Friday, June 14, 2013

සිරිපා වන්දනාව අංක 4 (අවසානයි)

කලින් කොටස බලන්න ඕන නං මෙතැනින් බලන්න.

හැක් හැක්.. මගේ බලාපොරොත්තුව දෙවැනි පාරටත් ඉටු උනා. ඒ කියන්නේ මම මුලින්ම දැම්මා බාලගේ මරණේ ගැන පෝස්ට්කටු සීරිස් එකක්. එකෙදි හුගක් අය අහක බලාගත්තා. මොකද තනිකර කළු මිනිහෙක්ගේ හැඩරුව පෙන්නන එකට හුගක් අය පුදුම විදියට අකමැති නිසා. මෙතැනදිත් මට ඒක සහසුද්දෙන්ම බලාගන්න පුළුවන් උනා. මේ ජඩ දේශාටාන සීරිස් එකත් ඒ වගේ තනිකර කළු මිනිස්සු ගැන කියවෙන හින්දා. ඒකටත් ඒ සෙතේමයි. කොහොම උනත් බාලාගේ සීරිස් එකේදි හිට්ස් වල අඩුවක් නං තිබ්බේ නැ. ඒත් අනේ දෙයියනේ මේ ජඩ දේශාටන සීරිස් එක හින්දා මගේ ඇවරේජ් හිට්ස් ගාන හෙම හුගක් අඩු වෙලා. ඒත් අවුලක් නෑ. එකක් කියන්න ඕන තනිකරම කළු මිනිසුන් හෝ සුදු මිනිසුන් ලෝකයේ නොමැති බව. අපේ තිසරයා, අකමා වගේ අය මට කලින් සීරිස් එකේදි නං බැනල තිබ්බා බලන කට්ටියව මීයෝ කරන්න එපා කියලා. ඒත් අනේ මට ඔය මී සෙල්ලම තරං වෙන එක සෙල්ලමක්වත් කොරගන්න බෑ නෙව. හැක් හැක්.

එහෙනං ඕං කතාව නතර කරපු තැන ඉදල. දේශනා ශෛලිය වෙනස් වීමට ඉඩ ඇත. (කලින්ම කියන්නේ හරිය)

සිරිපා මළුවට අපි ගොඩ වෙන කොට රෑ දොළහවත් වෙන්න ඇති. හැමෝම හීතල නිසා ගුලි ගැහිලා හිටියා. මොන දේ වෙතත්, දුමක්වත් ඇදගන්න බැරි තැනක් නේ එතැන. අපි හැමෝම පඩි පෙල් උඩින් වාඩි වෙලා සීතල මකාගන්න සෑහෙන්න උත්සාහ කරා. මොකද ඇගට දාපු ජැකට් අස්සෙන් හීන් විදුලියක් වගේ සීතල ඇගට කාන්දු වෙන එක ඉවසන්න අමාරුයි. මේ වෙලාවේ පඩි පෙළ උඩ වාඩි වෙලා හිටිය ලොකු කුමාරය තමා ඇයව තුරුල් කරන් හිටියේ. මිනිහා තැන නොතැන නොබල දග වැඩ කරන බවත් අපි දැක්කා. ඒත් කව්රුවත් ඒ ගැන හිතන්න මහන්සි නොවුනේ, සීතලට හිතත් ගල් ගැහිච්ච නිසා වෙන්ටැති. හැමෝම ඒකමතිකව එකග වෙලා මේ ඉන්නේ, පාන්දර ඉර සේවයත් බලලම පල්ලෙහාට කරුණා කරන්නයි. ඔය විදියට ගැහි ගැහි පැයක් විතර ඉන්න කොට තමා මං ළග හිටපු මඩයා, මට ඇගිල්ලෙන් ඇනල පෙන්නුවේ ලොකු කුමාරත් එක්ක ඉන්න ඇය ලොකු අපහසුවකින්, හුස්ම ගන්න අමාරුවෙන්, කටත් ඇරගෙන ඉන්න විත්තියක්. ඒක බලපු මටත් තේරුනා ඇය නං ඉන්නේ මොකක් හරි ලොකු අමාරුවකින් කියල. ඇයි ඉතිං සාය ඇදල හිටියට ඒක සීතල මකාගන්න තරං ප්‍රමාණවත් නෑ නෙව. අපි ඩෙනිම් ඇදලත් ඒක අමාරු එකේ.

