Tuesday, June 27, 2017

2025 (Dreams never exist)

2025 දී හිතන්නකෝ අනුර කුමාර මහත්තයා තමයි ජනාධිපති. අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය මේ මොහොතේ සටන් කරන්නේ SLIT එක වහනන්නය ඒකෙන් එළියට එන එව්වො කිසිම කොලිටියක් නැතිය. නිදහස් අධ්‍යාපනේ නාමෙන් ඉගෙන ගන්න උන්ට එකෙන් පරිප්පු වෙනවය කියල හිටං. ඉතිං දැං අන්තරේ කස්ටිය එකතු වෙලා කොළඹදි මහා පාගමනක් තියල හිටී ගමන් යූ ටර්න් එකක් අරගෙන පනිනවා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ බිල්ඩිමට. බිල්ඩිමට කිව්වට ගේට්ටුවෙන් ඇතුල් වෙනවා හෝ ගාලා හොදේ. ඒ වෙලාවේ අමාත්‍යංසේ ඇමතිතුමාත් ඉන්නවා.. අපි ඒකට දාමු.. හර්රි.. විජිත හේරත් මැතිතුමා. උඩ තට්ටුවට වෙලා එතුමා දැං බලාන ඉන්නවා අහිංසක සිසුන් තම අමාත්‍යංශ භූමියට ඇතුල් වෙන විදිය. බලං ඉදල කතා කරනවා මහ එකාට. “හලෝ ලොකු මහත්තයා සහෝදරයා සර්.. Mayday Mayday" "අා. කියන්න හේරා සහෝ.. මොකද ඔය තරං හදිස්සිය“ “සහෝදරයා සර්.. මාර වැඩේ. අර අන්තරේ අහිංසක සිසුන් අපේ අමාත්‍යංශ භූමියට ඇතුල් වෙලා. උන්ට නං ටිකක් තරහ ගිහිල්ල වගෙයි පේන්නේ.. මම දැං මොකක්ද කරන්න ඕන ලොකු සහෝදරයා සර්“ “රයිට්... වහාම බිල්ඩිමේ සිකුරිටිල සෙට් එක විත්ඩ්‍රෝ කරන්න.. වහාම සියලු පිවිසිම් ගේට්ටු අරින්න. “ “ඉතිං එතකොට මුං ටික ඇතුලට ඇවිල්ල බාල් නටයි නෙව“ “මනුස්සයෝ මං කියන එක අහනවා. තමුසෙලා ගැටුං කළමණාකරනය ඉගෙනගත්ත නේද?? තමුසෙටත් දැං රහ කෑම කාලා මොලේ පුකට බැහැදලද?“ “නෑ නෑ සර්. දෙන්න අණ.. මං සුරකින්නං ඒ පණ“ “හරි මෙහෙමයි. අපිට ඕකට සුදානං වෙලා ඉන්න තිබුනා. මොකද ඒ අහිංසක සිසුන් එනකොට සියළු ගේට්ටු ගාව වතුර ඩිකැන්ටර් තියලා, බිසිකට් පෙට්ට් තුන හතරකුත් තියල ඒ අයගේ බඩගින්න නිවන්න තිබුනා. පව් අප්පා.. දැං කිලෝමීටර් තුනක් විතර පෙළපාලියකත් ආපු එකේ.“ “හරි ලොකු සෑර් සහෝදරයා මං ඒක කරන්නං“ “කියන දේ අහනවකෝ“ “හරි දැං ඒ අය ඇතුලට ඇවිල්ල නේද ඉන්නේ.. කොහොමද තත්වය“ “දැං සිකුරුටි කට්ටිය ඒ අයට බිල්ඩිමට ඇතුල් වෙන්න නොදී ඉන්න ලොකු සටනක් දෙනවා. ඕඅයිසී කිව්වා පොලිසියටත් දැනුම් දුන්නා කියලා. බිල්ඩිමට ඇතුල් වෙන යකඩ ගේට්ටු පවා අපි වහලයි තියෙන්නේ දැං.. මට පේනවා තත්වය නං එච්චර හොද නෑ කියලා. දන්නවනේ මේ යුඑන්පී අන්තර කාරයෝ කියන්නේ මොන වෙලේත් අඩිය ගහපු ගමන්මයි. අන්න ඒකට අපි අන්තරේ රන් කරද්දි නේද