Saturday, December 9, 2017

ඇලිසන් ස්ටෝකි (Allison Rebecca Stokke)

කව්ද ප්‍රසිද්දියට අකමැති. ඔව් බහුතරයක් කුමන හෝ අයුරකින් ප්‍රසිද්ධියක් ලබා ගන්නට කැමතියි.එය විඳින්න කැමතියි. අපි කරන පොඩි දෙයකින් හරි දෙතුන් දෙනෙකුගේ ආකර්ශනය, ඇල්මක් බැල්මක් ලබා ගැනීම අති විශාල බහුතරයකගේ නොසිදෙන ආශාවක්. මේ ලෝකයේ මිනිසා උත්පත්තිය ලැබූ දා සිටම මේ තත්වය සාමාන්‍ය දෙයක්. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා, පාරාවෝ රජවරු, ලෝක නායකයන් එහෙමත් නැත්නං සාමාන්‍ය මිනිස්සු පවා කුමන හෝ අයුරකින් ප්‍රසිද්ධියට පත් වෙන්න කැමතියි.

දැං කාලේ නං ඔය හිටී ගමන් එක එක විදියේ ප්‍රසිද්ධ වීම් වෙනවා නේ. ලංකාවේ ඉන්න එක එක ජාතියේ තරු එක දිගටම “ලීක්“ කරගන්න ගත්තම අපිට තමා මඟුල්. ඇයි ඉතිං සතියකට සැරයක් වත් මොකක් හරි “ලීක්“ වෙච්චි එකක් බලන්න ලැබෙන එක කොයි තරං දෙයක්ද?

සනත් ජයසූරිය ලොක්කා ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් වල විශේෂයෙන්ම ඉන්දියාව ඇතුලු ක්‍රිකට් ගහන රටවල් වල මිනිස්සු අතර කොයි තරං ජනප්‍රියද? ලංකාවේ උනත් ජයසූරිය කිව්වම නොදන්න හාල්පාරුවෝ ඉන්නේ කීයෙන් කී දෙනාද? නැද්ද මං අහන්නේ. අන්න ඒ හාල්පාරුවොත් ජයසූරිය කව්ද කියල මේ ඉවර වෙන්න යන අවුරුද්දෙදි දැනගත්තා කියල කිව්වොත් ඔහේල එකඟ නොවී ඉන්න එපා. ජයසූරිය “ලීක්“ කරගත්තම මිනිහව නොදන්න කට්ටියක් ජයසූරියව දැනගත්තා. ජයසූරියට පස්සේ හොද එකෙන්ම ලීක් කරගත්ත කෙනෙක් තමා හෂිනි ගෝනගල. ඒක නං නාන සයිස් එකටම. මං උනත් ඇත්තටම දැනං උන්නේ නෑ හෂිනි ගෝනගල කියන්නෙ කව්ද කියලා. හැබැයි මේ සිද්ධිය නිසා දැනගත්තා එයා නිළියෙක්ය කියන එක. මං වගේ කොයි තරං ප්‍රමාණයක් හෂිනි ගෝනගල කව්ද කියල හොයල බලල දැනකියාගත්තද කියලවත් ඔය බුකි ඔස්තාර් නෝනල මහත්තුරුන්ට ගානක් මිම්මක් ඇතිය කියල මං හිතන්නේ නෑ. හැබැයි කවදාවත් නොදැන හිටිය හෂි කව්ද කියන එක දාස් ගානක් නැත්නං ලක්ෂ ගානක් දැනගන්න ඇතිය කියල මම නං සහසුද්දෙන්ම දන්නවා.

දැං එතකොට හෂීනි ගෝනගල ලංකාවේ ප්‍රසිද්ධ උනේ එයා ප්‍රසිද්ධ වෙන්න ඕන විදියටද? නිළියෙක් විදියට ලංකාවේ ජනප්‍රිය වෙන්න ඕන කෙනෙක් අදාළ නොවන හේතුවක් නිසා එක රැයෙන් ප්‍රසිද්ධ වෙනවා. මේ හේතුව නිසා අන්තර්ජාලයේ රැල්ලක් වෙමින් පැතිරෙමින් හෂිනි, පිරිමින්ගේ ආදරයට ගෞරවයට හුහ්. නෑ නෑ පිරිමින්ගේ චෛතසික ලිංගික ආසාවන් පිනවන සංකේතයක් බවට පත් උනා. මේ වගේ යමක් අන්තර්ජාලයේ බලවත් ලෙස පැතිරෙනවට අපි සිංහලෙන් කියන්නේ viral sensation කියලයි. හෂිනි වගේ පිරිමින්ගේ ආදරය දිනාගන්නවට සිංහලෙන් කියන්නේ sex symbol එකක් වෙනවා කියලයි.

මට අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. හෂිනිට ප්‍රසිද්ධිය ලැබුනේ එයාට ඒක ලැබෙන්න ඕන විදියට නැත්නං අදාළ විදියටද? මම නං කියන්නේ නෑ කියලයි. හැබැයි ඔය වැල බ්ලොග් සයිට් වලනං තිබ්බා ඒ වීඩියෝ ලීක් කරේ එයාමය කියලා. ඒවා අපි දන්නෑ. කෝම උනත් හෂිනිට ජනප්‍රියත්වය ලැබුනේ එහෙම නැත්නං ලංකාවේ පිරිමින්ගේ ලිංගික සංකේතයක් බවට එයාව පත් උනේ එයාට අදාළ නොවන විදියකට නං නෙමෙයි. මොකද හෂිනි උවමනාවෙන්ම නිරුවත් වීම එහිදි සිද්ධ වෙලා තියෙනවා. මෙතනදි වැරැද්ද උනේ වීඩියෝ ලීක් වීම නිසයි.

