Friday, May 5, 2017

වයස කියන්න ඇඹරෙන්න එපා ඩෝ... (Mistakes make it young)

“වයස කියන්න“

ඔය  ප්‍රශ්නේ අහපු ගමන් හැමෝම ඇඹරෙනවා බෝම ටික දෙනෙක් ඇර. මම ඊයේ ගියා උපවාසාත්මක ලේ සාම්පල් පරීක්ෂාවකට. ඔහේල දන්නෙ තැනිවට මට හොදටෝම කොලෙස්ටරෝල්. දැං මාස හයකට උඩදි ඔය තත්වය මතු වෙලා මං බෝම බය වෙලා ගිඩිස් ගාලා බේත් ගන්න ගියා. ඒ බ්ලඩ් රිපෝට් බලපු පාදෙනිය මහත්තයා.. සොරි දොස්තර මහත්තයා කිව්වේ බුඩාම්මේ හොදටම වැඩියි. දැං ඉතිං ඔය අනං මනං විකාර නතර කරල හැදෙන්න බලන්නය කියලයි .එහෙම කියල welcome atorvastatin කියල බේතක් දුන්නා මිලිග්‍රෑම් 20 එකක් රාත්තිරියට කෑමෙන් පස්සේ පානය කරන්න. ඔය වෙල්කම් කෑල්ල මං දැම්ම එකක් මිසක්කා බේතේ ගහල තියෙන්නේ Atorvastatin කියල විතරයි. ඉතිං බේත් ටික දීලා ඉවර වෙලා මෙන්න මේ උපදෙස් ටික දුන්නා.

කෑම පාලනය කරන්න.
තෙල් ආහාර, මස් අනුභවය වහාම නවත්නන්න.
පොල්කිරි ඉතා අඩුවෙන් ආහාර සකසන්න.
පොල්කිරි බ්ලෙන්ඩ් නොකරන්න. (Blender භාවිත නොකරන්න)
ආහාර ගැනීමෙන් අනතුරුව තරමක රස්නය ඇති ජලය පානය කරන්න.
දිනකට විනාඩි තිහක් ඇවීදීමේ ව්‍යායාමයේ නිරත වීම

ඔය කිව්වත් වගේ දොස්තර මහත්තයට පිංසිද්ධ වෙන්න මුල් මාසේ විතර ඒ කිව්ව විදියටම කෙරුනා බයටම. දෙවැනි මාසේ වගේ වෙද්දී ව්‍යායාමයට ඇවිදින එක දවසක් ඇර දවසක් වගේ වෙන්න ගත්තා. දැං කොලෙස්ටරෝල් ටිකක් බැහැල ඇති ඒක නිසා ඔච්චරටම මහන්සි වෙන්න ඕන නෑ වගේ හිත සනහනගත්තා. තවත් ටික දවසක් යනකොට ගෙදරින් හදන කෑම එකෙත් වෙනස් කම් වෙන්න ගත්තා. ආහ්. අමතක උනා කියන්න. ඔය දවස් වල සෙට් වෙච්චි වෙඩින් වලටවත්, දානෙ ගෙවල් අර ගෙවල් මේ ගෙවල් වලදීවත් තෙල්දාපු කැමක් කන්න උත්සාහ කරේ නෑ. ඒ මදිවට මං ලෙඩා බව දැනගෙන යන යන පාටි වල තෙල් නොදාපු කඩල, එළවලු තම්බල හෙමත් මට අනුකම්පාවෙන් හදල තියන්න යාලුවෝ වගබලාගෙන තිබුනා. දැන් මාස දෙකක විතර ඉදල කිසිම රහක් නෑනේ.. අර දොස්තර මහත්තයා දීපු අවවාද, අනුශාසනා තඹේකට මායිම් නොකරපු මං පරණ පුරුදු ජීවිතයටම බැස්සා. තෙල් දාපු මස් ගාත, බටර් චීස්, කොත්තු, රයිස්, පිට්සා අරව මේවා හැමදේම කැවා. ව්‍යායාම.. පිස්සුවක් ඇතෑ. ඒකත් නවත්තලම දැම්මා.

