Friday, September 30, 2016

මිලියන දෙකයි තව චුට්ටයි.. මරණෙ ළගයි..!! (Don't be fools of fools)

දැන්වීමයි - මෙය උපුටා ගැනීමකි..

Renault Kwid සහ ලංකාවේ අපි.
අත්තිකාරම් මුදල්ද රැගෙන Renault Kwid රථයක් මිලදී ගැනීමට AMW වෙත ගියෙමි. සුන්දර ගංගාරාමය අසල කාර්යබහුල ප්‍රදර්ශනාගාරය දේශීය මධ්‍යම පාන්තිකයන්ගෙන් පිරි ගොස් තිබු අතර බහුතරයක් නව රථය පිලිබඳ අමුතු උනන්දුවකින් කටයුතු කරන අතර සිනහවෙන් මුව සරසාගත් අලවි සහායකයන් රථය පිලිබඳ මහා විග්‍රහයක් කරනු දිටිමි. හුරුබුහුටි නිමාවකින් යුතු Renault Kwid දෙස මහත් ආශාවකින් බලා සිටින බහුතරයක් අතර මාද පුරුදු නිරික්ෂනයන්හි යෙදුනෙමි. 
මේ මා විසින් දකින අසන ලද නිරීක්ෂණයන් වන අතර මෙහි සඳහන් සියල්ල මාගේ නිරීක්ෂණයන් මත පදනම් වන බව දක්වමි. Renault Kwid විවිධ මාදිලියෙන් නිපදවන අතර මෙහිදී සඳහන් කරනුයේ AMW ආයතනය විසින් ලංකාවට හඳුවදෙන රථය පිලිබඳවය.

SUV ආකාරයේ හුරුබුහුටි නිමාවක් සහිත Renault Kwid රථය දකින සියල්ලන්ගේ සිත් වාසග කරගන්නකි. ඉදිරිපස පෙනුම රථයට ආකර්ශනයක් ඇතිකරන සුළුය. සිත්ගත් වර්ණ කිහිපයකින් යුතු රථය එම මිලට ඇති සියලු ඉන්දීය රථයන්හි පෙනුම අභිබවායන පරිදි නිමවා ඇත. බාහිර පෙනුම ඔප්නංවන තවත් අමතර උපාංගයන්ද සහිතය.
රථයෙහි ඇතුලත නිමාව එතරම් මටසිලුටු නොවුනද වැඩිඉඩක් දුටිමි. ඉදිරිපස මෙන්ම පසුපසද මගින් සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් ඇතිබව අගයකළ යුතුය.
මෙතරම් අනගි (මුදලට සරිලන පරිදි) නිමාවකින් යුතු රථය තාක්ෂණික සහ පහසුකම් අතින් ඉතා පහල මට්ටමක ඇති බව මා මොහොතකටවත් නොසිතුවෙමි. පළමුව මෙහි ඇන තුනකින් සවිකළ wheels සිතට දුකක් ඇතිකළද එම ආකාරයේ එකම රථය මෙය නොවන බව සිතා Alloy wheels සවිකිරීම සිහිනයක් වුවද හිත හදාගත්හෙමි.
කිසිදු මටසිලුටු බවකින් තොරව රථය ඇතුලට ගොස් දොර වසාගතිමි. Power shutters ඇතිහෙයින් එය සොයාගිය මාහට අලවි සහායකයකු පැවසුවේ එය රථය මැදින් Dash Board එකට පහළින් ඇති බවය. Power Mirrors තබා අතින් සකසියහැකි ලිවරයක්වත් නැත. Mirror adjustment කිරීම Shutters පහත් කර දුක සේ කළයුතුය. සතුට ටිකින් ටිකින් අඩුවන අන්දම මා අත්වින්දෙමි. ආසනයන්හි කිසිදු සුවපහසු බවක් දක්නටවත් නැත. නමුදු Music Player යන්ත්‍රය රථය ඉදිරියේ අභිමානවත් ලෙස සිටිනු දුටිමි. පසුපස ඉඩ පහසුකම් තිබුනද ආසන වල සුවපහසුවක් නොදුටිමි.
පුරුද්දකට මෙන් එන්ජිම නිරීක්ෂණය කළෙමි. සිත දුකින් පිරීයයි. 800cc එන්ජිම ඉන්දියානු ගති ලක්ෂණවලින් පිරි ඇත. ගමේ බාස් මාමා මීට දහස් ගුණයක් මටසිලුටු ලෙස පෑස්සුම් කරනු මා දැක ඇත. දුක පිරි නෙතින් යුතුව බොනට්ටුව වැසුවෙමි.
ලැජ්ජාව පසක තබා බිම වැතිරගන රථය යට නිරීක්ෂණය කළෙමි. අහෝ ඛේදයකි. රථය පහළින්ම plastic oil sump එක දුටිමි. Renault Kwid අලවියට වැඩියෙන් oil sump අලවියෙන් Renault ආයතනයට මුදල් සෙවිය හැකිවනු ඇත. එතරම් පහසුවෙන් හානිවියහැකි ආකාරකින් එය නිපදවා ඇත. එය විවේචනය කිරීමට ගොස් අලවි නිලධාරියෙකුන් පහර නොකෑවේ පුරුවේ පිනකටය. 
කෝකටත් කියා ඉදිරිපස මෙන්ම පසුපසද suspension නිරීක්ෂණය කළෙමි. පිටුපස coil spring එක ඉතා දුර්වල ලෙස සවිකර ඇතිබව දුටිමි. එක පාරිභෝගික මහතකු පැවසුවේ දැනටමත් coil spring ගැලවී ඇති රථ පිලිබන්දව ඔහු අසා ඇති බවය.

