කාලෙකට ඉස්සර හිටියා වයසක සීයා කෙනෙක්. එයා හරි ලස්සනට කවි ලියනවා. ඒ වගේම ඒ කවි හරි හොදයි. අපි එයාට කියමු කවි සීයා කියලා. කවි සීයා දවසක් එයාගේ ගෙදරට වෙලා වාඩි වෙලා උන්නා. එදා හරිම භයානක විදියට කාලගුණය වෙනස් වෙලා තිබුනේ. හරිම තද වරුසාවක් තිබුනා, ඒත් වගේ වගක් නැතිව, එයාගේ ගිනි උඳුන ගාවට වෙලා හොදට රසට රෝස් වෙන ඇපල් ටික දිහා බලාගෙන කවි සීයා බොහොම සන්තෝසෙන් වාඩි වෙලා උන්නා.
“පව්.. මේ වැස්සට දුප්පත් මිනිස්සු තෙමිච්ච පාං වගේ වෙලා ඇති“ ඔහු දුකෙන් මිමිණුවා, පේනවනේ අපේ කවි සීයා ඇත්තටම හොද කවිකාරයෙක් කියලා.
“අයියෝ.. ඉක්මනට දොර අරින්නකෝ.. මට සීතලයි.. මාව හොදටෝම තෙමිලා අනේ දොර අරින්නකෝ“ පුංචි දරුවෙක් එළියේ ඉදන් දොරට තඩිබාන ගමන් කෑමුර දෙනවා සීයට ඇහුනා. මේ වෙලාවෙත් වැස්ස හරි තදින් තිබුනා, ඒ මදිවට තද සුළගින් හැම දෙයක්ම සෙලවෙනවා.
“අපොයි පොඩි දරුවෙක් නේද?“ සීයා මිමිණුවා. ඔහු ඉක්මනින්ම ගිහිල්ල දොර අරින කොට දැක්ක දොර ගාව ඉන්න පොඩි කොළු ගැටයව. කොල්ලා හරියට ඇදුමක්වත් ඇදල නැහැ. වැහි වතුර වැටිලා දරුවගේ රැලි වැටුනු කොණ්ඩෙන් ඕසෙට වතුර බේරෙනවා. සීතල නිසා කොළු පැටියා වෙව්ලනවා. තියෙන තත්වේ අනුව අපේ කවි සීයා මේ දරුවව දැන්ම ගේ ඇතුලට නොගත්ත නං වැස්සට තෙමිලම දරුවට ලොකු කරදරයක් වෙන්න තිබුනා.
“එන්න දරුවෝ ඇතුලට“ කවි සීයා කොළු ගැටයගේ අතින් අල්ලල ගේ ඇතුලට එක්ක ගියා.
“එන්න පුතේ මං ගාවට. මම ඔයාව උණුහුම් කරන්නං. ඔයා හොද ළමයෙක් නේ මම ඒක නිසා වයින් ටිකකුයි ඇපලුයි දෙන්නං එන්නකෝ“ සීයා ආදරෙන් කොළුවා ළගට ගත්තා. කොළු පැටියගේ ඇස් දෙක හරියට තරු දෙකක් වගෙයි දිලිසෙන්නේ. වක ගැහුණ කොණ්ඩෙන් බේරෙන වතුර බිංදු දරුවගේ දිග රැලී කොණ්ඩේ දිගේ පහලට ගලනවා. හරියට පුංචි සුරංගනාවියෙක් වගෙයි මේ කොල්ලා, ඒ උනාට හීතලෙන් හොඳටෝම සුදුමැලි වෙච්චි මේ කොළු ගැටයා තාමත් වෙව්ලනවා. ඈ... මෙන්න කොල්ලගේ අතේ ලස්සන දුන්නක් තියෙනවා. ඇයි ඊතල. ඒ උනාට වැස්සට තෙමිල දුන්නෙයි ඊතල වලයි පාට හේදිලි ගිහින් කැත වෙලා.
කවි සීයා ගිණි උදුන ගාවින් වාඩි වෙලා කොල්ලව උකුලට අර ගත්තා. ඊට පස්සේ රැලි ගැහුණ කොණ්ඩේ මිරිකල වතුර ටික අයින් කරලා, එයාගේ අත් දෙකින් පුංචි අත් දෙක උණුහුම් කරා. ඊට පස්සේ වයින් චුට්ටක් දුන්නා උණුහුම් වෙන්න. මේ සත්කාරෙන් පස්සේ මෙන්න සුදුමැලි වෙච්ච කොල්ලගේ කම්මුල් රතුපාට වෙන්න ගත්තා. දැං මෙයාට හොදයි. ටක් ගාල කවි සීයගේ උකුලෙන් පැනල සීයගේ වටේ දුව දුව නටන්න ගත්ත ඔන්න.