ඉතිං දැං මට හොදයිද?

කියන්න කනගාටුයි සහෝදරවරුනි... ඊයේ කරපු පරික්ෂණයෙන් ඔප්පු උනා මං තාමත් ලෙඩෙක් කියලා. මුලින් වතාවට වඩා ටිකක් හොද උනාට, ගිලෙන්න ඉන්න මිනිහට පිඳුරු ගහෙන් ඇති සෙතක් ඇතෑ. ඉතිං මං ආයි මාස දෙකක්වත් දොස්තර මහත්තයා කියපු දේවල් මෙනෙහි කරමින් ඒ ටික කරන්න යන ගමන්.

දැං මං පටන් ගත්තේ ලැබ් එකට ගියපු තැනින් නෙව. එතනට මං ඉද්දීද්දිම ආවා මටත් වඩා වයස තරුණයෙක්.

“සර්. ෆාස්ටින් හිටියද?“

“ඔව්. පැය දොළහක්.“

“සර්. කීයටද අන්තිමට කෑම කැවේ“

“ඊයේ රාත්තිරි 7.45 ට“

“ඊට පස්සේ තේ එකක් වත් බිව්වේ නෑනේ“

“නෑ“

“සර්ගේ නම“

“චාමර“

“වයස“

ඔන්න ඔතනදි තමා මගෙත් ඇස් උඩ ගියේ. මේ හාදයා ටිකක් තටමල පොඩ්ඩක් පරක්කු කරල ඒක කියන්න කාලය ගන්න කොට මං මිනිහා දිහා බැලුවා. ඇයි දෙයියනේ නිළියෙක් මාධ්‍ය සාකච්ඡාවකට ගියා වගේ නේ.. උත්තරය නෑ. කෝම හරි බෝම අමාරුවෙන් මිනිහා කිව්වා “විසි නමයයි“ කියලා. ඒ කිව්ව ගමන් එයාගේ වයිෆ් වෙන්න ඕන පැනපු ගමන් කියපි “නෑ නෑ විසි අටයි“ කියලා. මිනිහත් ලැජ්ජාවට පත් වෙලා ආයි කියනවා “ඔව් විසි අටයි“ කියලා. මේ අලකංචියට මැදි උනා ඩර්ඩන්ස් ලැබ් එකේ නංගි කියනවා “වැරදුනා නේද.. හ හ හ“. ගහන්ඩ තිබ්බේ මූණ දෙක වෙන්න ඔහොමත් ලැජ්ජාවට පත් කරනවද තමන්නේගේ කස්ටමර්ලා.. නේද?

ඉතිං ඕගොල්ලෝ හිතනවා ඇති මං වගේ අවංක කෙනෙක් එකපාරටම වයස කියයි කියල නෙහ්. අන්න ඒකනේ.. මටත් තත්පර පහක් දහයක් ගියා කියාංකෝ මගේ වයස හරියටම හදාගන්න. ඒ්ත් මම නං පරක්කු වෙලා හරි ටක්කෙටම වයස කිව්වා.

හැබැයි ඔය ප්‍රශ්නය වැඩියෙන්ම බලපාන්නේ දරුවන්ගේ උපන්දිනය කියන්න ගියාම. එ් හාදයෝ චැනල් කරල පෙන්නන්න ගියාම හරි වෙන කොතනකට හරි ගියාම දරුවන්ගේ වයස ටක්කෙටම කියන්න නං ටික වෙලාවක් හිතන්න වෙනවා. 

ආන්න දැක්කද,, අපිට ඉස්කෝලේදි උගන්නපු අයියල කියල තියෙන්නේ “සුදානම් නොවී නොසිටිනු“ කියල නෙව. ඒ උනාට එව්වා කව්ද අහන්නේ. මරු වැඩක් උනා එක දවසක්.

