන් තමා බං අහගන්නේ..
ඩුඩ් අයියන්ඩි අපි කරපු එකම වරදත් කසාද බැදපු එක විතරයිනේ..
Deleteඅර ට්‍රිප් ගියාම කෙල්ලන්ගේ උකුලේ වාඩි වෙන්නේ අපිද එතකොට.. හැක්
Deleteඅර ට්‍රිප් ගියාම කෙල්ලන්ගේ උකුලේ වාඩි වෙන්නේ//
Deleteඋකුලෙ නෙමෙයි ඔඩොක්කුවේ බං
මෙන්ඩට කුක්කා කියනන් බැරි කමටමයි මම ඒක නොකිව්වේ බං.. ඔව් ඉදගෙන...
Deleteකම්මලේ දාන්න 5ක්.
Deleteදේශ් ඇද්ද උඔට
මෙන්න 5,
Deleteපහ තියාගනිල්ලා. මම පින්තුර දැක්කා මෙන්ඩා ඔඩොකේකු කුක්කා වේච්චි. ඔව්..
Deleteආ මේක හාන්ස් ක්‍රිස්ටියන්ගෙ කතාවක්නෙ,
ReplyDeleteඅශ්වය දීල ප්ලේන් එකක් ගෙනාවත් කියයිද අපේ හොද?
එහෙනම් අනිවා කියනවා " අනේ ඕයි තමුසෙ වගේ ගොනෙක්!! මේක මේ මැලේසියාවෙ ප්ලේන් එකක්නෙ. තමුසෙ ගෙනාවොත් ගේන්නෙ කඩා වැටෙන හුචක්කුවක් තමා.…… €¥¥+¥^°×°÷•`´¥¥^&-$#&-=#@%-………" කියලා.
Delete:D :D :D :D
හෙක් හෙක් , නැත්නම් කියයි, ඔය ගෙනාවෙ දැන් බඩ කඩෙත්තු ටිකක් දාගෙන මගුල් නටන්න ගෙනත් තියෙන්නෙ හුචක්කුවක්,
Deleteඊට පස්සේ කියයි.. දැන් ඉතින් අර රස්තියාදු බේබදු යාලුවෝ ටිකත් එයි බ්‍රැන්ඩ් එක ගල් කියාගෙන..
Deleteඅර පත්තරයා හැලපයා කම්මලයා ඉවනයා සුදිකයා චතුරංගයා ඩුඩා ප්‍රා ඇයි තව එකියක් ඉන්නේ මුකලං බස්සියෙක්... නොදකින් මට පෙන්නන්න බෑ..
කම්මලෝ.. අස්පයා දීල ප්ලේන් එකක් ගෙනාවොත් නං බඩු තමා.. ඇයි බං තෙල් ගහන්නේ කව්ද ඒකට..
Delete@ ප්‍රියා..
හැක් හැක්.. තමුසේ ඕවා ගෙනැත් රුසියාව පැත්තේ හෙම යන්නෑ කියල කියාවි..
@ මෙන්ඩා
අපේ ගල් බ්‍රෑන්ඩ් එක ගහන කොල්ලට මාව දැං මිස් වෙනවා.. ඌ කරපු පාපකාරි වැඩ වලට රිටර්න් එක ලැබිල වගේ..
හැබෑට කෝ මේ පත්තරේ & සිංදු ඇනෝ
Deleteපත්තරේ වර්ජනයක්...
Delete“අපේ උන්දැ මොන දේ කරත් ඒක හරියටම හරි“ දේශකී කිව්වා. :3
ReplyDeleteකවුරුවත් විස්කි කේස් එකකට ( ගල් බෝතලේකටවත් ) මාරු කරමු කිව්වෙ නැද්ද?
Deleteඋඹ කියයි දේශ්.. මේක දැක්ක නං කියයි “තමුසේ කාලා ඇදල ඉන්නෙත් මං හින්දා“ කියලා.. හැක්..
Deleteපෙරලූ නැවුම් පස පොතේ ඉන්න අර්කාෂ්ක මතක් වුනා.
ReplyDeleteහැලප අයිය පෙරලූ නැවුම් පොත. ආයෙ මොකටද වෙන පොත්, උදාහරන ගෙදරින්ම දෙන්නම්කො.
Deleteහැලපේ මාත් ඔය පොතේ වෙළුං දෙකක්ද කොහේද කියෙව්වා. ෂොලහොව් ගේ පොත කියල විතරයි මතක..
Delete@ කම්මල
හැලපේ පෙරලන පොත් ගැන කවද කතාද බං...