අලවි නිලධාරී මහතකු සමග කථාකර Test Driving අවස්ථාවක් ලබාගතිමි. අහෝ ඛේදයකි කණට අපහසු ගෝෂාකාරී හඬක් නංවමින් රථය පණගැන්වුණි. කිසිදිනක අත්නොවිඳි අමුතුම ආකාරයකට reverse ගියරය දැමිය යුතු බව අලවි සහයක මහතා කියාදුනි. 800cc එන්ජිම සාමාන්‍ය නොදියුණු ධාවනයක අත්දැකීම් එක කළ අතරසමාගම පවසන තරම් ඉන්ධන කාර්යක්ෂමතාවයක් නැතිබවද අන්තර්ජාලයෙන් දැක හිත හදාගත් මා පිටවීමට සැරසුණි. මා පැවසු කරුණු අනුව රථය මිලදී ගැනීමට පැමිණි තවත් පාරිභෝගිකයන් මා සමග සුන්වූ බලාපොරොත්තු සමග ප්‍රදර්ශනාගාරයෙන් ඉවතට පැමිණුනි.
Full Option නමින් හඳුන්වන රථය driver air bag සහිතවුවද NCAP test නිරීක්ෂණය කළවිට ආරක්ෂාව අතින් ඉතා දුර්වල බව පසුව අන්තර්ජාලයෙන් දුටිමි.

මෙය ලිවිය යුතුමයි සිතුවද නොලියා සිටියෙමි. නමුදු Renault Kwid රථ 1500 පමණ සමග නැවක් පැමිණි පුවතත් සමග ලිවීමට සිතුවෙමි. අතේ ඇති මුදලට මිලදී ගත හැකි රථයක් උවද එම මුදලින් පැරණි ජපන් කාරයක් මිලදී ගැනීම වඩා බුද්ධිමත් තේරීමක් බව නැවත නැවතත් සඳහන් කළයුතුය.
මෙහි සඳහන් සියලු කරුණු මාගේ නිරීක්ෂණ සහ අලවි නිලධාරීන් ලබාදුන් තොරතුරු මත පදනම් වේ.
-- කෝසල චතුරංග -- FB Profile  Click on This
ප.ලි. - විශේෂ දෙයක් කියන්නට නැති උනත් මේක තනිකරම මාර්කටින් පිහිටෙන් ලංකාවේ මානව සම්පතට කෙලවන්නට කරන කූඨ, නින්දිත ප්‍රහාරයක් බව නොකියාම බැරිය. අම්බෝ.. කාර් එකක් ඕන උනත් මෙයින් එකක් නං ගන්නෑ හිගා කෑවත්.. හැක් හැක්.. මට එපා උන එකම දේ ඇණ තුනේ රෝදේ..
Top gear review - රයිස් ගරන්ඩ සල්ලි දීල වගෙයි..
User Reviews - කව්රුවත් ප්ලාස්ටික සම්ප් එක දැකල නෑ වගෙයි..
Crash Test - Global NCAP
ප.ප.ලි - කෝසල වාහන පිළිබද දැනුමක් ඇති ඒ ගැන උනක් ඇති අයෙකු බව දක්නට ලැබෙන්නේ ඔහුගේ යාවත්කාලීන නොවූ බ්ලොග් එක නිසයි. රික්වෙස්ට් එකක් දැම්ම අනුමැතිය ඉල්ලලා. එතකල් පෙන්ඩින් ඇප්‍රවල් පෝස්ට් එක දානවා.. අනුමැතිය නැත්නං අයින් කරගන්නවා.. මට ඇහැක ඔය තරං වෙලා බලං ඉන්න.. හැක්

88 comments:

  1. ජීවිතයේ දුක්ඛදායක බව මොනවට පසක් කර ගැනීමට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩු වාහනයක් පදවන්න.