සර්“ “තමුසේ වැඩේ වරද්දගෙන නේ.. දැං අපි ජනතාවාදි ආන්ඩුවක් විත්තිය තමුන්ටත් අමතක වෙලා... දැං මං කියන විදියට කරනවා“ “එහෙමයි සර්“ “වහාම සිකුරුටි පසු බහින්න කියන්න. දැනටත් වහල තියෙන හදිසි පිටවීමේ ගේටුටු ඇතුලු සේරම ගේට්ටු ඇරල තියන්න.. අමාත්‍යංශ වාහන ගැරේජ් වල ලොක් කරල නං ඒවත් ඇරල තියන්න. ලමයින්ට යන්න අමාරු නං එතනට ඒ වාහන ටික ඉක්මනට ළමයි ඉන්න තැනට ගේන්න. ඔය වහන් ඉන්න යකඩ ගේට්ටු, දොරවල් ජනෙල් ඔක්කෝම අරිනවලා. මතක ඇතිව අර තඩි අමාතංශ බෝඩ් එකට ඒ දරුවන්ට නැගල පෝස්ටර් අලවල අමාත්‍යංසේ අත්පත් කරගන්න පහසු කරන්න දිග ස්ටෙප් ලැඩර් දෙකක් දෙපැත්තෙන් තියනවා. සියළුම සේවකයන්ට තමන්ගේ කාර්යාල වලින් ඉවත් වෙලා කොරිඩෝ වල දන ගහගෙන ඉන්න කියන්න. කිසිම හේතුවක් මත කට අරින්න බෑ. බැරි වෙලා හරි අහිංසක දරුවන්ට කෝපය ඉහවහා ගිහිල්ල මොනව හරි කඩල බිඳල දාන්න අවශ්‍ය නං මේන්ටෙනන්ස් ස්ටාෆ් එකට කියන්න ඒ සියළු පොලු, ගල් වගේ දේවල් සපයන්න කියලා.. “ “සර්. අපේ කම්පියුටර් රූම්. සර්වර් රූම්. ප්‍රි වයිෆයි ඇන්ටනා තියෙන ඒරියා එකට ගියොත් මොකද කරන්නේ“ “ඒක තමා මනුස්සයෝ කීවේ.. දොරවල්.. සියළු දොරවල් ඇරල තියෙනවා. ඒ අහිංසකයන්ට හිතේ කෝපය යනකං ඇති තරං ඒ කෝපය පිට කරගන්න අවස්ථාව දෙනවා. දැං තමුන් හොයන්නත් එන නිසා වහාම එළියට බැහැල ඒ අන්තරේ කැඳවුම්කරු අතට මෙගාෆෝන් එකක් දීල එතනින් දනගනගෙන ඉන්නවා. කිසිම හේතුවක් මත පොලිසිය, එස්ටීඑෆ්, හමුදාව ගෙන්වන්න බැහැ. තේරුනාද? ඒ දරුවෝ කෝපය අහවර වෙලා යනකොට මහන්සිය නිමෙන්න හොද තේ එකක් හදල දෙනවා කට්ලට් එකක් හරි රෝල්ස් එකක් හරි එක්ක. අනික ඒ ලමයින්ට ගෙවල් වලට යන්න පොලිස් ආරක්ෂාව දෙන්න ඕන. මොකද සමාර විට අපේ පාක්ෂිකයන් අතර උනත් නාහෙට නාහන අය ඉන්න පුලුවන්. අන්න එහෙම අවස්ථාවක් ආවොත් නීතිය දැඩිව දැඩිව ක්‍රියාත්මක කරන්න කියල මං ත්‍රිවිධ හමුදාවටම උපදෙස් නිකුත් කරන්නං. තව දෙයක් ඒ අය ගියාට පස්සේ අලාභය තක්සේරු කරල මට කියනවා. මං ඒක මගේ පුද්ගලික වත්කම් වලින් ගෙවන්නං.. “ “හොදයි සර්..“ “ආ මේ.. හේරා.. මොකක්ද මේ අහිංසකයන්ගේ ඉල්ලීම කිව්වේ“ “සර්.. මට තේරුන්නෑ“ “මං ඇහැව්වේ මොකටද ඔය උද්ඝෝෂණය කරන්නේ“ “සර් ස්ලිට් එක ජනසතු කරන්නලු“ “ඒකද?? ඔන්න ඒක වහල දාන්න කියනවා.. මේ පුශ්න නෑනේ එතාකොට. බලන්න මේ ළමයි කැම්පස් වල ඉදල අතින් වියදං කරගෙන බස් අරගෙන බඩගින්නේ.. දුක හිතෙනවා අයිසේ..“