ඇය ඔළුව උඩට හරවගෙන කට ඇරගෙන හුස්ම ගන්න උත්සාහ කරනවා. ඒ අතරේ හීතල වැඩි කමටම කුමාරගේ ඇග කිටි කිටියේ බදාගෙන හිටියේ. ඒත් ඒකාට කිසිම ගානක් නෑ ඌ හිතන්නේ ආතල් එකට ඈ මේ දේ කරනවා කියල තමා මට ඒ වෙලාවේ හිතුනේ. තවත් බලං හිටියත් කුමාර ගෙන් කිසිම උදව්වක් ඈට ලැබෙන්නෙත් නෑ. ඇයට වචනයක්වත් කතා කරගන්නවත් බැරි විත්තියක් තමා මම දැක්කේ. මේ සිදු වීමත් එක්ක මට ටිකක් හිතට බයක් ආවා. ඈට මොකක් හරි කරදරයක් ආවොත් කියලා. ඒ අතරේ කොටුව ස්ටේසමේ අපේ සර් විදියට ඇක්ට් කරපු අයියා කිව්ව කතාව ඔළුව පුරාම දෝංකාර දෙන්න ගත්තා. ඒ සැනින්ම මම නැගිටල ලොකු කුමාරය ගාවට ගිහිල්ල ඌව නැගිට්ටවල මං ගාවට ගත්තා. ඊට පස්සේ මම ඌට පෙන්නුවා එයා කොයි තරං අමාරුවෙන්ද ඉන්නේ කියන එක. ඒත් මේකාට කිසිම ගානක් නෑ. හිටහං තව ටිකක් යනකොට ඔය අමාරුවත් හොද කරන්නං කියල මූ කියාපි.

ඇය හුගක් අමාරුවෙන් හුස්ම ගන්න උත්සාහ කරන එක මූට පෙන්නන්න් උත්සාහ කරත් මොන විදියෙන්වත් ඒක තේරුං ගන්න පුළුවන් මනසක් නොතිබ්බ නරුමයෙක් ඒකා. අනිත් උන් දෙන්න ඒ කියන්නේ, සැන්ඩයි, ලසායි අඩගහල මේ සිද්ධිය පෙන්නුවත් මුන් දෙන්න කිව්වේ,

“හිටිං. කුමාරයට බැරි උනාට අපේ ටර්න් එක ආවම ඕකිගේ හීතල හදට යවනවා“ කියලයි. එතකොට තමා මට තේරුනේ මුන් තුන්දෙනා මළුවෙදිත් ෂිප්ට් බේසිස් ඈව ගන්න තමා ප්ලෑන් කරල තියෙන්නේ. එහෙම උනාම ඉතිං මුන්ට වෙන දෙයක් පේන එකක්යැ. උන් බලන් ඉන්නේ සැප ලැබෙන්නේ මොන වෙලේද කියල හිත හිත.

මේ අතරෙදි මට හැකි උනා අනිත් සගයන් එක්ක පොඩි පහේ කුමන්ත්‍රණයක් කරන්න. හැබෑටම ඉරිසියාවට නෙමෙයි මනුස්ස ප්‍රාණියෙක් විදවන විදවිල්ල බලන් ඉන්න බැරි කමටම. අපිට සිද්ධ උනා අරුන් තුන්දෙනත් එක්ක ලොකු ආරවුලක් ඇති කරගන්න ඇගේ ආරක්ෂාව වෙනුවෙන් සිරිපා මළුවෙදිම. අපි කොයි තරං කතා කරත් මුන්ට උවමනාවක් තිබ්බේ නෑ ඒ ගැන හාංකවිසියක්වත්. උන් හිතන් හිටියේ ඇය තනිකර කෙළි බඩුවක් ගානටයි කියන එක අපිට හොදටම තේරුනාම, නිෂේද බලය ක්‍රියාත්මක කරල, මුන් තුන්දෙනාටම අර මහ හීතලේ තඩි බාන්නත් සිද්ධ උනා. මොන දේ උනත්, වටවල ස්ටේසමේදී ඔය වැඩේට සපෝට් එක දීපු කොම්බුවත් අපිත් එක්ක ඒ මතයෙම හිටපු එක ලොකු හයියක් උනා.

