ඔන්න අද නං පුතෝ අමුතු රසයක් ගැන තමා කතා කොරන්නේ, වැඩි කතා නෑ, කෙලින්ම බොක්කටම දෙනවා, පොඩිත්තක් ඔළුව නමා ගෙන අහගෙන හිටු. සුපිරි වැඩක් කොරන එකෙක් ගැනයි මේ කියන්නේ.. මේ ගැන මාතලං ගොයියට මං කලින් කිව්වා, මිනිහා තරං මම පෝසත් නැති හින්දා මොකක් හරි කොරන්නෙයි කියලා.. ඒත් කොහේද, මිනිහා ඔය චීත්ත කෑලි පස්සේ පන්නනවා විතරනේ..
යසනාත් ධම්මික බණ්ඩාර |
ඔහු වෛද්‍යවරයෙක්. ඒත් ඇත්තටම කලාව ඇගේ පිහිටි හොද මනුස්සයෙක්.. ඔබ අහල තියෙනවාද “ගාන තෙල් සදුන් වරලස“ ගීතය, එම ගීතයේ ගේය පද රචකයා වන්නේද යසනාත්. එමෙන්ම ඔහුගේම ගීත සමුච්චියක් “කිදුරු ගීතය“ තැටිය නිකුත් කරල තියෙන්නේ 1998 දී. එමෙන්ම සාහිත්‍ය විචාර කලාව කෙරෙහි ඉමහත් ඇල්මක් දක්වන ඔහු ඉතාමත් ප්‍රවීණ කලාකරුවන් ගොන්න අතරට නිතැතින්ම එක් වෙනවා.
යසනාත් ධම්මික බණ්ඩාර. අටුවා ටීකා අවශ්‍ය නෑ.. ඔහු යසනාත්ගේ සිතුවිලි නමින් බ්ලොගයක් පවත්වාගෙන යනවා. ගොස් බලන්න.. ඔබට වටින දෙයක් ඇත්නම් රැගෙන එන්න.. ඔහු දිරිමත් කරන්න..
ස්තුතියි. පහත තියෙන්නේ ලින්කටුව. සමහර අය නොදැක්ක හින්දා වෙනස් කරා.
බලල ඇවිත් විස්තර කියන්නම්කෝ....
ReplyDeleteස්තුතියි නදිනි, ඔහුගෙන් ගත හැකි දෙයක් වේ නම් මගේ මේ වෑයමත් සාර්ථක වේවි.
Deleteඅම්මපා..ගිහින් බලමුකෝ
ReplyDeleteබලමුකෝ එහෙනං තරුවෝ...
Deleteහැබෑම ආස ගීතයක් ඔය ගීය මම. මේ ඔත්තුවට නම් බොහොමත්ම ස්තුතියි යාලුවා. මමත් යනවා එහෙනම් ඒ සාවියේ කරක් ගහන්න.
ReplyDeleteස්තුතියි.. මට හිතෙනවා උඹට නං නියමෙට ගැලපෙනවා කියලා..
Deleteබලමු..බලමු
ReplyDeleteඔව් එදිරි බලන්න... ස්තුතියි. හුග දවසකින් නේ ආවේ...
Deleteපස්ට දේශෝ. මං මේ ගොහින් follow කරල එහෙම එනගමන්. තන්කූ වේවා
ReplyDeleteනියමයි සේශ්.. උඹට වැදගත් දෙයක් තියේනං මට ඒ ඇති...
Deleteබොහොම රසවත් බ්ලොග් එකක් . නිවාඩු පාඩුවේ කියවන්න ඕනෙ . නැත්නම් හරියට රසවිදින්න බැරි වෙනවා . ගීත ගැන විස්තර කරල තියන නිසා මට බොහෝ ප්‍රයෝජන වේවි .
ReplyDeleteඔබට බොහොම ස්තූතියි මේ වගේ දැනුම ගෙනෙන රසවත් බ්ලොග් එකක් හඳුන්වා දුන්නාට .
ස්තුතියි ගිම්හානි
Deleteඋඹ ඉඳලා හිටල හරි ප්‍රයෝජනවත් වැඩක් කරන එක ලොකු දෙයක්....
ReplyDeleteඅජෝව් අපිටත් පිං පව් තේරෙනවා යකෝ...
Deleteහ්මි බලමු//
ReplyDeleteඔව් අනේ බලන්නකෝ..
Deleteමම ගියා..ඒ බ්ලොගෙත් හොඳයි බැලුවාම.
ReplyDeleteඋඹත් ඉඳහිට හොඳ වැඩත් කරනව නේද
උඹට කියන්න ඕන ඒවා තව ඉදිරියටයි කියල හිතාගං.. හැක්..
Deleteඒකත් බලමුකො.
ReplyDeleteඅප්පේ ඔව්.. ඔය බලගේ ලියන කියන අතරේ පොඩි ඉඩක්වත් තියේද මන්ද???
Deleteදේශකයා කියනවනං ඉතිං අපායට වුණත් යන්නංකෝ...
ReplyDeleteහැබැයි අපාය කිට්ටුවෙන් නැවතියං.. තැන්කුයි අප්පා පුදුම විස්වාසයක් නේ ඒක.. මට තාම මාවත් සුවර නැති කොට.. හෙහ්... තැන්කුයි නලියෝ..