ඔන්න අපේ ලොකු එකා ඉස්කෝලේ දාන්න චක්‍රලේඛ ප්‍රකාරව සුදුසුකම් හදාගනිමින් ඉන්න කාලය මේක. ඒක නිසා මං ඉල්ලන ඉස්කෝලෙට ආසන්න ස්ථානයක ස්ථිර පදිංචිය තියෙන්න එපැයැ. අවුරුදු පහක් ඡන්දහිමි නාමලේඛණයේ නම තියෙන්න ඕන උනත් පහු ගිය අවුරුදු වල ළමයි ඇතුල් කරපු ලකුණූ මට්ටම බැලුවම ඡන්ද නාම ලේඛණේ අවුරුදු හතරක් නම තිබ්බත් ඇති. අනිත් ලකුණූ ටික හොර අව්‍යාජ සහතික වලින් ගොඩ දාන්න පුලුවන්. ඒක නිසා කොල්ලට අවුරුද්දක් පිරිච්චි ගමන්ම ඉස්කෝලේ කිට්ටුව ඇඩ්‍රස් එකක් හොයාගෙන ඒ චන්දනාම ලේඛණේට මගේ නම දාගන්න මැතිවරණ කාර්යාලයට දුන්නා ඇපීල් එකක්. ඔය ඇපීල් එකට අවශ්‍ය පරික්ෂණයට සහභාගී වෙන්නය.. ඒකට අවශය ලියකියවිලි අරගෙන එන්නය කියලා ස.මැ.කො. මට ලියුං කරදහියක් එවල තිබුනා. ඉතිං ඒ දිනේට හොදට සුදානං වෙලා කියන දේවල් මොනවද කියලත් දවස් ගානක් තිස්සේ වයිෆ් එක්කත් සාකච්ඡා කරල අපි ගියා පරි්ක්ෂණයට. එතැන ඉන්නවා ස.මැ.කො. යි, ග්‍රාම සේවකයි (ඒ යකාට නං මාව මතකයි.. මිනිහා ගාව අඩා වැටිච්චි නිසා) තව කව්ද දෙන්නෙකුයි හිටියා.

ස.මැ.කො. තමයි පරික්ෂණය මෙහෙයවන්නේ. මුලින්ම අහන සම්ප්‍රදායික ප්‍රශ්න ටික මම අතැරල දැම්මා.

“ඇයි ඉතිං ඇපීල් කරන්න බලන් හිටියේ?“

“මේකනේ සර්. මම මේ අවුරුද්දේ තමා ට්‍රාන්සර් ආවේ“ (රෙද්ද තමා.. මීට අවුරුදු දෙකකට කලින් ආවේ)

“ආ.. ඒක නිසා ඇප්ලිකේෂන් කෝල් කරපු වෙලාවේ දාන්න බැරි වෙලා. අපේ ග්‍රාම සේවක මහත්තයා මොකද කියන්නේ.. අපි නම් දෙක දාමුද?“

“ප්‍රශ්නයක් නං නෑ සර්. මොකද ඒ ගෙදර කට්ටිය තාවකාලික බදු ඔප්පුවක් දීල තියෙනවා“

“හොදයි මහත්මයා. එහෙනං ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඉතිං ඕගොල්ලන්ට බබාල හෙම ඉන්නවාද?“

“ඔව්. එක පුතෙක් ඉන්නවා“ 

“වයස කීයක්ද දැං පුතාට“

“තාම අවුරුදු එකහමා..... හත.....රයි.... රයි

ඔහොම මං උත්තරේ දෙද්දීම, අතරින් පැන්න වයිෆ් කියාපියකෝ හතරයි කියලා. දැං ස.මැ.කො. තුමා ග්‍රාමසේවක මහත්තයගේ මූන බලනවා. අනිත් දෙන්න මුණු බලාගන්නවා. දැන්නං මට එතන පුටුව යට විශ්වයේ අනික් කෙළවරින් මතු වෙන්න සිදුරක් තිබුනත් පනින්න තරං හිතයි. ඔළුව උස්සල බලන්න හිතෙන්නෑ. ඇස් වලින් කඳුළු පනින්න ඔන්න මෙන්න. ආයි මැකෝ.

