මාරයි අප්පා මේ ජීවිතේ... හැබෑටම අවුරුද්දකටත් කිට්ටු වෙන්නම ආවා. ඒ අතරේ ඔය හෙමීහිට හෙමිහිට එක එක විකාර කොට කොට ඇවිල්ල, මෙතන ටිකක් පැලපදියං වෙන්න කියල හැදුව විතරයි, ඕං ආයේ ආපස්සට හිතන්න මගුලක් ඇවිත්. දන්නවනේ මම කොහෙමයි මේ ලෝකේට කඩා පාත් උනේ කියලා.. නොදන්න එකෙක් ඉන්නවනං මං මොනවද දන්නේ කියල බලා කියාගෙනම ආවනං හොදා. හැබැයි ඒක බලල ඇවිල්ල මෙතන විකාර කියවන්න එපා. මොකද ඒකේ තියෙන විකාර වලට ඔය රාජ් එහෙම ඔල්මොරොන්දං වෙලා.. දෙපාරක් ම කියවල තියෙනවා.. හැක්.
මගේ මව, පියා දෙන්නම එකෙක්. ඒ වගේම මම ඉපදෙන්න ඉන්න කොට බලෙන්ම අඩු වයසෙන් ඇදල මේ ලෝකේට විසි කරල දැම්මෙත් මිනිහම තමා. ඒක හින්දා ඒ යකාටත් ලොකු ස්තුතියක් තියෙන්න ඕන නෙව.. මොකාද ඉදිං අර රාවණාවතාරයේ පිහිටෙන්, රාවණා ගොයියෝ ටික සක්වල ගහල පරලොව යැව්ව උතුමා තමා.. එතුමා මීජයා.. ඒ යකාට ස්තුතියි මට මේ වගේ ලෝකයක් තියෙන විත්තිය පෙන්නල දුන්න එකට. කතාවක් තියෙනවා නෙව,.. “වැටුන එකාට අත දීල නැගිට්ටපු එකාට වැඩිය, දනගාද්දි ඇවිදිදින්න අත දීපු එකාය වඩා වටින්නේ කියලා“
ඒකට කාරි නෑ. මේ වැල්වටාරං කිව්වේ ඔන්න දේශකයා සීයක් ගැහුවලු පෝස්ට්කටු.. ඒකට ඉතිං මට ලොකු ශක්තියක් උනේ ඔබ සියළු දෙනා තමා. මම එච්චර දුර යන්න හිතපු එකෙක් නෙමෙයි. අනික මෙලෝ දෙයක් නොදැන (???) මක්කහරි සීයක් ලියනවයි කියන එකත් සුළු පටු රාජකාරියක්ද? අපේ මාතලං ගොයියට නං දවසකට ලියන්න කරුණු කාරණා සීයක් හමාරක් හෙම තියෙනවනේ. අපිට කොහේන්ද ඔය පොලිටිකල් උනක්.. හැක්.
හැබෑටම මටත් පුදුමයි මම මෙහෙම ලියන්න ගත්තු එකට. කිසිම දෙයක් ලියන්නෑ කියල හිතාගෙන හිටිය මම, කලින් ලියල තිබ්බ හැම දේම, කවි, ගේය පද රචනා, කෙටි කතා, නවකතා, පරිවර්තන, වරිතෝපදාන මහ ලොට් එකක් (සිරාවට මම සයි ෆයි දෙක තුනකුත් ලිව්ව නෙව) හිතට ආපු එකම ආවේගෙකින් විනාශ කරල දැම්මා. අර ඩුඩේ කාරයා කිව්ව වගේ ඒක කොයි තරං අපරාධයක්ද කියල දැං තමයි තේරුනේ.. පව කියන දේ වළක්වන්න අමරුයි නෙව. ඒක කිව්වම තමා මතක් උනේ අපේ අයිලාෂ් සීයට අනං මනං කියල මාත් හෙන පව්ගොඩක් පුරවගෙන ඉන්නේ.. හැක්.. මිනිහා මාත් එක්ක තරහද මන්ද, තව කව්ද අපේ සුදීකයා. මිනිහත් තරහද මන්ද.. කොහොම උනත් එකක් කියන්න ඕන. දේශකයා හුගක් වෙලාවට හිතට එන දේ කියල දාන එකෙක් මිසක් අමාරුවෙක් වචන ගලපල ලියන එකෙක් නෙමෙයි. ඒක නිසා මම දාපු ප්‍රතිචාර වලින් කාගේ හරි හිත රිදෙන්න රිදෙන්න වගේ ගත්තනං මට කමක් නෑ.. හපොයි නැ.. කනගාටුයි කියන්නයි ඕන.. මේක මේ මගේ මලගම නෙමෙයි තමා. ඒත් අර සහනයා කරල තිබ්බ වැඩේ කව්රු අනුමත කරත්, ඒක, හරියට ජීවත් වෙන මිනිහෙක් මැරිලද කියල මුට්ටිය දාලා බලපු ගොං වැඩක් කියලයි මට හිතෙන්නේ. ඒක ඊට වඩා ක්‍රමවත්ව හොයන්න තිබ්බා. නිකං මිනිස්සු නොමර හිටහං සහන්.. හැක්. උඹ ඉතිං මගේ මිත්තරයෙක්ද කොහේද හින්දා මම කියන දේට උඹ තරහ නොවෙන විත්තිය දන්නවා.
