එක රටක දුප්පත් කුමාරයෙක් හිටියා. ඔහුට තිබුනේ කුඩා රාජධානියක්. ඔහුට උවමනා උනා කසාදයක් කරගන්න.. කුමාරියෙක් කැන්දන් එන්න. ඔහුට තිබුන දුප්පත් රාජධානියක් උනත් ඒක මේ වැඩේට හොදටම ප්‍රමාණවත්.
“ඔබ මාව කසාද බදිනවද“ කියල කෙලින්ම අහන්න දුප්පත් කුමාරයට හැකියාව තිබුන, තමන්ගේ අධිරාජයාගේ දුවගෙන්. ඒත් ඔහු ඒක කරේ නෑ, ඔහුගේ නම කොයිතරං රටේ ප්‍රසිද්ධව තිබුනත්. මේ අධිරාජ්‍යෙය් ඉන්න කුමාරියන්ගෙන් අඩුගානේ සීයක් වත් ඇති කිව්ව ගමන් මේ කුමාරයට උවමනාවෙන්ම “හා“ කියන. ඒත් ඇය හා කිව්වද කියල අපි බලමු.
කුමරයගේ පියාගේ සොහොන් බිමේ වැවුනා අලංකාර රෝස පඳුරක්. ඇත්තටම ලස්සන රෝස පඳුරක්. ඒකේ මල් පිපෙන්නේ අවුරුදු පහකට වතාවක්. ඒත් එකම එක ලස්සන මලක් විතරයි. ඒත් ඒක හරිම ලස්සන මලක් ඒ ගැන කිසිම කතාවක් නෑ. මේ මලේ සුවඳ විඳින ඕනම කෙනෙක්ට තමන්ගේ සියළු දුක් කරදර දෝමනස්ස සම්පුරුණයෙන්ම අමතක වෙලා යනවා. ඒ වගේම කුමාරයට හිටියා අරුම පුදුම නයිටින්ගේල් කුරුල්ලෙක්. පුදුම කුරුල්ලෙක් කිව්වේ මෙන්න මේකයි. මේ විශ්වයේ තියෙන ඕනම... ඕනම ස්වරයක් ඉමිහිරිව ගායනා කරන්න මෙයාට පුළුවන්. ඔහුට තිබුන මේ එකම වස්තුව ඔහු ලොකු රිදී බාජන දෙකක දාලා අර කුමාරියට යැව්වා.
මාළිගාවට ලැබෙන සියළුම තෑගි අධිරාජයා ඉන්න විශාල ශාලාවට ගේන්න තමා අණ කරල තිබුනේ. මොකද මේ ශාලාවේ තමා කුමාරිය තමන්ගේ පරිවාර කුමාරියන් සමඟ කෙළිදෙලෙන් පසු වෙන්නේ. අර ලොකු රිදී භාජන දෙක දැක්කම කුමාරිය හරිම සන්තෝසෙන් උඩ පැන පැන අත්පුඩි ගැහුවා.
“මේ පුංචි පුස් පැටියෙක්වත්ද? කුමාරිය කිව්වා. නමුත් එතකොට අර ලස්සන රෝස මල තිබුන රෝස පඳුර භාජනයෙක් එළීයට ආවා.
“හානේ.. මේකේ ලස්සන“ ශාලාවේ හිටිය ඔක්කෝම කුමාරියෝ කිව්වා.
“ඒක ලස්සනටත් එහා ගිය දෙයක්. ඒක බොහොම අලංකාරයි“ අධිරාජයා පැවසුවා.
ඒත් කුමාරියට ඒකේ ලොකු තේරුමක් නැහැ. ඇය අඩන්න වගේ ලෑස්ති උනා.
“අනේ!! පපා“ කුමාරිය නාහෙන් අඩන්න ගත්තා.
“අයියෝ මේක බොරු මලක් නෙමෙයි ඇත්තම මලක්. බලන්න..මේ ඇත්තම මලක්“ ශාලාවේ උන්න බවලතුන් ඇයට පෙන්නල දුන්නා.
“හරි හරි. අපි තරහ වෙන්න කලින් අනිත් භාජනේ තියෙන්නේ මොනවද කියල බලමුකෝ“ අධිරාජයා කිව්වම ඒකත් ඇරියා. එතකොටම අර නයිටින්ගෙල් එළියට ඇවිත් ලස්සනට සින්දුවක් කිව්වා. මේ සින්දුවේ ලස්සන අහන් ඉදල කට්ටියටම මොකක් කියන්නද කියල හිතාගන්න බැරිව හිටියා.
“Superbe!! Charmant!" කුමාරියගේ පරිවාර කුමාරියන් එක් වරම තියෙන නරකම ප්‍රංස බාසාවෙන් එහෙම කිව්වා.
“මට මතක් වෙන්නේ අපේ හිටපු අධිරාජයාගේ සංගීත පෙට්ටිය මේ කුරුල්ලගේ සින්දු ඇහුවම“ වයසක රාජපුරුසයෙක් එහෙම කිව්වා.
“ඔව්. හැබෑමයි ඒ සංගීතයම තමා. ඒ හැගීමම තමා එන්නේ. ඔව් ඒක තමයි“ පොඩි දරුවෙක් වගේ කඳුළු පිහිමින් අධිරාජයා පැවසුවා.
“මං නං හිතන්නේ මේ ඇත්ත කුරුල්ලෙක් නෙමෙයි“ කියල කුමාරිය කිව්වම “නෑ මේ ඇත්ත කුරුල්ලෙක්“ අනිත් අය කිව්වා.
“එහෙනං බලමු එයා පියාඹනවද කියලා, ඊට පස්සේ කුරුල්ලා පියාඹලා ගියා. මේ සිද්ධිය නිසා කුමාරිය දන්නෑ තමන් අර කුමාරයට ශාලාව ඇතුලට එන්න ඉඩ කඩ සැලැසුවා කියන එක.