    ReplyDelete
    Replies
    1. ප්‍රා.. වාහනයක් අතට ගත්තම මං ඉස්සෙල්ලම බලන්නේ හුළං නෙමෙයි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස්.. ඔය නෙට් එකේ සර්ච් කරන එව්වයෙත් ජීසී එක අඩු නං මං ඇහැක් වත් අරින්නේ නැහැ.. ඒක නිසාම මං කැමති කැබ්, වැන් වලට තමා.. ඔබතුමාගේ වාහනේ බෆර් එක තියෙනවා නේද?? නදීකගේ නේද ඒක නැති උනේ.. හැක්

      Delete
    2. හැක්.. අපි වාහන එලෝන විදියට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩු එකක ගියොත් බඩුම තමයි. උඹ වෑං ගැන කිවුවට අලුතිං එන වෑනුත් ඒ වගේ තමයි.

      Delete
    3. අලුත් වෑන් වලින් නම් ඒක ප්‍රමාණවත් පරිදි තියෙනවා මයික්‍රෝ එකේ.. අනිත් ඒවා නං සාමාන්‍යයි.. අපිට කොහේද කාපට් පාරවල්.. උඩවලවේ ඉඩං අක්කර දහය බලන්න, රත්නපුරේ පතල බලන්න, මිද්දෙනියේ කුඹුරු බලන්න යන්න හොද පාරවල් නෑනේ.. ඒක නිසා මං ගොඩකවෙල පදිංචියට ආවා.. හදිස්සියට ඇඹිලිපිටිය හරියේ අලියෙක් උනත් දැකගන්න ඇහැකි නෙව..

      Delete
    4. රත්නපුරේ උඹේ පතලෙ කොහෙද තියෙන්නෙ බං. හැක්..

      Delete
    5. උඹට ඒක වැඩක් නෑ නේ මං හාරගන්නං. හැක්

      Delete
    6. පතලෙ අඩිය පේන්නෙ නැතුව ඇති කලුවරට මගෙ හිතේ...

      Delete
    7. උඹ ගම්පහදි මගෙන් කන්න හදන්නේ සිරා.. හැක්

      Delete
  2. මගේ යාලුවෙක් Kwid එකක ගිහින් හැප්පිලා මළා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බං උඹ මේක සිරාවටම ඇත්තට කියල වගේයි මට හිතෙන්නේ.. ආ යු සීරියස්??? හැක්

      Delete
    2. ලංකාවේ වෙන්නත් පුලුවන්.. මොකද වාහන දුවනවා..

      Delete
    3. Kwid එකේ විතරද ගිහින් හැප්පිලා මැරිලා තියෙන්නෙ...මොන විහිලුද මේවා ඇත්තටම...

      Delete
    4. හෙ හෙ.. දැං බලහං මරුටි අවුලක් තියේයැ.. ඔය හොදට දුවන්නේ... මෙව්වා රිව්ව්ස් විදියට අරන් බැලන්ස් කරගන්න එකයි වටින්නේ..

      Delete
  3. මාත් කීප පොළකම මේ ඉලව්ව ගැන දොස් කියල තියෙනව දැක්ක. මටනං කොයි ඉංදියං වාහනේ වගේම අලු‍තෙන් එන ජපං වෑන් ලඩිත් දිරවන්නෙ නෑ. දැක්කනේ අර කේ.ඩී.එච් එකක් අඩි දෙකක්වත් නැති වතුරෙ ගහගෙන යනව.

    ReplyDelete
    Replies
    1. ඒවා ඒ මෝඩ කං බං.. වතුර ඇද්දම කොහොමත් එහෙම වෙනවා.. මාත් බැලුවා මෙවගේ ගානකට ඇයි මෙහෙම එකක් දෙන්නේ කියලා.. එස්ටීරියර් වලින් මිනිස්සුන්ගේ ඔලුව හෝදනවා.. ඒත් පාවිච්චිය ගැන මට දරුණුම ප්‍රශ්නය ආවේ නට් තුන නිසා..

      Delete
  4. ලංකාවට ජපන් වාහන ආපු කාලෙත්, හයිබ්‍රිඩ් වාහන කාලෙත්, නැනෝ ආපු කාලෙත් කිව්වේ මේ බයිලම තමයි....