මේ ගිනිවිජ්ජුම්බරය හින්දා අරුන් තුන්දෙනාට තමන්ගේ හැගීම් අකුලගන්න සිද්ධ උනා. මඩයා වැඩේට බැහැල අක්කා ගාවට ගිහිල්ල මුළු ඔළුවම වැහෙන්න මිනිහගේ තොප්පිය දැම්මා. ඊට පස්සේ අපි අක්කව එක්කන් ගියා ශාලාවට. එතැන ඉන්න නැන්දා කෙනෙක්ගෙන් සිද්ධාලේප ටිකක් ඉල්ලගෙන නලල පුරාමයි, බෙල්ලෙයි ගාලා හොදට උණුසුම් වෙන්න අපේ ටී එකකිනුත් මුණ වැහුවා. එහෙම ටික වෙලාවක් ඉන්න කොට කට කට ගාලා මෙච්චර වෙලා හීතලේ ගැහිච්ච කටේ සද්දේ අඩුවෙලා උඩ තිබුන ඇස් දෙකත් හෙමින් පහළට ආවම, අපි ඇහුවා දැං කොහොමද කියලා. හෙමීට ඇස් කරකවලා, ඇයගේ මූනට එබිල ඉන්න අපි ටික දෙනාගේ මුණු ටික මාරුවෙන් මාරුවට බලල, පොඩි හිනාවක් දැම්මම අපිටත් ඇත්තටම සතුටු හිතුනා. ඒ ඇස් දෙකෙන් මම දැක්කා අරුන් තුන්දෙනා ළගපාත නැති එක ගැන ඇයට සැනසීමක් තියෙන විත්තිය.

“අ..   නේ   ම .. ල්..   ලී......., ම..   ට.. ඉන් ..  න අමා...    රුයි. ම..   ගේ .සෙ  ..  ම ..ඇ .. වි ..  ස්   සිලා, හු..   ස්ම හි  ... රවෙ ..  නවා. මෙ..   තන නං ඉ ..  න්න බෑ.. මට හු..   ගක් ..අ   මා..  රුයි“

“තව ටිකක් යනකොට අඩුවේව් අක්කේ“

“නෑ.... මල්ලි ....මගේ... නහය .....හොදටම .....හිරවෙලා.... මං.... හුස්ම.... ගන්නෙත් ...කටින්..“

“අපි එහෙනං පහලට එක්කන් යන්නද“

ඇය ඊට එකගතාවය දක්වමින් ඔළුව වැනුවම අපි එකිනෙකා මූන බලාගත්තේ කව්ද දැං පහලට යන්නේ කියලයි එතැනදී ඒකච්ඡන්දයෙන් සම්මත උනා මඩයා සහ දේශකයා තමා වැඩේ බාරගන්න ඕන කියලා. ඒ අනුව අපේ බෑග් ටික උන්ටම ගෙන්න කියල, නල්ලතන්නියෙදි බැරිනං මොන විදියෙන් හරි උදේ කෝචිචියට හැටන් ස්ටේසමේදි හරි හමුවෙන පොරොන්දුව පිට අපි දෙන්නා ඇයව වත්තං කරගෙන පහලට කරුණා කරන්න පටන් ගත්තා. ඒ වෙලවේ මං ළගට දුවගෙන ආපු කොම්බුවා ඇගේ පර්ස් එක මගේ අතට දුන්නේ යන වෙලාවට දීපං කියලයි. පටන් ගන්න කොටම නං අපි දෙන්න ඇයව දෙපැත්තෙන් අල්ලන් තමා පහලට එන්න පටන් ගත්තේ. ඒ වෙලාවේ මළුවේ පැත්තිකින් හිටිය අපෙන් ගුටි කාපු අපේ සගයෝ තුන්දෙනා කින්ඩියට වගේ අපි දිහා බලන් ඉන්න එක අපි දැක්කා. මොනව උනත් ඇයව පල්ලෙහාට ගෙනියන්න බලාපොරොත්තුවෙන් අපි වැඩේ ආරම්භ කරා. ටික දුරක් යනකොට ආයේ හුළං වැදිල හුස්ම ගන්න අමාරු වෙන කොට, මඩයා කාගෙන්ද ඉල්ලං ආපු සිද්ධාලේප තල්ලියෙන් ටිකක් මුණ දෙපැත්තේ ගානවා. බොන්න දෙන්න දෙයක් වත් නෑ. බොහොම අමාරුවෙන් හුස්ම ගන්න ඇයව, අපිත් හුගක් අමාරුවෙන් යන්තං කඩයක් ගාවට එක්කන් ආවා.