Deleteගිහිල්ල බලන්නකෝ එහෙනං නුවර පැත්තේ කෙනෙක් වගේ..
ReplyDeleteඔව් සන්ජේ...පොතුහැර පැත්තේ තමා ප්‍රොෆයිල් එකේ හැටියට... තැන්කුයි...
Deleteammo desha godak pin machan...
ReplyDeleteme mage taste eka...godak pin...
ෆිට් තමා...
Deleteකොහෙන්ද හොයාගත්තේ?
ReplyDeleteඋඹට කියන්න හෙන අමාරු උනා.. හෙහ්...
Deleteස්තූතියි ඔත්තුවට..!
ReplyDeleteයා යා යං පොලෝසී එහෙනං... වීයෝ උඹේ මේල මං ඉල්ලුවා ලැබුනේ නෑ නෙව...
Deleteයසේ.. මගේ පුද්ගලික ජිවිතේ සමීපම මිතුරෙක් අතීතයේ පටන්ම..ඒවගේම මගේම සමකාලීන ගිත රචකයෙක්. අපි අතර කිසි දවසක එකිනෙකා පරයන තරගයක් තිබුනෙ නෑ. කලා ලෝකයෙත් පුද්ගලික ජීවිතයෙන් මෙවැනි සොදුරු සහෘයන් රසවතුන් හමුවෙන්නෙ කලාතුරකින්..
ReplyDeleteඔහු අද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරියා හැටියට කාර්ය බහුලයි. ඒත් බ්ලොග් අවකාශයේ සැරසරන්න පැමිණි එකනම් කියා නිමකරන්න බැරි සතුටක්..
මම ඔහු ගැන සටහනක් ලියන්න හිත හිතා හිටියත් අප අතර ඇති මිතුදම දැඩි විම ඒක කල්යාමට එකහේතුවක්..
හිතවත් දයා අයියේ, මම යසනාත් ගේ ඔක්කොම කියෙව්වත් මට හිතුනේ නෑ මගේ දුප්පත් ප්‍රතිචාරෙකින් එතැන කැත කරල දාන්න ඒක නිසා කියවන එක විතරයි කලේ. ස්තුතිය මේ පැත්තේ ආවට..
Deleteම් වගේ වැදගත් පුද්ගලයො ගැන දැනුවත් කරනවට ස්තූතියි
ReplyDeleteඅපි එහෙමයි වැඩ කරන්නේ වැඩ කරන්නේ පුංචි බ්ලොග් එකෙන්. බොටත් තැන්කුයි යසියෝ... උඹේ මේල් එක දාපං මට..මම උඹේ බ්ලොග් එකේදීත් ඉල්ලුවා නෙව...
Deleteමේ යනවා.
ReplyDeleteහොදට පිහිදාගන්න ඊට පස්සේ... හිහිහී
Deleteනියම බොලොග්ගක් නේ.. ඒ සින්දුව නම් මමත් ආසම එකක් තමා.
ReplyDeleteතව හුගක් සින්දු තියෙනවා චන්දන. මේ බ්ලොග් එකේ මං ආසම දේ තමා ඔහුගේ ගීත තියෙන ගී එකතුවේ පින්තූරෙකුත් එක්කම ගීතය ශ්‍රවණය කිරීමේ හැකියාව ලබා දීම.
Deleteමාත් දැන් බලන්න යන්නෙ.බොහොම ස්තූතියි හොන්ද බ්ලොග් එකක් හන්දුන්නල දුන්නට.
ReplyDeleteස්තුතියි. හැබැයි ඒක වැඩි පුර යන්න ඕන යසනාත්ට. මේ වගේ ලස්සන බලගයක් කරන එකට..
Deleteමමද ගියෙමි.
ReplyDeleteඔබ ගිය බව මාද දුටිමි. තැන්කුයි ඉෂාන්...
Deleteස්තුතියි දැනුවත් කිරීමට.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
නෝ පොබ් ඇට් ඕල්
Deleteබලන්න ලින්ක් එක කෝ?
Deleteයටම දාලා තියෙන්නේ නිල් පාටට යසනාත් සිතුවිලි ඒක ක්ලික් කරන්න..
Deleteඔන්න මෙතනත් දැම්මා
http://yasanathsithuwili.blogspot.com/
ගිහින් ඇවිත් විස්තරේ කියන්නම්
ReplyDeleteහොදා හොදා...
Deleteමලයෝ ලිංකුව දාපන්කෝ හොයා ගන්න අමාරුයි ඒ තැන.
ReplyDeleteනලියෝ මම ඒක වෙනස් කරා.. ඔන්න මෙතනත් දැම්මා.
Deletehttp://yasanathsithuwili.blogspot.com/
ස්තූතියි ඔබට බොහොමත්ම මේ ඔත්තුවට
ReplyDeleteඑහි ගොහින් ආවා "නාවොත් ආයේ යන්නට බැරි" නිසා.... :-)
සිංහල බ්ලොග් අවකාශය ඒ වගේ හරබර තොරතුරු වලින් සැරසීමත් ඒවා ගැන ඔත්තු සැපයීමත් වැදගති
ජය!
ස්තුතියි තිස්ස අයියේ...
Delete