ලොකු කරල බලන කණ්නාඩියකින් මොකක්ද කරන්නේ කියල දන්නව නේ. දන්නෑ.. අයියෝ අර රවුං කාචයක් හයි කරපු අන්ඩක් තියෙන එක. අර මොකක් හරි දිහා ඒකෙන් බැලුවම ඔය තියෙනව වගේ සිය ගුණයක් විතර විසාල වෙලා පේන එක. අන්න ඒක ගැනයි මං කිව්වේ.
කව්රු හරි ඔය විශාලන කාචයක් අතට අරගෙන, ඒකට ඇහැ තියල එක වතුර බිංදුවක් දිහා හොද බැලුවොත් පෙනේවි, ඒ වතුර බිංදුව ඇතුලේ මොන තරං විසිතුරු රටා තියේද කියලා. ඒ වතුර බිංදුවේ අමුතු අමුතු පුංචි සත්තු දාස් ගානක් හැංගිල ඉන්නවා. හැබැයි ඉතිං එයා දකින ඔය විසිතුරු දේවල් මොකක්වත් වතුරේ නං පැහැදිලිව දකින්න පුළුවන් වෙන්නෑ. ඒත් ඒවා තියෙනවා. කිසිම වංචාවක් නෑ.
ඒකේ ඉන්න දාස් ගානක් වෙන පුංචි සත්තු ටික, හරියට මහා සෙනග කන්දරාවක් උඩට පනින භයානක මකුළු රෑනක් වගේ පෙනේවි. කොයි තරං බයානකද? මේ අය මිනිසුන්ගේ අත් කකුල් එකින් එක ගලවල විසි කරාවි. ඇයි ශරීර කුඩුවටත් ඒ වැඩේම කරාවි. මොනව උනත් තමන් කරන දේ ගැන ඒ අය බෝම සන්තෝසෙන් තමා ඉන්නේ.
හරි.. ඔන්න කාලෙකට ඉස්සර බොහොම වයසක මුත්තෙක් හිටියා කව්රුත් එයාට කතා කරේ පිස්සු ඉස්සා කියල. අනේ ඉතිං ඒක එයාගේ නම නේ. පිස්සු ඉස්සා සීයා හරිම අමුතු කෙනෙක්. එයාට මොන වැඩේ උනත් කිරිගහට ඇන්න වගේ හරියට නූලට තියෙන්න ඕන. බැරි වෙලා හරි ඒ වැඩේ නූලට කරගන්න බැරි නං මැජික් වලින් හරි ඒක නූලට කරනවමයි.
එක දවසක් එයා වාඩි වෙලා උන්නා තමන්ගේ විශාලන කාචයත් ඇහැට තියාගෙන මොකක් හරි දිහා හොදට බලමින්. මොකක් දිහාද දන්නවද බැලුවේ. අන්න අර අතන තියෙන මඩ වලෙන් ගත්ත මඩ වතුර බිංදුවක් දිහා. ඒත් ඒ වතුර බිංදුවේ මොන තරං නං පිස්සු සත්තු ගොඩක් හිටියද අප්පා. එකම යුද පිටියක් වගේ. දාස් ගානක් සත්තු උඩ පනිනව, ඇඹරෙනවා, හැරෙනවා, දගලනවා ඒ මදිවට ළග ඉන්න එකාව එහෙම් පිටින්ම ගිලල දානවා.
“සිහ්. මේක නං පිස්සුවක්!!“ පිස්සු ඉස්සා සීයා කිව්වා. “ ඇයි මේ කාටවත් තේරෙන්නේ නැත්තේ අනිත් අයට දෙයියනේ කියල සාමයෙන් සමාදානයෙන් ජීවත් වෙන් ඉඩ දෙන්න ඕන කියලා. එහෙම උනා නං තමන්ගේ පාඩුවේ මේ අයට ඉන්න තිබුනා නේ“
ඔහු මේ ගැන නොනවත්වාම හිතන්න ගත්තා. ඒත් මේ අය හැදෙන පාටක් නැති නිසා එයා තීරණය කළා මැජික් වල පිහිට පතන්න.