කුමාරයා වෙස් මාරු කරගෙන කිසිම බයක් නැතිව අධිරාජයා ගාවට ආවා. ඔහුගේ මූණ කළු කරල තිබුනේ. ඔහු පැළද සිටි තොප්පිය නිසා කොහොමත් අඳුරගන්න අමාරුයි.
ඔහු ශාලාවේ දොරට තට්ටු කරා.
“සුභ දිනයක් අධිරාජයාණෙනි“ කුමාරයා ආසිරි පැතුවා.
“මට මේ බලකොටුවේ මොකක් හරි රස්සාවක් දෙන්න පුළුවන්ද රජතුමණි“
“පුළුවන්. මේකයි ප්‍රශ්නේ. හුගක් අය එනවා රස්සාවල් ඉල්ලගෙන. කමක් නෑ මං ඔබ ගැන සලකා බලන්නං පුළුවන් විදියට. ඒත් මට දැං මතක් උනා අපේ ඌරෝ බලාගන්න නං කව්රුවත් නෑ කියලා. මොකද කියන්නේ මහා විසාල ඌරු රංචුවක් නේ අපිට ඉන්නේ. ඔබ කැමති නැද්ද ඌරෝ බලාගන්න“ රජතුමා ඇහුවා.
ඉතිං කුමාරයා අධිරාජයාගේ ඌරුපට්ටි පාලක විදියට පත්වීමක් ලබා ගත්තා. ඌරු කොටුවට සමීපයෙන් ඔහුට ඉතා කුඩා කාමරයක් ලැබුනා නවතින්න. ඔහු ඒකේ ඉන්න අකමැති උනත් මුළු දවසම එතන වාඩි වෙලා වැඩ කරා. හවස් වෙද්දී ඔහු ලස්සන මුට්ටියක් හැදුවා. ඒ මුට්ටියේ වටේටම පුංචි සීනු සවි කරල තිබුනේ. ඉතිං මේ මුට්ටිය රත් කරන කොට හරි ලස්සන පරණ සින්දුවක ස්වර අර පුංචි සීනු වලින් ඇහෙනවා.
අයියෝ..අනේ.. !! මගේ ආදර ඕගස්ටයින්
ඔක්කොම ඉවරයි.. ඔක්කෝම ඉවරයි!!
මේ හැමදෙයකම ඉතා අරුම පුදුම සැකැස්මක් තිබුනා. කව්රු හරි මේ මුට්ටිය රත් වෙන කොට ඒකෙන් නගින දුමට ඇගිල්ල අල්ලන් හිටියොත් එයාට එක පාරටම කියන්න පුළුවන් මේ නගරයේ ඕනම ගෙයක මොන කෑම වර්ගයද උයන්නේ කියන එක.
කුමාරිය ඇයගේ පරිවාරිකාවන් සමඟ එළීයට එනකොට අර මිහිරි නාදය ඇයට ඇහුනා. ඇය ගල් හැගිල වගේ නැවතිල ඒක අහගෙන හිටියේ මොකද ඇයටත් මේ ගීතය ලස්සනට පියානෝවේ වාදනය කරන්න පුළුවන් නිසා. හැබැයි ඉතිං ඇයට වාදනය කරන්න පුළුවන් එකම සින්දුවත් ඒකම තමා. ඉතිං ඇයට තනි ඇගිල්ලෙන් උනත් ඒක වාදනය කරන්න පුළුවන්. හරිම දක්ෂයි.
“ඇයි ඒ..මම වාදනය කරන සින්දුව නේ ඒක“ ඇයට කෑගෑවුනා.
“මේ පට්ටිපාලකයා ටික්ක ඉගෙන ගත්ත මිනිහෙක් වෙන්න ඇති. හාර්කි. පල්ලෙහාට ගිහින් අර පට්ටිපාලකයගෙන් අහන් එන්න ඔය සංගීත භාණ්ඩේ විකුණන ගාන“ ඇය තම පරිවාරිකාවකට එසේ අණ කළා.
ඉතිං මඩේ දාන සපත්තු දෙකක් දාගෙන අර පරිවාරිකාව ගියා පට්ටිපාලක හමුවෙන්න.
“තමුසෙට ඔය මුට්ටියට කීයක් ඕනද?“ ඇය ඇහුවා.
“මට කුමාරියගෙන් හාදු දහයක් ඕන මේකට“ පට්ටිපාලක උත්තර දුන්නා. මේකෙන් ඇස් උඩ ගියපු පාර “අනේ දෙයියනේ මොන නවනිංගිරාවක් ද මේ“ පරිවාරිකාවට කියවුනා.
“හැබැයි ඊට අඩුවෙන් නං මං මේක දෙන්නෑ කොහොමත්“ ඔහු ස්ථිර කරලම කිව්වා. ඇය එතැනින් යන්න ගියා.
“මිනිහා මොකක්ද කිව්වේ??“ කුමාරිය ඇසුවම “මං ඒක ඔබතුමියට කියන්න කැමති නෑ කුමරියනි“ කියලා ඇය කිව්වා.
“ඉතිං මට කනට කරල හරි ඒක කියන්න“
“ඌ මහ නපුරෙක්“ කුමාරිය තරහෙන් කෑ ගහගෙනම යන්න ගියා. ඒත් ඇය ටිකක් දුර යද්දිම ආයිත් අර මිහිරි සංගීතය ඇහෙන්න ගත්තා තවත් මිහිරි විදියට.
අයියෝ...අනේ.. !! මගේ ආදර ඕගස්ටයින්
ඔක්කොම ඉවරයි.. ඔක්කෝම ඉවරයි!!
“හාර්කි. ගිහිල්ල උගෙන් අහනවා මගේ මේ පරිවාරිකාවක්ගෙන් හාදු දහයක් අරන් ඒක දෙන්න බැරිද කියලා“ කුමාරිය කිව්වම ඇය ආපසු ගියා පට්ටි පාලක ගාවට.
“පිස්සුද මට බෑ. කුමාරිගෙන් හාදු දහයක් නැත්නං මම මේ මුට්ටිය තියාගන්නවා“ පට්ටිපාලක නැවතත් ස්ථිරවම කිව්වා.