“හරිම ෂෝක් ළමයා“ කවි සීයා සන්තෝසෙන් කිව්වා. “ඉතිං මොකක්ද පුතාගේ නම?“
“මගේ නම අනංග නේ සීයේ... සීයා දන්නැත්ද මාව? අර තියෙන්නේ මගේ දුන්න.. ඔන්න මං ඒකෙන් විදිනවා හොදේ. මං ඇත්තටමයි කියන්නේ හොදේ.. ම්. දැන්නං වැස්ස අඩුවෙලා ඔන්න හඳත් පායල සීයේ“
“ඒ උනාට ඔය දුන්න තෙමිලා හරි කැතයි නේ“ කවි සීයා කිව්වා.
“අයියෝ ඒක නං අපරාදේ“ අනංග කිව්වා, එහෙම කියල දුන්න අරන් ඒක දිහා හොදට බැලුවා. “ ආ.. නෑ දැං වේලිලා, දුන්නට මුකුත් වෙලා නෑ ඒ උනාට, ලණුව නං ටිකක් අවුල්.. ඉන්නකෝ මං ඒක හදන්න“ ඊට පස්සේ අනංග කොල්ලා දුන්න අරන් එහාට මෙහාට නමලා, ඇදලා ඒක හරිගැස්සුවා. ඊට පස්සේ ඊතලයක් දාලා, දුන්න ඇදල හරියටම අපේ කවි සීයගේ පපුවටම වදින්න ඊතලේ විද්දා. “ඩිග්“ පව් අපේ කවි සීයා. “ආන්.. දැක්කනේ ඒක වැඩ කරනවා හහ් හහ් හා“ අනංග කොල්ලා සතුටෙන් එහෙම කියල හිනා වෙවි උඩ පැනගෙන එළියට දිව්වා.
කොයි තරං නරක ළමයෙක්ද ඇත්තටම, එයා හීතලෙන් ගල් ගැහිල වෙව්ලන වෙලාවේ එයාව ගෙට අරගෙන සාත්තු කරල, ඒ මදිවට රසම රස ඇපලුයි, වයිනුයි දීලා අච්චර උදව්කරපු අහිංසක අපේ කවි සීයට හිරිහැර කරන්න!!
අපේ කවි සීයා බිම වාඩි වෙලා ඔළුවේ අත තියාගෙන කල්පනා කරනවා. අර ඊතලේ හරියටම කවි සීයගේ පපුවටම වැදුන නේ. “සික් විතරක්“ සීයා මිමිණුවා. “ මේ අනංක කොල්ල නං මහ නරක ළමයෙක්. අනිත් ළමයින්ට කියන්න ඕන මේකාත් එක්ක මොන සෙල්ලමක්වත් කරන්න යන්න එපැයි කියල. මේ කොල්ලා ඒ දරුවන්ටත් විදීවි ඕකෙන්“
ගෑනු ළමයි, පිරිමි ළමයි ඔක්කෝම හොද ළමයින්ට සීයා මේ විස්තරේ කිව්වා. ඒක නිසා හැම ළමයම නෝටි අනංග කොල්ලගෙන් පරිස්සම් වෙන්න උත්සාහ කරා. ඒ උනාට මේ කපටි අනංගයා එක එක උප්පරවැට්ටි දැම්මා. හරිම මරුමුස් කොල්ලා. ඔන්න ළමයි ඉස්කෝලේ ඉවර වෙලා එළියට එනකොට, මේ නෝටි අනංගයා හරියට ඒ ළමයි වගේම ඇඳුං ඇඳගෙන, ඒ වගේම පොත් ටිකක් අතින් අරගෙන කළු පාට කබායකුත් දාගෙන ඒ ළමයි එක්කම යනවා. කාටවත් පුළුවනැ එතකොට මේ නෝටි කොල්ලව අදුරගන්න. ඒ අයත් මෙයා ඒගොල්ලන්ගෙම එක්කෙනෙක් කියල හිතල අතින් අල්ලගෙන හරිම විනෝදෙන් යනවා. කියන්න දුකයි මේ නරක අනංගයා කොහොම හරි මේ ළමයි රවට්ටල, ඒ ළමයින්ගේ පපුවට එල්ලේ බලල ඊතල විදිනවා නේ. ඔව්. කාටවත්ම බේරිල්ලක් නැහැ. සත්තමයි.