    ReplyDelete
    Replies
    1. කතාව සහතික ඇත්ත.. මාතේ.. හයිබ්‍රිඩ් එන කොට ගන්න එපා කියල ලොකු කැම්පේන් එකක් ගියා.. මරුටි වලටත් ඒ සෙතේමයි.. ඒත් දැං ඔය යස අගේට දුවන්නේ.. ඕනම දේක කිහිප පැත්තක් බලල තීරණයක් ගැනීමට උදව් කිරීමයි අරමුණ.. අර යූසර් රිවිව්ස් බලල මට හිතුනා වහෙනේ කියන තරං කළු නැහැ කියලත්.. ඒත් තවම කල් වැඩියි.. ජය

      Delete
    2. ජහ පාලන පුලන්නෙක් හිත හදාගන්න හදනවා

      Delete
  5. ඔය රෙනෝ කොම්පැනිය ඔය ලබ්බවල් ඔය විදියට හදනව ඇත්තෙ ඒසියන් මාකට් එකටම හරියන්න වෙන්නෝ. නැත්තං උංගෙ ප්‍රයිම් මූවර්ස් එහෙම ඉහලම තත්වයෙන් නෙ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේක රෙනෝ සිල්වාගේ එකක් නෙමෙයි බං.. ප්‍රංශ රෙනෝ.. ඉන්දියාවේ රෙන එකක්..

      Delete
  6. ‍හරි ඒ කතාව පැත්තක තියමුකො. උඹට මේ වාහනේ ගන්න සුදුසුකං නෑ කියල කවුරුහරි කියපු නිසා නේද මේ පෝස්ට් එක දැම්මෙ.

    අනික වීල්නට් තුනක් මදිනං පට්ටලේකට දීල තව එකක් ලියෝගනිංකො.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. මට තාම සුදුසුකං නැහැ එස්යුවි වලට.. ඒකට අපේ තිත්තගල්ලේ හාන්දුරුවෝ.. පුතග්ජනයෝ අතාරිනවා නේ ඩෝං ගාලා ඒවා. හැක්..

      පට්ටලේකට ගිහිල්ල තුන ලියවල මැල්ලුං කරනවා උඹගේ.. මං කිව්වේ උඹගේ අර මදාවි වෑන් එකේ.. ඒක තියේද බං තාම.. මම ලබන සතියේ ඇඹිලිපිටි එනවා එතකොට දවස් දෙකකට ඒක ප්‍රී රෙන්ට් එකට දියං.. හැක්

      Delete
  7. අනික උඹ ඕව අරං ගිහිල්ල හැපිල මළොත් එහෙම මා මළ පසු අඬන්න එකෙක් නැති වෙනවනෙ අර මියෑව් කාරයො කියපු විදියට. හැක්.. ඒ හින්ද ගන්නනං එපා කීයටවත්.

    ReplyDelete
    Replies
    1. ඊට කලින් කුවේණිට කිස් එකක් දීල ඉන්න ඕන. මැරුනත් සැපයි ඊට පස්සේ.. හැක්

      Delete
  8. මේක ගැන සෑහෙන්න කතාකලා බුකියෙ. දැං කතා කරන්න කම්මැලියි බං. දන්න එකෙකුට නං ගන්න දෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් කතාව දැක්කා. ඒත් කෝසලේ විස්තරේ මට අල්ලල ගියා. ඒක නිසා ඕන කෙනෙක් දැනුවත් වෙයං කියල මේක දැම්මේ. ජය

      Delete
  9. වැඩි වෙනසක් නෑ...

    කසාද බඳිනවා වගේ වැඩක් නේ...

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතින් ඉන්දියාවේ කෙනෙක් එහෙම බඳින්න එපා.:P

      Delete
    2. අෑ සාරසා.. අපිට කවදාවත් කසාද බැදල එස්යුවී ගන්න බැහැ.. හැක් හැක්..

      Delete
  10. ජපන් එකක් බලන්න දේශකයා. ඒක නෙමේ මේ බ්ලොග් එකේ අයිතිකාරයා කවුද? :D

    ReplyDelete
    Replies
    1. වෙන කවුද ඉතිං.

      Delete
    2. මේකේ මුල්ම අයිතිකාරයා දේශකයා නමින් සිටි පුද්ගලයෙක්. ඊට පසුව පත්තර මල්ලි නම් කෙනෙක් මෙය බලෙන් අත්පත් කරගත්තා.. ඒ වගේම අපේ අයියටත් අයිතියක් (ෂෙයාර්ස්) තියෙනවා මේ බ්ලොග් එකේ.. අර දකුණු පැත්තේ උඩම ඉන්නේ.. හැක්.. ජපන් වෑන් කට්ට්ක් වත් සලකා බලන්න දේවිය...

      Delete
  11. රෙනෝල්ට් වුනත් ඉන්දියන්නෙ, අහන්න දෙයක් යෑ ඉතින්...