“අනේ මේ වගේ ඌරෙක්.. කමක් නෑ ඕගොල්ලෝ මගේ වටේට ඉන්න අඩුගානේ එතකොට වෙන කාටවත් දකින්නවත් බෑනේ“ කුමාරිය කිව්වම පරිවාරිකාවෝ තමන්ගේ ඇදුම් රැලි දිග ඇරගෙන කුමාරියව මුවා කරද්දි තමන්ගේ ගාස්තුව වෙච්චි හාදු දහයට අර මුට්ටිය කුමරියට විකුණන්න ඔහු සමත් උනා.
අන්න ඊට පස්සේ සතුට උතුරායන්න උනා. මුළු හවස් වරුවම.. නෑ.. මුළු දවසම මුට්ටිය රත් කරන එක තමා උනේ. ඉතිං නගරයේ මොන ගේකවත් උයපු කෑමක් හංගන්න කාටවත්ම බැරි උනා. ඒගොල්ල දැනගත්තා සපත්තු හදන මිනිහගේ ගෙදර ඉදල ඇමතිවරයගේ ගෙදරට යනකං ඉව්වේ මොනවද කියලා. කුමාරියෝ සේරම හිකි හිකි ගගා හිනා වෙවි නැටුවා මේ දිහා බලලා.
“බලන්නකෝ අපි දන්නවා රසම සුප් හදන තැන, ඒ විතරක්ද පෑන් කේක් කොහේද තියෙන්නේ කියලා. අම්මෝ මාරයි නේ.. ඒ විතරයැ පුඩින් තියන තැන, කට්ලට් හදන තැන්. මේක නං නියම භාණ්ඩයක්“
“ෂහ්.. මේක නං මාරයි“ මාලිගාවේ ප්‍රධාන පාලක වරිය පැවසුවාම,
“ඒකට කමක් නෑ මේක හොදට කල්පනාවට ගන්න. මං අධිරාජයාගේ දූ කුමරිය හරිද?“ කුමාරිය පැවුසුවා. අනිත් අය ඒක ඇත්ත තමා කියල ඒක පිළිගත්තා.
ඔව් පට්ටිපාලක. අපි කියන කුමාරයා බව මේ අය කව්රුවත් දැනං හිටියේ නෑ. ඒ අය හිතාන හිටියේ මේත් සාමාන්‍ය උෟරුපට්ටි බලාගන්න අයෙක් විදියට නේ. තව දවසක් ගත වෙන්න කලින් මේ පට්ටිපාලකයා හැදුවා තවත් අරුම පුදුම සංගීත භාන්ඩයක්. ඒක සෙලෙව්ව්වම මේ විශ්වයේ තියෙන ඕනම ජාතියේ නැටුමක් නටන්න පුළුවන්.
“ඒක නං නියමයි“ කුමරිය එය පසු කර යන විට කෑගහල කිව්වා. “එ් වගේ සංගීතයක් මං කවදාවත් අහල නෑ. හාර්කි. ගිහිල්ල අහන්න මේකට කීයක් ඕනද කියලා. හැබැයි ආයිත් නං මං හාදු දෙන්නෑ කියන්න“
“කුමරියනි, හාදු සීයක් ඕනලු ඒක දෙන්න“ පරිවාරිකාව පැමිණ කුමරියට පැවසුවා.
“මේ යකාට ඇත්තටම පිස්සුද?“ කුමරිය පුදුමයෙන් කියමින් යන්න ගියා. ඒත් ඇය ටික් දුරක් ගිහන් නතර උනා.
“අපි කලාව පෝෂණය කරන්න ඕන. මම අධිරාජයාගේ දියණිය. හාර්කි... ගිහින් කියන්න මං හාදු දහයක් දෙන්නං. ඉතිරි ඒවා මගේ පරිවාරිකාවන්ගෙන් ගන්න කියලා“
“අනේ ඒත් අපිනං ඒකට කැමති නෑ“ පරිවාරිකාවො දුකෙන් කිව්වා.
“හප්පා ඒකත් එහෙමද? මට ඒ මිනිහව ඉඹින්න පුළුවන් නං ඇය ඔය අයට බැරි. මතක තියාගන්නව මං තමා ඔහේලට කන්න බොන්න පඩි නඩි ගෙවන්නේ හරිද?“ කුමරිය තරහෙන් කිව්වා. ඉතිං හාර්කිට නැවත යන්න උනා.
“මං කිව්වේ කුමරියගෙන් හාදු සීයයි. නැත්නං මං මේක තියාගන්නං එයාට එයාගේ හාදු ටික තියාගන්න කියන්න. එච්චරයි“ පට්ටිපාලක කිව්වා.
“මගේ වටේට ඉන්න“. එකකොට පරිවාරිකාවෝ ටික කලින් දවසේ වගේම ඇයව වටකරගත්තා.
ඉතිං ඇය ගණූදෙනුව පටන් ගත්තා.
“මොකක්ද අර කට්ටිය ඌරුකොටුව ගාව කරන්නේ“ සඳළුතලයේ හිටිය අධිරාජයා ඇහුවා. ඇස් දෙක පිහිදල තමන්ගේ කණ්නාඩි කූට්ටම දාගෙන අධීරාජයා මේ දිහා හොදට බැලුවා.
“මේ අර පරිවාරක ස්ත්‍රීන් නේද? ඒ නං මොකක් හරි හොර වැඩක්. යන්න ඕන බලන්න“ කියල තමන්ගේ සෙරෙප්පු කූට්ටමත් දාගෙන අධිරාජයා පල්ලෙහාට බැස්සා. මොකද ඒක දැම්මම එයාට ඇගිලි වලින් ඉස්සිලා බලන්න පුළුවන් නේ.
අධිරාජයා නිකං විදුලි වේගෙන් වගේ එතැනට ගියා.
