Friday, September 30, 2016

මිලියන දෙකයි තව චුට්ටයි.. මරණෙ ළගයි..!! (Don't be fools of fools)

දැන්වීමයි - මෙය උපුටා ගැනීමකි..

Renault Kwid සහ ලංකාවේ අපි.
අත්තිකාරම් මුදල්ද රැගෙන Renault Kwid රථයක් මිලදී ගැනීමට AMW වෙත ගියෙමි. සුන්දර ගංගාරාමය අසල කාර්යබහුල ප්‍රදර්ශනාගාරය දේශීය මධ්‍යම පාන්තිකයන්ගෙන් පිරි ගොස් තිබු අතර බහුතරයක් නව රථය පිලිබඳ අමුතු උනන්දුවකින් කටයුතු කරන අතර සිනහවෙන් මුව සරසාගත් අලවි සහායකයන් රථය පිලිබඳ මහා විග්‍රහයක් කරනු දිටිමි. හුරුබුහුටි නිමාවකින් යුතු Renault Kwid දෙස මහත් ආශාවකින් බලා සිටින බහුතරයක් අතර මාද පුරුදු නිරික්ෂනයන්හි යෙදුනෙමි. 
මේ මා විසින් දකින අසන ලද නිරීක්ෂණයන් වන අතර මෙහි සඳහන් සියල්ල මාගේ නිරීක්ෂණයන් මත පදනම් වන බව දක්වමි. Renault Kwid විවිධ මාදිලියෙන් නිපදවන අතර මෙහිදී සඳහන් කරනුයේ AMW ආයතනය විසින් ලංකාවට හඳුවදෙන රථය පිලිබඳවය.

SUV ආකාරයේ හුරුබුහුටි නිමාවක් සහිත Renault Kwid රථය දකින සියල්ලන්ගේ සිත් වාසග කරගන්නකි. ඉදිරිපස පෙනුම රථයට ආකර්ශනයක් ඇතිකරන සුළුය. සිත්ගත් වර්ණ කිහිපයකින් යුතු රථය එම මිලට ඇති සියලු ඉන්දීය රථයන්හි පෙනුම අභිබවායන පරිදි නිමවා ඇත. බාහිර පෙනුම ඔප්නංවන තවත් අමතර උපාංගයන්ද සහිතය.
රථයෙහි ඇතුලත නිමාව එතරම් මටසිලුටු නොවුනද වැඩිඉඩක් දුටිමි. ඉදිරිපස මෙන්ම පසුපසද මගින් සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇතිබව අගයකළ යුතුය.
මෙතරම් අනගි (මුදලට සරිලන පරිදි) නිමාවකින් යුතු රථය තාක්ෂණික සහ පහසුකම් අතින් ඉතා පහල මට්ටමක ඇති බව මා මොහොතකටවත් නොසිතුවෙමි. පළමුව මෙහි ඇන තුනකින් සවිකළ wheels සිතට දුකක් ඇතිකළද එම ආකාරයේ එකම රථය මෙය නොවන බව සිතා Alloy wheels සවිකිරීම සිහිනයක් වුවද හිත හදාගත්හෙමි.
කිසිදු මටසිලුටු බවකින් තොරව රථය ඇතුලට ගොස් දොර වසාගතිමි. Power shutters ඇතිහෙයින් එය සොයාගිය මාහට අලවි සහායකයකු පැවසුවේ එය රථය මැදින් Dash Board එකට පහළින් ඇති බවය. Power Mirrors තබා අතින් සකසියහැකි ලිවරයක්වත් නැත. Mirror adjustment කිරීම Shutters පහත් කර දුක සේ කළයුතුය. සතුට ටිකින් ටිකින් අඩුවන අන්දම මා අත්වින්දෙමි. ආසනයන්හි කිසිදු සුවපහසු බවක් දක්නටවත් නැත. නමුදු Music Player යන්ත්‍රය රථය ඉදිරියේ අභිමානවත් ලෙස සිටිනු දුටිමි. පසුපස ඉඩ පහසුකම් තිබුනද ආසන වල සුවපහසුවක් නොදුටිමි.
පුරුද්දකට මෙන් එන්ජිම නිරීක්ෂණය කළෙමි. සිත දුකින් පිරීයයි. 800cc එන්ජිම ඉන්දියානු ගති ලක්ෂණවලින් පිරි ඇත. ගමේ බාස් මාමා මීට දහස් ගුණයක් මටසිලුටු ලෙස පෑස්සුම් කරනු මා දැක ඇත. දුක පිරි නෙතින් යුතුව බොනට්ටුව වැසුවෙමි.
ලැජ්ජාව පසක තබා බිම වැතිරගන රථය යට නිරීක්ෂණය කළෙමි. අහෝ ඛේදයකි. රථය පහළින්ම plastic oil sump එක දුටිමි. Renault Kwid අලවියට වැඩියෙන් oil sump අලවියෙන් Renault ආයතනයට මුදල් සෙවිය හැකිවනු ඇත. එතරම් පහසුවෙන් හානිවියහැකි ආකාරකින් එය නිපදවා ඇත. එය විවේචනය කිරීමට ගොස් අලවි නිලධාරියෙකුන් පහර නොකෑවේ පුරුවේ පිනකටය. 
කෝකටත් කියා ඉදිරිපස මෙන්ම පසුපසද suspension නිරීක්ෂණය කළෙමි. පිටුපස coil spring එක ඉතා දුර්වල ලෙස සවිකර ඇතිබව දුටිමි. එක පාරිභෝගික මහතකු පැවසුවේ දැනටමත් coil spring ගැලවී ඇති රථ පිලිබන්දව ඔහු අසා ඇති බවය.