එතැනට ආවම තමා දෙලෝ රත් උනේ. උණු වතුර වීදුරුවකට රුපියල් විස්සක් ඉල්ලනවා. මළා ජෝන් අතේ සතයක් නැතිව නෙව පල්ලං බැහැල තියෙන්නේ. ගිනි පොලියවත් අතට තඹ සතයක් දුන්නේ නැති විත්තිය ඒ වෙලාවේ මතක් උනා. මොකද කරන්නේ කඩේ අයියට කොයි තරං පින්සෙන්ඩු උනත් ඒකගේ කරුණාව සල්ලි වලට විතරක් වැඩ කරන ගානටම හැදිලයි තිබුනේ. මේ වෙලාවේ මඩයා හරිම දුකෙන් තමන්ගේ පර්ස් එකේ මුල්ලක් අතගාලා විස්සට විතර නවල තිබ්බ පන්සීයේ කොලයක් මගේ අතට දීල කිව්වා.

“දේශා. මේක නහය ළගටම එරිලා මැරෙන්න ගියොත් විතරක් ගන්න තියන් ඉන්න එක. කමක් නෑ ඕකෙන් ගනිං කියලා.“

ඒ පාර උණු වතුර වීදුරුවක් අරන් අහල පහල තිබුන ලී කොටයක් උඩින් වාඩි කරල ගිනි රස්නෙන්ම වතුර ටික බෝන්න දීලා ඉතුරු වතුර ටිකෙන් ලේන්සුව පොගවල බෙල්ල දෙපැත්තම තැව්වා. තවලා ටික වෙලාවක් යන කොට ඈට හුගක් සනිපයක් දැනුනා කියල කිව්වට පස්සේ අපේ හිතටත් ලොකු සනීපයක් දැනුනා. ඒත් තාම හරියට කතා කරන්නේ නෑ. ඔය විදියට තව ටිකක් පල්ලෙහාට ඇවිල්ලා තවත් තේ එකක් අරන් දීලා පහලට එන කොට තමා ඈට කතා කරන්න පුළුවන් උනේ .ඒ වෙනකනුත් අපි දෙන්නගෙන් කාගේ හරි අතක එල්ලිල තමා ඈ මේ ගමන ආවේ. කොහොමින් හරි අපි දෙන්නටත් ඊළග නැවතුම් පලේදි තේ එකක් බොන්න උවමනාව තිබ්බ නිසා තේ දෙකක් අරගෙන එකක් ඇයට දීල, අනිත් එක අපි දෙන්න බෙදාගෙන බිව්වා. දෙන්නටම බොන්න එක සිගරට් එකක් තිබ්බ නිසා ඒකත් බෙදාගෙන බීලා ආයි යන්න හැදුවම තමා ඇය කතාව පටන්ගත්තේ.

“මල්ලි.. ඔය දෙන්න ලොකු උදව්වක් කරේ. මට වචනයක් වත් කියාගන්න බැරි තරං අමාරුවෙන් හිටියේ. මට හිතුනේ මම මැරෙයි කියලයි. හුගක් ස්තුතියි මල්ලි. “

“අපි දැක්ක හින්ද තමා අක්කට එන්න පුළුවන් උනේ. නැත්නං අරුන් ඔයා මැරුණත් එන්නේ නෑ..“

“ඇයි අක්කේ අපිත් එක්ක ආවේ..“ මඩයා ඇහුවා

ඒ ප්‍රශ්නෙට ටික වෙලාවක් මඩයා දිහා බලං හිටපු ඈ කිසිම උත්තරයක් නොදී ලොකු සුසුමක් පිට කරලා මෙච්චරමයි කිව්වේ.