“මේ අයට පාටක් දෙන්න ඕන. එතකොට පැහැදිලිව බලාගන්න පුළුවන්.“ එහෙම හිතලා රතු වයින් පුංචි බිංදුවක් වගේ දෙයක් අර වතුර බිංදුවට දැම්මා. ඒක හරියට මායා ආච්චිගේ කන් පෙත්තෙන් ගත්ත ලේ බිංදුවක් වගේ රතුම රතු පාටයි. ඉතිං මේ රතු පාට මුහු උනාට පස්සේ අර පුංචි සත්තු ඔක්කෝම රතු පාට උනා. ඒක හරියට නිරුවතින් ඉන්න මිනිස්සු පිරුන නගරයක් වගේයි පෙනුනේ.
“මොනවද ඔය කරන්නේ“ එතැනට ආපු නමක් නැති තවත් මැජික්කාරයෙක් පිස්සු ඉස්සා සීයගෙන් ඇහුවා.
“පුළුවන් නං කියනවා මොකක්ද කියලා.. ඔව් කියන්න පුළුවන් උනොත් මං ඔහේට ඒක තෑග්ගක් විදියට දෙනවා. හැබැයි ඉතිං මෙහෙමයි නොදන්න කෙනෙකුට නං සක්කරයා කිව්වත් ඕක හරියට කියන්න බෑ“ ඉස්සා සීයා කිව්වා.
ඊට පස්සේ නමක් නැති මැජික්කාරයා විශාලන කාචය අතට අරන් ඇහැට තියල බැලුවා. හුහ්. හරියට මහා විශාල නගරයක් වගේ, මිනිස්සු... මොනවා මොලෝ රහක් නැතිව අමු නිරුවතින් නේ දුවන්නේ. සිහ්. කැතේ බෑ.! ඊටත් වැඩිය සවුත්තුයි එක එකාව තල්ලු කරගෙන ගහ මරාගන්න විදිය දකින එක. ඒ මදිවට ළග ඉන්න කෙනාව හපනවා, කපල දානවා චප්ප කරනවා. උඩින්ම ඉන්න අය පල්ලෙහාට දාන්න, යට ඉන්න අය දගලනවා. යට ඉන්න අය උත්සාහ කරනවා පුළුවන් තරං උඩටම යන්න. අන්න, අන්න. අර යකාගේ කකුල මගේ කකුලටත් වඩා දිගයි. එයි. අහකට පල.
එතන හිටියා පුංචි තුවාලයක් තිබ්බ කෙනෙක්. ඒක හරිම වේදනාකාරියි ඌට. ඒත් තවත් වේදනාව වැඩි වෙන්නයි යන්නේ. අර පුංචි තුවාලේ නිසාම මෙයා අනිත් අයගේ පහර කෑමට, තෙරපීමට, තල්ලු කිරීමට, හැපීමට නතු උනා. පස්සේ අනිත් අය මෙයාව ගිලලම දැම්මා. මේ අතරේ එක් අයෙක් පැත්තකින් වාඩි වෙලා හිටියා හරියට පුංචි කුමාරියෙක් වගේ. එයාගේ අරමුණ උනේ නිදහසේ තමන්ගේ පාඩුවේ ඉන්න එක. ඒත් අැයට ත් ඉන්න විදියක් නෑ. වැඩක් නෑ. අර උන්දැල මේ දැරිවිවත් හපල, තලල, එහෙම් පිටින්ම කාලා දැම්මා.
“මේක නං මරේ මරු!“ නමක් නැති මැජික් කාරයා කිව්වා.
“ඔව්. ඒත් තමුසේ දන්නවද ඔය මොකක්ද කියලා... තමුසෙට පුළුවන්ද හොයාගන්න ඕක. ඇයි හාදයෝ ඕන කෙනෙක්ට නිකම්ම කියන්න පුළුවන් මොකක්ද කියලා“ පිස්සු ඉස්සා සීයා කිව්වා.