46 comments:

  1. සුන්දර සිහින

    ReplyDelete
  2. පොරටගාමී අය නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ අය සමාදානයේ සතපවල තියෙන්නේ.

      Delete
  3. පොලිස් කාරයො අතේ තියෙන කඳුලු ගෑස් ටිකත් උන්ට බාර දුන්න නම් හරිනෙ.
    උන්ට වියදම් කරගෙන මහන්සි වෙලා කොළඹට එන්න ඕනෙ නෑ. උන්ගෙ කැම්පස් එක ඇතුලෙදිම ගහගන්න පුලුවනි

    ReplyDelete
    Replies
    1. එව්ව පොලොසී වලින් සලාක ක්‍රමයට නිකුත් කරන්න පුලුවන්.. හැක්

      Delete
  4. ජවිපෙ බලයට ආවොත් පෙසපක් නෑ.
    අවිශිබම යලි ජවිපෙ බලයට ඒවි.
    එනිසා මෙය සිදුවීය නොහැකි දෙයක්!

    ReplyDelete
    Replies
    1. //දන්නවනේ මේ යුඑන්පී අන්තර කාරයෝ කියන්නේ මොන වෙලේත් අඩිය ගහපු ගමන්මයි. අන්න ඒකට අපි අන්තරේ රන් කරද්දි නේද සර්“//

      Delete
  5. අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියන්නේ හිතනවට වඩා සොදුරු විනොදබර ලෝකෙකි අපි ජිවත් වෙන්නේ ....
    (පුකට පයින් එකක් ගහලා නගිටවන්න ඉස්සර නැගටපිය)

    ReplyDelete
    Replies
    1. හිටපිය. මගේ හීනය මට දකින්න ඉඩ අරින්න. ඒ හීනෙන් මා මුදන්න ලං නොවන්න

      Delete
  6. 2025 වෙනකොට විස්ස චිජ්ජාල තියෙයිද බං.

    අනික ඔය කන බොන කොල්ලො ඉන්නවනං වෙනම කාමරේකට අඬගහල ගල් කාලක් එහෙම අනුමත කළොත් නරක් වෙලා තියෙයි නෙහ්.

    ReplyDelete
    Replies
    1. 2025 වෙන කොට සියළු විස්සවිජ්ජාල අරගල මරුමස්ථාන බවට පත් කරනවා.. හැක්

      Delete
  7. පුලුවන්නං අර ස්ලිඩා එක වටලහං. හැලප එක්ක තේ දෙනවලු ඒක වටලන්න යන උංට.

    ReplyDelete
    Replies
    1. මං ස්ලිඩා එකට ගියා ඊයේ.. අවශය වැඩේ කරගෙන අනවස්ස අය මුන නොගැහි ආවා..