“මට තේරෙන්නේ නෑ මල්ලී.. මම අළුත්“

එතැනින් එහාට කතා කරන්න ඕන උනේ නෑ. අපි එක හුස්මට ඈව පල්ලෙහාට එක්කන් ආවා. ටික දුරක් එද්දී ඇය තනියම ගමන එන්න ගත්ත නිසා. අපි දෙන්න ඇයගේ පස්සෙන් සුදානං සරීරෙන් ආවා. එහෙම ඇවිල්ල නල්ලතන්නියට එනකොට උදේ හතර පහු වෙන්න ඇති. එතැනදී ඇයව තනිකරල අපිට එන්න විදියක් නෑ. පාන්දරම.. මොනා උනත් මෙච්චර දුරක් එක්කන් ආපු අක්කව දාලා එත හැකිය. ඒක නිසා තව ටිකක් වෙලා යනකොට ආපු බස් එකට ඇයව නැග්ගුවත් එක මිනිහෙක්වත් නොහිටිය බස් එක තව විනාඩියකින් විතර යනවයි කියල සීටීබී කොන්දොස්තර කිව්වම, අපි දෙන්න පැන්න බස් එකට.

“ඇයි මල්ලි“

“අක්කගේ පර්ස් එක.. ඒක දෙන්න අමතක උනා.“

පර්ස් එක අතට ගත්ත ඇය පර්ස් එක ඇරල, හොදට ඒ දිහා බලන් ඉදලා අපි දෙන්න දිහා බැලුවා.

“ඇයි අක්කේ.. මොකද“

“බලන්නකෝ පර්ස් එකේ රු. 120 ක් තිබ්බා. දැං ඒක නෑනේ“

අපි දෙන්නට තේරුනා වෙච්චි දේ. අනිවා මේ සල්ලි ටික ගත්තේ කොම්බුවා තමා. ඌ ඒකෙනුත් බිස්නස් එකක් කරලා. මඩයාගේ කරුණාව උතුරල මිනිහගේ ඉතුරු සල්ලි වලින් එකසිය පනහක්ම ඇගේ පර්ස් එකට දැම්මම, එතැන ඇස් සයක් තුල හුවමාරු වෙච්චි අදහස් වචන වලට නගන්න අමාරුයි. අපි දෙන්නත් ඈත් එක්කම හැටන් ගියා. ඊට පස්සේ නානුඔය බස් එකකට ඇයව නග්ගල අපි දෙන්න තවත් සිගරට් දෙකක් අරගෙන බොහොම සන්තෝසෙන් ඒක ඇදල, ස්ටේසමේ හම්පඩ විශ්‍රාම ශාලාවට වෙලා මොන හීතලතක්වත් නැතිව ගුලි වෙලා හිටියා.

උදේ නමය විතර වෙන කොට මුන් ටික ආවා. හැබැයි සැන්ඩයි, කුමාරයි, ලසායි අපේ කට්ටිය එක්ක හිටියේ නෑ. උන් වෙනම එන විත්තියක් කිව්වත් කව්රුවත් ඒවා ගැන හොයල බලල වත් නෑ. අපි කට්ටිය ඊට පස්සේ දවල් කෝච්චියේ නැගල කොටුවට ආවා. 

කොටුවෙන් බැස්සට පස්සේ කොම්බුවා ගෙන් අහගත්තා අර පර්ස් එකේ සල්ලි ටික ගත්තේ මොකාද කියන එක. ඒ සල්ලි අරන් තියෙන්නේ කොම්බුවා තමා. මාත් අතේ සතේ නැතිව ඉන්න වෙලාව නේ. දෙන්න එක්ක ඒ ගාන බෙදාගෙන මට ලැබිච්චි ගානෙන් ගෙදරට ගෙනියන්න තල පැකට් එකකුයි පුහුල් දෝසි ටිකකුයි ගත්තා.

අර ඇම්බැට්ටයන්ගේ ඇසුරට ලොකු හිඩැසක් ඇති උනා මේ සිරිපාදේ ගමනින් පස්සේ. දැනටත් එහෙමයි ලොකු සම්බන්ධයක් නෑ. ලසා නං සුනාමියෙන් අතුරුදහන් උනා. කොම්බුවා වකුගඩු රෝගයක් නිසා වෛද්‍ය නිර්දේශ මත නුවර එළියේ රජයේ නිවාඩු නිකේතනයක් බාරව ඉන්නවා. සැන්ඩා සහ කුමාර යන දෙන්නම ඉතාලියේ. දෙන්න එහෙදිත් තාම අර වගේ වැඩ නං කරනවලු.. අපි නං ඔන්න ඔහේ ඉන්නවා.