හැබැයි එහෙම තුන් හිතකවත් අදහසක්, කිසිම සාධකයක් නැතිවත් හිතාගන්න බැරි විදියට ලෝකය පුරාම පිරිමින්ගේ කාමුකත්වයේ දේවාලයේ සෙක්ස් සිම්බල් එකක් වෙන්න සිද්ධ වෙච්චි පුංචි කෙල්ලෙක් ගැන මං අද කියන්න යන්නේ. මේ කතාව එවැනි අනවශ්‍ය කාරණා නිසා ප්‍රසිද්ධිය ලැබ එය දරාගැනීමට ශක්තියක් නොමැති අයට හොඳ උදාහරණයක් සහ මඟ පෙන්වීමක් වේවි.

ඇලිසන් ස්ටොකි.. (Allison Stokke) ගැනයි මං අද කියන්න යන්නේ.

අවුරුදු දාහතක ඉස්කෝලේ යන කෙල්ලෙක් කාලෙදිම ක්‍රීඩා පිටියෙදි I repeat ක්‍රීඩා පිටියෙදි මුහුණ දෙන්න වෙච්චි මංඤ්ඤං සිදු වීමක් නිසා ලෝකය පුරාම අනවශ්‍ය කාරණයක් වෙනුවෙන් පිරිමින්ගෙ දේවාලේ බිත්ති වල ලගින්න ඇයට සිද්ධ උනා. අපි කතාව පටන් ගමු.

කව්ද මේ ඇලිසන් කියන්නේ. එයා මොනවද කරන්නේ?

ඇලිසන් ගේ සම්පුර්ණ නම ඇලිසන් රෙබෙකා ස්ටොකි. ඇලිසන් උපන්නේ 1989 මාර්තු 22 දින ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේදීයි. ඇයගේ පියා ඇලන් ස්ටොකි.. නීතිඥයෙක්. අම්මා සින්ඩි ස්ටොකි. ඇලිසන්ගේ අයියා ජිම්නාස්ටික් ක්‍රීඩාවට සම්බන්ධ වෙච්චි නිසා ඇලිසන් ඉස්කෝලේ කාලෙදිම අයියත් එක්ක ක්‍රීඩා කටයුතු වල නිරත වෙන්න ගත්තා. හැබැයි මේ ජිම්නාස්ටික් සෙල්ලම එයාට හරියන්නේ නැති නිසා ඇලිසන් වෙනත් ක්‍රීඩාවක් තෝරගත්තා. ඇලිසන් තෝරගත්තේ රිටි පැනීමේ ක්‍රීඩාව. ඇයට රිටි පැනීමේ ක්‍රීඩාව ස්වභාවයෙන්ම පිහිටි තිබූ අාකාරයට ඇය ඒ ක්‍රීඩාවට නැඹුරු උනා විතරක් නෙමෙයි ඊට ආසක්ත වෙන්න ගත්තා.

රිටි පැනීම ගැන කෙටියෙන්

දන්නවා නේද රිටි පැනීම. ලංකාවෙත් තියෙනවා. හැබැයි කියන්න කනගාටුයි ලෝකයේ කොතනකවත් රිටි පැනීමේ ක්‍රීඩාව අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් නෙමෙයි. ලංකාවෙත් මේ දවස් වල රිටි පැනීමේ ශූරියක් ඉන්නවා ජනිතා ජෙගතීශ්වරන් කියලා. ඇය යාපනයේ පදිංචිකාරියක්. සැප්තැම්බර් මාසේ තිබුන යොවුන් මලළ ක්‍රීඩා උළෙලෙදි ඇය විසින්ම කලින් පිහිටුවා තිබු ජාතික වාර්තාව මීටර් 3.47 ක් ලෙස අලුත් කරන්නට ඇය සමත් වී තිබුනා. ලංකාවේ රිිටි පැනීමේ ඉසව් ගැන කියද්දී අමතක කරන්න බැරිම පුද්ගලයා තමා ආතර් ක්ලීටස් ඩෙෆ්. කෙටියෙන් නං ඒසී ඩෙෆ්. තවත් පහසු කරනවනං ලංකාවේ වත්මත් අග්‍රවිනිශ්චයකාර ප්‍රියසත් ඩෙෆ් මහතාගේ පියා. ඔහු හැට හැත්තැව කාලේ ලංකාවේ හිටිය රිටි පැනීමේ ශුරයා. ඒසී ඩෙෆ් ගේ නමට තිබූ රිටි පැනීමේ වාර්තාව අලුත් කිරීමේ අලුත්ම ආරංචිය අපට අරන් ආවේ පසුගිය කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙළදියි. එහිදි එම් එච් අයි සඳරුවන් ක්‍රීඩකයා මීටර් 5.11 ක උසක් පනිමින් ලංකාවේ රිටි පැනීමේ වාර්තාව අලුත් කරා.


ඇලිසන් රිටි පනියි.