ඔහු මිදුලට බැස්සට පස්සේ හරියට පුසෙන් වගේ. පරිස්සමින් කිට්ටු කළා. ඒ වෙලාවේ පරිවාරිකාවන්ට හොදටම වැඩ. හාදු ගණං කරන්න එපායැ. ඊටත් වඩා මේක ෂෝක් සෙල්ලම නේ. අධිරාජයා ළගට ම ගිහින් තමන්ගේ ඇගිලි වලින් ඉස්සිලා බැලුවා.
“මොකක්ද ඔය ඔතන වෙන්නේ“. ඔහු දැක්කා මොකක්ද එතන උනේ කියලා. තමන්ගේ සෙරෙප්පුවෙන් අධිරාජයා අර දෙන්නටම ඔළුවට ගැහුවා. ඒ වෙලාවේ කුමාරිය තමන්ගේ අසු හය වෙනි හාදුව තමා දෙමින් හිටියේ.
“පලයල්ල අහකට“ අධිරාජයා තරහෙන් කිව්වා. කුමාරියයි, පට්ටිපාලකයි දෙන්නම එළවල දැම්මා මාළිගයෙන්. ඉතිං කුමාරිය එළියට වෙලා අඩමින් උන්නා. වැස්සත් ආවා. ඒ මදිවට පට්ටිපාලකට බනින්නත් ගත්තා.
“අයියෝ මං වගේ අවාසනවාවන්න කුමාරියක්. .. අපරාදේ මං අර ලස්සන කුමාරයටවත් කැමති උනා නං.. දෙයියනේ මං මොන තරං අවාසනාවන්තද“ ඇය අඩන්න ගත්තා
ඊට පස්සේ පට්ටිපාලක ගහක් පිටුපසට ගිහිල්ල කළු ගැහිච්ච ඔහුගේ මූණ පිහිදගෙන රාජකීය ඇදුම් ආයිත්තං වලින් සැරසිලා බොහොම ලස්සනට කුමාරිය ඉදිරිපිටට ආවා. හරිම ලස්සනයි. තමන්ගේ ඉදිරිපිට ඉන්න කුමාරයා දැක්කම කුමාරිය ගෞරව කරන්න ගියාම කලන්තේ දාන්න වගේ උනා.
“මම හිතුවා මේක මෙහෙමයි කියලා. මං ඔබට වෛර කරනවා“ කුමාරයා පැවසුවා.
“ඔබට මොන විදියෙන්වත් අවංක කුමාරයෙක් ලැබෙන්නෑ. ඔබ රෝස මලකවත් නයිටින්ගේල් කුරුල්ලගෙවත් වටිනාකම දන්නේ නෑ. ඒත් කිසිම වැඩක් නැති බහුබූත සෙල්ලං බඩුවකට ඔබ අර ඌරු කොටුවේ එකාව සිපගත්තා. දැං හරිනේ ඔන්න ඔබගේ තෑග්ග ලැබුනා“
කුමාරියගේ මූණ ඉස්සරහ දඩාං ගාලා දොර වහගෙනම කුමාරයා යන්න ගියා ඔහුගේ රාජධානියට.
ඉතිං සමහර විට ඇය තාමත් එළියට වෙලා සින්දු කියනවා ඇති.
අයියෝ.. අනේ.. !! මගේ ආදර ඕගස්ටයින්
ඔක්කොම ඉවරයි.. ඔක්කෝම ඉවරයි!!
The Swineherd - Hans Christian Andersen
අයියෝ.. අනේ.. !! මගේ මිතුරු දේශකයෝ
ReplyDeleteඔක්කොම නියමයි.. ඔක්කෝම නියමයි!!
උඹට හාදු කීයක් ඕනද? :-D
Deleteපිස්සුවෙන් වගේ සසිඳුවා :)
Deleteපලයව් යන්න දෙන්නම ලාවට කනපලාගන් නැතුව :P
Deleteදේශකයගෙං හාදු ගත්තොත්නං සසිඳුව ඉවරයි.
Deleteඅයියෝ අනේ මගේ සසිදුවො
Deleteදැන්නං මං ඉවරයි.. හැක්..
“If you want your children to be intelligent, read them fairy tales. If you want them to be more intelligent, read them more fairy tales.”
Delete― Albert Einstein_
දුරචාර්ය කුවේණි ගෙන් නෙමේ අද ඔවදන ඇල්බට් අයින්ස්ටයින් මත්මයගෙන්..
අපේ තාත්තා විද්‍යාඥයෙක් නොවුනට මට හැමදවසකම සුරංගනා කතා , ඉතිහාස කතා කියාදුන්නා. ඔයත් ඔයාගේ දරුවට ගොම්පීතරෙන් අකුරු කොටන්න උගන්නන්න කළින් එයාගේ මනස පුබුදු කරලා ඉන්න.. ගූගල් සර්ච් හරහා ලෝකය අදුනගන්න ඉඩදෙන්න එපා එයාට..
-__________දුරාචාර්ය කුවේණි රාජපස්ස ____________
මේක කියන්න අමතක වුනානේ
ඔය තියෙන්නේ ලෙසටම.. ඒ කතාව හරි.. නිර්මාණාත්මක චින්තනය පුබුදුවනවා මේ වගේ කතා.. සහතික ඇත්ත. තැන්කුයි දුරාචාර්ය නගාට..
Deleteපොඩ්ඩක් ඉදිං තව සැරයක් කියවන්න ඕන ...මේ දවස් වල මගෙ මනස අවුල් බං ...
ReplyDeleteඇක්සිඩන්ට් එකෙන් පිටිපස්ස පැත්තට හානි උනාට කෙන්ජයියේ? :D
Deleteහපොයි.....
Delete@ කෙන්ජා
Deleteමනසද මල්ලද අවුල්. හැක්..
@ සසිදුවා
ඔව් ඔව් ඒකෙන් පස්සේ තමා.. ඇන්ටි ඉමෙල්ඩා මතක් උනත් එහෙම තමා..
@ දුලා
පව් කියහං බං
අනේ ෂෝයි , මං ආසාවෙන් කියෙවුවා . මාසෙට එකක්වත් මේ විදියට දාන්න හොදේ ...