අලවි නිලධාරී මහතකු සමග කථාකර Test Driving අවස්ථාවක් ලබාගතිමි. අහෝ ඛේදයකි කණට අපහසු ගෝෂාකාරී හඬක් නංවමින් රථය පණගැන්වුණි. කිසිදිනක අත්නොවිඳි අමුතුම ආකාරයකට reverse ගියරය දැමිය යුතු බව අලවි සහයක මහතා කියාදුනි. 800cc එන්ජිම සාමාන්‍ය නොදියුණු ධාවනයක අත්දැකීම් එක කළ අතරසමාගම පවසන තරම් ඉන්ධන කාර්යක්ෂමතාවයක් නැතිබවද අන්තර්ජාලයෙන් දැක හිත හදාගත් මා පිටවීමට සැරසුණි. මා පැවසු කරුණු අනුව රථය මිලදී ගැනීමට පැමිණි තවත් පාරිභෝගිකයන් මා සමග සුන්වූ බලාපොරොත්තු සමග ප්‍රදර්ශනාගාරයෙන් ඉවතට පැමිණුනි.
Full Option නමින් හඳුන්වන රථය driver air bag සහිතවුවද NCAP test නිරීක්ෂණය කළවිට ආරක්ෂාව අතින් ඉතා දුර්වල බව පසුව අන්තර්ජාලයෙන් දුටිමි.

මෙය ලිවිය යුතුමයි සිතුවද නොලියා සිටියෙමි. නමුදු Renault Kwid රථ 1500 පමණ සමග නැවක් පැමිණි පුවතත් සමග ලිවීමට සිතුවෙමි. අතේ ඇති මුදලට මිලදී ගත හැකි රථයක් උවද එම මුදලින් පැරණි ජපන් කාරයක් මිලදී ගැනීම වඩා බුද්ධිමත් තේරීමක් බව නැවත නැවතත් සඳහන් කළයුතුය.
මෙහි සඳහන් සියලු කරුණු මාගේ නිරීක්ෂණ සහ අලවි නිලධාරීන් ලබාදුන් තොරතුරු මත පදනම් වේ.
-- කෝසල චතුරංග -- FB Profile  Click on This
ප.ලි. - විශේෂ දෙයක් කියන්නට නැති උනත් මේක තනිකරම මාර්කටින් පිහිටෙන් ලංකාවේ මානව සම්පතට කෙලවන්නට කරන කූඨ, නින්දිත ප්‍රහාරයක් බව නොකියාම බැරිය. අම්බෝ.. කාර් එකක් ඕන උනත් මෙයින් එකක් නං ගන්නෑ හිගා කෑවත්.. හැක් හැක්.. මට එපා උන එකම දේ ඇණ තුනේ රෝදේ..
Top gear review - රයිස් ගරන්ඩ සල්ලි දීල වගෙයි..
User Reviews - කව්රුවත් ප්ලාස්ටික සම්ප් එක දැකල නෑ වගෙයි..
Crash Test - Global NCAP
ප.ප.ලි - කෝසල වාහන පිළිබද දැනුමක් ඇති ඒ ගැන උනක් ඇති අයෙකු බව දක්නට ලැබෙන්නේ ඔහුගේ යාවත්කාලීන නොවූ බ්ලොග් එක නිසයි. රික්වෙස්ට් එකක් දැම්ම අනුමැතිය ඉල්ලලා. එතකල් පෙන්ඩින් ඇප්‍රවල් පෝස්ට් එක දානවා.. අනුමැතිය නැත්නං අයින් කරගන්නවා.. මට ඇහැක ඔය තරං වෙලා බලං ඉන්න.. හැක්