“දැං මං කාගේ උත්තරයද පිළිගන්න ඕන.. හා හා. ඕගොල්ල ලබන පාර ලිස්ට් එකට නම දාලා ඉන්ටර්විව් එන්න. ඒ එනකොට දරුවගේ වයස හරියටම දැනගෙන එන්න.. හොදයි ගිහින් එන්නකෝ හෙනං“

එළියට බැහැල පොළව පලාගෙන දුවන්නේ මොන වෙලේද කියල බලං හිටපු මිනිහට පොළව පලල දුන්නා වගේ මාත් ඒ සැනිං දුවගෙන ගියා එළීයට. ඒ අහළ පහළවත් ඉන්න ඇහැක.. මුළු ඔපීසියම මට හිනා වෙනව වගේය කියන හීන මානෙත් ඇති උනා. වයිෆුත් ඇදගෙන එළියට ගිහිල්ලා යාන්තං හුස්ම ටිකක් ගත්තේ නැත්නං කලන්නේ දාන්න තරං අවුල් වෙලා හිටියේ. දැං ඉතිං ඔය ගැන කතා කරල වැඩක් නෑනේ. කොහොම කරත් මං ඇත්ත කිව්වත් මං නේ වැරදි වෙන්නේ කියල මං කට වහගෙන උන්නා. ඒ උනත් ස.මැ.කො. තුමා අතටම දීපු චැන්ස් එක වචනයකින් විනාස කරගත්තා කියල හිතන එක අදටත් කනගාටුවක් ඇති වෙන සිතුවිල්ලක්.

කෝමින් කෝම හරි චන්ද ලේඛණේ නම, එක අවුරුද්දක් අඩුවෙන් හරි ඊළග අවුරුද්දේ කිසිම ප්‍රශ්නයක් නැතිව දාලා ඇප්‍රව් කරන්න ඒ හිතවත් ස.මැ.කො. කටයුතු කළා මොකද වටින් ගොඩින් මාත් පොඩි බෝලයක් බැස්සුව නිසා. නැත්නං ඕව්වා කරගන්න පුලුවන් වැඩය ආයිබෝං. එහෙනං මං ගියා.

හොව්. හෝව්. යන්න කලින් කියන්නේ. තමන්ගේ හරි දරුවන්ගේ හරි වයස කියන්න ඕන තැනකට යනවනං ඔය මහත්තැන්ල පොඩ්ඩක් සුදානං වෙලා යන එක කෝකටත් හොදා. නැත්නං නිරපරාදේ මං වගේ කපටියන්ට අහු වෙන්න පුලුවන්. චියර්ස්.. (අද බොන එක ගැන මුකුත් කිව්වේ නැතිව හිතට හරි නෑ නෑ වගේ)

මේකත් ලී කුට්ටියට

74 comments:

  1. දරුවා ඔබට කොලෙස්ටරෝල් තියන හින්ද මෙන්න මේ බෙහෙත් වට්ටෝරුව හදාගෙන බොන්න. පවනේ වියලා කැබලි කර ගත් මුරුංග කොල සහ කුඩුකරගත් කුරුදු සමසමව ගෙන මීපැණි එක්කොට මදනමෝදකයක් පමන ඝනකම් තලපයක් ලෙස සකසා තේ හැදි බාගයක් පමන දිනපතා මාස දෙකක් සෑම කෑම වේලකට පසු මදන මෝදක කෑ ලෙසටම කන්න. අත්දුටුයි , ප්‍රත්‍යක්ෂයි කොලෙස්ටරෝල් දූරිංභූත වී යනු ඇත.

    ReplyDelete
  2. වයස නේ කියන්න බැරි, එහෙනම් පඩිය කීයද?

    ReplyDelete
    Replies
    1. වයිප් නොදන්න ඒවා රසිකට මක්කටද?? හැක්

      Delete
  3. මට මගේ වයසනම් ඕනේ හැටියේ කියහැකි.. අවුලක්ම නෑ.. ඒත් ළමයින්ගේ වයස අමතක වෙනවා.. කොල්ලෝ දෙන්නගේ නම් දෙකත් පැටලෙනවා.. හැක්. එහෙම චන්ද ලැයිස්තුවට නම දා ගන්න මැකෝ හම්බවෙන්න ඕනෙද? මම නම් කවදාවත් එහෙම ගිහින් නෑ..