“මේක නං පැරිස් හරි නැත්නං ඒ වගේ මොකක් හරි මහා විශාල නගරයක් නේද? මොකද ඒවා එකම වගේ නේ. මේක මහා විශාල නගරයක් ඔව්.. ඉදගෙන“
“හැක් හැක්. අනේ මෝඩයෝ මේ මඩ වතුර බිංදුවක්“ පිස්සු ඉස්සා සීයා කිව්වා.
The Drop of Water - Hans Christian Andersen
ප.ලි. -ධර්මය පැත්තකට දාලා බලන්නකෝ මේක.. ජීවන දිය
හ්ම්ම්...මම දැකල තියෙනව පාසල් යද්දී....
ReplyDeleteදැනුත් බලනව පේන්නෙම ලස්සන කෙල්ලෙක් ගෙ පියකරු සිනහ මුහුණක් මචෝ....
ස්මයිලීසි.. හැක්
Deleteයකෝ පිස්සු පීකුදු වෙන නම් නේ සියා ලාටත් තිබිලා තියෙන්නේ
ReplyDeleteඔය සීයගේ ඇත්ත නම Kribble-Crabble. ඒකත් පිස්සු නමක්නේ
Deleteමේ කතාවේ යටි අර්ථය අපේ සමාජයටත් රටේ වෙන දේවලටත් හරියටම වලංගුයි. දේශකයෝ උඹට ජය!!
ReplyDeleteජය වේවා ගුණේ...
Deleteඅනේ මෝඩයෝ මේ මඩ වතුර බිංදුවක්...... //සිරාම සිරා
ReplyDeleteතැන්කුයි සචිත්..
Delete//ලොකු කරල බලන කණ්නාඩියකින් මොකක්ද කරන්නේ කියල දන්නව නේ. //
ReplyDeleteදන්නෑ.. අයියෝ :D
ලොකු කරලා පෙන්නන එකද?
කතාව ලස්සණයි දේශකයෝ...මේ ඔයා වැඩට ඇවිත් වැඩ කරනව නේද? :D:D
මං හිතන්නෙ ඒක තමා උත්තරේ..
Deleteතැන්කුයි පොඩ්ඩි.. මේවත් ඉතිං වැඩ තමා..
//එතන හිටියා පුංචි තුවාලයක් තිබ්බ කෙනෙක්. ඒක හරිම වේදනාකාරියි ඌට. ඒත් තවත් වේදනාව වැඩි වෙන්නයි යන්නේ. අර පුංචි තුවාලේ නිසාම මෙයා අනිත් අයගේ පහර කෑමට, තෙරපීමට, තල්ලු කිරීමට, හැපීමට නතු උනා. පස්සේ අනිත් අය මෙයාව ගිලලම දැම්මා. මේ අතරේ එක් අයෙක් පැත්තකින් වාඩි වෙලා හිටියා හරියට පුංචි කුමාරියෙක් වගේ. එයාගේ අරමුණ උනේ නිදහසේ තමන්ගේ පාඩුවේ ඉන්න එක. ඒත් අැයට ත් ඉන්න විදියක් නෑ. වැඩක් නෑ. අර උන්දැල මේ දැරිවිවත් හපල, තලල, එහෙම් පිටින්ම කාලා දැම්මා.// මෙතන තමයි කතාවේ මට හොඳම තැන.
ReplyDeleteතැන්කුයි දයල්...
Deleteශා මරු !
ReplyDeleteමේ වගේ එකක් මාසෙකට සැරයක් කියවන්න ලැබුන එකත් මරු !
ඔව් මධු මාසෙකට එකක් දාන්න බලපොරොත්තුවක් තියෙනවා පාඨක ඉල්ලීම් මත..
Deleteමේක කියෙව්වට පස්සේ මට උඹව පේන්නෙත් පිස්සු ඉස්සා වගේ .......! බලාපන් මම උඹට ගරු කරන තරම ඒ කෙන්ම පේනවා නේද?