ReplyDelete///“මොකක්ද ඔය ඔතන වෙන්නේ“. ඔහු දැක්කා මොකක්ද එතන උනේ කියලා. තමන්ගේ සෙරෙප්පුවෙන් අධිරාජයා අර දෙන්නටම ඔළුවට ගැහුවා. ඒ වෙලාවේ කුමාරිය තමන්ගේ අසු හය වෙනි හාදුව තමා දෙමින් හිටියේ./// හි හි
කට්ටිය කැමති නෑ අනේ මේවට. අපේ හැලපේ වගේ අය ඉන්නේ ලොකු ටොක් දෙන ඒවා කියවන්න නේ.. ඒ උනාට මෙයින් කතාවක් කියෙව්වම හිතට සතුටක් එනවා මට නං..
Deleteනරක කුමාරයෙක්. පේනවනේ ඔච්චර උම්මා දීලත් වැඩක් උණේ නෑ...:)
ReplyDeleteනෑ කුමාරයා හරි එක්කෙනෙක්. ඇත්තනේ ඌරු පාලකයටත් උම්ම දෙන කුමාරිියෙක් එක්ක මොන කසාදද??
Deleteමූ නම් අදහන්න වටිනා කුමාරයෙක්.
ReplyDeleteඋම්මා එකසිය දහයකුත් අරගෙන කෙල්ලත් අනාථ කරලා ගියා.
මේ ක්‍රමේ ට්‍රයි කරලා බලන්න ඕන.
තැන්කූ දේසකයා ...
____________________දුලා
අන්න බලපං බොලාට තේරෙන විදිය. ඒක නෙමෙයි නේ උනේ. කුමාරයා කුමාරිය මොන වගේ කෙනෙක්ද කියල බලන්න තමා වෙස් වලාගෙන ඇවිත් උ්රුපටිටිපාලකයා උනේ. ඉතිං තව මොන කතාද වැඩේ දැක්කෙන්..
Deleteනිවැරදි කිරීමක්, උම්මා අනූ හයයි ගත්තේ...
Deleteඔව් 14 ක් ගන්න බැරි උනා..
Deleteමොනවා උනත් කුමාරයා එහෙම කුමාරිව දාල ගිය එක නම් හරි නෑ..
ReplyDeleteඉතිං කුමාරයා කුමාරිව ටෙස්ට් කරන්න නේ ඒක කරේ. කියහං බලන්න හැබෑට රාජධානියකට වැද්ද ගන්න ඇහැකිද ඔය වගේ කුමාරිකාවක්.. ඌරා බලාගන්න එකාට උම්ම දෙන ජාතියේ
Deleteඒ උනාට බලන්නකො ඒක කොයි තරම් සද්භාවයකින් ගත්ත තීරණයක්ද කියලා. ;) :P
Delete//“අපි කලාව පෝෂණය කරන්න ඕන. මම අධිරාජයාගේ දියණිය.....//
හැක් හැක්.. ඒක නං මාර තියරිය නේද? අපිත් සමහර වෙලාවට අපිව රවට්ටන්න ඒවගේ වැඩ කරනවා.. ස්තුතියි චාම්ස්...
Delete////මලේ සුවඳ විඳින ඕනම කෙනෙක්ට තමන්ගේ සියළු දුක් කරදර දෝමනස්ස සම්පුරුණයෙන්ම අමතක වෙලා යනවා. ////
ReplyDeleteහුරේ !! මේ තියෙන්නේ !!!!
සහතික ඇත්ත බං සහතික ඇත්ත !!!!
මල් සුවඳ විදපු ගමං ... හැක් ...ලොවෙත් නෑ !!
මටත් ඔය ටිකමයි මතක් වුනේ පත්තරේ...එල...එල..
Deleteදේශො, ඒ ටිකට කොටු දාපිය. රජයෙන් බොගෙ බ්ලොගත් තහනම් කරයි. "මල"ට පුරසිද්ධිය ලබා දෙනවා කියලා. හි… ;-)
Deleteහැක්... මලක් ගිය දුරක්.
Delete@ පත්තරේ
Deleteබොටත් මල ඇහුනත් ඇති රොකට් හදන්න. කෝ මඋනත් මොන මලටත් ඒක හරි හැක්..
@ ප්‍රියා
ඔව් කියන්න බෑ වැඩේ කෙලවෙයිද මන්දා
@ ප්‍රසා
පත්තරේට මල කිව්වත් ඇති පනින්න.. හැක්
ලස්සන කතාව මේකේ ෆිල්ම් එකක් එහෙමත් තියෙනවද?
ReplyDeleteඒක නං දන්නෑ බං.. සමහර විට කාටුන් එහෙම නං ඇති. මං බැලුවේ නෑ ඒක..
Deleteඉස්සර අපි රූපවාහිනියේ බලපු සුරඟන කතා කරලිය මතක් වුනා... නියමයි දේශක..
ReplyDeleteතැන්කුයි ෂෙහාන්.. දැං ඒවා ටීවි එකේ යන්නෑ නෙව
Deleteදැන් ටී වී වල යන්නේ "වෙන වෙන කතා කරලිය "වල් නේ.
Deleteහැක් හැක්. දියණියෝ හෙම වැහි වැහැල බං..
Deleteසාර්ථක පරිවර්තනයක් දේශකයෝ දැන් දේශකයා විතරක් නොවේ පරිවර්තකයා කියලත් කියන්න හැකියිනේ. ඔන්න සසිඳුවා ආවොත් මේකට තවත් විශේෂණ පද දාන්නත් බැරි නැ මෙතැන.
ReplyDeleteSwineherd කියන්නේ ඌරු කොටු බලාගන්නා තැනැත්තාට නේද
Deleteආ ඔව් ඔව් එව් කියන්නෙ අපේ ඉවානයට නේද !!
Delete@ නලියා
Deleteතැන්කුයි මම තාව මේ කලාව ඉගෙන ගන්නවා බං.. සසිදුවා නොඑන එකට මං වැඩිය කැමතියි.. ඕකා බ්ලොක්ක කරන්න විදියක් නැද්ද හැබෑටම.. හැක්
ඔව් ඔව් එයාට තමා. ඒත් අනේ අධීරාජයා ගාව උෟරා බලාගන්න එකාටත් ලස්සන නමක් තියෙන්න එපායැ ඉතිං මිනිහා පට්ටිපාලක කරා..