45 comments:

  1. හෆොයි තව පොඩ්ඩෙන් දේශකය අනියම් මිනී මැරුමකටත් අහුවෙන්න තිබ්බ.

    යා‍ලුවෙක් උනත් සීමාව ඉක්මවා යම් දේකට පෙළඹෙනවනං මිනිහව මගඅරින එක තමයි හොඳම මමනං හිතන‍්නෙ.

    ReplyDelete
    Replies
    1. කොහොම හරි බේරුනා නෙව.. හැක්

      Delete
  2. කියන්න දෙයක් නැත ... උඹලවත් ඒ අක්කට උදව් කල එක නම් පින් මොනවා උනත්...

    ReplyDelete
    Replies
    1. ඔව් බං අපි උදව් නොකරනං අර ප්‍රසා කිව්ව වගේ මොනවයින් මොනව වේවිද??

      Delete
  3. මේ කොටස කියවල 1සිට 3දක්වා කියෙව්ව.එහෙම කියවද්දී ලියල තියෙන විදියත් එක්ක හරි රසයක් දැනෙනව.
    කොල්ලො කාලේ ඕව කෙරුවෙ නැත්නම් එවුන් කොල්ලෝ නෙමේ.
    අර රතුළුෑණුයි,දෙහි දාල ගත්ත "සම්බෝලෙ"කාපු අයියල ගෙ මල්ලිලට ගෙවල් වලට යද්දී දාඩිය බිබිලි දාල,සොටු දියර ගැලිලිල්ල තිබුනද දන්නෙ නැහැ.
    මටත් මතක් වුනා අපි කොල්ලෝ 11ක සෙට් එකක් එක්ක මැණික් ගග අයිනෙ බිම,මල්,ඇස් සමග දවස් 3ක ගත්ත පට්ට ආතල් එකක්.

    ReplyDelete
    Replies
    1. හැ හැ.. කෙන්ජියෝ.. අපිට ඉතිං පින් කියල නාමයක් නෑ නෙව ඔය දේවල් ගැන අහගන්න.. මං කිව්වේ මැණික් ගග ළග ආතල් එක..

      තැන්කුයි ඔක්කෝම බැලුවට.. නැහැ නැහැ අයියලට කචල් එකක් නෑ.. විසබීජ කාරකේ ටිකක් අළුත් එකක් නේ..

      Delete
  4. මොනවද මං මේ පෝස්ට් ක‍ටු කියන්නේ? ඇනෙන ජාතියක්ද?

    මීට පස්සෙ මම කොටස් වදයෙන් පළවෙන කතාවක් කොටසක් දෙකක් බලලා නිගමනවලට එලඹෙන්නේ නැති බව තීරණය කලා.

    අවසානය නම් එළම කිරි!

    ReplyDelete
    Replies
    1. මේක නම් සහතික ඇත්ත... මමත් බැන බැන කියෙව්වේ...ඒත් මේකෙදි නම් හිතුනා එහෙම නිගමනය කරන එක කොයි තරම් වැරදිද කියලා

      Delete
    2. @ ඩුඩේ
      පෝස්ට්කටු, කමෙන්කටු, බ්ලොග්කටු, බයිසිකල්කටු ඔය ඔක්කෝම මං ගාව තියෙන ඒවා තමා.. හැක්..

      වැදගත්ම දේ තේරුං ගැනීම තමා මොකද මම බොලා මීයෝ කරන්න හරි ආසයි..හැක්.. හැක්.. ආසාව නේ බං

      Delete
    3. @ නදිනි
      ඒක නේ බං මොකටද අතරමගදි නෝටි නෝටි කිය කිය බනින්නේ.. හැක්

      Delete
  5. හිටිංකො මුල් ටික කියෙව්වෙ නෑනෙ.
    බොට ඒ කාලේ අපි වගේ යහපත් යාලුවො ඉදල නෑ වගේ :p

    ReplyDelete
    Replies
    1. ඔව් බං යහපත් යාළුවෝ හිටියෙම නෑ මයේ හිතේ..

