ඔන්න ඉතිං ලොකු නිවාඩුවකට පස්සේ පුතාට යන්න වෙනවා අළුත් පන්තියකට හෙට ඉදලා. පහුගිය අවුරුද්දෙම පුතා හීන මැව්වේ හොදට විභාගේ පාස් කරගෙන ඊළග පන්තියට යන්න නේ. ඉතිං දැං ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ වෙලා. පහු ගිය පන්තියේ හිටිය පුතාගේ ටීචර් තමයි හොදම ටීචර් කියල මගේ පුතා කොච්චර නං මට කියල තියෙනවද? ඒක ඇත්ත තමා පුතාගේ ඉස්කෝලේ වැඩ ගැන ඒ ටීචර් සෑහෙන්න හොයල බැලුවා. ඒ විතරද ඇයි පුතාට වැරදුනු තැන් හදාගන්න හැටි, ගණන් වැරදුනාම ඒවා හදන විදිය ඒ හැම දෙයක්ම ටීචර් පුතාට කියල දුන්නනේ. මට මතකයි පුතා අපේ ටීචර් ගැන ලියපු රචනාවේදි “මම අපේ ටීචර්ට හුගාක් ආදරෙයි“ කියල ලොකු අකුරෙන් ලියල තිබුනා. මම දන්නවා ඒ පුතාට කව්රුවත් උගන්නල නෙමෙයි පුතාම හිතල ඒක ලිව්ව කියලා.
පහු ගිය පන්තියේ ටීචර් විටින් විට මම ඉස්කෝලේට ආපු වෙලාවටත් පුතා ගැන කතා කරනවා. ඒ හැම වෙලේම පුතා හරිම කීකරු හොද ළමයෙක් කියලා ඔළුව අත ගානව නේද? ඉතිං පුතා දන්නවනේ කව්ද පුතාව හොද කීකරු ළමයෙක් කරේ කියලා. ඔව් පරණ ටීචර් තමයි පුතාව හොද ළමයෙක් කරේ. ඉතිං පුතා අළුත් පන්තියට ගියාමත් හොද ළමයෙක් වගේ ඉන්න ඕන. පරණ ටීචර් පුතාව හෙට එක්කන් යාවි අළුත් ටීචර් ගාවට. එහෙම ගිහිල්ල පුතාලව බාර දීලා ආයෙත් පුරුදු පන්තියටම ටීචර් යාවි. එතකොට පුතාට අළුත් ටීචර් ඉස්සෙල්ලම ආයුබෝවන් කියාවි. එතකොට මම දන්නවා පුතා පරණ ටීචර්ට වගේම නැගිටල අත්දෙක එකතු කරල ආයුබෝවන් ටීචර් කියාවි. එහෙම නේද පුතාලට පරණ ටීචර් උගන්නල තියෙන්නේ.
හැබැයි සමහර විට දවස් දෙක තුනක් යනකං අළුත් ටීචර් පුතත් එක්ක වැඩිය කතා කරන එකක් නෑ. එහෙම උනා කියල ඒ ටීචර් නරක කෙනෙක් නෙමෙයි. මොකද ඒ ටීචර් දන්නෑ නේ පුතා හොදම ළමයෙක් විත්තිය. පුතාව හුරතල් කරන්න එන එකක් නෑ.. එතකොට පුතා මොකක්ද කරන්න ඕන. ඔයා පරණ ටීචර් කියල දීපු විදියට අළුත් ටීචර් ටත් පෙන්නන්න ඔයා තමා පන්තියෙ ඉන්න හොදම කීකරුම දරුවා කියලා. අන්න එතකොට ටීචර් අදුරගන්නවා මේ ඉන්නේ හොද ළමයෙක් කියලා. එතකොට පුතා ළගට ඇවිල්ල ඔළුව අතගාලා ආදරෙන් කතා කරාවි. මම කියනවට එහෙම කරන්න. මොකද පුතා හොද ළමයෙක් විත්තිය අළුත් ටීචර් දන්නෑ නේ.