රිටි පැනීමේ ඉසව්ව පිළිබඳ ආසාවක් සහ උවමනාවක් තිබු පුංචි ඇලිසන් අවුරුදු 15 දී ඇමරිකාවේම රිටි පැනීමේ කනිෂ්ඨ ශුරිය වෙනවා. අඩි දොළහමාරක උසක් පනිමින් ඇය ජාතික වාර්තාවක් පිහිටුවන්න සමත් වෙනවා. ඔය විදියට ආරම්භ උන ඇලිසන්ගේ රිටි පැනීම ඇයගේ වයසේ අයෙකුට එහා ගිය දක්ෂතාවයක් විදියටයි පිළිගන්නේ. ඇයි විසින් පිහිටුවා තිබු වාර්තාව අඩි දොළහයි අගල් 8 ක් ලෙස අලුත් කරන්නට 2004 දී ඇයට හැකි වෙනවා. ඇය ඉතා ශක්තිමත් සහ ක්‍රිඩාව කෙරෙහි ඒකාත්මික වෙමින් තව තවත් ශක්තිමත් වෙමින් ඉදිරියට යමින් සිටියා. 2005 අවුරුද්දෙදි වයස දාහතක් වූ ක්‍රීඩිකාවකට කල නොහැකි යැයි සිතූ අය පුදුමයට පත් කරමින් අඩි 13 අගල් පහයි තුන්කාලක් උස පනිමින් ඇය විසින්ම තබා තිබු වාර්තාව අලුත් කරන්නට මේ විස්මිත හැකියාවෙන් හෙමි දියණියට හැකි වෙනවා. මේ වගේ දක්ෂතාවයක් දැක්වූ කෙනෙක් අනිවාර්යයෙන්ම ඔලිම්පික් පදක්කමක මට්ටමට ලගා වෙතැයි බොහෝ ක්‍රීඩා විචාරකයන් පවා අපේක්ෂා කරන දෙයක්. 2005 වර්ෂය වෙද්දි ඇලිසන් ඇත්තෙන්ම ශක්තිමත් සහ ක්‍රීඩාව කෙරෙහිම සිත යොමු කල අයෙක්. ඒ කාලය තුල ඇලිසන් පිහිටුවා තිබු ජාතික වාර්තා ගණන පහක්. මේ වාර්තා හේතුවෙන් ඇයගේ ක්‍රීඩා දක්ෂතාවය මුළු රටේම ඇයගේ සම වයසේ ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් අභිබවා යන දක්ෂතාවයක් බවත් කියන්න පුලුවන්.

අන්තිමට කියල තියෙන වාර්තාව මීටර් වලින් ගත්තොත් මීටර් 4.11 ඉක්මවා යනවා. ජනීතා විසින් ලංකාවේ ජාතික රිටි පැනීමේ වාර්තාව මීටර් 3.47 ක් විදියට මේ වසරේ යොවුන් ක්‍රීඩා උළෙලෙදි අලුත් කිරීමත් එක්ක සලකා බැලුවම ඇලිසන්ගේ දක්ෂතාවය කුමක්ද යන්න ඔබට දකින්න පුලුවන්.

පාසැල් කාලය නිමා කරන්නට අවුරුද්දක් තියෙද්දිම ඇලිසන් මුලු ඇමරිකාවේම කතා වෙන ක්‍රීඩා තරුවක්. ඇය ගැන ජාතික තලයේ පුවත්පත් වල පවා වාර්තා පල උනා. නැවත නැවතත් වාර්තා තබමින් ඇලිසන් විසින් රිටි පැනීමේ ක්‍රීඩාවේදි දක්වන දක්ෂතා එන්න එන්නම ඔපමට්ටම් වෙන්න ගත්තා. ඇය විසින් පිහිටුවා තිබූ වාර්තාව නැවතත් එම වසරේදිම අඩි දහතුනයි අගල් හයයි තුන්කාලක් ලෙස අලුත් කරන්නට ඇයට හැකි වෙනවා. මේ ආකාරයේ රිටි පැනීමේ ජාතික (කනිෂ්ට) වාර්තා බිදහෙලීමත් පාසැල් ක්‍රීඩිකාවක විසින් සිදු කලාය යන්න බහුතරයක් ඇමරිකානුවන්ට පවා පුදුමයක්. බොහෝ තැන් වල කතා උනේ ඇලිසන් ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යාවි කියලයි.

එක් ඡායාරූපයක් - ලෝක ප්‍රසිද්ධියක්

2007 දී වයස 17් වූ අැලිසන් පාසැල් තරඟයක් අතරතුර රිටි පැනීම සඳහා තම වාරය එනතුරු බලා සිටින අයුරු දුටු එක් ඡායාරූප ශිල්පියෙකු ඇයගේ ඡායාරූපයක් ගෙන එම ඡායාරූපය අන්තර්ජාලයට එක් කර තිබුනා. මෙම ඡායාරූපය දුටු එක් වලත්ත බ්ලොග් රචකයෙකු එම පින්තූරය සඳහා අශ්ශීල උදෘතයක් යොදා ඔහුගේ බ්ලොගයේ පළ කළ විට එය දුටු ඔහුගේ පිටකසන මුග්ධ ලිිංගික අහේනියෙන් පෙලෙනා කියවන්නන්ද (අපේ නං පිටකසන්නන්) එම ඡායාරූපය සඳහා විවිධ අර්ථකතන දෙමින් නැවත නැවත ෂෙයා කර තිබුනා. මෙම ඡායාරූපය ලැව්ගින්නක් මෙන් ඇමරිකාව තුල අන්තර්ජාලයේ හුවමාරු වී පසුව මුලු ලෝකය පුරාම ඉතා වේගයෙන් පැතිර යන්න උනා. මේ කිසිත් නොදන්න ඇලිසන් තමන්ගේ රිටි පැනීමේ ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියා.

මේ ඡායාරූපය පලකර තිබුනේ ක්‍රීඩාව සම්බන්ධ විනෝදජනක දේ, අසභ්‍ය දේවල්, ගොසිප් පල කරනු ලබන බ්ලොග් අඩවියකයි. අඩවියේ මෝඩ රචකයා වයස 17 ක් වූ දැරියකගේ පින්තූරයක් දැක ආහ්ලාදයට පත්ව, තම රතිය ඇවිස්සී එවැනිම මානසික අසහනකාරයන් සඳහා මේ පින්තුරය පල කර තිබු අයුරු දුටු විට ඡායාරූපය ගත් ඡායාරූප ශිල්පියා එම පින්තුරය ඉවත් කරන්නැයි මුග්ධයාට කොපමණ බලපෑම් කලද ඒවා සාර්ථක නොවීය.