සමහර වෙලාවට නාට්‍ය ශාලාවේ ලයිට් එක උඩ වාඩි වෙලා ඉන්න මේ හාදයා, හරියට පේන්නේ ලයිට් එක වගේමයි. පස්සේ තමා කාටත් වැරදුනයි කියල තේරෙන්නේ. ලස්සන, ලොකු, පොඩි උද්‍යාන වල, පාරේ තොටේ හෙමත් මේ හාදයා හැංගිල ඉන්නවා.
ඔන්න බලන්නකෝ. එක පාරක් මේ නෝටි අනංග කොල්ලා ඔයාගේ අම්මගෙයි තාත්තගෙයි පපුවටම එල්ලේ බලල ඊතලයක් විද්දා. නිකං අහල බලන්නකෝ.. ඔයාටම අහගන්න පුළුවන් මම කියන්නේ බොරුද කියලා. මේ අනංගය කොල්ලා ඇත්තටම මහ නරක ළමයෙක්.. ඔයාටත් බේරෙන්න බැරි වෙයි මෙයාගෙන් නං. ඒ තරංම නරකයා හොදේ. ඇත්තටම කාටවත්ම බේරෙන්න නං බැරිවෙනවා ඒක සිකුරුයි. ඔන්න හිතන්නකෝ එහෙනං, ඔයාගේ වයසක ආච්චි ඉන්නේ එයාටත් මෙයා පපුවටම බලල ඊතලයක් විද්දා. හැබැයි ඉතිං හුගක් කාලෙකට ඉස්සර තමා. ඇත්ත දැන්නං ඒ තුවාලේ හොද වෙලත් ගොඩාක් කල් ඇති. ඒ උනාට ආච්චිට කවදාවත් ඒ තුවාලේ නං අමතක වෙන්නේ නෑ. හම ගහන්න ඕන මේ නෝටි අනංග කොල්ලව..ඒකට කාරි නෑ. දැන් ඔයා දන්නවනේ මේ නෝටි අනංග කොල්ලා ගැන. ඔන්න පරිස්සං වෙන්න හරිනේ.
Hans Christian Andersen - The Naughty Boy
දැන්නෙ බොලා මාත් දන්නෙ. මේ නෝටි අනංග කොල්ලා මටත් විදලානෙ. මේ අනංගයාව ඉතුරු කරන්න වටින්නෑ.
ReplyDeleteඒත් එක අතකට ඒ විදීම නරකමත් නෑ දේශකයෝ.
;-)
අයියෝ උඹත් අහුවෙලා එතකොට.. නරක කියුපිඩ් අපේ ප්‍රියාටත් විදල පපුවටම.. මට හරිම දුකයි මේක කලින් නොදාපු එකට..
DeleteHans Christian Andersen මහත්තයාගේ කතාවක් නේ.. මගේ හිතේ දේශක යා බ්ලොගේ දාන දෙවෙනි එක වෙන්ට ඕනි.. ඇත්තටම ඔය කියනවත් වගේ අනන්ගයාගෙන් නං පරිස්සං වෙන්ට වෙයි...........
ReplyDeleteඋඹ කිව්ව හරි මේ දෙවැනි එක. කලින් එක පුංචි අයිඩාගේ මල්
Deleteආ උඹ තාම පරිස්සං වෙලාද ඉන්නේ.. කල්පනාවෙන් හිටහං එහෙනං වෙස්වලාගෙන ඇවිත් විදින්න පුළුවන්...
තාම ප්‍රේවේසන්..... :D
Deleteඋඹ හොදට හැදියන් නරක අනංගයා ආශ්‍රය නොකර... සුභ පැතුම්...
Deleteහපොයි මට අනංගයා කීවම දේශකයත් මතක් වෙනවා... :D
ReplyDeleteහැක් හැක්.. මාත් එහෙම තමා... මොකෝ කියන්නේ එනවැයි සෙල්ලං කරන්න..
Deleteඒකට නරක කොල්ල කියන්නෙ දේශකයට විදින්න පරක්කු කරල වගෙයි මට පේන්නෙ.
ReplyDeleteනැත්තං පපුවට නැතුව වෙන කොහේට හරි විදල වගෙයි.
එහෙනං උඹත් ප්‍රෙව්සම් වෙලා නැති හැඩයි.. කොහේද ඉතිං බොලාගේ අම්ම තාත්තවත් පරිස්සං වෙලා නැහැනේ අනංග කොල්ලගෙන්.. මටත් කලින් එහාට මෙහාට විද්දා. පස්සේ හරියටම පපුවට විද්දට පස්සේ හොල්මන් වෙලා ගියා. තාමත් එහාට මෙහාට විදිනවා බං මම ගනන් ගන්නෑ.. හැක්..
Deleteහාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් අනිත් එක ඩානෝ කිරි.