හා ඒ උනාට කමක් නෑ උඹ ඕක දේශිකාට එහෙම කියන්න යන්න එපා. අපිට මේ බ්ලොග ලියන එකාත් නැතිවෙන වැඩක් ඒක.
ReplyDeleteඅනික කුකුළ්ලො කොහෙද බං බිත්තර දාන්නෙ. :D
යකො මේ Praසන්ன කියන එකයි දේශකයයි දෙන්නෙක්ද එකෙක්ද. එකම ප්‍රොෆයිල් පික්චර් එක. ඌ මූට කොමෙන්ට් කොරනව මූ ඌට කොමෙන්ට් කොරනවා.
Deleteමොන #ත්තක්ද මන්ද මට තේරෙන්නෙ නෑ.
මුන් දෙන්නම එකා, මම දන්නව. ප්‍රසා මම මාට්ටු කරන්ඩද ?
Delete@ ඇනෝ, දේශකයට වෙනම ප්‍රෝපයිල් එකක් තියෙනවනෙ.
Delete@කම්මල, අන්න කරන්න පුලුවන්නං පිං අතේ වැඩක්.
යකෝ මම කියන්නෙ ෆොටෝ එක එකමනෙ
Deleteමෙම බ්ලොගයේ උඩින් පලවෙන ෆොටෝ ගැන වෙන්නැති ඔය කියන්නෙ. ඒක එතන දාල තියෙන්නෙ ඒ පින්තූරෙ උඩ ක්ලික් කළාම මගේ බ්ලොග් එක (අම්මප ඒවටත් බ්ලොග් කියනවනෙ. :D) වෙත යාම සදහා ලිංක් එකක් පෙන්වීමට.
Deleteගොඩකවෙලට ප්‍රසා.., කැළණියට දේශක ඩබල් ඇක්ටින් :D
Delete//යකෝ මම කියන්නෙ ෆොටෝ එක එකමනෙ//
Delete:-)
//කැළණියට දේශක// දේශා, කැළණියෙද ඉන්නෙ?
Delete@ ප්‍රසා..//.(අම්මප ඒවටත් බ්ලොග් කියනවනෙ.// හැක..හැක..!
Delete//කැළණියට දේශක// දේශා, කැළණියෙද ඉන්නෙ?
Deleteදේශා වනවාසල, කැළණියෙ කිවුවෙ ලේසියට. දේශෝ ඇවිත් ඉස්තිර කොරපන්කො, බොට මම මෙච්චර උදවු කොරලත් .
Deleteහැක් හැක්.. මේක මාර පුරස්නයක්නේ.. කටට උත්තර දීල ඇහුවම මං මක්කද කියන්නේ බොල..?
Deleteමේ අපිට අහල පහලනෙ!!
Deleteසිරාවටම ඇත්තද? :o
අර මැටිටි... බස්සගේ ගෙදරට පල්ලෙහා ගෙදර බං.. හැක්..
Deleteඅන්න බිරින්දැවරු. කතාවනම් පන්කාදුයි ඈ.
ReplyDeleteඑළම තමා. තැන්කුයි.. තෙවා
Deleteහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්!!!
ReplyDeleteඅමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ මේක සුරංගනා කතන්දරයක් බව?
නෝටි හස්බන්ඩලා ගැන, ගුඩ් හස්බන්ඩලා ගැන, වයිෆරේ ලා ගැන රියල් කතන්දර ඕනෑනම් මගෙන් අහන්න.
දැන් ඔයා අපිට කතන්දර කියන්නෙ නෑනෙ කකා. අඩුමගානෙ ලින්ක් එකක් වත්.
Deleteගුඩ් වයිපරේ ලා නැත්ද කකෝ ඔය ලැයිස්තුවේ.. අහන්නත් ආසයි එහෙම අය ගැන..
Deleteඅපූරුයි දේශෝ. මේ කතාවනම් කලින් අහලවත් තිවුනෙ නැහැ.
ReplyDeleteහැබැයි සමහර වෙලාවට " අපේහාමිනේ මොන දේ කරත් ඒක හරියටම හරි“ කියන එක වඩා යහපත් වෙන්න පුලුවන් නේද ඈ...
හරියටම හරි...
Deleteබස්සි කිව්ව එක තමා සර්වකාලීනව ප්‍රායෝගික දේ.. ඔය කොනක ඉදල අපේ ආකියත් දනිං වැටිලම කිව්වේ.. හැක්..
