මම එදා හවස නේ
පුතේ ගෙදරින් ආවේ. මට කොළඹට අඩිය තියලා එක පැයක්වත් යන්න කලින් ආපු පණිවිඩය එතරම්
පැහැදිලි නොවුනත් ලොකු කරදරයක් කියලා හිතුනා. ඒත් එක්කම මං අනිත් පැත්තට බස් එකක
නැග්ගා ආපහු ගෙදර එන්න.. මගේ හිත කවදාවත් කිව්වෙ නෑ පුතේ මේ තරං අපරාධයක් ඇහින්
දකින්න මට සිද්ධ වෙයි කියලා. මගේ පුතාලා මගේ ලෙයින් ඉපදුනාට උඹල දෙන්නා මේ ලෝකෙට
එළීය දෙන්න හිටිය රත්තරං දරුවො දෙන්නෙක්. බුදු බණේ කියල තියෙනවා හැම දේම අනිත්‍යයි
කියලා.ඒත් පුතේ ප්‍රතඥජන මිනිහෙක් වෙච්චි මට ඔය බණ කතා ඔරොත්තු දෙන්නේ නෑ. මග දිගටම
මං හිත හිත ආවේ එක්කෝ කාට හරි අසනීපයක් එහෙම නැතිනං ගෙදර මොකක් හරි ප්‍රශ්නයක්
කියලයි. ඒත් ගමට එන පාරට හැරුනට පස්සේ මහ රෑ වෙලත් මිනිස්සු පාරේ තොටේ ගැවසෙන එක, මා දිහා හරිම වේදනාකාරි ව බලන විදිය මට අමුත්තක් උනා. අඩියෙන් අඩිය ඉදිරියට යන කොට
ඒකේ තියෙන බර ගතිය මට හොදටම දැනුනා. අන්තිමට මට තේරුණා මම හිතනවට වඩා මහා විශාල
විනාශයක් කියල. ඒත් දෙයියනේ මේ තරං අපරාධයක්. මං ගෙදරට ආවේ මාරාවේශයෙන් වගේ. ගෙදරය
එන පාර දිගේ එක එක වාහන නවත්තල මං කවදාවත් දැකල නැති මිනිස්සු ඒ ඒ තැන් වල රොක්
වෙලා. ගෙයි මිදුලෙත් හැරෙන්නවත් බැරි තරං සෙනග. ඒ මදිවට පොලිස් වාහන දෙක තුනකුත්
තිබුනා. රෑට එළියට පාට වෙන කොළ පාට ඇදුම් ඇදපු පොලිස් මහත්තුරු ඉන්නේ බරබතල
කාරණයකට වග මං කොළඹදි දැකලා තේරුම් අරගෙන තිබුනේ.
පුතේ උඹලට
වෙච්චි දේ මගේ හිත සත් කඩකට පැලෙන තරම් වේදනාවක් දුන්නා. ඒ දේ මට හිතාගන්නවත් බෑ.
මං හැමදාම හැමවෙලේම ගතවෙන තත්පරයක් ගානේ ආදරය කරපු හුරතල් කරපු උඹල දෙන්න තවත් එක්
මතකයක් විතරයි කියල හිතන්නේ කොහොමද? ජීවිතේ මම ගත කරපු සුන්දරම කාලය මට නොතිබුනා
නං කොච්චර හොදද? ලැබී තිබුන දෙයක් නැති උනාම ඒකේ දුක දරාගන්න පුලුවන්ද? මම
කරපු හැම දෙයක්ම හැම කැපකිරීමක්ම ඉවසගෙන කලේ උඹල දෙන්නට තිබුන ආදරය හින්නයි. මගේ
පුතා කියල කියන කොට මගේ ඇගේ හැම මාංශ පේශියකම වැඩියෙන් ලේ ගලන බව මට දැනිලා
තියෙනවා. මේ තරං දුකක් විදින්ට මේ ලෝකේ කිසිම පියෙකුට වෙන්න එපා කියලයි මට කියන්න
කියෙන්නේ. පුතේ මං හැම වෙලාවකම වැලපෙන මනුස්‍සයෙක් කරන්න එක අමනුස්සයෙකුට පුලුවන්
උනා. මං ගොඩ නගාපු ලෝකය මගේ ඉදිරියෙම සුන්නත්දූලි වෙලා යනවා බල බල මං හූල්ලනවා.