ReplyDeleteපස්සේ විස්තරේ අහගත්ත හින්දා මතක් උනා. ඒ දවස් වල ඩානෝ කිරි ඩෙන්මාර්ක් වලින් ගෙන්නවා. එතකොට ටීවි එකේ ඇඩ් එකට සීයා මුනුබුරුට හාන්ස්ගේ කතාවක් කියල දෙනවාත එතකොට තමා කියන්නේ ඩෙන්මාර්ක් ප්‍රසිද්ධ හාන්ස් ටයි ඩානෝ කිරි වලටයි කියලා. තැන්කුස් සුදීක
Deleteඔයික මටත් වංගියක් විද්ද බං, හැබැයි ඒ ක අවුරුදු හතර පහ යනකොට කල් ඉකුත් උනා. ඒ නිසා අදටත් මං ජීවත් වෙනව. ඕකගෙ දැන් තියන ඊ තල චයිනිස් වෙන්නැති, මාසෙන් දෙකෙන් කල් පනිනව. සමහර විට පරණ ස්ටොක් වෙන්ටැ.
ReplyDeleteමේකයි බං හරියටම පපුව හිල් කරගෙන යන්න නොවිද්දොත් මිනිහා ආයේ විදිනවා හරි යනකම්ම.
Deleteහරි හරි බං. දැන් සීයා ලකප් එකේද රිමාන්ඩෙකේද? හරිම නෝටි කොලුවෙක් තමා.
ReplyDeleteසීයාට ලව්සික් බං..
Deleteඅම්මපා ඔය වල් කොල්ලා විද්ද විදිල්ල කොච්චර සැරද කියනවනම් මම මේ ගෙවන්නේ 'හිරේ' ඉන්න 32 වැනි අවුරුද්ද.
ReplyDeleteතාම තුවාලේ පෑරෙනවා නේද විචාරක තුමෝ..
Deleteඔවු.අප්පා..මේ අනංග කොල්ලා..අපි හැමෝටම විද්දා නේ...ෂික් ඕකව අල්ලගන්න බැරි උනා නේ...
ReplyDeleteවිදින්න කලින් අල්ලගන්න ඕන බං.. නැත්නං අම්මපා විදිනව තුවාල වෙන්නම.. හැක්
Deleteදේශාටත් අනංගයා විදලා තමයි අර ගැබිණි මවගේ කේස් එකක් ගියේ අනේ මන්දා ඔව්වනම්
ReplyDeleteමට විද්දා බං ඇග හැම තැනටම. ඒත් පපුවට වැදුනම තමා මිනිහා වැඩේ නවත්තල දැම්මේ
Deleteදැන් අර සීයට මොකද වුනේ..?
ReplyDeleteඅනන්ගයා තනිය ඉදිද්දි විදින්නෑනෙ.. දෙන්නෙ ලඟින් ඉන්නකොට තමා විදින්නෙ..
ඔව් ඔව් දෙන්නගේ පපු පලගෙන යන්න තමා විදින්නේ. සීයා ලව්සික්
Deleteරිදෙන්න විදිනවා නම් තමයි මේකා
ReplyDelete
Deleteඔව් බං සමහර තුවාල මැරෙනකංම රිදෙනවා
ඕකගේ නම අනංගයාද .... ඕකා දවසට සැරයක් වත් මට විදිනවමයි...... මමං ඉතින් ප්‍රවෙසමට ඉන්නවා .... හි ... හි ... හි ....
ReplyDeleteඅම්මප.. උඹ එහෙනං චෙස්ට් ගාඩ් එකක් දාලා ඇති නැත්නං බෝල් ගාඩ් එකක් හරි.. හැක්.. පරිස්සං වෙයං මයේ දෙයියෝ
Deleteකවුද අප්පේ ඒ සීයා ඔයාලගේ සියා නෙමෙයි නේද.. :D
ReplyDeleteසමහර වෙලාවට ඒ ඊතලේ ඇණුන තැන මුළු ජීවිතේටම රිදුම් දෙනවා. ඒ තුවාල හොද වෙන්නත් නෑ. එහෙම බැලුවනම් ඔය කොළුවා මහ එපා කරපු කෙනෙක්. හම්බවුනදෙනකෝ මට ... කඩනවා දුන්න ආයෙත් අහිංසක සීයලා ආච්චිලාට කරදර නොකරන්නම...
පුංචිට කියන්න මේකා අපේ සීයටත් විදල තියෙනවා. ඒ මදිවට දන්න කියන හැමෝටම විදලා.. සමහර අය තාම අඩනවා මම දැකල තියෙනවා.. පුංචි පරිස්සමින් ඉන්න හොදේ..