ReplyDeleteඒ වගේ ගරු කරන එක කොයිතරං දෙයක්ද මහා පණ්ඩිතයා, බුද්ධිමතා කියල අපහාස කරනවට වඩා..
Deleteආ මේ එහෙම එකක් නේද...??
ReplyDeleteඒත් නියමයි දේශ්..
තැන්කුයි සරතා..
Deleteවතුර විතරද බලලා තියෙන්නේ ඕකෙන්? අපි නම් වෙන වතුර බින්දුවක් දාලා එකේ නලියන 'ඉස්ගෙඩියො' දැකලා තියනවා.
ReplyDeleteඊගාව පාර වෙරළුමල් සුවඳ එනකොට දේශට ඕක මතක් වෙයි. :D
Deleteමොකක් කිව්වා, වෙරළු මල් සුවඳ.... හැක්.. හැක්...
Delete@ සරා
Deleteමේක බොට මිස් වෙචිච ආතල් එකක් බලහං ඉඩ ඇත්නං.. හැක්
පිච්ච මල් සුවඳ>
පිච්ච මල් ...අන්න කතා දේශක් කෝ දැන් ඒ වගේ කතා ..දැන් හොර අදින්න පුරුදු වෙලා නේ ...
Deleteඑවැනි කතා නොදැමිම ගැන මගේ බලවත් විරෝධය..
@ විචා
Deleteඕවා පරික්ෂා කරද්දි අපිට නලියනවා..
@ සහෝ
Deleteඑවැනි කතා එක පාරට හදන්න අමාරුයි. ටික දවසක් ඔළුවේ අදහසක් තියෙන්න ඕන. බලමු මාත් දැං ටිකක් කම්මැලියි බං..
අත් කාචෙකිං කොහොමද බොල ඔච්චර දෙයක් පේන්නෙ. අන්වීක්සෙකින් බැලුවනං ඕව පෙනෙයි.
ReplyDeleteකොහොම උනත් නියම කතාව.
//අත් කාචෙකිං කොහොමද බොල ඔච්චර දෙයක් පේන්නෙ. අන්වීක්සෙකින් බැලුවනං ඕව පෙනෙයි.// මටත් හිතුනෙ ඒකම තමයි. :)
Deleteකොහොම උනත් දේශාගෙ පරිවර්ථනය නම් නියමයි..
@ ප්‍රසා
Deleteඇත්ත.. ඇත්ත.. එතැන වැරැද්දක් තියෙනවා. පොතේ දාලා තිබ්බ පින්තුරේ අත්කාචයක් තිබුන නිසා මං ඒකම දැම්මා.. ඒකයි උනේ..
@ චාම්ස්..
Deleteස්තුතියි එතැන වචනය වැරදියි තමා. ඒත් මං ඒක ආයි හැදුනේ නං නෑ..
ඒ එහෙනම් එකත් එහෙමයි නේ....
ReplyDeleteසුරංගනා දේශා.....:)
හපොයි ඒ පාර තවත් නමක්..
Deleteයකෝ මාර මාර කතාවල් නෙව දේශා තුමාටත් මතක් වෙන්නෙ..
ReplyDeleteඅන්වීක්ෂෙකින් නං ඔහොම එකක් 9 වසරෙදිද කොහෙද බැතුව මතකයි...
මං කරේ පරිවර්තනයක් විතර නේ බං. තැන්කුයි..
Deleteවතුර බිංදුවක ඔය තරම් දේවල් තීනවද හප්පේ.
ReplyDeleteවෙරළු මල් බීම වල මක්කැයි පේන්නෙ.? ;)
කතාවනම් හැමදා වගේම එළ.
වතුර අණුවක උනත් කොයි තරං දේ තියේද බං.. හැක්.. වෙරළු මල් ගැන ප්‍රවීණයන්ගේ උපදෙස් ලබා ගන්න.. කෙන්ජි, ප්‍රසා වැනි අය..ර
Deleteඅත්කාචෙයි අන්වීක්ෂෙයි මාරුඋනාද බන්?