      Delete
  6. දේශකයාගේ ලියවිල්ල මේ දවස්වල වෙනස්වෙලාද මන්දා. ඒත් තමන්ගේ හිතට එකඟව, මේ වගේ අළුපාට කතා ලියන එක හොඳයි. මිනිස්සු කියන්නෙ සුදු, කලු චරිත නෙමේනේ. හැම මිනිහෙක් ඇතුලෙම හොඳ මනුස්සයෙකුත් ඉන්නවා. ඒ බව ඔප්පු කෙරෙන කතාවක් තමා මේක කියලා තමයි මට හිතුනේ.:)

    ReplyDelete
    Replies
    1. ඔව් නේ.. කව්රුවත් සර්වසම්පුර්ණ නැ. ඒක පිළිගන්න ඕන. ඒ විදියට වැඩ කරන්න ඕන එච්චරයි. සයිලිය මාරු වෙයි කියල මගදිම හිතුන හින්දා තමා කලින්ම ඒක කිව්වේ.. හැක් හැක්..

      Delete
  7. දේශකයෝ අවසානයේ දි කතාව මාරම තැනකට තමා ගෙනාවේ.හිත කීරිගැහිලා ගියා.

    ReplyDelete
    Replies
    1. ඔව් තැන දැනගෙන ලියන එකක් නේ මේක.. ඉවර වෙන තැන මම දන්නවා.. හැක් හැක්.. තැන්කුයි හොදේ.. අර කිරිගැහැච්චි එක මෙව්ව කරගන්න දැං.

      Delete
  8. මේ වගේ සිරිපා ගමනක් නම් මං ජීවිතේටවත් අහලා නෑ..... :D

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා හසිත. හැක් හැක්. අපි ඉතිං යුනික් එකක් තමා දෙන්නේ. තැන්කුයි මේ පැත්තේ පස් පෑගුවට..

      Delete
  9. අපේ උන්ගේ තිරිසන් පැත්තක් ගැන ලියපු එක ළොකු දෙයක්....

    ReplyDelete
    Replies
    1. මම ඒකයි හැමදාම කියන්නේ. මේ මිනිස්සුන්ගේ රැකියව ලියාපදිංචි කරලා, අයිතිවාසිකම් ලබා දෙන්න ඕන කියලා. සේවාදායකොත් මෙහෙම නම්, කුළියට මිනීමරණ පොලිසියේ තත්වේ හිතා ගන්න පුලුවන් නේද?

      Delete
    2. බගහං සේවාදායකයෝ සේවාදායිකාවගේ පොකට් එකටත් වැඩේ දීලි නෙව. මේවා ලියන්නම ඕන බං. ෆැන්ටසි වලින් එළියට එන්න නං.

      Delete
  10. මෙහෙමයි,ලෝකේ කළු,සුදු,අළු චරිත නැ.ඉන්නේ මිනිස් චරිත විතරයි.
    හැබැයි සංවේදී,අනික් අයගේ දුක දැනෙන උන් ඉන්නේ හරිම අඩුවෙන්..උබත් ඒ අය අතරේ එකෙක් වගේ... :)

    ReplyDelete
    Replies
    1. මම ගැන නං නොදනී. එක එක ජාතියේ මිනිස්සු ලෝකේ ඉන්න ඕන. ඒක අනිවාර්ය සාධකයක්.

      Delete
  11. මුල් කියවලා එන්න වෙයි වගේ

    ReplyDelete
    Replies
    1. හා හා මුල් බලල ගහ කපනවා හෙම නෙමෙයි අරිය..

      Delete
  12. මම නම් මුලින්ම කියල තිබ්බේ අනිත් ටිකත් කියවලා තමයි කමෙන්ට් දාන්නේ කියලා.. මතකනේ...

    මේ වගේ ඒවට කමෙන්ට් දාන්න ආමරුයි දේශෝ... මොකද කියද්දි දැනෙන හැඟීම් එකිනෙකට වෙනස්.... දැන් මේ කතාවේ මුල හරියේ කොල්ලෙ සෙට් එකක් යන ගමනකදි ඔය වගේ වැඩ නොවුනොත තමයි පුදුමේ වගේ අදහසක් තිබ්බේ... මඟදි මුන් සෙට් එකෙන් නම් ගන්නම දෙයක් නෑ නේ කියලා හිතුනා... දැන් තියෙන්නේ ඒ ඔක්කොම මිශ්‍ර උන හැඟීමක්... හරියට සිංහල චිත්තරපටි වගේ... මොන තරම් චණ්ඩියා උනත් ඔක්කොම සාධාරණය සඳහා... දුකේදි පපුව උණුවෙන සිංහල සිනමාවේ දුෂ්ට වීරයා.... දේශකයා.... හි හි...