Deleteඅනේ පලයන් බස්සි
Deleteහෙන්‍රි අයිය කියල තියෙන්නෙ ලෙසටම කියන්න ඔන දේ
ReplyDeleteඔය හැන්රියා මහ කුකුළා බං... අහු වෙන්න එපා. මේ ළගදි මොකක්ද ඇනැවැසැරියක් ගත්තලු..
Deleteහම්මෙ කතාව නම් එල කිරිස් ... දේශක පරිවර්තනය කලොත් අනිවා කියවනවා ...
ReplyDeleteකියෙව්වා නං සන්තෝසයි සහෝ..
Deleteගෑණී කැමති වෙන්න ඇති සුද්දෝ දෙන්නෙක් එක්ක ගෲප් සෙක්ස් කරන්න පුළුවන් නිසා.. සුද්දෝත් උම්මා දෙන්න රුසියෝ නේ..
ReplyDeleteඔන්න ඉතිං බෙට්ටක් දැම්මා
Deleteහැක් හැක්.. අම්මප මාතෝ.. උඹව හම ගහන්න ඕන අර අහිංසක නාකි උන්දැට කියන කතා වලට..
Deleteමචං....උඩින්ම දාපං බං මේක හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ මෙන්න මේ කථාවේ පරිවර්තනයක්ය කියලා...මොකෝ දන්නවද..? ඔන්න කියවගෙන යනවා මේක අපේ පිටිසර ගමක ගමරාල සහ ගම හාමිනේගේ ගොවිපොල තියෙන ගෙදරය කියලා හිතාගන...පාත්තයොයි අශ්වයොයි එනකොට අඤ්ඤකොරොස්....ඊලඟට කරේ දාන ලේන්සුව..ඤැහ්..වෙන්න බෑ..ඇයි බං අපිට මෙහෙම කරන්නේ...
ReplyDeleteකථාව එල මචෝ...ඒත් හිතුන දේ තමයි මේ ලිව්වේ..අවුලක් නෑනේ...
අනිත් දවසේ එහෙම කරන්නං බං.. මම හාන්සගේ කතා දාපු හැම වෙලේම කරේ මේ විදියටයි.. ඒකයි දිගටම ඒක කලේ.. කිසිම අවුලක් නැහැ. බොලාට කියවන්න පහසු කරන එක මගේ වගකීමක් නෙව..
Deleteඔය වගේ බිරින්දෑවරු, ඉන්නෙ සුරංඟනා කතා වල විතරද හත් දෙයියනේ!!!! :'( :'( :'( අපේ දුක මතක් වෙත්දි ඇඬෙනවා තනි ඇහැට.
ReplyDeleteකතාව නම් පට්ට දේශො! හාන්ස්ටත් ස්තූතියි, ඒක ගෙනාපු දේශාටත් ස්තූතියි!!
කකා කිව්ව වගේ මේවට සුරංගනා කතා කියන්නේ ඒක වෙන්ටැති බං.
Deleteමරේ මරු දේශො..
ReplyDeleteඅනේ අපේ උන්දැලටනං පේන්නෙ වැරදිමයි... !!
අයෙත් අහල.. හොදක් කරල නෑ මාත් අවුරුදු බර ගානකින් බං..
Deleteකෝ බං අර පොඩි මෙන්ඩියාට එවනවා කියපු කථා ටික. හැමදාමත් වගේ අදත් ඉතින් මේ කථාව පොඩි මෙන්ඩියාට කියනවා.
ReplyDeleteඅර කිව්වා වගේ ඔිවා ඉතින් සුරංගනා කථානේ අපේ ගැනු හොද කියයිද අපිට
පොඩි මෙන්ඩට කතා ටිකක් හදල දෙන්න බැරියැ බං. කෝ උඹ මේල් ඇඩ්‍රස් එක දුන්නේ නැහැනේ.
Deletesanjeewa@bratexsl.com
Deleteඋඹ නිතරම බ්‍රා බ්‍රා කියන එකේ කිසිම වැරුද්දක් නැහැ බං.. මේල් එක ඇහුවත් ඉතිං බ්‍රා කියල නේ කියන්න වෙන්නේ... බොට බ්‍රා සරණයි..හැක්
Deleteඑල ද බ්‍රා
Delete//මේල් එක ඇහුවත් ඉතිං බ්‍රා//
Deleteලෝකේ ගැණු බ්‍ර නොඇන්දොත් සංජිවයාට මොකක් වේවිද කියලා හිතෙනකොටත් බයයි.
මිනිහට යන එන මං නැති වෙනවා. ඒකනේ ඔය හැම තැනම බ්‍රා බ්‍රා කිය කිය මාර්කට් කරන්නේ..