ReplyDeleteඋඹත් හරි.. කතාවට අදාළ පින්තුරෙට ගැලපෙන්න අත්කාචය කියල දැම්මට ඒ වචනේ ඇත්තටම වැරදියි.. තැන්කුයි
Deleteදැන් ඉතින් නිදහසේ වතුර බොන්නත් බයයි එකේ ඉන්න සත්තු මතක් වෙනවනේ
ReplyDeleteහැක් හැක්.. හුස්ම ගන්නත් බයයි වාතේ ඇතුලෙත් මේ යක්කු ඉන්නවා නේ..
Deleteමඩ වතුර නේ
ReplyDelete(අපෙ දොහා වරෙන් )
(අපෙ දිහා වරෙන් )
Deleteඇයි උඹලගේ වන්නි වල මඩ වතුර නැද්ද??
Deleteමේ කතාව කියවනකොට මට මතක් වෙන්නෙ මෙහෙම දෙයක්.. වතුර බිංදුව දිහා කාචෙන් බලනකොට පේනවා වගේ.. අපේ පුංචි පෘථිවිය දිහා අපිට වඩා දියුනු ජීවීන් බලන් ඉන්නවද දන්නෙ නෑ අපේ එවුනුත් අර වතුර බිංදුව ඇතුලෙ ක්ශුද්‍ර ජීවීන් වගේ කා කොටා ගන්න හැටි!
ReplyDeletehttp://masandumal.blogspot.com/
මටනම් අයියේ දැනුනේ කතාවෙන් කිවේ අපේ ලෝකේ ගැනම තමයි... ක්‍ෂද්‍ර ජීවින් හෝ අනෙකුත් සත්ව වර්ග කා කොටා ගන්නේ ජිවත් වෙන්න කන්න යමක් වෙනුවෙන් ඒත් මිනිස්සු වෙච්ච අපිට ඊට වඩා කාරණා තියෙනවනේ ,,,
Delete//ඊටත් වැඩිය සවුත්තුයි එක එකාව තල්ලු කරගෙන ගහ මරාගන්න විදිය දකින එක. ඒ මදිවට ළග ඉන්න කෙනාව හපනවා, කපල දානවා චප්ප කරනවා. උඩින්ම ඉන්න අය පල්ලෙහාට දාන්න, යට ඉන්න අය දගලනවා. යට ඉන්න අය උත්සාහ කරනවා පුළුවන් තරං උඩටම යන්න. ////
@ මනෝෂ්
Deleteසිරා කතාවක්. අපි දිහා බලනවද කියල අපි දන්නෑ නේ..
හරිම ශෝක් කතාව දේශකතුමා.. ඒ වගේම හිතන්න පැති ගොඩකුත් ඒ ඇතුලේ තිබුනා..
ReplyDeleteජිවන දිය පෝස්ට් එකත් කියෙව්වා.. අපිට නොපෙනෙන දේ කොයිතරම් නම් විශ්මයජනකද ...
ස්තුතියි තුෂානි..
Deleteඇත්තම ඇත්ත thanks දේශක ටුමනි ,, නමුත් මගේ වචන හොරාගෙන තියෙනවා ඉදගෙන කතෘභාගේ ඕනේ හරිය .. හාන්ස් ක්‍රිස්ටියන් මගේ වීරයා..
ReplyDeleteකරතු බාගේ දෙන්න බැරිය පස්සේ..
Deleteමේකෙ තැන් තැන් වල තියන සමහර කොටස් අස්සෙ තවත් කතන්දර ටිකක් පෙනුන මට.
ReplyDeleteඅර බ්ලොග් එක බුක් මාක් කර ගත්තා හෙමින් හෙමින් බලන්න කියල.
මං කිව්වේ ඒ ලිපිය බලන්න කියලා.. හැක්..