ජීවිතේ ඔහොමයි අපි හිතන පතන දේ වෙන්නේ නෑ හිත හදාගන්න කියලා පන්සලේ හාමුදුරුවෝ
වදාරපු වචන ටික තව ටික දවසක් යනකං මට ශක්තියක් වේවි. ආයෙත් උඹලගේ හුරතල් වැඩ මට
බලන්න නැති බව දන්නවා. තවත් මට උඹලට පොත් අරන් දෙන්න වෙන්නේ නෑ. මට නිවාඩුවට ආවම
උඹලව නාවල කවලා ඇදුං හෝදලා දෙන්න වෙන්නේ නෑ. මගේ ගෙදර මටම අමු සොහොනක් වෙලා. මේ
ජීවිතේදි මං කරපු ලොකුම වැරැද්ද තමයි පුතේ උඹලගේ අම්මව කසාද බැන්ද එක. මං ගෙදර ආවම
මෙච්චර කරුණාවක් දක්වපු ගෑනි මං ගෙදරින් පිටවෙන ගමන්ම මයේ ලොකු පුතාට වැඩිය ටිකක්
වැඩිමල් අනික ලේඥාති පොඩි එකෙකුට කියලා තෘප්තිය ලබාගන්න වැඩ කරන්න මොන තරං පාපතර
ගෑනියෙක්ද? දරුවෝ ගැන මොනවද හිතල තියේන්නෙ. පුතේ මගේ විලාපය හැමදාම එක විදියට
තියේවි. මොකද මං උඹල දෙන්නට මගේ පණටත් වැඩිය ආදරේ කරපු නිසා.
මම ඇත්තටම හිතුවේ ඔබතුමා ජීවිත කතාව ලියනවා කියලයි. ඒ මොකද වෙද මහත්තයත් කොමෙන්ට් එකක් දාලා තිබුනේ පුංචි පවුලට ජයවේවා කියලා. ඒ උනාට හුගක් දුක කතාවක්. ලස්සනට කතාව කියල තිබුනා. මම කොටස් තුනම කියෙව්වා. ලස්සනයි
ReplyDeleteඇත්ත. මම හිතුවේ ඒක මට උනා කියල හිතල ලියනවා කියලා. ඒක සාර්ථකද කියල දන්නේ ඔබ පමණයි. හ්තුතියි කියෙව්වාට
ReplyDeleteකලිං එකේ මම දැම්ම කමෙන්ට් එකක් දරුවන්ගෙ අම්ම ගැන තාත්තෙක් විදියට කතා නොකරපු එකේ ලොකු අඩුවක් තියෙනව කියල. නමුත් කතාවෙ 3න් වෙනි කොටස කියෙව්වාම ඇයි උඹ ඒ අම්මට වටිනාකමක් දුන්නැත්තෙ කියල හිතාගන්න පුලුවන්. දුක හිතෙන හැගීම් බර නිර්මාණයක්
ReplyDeleteසමීට ගොඩාක් ස්තුතියි මහන්සි වෙලා තුනම බැලුවට.. ආයෙම ස්තුතියි
Delete
ReplyDeleteමාත් මේකේ පලවෙනි එකේදී දාපු කමෙන්ට් එක
මතක් වෙනවා බන්..ඒ දේමයි අන්තිමට උනේ නේද?
/////පොල්ලෙන් ගැහුවා වගේ දේශක .
අනේ මෙහෙම වඩා ගත්ත දරුවෝ නේද අර
පිච්චිලත් මැරුණේ ?
/////
ithama sarthaka nirmanayak deshaka...
wane wana hathurekta mehema wenna epa...!