සීයක් ලිව්වට ශක්තිය උනේ ඔබ හැම දෙනාම තමා. නම් වශයෙන් කියන්න ගත්තොත් තොපි කීපදෙනෙක් මාත් එක්ක තරහ වෙන නිසා එකෙක්ගෙ වත් නමක් කියන්නේ නෑ. එච්චරයි. මට සන්තෝසයි.. හිතපු නැති ගමනක් ඇවිල්ල.. කවදාවත් බලාපොරොත්තු නොවුන මිත්‍ර සංගමයක් ලැබුණු එක ගැන. හැම දේටම වඩා සන්තෝස මේ යක්කු ගහගන්න එකට.. මට හිනාවෙන්න බැරිය ඇති පදමට. හිහි..
එහෙනං මට ජය වේවා.. බොලා එකතු වෙලා මට ජයම ගෙනේවා.. මරණ මංචකේ වෙනකම්ම කොටා බාන්න තමා අදහස. (කට ඉස්සර උනාද මන්ද??) . සන්තෝසෙට තමා මේක දැම්මේ.. කියන්න දෙයක් තියෙනං තෙපර නොබා කියන එකයි ඇත්තේ. මං ඔය මට කුනුහරුප වැලක් කිව්වත් කන් දෙක ඕෆ් කරං ඉන්න එකා නෙව...
මුළින්ම සීයට සුබ පැතුම් මගෙන්... උඹේ පළවෙනි පෝස්ට් එකටත් පළවෙනි කමෙන්ට් එක දැම්මේ මමනේ... :D
ReplyDeleteහිටපන් මේක පබ්ලිෂ් කරලා ඉන්න වෙන එකෙක් කප් එක උස්සන්න කලියෙන්..
රායිටෝ දැන් එමු නිදහසේ කතා බහ කරන්න..
Deleteසරත් කරදරයක් නැතුව ඉන්නවා නම් කොහොමවත් මාස දෙකක් නිශ්ශබ්දව ඉන්නේ නැහැ..එයාගේ මාස 12 විතර ලොගින් බැලුවම ඒක තේරෙනවා..ආගමික අන්තවාදය තදින් ක්‍රියාත්මක තැනක , සුපුරුදු ක්‍රමය වෙනස් වෙලා කෙනෙක් හිටි හැටියේ අතුරුදහන් වීමකදී හොයන්න වෙනවා දේශා..
මාස දෙකක් තිස්සේ නැති වෙද්දී මම සරත් අයියා ගැන දිගටම silently හෙව්වා . . ඔහොම ඉන්න අතරේ මට තේරුණා එයා ලොග් වෙන pc වලින් දිගටම ට්‍රැෆික් එන බව සරත් පේන්න නොහිටියත්..හරියට කෙනෙක් සරත්ගේ හිස්ට්‍රි චෙක් එකක් ගන්නවා වගේ දෙයක්. ආන්න එතැනදී මට පෙනුණා මොකක් හෝ අමුත්තක් වෙන බව හොර රහසේ.. එයා ලොකු විපතක වැටිලා නම් ඒ ගැන හෙවීමෙනුත් පලක් නැහැ කියලා දැනුණා වැඩ කරපු ආයතනේට කතා කරලා.( ඕවා උඹට තේරෙන්නේ නැහැ ) බැරිම තැන තමයි මම පෝස්ට් එකක් දැම්මේ මෙයාගේ ලංකාවේ කෙනෙක්ව හරි මුණගැසීමේ බලාපොරොත්තුවෙන්..