එම ඡායාරූපය පල කර තිබුනේ ඉතා අශ්ශීල ග්‍රාම්‍ය යෙදුමක් වන Hubba hubba ලෙස සටහන් කරමිනි. යමෙකු කෙරෙහි තම සිතෙහි බලපවත්වන අසීමිත ලිංගික ආසාව පිළිබඳව ප්‍රකාශ කිරීම මෙයින් අදහස් කෙරේ. වයස දහහතක් වූ පාසැල් දැරියක එසේත් නැතිනම් ක්‍රීඩාවක යෙදී සිටින පාසැල් ක්‍රීඩිකාවකගේ ක්‍රීඩා ඇදුම් අතරින් තම පහත් ලිංගික ආසාවන් දැකිය හැක්කේ නරුමයෙකුට එසේත් නැතිනම් පහත් ලිංගික ආසාවන් ඇත්තෙකුට පමණක් බව මගේ හැගීමයි. ඒ අනුව එම ඡායාරූපය දැක “සුපිරි ලස්සනයි“ කිවු අයට එහා ගොස් “පට්ට බඩුව“, “ගහන්න නියමයි“ ආදි වශයෙන් සිතූ සියළු දෙනා සහ ඉදිරියට එසේ සිතනා අයද මුග්ධයන්, පහත් ලිංගික ආසාවන්ගෙන් යුක්ත වූවන් බව කීමටද මැලි නොවෙමි.

මෙන්න පින්තූරය


ඉතිං මෙම ඡායාරුපයෙන් සුරුපි බවට එහා ඇති තම සිතේ පවතින ලිංගික ආසාවන් දකින්නෝ මුග්ධයෝම වන්නාහුය.

පින්තූරයට පසු ඇලිසන්

මෙම ඡායාරූපය පලවූ වහාම එහි කිසිදු විශේෂත්වයක් නොදුටුවද ඉහත සඳහන් කල බ්ලොගයේ අශ්ශිල උදෘතයත් සමඟ එවැනිම වූ ඇස් වලින් ඡායාරූපය දෙස බැලීමට පෙළඹීම මත එය තටු ලබා පියාඹන්නට ගෙයක් ගෙයක් ගානේ තටු සලන්නට විය. පාලනය කල නොහැකි වේගයෙන් අන්තර්ජාලය පුරා ගමන් කල මෙම ඡායාරූපය හා ඇලිසන්ගේ තවත් ඡායාරූප නිසා තත්වය එන්න එන්නම බරපතල උනා. මුළු රටේම පිරිමින්ගේ ඒකායන ආසාවක් බවට පත් වූ ඇලිසන්ට වැඩි දවසක් යන්න කලින් ලෝකයේ මිලියන ගානක පිරිමින්ගේ ආසාවක් බවට පත් වෙන්නටත් සිදු උනා. හිතන්න අවුරුදු 17 ක නව යොවුන් තරුණියකට මෙවැනි කුප්‍රකට ප්‍රසිද්ධියක් නිසා මොකක් වෙන්න පුලුවන්ද කියලා. ඇය අතරමං වෙන්න, ජිවිතය එපා වෙන්න උනත් පුළුවන්.

මේ කිසිම දෙයකින් නොසැලුනු ඇලිසන්ට තවත් කල් ගත වෙද්දි එහි පීඩනය දරා ගැනීමට අපහසු වූ නිසා මෙම කටයුතු බලා කියාගැනීමට කළමණාකරුවෙකු පවා පත්කරගන්නට සිදු වෙනවා. ෆේස්බුක් එකේ මිතුරන් ගණනය කිරීමේ ක්‍රම වේදය පවා අභියෝගයට ලක් වෙන අයුරින් ඇයි මිතුරු ඇරියුම්, පින්තූර ඉල්ලීම්, අශ්ශීල කමෙන්ට් වගේම සුභවාදී කමෙන්ටුද ගංගාවක් සේ ගලා එන්නට උනා. ඇයගේ පියා ඇලන් මෙම තත්වය පාලනය කරන්නට හෝ නීතිමය පියවර ගැනීමට උත්සාහ ගත්තත් ඒ සියල්ල ව්‍යර්ත උණා.

මේ විදියට ඇයගේ රූපය ලෝකය පුරා සැරි සරද්දී ලෝකය පුරාම ඇය ගැන පත්තර වාර්තා පල උනා. ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඇමරිකාව, නයිජීරියාව, එංගලන්නය ආදි රටවල ප්‍රධාන ධාරාවේ පුවත්පත් පවා ඇලිසන් ගැන වාර්තා පල කර තිබුනා. 

ඇලිසන්ට හිමි වූ කුපක්‍රට ප්‍රසිද්ධියක් සමඟ ඇය ඉමහත් ගැටළුවකට පත් උනේ කවදාවත් ඉවර නොවන සංසිද්ධියටයි. ෆොටෝ ෂුට් සඳහා දවසකට ඉල්ලීමි සියයකටත් එහා ලැබෙන කොට යන යන තැනදි මිනිස්සු ඇය දිහා ඇස් දල්වා බලා සිටින විට, ක්‍රීඩා කරන විටදී මීමැසි පොදි මෙන් ඡායාරූප ශිල්පීන් ඇය වටා එකතු වන විට තත්වය තවත් බරපතල උනා. මෙම තත්වය වක්‍රාකාරව ඇයගේ ක්‍රීඩා දක්ෂතා මොට කිරීමට පවා සමත් වීමෙන් කොයි තරං ජරාජීර්ණ බරපතල තත්වයකට පොඩි කෙල්ලෙක් විදියට ඇයට මුහුණ පාන්නට සිදු උනාද යන්න සිතා ගත හැකියි.