Deleteමනෝඡ් බ්‍රා නැති වුනොත් ඉතින් මෙන්ඩාගේ පවුලටම රඡයෙන් කලා වැලිකඩ බෝඩිමේ තමයි ඉන්න වෙන්නේ.
Deleteඋඹ නං එහෙත් බ්‍රා හදාවි.. (නෝනට)
Deleteඩුඩ් අංක 2 දේශ් එල ද බ්‍රා
ReplyDeleteඩුඩ්ට සමාන කරන්න එපා බං.. මිනිහා දස්සයා..
Deleteඋඔත් දස්සයා ඇයි බං යස්සයා හැගුවේ.
Deleteටික වෙලාවකට නේ බං. ඊට පස්සේ යස්සයා හෙලවිල හෙලවිල දොයිය ගත්තා..
Deleteඅර හෙන්රියා කියලා තියෙනවා වගේ මෙච්චර කතා මේ යකා කියලා තියනවා දන්නේ උමබ් ඒවා පර්වර්තනය කරලා දැම්මට පස්සේ තමා,
ReplyDeleteහැබැයි අපිට ආරංචි දේශිකා උඹව පාත්තයෙකුට මාරු කරගත්තා කියලා . :P
//අපිට ආරංචි දේශිකා උඹව පාත්තයෙකුට මාරු කරගත්තා කියලා//
Deleteඑතකොට දේශත් උඩරට එකෙක්ද?
ඉවාන්.. හාන්ස්ගේ කතා තුන්සිය ගානක් ඇත.. ඒකිට පුළුවන් නං මාව පොල්පිත්තකට උනත් මාරු කරාවි.. මරු බිසිනොස් එක කියලා. හැක්..
Delete@ ඉන්දික..
මම දේශකයා මුදියන්සේලාගේ බණ්ඩාර හරිය.
අපේ දේශක උන්දැ ලිව්වොත් ඉතින් හරියටම හරි තමා
ReplyDeleteමොනා කියනවද මැලේ. බොට තේරුනා එහෙනං.. හැක්..
Deleteඅපිට කොහෙදබං ඔහොම ලේන් පූසො?
ReplyDeleteඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවී
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී
කෙතේ ගොයම් ළතාවටයි සැලී ලෙළෙන්නේ
එසේ ඔයා ගමන් කරන්නේ
විදුලි කොටන ලෙස නෙත් සර හෙලන්නේ
මගේ හද සලිතව යන්නේ
ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවී
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී
අහස් ගැබේ වලා රොදක් හෙමින් ඇදෙන්නේ
එසේ ඔබේ වරල ලෙළෙන්නේ
මගේ පැලට සහන් එලිය ගෙනෙන්නේ
සිරිදුව ලෙස ගැවසෙන්නේ
ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවී
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී
ගැයුම - වර්නන් පෙරේරා
කාලෙකින් බං පද වැල් ටිකවත් කියෙව්වේ.. අහන්න ඕන සිංදුව..
Deleteඒක තමා මේ කතන්දර සුරංගනා කතා ගොඩේ තියෙන්නේ
ReplyDeleteහැක් හැක්.. ඒකනේ..
Deleteවයිෆ් එහම කිව්ව නම් සුරංගනා කථාම තමයි.
Deleteඅපේ උන්දැ මක්කා කිව්වත් ඒක ටක්කෙටම හරි.. හොදද මෙන්ඩෝ...
Deleteඑක අතකට බලන් ගියහම ඉතින් වැඩේ වැරදිත් නෑ.. මමත් මුලින්ම වැස්සි බැටළුව වෙලා ඒකා පාත්තයා වෙද්දී හිතුවේ ගෙදර ගියහම මිරිස් මෝලට ගියා වගේ තියෙයි කියල.. හැම දෙයක්ම වෙනස් විදියට දකින එකේ වාසිය තමා මේ..
ReplyDeleteකෝමද හොද බිරින්දෑවෙක් ඉන්න එකේ වාසිය. නැද්ද බං..
Deleteඒ ගමන දේශක සුරංගනා කතා ලියන්නත් අරගෙන
ReplyDeleteමේ දොළොස් වෙනි එක බං මකසියෝ..
Deleteඇදෙ මෙහෙමත් කතා තියෙනවා නේද, එක පට්ට, මොක උනත් මෙහෙම කියන සොමියාවික හම්බ උනොත් ගොඩ නැත්තන් ඉතින් දේශක අයියා කියන දේ තමා කියන්න වෙන්න, //අපේ උන්දැ මොන දේ කරත් ඒක හරියටම හරි“// ඕක ගෑනි කියනවනම් හොඳා, එත් මිනිහට කියන්න උනොත් එකත් හොඳා :D
ReplyDeleteවැඩිපුරම කියන්නේ මිනිහා තමා.. හැක්..