    ReplyDelete
    Replies
    1. ආයිත් අහලා.. ඒත් බං සමස්ථයක් විදියට සුවපහසුව පැත්තක තිබ්බොත් තාමත් මරුටිය හොදා..

      Delete
  12. දේශකයා මෙහෙම පෝස්ට් එකක් දායි කියලා මට හිතාගන්න බැරුව ගියා. ඇඬෙනව බං.

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම් ගැනීමට නොහැකිව විපිළිසරව ඉන්නෙමි.. හැබැට වට් යූ මීන්.. ඩූඩ්

      Delete
    2. ඒකනේ අපි ඉංදියන් ලඩි ගන්නැතුව ජපං ටවුන් ඒස් පාවිච්චි කරන්නෙ.

      Delete
    3. සන්ග්ලාස් දාලා මරුමුස් පෙනුම ගන්නත් පුලුවන් කකුලෙන රෝදේ තල්ලු කරගෙනම.. හැක්

      Delete
    4. මම එහෙම දරුණු දෙයක් අදහස් කලේ නෑ. දේශා car review එකක දායි කියලා මම බලාපොරොත්තු වුනේ නෑ.

      Delete
    5. නැතිව ඉතිං වයර් අමුණපු ඒ4 ජීපීඑස් වලින් දුවන වෑන් ගැන දාන්නයැ. හැක්

      Delete
  13. මිලියන දෙකක් වියදං වුනාට කමක් නෑ. උඹට මේකක් අරං දෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කූර ලෝකයක්.. නොකිලිටි ප්‍රේමයකට අකුල් හෙලන සාහසිකයන්.. හැක්..

      Delete
    2. මාත් දෙන්නං ලස්ස පහක්..

      Delete
    3. උඹල දෙන්නම අන්පෙන්ඩ් කරා කියල මට කුවේණි කිව්වා. ලස්ස පහ ගහගනිං ... හැක් හැක්..

      Delete
  14. හපොයි. හොඳ වෙලාවට මේක දැක්කේ. අපේ ලොකු දෝණි මග බල බලා ඉන්නේ මෙව්වා එකක් ගන්න.

    ReplyDelete
    Replies
    1. විචා.. මම කියන්නෑ හොදම නෑ කියලා.. මාතා කිව්ව වගේ හැම වාහනයක්ම එනකොට මේ වගේ අවුල් ආවා.. නමුත් භාවතාවේදි ඔය කියන තරම් ප්‍රශ්න ඇති උනේ නැහැ.. අත් දැකීමෙන් දන්න නිසා.. නමුත් වීල් නට් තුන, ප්ලාස්ටික් ඔයිල් සම්ප් එක, රිවස් ගියර් අවුල ගැන සිතා බැලිය යුතුයි කියා හිතෙනවා..

      Delete
    2. විචා මෙහෙමයි. ඔය ඉන්දියන් ඒවා තව පස්සෙ දියුනු වෙයි. නමුත් අද ඔය කියන ගානට මේවා වටිනවද? ජපන් කාර් එකක් අවුරුදු විස්සක් ගියත් දිරන්නෙ නහැ. නමුත් මේවා අවුරුදු පහ යන්න ඉස්සර බීඩින් ඉදිමෙනවා ප්ලාස්ටික් කෑලි ඇද වෙනවා ඔය මුදලට අවුරුදු 20 ක ජපන් කාර් එකක් අරගෙන අඩුපාඩු හදා ගත්තොත් යාපනේ වුනත් යතහැකි එක දිගට සැප පහසුවෙන්. දැන් මම දුවන එකක් අවු 30 ක් පරණයි අනෙක 20 යි ලඟදි මන්නාරමෙත් ගියා. බ්‍රෑන්ඩ් නිව් පිස්සුව නැතිව හිතා බලන්න.

      Delete
    3. මටත් හිතෙනවා ටික කාලයක් ඒ ප්‍රඩක්ට් එක වැඩිදියුණු කරන්න අවස්ථාව දුන්නම හරි යයි කියලා.. ජය

      Delete
  15. ප්‍රතිපත්තියක් හැටියට ඉන්දියන් වාහන ගන්නේම නැත. චීන වාහන ගන්නේ ද නැත. අතේ යහමින් මුදල් නැති නිසා අළුත් ජපන් වාහනයක් ගන්නේ ද නැත. තිස් එක් වස් වියැති කොරොල්ලා වැගනය අවුරුදු 15ක් තිස්සේ මා ළඟය. අප දෙන්නාගේ බැඳීඅ.ම හරිම සහෝදරාත්මකය. බොහෝ විට මාගේ ඒ සහෝදරයා මා විසින් කිසි දිනක නොවිකිණෙනු ඇත.