කෙසේ වෙතත් තව තවත් ක්‍රීඩාවේ යෙදෙමින් ඇයගේ රූපයට ඇති ඇල්ම අඩු කරන්නට ගත් උත්සාහයන් සාර්ථක උනේ නැහැ. ක්‍රීඩාවේ ඇය දක්වන දක්ෂතාවයන් අභිබවා ඇයගේ රූපය ගැන කතා කිරීම කොයි තරං ජුගුප්සාජනක, අනවශ්‍ය දෙයක්ද යන්න ඇලිසන් පසුව පුවත්පතකට ප්‍රකාශ කර තිබුනා.

මේ කිසිම දෙයකින් තව ක්‍රීඩා කටයුතු නතර නොකල ඇලිසන් තව දුරටත් රිටි පැනීමේ ක්‍රීඩාවේ නිරත වූ අතර, ඒ වන විට ලෝකයේ සිටි ජනප්‍රියම රිටි පැනීමේ ක්‍රීඩිකාව විදියට ඇලිසන්ව පත් කරන්නට තරම් මාධ්‍ය, සමාජ ජාල වලට හැකි වෙලා තිබුනා.

ඇලිසන්ට වූ බලපෑම්

ඇලිසන් යන යන තැනදි ඇය වටා රසිකයන් පොදි ගැහීම, පින්තුර ගැනීමේ තරඟය නිසා ඇලිසන්දැ ඩි මානසික පීඩනයට පත් උනා. ඇයට තමන් කියන කරන දේ පවා වෙනස් කර ගැනීමට සිදු අතර, තවත් කාලය ගත වෙද්දී ඇයගේ ජීවිතය එකම අපායක් බවට පත් උනා.  මේ වන විට ඇලිසන්ගේ රූපය ගැන අන්තර්ජාලයේ සෙවුම් ප්‍රමාණය මිලියනය ඉක්මවා ගොස් තිබුණි. 

විශ්විද්‍යාල ජීවිතය
කුමන් තත්වයක් යටතේ හෝ තමන් ආදරය කරන රිටි පැනීමේ ක්‍රීඩාවෙන් ඉවත් වීමට ඇය කටයුතු කරේ නැහැ. ඒ අනුව සමාජයෙන්, සමාජ ජාල වලින් ඈත් වී තම කටයුතු කරගෙන යන්නට ඇලිසන් පියවර ගත්තා. ඇලිසන් විසින් පිහිටුවා තිබූ ජාතික වාර්තා හේතුවෙන් ඇයට කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලැබුනා. එහිදී අධ්‍යාපනය වගේම ක්‍රීඩා කටයුතුත් සමානව කරමින් තව තවත් දක්ෂතා දක්වන්නට ඇයට හැකියාව ලැබුන අතර, තව තවත් වාර්තා පිහිටුවන්නටත් ඇලිසන්ට හැකි වෙනවා. එ් කොහොම උනත් ඇයට පාඩුවේ ඉන්න ලැබෙන්නෑ. විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටුවේ තිබු ඇලිසන්ගේ පින්තුරය ඉන් ඉවත් කරන්නට පාලන අධිකාරයට සිදු වන්නෙත් ඇලිසන්ට තිබු අසීමිත ඉල්ලීම් නිසයි. ඇලිසන් විශ්‍වවිද්‍යාලයෙන් පිට වන්නේ සමාජ විද්‍යාව සම්බන්ධ උපාධිධරයෙකු ලෙසයි.


2012 ඔලිම්පික් ක්‍රීඩා
උපාධිය ලබා ගැනීමෙන් පසුව ඇලිසන් රිටි පැනීම ගැන ඇයගේ අවධානය දිගටම තියා ගන්නේ ඔලිමිපික් පරිසාදන මට්ටමට ලඟා වීමටයි. නැවතත් වාර්තා අලුත් කරමින් අඩි 14 අගල් තුනහමාරක් රිටි පනින්න ඇයට හැකි වෙනවා. මෙම වාර්තාවත් සමඟ ඔලිම්පික් ක්‍රීඩා තරඟ සඳහා සුදුසු කම් ලැබීමේ හැකියාව දකින ඇය මීට පෙර නොකල අයුරින් ඇයගේ පුහුණුවීම් වල නිරත වන්නේ අනෙක් සියළු දේවල් අමතක කරමින්. අමතක කරන්න එපා මේ කටයුතු මෙහෙම සිද්ධ වෙද්දිත් අර ඡායාරූප ඇගේ පිටු පසින් පැමිණෙනවා. කොතරම් බාධක මැදින් අධිෂ්ඨානයෙන් පුහුණුවීම් කලත් අවසානයේදී ඔලිම්පික් පරිසාදන මට්ටම ඉක්මවා යන්නට ඇලිසන් නොහැකි වන්නේ අවාසනාවන්ත විදියට. අඩි 14 ක පරිසාධක මට්ටමට ලඟා වන්නට ඇයට නොහැකි වීමෙන් ඔලිම්පික් සිහිනය බොඳ වෙනවා. 

