දුටුවෙමි අහඹු ලෙස
නුඹ එනු ඉදිරියට
පෙර මෙන්ම
සිත බමන්නට විය
වියරු විය රුහිරු හිරු
සැඩ විය පවන
විසිරුවා දූවිලි දසත
නුඹ ඒමට පෙර ගැයූ ගීයම
ගැයුවෙමි
නුඹ ඉවතට යනතෙක්ම
හීන් මදහසින්
පුදුමාකාර නිසංසල බවකින් (බොරුවට)
හද තුලින් තැති ගෙන
කෑලි කැඩෙන්නට මෙන්
නොපෙන්වූයෙමි එය
වීය මා සාමාන්‍යයයෙකු
නුඹ අභියස ඒ මොහොතේ
නැත කිසි අමුත්තක් නුඹෙත්
සිනහවේ අඩුවක් හැරෙන්නට
පෙර මෙන්ම
සිනාව හා දෑසෙහි හමුවීම
වචන දහසක් පවසයි
නොකියවූ දේ
දැනෙන්නට
නුඹටත් මටත් පමණකි
රාහුලයෙකු නිසයි
ශක්තිය දියවී ගියේ
නුඹ හා දොඩන්නට ඇති........... සමාව
ඉස්සර බැඳී පෙම සිත්වල සුවඳයි යලි පුබුදන්ට බැරි.
ReplyDeleteසහතික ඇත්ත කෝරලේ මහත්තයෝ. ඒනං ඔබතුමාත් ඕව දන්නව ඈ
Deleteහාමිනේව සහේට ගන්න කලින් ඔය පොඩි හුට පට දෙකතුනක් තිබුනා
Deleteසිත තාම තරුණයි නේ කෝරලේ මහත්තයෝ...
Deleteඅනිවා....... කෝරලේ කියන්නේ නිකන්ද බොල.. .වලව්ව ඇතුලේ වෙනදේවල් නොදන්නෙහිද? :P
Deleteඅවසර.. අවසර.. මම මේ කොලොප්පමට කිව්ව කතාවක් ඔබතුමා තරහ ගන්ට කාරි නෑ.
Deleteපට්ට... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
පට පටග.. රජාට ස්තුතියි
Deleteමරු ඈ..!
ReplyDelete//රාහුලයෙකු නිසයි
ශක්තිය දියවී ගියේ
නුඹ හා දොඩන්නට ඇති//.........!!!!!!!
ස්තූතියි චන්දන සහෝ. එහෙනං එළ ඇ..
Deleteපෙර දිනයක මා පෙම් කළ යුවතිය සිය පුතු නලවනවා.
ReplyDeleteමගේම ගීයක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා.
දේශකයාගේ කවි පෙළත් විද ඇති අත්දැකීමකි. එනිසා අර 'නිසංසළ' බව නම් හොදටම තේරුණි.
සුනිල් සරත් මහත්තයටත් එහෙනං අපිට වගේ කේස් තියෙනවා නේ. ඇත්ත බං ඒක විදින්නම ඕන හැගිම් ගැන දැනගන්න. නොසෑහෙන්නට ස්තුතියි දිගටම බලනවට.
Deleteහ්ම්ම්..කොහොම උනත් ගැලපීම අපූරුයි!
ReplyDeleteස්තුතියි හිරුහිමාවියෝ.. මොකෝ තාම මානසිකව වැටුනු ගමන්ද??
Deleteනැහැ නැහැ අලුත් එකක් ලිව්වො :)
Deleteඅපි ඒක බැලුවෝ... කමෙන්කටුවකුත් කෙටුවෝ....
Delete