      Delete
  8. අන්න.. මේ විදියට 2017 හිටපු ජහපාලන ආණ්ඩුව වැඩ කරානං.. - 2025 බ්ලොග් කොමෙන්ටුවක්..

    ReplyDelete
    Replies
    1. 2026 දී වෛන කතාවක්. හැක්

      Delete
  9. විප්ලවය දිනේවා..!
    ජයවේවා..!!

    ReplyDelete
  10. ලොකු සෑර් සහෝදරයා මේක නියමයි. ඔය වමට බලය තියෙන රටවල් වල ලොක්කො යන්නේ බයිසිකල් වල නේද? එතකොට කඩන්න වෙන්නේ වාහන නෙමෙයි බයිසිකල්.

    ReplyDelete
    Replies
    1. බයිසිකල්. ඒ මොන නවනිංගිරා නැති වැඩක්ද?? ලොකු සෑර් සහෝදරයා යන්නේ කැඩිලැක් එකක

      Delete
  11. අපි යන්නේ කොයි පාරේ ..........
    ත්‍රිමා නිෂ්මි ගිය පාරේ .............
    සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියවූ
    අන්තිම සටනට සැරසියවූ

    ReplyDelete
    Replies
    1. පාං කියාගන්න බැරිව ඉන්න උන්ට දෙන කැරට් අලේ.. හැක්

      Delete
  12. පව් අහිංසකයොන්ට හොස්ටල් වල නාන්න වතුර නැති හින්දා මගදිම නාවලා අරින්නත් තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඉල්ලීමක් කරොත් සලකා බලමු නෙහ්..

      Delete
  13. අර ගල
    මාගලකි
    මනාපෙට
    අකුලන
    දිගාරින

    ReplyDelete
  14. මෙවන් සොඳුරු සිහින.... :) :)

    ReplyDelete
  15. හි..හි... හැබෑම හීන...

    ReplyDelete
    Replies
    1. අප්පා කාලෙකින්.. චියර්ස්

      Delete
  16. 2020 ජනාධිපති වෙන මිනිහා ඔය ප්‍රශ්නය විසදන්න අවුරුදු 5 ක්ම කල් මැරුවාද ?

    ReplyDelete
    Replies
    1. පළවෙනි පාර කව්ද බං ප්‍රශ්න විසදන්නේ.. මේ දෙවැනි ඉනිමේ පළවෙනි අවුරුද්ද

      Delete
  17. සිහින සැබෑවන්නේ කැපවීමෙනි..
    දැං ඉතිං යූහැම්පී අය අන්තරේ අල්ලන්නත් ඕනද?

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. 2025 දී අන්තරේ යුඇම්පී එකට ලැබෙන දායාදයක්

      Delete
  18. Replies
    1. මගේ යාලුවෙක් උත්තර දෙන්න ගිහිල්ල මළා.

      Delete
    2. ඇයි ඕයි උත්තර ගස් වලින් කඩන්නයැ. මමම එපායැ දෙන්න.. ලාබ බ්‍රා මෙන්ඩා

      Delete
  19. හෙන කාලෙකින් ආයෙත් මේ පැත්තට ගොඩ උනේ . දේශකයත් දැන් හරි විහිලු කාරයෙක් වෙලා නෙහැ

    ReplyDelete
    Replies
    1. නැතුව. මූ ජෝකර් වෙලා එක අයියකෙනෙක්ගෙන් හොඳට අහගත්තලුත් එක්ක.

      Delete
    2. නැතිව නැතිව.. අපිත් දැං ජෝකරයන් වෙන්න හුරු වෙන්න ඕන..

      Delete
  20. නැගිටපන්... නැගිටපන්... මොනවද ඔය හීනෙන් දොඩවන්නේ...

    ReplyDelete
    Replies
    1. හුහ්. අයිලාසා වතුර ගෙනැත්..

      Delete
  21. චැහ් බං...

    කාලෙකින් ආවෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලය ඉවරයි පුතී.. හැක්

      Delete