පරණ ටීචර් හොද උනාට අළුත් ටීචර් ටිකක් විතර සැර වේවි... පුතා හොද ළමයෙක් කියන විත්තිය ටීචර්ට නොපෙනුනොත්. ඒක නිසා ටීචර් පුතාට ටිකක් බනිවී. පුතා පරණ ටීචර් එක්ක හුරතල් උනාට අළුත් ටීචර් පුතා හුරතල් කරන එකක් නැහැ. බැනුම් අහල පුරුදු නැති ඔයාගේ ඇස් දෙකට එතකොට කදුළු ඒවි. ඒත් පුතා අමතක කරන්න එපා.. අළුත් ටීචර් පුතා හොද ළමයෙක් විත්තිය නොදැනයි එහෙම කරන්නේ. ඇයි පරණ ටීචර් අළුත් ටීචර්ට පුතා හොද ළමයෙක් විත්තිය කියන්න අමතක වෙලා තිබුනොත් එහෙම.... අළුත් ටීචර් ඒක දන්නේ නැහැනේ. ඒක නිසා ටීචර් පුතාට ටිකක් බනිවී. පුතා එතකොට අඩන්න ගනීවි. එතකොට ඔය ඇඩිල්ල නවත්තන්න කියලා අළුත් ටීචර් තව චුට්ටක් සැරෙන් පුතාට කියාවි. ඒක ඇහුනම පුතා අඩන එක වැඩි වේවි. සුදු කමීසේ තෙමාගෙන කදුළු කැට බොද වෙලා යාවි. ඒත් අළුත් ටීචර් ගැන කිසිම අහිතක් හිතන්න එපා. දුක් වෙන්න එපා. අළුත් ටීචර් පුතාට බනින්නේ ඔය කදුළු එන එක නවත්තන්න. ඔයා තව ඇඩුවොත් ටීචර් තවත් බනිවි.
වචන දෙකකට කදුළු එන කොළු පැටියෙක් සමාජෙට දාන්න පුළුවන්ද බෑනේ .ඉතිං ටීචර් වචන සීයක් දෙසියක් බනින කොටත් කදුළු නොඑන ගානට පුතාව හදාගන්න තමා ඒ විදියට කරන්නේ. ඔයා ඒවා එච්චර හිතන්න එපා. බලන්න ටීචර් ආදරේ නිසයි ඔයාට බනින්නේ. පව්නේ .. අනික පුතා හොද ළමයෙක් කියන එක පරණ ටීචර් දන්නවා උනාට, අළුත් ටීචර්ට කිව්වද කියල අපි කොහොමද දන්නේ. අඩුගානේ අළුත් ටීචර් පරණ ටීචර්ගෙන් ඒ විස්තර ඇහුවද කියලවත් අපි දන්නෑ නේ. එතකොට කොයි තරං සාදාරණද පුතාට බනින එක නේද? හොද ළමයා වගේ ඔයා හුගාක් හොද ළමයෙක් කියන එක අළුත් ටීචර්ට පෙන්නන්න. බලන්න එතකොට ටීචර් ඔයාට බනියිද කියලා.. නැහැ බනින්නෑ පොඩ්ඩක්වත්. මම ඒක දන්නවා.
ප.ලි - පෝස්ට්කටුවට ගැලපෙන්නේ මේ පින්තුරය යැයි කියා එය සොයා ගෙනැවත් දුන් නවාතැනේ රාජ්ට ස්තුතියි. පින්තූරය ගත්තේ මෙතැනින්
ප.ලි - පෝස්ට්කටුවට ගැලපෙන්නේ මේ පින්තුරය යැයි කියා එය සොයා ගෙනැවත් දුන් නවාතැනේ රාජ්ට ස්තුතියි. පින්තූරය ගත්තේ මෙතැනින්
මං පුතෙක් නෙමේ වුණාට මට තාත්තව මතක් වුණා. හොද ලිපියක් හැම තත්තෙක්ටම..ඔයාගේ දගකාර පුතාව ඕමා අක්කි මතක් කළා කියන්න .. මගේ යාලු මිත්‍රයෝ කීප දෙනෙක්ටම ලිපිය යවන්න ඕනේ,,
ReplyDeleteමං කියන්නං ඔමා අක්කි මතක් කරා කියලා.. තැන්කුයි ඔමා..
Deleteහැම තාත්තා කෙනෙකුගේම සිතුවිලි...
ReplyDeleteසුභ නව වසරක් වේවා..!
ඔබටත් සුනවවේ!! හැබෑටම ළමයි පොඩි කාලේ එහෙම හිතෙනවා.. මොකද ඒකා දන්න එකම ටීචර පරණ ටීචර් නේ
Deleteහොඳ උපදෙස් ටිකක්.....