Deleteහෑ සුරංගනා දේශා මරු ඈ
ReplyDelete+++++++++++++++
Deleteඑළ ද බ්‍රා...
Deleteඑල ද බ්‍රා = එල ද බ්‍රා
Deleteඑල ද බ්‍රා...
Deleteහෙන්රියට කියල වේලගත්ත කිව්වෙ..?
ReplyDeleteබලාගෙන තෝවත් කරෝලවලට වේලාවි..මාලෙ කරෝල..!
හැන්රියා හැදුවේ කුණු කරන්න.. ඒවා කොහේද මං වේලාගත්තා බං. හැක්..
Deleteඅපේ වෙන්න මායියට පෙන්නන්න ඕනෑ මේක... :D
ReplyDeleteචෑන්ස් එකක් තියේයිද? කෝකටත් හැල්මට් එකක් අරගෙන යන්න..
Deleteයකෝ අපේ උදැත් ආස වෙයි ඔහෝම කිවුවොත් හැම එහෙකටම -_-
ReplyDeleteඉතින් කියනෝකෝ.. කවුද එපා කිවුවේ...
Deleteඑක පාරක් වත් කියහංකෝ.. උගේ හිත හැදෙන්න.. හැක්..
Deleteගොවි ගෙදර විස්තරේ අපූරුයි. ගිහින් බලන්ටම හිතුණා...
ReplyDeleteදේශිකා අර ගොවි බිරිඳ වගේ වෙන්ටැතිනේ...:P
අනේද කියන්නේ.. බීලා ආපු වෙලාවට හරියට ඒ වගේමයි.. හැක්..
Delete"In a marriage one is always right and the other one is always the husband" කියල කතාවක්නං අහල තියනවා...
ReplyDeleteමාත් අහල තියෙනවා. වැඩේ කියන්නේ ඔය කතාවම නේ බං සිද්ධ වෙන්නේ.. හැක්..
Delete//ඔව්.. දැක්ක නේ ඒකට වටිනාකමක් තියෙනවා. තමන්ගේ ස්වාමිපුරුෂයා කරන හැමදේම හරි යැයි බිරිඳ සිතනවා නං ඒක තමා වටින්නේ.//
ReplyDeleteඕක අපේ උන්දැට කියලා අර ඇපල් ගෝනිය ඇර අනෙක් නම් ඔක්කොම අහගත්ත අප්පා.. පව් මං...
මට නං මුකුත් කියන්න එපා හොදේ..
Deleteහ්ම්.................මේ කතාව ආයෙත් මතක් කලාට බොහොම ස්තුතියි. මේක ප්‍රින්ට් කරලා ඇන්න අපේ නිදන කාමරේ බිත්තියේ ගහනවා අපේ උන්දැට පෙනෙන්න.
ReplyDeleteමට හෙට පත්තර ටික නං බලන්න හිතෙන්නෙම නෑ.. අයියෝ..
Deleteපොඩි කාලේ බොහෝම ආසාවෙන් කියවපු පොතක්... ඇයි අර කුමාරියි ගිණිකූරුවලයි කතන්දරේ අර අර ලොක් ඇස් තියන බල්ලොන්ගෙන් උදව් ගන්නෙ.ඒ කතාවත් තිබුනෙ ඔය පොතේම නේද දේශකතුමා?
ReplyDeleteමල් මල්.. ගිණිකූරු දැරියත් මම පරිවර්තනයක් කලා.. ඒක මෙතැන ඇති. අඩේ ඒ බල්ලගේ කතාවත් මරු.. හිටහං වෙලාවක ඒකත් දානන්ං.. තැන්කුයි
Deleteමේ ටයිප් එකේ කතන්දර වලට මං හරිම මනාපයි. වෙහෙසක් නැතිව විනෝදයෙන් කියවන්න පුලුවන් එක හුස්මට. ස්තූතියි දේශක ඔබට.
ReplyDeleteඉකේයියා බං ඒකේ ස්තුතිය යන්න ඕන හාන්ස්ට.. තැන්කුයි..
Deleteඋඹ කියවලා තියනවද මේ කෙටි කතාව..