    විහිළුවටමත් නෙවෙයි කිව්වේ... මේ වගේ ඒවට කමෙන්ට් අඩුවෙන්නෙ නම් කියාගන්න දෙයක් හිතාගන්න බැරි නිසා.... ඔන්නං පලු යන්න බැන්නෑකි... ඒත් මේ දශක 4කට 5කට විතර කලින් කරපු දේවල් වලට දැන් බැනලා වැඩ් තියෙනවාද.. හි හි....

    ReplyDelete
    Replies
    1. ඇ බොල බොන්ඩිගේ කෙල්ලේ තො හිතාගන ඉන්නේ මේකට හැටත් පැනලා කියලද,

      මචං උඹ එල කොල්ලෙක්

      Delete
    2. අටමෝ ++++++++++++++++++++++++++++

      Delete
    3. අටම් මල්ලිය,හිරු දැරිවිට ආතල,සීයලා දැකපු මතකයක් නැහැ.
      එකයි මැදි වයසෙ කොල්ලන්ටත් සීය කියන්නෙ.

      Delete
    4. අන්න හරි මැදි වයසෙ ඉන්නෙ කොල්ලෝ නේන්නම්.. ඊට පහලින් ඉන්නෙ ලදරුවෝ.. ඔය කයිය ගැහුවට අටමා ලදරුවෙක්නෙ..

      Delete
    5. @ හිරු
      //ඒත් මේ දශක 4කට 5කට විතර කලින් කරපු දේවල් වලට දැන් බැනලා වැඩ් තියෙනවාද.. හි හි....//

      වෙඩි තියනව බොට මේ කරන අපහාස වලට.. හැක්..

      Delete
    6. @ අටමා
      අන්න හරි බං ඇනපං දෙකක් ඕකිට.. බලහං උඹත් නිකම්ම නාකි කොල්ලෙක් වෙනවා නේ බං ඔහොම කියන කොට.. හැක්..

      Delete
    7. @ නලියා
      උඹත් එහෙනං නියම කොල්ලෙක්.. හැක් හැක්..

      Delete
    8. @ කෙන්ජි
      නෑ ඒකි හිතන් ඉන්නේ තාම ඒකි ඉස්කෝලේ යන කෙල්ල කියල වෙන්ටැති..

      Delete
    9. @ සරා
      අටම ළදරුව තමා.. දවල්ට.. හැක්..

      Delete
  13. මුං කොල්ලො නෙමෙයි කොලු තාත්තලා නේ. වැඩිහිටියන්ට පමණයි දර්ශන, සටන් ජවනිකා, සිංදු, දුෂ්ටයෝ, වීරයෝ ඉන්න චිත්තරට පටියක් වගේ. හැබැයි චිත්තරපටියේ පොඩි ෆැන්ටසි බවක් තියෙනවා. ඔය අක්ක තනියමද සිරිපා කරැණා කරන්න ඇවිල්ල තියෙන්නේ...........????? මොන අඩු පාඩු තිබුණත් දේශගේ මනුස්සකම අගයන්න ඕන. (මඩයටත් එක්ක)

    ReplyDelete
    Replies
    1. මේ අක්ක කෙනෙක් නෙමෙයි නේ තරු. ඒකයි කේස් එක.. ෆැන්ටසියක් නං නෑ.. රියල් ලයිෆ්...

      Delete
  14. දේශා, උඹ එළ කොල්ලෙක් ඈ.. ඔන්න තොප්පිය ගැලෙවා හරිය. :-H

    මනුස්සකම් අමතක කරපු බල්ලන්ට ටික ටික පනිශ්මන්ට් හම්බෙන් බවකුත් පේන්ඩ තියනවා.

    මේක මම කියවපු හොඳම සංචාරක සටහනක්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. සංචාරක සටහන්.. නෑ බං ජඩ දේශාටාන

      Delete
  15. අරුන්ගෙ අඬු කඩන්නයි තිබ්බෙ වැදගත් අඬුවත් එක්කම..

    ReplyDelete
    Replies
    1. කරන වැඩ වල හැටියට අඩු පහම කඩා ගනීවි දවසක..

      Delete
  16. මේ සීරීස් එක කියෙව්වෙ අදයි බං. පුදුමයි මගහැරිල!

    ReplyDelete