ReplyDeleteමට පුතෙක් උන්න නම් පෙන්නන්ට තිබුණා
හුඟක් ටීචර්ලා අලුත් පංතියේ මුල් කාලේ බනින්නෙ නෑ..නපුරු අය තමා
පුතෙක් හදාගන්න..හැක් හැක්
Deleteඔව් හුගක් අය බනින්නෙ නැහැ. ඒත් ළමයින්ගේ ක්‍රියාකාරකම් නිසි පරිදි තක්සේරු කරන්න ඒ අයට කාලයක් යනවා..
හොඳ උපදෙස් ටිකක්...
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!
අම්මපා මට ඔහොම උපදේස් කවුරුත් දුන්නෙ නෑනේ.දුකත් හිතෙනවා .
Deleteදේශක තුමා ගැන අඩම්බරයි .අපි දඟ වැඩ කරපු නිසා ගෙදර අයටත් ඔලුව අත ගන්න අමතක වෙන්න ඇති ,ඉස්කෝල ගුරුවරුන්ටත් ඔලුවට ටොකු හරි අනින්න හිතුනා නේ එකත් ඇති .
පොස්ටුවක් ලියන්න මතක ඔලුවට එනවා ,ඔලුව කැරකෙනවා
උගුරත් හිර වෙනවා .දේශක තුමා නැවතත් ඔබ ගැන අඩම්බරයි පුතා කවදා හරි දවසක් සතුටු වෙයි මගේ තාත්තා මගේ ඔලුව අත ගලා දේයක් කියලා දුන්නා කියලා .
ඔබට ස්තුතියි සහෝදර.. අයිසින් කේක් කාපු සීන් ලියල තිබුනා මම දැක්කා..
Deleteහොඳ අවවාද ටිකක්...ඔන්න අරගෙන තියාගත්තා...:)
ReplyDeleteචූටි පුතා කොහොමත් අප්පච්චි වගේ නැතුව ඇති.:D
ස්තුතියි පොඩ්ඩි.. කොල්ලා තාත්තට වඩා ටිකක් හොදයි.. හැක්
Deleteඅපිටත් ඕව ඉස්සරහට කියන්න වෙයි.
ReplyDeleteසුබ නව වසරක් දේශකයා.
සුනනවේ බොටත්..
Deleteහ්ම්.. ළමයි ඉන්න කාලෙක තමා ඕවා දැනේනේ
පරණ ටීචර්ම අලුත් පංතියට ආවොත් මොකෑ කොරන්නෙ ? අපේ එකාට එහෙමනෙ වෙලා තියෙන්නෙ....
ReplyDeleteඑහෙම නොවෙන උන්ට තමා මේක තියෙන්නේ.. හැක්..
Deleteඅළුත් කියලා ලියන එක වැරදියිලු. එතකොට එන්නෙ "අළු" සමගත් කියන තේරුමලු. "ලු" ඈ..
ReplyDeleteඑහෙම එහෙකුත් තියෙනවා එහෙනං. ඔව් උඹ කිව්ව අදහස තමා එන්නේ. නමුත් භාවිතාව එහෙම නේද.. කෝ නෑනේ බං පියෝ සින්හල එකෙක්වත් දැනගන්න..
DeleteThis comment has been removed by the author.
Deleteසෙන්න හරි!
Deleteදේශා පියෝ සිංහල නම් මම දන්නවා.මොකද කියන්නෙ?
Deleteකියල දෙන්නද?
@ රාජ්
Deleteසෙන්න හරි බොල..
@ කෙන්ජි
Deleteඅනේ මාමේ මට මාව නැති කරගන්න බෑ.. හැක්
මටත් ඉස්කෝලෙ කාලෙ මතක් වුණා.. අලුත් පංතිය, අලුත් ටීචර්, අලුත් පොත්....
ReplyDeleteපුතාට හොඳ ටීචර් කෙනෙක් හම්බ වේවා!
මාත් එහෙම හිතනවා. තාම ටීචර් ගැන හිතන්නත් කාලේ මදි.. ස්තුතියි සිතූ..
Deleteඋගුර-ඇස් හිරවෙන්න ලියල තියනව බං. මට මතක් උනේ ලයිෆ් ඉස් බියුටිෆුල්!
ReplyDeleteඋඹ කිව්ව පින්තුරේ දැම්මා.. ස්තුතියි රාජ් පසු විපරමටත්
Deleteහොද ලිපියක් දේශකයො, ඇත්තටම අළුත් පංතියකට යත්දි දරුවෙක්ගෙ හිතේ තියෙන සබකෝලෙ නිසා ගුරුතුමිය සමග මුහුවෙන්නෑ.