සහන් මහත්තයා නොදන්න කමට අහන්නේ ඔබ රහස් පරික්ෂකයෙක් ද හැකර් කෙනෙක් ද? නැතිවුණු යාලුවා හොයන්න ඔබෙ කලේ හැක් කිරීම නේද? බයේ බෑ.
Deleteඅපෝ නැහැ මම ඔය දේවල් ගැන දන්නේ නැහැ "සෙන්කොලයා "..සරත් අයියා පේන්න නැති නිසා ටිකක් හොයලා බැලුවා..එච්චරයි...
Deleteතැන්කුයි සහන්.. ඔව් ඔව් මට ඒක හොදට මතකයි..
Delete@ සෙංකෝලයා.. මෙහෙමයි හැක් කරන්න නං ඕන නෑ මේ විස්තර හොයාගන්න. ටෙක්නිකල් ඩිටේල්ස් ඕන තරං ගන්න පුළුවන් විදි තියෙනවා..
Delete@ සහන් මේ උඹේ දෙවැනි එකටයි උත්තරේ.. ටෙක්නිකල් මැටර්ස් ඕල්වේයි නොට් කරෙක්ට්.. උඹට කරන්න තිබ්බ හොදම දේ මගෙන් අහන්න තිබ්බා.. නිකං මැරුච්ච ගානට කතා හදන්නේ නැතිව.. හැක්
Deleteසීයට දෙසීයක් ආවඩා, ආයුබෝ වේවා!
ReplyDeleteCONGRATULATIONS, = KIYANNA DEWAL NAM THIYANAWA, KUNUHARUPAMA NEVE, KUNUHARUPA WALATA CLOSE DEVAL. KIWWOTH UDA INNA MAGE YAHALUWATA THARAHA YANAWA.
Deleteතැන්කුයි වේවා කකා මහතාණෙනි..
Delete@ කැපිටල් ඇනමලයා
Deleteඅනේ කොයි තරං දෙයක්ද ආපු එක. තැන්කුයි වෙරි මච්.. ඔව් ඔව් කකා තරහ ගැස්සන්න හොද නෑ මිනිහට ගැස්ටික්..හික්
අඩේ උඹ සෙන්චරිය ගැහුවද බොල. එල එල රස්නේ හොඳ ඉච්චාවක් !!!! උඹට තව ලියහන් තව ලියහන් ...
ReplyDeleteගැහුවද අහනවා. තැන්කුයි මචෝ..
Deleteසීයට සුභපැතුම්! නෑ නෑ සීය කිව්වෙ උඹට නෙවේ, 100ට.
ReplyDeleteස්තුතියි එම් රාජ්.. ගොඩක් උඹ තමා ඉතිං ඉස්සෙල්ම මගේ බ්ලොග් රෝල ඒක අමතක නෑ..
Deleteසීයට සුබ පැතුම් !!
ReplyDelete(ගහපු කමෙන්ට් එක මකලා දැම්මා. බීරි අලින්ට වීණා ගහලා වැඩක් නැති නිසා)
සුභ පැතුම් සෙන්නා.. උඹ ඉතිං මගේ තරහකාරය වගේ පස්සෙන්ම එනවා නෙව.. (ඔය ඕන දෙයක් කියල ඇරපං බං)
Deleteඔබගේ 100 වෙනි පොස්ටුවට මගෙන් සුබ පැතුම් මිත්‍රයා.
