Wednesday, August 23, 2017

කවිද අහනවා බොරු!!

එන විට යන විට
කණූකුණු ගාන

“එනකොට පිටි පැකට් එකක් ගෙන්න“

කොහෙන් තියෙද සල්ලිද?
හිතා හිතා තැවෙමින්
කන්තෝරු යනකොට
මතක් වෙයි ලබන මස
ගෙවිය යුතු ණය බර

ඒ අස්සේ,
මඟදී
ආතර් අයියා

“මහත්තයා. කොල්ලගේ මඟුල් ගේ ළගයි්
මහත්තයට තමා ඉස්ඉස්සෙල්ලම කියන්නේ“

කියනකොට

හන්දිපත් වෙව්ලුවා
සුසුම්නා ඉරාගෙන
හිරි වැටෙන රිදිල්ලෙන්
හිනාවකි පැන්නේ

හවස මං එනකොට
තුන්සීයක් හොයන එක
කොච්චර බරක්ද

දාහකට වැඩිය ලැජ්ජයි
කියල හිතෙන කොට
ආතර්ගේ මඟුල
නාහෙටම කටු අනිනවා

ලබන මාසේ ණය
එක්ස්ටෙන්ෂන් එකක් ගනිවී
අතට එන රුපියලෙන් 
ඇඳුමක් කුඩුමක් හදාගෙන
යන්න වෙනවාමය මඟුලට


ඊටත් කලින්...

බුලත් දෙන්නට ආවම

ඒකට තෑග්ගක් 
සොයා ණය කන්දක්
එළි පත්තු කරද්දී

කිරි පැකට් කීයක්ම ඒකෙන්
ගන්න හැකි දැයි කියා

මං ගණං හදනවා

සංසාර චක්කරේ
යන කොට රවුමට
කවදාකවත් යළි
රජයේ රැකියා භවයක් නම්
නොපතමි..


ආධුනික කිවියර - දේශක

51 comments:

  1. +++++++++++++++++

    ණය ගෙවන්න බදු දෙන්න මොනවත් නැත්ද?

    ReplyDelete
    Replies
    1. රජයේ සේවකයන් අතරේ මෙහෙම අය දැං අඩුයි..මං හිතන විදියට

      Delete
  2. ඕකනෙ කියන්නෙ. බොට තියෙන්නෙ ගෙදර ප්‍රතිව්‍යුහගතකරනය කරන්න.
    නැත්තං නවෂීලන්තෙන් වැස්සියක් ගෙනාහං.

    ReplyDelete
    Replies
    1. සුරියවැව ෆා්ම් එකේ නේ ඉන්නවා තොට හරියන වැස්සියෙක්.. බලහං.. හැක්

      Delete
  3. Replies
    1. වෙල්කම්. ඕං පාර දිගේ මාත් ගියා ෆලෝ කරන්න තඩියව.. චියර්ස්

      Delete
  4. හිටාං මං දෙදාස් විස්සේ ජනාධිපති වෙලා උඹේ ණය ඔක්කොම එක දවසින් ගෙවනව.. එතකං මට පන්සීයක් හොයල දීපං.. හෙට ඇට්ටෝං ගෙයක් මං නොගියත් ගෙදර උන්දව යවන්නම වෙනවා.. :)))

    ReplyDelete
    Replies
    1. පන්සීයෙන් වැඩේ ගොඩ දැම්මෑකිද අයියේ

      Delete
    2. පන්සීයෙන් වැඩේ ගොඩ දැම්මෑකිද අයියේ

      Delete
    3. හැබෑට කව්ද බං ඔය එක දවසෙක් ණය ගෙවන්න විස්සයි විස්සේ අපේක්ෂකයා.. හැක්..

      දැන්නං පුතේ පන්සීයෙක් අරන් ගියොත් ඇට කුඩු කරන් එන්න ඕන. ගෙදර උන්දැ යන නිසා හොදයි. ඒකි බොන්නෑ නේද??

      @ සබරේ.

      උඹ කම්මල පැත්තේ ගියාද ළගදී???

      Delete
    4. සබරේ.. පෝන් එකෙන් කමෙන්ට් කරලා 'බැක්' යන්න එපා.. ඒ වින්ඩෝ එක ක්ලෝස් කරලම දාන්න.. බැක් ගියොත් තමයි ඩබල් කොමෙන්ට් වැටෙන්නේ..

      රෑ හතට විතර ගිහිල්ල සෝබනේට රෑට කන්න ඉන්නේ නැතුව 'කුල් ඩ්‍රින්ක්ස්' එකක් විතරක් බීල එන්න කියනවා බං.. ආ.. ලියුං කවරේ නම ලියන්නත් අමතක කරනවා.. හෙක් හෙක්..

      Delete
    5. මාත් ඒක දැනගත්තේ කම්මලයගෙන්.. හැක්..

      @කමියා
      උඹට වොයිස් ටයිපිං දාගන්න ඕන නං මගෙන් වෘත්තිය සේවය ලබා ගනිං

      Delete
  5. අතයටින් වැඩක් ෙකාරන්නම ෙවයි වගේ.
    ...