ReplyDeleteඔහු යථා තවෙට පත් වෙත්දි ගුරුවරිය බොහෝ දුරට ඔහු පිලිබද අයහපත් චිත්‍රයක් මවාගෙන ඉවරයි.
උඹට හුගක් හොදට තේරිල තියෙනවා..
Deleteමම මේකේ ළමයා ගැන කිව්වට වැඩිම දෙයක් කියන්නේ ගුරුවරයාට.. ඒක තේරුම් ගන්න ඕන දෙයක්.. ස්තුතියි ප්‍රියා
මගේ දුවගෙ ඉස්කෝලෙ පටන් ගන්නෙ හෙට ...ඔලුවට දාගන්න හොඳ ලිපියක්
ReplyDeleteදෙශකයා ඇතුලු රසික රසිකාවියන්ට සුබ නව වසරක් වේවා !
මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
ස්තුතියි ජෝනා.. බොටත් සුනවවේ!!
Deleteමගේ 6 වසරෙ ටීචර් උගන්නන්න හරි ම දක්ෂයි.. පන්තියේ ළමයි හැමෝගෙම ප්‍රියතම ටීචර් වුණෙත් එයා.. ඒත්, එයා මට කවදාවත් ම ආදරේ වුණේ නෑ.. මං හුඟක් හොඳ ළමයෙක් වුණෙත් නෑ.. මං හිතන්නෙ... මං හොඳයි කියල කවදාවත් ම පෙන්නන්නත් බැරි වුණා.. මං ලියපු කතන්දර පොත්, චිත්‍ර බලල "හොඳයි" කියල අහක බලාගත්තා..
ReplyDeleteදුක ම දේ මෙන්න මේක යි, ඒ ටීචර් ම මගේ 7 පන්තියෙත් ටීචර් වුණා..
එයාගෙ නම රාදිකා.. හුඟක් දුර පළාතක ඉඳන් ඇවිත් තිබුණේ.. කවදාහරි මුණ ගැහුණොත් මං කියනවා, 'මං නරක ළමයෙක් ම නෙමෙයි' කියලා.. ඒත්, මොකටද, දැන් හුඟක් කල් වැඩියි..
කවද හරි මුනගැහුනත් ඒ ටීචර් හිතාවි තාම හොද ළමයෙක් වෙලා නැහැ කියලා..
Deleteඉතිං ඒ අවුරුදු දෙක බියජනක කාලයක් උනේ නැහැ නේද??
මරු උපදේස ටික... මේ ටිකේ පොඩි අය ඉස්කෝලේ යන්ඩ අදිමදි කරනවා ඇති. ඇයි තින් මාසෙයක්ම නිවාඩුනේ. :)
ReplyDeleteඔව් ඔව්.. අපේ එකාගේ ටීචර් මාරු උනේ අවුරුදු දෙකකින් නෙව. ඌ දැං තුනේ.. ඉතිං අහන්නත් දෙයක්ද මිනිහා බය වෙන එක..
Deleteජේද දෙකයි කියවන්නේ කියලා හිතන් ආවේ.මේකා ලියලා තියෙන විදිහට අන්තිම වෙනකම් ඔටෝ කියවෙනවා.
ReplyDeleteජේද දෙකයි කියවන්නේ කියල උඹ නීතියක් දාගෙන ඉන්නවද හැක් හැක්..
Deleteස්තුතියි ගයිජින්..
අනේ මු වගේ තාත්තෙක් මට හිටියේ නෑනෙ ............
ReplyDeleteඒක ඉතිං තාත්තගේ වාසනාව.. උඹල හදන්න පුළුවන් විදියේ දරුවෝ නෙමෙයි රාලේ..
Deleteඔන්න කොලු පැංචෙක් හදාගන්න කලින් මේවා දැන්ම කියවලා ඉන්න එක ඇගට ගුණයි.....
ReplyDeleteවෙල්කම් මල් මල්.. ස්තුතියි පැමිණියාට..
Deleteඅන්න එහෙම තමයි වෙන්න ඕන ..!
ReplyDeleteඅන්න හරි.. බොට ස්තුතියි.. ඒ වගේම සුනවවේ!!
Deleteමේක හොඳයි. නමුත් කොලුවාටත් තේරුම් ගන්න අරින්න ඕනේ කොටසක් තියෙනවා. කොල්ලග හිත හදන්න මේ කොටස ඕනෑ වෙනවා. නමුත් මෙය දිගටම කල යුතු දෙයක් නොවෙයි. හැඩගැසීමට ඔවුන්ටම ඉඩ හැරිය යුතුයි.