ReplyDeleteගොඩාක් ස්තුතියි මිත්‍රයා
Deleteමුලින්ම උබට මගෙ සුබ පෑතුම්.කලින් පොස්ට් කියන්වන්න ඔනකියල හිතුන බ්ලොග් එකක්.එ උනට කියවන්න උනෙ නෑ උබ නිතරම අලුත් කරල තිබුන නිසා.එකයි උබට මම පස්සෙන්ම කියල දෑනුනෙ.අනික උබ සහන්ගෙ වෑඩෙ දෑක්කෙ වෑරදි තෑනකින්.සහන් කිවුවනම් සරත් ටික දවසකින් නෑ කියල විතරක් කවුරුත් හොයන්න නෑ.තව ටිකක් බලමු කියයි.සහන් හොයන්න ගත්තෙත් අනිත් අය උනන්දු උනෙත් එ තන තිබුන අනිත් කාරන නිසා.සහන් එක කියන්නම ඔන මම හිතන්නෙ.
ReplyDeleteස්තුතියි දමියෝ. මේ ටිකේම පස්සෙන් පැන්නව එකට සන්තෝසෙටයි ඒක කිව්වේ. ඔක්කොම කියවන්න හිතුනද බොට වමනේ ගියොත් මම නෑ.. හැක්.. සහන් කරපු වැඩේ හරි.. ඒත් ඊට වඩා ප්‍රැක්ටිකල් උනා නං ඕක ඔයිට වැඩිය ලේසියෙන් කරගන්න තිබුනා.. මම කියන්නේ ඒකයි ඕක ගොං පාර්ට් එකක් කියලා..
Deleteසීය ටයි සීයටයි සුබ පැතුම්. බ්ලොග් ලියන්න පුරුදු උනාම අබිං කෑව වගේ තමා අතඅරින්න බෑ. ඉතිං මොනවහරි ලියන්න වෙනව. (මේක මට අදාල නෑ හොඳ් :D)
ReplyDeleteඑහෙනං ඉතිං අද කරටි කැඩෙන්න ගහයි සන්තෝසෙටත් එක්ක.
ඕක මටත් අදාලා නෑ.. හෙහ් හෙහ්...
Deleteමේ ඉන්නේ අපිත් පෝලිමේ..
Delete@ ප්‍රසා
Deleteසීයගේ සුභපැතුම පිළිගත්ත ඕං.. හැබෑට හැබෑට අවුරුද්දකට සැරයක් හරි ලියන්නම වෙනව.. අබිං කෑව වගේ නෙව..
@ සෙන්නා
Deleteඋඹ හිතන්න එපා බොට චැන්ස් එක වැදිල තියෙන්නේ මේ ලංකාවේ සුපිරි පාරවල් වල කරක් ගහන හින්දයි. උඹ මෙහෙං ගිය දවසේ ඉදල ඒක උඹට අදාල නැ.. හරිද සබ්මැරිනේ ගිලෙනවා යකෝ. ඉක්මනට පලයං
@ සැන්ඩරයා
Deleteකනගාටුවෙන් උනත් ඉතිං ඒක උඹට අදාළයි තමා.. නැද්ද ප්‍රසා..
අඩෝ නම උඩින්ම දාල කමෙන්ටුව ස්පෑම් කිරිල්ල හොඳ නෑ බොල!
ReplyDeleteහරි හරි වැරදිල ගිහිල්ල. උඹ කියන්නේ බං මම රිප්ලයි කරන ඒවත් ස්පෑම් අස්සේ රිංගනවා නෙව.. මේ මගේම එකේ..
Deleteමගේත් සුභ පැතුම්!!!
ReplyDeleteස්තුතියි ගුඩ්මෝර්නිං
Deleteසුබ පැතුම්! සුබ පැතුම්!
ReplyDeleteතැන්කුයි තැන්කුයි..
Deleteසීයට
ReplyDeleteආයිබෝ වේවා... දේශකයානනි.....!!!
සීයට ආයුබෝ උනොත් ඉතිං ලියල හමාරයි බොල..
Deleteදේශකයට ජයවෙන්නට
ReplyDeleteහොඳ හොඳ දේ ලියවෙන්නට
සීයේ ආතල් ගන්නට
සෙට් වෙනවද අද හවසට
සෙට් වෙන්නට අද හවසට
Deleteඅනේ හැබෑට බොට පිස්සුද
ආතල් දැං කනේ ගිහින්
පයිත්තියං වෙලා ඉන්නේ.