ReplyDeleteඑක ගැනියෙක් බඳිනවා ඉස්සෙල්ලම ගස් කපන්නෙක්ව ( මට උගෙ වෘත්තිය හරියට්ම මතක නෑ ). ඊට ප්ස්සෙ ගෑනි යන යන තැන කතා කරන්නෙ ගස් කැපීම ගැනමයි.. ඒකෙ තියන අමාරු කම, ලාබ පාඩු අරවද මේවද ? ඒක තමා ලෝකෙ හොඳ රස්සාව...
ඉතින් ඔහොම ඉන්නකොට අනේ අර මිනිහා යනවා වැලිගම්පිටි.. ඊට පස්සෙ ගැනි බඳිනවා වෙන මිනිහෙක්ව.. අපි කියමුකො ඌ වඩුවෙක් කියලා.. ඊට පස්සෙ ගැනි කතා කරන්නෙ වඩු කම ගැන විතරයි.. ඒක කොච්චර අමාරුද, අරවද මේවද.. ඒක තමා ලෝකෙ හොඳ රස්සාව...
ඔය විදිහට ගැනි තුන් හතර දෙනෙක්වම බඳිනවා.. ගැනි බැඳින බඳින එකාගෙ රස්සව හොඳයි කියලා තමා කතා වෙන්නෙ.. ලේඛකයා අන්තිමට කියන්නෙ ඒ ගැනිට තමන්ගෙම කියලා අදහසක් නෑ කියලයි...
මට ඉතින් මේ කතාවෙන් අන්තිම බාගෙ කියෙව්වට පස්සෙ ඒක මතක් වුනේ ඇයි කියලා අහන්න එපා.. මම දන්නෙ නෑ..
උඹට මම රහස්ක කියන්නම්.. මම දැන් මේ ඇන්ඩසන්ගෙ මල ඉලව් වල්ට කැමතිම නෑ බන්...
ඔය කතාව නං අහල නෑ. උඹ කිව්ව රහස නං හොදට ඇහුනා.. හැක්.. තැන්කුයි දැනුවත් කිරීමට.. (මං මතක තියාගෙන ඉන්නේ හරිය) හැක්
Deleteමතක් තියන් හිටියට කමක්නෑ දිගටම ලියහන් හරිද ? මම කිව්වෙ මම කැමති නෑ කියලා මිසක් බොට ලියන්න එපා කියලා නෙමේ ඕන්.. නැත්නම් මෙතන වසලා හමරායි ඒ කරුමෙ මගෙ අකවුන්ට් එකට වැටුනොත්..
Delete1 හැලපේ
Delete2 හිරු
3 සෙන්නා..
අඩේ මම දැනන් උන්නෑනෙ මගෙ බෝට්ටුවෙ තව දෙන්නෙක් ඉන්නවා කියලා.. තව කව්රුවත් ඉන්නවදෝ ?
Deleteහැක් හැක්.. ඔය ඉන්නේ දිලිසි දිලිසි...
Deleteදෙශිකාට වක්‍ර මාර්ගෙන් දීපු පනිවිඩියක් ද මන්දා මේක
ReplyDeleteඑකෙක්වත් නෑනේ බං ඒක කියන්න.. මමවත් කියනවා... හැක්
Deleteහි..හි.. ශෝක් කතාව ... :D දේශිකාත් මෙහෙමද ?
ReplyDeleteදේශිකා.. අපොයි උන්දැගේ හැටි කියල වැඩක් නෑ..
Deleteවලාමයි...මෙහෙම ගෑණු කොහෙ හරි ඇත්තටම ජීවත් වෙනවද බං???...අනේ... අපිටත් කියාපන්කො...අනේ..අනේ...අනේ... මේ බ්ලොග් ලිවිල්ල පැත්තක දාල හොයන්න යන්න වටිනව....අම්මප...
ReplyDeleteසෙව්වොත් ලැබේවි.. හැබැයි ඉතිං කැත කොට මහත.. අන්න ඒ ගති ලස්සසනට තියෙන.. උඹට ඕනද අපේ පැත්තේ ආච්චි කෙනෙක් ඉන්නවා අර වගේ.. හැක්.
Deleteමේවා ඉතින් ප්‍රබන්ධම තමයි ගොයියො..සැබෑ ලෝකයේ කැස්බෑවා විය සිදුරෙන් බලයි මේවා වෙන්න කලින්...මොනවා උනත් කික් එකක් දැනුන කථාවක්...කුකුලා බිත්තර දානවා කියලා කියපු එකයි අවුල......
ReplyDeleteහරි හරි උඔ බය නැතුව හිටහන් අපි දේශ්ට කියලා සුරංගනා කථාවල ඉන්න කෙල්ලෙක් හොයලා දෙන්නම්.