ReplyDeleteසුදීක මේක දරුවට ඉතා කුඩා කොටසක් තියෙන වැඩිම ප්‍රමාණයක් ගුරුතුමියට තියෙන ලිපියක්. ඔබ හොදට බැලුවොත් ඒක තේරේවි. ගුරුතුමා/තුමියට තමා මේක වැඩියෙන්ම තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ.. ඔබ කිව්ව වගේ ඇත්තටම මම දරුවට කිසිම උපදෙසක් දුන්නේ නැහැ අලුත් පන්තියට යන විට. මම ඔහුට ධෛර්යය දුන්නා එච්චරයි..
Deleteකාට කාටත් මේව වටිනව..සුභම සුභ නව වසරක් වේවා.
ReplyDeleteඔබටත් එසේම වේවා උමේෂ්
Deleteපුතා කීකරු ළමයෙක් කොලේ චීචෑර්...ඇයි ඊට කලියෙන් තාත්තා වගේ චණ්ඩියෙක්ද ?
ReplyDelete1 - 2 උගන්නපු ටීචර් තමා අපේ එකාට ඉස්කෝලේ මොකක්ද මොන වගේද අකරු මොනවද කියල උගැන්නුවේ. ඉතිං අවුරුදු දෙකක් ඉදල යන කොට අලුත් ටීචර් කෙනෙක් නේ ලැබෙන්නේ.. අනික මම මේක ලිව්වේ ඉස්කෝලේ නිවාඩු දීපු දවසෙදිමයි. මොකද අලුත් ටීචර් අපට අදුන්වල දුන්නට මට ගුරුතුමිය ගැන ඒ තරං පැහැදිමක් තිබුනේ නැහැ. ඇයට සැහෙන්න කාලයක් යාවි පුංචි දරුවෝ ටික තේරුං ගන්න.. අපේ එකා ගෙදරදි චන්ඩියා. මම ගෙදරදි අහිංසකා..
Deleteහ්ම්ම්...දේශා ලියල තියෙන දේ තාත්තල විතරක් නෙමේ අම්මලත් කියවල ඔලු ගෙඩි වලට ගන්න ඕන.
ReplyDeleteඋඹ කිව්වා හරි කෙන්ජි. මේක කියවන්න ඕන ටීචර්ල කියලයි මම හිතුවේ..
Deleteමම නම් මේ ළිපියට කීයටවත් කැමති නෑ.. මොකාට උනත් ඕනවට වඩා අවවාද දෙන්න ඕන නෑ.. උන්ට ඕන විදියට හැදෙන්න දෙන්න ඕන..
ReplyDeleteමාතලන් අවුරුදු 10 ට 9 ට මෙහා පැත්තේ දරුවන්ට දේශ කියල තියෙන විදියට අපි කල යුතුයි කියා මා සිතනවා.
Delete@ මාතලං
Deleteඔබ තරමක් පටලාගෙන ඇත. මෙහි දරුවා ගැන අදහස කිව්වාට 70% ක් පමණ ගුරුතුමා/ගුරුතුමිය ඉලක්ක කොට ලියු දෙයක්.. හැකියාවක් ඇත්නම් මම සිරාට දුන්න පිළිතුර බලන්න.. උඹට සුනවවේ!
@ කෙන්ජා
Deleteඅපි ඉස්කොලේ යන හැම ළමයටම උපදෙස් දිය යුතුයි.. මාතලං කිව්ව වගේ අනවශය ප්‍රමාණයට නොවේයි.. ඔහුට දෙපයින් නැගී සිටිය හැකි පරිදි..
ජනපති ලින්කන් ගුරුතුමාට ලියපු ලිපිය වගේම දේශක පුතාට ලියපු ලියුමත් වටිනවා..
ReplyDeleteසුබම සුබ නව වසරක් වේවා!!!
ෂැගියාටත් සුනවවේ!! ඔව් මම මේ ළගදිත් ඒක මොකක් හරි පත්තරේක දැක්කා. ඒක ඉතිං ලින්කන් ගුරුතුමීට දිපු නියෝග නෙව.. හැක්..