@ පත්තරේ
මගේ අම්මෝ ඉවානයටත් ඒම කියනවද බොලා
කාලෙකට පස්සෙ Christian Andersenගෙ කතාවක්. නියමයි දේශො. වෙනදා වගේම ආයෙ කතා දෙකක් නැත.
ReplyDeleteමමනම් මුලින් හිතුවෙ කුමාරයා කුමාරිකාවව ගෙනියයි කියලා. ඒත් හැබැයි බොලඳ කුමාරිට හොඳ වැඩේ. අපරාදෙ හාදු 96ක්!!!
ශැක් අපි දන්නෑනෙ ඔය සංගීත භාණඩ හදන්න. නැත්නම් දනී අපිත්. හැක් හැක් ;-)
තැන්කුයි ප්‍රි්යා. උඹ රස වින්දා නං මට ඒ ඇති..
Deleteමම කියවල නැති කතාවක්. අය්යෝ සාමාන්‍යයෙන් වෙන්නේ දෙන්න බැඳලා සතුටින් සදහටම ජිවත් වෙන එකනේ ....මොලේ ඇති කුමාරයෙක්
ReplyDelete++++++++++++++++++++++++
Delete@ බින්දි
Deleteසිරාවට කුමාරයා මොල කාරයෙක් නැත්නං මෙහෙම වෙස් වලාගෙන එයිද අම්මප..
මෙතන කුමාරවරු දෙන්නෙක් ඉන්නවද ? කථාව අතර මැද ටැපලිලාද මට....ඔය කියන ඉතා පුරාණයෙත් පියානෝව කියන එක හදලද තිබුනෙ දේශක සුදෝ ? මක්ක වුනත් සුරංගනා කථාවක් හරි අපි වෙනුවෙන් ලියලා ළමා කාලයට අපේ මල් වගේ හිත් අරගෙන යනවාට මගේ මෙව්වා එක දේශකයා වෙත පුදමි.
ReplyDeleteනැහැ බං එම කුමාරයම තමා මුලින්ම වෙස්වලාගෙන ඇවිත් ජොබ් එක ඉල්ලුවේ..
Deleteඋමලගේ මල් වගේ හිත්.. අනේ මයේ කට.. හැක්..
ReplyDeleteමේ ඉස්ටයිල් එකට පරිවර්තනය වෙනකොට අපිටත් තාම සුරංගනා කතා අල්ලලා යනවනේ හැබෑට දේශෝ
තැන්කුයි තිලකේ.. මට ඒක හයියක්..
Deleteහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගෙ කතාවක් නේද? නියමයි දේශ්. අපූරුවට සිංහලට හරවලා. මුල් කතාවට වඩා ලස්සනට දැනුනා මේක.
ReplyDeleteමෙහෙමයි බස්සි. ඉංගිරිසියෙන් කරන විප්‍රකාර මනස්කාන්ත අදහස් සිංහලෙන් ඒ විදියටම මවන්න අමාරුයි.. ස්තුතියි.. බස්සි
Deleteඅයියෝ සල්ලි.. නෑ නෑ කේ අයි ඩබල් එස්...
ReplyDeleteහැක්.. කිත් එකක් දෙන්නෙයි..
Deleteඋඹ ප්‍රසාට කියල තියෙන එකම මම උඹට ලියනවට කැමති නැද්ද මචං...
Deleteමං හොද ලත්තන කොල්ලෙක් කුඩු දුමින්ද අයිය වගේ. ඔයා කැමති නැද්ද හැක්...
Deleteමේ වගේ කතා නෙවෙයිනේ දැන් අපේ ළමයි කියවන්නේ/අහන්නේ/බලන්නේ/ ෆේස් බුක් නිසා බෙල්ලේ වැල දාගත්ත හැටි, 'ළඟ පිකප් කොට මොඩල් එක' පවුලක් කඩාගෙන මගුලක් කරගන්න හැටි වගේ දේවල්නේ.
ReplyDeleteබොහොම ස්තුතියි මේ ලස්සන කතාව පරිවර්තනය කරලා අපිත් එක්ක බෙදාහදාගත්තට.
විචා වගේ පොඩි ළමයි මුණුපොතට ඇබ්බැහි වෙන එක නවත්තන්න තමා අපි මේවා කරන්නේ. තැන්කුයි අනේ..
Deleteඅහලම නැති කතාවක් රහට ලීවට උඹට මේන් මගෙන් උම්මා 100 ක්ම...
ReplyDeleteඅඩේ උඹ අහලත් නැද්ද.. උම්මා
Deleteඌරු පට්ටියේ එකාට දාහක් දුන්නත් මොකෝ එහෙනං
Deleteකොහේද මචං ඒක තියෙන්නේ.. ලංකාවේ නං නෑ ඕං..
Deleteඅනේ සීයේ තවත් කතාවක් කියන්නකෝ....
ReplyDeleteඅනිවා පුතේ ළගදිම තව එකක් දෙනවා..
Deleteඒ කාලෙ රාජ කුමාරිලත් හරි හොඳයි නෙ. දීපිය ඕක මට, අපෙ තාත්ත මහ රජාය.. කියල බලෙන් එහෙම ගන්න යන්නෙ නෑ නේද..
ReplyDeleteඒකනේ, රාජ උෂ්නේ ගහපු නැති කුමාරියක්...
Delete//ඒ කාලෙ රාජ කුමාරිලත් හරි හොඳයි නෙ. දීපිය ඕක මට, අපෙ තාත්ත මහ රජාය.. කියල බලෙන් එහෙම ගන්න යන්නෙ නෑ නේද..//
Deleteඒකනේ ඔව්වාට සුරංගනා කතා කියලා කියන්නේ :D
@ චන්දන
Deleteඅන්න ඒකට නේ බං ඔය ගයිජින් කිව්ව වගේ සුරංගනා කතා කියන්නේ.. හැක්..