Deleteදේශකයෝ අදට කියවපු දෙවෙනි පරිවර්තනය. දෙකම ටොප් .දෙකේම කෑම වර්ගත් තිබුනා. ඩූඩ්ගේ සුප්, චිකන්, කස්ටර්ඩ්....උඹේ රෝස්ට් ඇපල්......මචං ඔය රෝස්ට් ඇපල් හරිම රසයි රෝස්ට් පෝක් එක්ක. ඒ වගේම රසවත් සෝස් එකක් හදාගන්නත් පුළුවන් ඇපල් වලින්. කෑම වර්ග බොහෝමයක් හදන්න පුළුවන්. ඇපල් රෝස්ට් කරලා මේපල් සිරප් එක්කත් රසයි.
ReplyDeleteඅපේ විදිහට ඌරුමස් හදනකොට ග්‍රීන් කුකින්ග් ඇපල් එකක් පොත්ත පිටින් කියුබ්ස් කපලා දැම්මාම රසය වැඩියි. ග්‍රීන් කුකින්ග් ඇපල්....අඹ, ඇඹරැල්ලා වගේ උයන්න පුළුවන් උම්බලකඩ ටිකක් එහෙම දාලා. මගේ ප්‍රියතම කෑමක්. හම්බවුනු දවසක හදලා දෙන්නම්. දැනට කෙල ගිලපං. මීට....The Naughty Boy.
හැබෑටම කටට කෙළ ඉනුවා බං.. උඹව හොයන් එන්න හිතෙනවා ඌරු ගාතෙකුත් අරන්.. අපි මාරයට කියමු මේ කෑමක් හදන්න කියලා.. නේද බං..
Deleteහූ හූ.. මම තාම අහු උනේ නෑ!!!
ReplyDeleteකෑ නොගා ඉදිං. ඌට ඇහුනොත් උඹට විදීවි...
Deleteඑකක් විද්දට මොකො බන් මෙක මට විද්දෙ එක පාරට හය හත නේ
ReplyDeleteඅනේ පලයං බං නයි අරින්නේ නැතුව , අඹ හරි ලස්සන රාජ කුමාරයානේ
Deleteකවුද උබට කිවුවෙ කෙල්ලො ලස්සන හොයනව කියල
Deleteහා හා ඕවා උඹලම බලාගනිං. අටමට නං වැඩක් නෑ තෙල් හින්දා හරියට ඊතල වදින්නේ නෑ මතකනේ අර කේස් එක.. හැක්..
Deleteසිකේ ඕකා මහා එපා කරපු එකා
ReplyDeleteඇයි බං බොටත් විද්දා නේද//
Deleteඅදත් හාන්ස්ගේ කතාවක්.. දේශකයා මේවා පරිවර්ථනය කරලා දාන එක හොදයි අෆ්ෆා.. මොකෝ අපි කඩ්ඩෙන් කියවන්න කම්මැලිනේ..
ReplyDeleteමේ අයියාටත් අනංග කොල්ලා විද්දා නේ ;)
Deleteදේශකගේ මේ පරිවර්ථන කතා නම් නියමයි. :)
@ දිනේෂ්
Deleteඅනේ බං මොකක්වත් නෙමෙයි දැං උන් මේවා කියවන එකක්යැ. අඩුගානේ මෙහෙම කතා තියෙයි කියලවත් දැන ගන්නවා නේ. පුද්ගලිකව මම හාන්ස්ගේ කතා වලින් රිෆ්‍රෙෂ් වෙනවා මම කැමතියි ඒවට.. අපෝ බොට කඩ්ඩෙන් කියවන්න කම්මැලියි කියල මම දන්නවා.. හැක්
@ මදාරා
Deleteතැන්කුයි.. ඒක හයියක් මට ඉදිරි වැඩ වලට. බොලා දෙන්නටම එක සැරේ විද්දා නේද මේ නෝටියා...
ඔය යකා ඒකාලේ ඉදල තාම විදිනව මට.
ReplyDeleteමේ ලගදිත් විද්ද.
මේ දවස් ටිකේ මගෙ බිරිද තොමෝත් අරුණි අක්කගෙ රටට ගිහිල්ල නිසා,ඒ තුවාලේ එක්ක වේදනාව රසට විදිනව.
පවුකාර වැඩ කරලා රස කර කර කියන අපූරුව
Deleteකරන කලට පවු මීහිරිය මීසේ . විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
කෙන්ජයියේ උඹ දන්නවද පරධාර සේවනය කරන උන් ඊලග ආත්මේ ඉපදෙන්නේ කවුරු වෙලාද කියලා , ...නැ ..නේ....