Deleteළමා මනෝවිද්‍යාව කෙසේ වෙතත්, අධ්‍යාපන මනෝවිද්‍යාව නොදන්නා ගුරුවරුන් අතට, අලුතෙන් පාසල් යන පුංචි අහිංසක ළමයි පත්වීම, එක අතකට හරිම භයානකයි. බන්දුල ඇමැට්ටයා මේ ගැන මොකක්ද දන්නෑ දරන මතය.
ReplyDeleteඅන්න හරි මම ඒකයි අදහස් කරේ.. දරුවන් කරන ක්‍රියාකාරකම් වලින් පමණක් දරුවන් මනින්න තක්සේරු කරන්න බැහැ. සම්පුර්ණ දරුවා ගැනව අවධානය යොමු කොට පමණයි නියම තක්සේරුවක් ගත හැක්කේ..
Deleteපුතාගෙ අලුත් ටීචර් හොඳ ටීචර් කෙනෙක් වෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල ඇහෙන්නෙම නපුරු.. කලිසම් කපන.. කනට ගහන... අනවශ්‍ය ගමන් යන්ට එන්න කියන... ටීචර් ලා ගැන
ReplyDeleteඒක නං හැබෑව.. මාත් හිතනවා අලුත් ටීචර් හොද ටීචර් කෙනෙක් වේවි කියලා ළමයි තේරුම් ගන්න.. ස්තුතියි කැන්ඩියන්
Deleteපොඩි කාලේ මතක් වුනා.. අපිටත් ඉතින් දවසක් ඒවිනේ මේ වගේම උපදෙස් දෙන්න වෙන.. :)
ReplyDeleteඅනිවා බොටත් දවසක් ඒවි.. හැක්.. ස්තුතියි දිනේෂ්
Deleteඅලුත් අවුරුද්දේ අලුත් ටීචර්ට කරපු අසාධාරණයක්?
ReplyDeleteඅලුත් ටීචර්ට උපදෙස් ටිකක්.. තිසර බොටත් පව්ලේ සැමටත් සුනවවේ!!
Deleteනියම උපදෙස් ටිකක්.
ReplyDeleteඅපේ එකාටත් මේකම තමයි වෙන්නෙ අවුරුදු දෙකක් හිටපු ටීචර් මේ පාර මාරු වෙනව. බලමු.
අපේ එකාටත් උනේ ඒකමයි. අවුරුදු දෙකක් හිටපු ටීචර් මාරු වෙනවා.. ස්තුතියි ප්‍රසා..
Deleteනියමයි..
ReplyDeleteඅලුත් පන්තියට ගියාම අලුත් ටීචර් ගැන බය හිතෙන එක පොදු දෙයක් නේ. පරණ ටීචර්ම ඉන්නවට තමා ලමයි කැමති.
ජය වේවා..
ස්තුතියි සැමා.. ඇත්ත පොඩි උන් හරිම බයයි අළුත් ටීචර් කෙනෙකුට.. ඒක මටත් හිතාගන්න බැරි තරං..
Delete:D පට්ට ලිපියක්....
ReplyDeleteමේක සේව් කරලා තියාගන්නෝන...අනාගතේට සෑහෙන්න වැදගත්.....
හා හා ඕන දෙයක් කරගන්න. මගේ කොපි රයිට් අනං මනං නැහැ. ස්තුතියි රන්දු
Deleteපුතාට ගොඩක් වටින උපදෙස් ටිකක් වගේ. අර ගුරුතුමාට තාත්ත යවපු ලිපියෙ කතාවත් මතක් වුණා.
ReplyDeleteඔව් ඒ ලින්කන් තමන්ගේ පුතා ඉස්කෝලේට බාරදීපු දවසේ ගුරුතුමියට යවපු ලිපිය.
Deleteස්තුතියි දිලිණි.. සුනවවේ!!
හරිම වටිනව.පුතාට විතරක් නෙමේ කාට කාටත්
ReplyDeleteමාත් හිතන්නේ එහෙමයි කාට කාටත් අදහසක් ඇති කියලා..
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteඔබටත් සුනවවේ!!
Deleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!!
ReplyDeleteආයිත් සුනවවේ!! (බිව්වද?)
Deleteඔහොම අලුත් අවුරුද්දේ අලුත් පන්තියකට මුලින්ම ගියාට,දෙවැනි දවසේ වැරදිලා පරණ පන්තියට යැවෙන වෙලාවලුත් තියෙනවා.මට එහෙම වෙලා තියෙනවා.
ReplyDeleteඇයි එහෙම වෙන්නේ...මට පැහැදිලි නැහැ.