    ReplyDelete
  6. දේශපාලනේ කරල බැලුවොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ලොකු ප්‍රාග්ධනයක් ඕන නෙ..අනික උපන් මෝඩකමත් ඕන.. හැක්

      Delete
    2. ප්‍රාග් ධනේ දෙයි වෙන එවුන්. දින්නට පස්සෙ උන්ට දන් දෙන්න වෙනවා. ඔබතුමාට ප්‍රාඥ් දනේ තියනවනේ

      Delete
    3. ප්‍රාඥ් දනේ පොඩිඩක් අඩුයි කෝමත්.. අවුලක් වෙයිද අයියේ.. හැක්

      Delete
  7. Replies
    1. ඉතිං අපිට පාංයැ.. හැක්

      Delete
  8. සංසාර චක්කරේ
    යන කොට රවුමට
    කවදාකවත් යළි
    රජයේ රැකියා භවයක් නම්
    නොපතමි..


    ඒක නම්
    පතනවාද නැද්ද කියලා තාම හිතනවා

    ReplyDelete
    Replies
    1. දැන්නං රජයේ සේවකයන්ට හොදයි ලු නේද?? හෙන එලෝ්වන්ස් වගයක් දෙනවලු නෙහ්..

      Delete
    2. හෙන එලවන්ස් කියන්නේ අනේ එහෙක් කරලා මෙහෙක් කරද්දි ඉවරයි

      Delete
    3. රනිල් දීපු දහදාහයි.
      මහින්දගෙන් පන්දාහයි.
      ජීවන වියදං එල්ලෙයි
      ඔහේල සැමට රජ මඟුලයි... හැක්

      Delete
  9. Replies
    1. මෙව්වා කුමන්ත්‍රණ..

      Delete
    2. දෙපාරක් තැං දෙකක කියනව කියන්නෙ අනිවාරයෙන් මොකක් හරි ඩබල් ගේම් එකක් තියෙනව.

      Delete
    3. විනාඩි දෙකක පරතරයෙන් එවනවා කියන්නේ සබරේ කුමන්ත්‍රණයක

      Delete
  10. // ආධුනික කිවියර - දේශක // හි.. හි..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත කිව්වේ අනේ..

      Delete
  11. //සංසාර චක්කරේ
    යන කොට රවුමට
    කවදාකවත් යළි
    රජයේ රැකියා භවයක් නම්
    නොපතමි..//

    කුඹුරක් කොටන් ඉන්න එක අගෙයි.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කුඹුරු කොටල දැං වැඩක් නෑ දුමියෝ

      Delete
  12. අහල නැද්ද දේශකයා තුමා රජයේ සේවකයන්ට කියන්නේ නම්බුකාර හිඟන්නෝ කියලනේ ඹබතුමා ඔය කවියෙන් විචාරය කරල තියෙන්නේ සැබෑ තත්වය
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අහල තියේ. තාමත් ඇත්තටම එහෙමද කියලයි මං මේ කල්පනා කරන්නේ. අපේ පැත්තේ රජයේ සේවකයෝ බහුතරයක් අරක්කු උගුරක් සිගරට් එකක් කෑමක් සල්ලි දීල නං කන්නේ නෑ. නිකං දුන්නොත් නං ඕන දෙයක් ඇති වෙනකං. ඉතිං සල්ලි ඇති නේහ්.. හැක්

      Delete
  13. ෆෝන් එකෙන් එද්දි මෙහෙම අවුල් වෙනවා අනේ... ඩබල් වටෙන්නේ ඒකයි...

    ReplyDelete
    Replies
    1. කමියාගේ ක්‍රමය භාවිතා කරන්න දරුව

      Delete
  14. ආධුනික කිවියර දේශක
    "අතකස" උන්නාද එදවස

    ReplyDelete
    Replies
    1. අතකස තිබ්බේ එදා හෙළදිව
      තෝ හිතුවේ මං එච්චර වයසයි කියාද?

      Delete
  15. ඒක හොඳ ආධුනික...හැක

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම තාම ආධුනික තමයි ටීචර්..

      Delete
  16. ඕක රජයේ විතරක් නෙවෙයි අනික් අංශවලටත් ඔහොමම තමයි . Mr ආධුනික :D

    ReplyDelete
  17. දෙන ගාණ වගේ දෙතුන් ගුණයක බීල වරෙන්.. ගෑණිටත් කියපන් කලින්ම එහෙම කලේ නැත්නම් ගෙදර බජට් එක බැලන්ස් කරන්න බෑ කියලා...

    ReplyDelete
    Replies
    1. අම්මප අපි ඒකම තමා කරන්නේ.. හැක්..

      Delete
  18. //රජයේ රැකියා භවයක් නම් නොපතමි..// මම නම් නිකං කතා කරලා දුන්නත් එපා කියන ස්ථාවරයේ හිටියේ/ඉන්නේ. කාලකන්ණි පොලිටික්කොන්ට සෑර් කියන්න වෙන නිසා. ඊමේල් එකට දාහේ කොළයක් එවන්නම් එක ප්‍රින්ට් කර ගනින් :D

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඔය කිව්වට බොරු බං. රජයේ සේවකයන්ට දැං හොදලු..

      Delete
  19. රජයේ රැකියාවක් පතමි

    ReplyDelete
    Replies
    1. උඹලට දෙන්න රජයේ රැකියා මේ වලව් වල නෑ.. හැක්

      Delete
  20. Thopita mahaththuru wennayi naya nowee innayi dekak bane. Oka paththaka daala pol kadanna palayan. Naththam hotaleka kottu bas wadeta palayan. Ehemath nathnam mesan bas kenek gawa sawal gahanna palayan. Nambupita kiyak hari hoyan atha nopa jeewath wenna onanam. Nodakin thopi wage haththa.

    ReplyDelete
    Replies
    1. හැක් හැක්

      මධ්‍යම පාන්තිකයන්ට කවදත් කරදර වැඩියි..

      Delete