තව පැය දෙකකින් ඔබ සැම බලාපොරොත්තු වූ ඒ අති මනරම් අවස්ථාව උදා වෙනවා.. ඔව් හරියටම කිව්වොත් තව විනාඩි 30 කින් ඒ අති උත්කර්ෂවත් වූ අවස්ථාව උදා වෙනවා. (දැන් වෙලාව සම්මත ලෝකයේ රාත්‍රි 11.30 යි)
මේ අවස්ථාවේදි අපට නිතැතින්ම සිහි වෙනවා අපගේ ආදරණිය නායකයා එතුමා නොහිටින්න මේක මේ තරම් ප්රභාර්ෂයෙන් යුතුව සමරන්නට අපට ඉඩ කඩ ලැබෙන්නේ නෑ. දැනුත් එතුමා අපි ගැන හිතමින් මේ අහිංසක අපිව ජීවත් වීම නොමැති අදුරු ආගාධායෙන් ගොඩ ගෙන ප්‍රතිදීප්ත පහනකින් ආලෝකමත් වූ අනන්ත වූ ලොවක් (Apaaya) කරා සම්ප්‍රාප්ත කරවීමට සියළු වෙර දරමින් ඉන්න බව කියන්න පුළුවන්.
ඉතින් ඔබ සියළු දෙනාට සුලෝවිදිවේවා!!!!!
...
.....
.......
End of the day of end of the World
කරුණාවෙන් සවන් දෙන්න. මෙම වැඩ සටහන අවසන් වන 2012.12.21 දින මධ්‍යම රාත්‍රි 12.00 න් පසු නැවතත් සුපුරුදු වැඩ සටහන් ප්‍රචාරය වේ.
අම්මේ බඩ පපුව දාල ගියා බං...!
ReplyDeleteඋඹත් නිදි වරාගෙන බයටම නේද..?
එදා නං වීයෝ බයටම ඔන්ලයින්.. හා..හා..
Deleteයකඩෝ දේශකයත් හෙට ඉඳන් ලෝක අවසානය ගැන දේශනා දෙන්න ගනීවි වගේ
ReplyDeleteඒවා අහවර කොට නැවත සුපුරුදු දේශන වලට පැමිණ ඇත.. කෝරලේ මහත්තයෝ..
Deleteකාරුණික නිවේදනයයි!
ReplyDelete2012-12-21 දිනට යෙදී තිබූ ලෝක විනාශය දිවයින පුරා බල පැවැත්වෙන අයහපත් කාළගුණය හේතුවෙන් කල් දැමීමට සිදු වී ඇත. ලෝක විනාශය බලාපොරොත්තු වූ සැමට අපගේ බලවත් කණගාටුව.
මීට, ලෝක විනාශ සංවිධාන කමිටුව.
ආ...දැන් නිදාගනිං.
හරි ඉතිං පැට්‍රියට් මලයා කියනවනං එහෙම තමයි.. සංවිධායක කමිටුවේ උඹත් ඉන්න විත්තිය අද නේ දන්නේ...
Deleteඈ බං.. කොයි ලෝකෙද ලෝක විනාසේ දිවයිනකට කල් දැම්මේ??
Deleteඉතින් ඔබ සියළු දෙනාට සුලෝවිදිවේවා!!!!!
ReplyDeleteහි හි.. සේම් ටු යූ!! සේම් ටු යූ!!
මේ මගුල් විනාසේ වෙන්නෙත් නෑ.. ඒ බයටම නින්ද යන්නෙත් නෑ..
සුලොවිදිය අවසන් ය බණ්ඩො. දැං බය නැතිව වැඩ කොරපාං.
Deleteඇත්තද බං ලෝක විනාසේ මෝඩයන්ට පේන්නෙ නෑ කියන්නෙ?
ReplyDeleteඔව් ඔව් අපි එහෙම කිව්වට මේ යක්කුන්ට තේරෙන්නේ නැත්තේ ඒක හින්ද වෙන්ට ඇති...
Deleteනව යුගයට සුභ පැතුම්!
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න
ගයනිටත් සුභ පැතුම් කලි යුගයට...
Deleteරෑ 12 න් පස්සේ හම්බෙමු එහෙනම්..!
ReplyDeleteඒ සෑ 12 තාම ආවේ නැත චන්දන මහතානෙනි. එතෙක් ඉවසමු
Deleteලෝකවිනාසේ අද නෙවේ - ජනවාරි මාසේ අන්තිමට
ReplyDeleteඇත්තට.. එහෙනං පිළිගන්නවා මේ පැත්තට.. ජනවාරි මාසේ අන්තිම කිව්වේ උඹල කුමන්ත්රණයක්වත් කරනවද මේ දවස් වල...
Deleteමම මේ බලන් ඉන්නවා කෝ තාම නෑනේ. මේකටත් බාලගිරි දෝසේ වගේ.
ReplyDelete- අද නොවේ හෙට -
මාත් තවම බලනවා වෙද මහත්තයෝ.. බැරිම තැන කොල කෑල්ලක ලියල දොර උළුවස්සේ ගැහුවා. “ලෝක විනාසේ අදත් නෑ හෙටත් නෑ ලොවෙත් නෑ“ කියලා. හැක්
Deleteබලහං බං... මං උදේට උයන්නෙත් නෑ කියලා හිතාගෙන ෆුස් ෂපාන් එකේ නිදා ගත්තා.. 8.30ට ඇහැරිලා බලනකොටත් මේ ලෝකේ මෙහෙම්මම නේ බං.... ෂික්..... අපි පැන්නොත් ලිඳකට... ඒකෙත් ගෙම්බෙක්......