Deleteඇයි බං අවුරුද්දක්ම ගිය පන්තියට වැරදිලා දවසක්,දෙකක් යනකම් නිකන්ම යැවෙන්නේ නැතිද...?
Deleteඔව් ඔව් එහෙම වෙනව තමා. හැබැයි අපේ ඒකාට දැං මතකවත් නෑ මිනිහා දෙකේ හිටියයි කියලා.. හැක්
Deleteඇත්ත.. මටත් මතකයි 2ක වසරෙන් තුන වසරට ගියාම ඇති උන වෙනස දරාගන්න බැරුව ඇස්වල කදුලු හංගගෙන හිටපු හැටි :)
ReplyDeleteසුනවවේ!!!
හී හී මෙයා ඉස්කෝලේ ගිහින් අඬලත් එක්ක....
Delete@ සමී
Deleteඅපේ පොඩි එකාත් එහෙමයි. පරණ පන්තියෙන් යන කොට ටීචර්ටත් ඇඩිලා. ඉතිං අපේ පොඩි ඈයෝ ටිකත් අඩලා.. ඒක අමුතු දෙයක් නෙමෙයි.. ස්තිතුයි බොට
@ පොඩිඩි
Deleteමේකා තාමත් ඒ පුරුද්දට නෙව ඔය අඩන්නේ
හරිම සංවේදි ඒ උවත් හැම දෙමාපියෙකුගේම හෘර්ද සාක්ෂිය තමයි උඹ වචන කරලා තියෙන්නේ. මගේ උපහාරය උඹට සහෝදරයා!!
ReplyDeleteඋඹට ස්තුතියි ගුනේ.. සතුටක් මෙහෙම අගය කිරීමක් ලැබුනම..
Deleteදේශකයා කියන්නේ මහා එපා කරපු එකෙක් වුනාට ඌ හොඳ තාත්තෙක් වගේ
ReplyDeleteහැක් හැක්.. හැබෑට ඇයි බොලා මාව එපා කරපු එකෙක් ගානට දාන්නේ.. මම දැං බැලුවා 95% ක් විතරම එහෙම නෙව කියන්නේ.. අයියෝ මගේ කාඩ් එක..
Deleteසමහර වෙලාවට පරණ ටීචර්ල දඟ ළමයින්ගේ නම් අලුත් ටීචර්ට කියද්දී අලුත් ටීචර් නම පටලවගෙන මගේ හොඳ පුතාගෙන් අහන්න පුළුවන්, “ආ.... ඔයාද (තමුසෙද) ++++ කියන්නේ“ කියලා. ටීචර්ලටත් වරදින්න පුළුවන්නෙ මයෙ පුතේ. ඉතිං ටීචර් බැරිවෙලාවත් එහෙම ඇහැව්වොත් මොකුත් කියන්න එපා. පස්සෙ දවසක එයා තේරුම් ගනීවි පුතා හොඳ ළමයෙක් කියලා.
ReplyDeleteසුභ නව වසරක් දේශක!
ඔබටත් සුනවවේ තරු!!
Deleteඔව් ඒකත් වෙන්න පුළුවන්.. හොද අදහසක්.. ස්තුතියි තරු..
සැගවුන අමුත්තා වගේ හිටියට දේශා හොද තාත්තෙක් වගේ,,,,,,පුතාට හොදින් ඉගෙන ගන්න ලැබෙවා කියලා මගෙන් සුබ පැතුම්!!
ReplyDeleteඅලුත් අවුරුද්දේ සැගවුන අමුත්තා මමද එතකොට. හැක්.. ඔබට ස්තුතියි ශානු.. මම කියන්නංකෝ කොල්ලට මේවා..
Deleteනිවාඩු ඉවර වෙලා ඉස්කෝලෙ පටන් ගන්න යන මේ අවස්ථාවට ගැලපෙන අපූරු උපදෙස් ටික.!
ReplyDeleteචූටි පුතාට උපදෙස් දෙන ඔය අප්පච්චිට නම් බැරි උනා එක ටිචර්ගෙන්වත් 'හොඳ ළමයා' කියන නම ගන්න නේද..:P
ඒ කාලේ ටීචර් ල මට කිව්වේ හොදයි ඒත් පරිස්සං වෙන්න කියල නෙහ්.. රිස් මෙන්න මේක බලන්නකෝ..
Deletehttp://deshakaya.blogspot.com/2013/10/blog-post_26.html
ස්තුතියි රීස්.. කොහොමද අවුරුදු..