Deleteඅපේ සීයත් ඔය වගේ කන්නාඩියක් තියාගෙන ඒකෙන් බල බල තමයි ඒ දවස් වල රැවුල කැපුවෙ..
ReplyDeleteඉතිං උඹල දිහා කන්නාඩියේ බැලුවේ නැද්ද..
Deleteමම ආසම කතා කැටගරිය. රස නොනැසෙන්න ඔයා සුරංගනා කතා සිංහලයට හරවන හැටි අපූරුයි.
ReplyDeleteතැන්කුයි බස්සියෝ.. උපරිම උත්සාහ කරනවා වැඩේ හොදට කරන්න..
Deleteඅහා තවත් Hans කතාවක්. හොද දේශා :* .....
ReplyDeleteඔයත් එක්කෙනෙක් තමා මට මේවා ලියන්න උදව් කරන..
Deleteවතුර බින්දුවක කතාවක් ඊයෙ පෙරේද ඕනයන්ං බුකියෙ මතක් කරල තිබ්බ. මාත් ආවෙ එහෙම එකක් බලන්න. කෝ මූ සුපියල් පා කේවනෙ. පරිවර්ථනේ ගැන පස්සෙ කතා කරමු.
ReplyDeleteසුපියල් පා දෙන්නං.. හැක්.. ඕනයගේ කතාව මං දැක්කේ නෑ නෙව..
Deleteවතුර බිංදුවකින් ඒ තරම් දෙයක් බලා ගත්තද? පරිවර්ථනයට ස්තූතියි දේශාකයෝ..
ReplyDeleteසැහ්. වතුර බින්දුවක කොච්චර දෙයක් තියේද බං..
Deleteලැච්චරයෝ (රවීගෙන් පුරුදු වුනේ)...වතුර බිංදුව අග්ගිස්සටම ඇවිත් කියලා හිතුවේ පහුගිය ටිකේ කවි කිය කිය හිටිය නිසා :D
ReplyDeleteඋඹේ මේ කතා කියවන්න මමත් කැමතියි.
හැක්.. රවියා තමා දවසකටවත් මුනියා..
Deleteතැන්කුයි අරූ.. අපි ගාල්ලෙ ගියපු වෙලාවෙත් උඹ ගැන කතා කරා..
උඹලා කොහෙද බන් ගාල්ලේ ගියේ.....ආතල් එකක් ගත්තාද?
Deleteඑෆ් බී එකේ රූ සැදෑව කියල සෙට් එකක කරපු වැඩකට ගාල්ල සමනල ග්‍රවුන්ඩ් එකට ගියා.. දවසම බිව්වා..
Deleteමට මේ කතාව අස්සේ පෙනුණේ බටහිර ජාතීන් අපිට සාමය ගැන පාඩම් උගන්වන එක. මේක හරි ආදර්ශමත් කතාවක් දේශා.
ReplyDeleteමට නොහිතුන දෙයක් සුදීක හිතල නේ.. ඇත්තටම ආදර්ශමත් කතාවක් තමා මේක.. ස්තුතියි සුදීක
Deleteලස්සනයි දේශකයා...
ReplyDeleteමේ ඩ්‍රොප් ඔෆ් වෝටර් කතාව ගැන ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රීසි ගුරුතුමියක් විස්තර කලා මතකයි... මට මතක විදියට එයා කිව්වේ මෙච්චර කලබල ගැටුම් වෙන අපේ සමාජය ගැන අපි බරපතල විදියට කණගාටු විය යුතු නැහැ පුංචි මඩ වතුර බින්දුවක් ඇතුලේ වුනත් මේ දේවල් මේ විදියටම වෙනවා වගේ අදහසක්... (මට මතක හැටියට...) :)
වෙල්කම් බීටිල්.. මේ ආවම නේද බීටෝ.. ගුරුතුමිය කිව් අදහස හරි නේද..
Deleteදැන් හාන්ස් ඇන්ඩර්සන්ගෙ සුරංගනා කතා ලොකු පොඩි කාටත් අගෙයි.