කුම්භාණ්ඩයෝ වෙලා ......දන්නවද කුම්භාණ්ඩයෝ කියන්නේ කවුද කියලා ........ඒකත් දන්නැ නේද .. ( දන්නවානං ඔව්වා ඔහොම කොරයිද )
කුම්භ + අණ්ඩ
කූම්භ = කලය (කලගෙඩිය)
අණ්ඩ = ඇට (වෘක්ෂණ කෝෂ)
කලගෙඩි දෙකක් වාගේ බිජු ඇට දෙකක් ඇත්තාවු , අමනුෂ්‍ය වර්ගයක්
එහෙම දුගතියකට වැටෙන්ඩ එපා බං , තව ඉන්ඩ තියන සුළු කාලේ බණක් දහමක් ඉගන ගන හොදිං හිටහං
@අටමා
Delete+++
කලගෙඩි දෙකක් වාගේ බිජු ඇට දෙකක්!
Deleteසැර වැඩි නැද්ද බං!
@ අටම ඇතුළු All ;
Deleteමම බන අහල තියෙන්නෙ බානගල,සෝභිත සහ බෙල්ලන්විලගෙන්.
ඒ තුන් කට්ටුව එය පාප ක්‍රියාවක් බව කිසිදා මට වදාළ නැත.
අම්මේ උඹ උන්ගෙන් බණ අහල ඔය තරමින් බේරිලා ඉන්න එකම මදැයි. බණ සාගරයක් නේ ඒ උන්නාන්සෙලා...
Deleteකෙන්ජියා තරහා නැ මයේ හිතේ
Deleteඅටම මොනවට තරහ වෙන්නද බොල :)
Deleteඋඹ ල ඇවිල්ල මගෙ බොක්කවල්.
ඔය ඩිලින් නාන්සේලා ගැන සත්‍ය කතා ගොඩක් තියෙනව මා ගාව.
රාගම අටංපක නාහිමි ගේ බනක්ද ?
Delete@ කෙන්ජා
Deleteබොට ඕවයේ වේදනාව දැනෙනවද බං මම හිතුවේම නැතෙයි කියල නෙව??
@ අටමා
Deleteඋඹ තාම හෙළු වංශෙද??? විකාර කියන්නේ..
කෙන්ජි කවද්ද බං තරහ වෙන්නේ.. සෝඩා කෙන්ජි
@ රාජ්
Deleteමටත් හිතෙන්නේ ලොකු වැඩියි නේ බං... හැක්
@ ඉවාන්
Deleteරාගම නෙමෙයි බං
කඩවත අටං පක හිමි...
සමාවෙන්න අටම් තුමණි එහෙම ඉපදෙනවනම් කොහෙද ඉපදෙන්නේ ? කුම්භාණ්ඩයෝ අපිට පෙන්නේ නැද්ද ,, ඔයාලා මැරෙන කාලෙන් පස්සේ ඉපදෙන කුම්භාණ්ඩයෝ ඔක්කොම ඒ වගේ වෙයි නේද අන්න ඒකයි මන් මේ කල්පනා කලේ ,,,
Deleteඅනේ මේ අටං ඔය කටට ආවට කියපු එකක් ඔමා. සමහර විට බීලා කිව්ව එකක් වෙන්නත් ඇති.. හැක්
Deleteපරිවර්තනයක් කියලා තේරුණේ නැහැ.. ඒ කියන්නෙ උඹ සාර්ථකයි.... හැබැයි ටිකක් ළාමක වැඩියි බං....
ReplyDeleteතැන්කුයි තිසර. සුංරගනා කතා බොළදයි කියල හිතන්න එපා බං. ඒවා සුංරගනා කතා නේ ඒකයි..
Deleteටිකක් ලාමක උනත් පරිවර්තනේ හොඳයි.
ReplyDeleteළාමක උනත් ඒ පරිකල්පනයයි වැදගත්... නැද්ද??? තැන්කුයි
Deleteරෝස් කරපු ඇපල් කෑල්ලක් කන්න ලැබේ නම්?
ReplyDeleteරෝස් කරපු පෝක් කෑල්ලක් ලැබේ නම්?
අනංගයා මටත් විදී නම්?
ඇයි...???
Deleteලොක්ක අපිට පුකට විදී නම්.............
@ දයල්
Deleteඅපි යමල්ලා අරූලගේ ගෙදර ඌරු ගාතෙකුත් අරන්.. උඹ දුක් වෙන්න එපා. ළගදිම රෝස් කරපු කෑම තමා අපිට කන්න වෙන්නේ..
@ කෙන්ජි
Deleteඋඹ හිතන්නේ පුකට විදිනවයි කියලද? බොට වැරදිල අධෝ මාර්ගෙන්අත දාලත් ගන්නවා අපෙන්..
දැන් දේශක සීයගේ කාමරේට ඔය අනංග කොලා ආවේ කවදැයි ..?