කියෙව්වා..අපෝයි හරිම කපටි ගැරඩියෙක් නෙ ඔයා..:D
Deleteහැක් හැක්.. අපි එහෙමයි අවංකයි.. තැන්කුයි කියෙව්වට..
Deleteවටිනා උපෙදස් ටිකක්,
ReplyDeleteපුතාට හමුවන ෙහාදම ටීටර් අලුත් ටීචර් ෙව්වා!!
ජය ෙව්වා!!!
ඔබේ පැතුමට ස්තුතියි විදානේ.. මාත් හිතනවා හොද ගුරුතුමියක් දරුවට ලැබෙන්න ඕන කියලා..
Deleteබොරු කීන්නෙ මක්කෙයි.. ලිපියට හුගක් අය හොද කියලතිබ්බ හින්ද ඇත්තටම හොද ඇති. මාත් කියෙව්ව තමා. ඒත් මක්ක කරන්නද මට නං එහෑටි තේරුමක් නෑ. සමාර විට මං තාත්ත කෙනෙක් නෙවේ හින්ද වෙන්නැති...බ්ලා...
ReplyDeleteඒක ගැන කිසිම තර්කයක් නැහැ මහේෂ්.. මම කැමතියි මේ වගේ අදහස් වලට. මට එතකොට තවත් හිතන්න හා ලියන දේ සකසන්න ශක්තිය ලැබෙනවා. අපොයි එහෙම හිතන්න එපා. සමහර විට ඔබ ගුරුවරයෙක්ගේ කෝනයෙන් බැලුවොත් මේක ටිකක් වෙනස් විදියට පේන්න ඉඩ තියෙනවා..
Deleteඔබට හුගක්ම ස්තුතියි අදහස් දැක්වීමට හා විවේචනයට. මට ඒක සතුටක්..
වටින කියන ලිපියක්, මේ වගේ උපදෙස් තාත්තා කටින් කිව්වේ නැති උණාට මේ විදියටම හිතන්න ඇති අපි ගැනත්
ReplyDeleteඅනිවා අනිවා යකා.. මම දැකල තියෙනවා තාත්තලා අලුත් ටීචර් ගැන පරණ ටීචර්ලගෙන් අහනවා..
Deleteමේ ලිපියත්, අර සුරන්ගනා කතා සෙට් එකත් දැක්කම දේශක ගොඩාක් ආඩම්බර වෙන්න පුළුවන් විදියේ තාත්තා කෙනෙක් වගේ. දරුවන්ගේ වාසනාවක් මෙහෙම් කෙනෙක් ඉන්න එක
ReplyDeleteස්තුතියි මම ඒ තරං හොද මිනිහෙක් නෙමෙයි. හැක්..
Deleteසුරංගනා කතා සැට් එකට මං ආසයි ඒකයි ඒවා නං දැම්මේ.. මේ ලිපිය තනිකරම අලුත් පන්තියේ ටීචර්ට තමා කිව්වේ.. හැක්.. ස්තුතියි පුමා..
උඹත් කොච්චර සංවේදී හදවතක් තියෙන පුද්ගලයෙක්ද කියලා අපිට ඉඳ හිට හිතෙන්නේ මේ වගේ ඉඳහිට ලියවෙන පෝස්ට් කියෙව්වාමයි.
ReplyDeleteඋඹ කොච්චර අසංවේදී පුද්ගලයෙක්ද කියලා හිතෙන්නේ උඹ මේවට රිප්ලයි නොකර හිටියාමයි
හැන්රි බ්ලොග්වෝකරයානන්, නැවතත් නිල් මුහුදින් වටවු සිනිදු සුදු වැල්ලෙ පහස විදිනවා වගේයි.. වෙල්කම් බෑක් එහෙනං.
Deleteඋත්තර දුන්නා බං හැරෙන තැපැලෙන්ම. ඒත් මේ ටිකේ ටිකක් බිසි නිසා ඒක කරන්න බැරි උනා. සිකුරාදා සෙනසුරාදා දවස් දෙකම මම පස්ට බිසි උනා.. ස්තුතියි.. මම මේවා ගැන හරියට හිතනවා හොදේ..
උඹට මට පෞද්ගලිකව සුභ පතන්න බැරි උනා. ඒකට මක්කවත් හිතන්න එපා.. නලින් ඇතුලු පව්ලේ සැමටත්, සමකය වටේ අඩවියටත් සුනවවේ!!
ReplyDelete