තැන්කුයි පව්ලූෂා
චැක් අපේම කරුමෙ, නෑ මුකුත් කිව්වෙ නෑ. මාත් එහෙනම් මූනිච්චවට හිනා වෙලා සුභ පතනව.
ReplyDeleteඅර බොට කලටිපොල් උනක් නෑ කිව්ව එක නම් අමු බොරුවක්, මාතලන්ට කලටිපොල් උනක් තියෙන්නෙ. බොට තියෙන්නෙ කලටිපොල් සෙමක්, තෝ ඒක ඉංගිරීසි බෙහෙත් බීල කර කොරගෙන ඉන්නෙ. පින්නට අහු උනහම කිවිසුම් යනව මං අනන්තවත් දැකල තියනව, මට නම් එව්ව රසයි.
චැක්, දැන් මගෙ භාෂාව අන්තිම කැතයිනොවැ.
උඹට රහනං එච්චරයි.. චැක් චැක්.. උඹත් ඉතිං ඔය මම හැක් හැක් ගාලා කාපු පරිප්පුවම කන්න හදන්නේ. තැන්ක්ස් දේශ්..
Deleteදේශක සීයට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!! :) :)
ReplyDeleteඑම්බල රජ කොල්ල, කැත කතා නොකියව.. හැක් හැක්.. තැන්කුයි රජෝ..
Deleteතව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්්‍යය ලැබේවා. මගෙන් සුබ පැතුම්
ReplyDeleteස්තුතියි මත්තෝ.. හුගක්ම
Deleteසීයාට ...නෑ නෑ වැරදුනා ...සීයට සුභ පැතුම් !
ReplyDeleteවැරදුනා කිව්ව හින්ද සමාව දෙනවා නැත්නං ඉතිං මම තෝව කනවා.. තැන්කුයි රෙහානියෝ. බොලා ඉතිං අපිට හයියක් නෙව
Deleteබ්ලොග් ලියන ලොකු තොරෙක් ගාවටනේ හා හපුරා කියලා ඇවිත් ඉන්නේ. මෙතැන 100 ගහන කොට මං අද පළවැනි එක දානවා. මං වගේ කූනිස්සෙක් ඉතිං කොහොම සුබ පතන්නද? දිගටම ඉදිමින් 1000ක් ඉක්මනටම ගහන්න ලැබේවා. ඒ එක්කම ඇවිත් යන්න එන්න මං පටන් ගත්තු එක පැත්තටත්.
ReplyDeleteසෙන්කෝලය අලුත් බ්ලොග් සඟරාවේ අමලුත් ලිපිය
රෙද්දේ ගූ මහත්තයාගේ කතාවස්තුව හෙවත් ඉන්ද්‍රපාල
ස්තුතියි සෙන්කෝලයෝ.. උම ඔය තෝර කතාවට මාතලං ගොයියගෙන් දෙකක් නාහා හිටි එක පුරුවේ වාසනාවක්.. එහෙම මගුලක් නෑ බොල.. ලියනවනං හැම එකාම එකයි. අපොයි අමතක උනා කියවන උනුත් එහෙමයි.. මම ආවා නේද ඒ පැත්තේ.. මොකක් හරි ගිනිවිජ්ජුම්බරයක් උනා එතැන..
Deleteදේශකයාගේ සීයට ජය වේවා!
ReplyDeleteස්තුතියි ධෘරා..
Delete100ta jaya :D
ReplyDeleteoya 100n ekak mage :P
jaya wewaa!
අපොයි උඹත් පැන්නද වැට කාලෙකට පස්සේ.. හැක්.. එකක් උඹේ තමා. සුවර් එකටම තැන්කුයි මුදියෝ..
Deleteඒ උඹේ සීයෙන් හති හලාන මට කියවන්න තව ටිකක් තියේ,.. මට බය උඹ ඒ ටික කියවන එද්දී තව පන්සීයක් විතර ගහල තියාවි කියල. ඒත් එහෙම වේවා කියල මං යටි හිතින් ප්‍රර්ථනා කරනවා... :)
ReplyDeleteහරි හරි බය නොවී හිටහං සැන්ඩරයෝ. දැං ටිකක් හෙමීට තමා දාන්නේ.. ජයම වේවා.. අනේ මුණුපොතේ හරි බලාගන්න තිබ්බ චෑන්ස් එක නැති උනානෙව උඹව.