පින්තූරයෙන් වැඩක් ගැනීම
2007 දී රැල්ලක් විදියට ආරම්භ වූ ඇලිසන්ගේ කුප්‍රකට ජනප්‍රියතාවය නිසා ඇයට නිලියෙක් වන්නට, මොඩලින් කරන්නට වගේ නොසෑහෙන විදියට ඇයගේ රූපය භාවිතා කර මුදල් සෙවීමේ අවස්ථා රාශියක් ඇයට ලැබුනත් ඒ කිසිදු ඉල්ලීමක් ඇය පිළිගන්නේ නැහැ. ඒ සියල්ලෙන් ඉවත් වී තම කටයුතු කෙරෙහිම අවධානය යොමු කල ඇය 2015 වර්ෂයේදී අර ජනප්‍රියතාවයෙන් කුඩා ප්‍රමාණයක් තමා වෙනුවෙන් භාවිතා කිරීමට පියවර ගන්නවා. වෙනත් අයෙකු නම් අනිවාර්යයෙන්ම මේ වන විට තමන්ගේ රූපය ලෝකයට විකුණලා හමාරයි. එහෙනං ජීවිතයත් අපායක් වෙන තරමටට රූපය පාව්චිචි කරල හප කරල මෙලකහට විසික් කරලත් ඉවරයි මාර්කටින් ඔස්තාර්ල. කොහොම හරි ලෝකයේ තියෙන හොඳම ක්‍රීඩා සන්නාම වන Nike, Athleta  ආයතන වලින් ලැබුන වෙළද සන්නාම තානාපති තනතුරු ඇය විසින් භාර ගත්තා. එහෙත් සීමාසහිතව පමණක් එම කටයුතු වල නිරත වූ ඇලිසන් පසුව GoPro කණ්ඩායම සමඟ එකතු වී වැඩ කරන්නට ගත්තා. එතැනින් එහාට තවත් එක් සමාගමක් සමඟ පමණක් සම්බන්ධ වූ ඇලිසන් අනෙක් සියළු කාරණා පිටුපසට කොට තවමත් රිටි පැනීමේ ක්‍රීඩාවේ යෙදී සිටිනවා. 2017 වර්ෂයේදී ඇය විසින් වාර්තා කරන ලද පෞද්ගලික හොදම උස පැනීම තවමත් ඇයව ඔලිම්පික් ක්‍රීඩා වලට සුදුසු කම් ලබන තත්ත්වයකට පත් කොට නැහැ.

අවුරුදු දහයක් ඒ පින්තුරෙට

මම ඇලිසන් ගැන දැනගත්තේ ක්‍රික්ඉන්ෆෝ එකේ පහුගිය ඉන්දීය ටෙස්ට් මැච් වල ස්කෝර් බල බල ඉන්න ගමන්. අවුරුදු 10 කට පසු ඇලිසන්ට මොකද උනේ වැනි හෙඩිමකින් ESPN අඩවියේ තිබූ ලිපියක් කියවීමෙන් මම ඇලිසන් ගැන දැන කියාගත්තා. කුප්‍රකට ඡායාරූපය පලවී අවුරුදු 10 ගත උනත් ඇලිසන්ට තියෙන පිරිමි ඇල්ම බැල්ම අඩු වන්නේ නැහැ. එහෙත් ඇය ඉතා දක්ෂ විදියට ශක්තිමත්ව එය පාලනය කරගන්නවා. කාන්තාවක් විදියට සමාජයේ අනවශ්‍ය අවධානයකට අසීමිත විදියට ලක් වෙන කොට දෙපයින් නැගී සිටිමින් තව ජීවිතය පවත්වාගෙන යාම කොයි තරං අපහසු දෙයක්ද? සියළු දෙනාටම උවමනා උනේ ඇයගේ රූපය දිහා බලමින් සිතින් රමණය කරන්නට. එයින් පසුව ඇලිසන්ට ලැබුන පීඩා, අපහසුතා, මානසික පීඩනයන් ඉතා විශාලයි. කෙසේ වෙතත් තත්වය තමන්ට අවශ්‍ය විදියට පාලනය කරගෙන තවමත් තමන් ආදරය කරන රිටි පැනීම ක්‍රීඩාවේ නියැලෙන්නට හැකිවීම කියාපාන්නේ කාන්තාවක් විදියට ඇලිසන් ඉතා ශක්තිවන්ත පිරිමියෙකුටත් එහා සද්දන්තයෙක් කියලයි. අපායක් වූ තමන්ගේ ජීවිතය තව දුරටත් අපායට තල්ලු නොකර සිටිිමට හැකි වීමම ඇත්තේන්ම දක්ෂතාවයක්. මේ ලෝකේ පහළ වූ දක්ෂතම රිටි පැනීමේ ක්‍රීඩිකාව ඇලිසන් නොවුනත් මෙවැනි කුප්‍රකට, අපහසු තත්වයක් පාලනය කරමින් සතුටින් ජීවිතය පවත්වාගෙන යන දක්ෂතම සුරූපි ක්‍රීඩිකාව ඇය බව මට හිතෙනවා.

ඇලිසන් දැං මොකද කරන්නේ

ඔහෙලට කියන්න දැං ඇලිසන් නංගි බෝම සන්තෝසෙන් ඉන්නවා. ඇමරිකාවේ ගොල්ෆ් ගහන අයිය කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඇලිසන් නංගි එයත් එක්ක ලෝකේ වටේ යනවා විතරක් නෙමෙයි ඒ පින්තුර ඉන්ස්ටග්‍රෑම් එකේ එහෙමත් නිතරම දානවා. ඒවා බලන්න එයාගේ ලස්ස ගානක ෆලෝවර්ස්ලා සැදී පැහැදී ඉන්නවා. තාමත් ඉතිං එක එක ප්‍රශ්න දාන මුග්ධ පිරිමි නැතිවා නෙමෙයි. එහෙත් ඒ අයට කිට්ටු වෙන්න බැරි තරම් මානසික ශක්තියකින් ඇලිසන් නැගී සිටීම සමස්ථ ලෝකයටම ආදර්ශයක්.

