Friday, August 18, 2017

කෙටි කවි!! (Oh. No. Again??)

වැස්ස

සුදට හොදැහැටි ඉන්න
කිරි පාට වලාකුළු
මහා හයියෙන් හැඩුවේ
කරදියේ පෙඟුනාම

කාටද අයිති?

වැටේ ඉන්නක පිපෙන
පුංචි ලස්සන මලක් වුව
සැලෙයි වේවලයි නිතර
කාට අයිති වේදැයි බියෙන්

ඉරිසියා කඳු

හිම වලින් කබායක්
කවදා මහගන්නද කියා
සමක ඉර අසළ කඳු
සදා වැලපෙයි හඩා

වළා අතරින් හොරෙන්

කොපර කොපර පිපිඤ්ඤා
වළා බිඳලා දුවන්නා
එහෙම කිව් කෙනෙක් නෑ
විදිලි එළි, හෙණ සද්ද.. ඩාං


දුෂ්ටකම්
රත්තරං වළල්ලක්
රසදියේ පොඟවමු
ආඩම්බර කම් පාන
සිලි සිළිය පරද්දමු


විකාල භෝජනං

රෑ බඩගින්න ආවම
සාමණේර පොඩි හිමිට
බණ පදත් පෙරලගෙන
යන්න හිතෙනවා ගෙදර


සැබෑව

ගතින් එකයි
සිතින්..
දෙකයි - තුනයි
කව්රු නම්
දනීද?


කලින් එව්වා. මේවත් බලන්න.




41 comments:

  1. දේශකය බීවහම
    කෝක්
    ලියවෙයි මේ වගේ
    මඤ්ඤං
    හැක්..

    ReplyDelete
    Replies
    1. කොන්ක්‍රීට් වන් සිත්
      හදුන්නෑ කවි සිත්

      Delete
  2. කාටද අයිති?, ඉරිසියා කඳු, & විකාල භෝජනං

    ++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්.. ලියමු කෙටි කවි ටිකක්..

      Delete
  3. "වළා අතරින් හොරෙන්"
    වැටෙන "වැස්ස"
    "කාටද අයිති" කියා
    "දුෂ්ටකම්" කරනවා
    "ඉරිසියා කඳු".
    හෑ....
    එතකොට "විකාල භෝජනං....?"

    ජයවේවා!!!

    ReplyDelete
  4. කෙටිකවි
    කෙටික වි
    කෙටි කවි
    කෙ ටිකවි

    ReplyDelete
    Replies
    1. විහිළු නොකර ඉදිං බිත්තියා

      Delete
  5. යා..යා..ඉප්පි.. ඉප්පි.. යා..යා..
    ඔහොම යා..ඔහොම යා.. දේශක යා..

    ReplyDelete
  6. තේනේනම් නෑ ඒත් එල අෑ

    ReplyDelete
    Replies
    1. ඈහ්.. මෙව්ව තේරෙන්නේ නෑ කිව්වා.. උල තියන්න ඕන මද්දක් ගහල

      Delete
  7. අවුරුදු ගාණක් නොලිය තටමන කොට මෙහෙම දෙයක් ලියවෙයි කියල මම හිතුවා.

    ReplyDelete
    Replies
    1. උඹට ඒ දුක තේරෙනවා නේද මයේ අයියන්ඩි.. හැක්

      Delete
  8. කම්මැලි වැඩ නොකර නොලියාම හිටපන්.

    (දැන් හෙලකුරු වලින් voice typing කරන්න පුළුවන් හින්දා මේ වගේ උන්ට හොඳට දෙකක් කියන්න පුළුවන්..හැක හැක හැක )

    ReplyDelete
    Replies
    1. හෙළුවෙන් වනන්නන්.. බෝමයි දැං

      Delete
  9. දැන් සාමනේර හිමිවරුන්ට රෑට වලදන්න ලොකු හාමුදුරුවරු ඉඩදෙනවා. වැටවල් වල පිපුන මල් ගැනනම් දුකයි දේශකයා තුමනි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ නං කුරුට්ටන්නට සෙල්ලං කරන්න අරව මේව හැම දේටම ඉඩ දෙනවා. පව් පොඩි උන් නේ

      Delete
  10. හු.. හු... හු
    සම හරක් බ්ලොග් ලියන චන්ඩි ඇනෝ වහලා ඇයි ඇනොලට බයේද නැතිනම් මන් වැදගත් බ්ලොග්කරුවන්ගේ
    එකෙක් මට ලැජ්ජයි ඕවට කියලද මාතලන් කමියා ඉයන් ඊගාවට කවුද හු හූඌඋ ....

    ReplyDelete
  11. මේකට නම් උඹට දෙන්න වෙනවා වැටක් ++++++++++

    ReplyDelete
  12. කපටි කමට දායි
    කෙටි කවි

    ReplyDelete
  13. කම්මැලි කමට
    ලියා අකුරු ටිකක්
    කෙටි කවියි කියල
    අපිව අන්දන්න
    හිතුව මදි
    බොල..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බං නොලියා ඉදලා ලිවීම අභියෝගයක් වෙලා තියෙන්නේ දැං. ඒක නිසා ලියාගන්න බෑ. අන්න ඒකයි අවුල

      Delete
  14. ආ අඟහරුවා. උඹ නේද විචරක ලොක්කත් එක්ක රේල්පාරේ මිනි මරපු හැටි පොස්ට්වල කොමන්ට් දැම්මේ උඹේ රේල්පාර / කෝච්චියේ බ්ලොග්වල . හැංගිලා හිටියට කමක් නෑ අපි ගව ස්ක්‍රීන් සොට් තියනවා ඒවායේ. වෙලාවක හමුවෙලා සැපක් ගමු ....

    ReplyDelete
  15. ඔබ ලැබෙන තුරා
    මාස්ටර් සර්
    නැළවෙනවා
    මේ මාවතේ

    (කැසට් පීස් එහෙක පිටකවරෙං)

    ReplyDelete
    Replies
    1. තනිවී
      (කැසට් පීස් එහෙක පිට කවරෙං)

      Delete
  16. හිම වලින් කබායක්
    කවදා මහගන්නද කියා
    සමක ඉර අසළ කඳු
    සදා වැලපෙයි හඩා


    ඒක් මරු!

    ReplyDelete