ReplyDeleteඌ එනවා බං ඉද හිට.. මම ඉතිං ගනං ගන්නෑ මොකද පරිස්සං වෙන්න දන්නවා නෙව
Deleteඋඹත් දේශකයෝ ඉඳල ඉඳල දාන්නෙ මාර කතා නොවැ,දැන් ගනුදෙනුව අනංගය එක්කද
ReplyDeleteඑහෙම හොදා නේද හැලපයියේ.. තැන්කුයි
Deleteමුල් ටික කියවන් යද්දි මතක් උනේ UP කියන Film එක.
ReplyDeleteඔය අනවසර අවි පොඩි උන්ට දෙන්න හොඳ නැහැ කියන්නේ ඕකනේ මටත් විද්දා ඔකා දෙතුන් ගමනක්ම. හැහ් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ ඔහේ විදිනවා.
මම ඒක බලල නැහැ බං. මං ගාව තිබුනත් එක්ක ඇනිමේෂන් එකක් නේද?
Deleteකොච්චර කිව්වත් වැඩක් නැහැ බං පරිස්සං වෙන්නෑ නේ.. පත්තරේ වත් දාන්න ඕන මේක.. හැක්. උඹට විදින්නේ මොකද දෙතුන් පාර. ඒක පුරස්නයක්..
දෙස්හෝ ඔය කොලුවා මටත් විද්ද නෙව.... මට පෙන්නේ මේ දෙසකයට අනංගය මේ ලගකදී විදලා පාටයි
ReplyDeleteඋඹට විදින්නැතිව ඉදීයැ.. පපුවේ එලියේ දාං ඉන්න විදියට
Deletedigatama liyanna ... loku sewayak meka..
ReplyDeletess
ස්තුතියි. සන්තෝසයි.. අනිවා ටික ටික මේවා දාන්න හිතෙනවා මොකද ඉල්ලීම් ටිකක් තියෙන හන්දා.. ස්තුතියි ආයෙත්
Deleteමන් කව්ද කියලා දන්නවැයි ... ඔයාගේ ෆලෝ ගාණ කීයැයි ? හැක්
Deleteඔහෝ මේ උඹද?? පරණ ලෙඩේ තාම තියෙනවා වගේ.. හැක් හැක්.. ඔන්න ඔය පරස්පරතා අයින් කරල වරෙන් වරෙන්... යාළු වෙන්න.. හැක්
Deleteහැක් හැක් ........
Deleteපොරපයිල් එකෙන් වර ඩෝ.. මැරුන් නොකා...
Deleteබැහැ බැහැ දැන් ආවොත් සීන් එක නෝන්ඩි වෙනවා වත්ත වටේම.. ඊළඟ එකට ඉන්නන්..ඒක නෙවේ මගේ දැන් ෆලෝ 212 යි ..
Deleteඋඹ පරාදයි බං.. මට ලොකුවට 143 යි.. හැක හැක්...
Deleteඅනංගය විද්දෙ පදුරට වැදුනෙ හාවට.. :))
ReplyDeleteඒ උනාට බොටත් විද්ද නේ.. නැද්ද මං අහන්නේ. මතකනේ ගම්පහ ගෙට්ටුව කන ලගින් යන්නත් විදල තිබ්බේ බොට..
Deleteලැව් ගින්නෙන් විපතට පත් කකා ඇතුළු නිව් සවුත් වේල්ස් වාසීන්ට සහෝදරත්වයේ දෑත් දිගුකරමු...
ReplyDeleteසියළු සිංහල බ්ලොග් රචික රචිකාවෙනි... මේ ඔබේ සහෝදර ශක්තිය අවශ්‍යම මොහොතයි..... ලැව් ගින්නෙන් විපතට පත් සියළු නිව් සවුත් වේල්ස් වාසීන්ට ආධාර උපකාර කිරීමේ මගගු පුන්‍යකර්මයට ඔබත් දායක වෙන්න..... දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සුව ලැබීමට මග පෙන්නන්නා වූ ඒ දානමය පිංකමට ඔබේ නොමසුරු දායකත්වය ලබා දෙන්න....
විපතට පත්වූවන් වෙනුවෙන් ඔබේ මූල්‍යමය ආධාර පහත සදහන් බැංකු ගිනුම් වලට යොමු කරන්න....
මෙම මුදල් සෘජුවම ඔස්ට්‍රෙලියානු රජය වෙත දෙදිනක් තුල යොමු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.....