Deleteඅද බොන්න වටින දවසක්නේ. කොචිචි නැතුව අද ගෙදර උදේ ඉදන් ජාලේ අවුල් දැන් තමා ගොඩ වැදුණේ.
ReplyDeleteහදවතින්ම සුබ පැතුම් දේශකයා. බොහොම ඉක්මනින් කාලේ යනවා. දැනෙන්නෙවත් නැ. කීයට ද සමරන්නේ 100ය.
තැන්කුයි නලියෝ.. උඹ වගේ උන් හින්දා තමා මේක මෙච්චර අදින්නේ. නැත්නං අතෑරල දානවා.. හැක්.. බොන්න. මතක් කරන්න එපා.. ධනපාලය පැත්ත පලාතක ආවේ නෑ කාලෙකින්ම
Delete100 ට ජය.!
ReplyDeleteසමරන්නෙ ගෙදර ඉදන්.
නලිය අඩ ගැහැව්වට ගෙදරින් එලියට යනව නෙමේ.
බොට එලියට ගිහිල්ල බිව්වොත් පහුවදාට ගෙදර එන ලෙඩක් නෙ තියෙන්නෙ.
අනිවා.. නලියට අහුවෙයි මම.. තැන්කුයි කෙන්ජ්යෝ. උඹේ ටී පනස් හයෙන් වගේ කට කට ගාලා එන වචන අහන්න තරං මමත් වාසනාවන්ත වෙච්චි එකට සන්තෝසයි
Deleteකෝ ගනින්..ගනින් බෝතලේ......!!
ReplyDeleteඔන්න මගෙත් සුබ පැතුම්..!
කෝ ඉතින් අපිට බොන්ඩ දෙන් නැද්ද
Delete@ වීයා
Deleteතැන්කුයි වීයෝ..
@ අටමා
Deleteකොහේද කව්රු හරි “බෝ“ ගාන කොට මේකා “තලේ තලේ“ ගාගෙන දුවං එනවනේ. චුප් චුප් අටමා.
සීශාගේ දේයට සුණුසුම් උබපැතුම්!
ReplyDeleteපූන ඔකක් වීති ප්‍රෙසක් ඉයල කිමු!!! ඩුන්කියු තැඩේ...
Deleteඅඩේ බොල, උඹයි මායි එකම කාලෙ වගේ ලියන්න පටන් අරං තියෙන්නේ... උඹ දැන් සීයකුත් ලියලා.... අද මම අධිෂ්ඨාන කර ගත්තා මැරෙන්න කලින් මම කොහොම හරි පෝස්ට් 20 ලියනවාමයි කියලා.
ReplyDeleteඋඹේ ලියවිලි කියවනකොට මට හිතෙන්නේ උඹ නිකං ගුටිකන මූණක් තියන එකෙක් කියලා, මොකද කීප සැරයක් මටත් හිතුණා "මූට දෙකක් නෙලන්න ඇත්තං" කියලා. ඉතිං ගුටි නොකා සීයක් ලියපු එකට මගෙන් සුභ පැතුම්!!!
///මම කොහොම හරි පෝස්ට් 20 ලියනවාමයි///
Deleteහි හි... එහෙනං මැච් එකක් වත් පරදින්න වෙනවා.... නේද තිසර....
@ තිසරයා
Deleteකියන්න ලැජ්ජයි උඹ මට කලින් පටන් ගත්තේ.. උඹ ලියන විස්ස.. අනේ කට වහං ඉදහං. හරියට පොටෝ ටිකක්වත් දාගන්න බැරිව.. එනවා මෙතන.
අර ගුටි කන සීන් එක ටිකක් පැහැදිලි කරානං ටිකක් පරිස්සමට ඉන්න කියලා.. තැන්කුයි තිසරයෝ
@ හිරු
Deleteඋමල තමා අර පැට්රියට් ඒ දවස් වල කිව්ව විදියට කුමන්ත්‍රණ කරල අන්තිමට තිසරයව අමාරුවේ දැම්මේ.. හිහි
සියකුත් ගැහුවා එහෙනම්.