    ඇඹිලිපිටි යන්නේ නම් ෆේක්, දේශකයාගේ මූණත්තහඩුව දැක බලා ගන්ට ආසය. අපි ඉන්නේ අතර මැද ය.

    ReplyDelete
    Replies
    1. Welcome Rama... එවැනි සමහර බැදීම් වල ජීවිතයේ විශාල පංගු ඇත.. ඒවා මිහිරි මතකයන්ම වේ...

      ඇඹිලිපිිටිි යන අතරමග ගොඩකවෙල නවතින්නට ද සිතුවෙමි.. හැක්.. ජය වේවා

      Delete
    2. වරකො. වරකො.. සම්පත් එක ළඟ බාර් එක ගාවට.

      Delete
    3. එපා එපා බාර් එක ඕන නෑ.. බෝතලයක් දෙකක් ගම්මු..

      Delete
    4. Enna nam epa. .. hathara handI kadanawa...

      Delete
    5. ඇඹිලිපිටියේ තාප්ප තියේනවා ඕන තරං..

      Delete
  16. මචං, මොනව උනත් කොට මොඩල් ළඟ පිකප් වෙනව නේද?

    ReplyDelete
    Replies
    1. 800cc එන්ජිමකින් අමාරු වෙයි නේද බං..

      Delete
  17. ඉන්දියන් බඩුවල හොඳ නරක ගැන මුරලිගෙන් අහපල්ලා. වෙන කවුරුවත් කියන ඒවා අහන්න එපා.

    ReplyDelete
    Replies
    1. මිනිහ නං කියාවි සුපිරිපිරි කියල බං. හැක්

      Delete
  18. රෙනෝ මම අකැමති වාහන වර්ගයක්.

    ReplyDelete
    Replies
    1. මං කැමතියි.. හැක්

      Delete
    2. උඹ අකමැති උනා කියලා අපිට පාන්ද පොන්නයො...ගිහින් මාතලන්ගෙ පුකට දිව දාහං...

      Delete
    3. අජිත් මේ එන්න එපා ඇනෝ කමෙන්ට් දාන්න හොදද?? හැක් ඔහැක් ඔහැක්..

      තුක් ඉතරක් මේකගේ කතාව..

      Delete
    4. ගොන් හරකෙක් තප්පු ලනව. දාගනිල්ල දිවවල් ඕන තැනකට මට කකියන්න එන්නේ නැතිව.

      Delete
    5. පිස්සු කෙලින්න එපා අජියෝ.. ඒ දාන අයගේ එකම බලාපොරොත්තුව ඒක නං අපි ඒක ඉස්ට කරල දෙන්න එපායැ.. සතුටු වෙන්නවත්.. හැක් හැක්..

      Delete
  19. ගෙදර දෙවනි හෝ තුන්වෙනි අතිරේක වාහනය වගේ ගන්න මේක වරදක් නෑ. ඒත් පළවෙනියටම ලීස් එකක් දාල අමාරුවෙන් ගන්න හිතා ඉන්නවනම්, අනේ එපා අහුවෙන්න.

    ඕනම වාහනයක් හොඳයි, හරියට පාවිච්චි කරනවනම්. ඒත් හැම වාහන මොඩ්ල් එකක්ම මාකට් එකට දාල, යූසර් කමෙන්ට්ස් අනුව නිෂ්පාදකයො අඩුපාඩු හදල වැඩි දියුණු කරනව. එතකොට ගාන වැඩි වෙනව තමා, නමුත් රිලයබල් සහ කොලිටි.

    තව දෙයක්, රෙනෝ කියන්නෙ මැද පෙරදිගදි නම් ජනප්‍රියත්වයෙන් පහලම තියෙන වාහන මාදිලියක්. ලෙඩ හෝ ගාල.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ උනත් එහෙමයි උපේ.. පොපිලරිටියක් ඇත්තෙම නෑ. මේ වගේ මධ්‍යම පාන්තිකයක්ගේ අතේ මුදලට තට්ටු කරන හොද එක්ටීරියර් පාරක් දැම්මම නිකම්ම මෝඩ වෙනවා ඒකයි අවුල. හැබැයි මම ඇත්තටම වාහනේ ටෙස්ට් ස්ටාට් එකක් දුන්නා.. වාහන ගොඩක් මැද්දෙ දි නං ඒ එන්ජින් සද්දේ උනත් එච්චර අවුලක් නැහැ.. අනිත් අඩුපාඩු නං තියෙනවා. කොහේද මං කිව්වට අහන එකක්යැ මාත් එක්ක ගිය එකා සල්ලි බැන්දා..