Saturday, September 3, 2016

අනේ සමාවෙන්න සර්!!!

අනේ සර්.. බලන්නකෝ මට ඒක අමතක වෙලාම ගියා නේ.. අපේ මේ ගොං කෙන්ජා දාන ස්ටේටස් මං බලල සද්ද නැතිව හිටියට, හැබෑටම මේක දැක්කම මගේ පපුව පලාගෙන යන්න ගත්තා.. අපි දිහා පියෙක් වගේ බලපු කියපු ඔබතුමා ගැන කිසිම අහිතක් නැති උනත්, ඇත්තටම මට හිතාගන්න බැහැ ඇයි මේ බව මට අමතක උනේ කියලා. උදේ ටීවි එක බලද්දිත් මට මතක් උනා. ඒත් ඒක ඒ තරං ඔලුවට වැදුනේ නැහැ. ඔව් අපිටත් ඉතිං අර කුකුළගේ කරමලේ වගේ වටිනාකමක් නැහැනේ. අපිට වටින්නේ හොදට ඇග පත මහතට ඉන්න පිරිවර සේනා ඉන්න සිවිල් පොර චරිත නේ.. ඒත් ඔබතුමා හැමදාම මට සුභ පතනවා. ජනවාරි පළවෙනිදට අනිවාර්යයෙන් මට සුභ පතනවා. ඔබතුමා කොහාම දන්නවද කියල මං සමාර වෙලාවට පුදුම උනත්, කව්රුවත් නොදන්න ගෙදර උන්දැ විතරක් දන්න නම්මරෙත් ඔබතුමා දන්නෙ කොහොමද කියල මං පුදුම උනා. ඒ්ත් ඇත්තටම ඒ ඔබ අපිට ආදරය කරන සීමාව නිසා නේ.. කව්රුවත් නොදන්න නම්මරේට උනත් ජනවාරි පළවෙනිදට සුභ පතන්නේ. ඒ වගේමයි මට අද ඊයේ වගේ මතකයි මම අප්‍රෙල් මාසේ ගත්ත අලුත්ම සිම් එකටත් ඔබතුමා සිංහල අවුරුද්දට සුභ පැතුවා. එතකොට මේ සිංහල අවුරුද්දේ ඔබතුමා මගේ දුරකතන අංක සියල්ලම දැනගත්තා. ඒක කොහොම දැනගත්තද කියන එක පුදුමයක් උනත්, ඒකෙන් තේරෙන්නේ ඔබතුමා අපි ගැන කොයි තරං සැළකිලිමත්ද ඔබතුමා අපි කොයි තරං වටින අය විදියට සලකනවද කියල හිතන එක නේ. වෙලාවකට ඒකට ඇඩෙනවා. නහර පුපුරලා යයි කියලත් බය හිතෙන වෙලාවල් නැතිව නෙමෙයි. අනිත් යාළුවන්ගේ සුභ පැතුම් අතරේ ඔබගේ සුභපැතුම් දැක්කම කෑ ගහල අඩන්න හිතෙනවා සන්තෝසේට.