@ ඩ්‍රැෙකා..
ඒවගේ තමා නේද??
@ ගයිජින්
හැක්.. ඒකනං නියම කතාව..
මොනා වුනත් ඒ කුමාරයා වාසනාවන්තයි..
ReplyDeleteකෝ කෝ අපිට තව කතාවක් කියටකෝ..
කුමාරයා දිනුං.. අනිවා..
Deleteදෙන්නං ඉතිං හිටහංකෝ අඩන්නැතිව..
නියම කතාවක්නෙ.
ReplyDeleteදැං බොට හාදු කීයක් ඕනද මේක අපි වෙනුවෙං ලිවුවට.
තැන්කුයි.. මම කොස් ගෙඩි වලින් හාදු ගන්න කැමති නෑ.
Deleteහොඳ වැඩේ ප්‍රසාට .. දේශා කල් යල් බලලා දුන්නා නේද... හැක් හැක්...
Deleteඅපිට විරුද්ධව නැගී සිටින බත් බැලයන්ට එරෙහිව අභිතව සටන් කරන්න ලෙමන්පෆ් මලයා අපට උගන්වා ඇත.. හැක්...
Deleteඋඹට කොස් ගෙඩි වලිං නැතුව අඹ ගෙඩි වලින් හාදු හම්බෙන්නෙ නෑ බොල.
Deleteඅඹ
ඒ අඹ නං රෝස පාටයි නේද බං.. ආසාවේ බෑ. අපේ මාතලං නං ආස වෙයි
Deleteමෙවවු සේවු කරල තියාගන්න ඕන ළමයි ඉන්න කාලෙක කියල දෙන්න
ReplyDeleteවෙල්කම් සාශා (නම හරිද ප්‍රියා එක්ක වගේ මාත් එක්ක රන්ඩු වෙන්නෑ හරිය.. හැක්)
Deleteඑතකොට මං පොතක්ම ගහල දෙන්නංකෝ බොට. තැන්කුයි..
අන්න කතාව තව නූලෙන් මම shasa කියලා නමත් වෙනස් කර ගන්නවා. මාත් දැන් හිංගලෙන් සාශා කියනවා. :D
Deleteප්‍රියා උඹ කියන්නේ වෙලාවට මං ඒක දැක්කේ. නැත්නං මහ අවනඩුවක් නෙව වෙන්නේ.. හැක්
Deleteනැතුව අමාරඅවෙන් දාගත්ත නම එහෙම වෙනස් කරන්න දෙන්න පුළුවන්ද.නාකි වෙද්දි ඇහැ පේනවා පොඩ්ඩක් අඩු හන්දා මම වැඩිය මුකුත් නොකීවෙ.හොඳ මාමලා වගේ සාශා කියල හිංගලෙන් කොටන්ට
Deleteහොදයි හොදයි පුතේ.. සාශා. අපි ඒමම කොටන්නං..
Deleteඅලේ පුතේ නෙමේ දුවේ..කියන්ට.අර අරූ අන්කලුත් පටලවාගෙනනෙ කොල්ලෙක් කියලා :(
Deleteඅනේ දුවේ දැන්නේ දන්නේ ඒක. අරූ අංකල් වගේ එහෙනං දේශා අංකල්ටත් වැරිදුනා..
Deleteඅන්කල් කිවුවට කමක් නැද්ද මන්දා :p
Deleteඅනේ මොකෙක් වෙනවද ළමයෝ. කට පුරා කියන්න..
Deleteඅඩෝ උඹ කුමාරියට අනම් මනම් කියලා කොමෙන්ට් බර ගාණක... ඒකි ඌරුපාලකයට උම්මා දුන්න කියලා. යකෝ කුමාරයෙක් වගේ ඉන්නේ නැතුව ඌරුපාලකයෙක් වෙච්ච කුමාරයට තමයි මගෙ විරෝධය...
ReplyDeleteඅන්න බලහං කුමාරයා උෟරුපාලකයෙන් නොවන නං කොහොමෙයි දැනගන්නේ කුමාරිය දකින දකින එකාට උම්ම දෙන චංචල කෙල්ලෙක් කියලා..
Deleteදැන් කවුද පව්...කුමාරයාද කුමාරිද ....හොඳ වෙලාවට ඌ උම්මා විතරක් ගත්තේ ..දැන් ඔකේ වරද ෆේස් බුක් එකේද?
ReplyDeleteහැක් පව් කාටද කියන එක හිතන එක තමන් සතුයි ඉවාන්.. පේස්බුක් එකට වරද පටවන්නමයි තොපිලා බලාන ඉන්නේ..
Deleteඅඩෝ දේශ් මාත් මේ වගේ එකක් ලියන්නෙයි? මං ඔහේගේ නැට්ට වගේනේ....
ReplyDeleteඅපොයි ලියහං මං එනවා කියවන්න..
Deleteමේ කතාව මාත් අහළ නෑ බං,දැන් ලිවිල්ල අත ඇරල පරිවර්තනය පූර්ණකාලීනව පටන් ගත්තද.
ReplyDeleteඅහල නැත්නං හොදට දාරනය කර ගනිං. එක එකාට උම්ම නොදී.. හැක්..
Deleteනැහැනේ බං මාස දෙකක්ම ලිව්වා උඹල කියන දේවල් අහල පරිවර්තන නොකර. ඔන්න ඉතිං ආයේ පටන් ගත්තා. මාසෙකට එකක් දෙන්න කියල ඉල්ලීමක් තියෙනවා.. සලකලා බලන්නෙයි ඒක..
යකෝ මේ ඇවිත් ඉන්නේ හැලාපයියා උඹ කිවේ එයා එන්නේ ලොකු ඒවා කියවන්න විතරයි කියලා.
Deleteඉතින් උබ කියන්නෙ මෙක ලොකු නැද්ද
Deleteඅපොයි මනෝජ් මං එහෙම කිව්වේ නෑ. මං කිව්වේ හැලපයියා මේවට වැඩිය කැමති නෑ කියල නෙව. අපි මොනව කිව්වත් හැලපයා ඒවා කියවනවා.. දෙකක් නෑ..