පලි- ඇලිසන් ගැන පල වෙච්චි සියළුම ලිපි වල ඇලිසන්ගේ පින්තූර හත අටක් වත් අඩුගානේ තිබුනා. ඒත් මම පාව්චිචි කරේ අර පින්තුරය විතරයි. අනෙක් ඒවා අවශ්‍ය නම් සොයා බලන්නට පුලුවන්. ලිපිය තරමක් හෝ සාර්ථක එකක් යැයි සිතමින් පබිලිස් බටම ඔබමි. (කංකාණං අඩේ යටට වැදිල ඉන්නේ)

44 comments:

  1. නිශ්චිත අරමුණු අභිමතාර්ථ තියන පුද්ගලයන්ව කුඩා කල සිට හොඳ වටපිටාවකින් සැදුනු පුද්ගලයන්ව කකුලෙන් ඇදල වට්ටන්න ලේසියෙන් බෑ. කවුරු පිළිගත්තත් නැතත් ගැහැනියකට උරුම දරාගැනීමේ ශක්තිය ඉතාම ප්‍රබලයි. ඔබේ කතා නායිකාවත් එවැන්නියක්. මෝඩ චූන් දෙනවුන්ට ප්‍රතිපිළිතුරු දෙන්න ඕන ක්‍රමයක් තියනවා. ඒ හොඳම ක්‍රමය තමයි ඇය භාවිතා කරලා තියෙන්නේ. ඇයට සුභ අනාගතයක් පතනවා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචා ඩෝටර්..

      Delete
  2. නියම අාත්ම විශ්වාසයක් ඇති ගැහැණියක්. අගේ ඇති ලිපියක්.

    ඒක නෙමේ කවුද බං සනත් ජයසූරිය කියන්නෙ. බුවා නෙට්බෝල් ගහන කෙනෙක් ද?

    ReplyDelete
    Replies
    1. ඇයි දන්නෙ නැද්ද? ඒ අර අපේ කොටු පැනීමේ සූරයනේ!

      Delete
    2. @ප්‍රසා
      ඕම තමයි විඩියෝ බැලුවට පුද්ගලයා දන්නේ නෑ.. හැක්..

      ඒක නෙමෙයි මං උඹට දෙකක් කියන්නත් හදලා මේ දවස් වල බුකියෙන් ආපු රිෆ ප්‍රමාණය නිසා බුකියට ගිහිල්ල බැලුවා. කොල්ලා වැඩේ කරලා.. ස්තුතියි ආ..

      Delete
    3. උඩ දකුණු පැත්තෙත් දැකුම්කලු පින්තූරයක් තියනවා

      Delete
    4. අපි එහෙමයි. හැක්..

      ප්‍රා, ඔහොම කලු කියන්න දුක නැද්ද අප්ප‍ා.

      Delete
    5. ඒකට මොකද, කොයිතරම් ප්‍රසිද්දියක් ලැබුනත් එය දරා ගැනීමට කොන්ක්‍රීට් ශක්තියක් තියනවනේ

      Delete
    6. ප්‍රසාටත් පොල්ලක් දීල ඔය වගේ ඇදුමක් අන්දල පින්තුරයක් ගන්න ආසයි.. හැක්

      Delete
  3. අම්මප රිටි පැනීම ඒ හැටි ජනප්‍රිය නෑ නේද? මගේ බැචෙක්, හරියටම කියනවනං රූමා ඒ කාලේ ඉස්කෝල මට්ටමෙන් පෝල් වෝල්ට් රෙකෝඩ් එක තියාගෙන හිටපු එකෙක් ඒත් මට නිකමටවත් උගෙන් ඔය ගැන වැඩි යමක් අහන්න හිතිලා නෑ..
    අර ගෑල්ලමය ගැන කියනවනං.. පව්!

    ReplyDelete
    Replies
    1. පව් තමා බං පොඩි කෙල්ලෙකුට අමනයෝ දීපු දුක්.. නමුත් සතුට ඒ මොකකින්වත් නොවැටී කෙල්ල හොදින් ඉන්න එකටයි..

      Delete
  4. මෙලෝ රහක් නැති පොස්ට් එකක් ඕයි. ලියනවකෝ අර තම්බිගේ ෂුප් එක ලොවන්න ගියා වගේ කතාවක් ආයේ මේ කෙහෙම්මල් ලියන්නේ නැතුව...

    ReplyDelete
    Replies
    1. ෂරි ෂරි අයියා. මේ දවස් වල රයිටර්ස් කම්ප්ලීට්ලි බ්ලොක් එකක් තියෙන්නේ.. හෙමින් නැගිටිමු.. ස්තුතියි...

      Delete
  5. තෝ කොහෙද බොල මක බෑ වුනේ

    ඇන්ටි අහවල් සංගමය වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. ඇන්ටි අුහවල් එකේ සභාපති අයියද මේ?? හැක්

      Delete
  6. මාර ආත්මශක්තියක් මචං...!

    ReplyDelete
    Replies
    1. යර්ස් ඩ්‍රැකී.. ඉල්ලක්කයට යන කොට ශක්තිය වැඩියෙන් අරන් එන්නේ..

      Delete
  7. එකවර ලැබෙන බලාපොරොත්තු නොවෙන ප්‍රසිද්ධිය නිසා ඇතිවෙන්න පුළුවන් පීඩනය මොනවගේ එකක්ද කියල අපිට උපකල්පනය කරන්නවත් බැහැ...
    තරුණ වයසේ කෙල්ලෙක් විදිහට ඇය ඒ දේවල් දරා ගත්තු එක සැබවින්ම අගය කරන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. එලිසන් ශක්තිමත් නැත්නං මෙලහට චිත්‍රපටි නිලියෙක් වෙලා හප වෙලා ඉන්න වෙන්නේ..

      Delete
  8. ඇගේ කථාව මම කියවා තිබුණා. ඇයට තියෙන්නේ ඉතාමත් ආකර්ශණීය පෙනුමක්. ඒ වුණාට ඒවන් පෙනුමක් ඇති අනෙක් අයට වඩා මානසික පරිණත බවක් ඇයට තියෙනවා. මම හිතන්නේ ආකර්ශණය කළමණාකරනය ගැන අන් දරුවන්ව දැනුවත් කරන ආකාරයේ යමක් කිරීමට ඇයගේ අදටත් අඩු නොවූ ප්‍රසිද්ධිය පාවිච්චි කළොත් ඒක ලොකු යහපතක්.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ එලිසන් අතීතය අමතක කරල ඉන්නේ. ඒ පස්සේ නැවත පන්නන එකක් නෑ.