මොනව උනත් ඔබතුමා දන්නවා උපන්දිනේ දවසේ මං වගේ බුරුවෙකුට සුභ පතල වැඩක් නැහැ කියලා. මොකද එදාට මං තනිකරම ලේ වෙනුවට මධ්‍යසාර ශරීර ගත කරගන්නා නිසා නේ. මං ගිය අවුරුද්දේ බලාන හිටියා අඩු ගානේ මේ පාරවත් මට උපන්දිනේට ඔබතුමා සුභ පතාවි කියලා. ඒත් ඒක හීනයක්. මොනව උනත්, මං වගේ බලු නගුටෙකු දවසම බීමත්ව උපන්දිනේ දවසේ ඉන්නවා කියල ඔබතුමා සමාර විට දන්නවා වෙන්න ඇති. අන්න ඒකයි අපි ගැන හිතන අයගේ හැටි. කවදාවත් ඔබ මගෙන් පාර්ටි ඉල්ලල තියේද? නැහැනේ. ඒකට මගේ යාලුවොයි නෑයෝයි. අතේ සතේ නැති උනත් උපන්දිනේ දවසට උන්ට බොන්න දෙන්න ඕන. පුදුම වැඩක් නේ ඕයි සොරි සර්... මේ මල ජරාවේ ඉපදුනාට ඒ දුක මං වත් සමරන්නේ නැත්ද එදාට.

කමක් නැහැ මං දන්නවා ඔබතුමා මං ගැන කොයි තරං හොයා බලනවද කියලා. ඒක ලබන උත්සව කාලේදිත් එහෙමම වේවි කියල හිතනවා. ඒත් තව අවුරුදු හතරක් ගියපු තැන ඒවා නැති වෙනවා කියල හිතන කොටත් මට දුකයි.

හතර විලි ලැජ්ජයි. සර්.. සමාවෙන්න. ඔබතුමා එවපු එක සුභ පැතුම් පණිවිඩයකටවත් වටිනාකමක් මට දෙන්න බැරි උනා .නැත්නං අමතක වෙලා ගියා. ඒත් මේ පාර අර කෙන්ජා නිසා මට මොලේ පෑදුනා..

අපි ගැන පියෙකු මෙන්ඔ හිතන ඔබතුමාට සුභ උපන්දිනයක් වේවායි මෛත්‍රි සිතින් පැතුම් එක් කරමි!!

මීට කවදත් ඔබට අකීකරු,

දේශක.. හැක් හැක්.. රා


Thursday, September 1, 2016

හබරළ කවි 2

ගං වතුර

කැළණි ගඟ වුවත්
දරා ගත නොහැකි විට
නොවැලපේද
හදවත පුපුරවා හැලෙමින්

පුපුරවා වැරෙන්
හ‍ෙළු කඳුළු ගලා
අතොරක් නැති
හැම තැනම සොයා

එහෙත් මිනිසුන්
අසරණව වැලපෙන විටත්
ආණ්ඩුව කුමද කළේ
විමසයි සුපින්වත්

එහෙත් ෂෙයා කෙරෙයි
ත්‍රිවිධ හමුදා කළ අපරිමිත
කැපකිරුමන්, උත්සුකයන්
අහෝ සමිඳේ
කොහිද අප හට එළියක්



හිත අවුල්

නොයෙක් වර
නොයෙක් දෙස
දුටු විට
අති රමණිය ළඳුන්
කීරි ගැසුනු හිත
යදියි
එක් දෙයක්
නොලැබුනද
සතුටයි
දුටු විට
ඒ රමණියයන්


බීම

වතුරද
පැණි බීමද
බෙහෙත්ද 
සිරප්ද 
නැත
මේවාය
බීම


මට පිස්සු

නිතර පැමිණෙන
විටෙක නවතින
හැමදේම උතුරණ
ප්‍රේමයම අයැදින
නොවක් හදවතම
නොසැලී විටක
අයැදියි
මොහොතක සුවයම


පලි - සෝදුපත් බලංඤ්ඤං අවශ්‍ය කර තිබේ!!