ReplyDeleteසීයට චියර්ස් කිවා...!!!
උඹ අයියේ රජ්‍ය සේවකයෙක්නේ ඉතින් ඔය ගන්න පඩියට හරි යන්න හොදට තවත් ඒවා ලියහන්කෝ..:D
උඹල මේ මම කියන ඒවට අහුවෙන්න එපා බං.. රාජ්‍ය සේවයට තියා කසල සෝදක කමටවත් අපි සුදුසු නෑ.. තැන්කුයි මනෝ... චියර්ස්
Deleteදේශකයාගෙ සියවෙනි පෝස්ටුවට සුභ පැතුම්!
ReplyDeleteසන්තෝසයෙන් භාරගන්නවා චාම්ස්.. තැන්කුයි වෙරි මච්
Deleteහහ් මං පරක්කු වෙලානේ... අනේ ඔව් බං.. උඹේ ඔය කට නං මහ බෝක්කු කටක්... හැක හැක ගගා හැම තැනම...
ReplyDeleteකොහොම හරි කමක් නෑ... සීයක් ලිව්ව එකනේ වැඩේ... හි හි
ඒකනේ කිව්වේ ලියාගෙන ලියාගෙන යනකොට වැඩේ වෙලා නෙව.. හිහි..
Deleteපරක්කු උනාට කමක් නෑ උඹ කියපු කාරණය ගැන නං මම සෑහෙන්න කල්පනා කරා..බෝක්කු කටා.. දේශකයා..
උණුසුම් සුහ පැතුම්....100 ක් ලියන්න තියෙන අමාරුව හොදටම දන්න කෙනෙක් විදිහට මගේ සුභ පැතුම් පිලිගන්න......
ReplyDeleteඅම්මේ මයියත් ඉන්නේ.. සන්තෝසයි අප්‍රමාණව.. උඹට ඒක තේරෙනවා නෙව.. .තැන්කුයි මයියෝ
Deleteහැමෝටම හුගක් ස්තුතියි. වෙන වෙනම උත්තර පසුව දෙන්නං. තරහ වෙන්ටෙපා අනේ..
ReplyDeleteසරත්මි
ReplyDeleteපමාවී ආමි
ලියු හැමෙකම කියවීමි
සීයටද සුබපතමී..
එසේ වීද
Deleteඒද
අගනේය.
සරතය
තොපට
පින්ය
අඩේ... මං පරක්කු වෙලානේ සීයාට සුභ පතන්න. අහ්හ්... වැරදුනා... සියට සුභ පතන්න..... එක්කෝ කමක් නෑ.... පමා වෙලා හරි මගේ සුභ පැතුමත් පිළි ගනියෝ..... තව තවත් රසවත් දේවල් ලියන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!!
ReplyDeleteසීයට මුනුබුරු බිරියෝ (??) පරක්කු වෙලා සුභපතන එක වටිනව නෙව.. තැන්කුයි වේවා ඔන්න සමනලියගේ මෙව්ව එක භාරගත්තා සන්තෝසෙන්
Deleteසුබ පැතුම් දේශකයො. තව තව දේශන පවත්වමු. ලයිව් අහන්න බැරි වුනත් රැකෝඩ් කරපු දේශනේ අහන්න හරි එනව.. :)
ReplyDeleteහරි බං උඹ තැටියේ කෑලි ටික හරි එකතු කරගෙන අහන විත්තිය මම දන්නවා. උඹනං දැං ටිකක් කම්මැලි වෙලා වගෙයි.. තැන්ක්ස් චන්දන
Deleteඋඹට සුබ පතන්න චුට්ටක් ප්‍රමාද වුණා...තරහ වෙන්න එපා.
ReplyDeleteතවත් 1000 කට මගෙන් සුබ පැතුම්!!!!
ස්තුතියි හැලපයියෝ.. පරමාද උනාට අවුලක් නෑ.. මං මේ අහන්නමයි හිටියේ මොකද අර බ්ලොග් කටුවේ තාම පයිය උඩින්ම තියෙන්නේ.. ඒකට ඒ තරං ඉල්ලුමද??
Delete