Deleteඇන්ඩගේ කුකුලා බිත්තර ගෙඩි දානව ඇති එකයි ඒ.. හැක්.. එතැන මම වැරදියි තමා බං..
Deleteදේශක හාන්ස් ගේ කතා පරිවර්තනය ලස්සනටම කරනවා හැබැයි මේ කතාවෙ නම් පොඩි ප්‍රශ්නයක් ..කුකුල්ලු කවද ඉඳන්ද ඇත්තටම බිත්තර දාන්න පටන්ගත්තෙ ඈ :D
ReplyDeleteඔය අඩුපාඩු ඉතිං නොදැනුවත් කම නිසා වෙන දේවල් නෙව හංසි.. තැන්කුයි..
Deleteඅඩේ ඉතින් මේවාට සුරංගනා කතා කියන්නේ නිකන්යෑ අර කීවත් වගේ.
ReplyDeleteදේශා ඔහොම දෙයක් කරලා ගෙදර ගියානම් ඉතින් දේශිකා දෙයි වළං ගැට්ට කරේ හිටින්න.
අම්මපා ඔව්...:D
දැන් කොහෙද බන් වළං...??? ඔක්කොම තියෙන්නෙ ඇළුමිනියම් කෙහෙම්මල්..අපේ උන්දැට කිව්වම ඇලුමිනියම් වල උයන්න එපා කියලා උන්දෑ කියනවා අරවයෙ ඉව්වම ගෑස් වැඩිපුර යනවලු.. ඉතින් මක්කෙයි කියන්නෙ..
Deleteඉතින් ගෙදර උන්දැට කියහන්කෝ බං එහෙනම් දර ලිපේ උයන්නයි කියලා.සෙන්නයියාට බැරිය ඔය දර ටිකක් පලලා දෙන්න.අනික මැටි වළදේ රස හොඳට එන්නේ දර ලිපේ නොවැ.
Deleteසෙන්න දැන් තියනව ගෑස් වලං කියල ජාතියක්, ඒක ගනකම අඩුයි.
Deleteදර ලිපක් නෑනෙ බන්.. ඉඩත් නෑ ඒවා හදන්න.. එකක් එලියෙ යාන්තම් අටෝගෙන ඉන්නවා.. ඒකෙ උයනකොට නිකන් මදුරුවන්ට දුං ගහනවා වගේ.. අපිට ගෙයි ඉන්න බෑ..
Deleteකම්මල, ස්තූතියි ඔත්තුවට.. හොයල බලන්න ඕනා..
සෙන්න දන්න සෙද්ද... ගෑස් වලං කියල ජාතියක් තියෙනවා අතීතේ ඉදලම.. හැක්.. කට්ට හරි කෙට්ටුයි ළූණු සිවිය වගේ.. මාත් තුනක් ගෙනාවා දෙකක් බින්දා..
Delete<< දෙකක් බින්දා.. >>
Deleteමනෝජ්, උඹ ළඟපාතක හිටියනම් මම ඔබනවා මසුරන් පොදියක්ම කටේ... බලාගෙන හිටියා වගේ කිව්ව ලස්සන.. :D
ඕකනේ කියන්නේ සෙන්නයියේ,මුන් මෙතැන මේ එක එකාලාට දේශනා දෙනවා.
Deleteගෙදර ගියාම දේශිකා මුට දෙනවා.
අනේ අපි නම් කයි ඔය බල්ලොත් නොකන සල්ලි.:D ඔය සල්ලි වලින් උඹ අර මුන් කියලා තියෙන ගෑස් වලං දෙක තුනක් අරන් ගියා නම් ගෙදර උන්දැටත් සතුටු හිතේ.තරහා ගියොත් උඹටත් දේශාට වෙච්චි දේම වෙයි.:D
මට කෙසේ වෙතත් ගෙදර අනිත් උන්ටනම් වැඩේ වෙයි.. මොකද අපේ උන්දැගෙ ඉලක්කෙ ඒ තරම් ශුවර්.. මට ගැහුවම අඩි දහයක් විතර එහායින් ඉන්න එකෙකුට වදින්නෙ... ;D
Deleteඑහෙමනම් ඉතින් බල,බල නොයිද උන්දැ එක්කරගෙන ඇස් වෙදෙක් ගාවට ගියා නම් නාකද :D ?