      Delete
  20. Replies
    1. කඩනවා හතර හන්දි.. හැක්

      Delete
  21. අපේ Dr.Alban එකක් ගන්න යන්නේ. එයා කියන විදියට මේ වැඩේ මුදල් ගෙවලා කරවන වැඩක් බව ඔප්පු වෙලා. මම හිතනවා මිනිහා මේකට කමෙන්ට් කරයි කියලා. මාත් මේ පොස්ට් එක දැකලා, ඒ ගැන කිව්වා මගේ යාළුවන් කිහිප දෙනෙකුට මේක මිලදී නොගන්න අවවාද කළා.

    ReplyDelete
    Replies
    1. උපේ කිව්ව වගේ සෙකන්ඩ් තර්ඩ් ජෙනි එනකොට මීට වඩා වෙනසක් වේවි.. අර එයා බැලුන් එකත් නිකං ළමයින්ට සෙල්ලං කරන්න තියෙන බෝලයක් වගේ ..

      Delete
  22. වාහනය ගැන කියලා තියන ගුනදොස් කියෙව්වා හැමතැනම.ඔය ගානට ඉතින් ෆෙරාරියක්,ලැම්බොගිනියක් දෙනකම්ද කට්ටිය බලාගෙන ඉන්නේ? ඕක ඉතින් රෙනෝ සමාගම ඉන්දියන්,ආසියාවේ රටවල් සහ සමහරවිට අප්‍රිකාවේ මාකට් එකට අඩු වියදම් වාහනයක් දාන්න කරපු වැඩක් ක්යලයි මට පේන්නේ.සමහර රටවලට ඕක විකුනන්න බෑ තියන කන්ඩිශන් උඩ.උදාහරනයක් ගත්තොත් ඕස්ට්‍රේලියාවේ විකුනන කාර් වල ස්ටැබිලිටි කන්ට්‍රෝල් අනිවාර්යයි. ඒ වගේ. ඔය විල් නට් තුනේ කතාව නම් ඒ තරම් දෙයක් නෙමෙයි. වීල් නට් තුනක් තියන පලවෙනි කාර් එක ඕක නෙමෙයි.පරන පර්ජෝ, සිට්‍රන් වගේ කාර් වල වීල් නට් තුනයි තිබුනේ. පර්ජෝ 203 බලන්න.ප්ලාස්ටික් සම්ප් එකත් ඒ තරම් අවුලක් නැති බවයි මට හිහෙන්නේ.ඕක ටිකක් ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩි වාහනයක් නිසා ඕක අර හොඳටම සවුත්තු පාරක ගියොත් මිසක් වෙන විදියකට යට බිම වදින්නේ නෑනේ.ප්ලාස්ටික් වුනාට ඕක නිකම්ම ප්ලාස්ටික් වෙන්න බෑ මොකද සමහර ප්ලාස්ටික් වර්ග යකඩ වගේම හයියයි.එන්ජිම ඉතින් ඔයිට වඩා ලොකු එකක් තිබ්බොත් පෙට්‍රලුත් වැඩියෙන් යනවනේ.අස්සයා තුට්‍ටු දෙකටයි,නේරංජනා ග‍ඟෙන් එක පිම්මට පනින්නයි දෙකම බෑ.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි කුමාර.. මම නං සාපේක්ෂව බැලුවේ ජපන් වාහනත් එක්ක නෙමී.. ඔය මොඩල් එකට තියෙන අනිත් වාහනත් එක්කයි.. ඇත්තෙන්ම තත්වය හොද නැහැ.. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක නං ඇත්තටම හොදයි.. සම්ප් සෙලසොන් වගේ ප්‍රඩක්ට් එකකින් හදලද දන්නෙත් නැහැ. අපි කාලයට ඉඩ දෙන එක වඩා හොදයි. මාත් කියන්නෑ මේක ගන්නම එපා කියලා.. නමුත් භාවිතයේදි ගැටලු පැන නගින්න පුලුවන් වැඩි ඉඩ කඩක් තියෙනවා.. ස්තුතියි කුමාර..

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. මමත් වාහනයක මුලින්ම බලන දෙයක් තමා ග්‍රවුන්ඩ් ක්‍රියලන්ස් එක - නැත්තං ලංකාවේ පැදවීම අමාරු වෙන්න පුලුවන් :)

    ReplyDelete
    Replies
    1. අපිට හැමවෙලේම කාපට් පාරවල් ලැබෙන්නෑ ලක්ෂාන්..