ReplyDeleteමට අර වතුර බිදුව ගැන කියනකොට මතක් වුනේ පහුගිය දවසක සති අන්ත පත්තරේ තිබුණනේ පිරිත් පැන්වල බලය ගැන කියලා. එතන සාමාන්‍ය වතුර බින්දුවක් පිරිත් පැන් බින්දුවක විද්‍යාත්මක වෙනස පැහැදිලි කරල තිබුණා. ඇත්තටම කාචයකින් බලන්න ඕනේ යම් තොරතුරක් දැකගන්න පුලුවන්ද කියලා.
දයා ඔය කතාවේ ලින්කටුවක් තමා අර යටින් දාලා තියෙන්නේ.. ලොකු පොඩි බේදයක් නෑ හාන්ස්ගේ කතා උපරිමයි..
Deleteඅපේ හෙන්රි උත්තමයට පස්සෙ පරිවර්ථන අංශයෙන් වේගෙයෙන් පෙරට එන අපේ දේශක තුමාට මගේ හදපිරි ස්තූතිය පුද කරමි. බලන්න මඩ වතුර බින්දුවකින් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් මවලා තියෙන කථාවක්....අපූරුයි...
ReplyDeleteතැන්කුයි සිරා... හැන්රියා අමාරු එ්වා නේ කරන්නේ. මං ලේසි ඒවා.. හැක්
Deleteමේවගේ අපූරු තේමා ඔස්සේ අපේ මහලොකු ලේඛකයන්ගේ මොළ ගෙඩිවලට අදහස් එන්නේ නැතිහැටි. අපේ අය ලාභෙට කොපියක් ගහයි. නැතිනම් මොකක් හරි කුණුහරුපයක් නැතිනම් නොතේරෙන අපභ්‍රන්සයක් ලියයි.
ReplyDeleteහිස් හිස් ඇති මිනිසුන්ගෙන් මොනව බලාපොරෙත්තු වෙන්නද තරු..
Deleteමේක අපේ ලෝකෙම එක පැතිකඩක් තමා ඉතින් නේද ලස්සනට් පරිවර්තනය කරලා තියෙනවා
ReplyDeleteතැන්කුයි නාටිටිකාරයා...
Deleteතැන්කුයි නාටිටි කාරයා..
Deleteමේ සුරංගනා කතාවනම් රස වින්දා . මම මිසදුටුවෙක් හින්දද කොහෙද අර ලින්ක් එකේ ,,,,( නෑ එක්කෝ ඕනි නෑ )
ReplyDeleteඒකනේ ඒකනේ මං කිව්වෙ ධර්මය පැත්තකට දාලා කියවන්න කියලා. කෝ ඇහෙන එකක්යැ.. හැක්..
Deleteලස්සන උපහැරණයක් මට හිතෙන සේ
ReplyDeleteසිරාවට ලස්සන උපහැරණයක්.. ස්තුතියි වැවා
Deleteදේශා දැන් පරිවර්තන පැත්තෙන් මොකක්ද එකක් කොරන්න වගේ හදන්නේ...කොහොම වුනත් අත් කාචෙන් ඔච්චර දෙයක් පෙනුනේ නෑනේ ඉස්කෝලේ කාලෙදි නම්..
ReplyDeleteනෑ බං මම ආසයි මේ කතා වලට.. ඒකයි දාන්නේ.. දැක්කේ නෑ කාලෙකින්
Deleteමමත් ඕකක් හොයාගෙන බලන්න ඕනේ බං, වතුර බින්දුවක් දිහා ,
ReplyDeleteඑක නෙමේ අර මොකෝ ප්‍රසන්නව උඩ එල්ලගෙන ඉන්නේ ..උන්දැ තවම යහතින් ඉන්නවා නේද ...:o
උඹ දැං ඕවා බලන්න යන්න ඕන නෑ බං නිකා හිටිං.. හැක්..
Deleteසුන්දර ප්‍රසන්න යනු මගේ කොන්ක්‍රීට් බාස් නෙව...