E.A.A.U.B. Edirisinghe - Sampath Bank - 100653457423 - Kurunegala Branch
E.A.A.U.B. Edirisinghe - People's Bank - 33518600569 - Nugegoda Branch
ප. ලි. : ප්‍රවාහන අපහසුතා නිසා ද්‍රව්‍යමය ආධාර භාර නොගන්නා බව දැන්වීමට කමැත්තෙමි..... ලිංගික ආධාර භාර ගනු ලැබේ....
ආධාර කිරිම තාවකාලිකව නවතා ඇත..
Deleteඒ සියා හින්දම හොදා...අපේ සීයා කෙනෙක්ට කොලුවා ලං උනා නම් පහුවෙනිදා පත්තරේ තියේවි සීයා කොලුවට අපචාරයක් කොලා කියලා...
ReplyDeleteහැම සීයලම මෙහෙම නෑ...දෙවිවරු වගේ සීයලත් ඉන්න බව කියන්නට ඕනෙ...
ඒකනේ සීයා හොදයි කිව්වේ..
Deleteදැන් උඹ කියන්නේ සීයද වැරදි.. අනංග කොල්ලද...
අනංග කොලුවට කියහංකො මල් හීයක් හොයලා මට විදින්න කියලා...සූටි කෙල්ලෙක් එක්ක පැටලෙන්න...
Deleteමම කැමති නෑ බං උඹ තුවාල වෙන එකට. ඒක හරියට රිදෙනවා බොල.. හිටහං කොල්ලා මොන වෙලාවේ හරි බොටත් ගේමක් දේවි..
Deleteඇන්ඩර්සන් මහත්තය කියන්නෙ...මම දන්න විදිහට නම්, කියවල තියන විදිහට නම් හොදම ළමා කථා කාරය, දේශක සහෝදරය බොහොම අපූරැවට අනුවර්තනය කරල තියෙනව කථාව...දිගටම ලියන්න දිරි...
ReplyDeleteදන්න විදියට නෙමෙයි බං ඒකයි ඇත්ත. ළමා කතා සහ සුරංගනා කතා කියන්නා.. ස්තුතියි ජෙමා...
Deleteඅම්මපා ඕකා මටත් කී පාරක් නම් විද්දද?
ReplyDeleteමට මගේ නොවෙන මගේම එව්වා දෙක තුනක් තිබ්බා කියලා ඔය සමහර එව්වෝ කියන්නේ මුගෙන් අම්බානක විදුම් කාලා වෙන්න ඕනේ. පව් ඒ අහිංසකයෝ...
ඒ උනාට හිල් වෙන්නම විද්දට පස්සේ මිනිහා ආවේ නෑ නේද කොචොක් දාන්න බොට.. හැක්..
Deleteමොන පිස්සුද? ඕකා ඊට පස්සෙත් ආවා. මම මුද්ද පෙන්න පෙන්න දඟලනකොටත් ඕකා විදින්න තැත් කළා. යාන්තං හුරගෙන ගියා විතරයි. ඇනගන්න හම්බු උනේ නෑ ඌට.
Deleteහරිම කරදරකාරයෙක් නේ මේකා.. උඹ අහුවෙන්න එපා පුතේ ඕවට.. පස් තමා කන්න වෙන්නේ...
Deleteඑහෙමයි එහමයි...
Deleteබැරි වෙලා හරි බොගේ අනවශ්‍ය තැන් වලට විඳින්න ආවොත් කියපං.. මම ඕකගේ දුන්න කඩනවා ආයි විඳින්න බැරි වෙන්නම. එතකොට ඉතිං ලෝකේ අවසානේ කියල හිතාගං...
Deleteඑහෙම්ම කරන්න එපා ඉතින්. අනිත් උන් පවු නේ...
Deleteඅනංගයා කියන්නෙත් පිරිමියෙක්නම් තව මොන කතාද ,, හොද පරිවර්ථනයක්
ReplyDeleteඅනංගයා කියන්නේ කොළු පැංචෙක් නේ බං.. දැකල නැද්ද පින්තුරේ.. අර තටු දෙකකුත් එක්ක දුන්න අතේ තියන් ඉන්න් මොන වෙලාවේ විදිනවද කියල හිත හිත...
Deleteඔය අනංග කොල්ලා ඉඳහිට හොඳ වැඩත් කරනවා. අපේ තාත්තාට ඒ වෙලාවෙ නොවිද්දා නම් මට අපේ අම්ම හම්බවෙන්නෙ නෑ.. මට නොවිද්දානම් අපේ හාමිනේ හම්බවෙන්නේ නෑ. අනේ ඌට හොඳක්ම වෙන්න ඕනෙ//
ReplyDeleteබොට කියන්න සරෝ.. අපේ පවුලෙත් ඔය සන්තෑසියම තමා වෙලා තියෙන්නේ. අනිත් උන්ගේ කොහොමද දන්නෑ නේද???
Delete