      Delete
  25. ඒඊ සීයක් පදින ගමං මගදි බ්‍රේක් ඩවුන් සෙල්ෆී දාන්න උනාමනං මොකක් හරි අලුත් වාහනේකට යන්න හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. සෙල්පි දැම්මට මොකද ටක්කෙටම ලෙඩේ කියන්න අම්බලන්ගොඩ පුතෙක් ඉන්න කොට.. හැක්

      Delete
  26. මට නම් ඔව්ව තේරුණේම නැහැ. යන්තම් ඩ්‍රයිව් කරන්න පුලුවන්. ඒත් දැන් අවුරුදු හය හතකින් නැහැ. :-(

    ReplyDelete
    Replies
    1. මොකා.... ආ උඹ වාහනේක යන එක නේ කරන්නේ නේද?? හැක්..

      Delete
  27. ලක්ස 20කට අලුත් වාහනයක් ගන්න තියෙන එකත් ලොකු දෙයක්.. මේකේ වොරන්ටි, ගැරන්ටි එහෙම කොහොමද? අලුතින් ම බ්‍රෑන්ඩ් නිව් එකක් ගත්තම අඩුම අවුරුදු 3ක් වත් දෙනවා ඇති නේ.. මුලින්ම ආතල් එකට කාර් එකක් ගන්න හිතාගෙන ඉන්න අයට නම් මේක හොඳ එකක් වෙයි.. කාලයක් වාහන පාවිච්චි කරපු අය නම් ජිවිතේට ගන්න එකක් නෑ... මරුටි වලින් පටන් ගත්ත පොරවල් තමයි බන් දැන් මේ සුපිරි කාර් ගැන ටෝක්ස් දෙන්නේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත පැතුම්.. ඔන්න අද නං පත්තරේක තිබ්බා ක්විඩ් 50000 ක් රිකෝල් කලා කියල ඉන්ධන වැංකියේ ක්ලිප් එකක අවුලකට.. ඒත් ඒවා සාමාන්‍ය දේවල්. එහෙනං ඔය සම්සන්ග් ලා අර නෝට එක ආයි ගන්නේ..

      Delete
  28. මද්දා නම් ඉංදියාව එක්ක පට්ට තරහය. හැබැයි කාර් එකක් ගන්න තරම් සල්ලිත් නැත.
    ඒක හින්ද ඕව ගැන මෙලෝ දෙයක් දන්නේ නැත.

    ගන්න හිතන් රැවටිලා ඉන්න එකෙක්ට කියවා තේරැම් ගන්න ලියපු එක ලොකු දෙයක්ය.

    ReplyDelete
    Replies
    1. මද්දා.. මේව්වා නිකං රිව්ව්ස් වගේ. ගන්න එකා මේවත් අවධානයට අරන් කරන දෙයක් කරන එක තමා හොද ම දේ. තැන්ක්ස්

      Delete
  29. දේශක මාමෙ...ලිපිය පලවෙලා බොහොම දවසකින් සිරා කොලුවා මේ පැත්තෙ ආවෙ ඔන්න. මම නම් අලුතින් මාකට එකට වාහනයක් ආවම වැටෙන මෙවැනි නෙගටිව් කමෙන්ට් දිහා බලන්නෙ බොහොම මධ්‍යස්ථව. මොකද සමහර වෙලාවට තරගකාරී වාහන අළෙවිකරුවනුත් විවිධ දූෂමාන ආරංචි පතුරවලා පාරිභෝගිකයො නොමග යවනවා. මේ වාහනය හොද නෑ කියලා පොර සහ කොර ටෝක් දෙන ගොඩාක් උන් Kwid එකක රියදුරු අසුනටවත් නැගලා නැතුව ඇති.

    ලංකාවට බජාජ් තුන් රෝද රථ හදුන්වා දුන්න 1978 - 79 කාලෙ පළමු වසරටම විකිණිලා තියෙන්නෙ රථ 3 යිලු. රෝද තුනක් තියෙන අනාරක්ෂිත වාහනයක් ලෙස තමයි ඒ කාලෙ ජනතාව ඒ දිහා බැලුවෙ. ඒත් වර්තමානයේ තත්වය කොහොමද...අන්න ඒ වගේ මේ වාහනයත් ටික කාලයක් පාවිච්චි කලාට පස්සෙ ඒ පාරිභෝගිකයො පොසිටිව් කමෙන්ට් දුන්නොත් මේ වගේ නෙගටිව් කමෙන්ට් වල කෑල්ලක් වත් හොයන්න නැතුව යනවා ෂුවර්...

    ReplyDelete
    Replies
    1. උඹ කිව්ව එක හරි.. මාත් පැදල බැලුවා ඔය කියන තරම් ඩ්‍රයිවින් කරද්දි අවුලක් නැහැ බං.. ජියර් පොල්ල ගැන පොඩි කකුසසක් නං තියේ.. ස්තුතියි සිරා

      Delete