Deleteඒ කියන්නෙ සෙන්නත් පියාඹන පීරිසි ප්‍රහාරයකට ලක් වෙලා තියනව :D
Deletey not, y not first hand experience.. heh heh :D
Deleteඒක තමා සෙන්නෝ සෙන්නී නිතරම අහල පහල ඉන්න උන්ටම එල්ලේ අල්ලනවයි කියන්නේ. (අඩි දහයක් දුර උඹනේ ඉන්නේ)
Deleteහෙට මම මේ කතාව අපේ ගෙදර උන්දෑට කියනවා විශේෂ හේතුවකට . ඔන්න බලාපං බොරුද කියලා
ReplyDeleteඒ කිව්වේ හෙට අපිට උඹ ගැන ආරංචි කරන්න වෙනවද??
Deleteඅන්න නෝනලා..... අදහන්න වටිනවා....
ReplyDeleteමේ කතාව බොහොම ජනප්‍රියයි. ඒත් අතීතයේ කුඩා කාලෙ අහල යාන්තමට වගේ මතකයේ තිබුනෙ ඒ මතකය ආයෙමත් අලුත් වුණා.
ගේමුද එයින් නෝනා කෙනෙක්.. හැක්.. තැන්කුයි දයා..
Deleteමේක සුරංගනා කතාවක් විතරයි කියල අන්තිමට ලියපන්
ReplyDeleteනැතිනම් පොඩි එව්වෝ නොමග යයි
හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කියල ඔය ලියල තියෙන්නේ බං. හැක්..
Deleteකතාවනම් පන්කාදුයි ....... දෙශිකාත් ඔය වගේමද?/
ReplyDeleteඅපොයි අර ගම හාමිනේට ලැජ්ජ කරන්නද උඹ හදන්නේ..
Deleteකොහොමද බං කාලෙකින් දැක්කේ..
දේශා, පත්තර නංගි අපේ පත්තරයව මොකකට හරි මාරු කරල වගේ. හැබැයි මොකක් උනත් පොල් බෑයකට වැඩි දෙයකට මාරු කරගන්න බෑ.
Deleteහොදින් මචන් අපි වැඩ පටන් ගන්නේ කාලෙන් කාලෙට නේ.....
Deleteයේකත් එහෙමද බං... හරි...
Deleteකලින් අහල තිබුණ කතාවක් දේශකය රසට ආයෙ ලියල තියෙනව. නියමයි ඈහ්.. මං දෙපාරක් කියෙවුවා. දේශිකාටත් බලන්න දෙන්න.. :-p
ReplyDeleteඔයා හදන්නේ අහිංසක මම අකාලයේ මරා දමන්න.. ඔව් ඉදගෙන..
Deleteකෝ මං දාපු පෝස්ට් එක?
ReplyDeleteඒක ඉතිං ඔයැයිගේ අඩවියේ තමා බලන්ට වෙන්නේ.. හැක් හැක්... (විහිළුවට අනේ කිව්වේ)
Deleteඑහෙම එකක් නැහැනේ.. ස්පෑම් හිග්ල්ලත් නෑ.. සමා වෙන්න ටීචර්..
හරි. එහෙනම් මං ආයෙ දාන්නම්කො. මං ලිව්වෙ, කතාව හොඳට ගලාගෙන යන විදියට පරිවර්තනය කරල තියෙනව කියල.මොකද, මගෙ කතාවල සමහර වෙලාවට මටම තේරෙනව ,කතාව හැප්පෙනව කියල.
ReplyDeleteබාසාව බොහොම සිත් ඇදගන්නා සුලුයි. හෑන්ස් ගෙ කතාවල තියෙන සරල, ගැමි රසය මේකෙනුත් ඉස්මතු වෙනව. සාර්තකයි.
යටින් පැහැදිලිව පරිවර්තනයක් කියල දාන්න. කියවන්නන්ගෙ හිතේ ඇතිවන ගොඩක් ප්‍රස්නවලට ඒකෙන් පිලිතුරු ලැබෙයි.
මම දිගටම ඔය විදියට දාපු නිසා ඒ විදියටම තිබ්බා. දෙතුන් දෙනෙක් කිව්වා උඩින් දාන්න කියලා.. මම කැමති නැහැ හාන්ස් ගේ කතාව මම පරිවර්තනය කලා කියලවත් කියන්න.. ඊට වඩා මට සිත් ගන්නේ යටින් මේ විදියටම දාන්නයි.. ස්තුතියි තරහ වෙන්ටෙපා අනේ..
Deleteවර්ණාවටත් මට බරසාර වැඩිය වගේ.. ඔයාගේ හැප්පෙන තැන් වලදි ඔයා හිතින් කතා කරන්න කතාවත් එක්ක. ගැටළු වලට විසදුම් ලැබේවි..