ReplyDeleteඅනේ බොල. උඹලත් අහුවෙනවා නේ ඕවට. ලෝක විනාසේ උනාම කෑම හම්බවෙනවා කියල කව්ද බොට කිව්වේ. ඇයි ගෙම්බොන්ට බයද??
Deletelolololololol
ReplyDeleteolo olo olo l
Deleteඅද නොවේ හෙට.....
ReplyDeleteහෙය නෙමේ ...
Deleteඅළුත් ඉරක් පායලා...
ReplyDeleteකොහේද අක්කේ... අපි නොදැක්කෙමු..
Deleteමේක කියොනකොට මංනං පනපිටින්..:))
ReplyDeleteඔව් ඉතිං උඹේ පන යන්න නං අර යාන්ත්‍රික කොටස් ගැලවෙන්ට එපාය...
Deleteකෝ වුනේ නැහැනේ හූ හූ
ReplyDeleteඅජෝව් හු කියන්නේ කව්ද.. දැන්නං කොරලම පෙන්නනවා බොට...
Deleteලෝක විනාසෙටත් බාල ගිරි දෝසෙ..
ReplyDeleteඅනේද කියන්නේ ලිහිණියෝ...
Deleteලෝක විනාස අවිනිශ්චිතතාවය විකිනීමේ
ReplyDeleteව්‍යාපාරයට දැන් අලුත් එකක් සොයාගන්න වෙනව
මායා කැලන්ඩරේට අනුව නව මහ භද්‍ර කල්පයකි.
කැලන්ඩරේ නැවතත් ලියන්න ආරම්ඹ කරන්න පුලුවන්.
නොස්ට්රඩැමුස්ගේ අනාවැකි පොත නැවතත් කියවන්න වෙනව අලුත් පසුබිමක් යටතේ
ඔව් දයල්.. දැං ඔය අනාවැකි කාරයෝ ආයේ වෙන විදියක් හොයා බැලුවනං හොදා අපිව අන්දන්න
Deleteමේ උලව්ව ගැන කියෝල දැන් එපා වෙලා බං.
ReplyDeleteමේ ඉලව්ව ගැන තෙපර බබා කරුණු කාරණා කිව්වත් කෝ එකෙක්වත් පිළිගන්නවයැ. ඇත්තය කියලා..
Delete// ඉතින් ඔබ සියළු දෙනාට සුලෝවිදිවේවා!!!!! //
ReplyDeleteබොලේ තව ටිකෙන් මට සුළුදිය පහ වෙනව......
ඕං මං හිතන්නේ උඹ නං බය උනා.. හිහි..
Deleteඅඩේ මං පරක්කුයි :(
ReplyDeleteමක්කටෙයි.. සුභ පතන්නද? ආයි වටයක උත්සාහ ගන්න සමියෝ..
Deleteකෝ බන් දැන් උබ ඔප්පුකොරලා පෙන්නු එක...
ReplyDeleteඇයි බං තිබුනේ... ඔප්පු කොලා.. ඒ උනාට දෙවියන්නාන්සේ ඇහුංකං දීල නෑ නෙව..
Deleteසික් ඒකවත් හරිගියේ නෑනෙ.
ReplyDeletehenryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඒක හරි ගියා නං අර මාල දිවයිනේ ඉන්න උන් ටික වෙන විදියකට හරි ඉගෙන ගනීවි. ෂික් විතරක් බොට අවුරුදු ගානක් කරලත් උන්ට උගන්නල ඉවර කරන්න බැරි උනානේ..
Deleteඅයියෝ ලෝක විනාසෙ අස්සෙ බෝතලේ අඩිය පෑදුනා බොලං....
ReplyDeleteඅනේ අම්මප උඹල වගේ එකෙක් හිටියත් ඇති ලෝක විනාසේ කල් යන්න..
Deleteලෝක විනාසෙටත් බාලගිරිදෝෂෙද කොහේ. :පී
ReplyDeleteබාලගිරි දෝසෙට ලෝක විනාසේ සරණයි!!
Deleteකෝ මේ දේශකයා..
ReplyDeleteස්තුතියි චන්දන. මතක් උනාට.. ඇත්තටම දවස් 4 ක සවාරියක් දැම්ම 19 - 22 වෙනකං. මගදි මං උඹලගේ ඒවා කියෙව්වා. ඒ උනාට ආවට පස්සේ තද උනක් ගත්ත බං.. සෑහෙන්න අමාරුයි.. ටිකක් විවේක ගන්න උනා.. ඕං දැං ඉදං ආයේ ඉන්නවා. තැන්කූ සොයා බැලුවාට..
Deleteඒ බං. අර මායන් කැලැන්ඩරේ ඔන්ලයින් බලා ඉද්දි මොනිටරේ තිබ්බ සයිට් එකනං හෙල්ලුනා හරියටම වෙලාවට සල බල ගාලා..
ReplyDelete