      Delete
  9. මම නම් අදයි දැනගත්තේ.. ඒ පින්තුරේ දැක්කම ඔච්චර දේවල් හිතෙන්න නම් ඉතින් සිරාම ලෙඩෙක් වෙන්න ඕනේ.. කෙල්ලගේ හිත හයිය හින්ද හොඳයි.. නැත්නම් මහ අපරාදයක් වෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ ගියාම කෝල් එකක් දීලා හම්බ වෙයං.. හැක්

      Delete
    2. ඒ පින්තුරේ දැක්කම ඔච්චර දේවල් හිතෙන්න නම් ඉතින් සිරාම ලෙඩෙක් වෙන්න ඕනේ

      x 2

      Delete
  10. මෙහම කෙනෙක් ගැන ඇහුවෙත් අදයි , මගෙ ඇස් හොදටම දුර්වලයි , මට ඒ ෆොටෝ එකේ එහෙමයි කියල ලස්සනක් නෑනෙ. ඔය ෆොටෝ එකට වහවැටිච්ච එවුන් සොදුර පත්තරේ කවර් පේජ් එහෙම දැක්කනම් ලංකාවෙ පදිංචිය ඉල්ලනව.

    ReplyDelete
    Replies
    1. අපේත් ඔය වගේ අය ඉන්නවා බං..

      හෑ කෝ ඉතිරි දෙක?

      Delete
  11. ස්ටොකි කෙල්ල කොහොම වෙතත් මෙහෙ මුග්ධයින්ටනම් දැඩි නීති පනවන්නම ඕනෙ

    ReplyDelete
    Replies
    1. මොන නීතිද බං.. ඒවා චිත්තාභයන්තරෙන් එන ඒවා.. මෙව්වි අවුරුදු දාස් ගානක් තිස්සේ වෙනස් නොවන මිනිස් චිත්තය

      Delete
  12. ක්‍රීඩාව තුලින් ලැබූ සංයමය හා ශක්තිය, පවුලෙන් ලැබෙන ශක්තිමත් සහයෝගය නිසා ඇය දරා ගන්න ඇති.පැහැදිලිවම මේ ලිපිය අනාගත ආයෝජයනක් වේවි. හපුටු පේජ් කාරයින් රඟන රැඟිල්ල එච්චර හොඳ නෑ.
    (නම දැක්ක ගමන් මට මතක් උනේ ආර්යා ස්ටාක්)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය ස්ටාක්ලා ගැන මං දන්නෑ බං.. දන්නේ ටෝනි ස්ටාක් තමා.. හැක්..

      චියර්ස්

      Delete
  13. ඇහුවෙත් අදයි... බ්ලොග් කාරයො ඔහොම්මමයි....

    ReplyDelete
    Replies
    1. හැක්.. මං වගෙ බ්ලොග් කාරයෙක් වෙන්ටැති බං. අඩු ගානෙ නීට්ටෑයන්ට සිංහල වත් උගන්නල ඉවරද??????

      Delete
  14. මම ඇහුවෙත් මෙයා ගැන ඔයාගෙන් තමයි.
    කෙල්ල ලස්සනයි,හැඩයි පොස්ට් එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. අන්න එච්චරයි. මනෝජ්ටත් දැං කංකාණං අඩේ සැරටම වැදිල නේද?

      Delete
  15. හම්මේ ... දැන් අපේ එවුනුත් පෝලිමේ ඇලිසන් කවුද කියල හොයනවා ඇති :(

    ReplyDelete
    Replies
    1. බුකියෙන් එන රීෆ ගාන බලන කොට නං මටත් ඒක හිතෙනවා කණ්ඩෝ.. ආහ්.. උඹ වගේ රසකතා අඩවියත් හොයාගෙන නේද?? ස්තුතියි..

      Delete
    2. නැතුව නැතුව ... හම්බ උනා ෂුවර් එකටම මේ බෝ පැල වගේ ඉන්න අපිව නරක කරන නිසා තමයි මං හිතන්නේ අර හැලපයියද කොහෙද උඹේ නමේ මුල අකුර මාරු කළේ !

      Delete
    3. ඔව් ඔව්. ඒකා තමා දූසකයා කියල කිව්වේ.. මිනිහා මට පහු ගිය දොහක එවල තිබුනා රෙඩ් වයින් එකක් යාලුවෙක්ගේ අතේ. ඒකේ ගහල තිබුනෙත් “දුසකයට“ කියලා. චැහ්. ඒකේ පින්තුරයක් ගහගන්න අමතක උනා නෙ..

      Delete
  16. හිටපු බ්ලොග්කරු තව අවුරුදු දෙකක් ඇතුලත වලකජ්ජ ගැසීමට නියමිත රසික මෙම දිනවල හීනෙන් බයවන බව ආරංචි වේ.

    රසිකගේ මැරිච්ච තාත්තා භූතාත්මයක් වෙලා හැමදාම පාන්දර දෙකට හීනෙන් රසිකට පේන්න ඇවිත් කතා කරන අතර රසික බය වෙලා දාඩිය දාගෙන හරිම පිපාසයෙන් අවදිවෙන බවද දැන ගන්නට ඇත.

    හොල්මනක් වූ රසිකගේ පියාට නිවන් පාර්ථනා කරමු.

    ReplyDelete
  17. Replies
    1. ආහ්. මේ රෙහානි නේ.. දැං කොහේද බං ඉන්නේ.. වෙල්කම් බැක්

      Delete