Delete@ දමියා
මොකද අනේ මෙච්චර ලොකු එකක් පොඩියි කියන්නේ
කුමාරි නම් මහ මැට්ටියෙක්...... & කුමාරයා නපුරෙක්. ඔච්චර හාදු ගත්ත එකේ, එයාව අරන් යන්න තිබ්බා නේ?
ReplyDeleteවෙල්කම් බඩී.. තැන්කුයි මේ පැත්තේ ආවට. කුමාරි මැට්ටියෙක්. කුමාරයා හොද කුමාරියෙක් හොයන එකෙක්. ඒකනේ අවුල.. උම්මා දුන්නේ උෟරුපාලකයට නිසා නේ කුමාරයට ඌරු ජුවල් නැග්ගේ.. එහෙමත් කරනවද අනේ කුමාරිල.. හැක්..
Deleteශා ලස්සන කතාවක්.. මම නම් මේ වාගේ කතා අහන්ඩ මාර කැමතියි..
ReplyDeleteමාසෙකට වතාවක්කත් මෙහෙම කතාවක් ලියන්ඩ පුලුවං වේද ?
තැන්කුයි මධු.. එහෙම මොකක් හරි කරන්න තමා බලාපොරොත්තුව. තවත් හොද පොත් ටිකක් හොයාගන්න ඕන විවිධ ලේඛකයන්ගේ..
Delete"ඕනම ස්වරයක් ඉමිහිරිව ගායනා කරන්න මෙයාට පුළුවන්."
ReplyDeleteකුරුල්ලගෙ නම දයාසිරිද?
පික්ෂුද බං නයිටින්ගේල්.. දැක්කේ නැද්ද.. හිකිස්..
Deleteඅර අපේ එකෙක් පට්ට සයිස් ගෙයක් දැකලා මෙහෙම කිව්වා.
“ඒ මචෝ මේ ගේ ගොඩදාන්න ලස්ස 5 ක් වත් යන්න ඇති නේද බං“
අනිත් එකා මෙහෙම කිව්වා..
“තෝ ඔච්චර මෝඩද යකෝ. කෝටි 5 ක් වත් යන්න ඇති“ කියලා. හැක්
නයිටින්ගේල් කින්නේ අර නර්ස් නෝනානේ බං.
ReplyDeleteමේක නම් පට්ටෙන් පට්ටයි.අපි වගේ පොඩි එවුන්ට මරේ මරු මාමේ..
ඔන්න මගෙන් ඔයාට උ....ම්මා එකක්.
නැහැ බං නයිටින්ගේල් කියල පොඩි කුරුල්ලෙක් ඉන්නවා..
Deletehttp://en.wikipedia.org/wiki/Common_Nightingale
සුරංගනා කතාවක් දේශක තුමා. ඉදලා හිටලා ඕවත් හොඳයි! ජය !!
ReplyDeleteතැන්කුයි ගුනේ.. මාසෙකට එකක් විතර දෙන්නංකෝ..
Deleteකුමාරයා ඊට පස්සේ ගොඩාක් කල් සතුටෙන් හිටියලු ද :P
ReplyDeleteඅනිවා වෙන්ටැති.. කුමාරයා කෝමත් මොල කාරයෙක් නේ. මොකද ආයි කුමාරයෙක් හොයන්න උනත් ඌරුපට්ටි පාලකයෙක් වෙලාම බලන්න ඇති.
Deleteඅඩෙ මොලෙ ඇති කුමාරයෙක් දැක්කමයි
ReplyDeleteඋඹලට නැති ඒවා කුමාරයට තියෙනවා මේ අපිට වගේ. හැක්.. තැන්කුයි
Deleteනියමයි දේශා. ඇත්තටම මේ උඹමද කියලා හිතෙනවා මේ සුරංගනා කතා කියවන ගානේ.
ReplyDeleteJust kidding.
හැක් හැක්. තැන්කුයි ෆෝ "Just kidding"
Deleteමොකද බං වෙලා තියෙන්නේ. මේ අවුරුද්දේ රේස් එකට සගභාගී වෙන්න උවමනාවක් නැද්ද?
මේ වැඩේට උඹ හරි දක්ෂයෙක් දේශා....උඹ දන්නවානේ කොයි වැඩේටද කියලා..
ReplyDeleteඋඹ කියන්නේ උම්මා දෙන එක නෙමෙයි නේ. .හැක්..
Deleteමඟඇරුනේ කොහොමද මන්දා හොච වේලාවට ලින්ක් එක දලා කිවුවේ. උම්මා :පී
ReplyDeleteතැන්කුස්.. මදාරා කැමති නිසා මං මතක් කරේ.. උම්මා
Deleteඅයියෝ..අනේ...මොකෝ ඒ උනේ...
ReplyDeleteඅයියෝ අනේ ඔගස්ටයින්
Deleteඔක්කොම ඉවරයි.. ඔක්කෝම ඉවරයි සයුරි.. හැක්..
විභාගේ නිසා පෝස්ට් එක කියවන්න එන්න ඉඩක් හොයාගත්තේ අද... දේශකතුමාගේ පෝස්ට් එකක් මිස් කරගන්න බෑ නේ...
ReplyDeleteකොහොම වුනත් කුමාරි ගැන නම් මට දුකයි.. මොකද එය එහෙම කලේ ඒ සංගීතෙට තියෙන ආසාවටනේ ...
විභාගේ වෙලාවට මේවා කියවන්න මහන්සි වෙන්න එපා මං කිව්වේ ඇරියස් කවර් කරන ඒවා ගැන. හොදේ.
Deleteමට නං දෙන්න ගැනම දුකයි ඇත්තටම.. තැන්කුයි තුෂානි..
කරුණාකර මේ කතන්දර ටික ලස්සන පින්තූර ඇති සුරංගනා කතා පොතක් විදිහට මට දෙන්න.
ReplyDelete