    ReplyDelete
    Replies
    1. සමාර වෙලාවට මටත් පැටලෙනවා බං. ඇයි ඉතිං විසි පහේ තිහේ කොල්ලා කියල නේ හිතං ඉන්නේ පපුව පුම්බගෙන.. හැක්..

      මේමනේ කමියෝ. ඔන්න මේ අවුරුද්දේ චන්ද නාම ලේඛණයේට නම් දාන්න දීපු කාල සීමාවට නම දාන්න බැරි උනොත් අභියාචනා දාන්න කාලයක් දෙනවා. ඒ කාලය ඇතුලත ඇපීල් කරොත් ඒක පරික්ෂෘ කරල තමා නම ඇතුලත් කරන්නේ.. අර මුලින් කිව්ව නියමිත කාලය තුල නම ඒ ලිස්ට් එකට දානවනං කිසිම වදයක් නෑ. ඒත් අපි වගේ පිටින් බැස්ස උන්, ඒ වගේ ජනප්‍රිය පාසැල් ආසන්න ගෙවල් වල නං දානකොටම ග්‍රාමයා ඒ පාරේ තියෙන පාසැල රැකගැනීමේ සංගමයට නම දෙනවා.. බෝම පරිස්සමින් ඇපීල් වලට නම දාල ගොඩ ගියේ.. හැක්

      Delete
  4. එව්ව හරි කියමුකො.. දැං අංකල්ගෙ වයස කීයද හා?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අන්න ප්‍රශ්නය. පුතා.. මේ විශ්වීය සන්දර්බය ඇතුලේ අපේ ජීවිත හරියට කැන්ස මැජරිස් වගේ.. ඒ එන එක ආලෝක කදම්මබයක වත් සාපේක්ෂ දුර හොයාගන්න බැරි හෝ සාපේක්ෂ වයස හොයාගන්න බැරි කාලකන්න ගොඩක් අපි තාම. එහෙව් එකේ විශ්වයේ පරිනාමය, විශ්වයේ ජීවය, එහෙම නැත්නං පෘතුවිය ඇරෙන්න වෙනත් මන්දාකිණියක තියෙන ජීවය වයස ගැන හොයන අපි තාම ජාතියක් විදියට ඉන්නේ රින මට්ටමේ. ඒ කියන්නේ අපිට තාම බැරි වෙලා තියෙනවා හරියටම පෘතිවියේ වයස පවා තේරුං ගන්න. තාම අපිට බැරි වෙලා තියෙනවා පෘතිවියේ සියලු පදාර්තයන් හදුනාගන්න. එහෙව් ලෝකෙක අන්නේකයි මං කියන්නේ.. තේරුනානේ. හැක්

      Delete
    2. ඩීන් අයියා වයස දැනගත්තා යැයි සිතමි. හැක්

      Delete
  5. ඉන්න ටිකේ තම්බිගේ හරක් මස් ෂුප් එක්ක රෝස් පාන් කාලා ආතල් එකේ ඉන්නවා අයිසේ. කොහොමත් මැරෙන එකනි. හරියට නොකා නොබී වැඩිපුර ජිවත් උනාට වැඩිය හොදයි හොදට කාලා බීලා, ඩ්‍රින්ක් එක දාලා කොටු පැනලා අවුරුදු 40 ක් හිටියා නං. සමහර එවුන් මෙලෝ රහක් නැතුව අවුරුදු හැට හැත්තෑව ඉන්නවා. මොකටද එහෙම ජිවිත.

    අනික තමයි හොද කාලා බීලා ඉන්න එවුන් මැරෙන්නෙත් ටුක් ගාලා හාර්ට් ඇටෑක් එකක් ඇවිත්. එහෙම මැරෙන එකත් වාසනාවක්. නාකි වෙනකන් ඉදලා අනික් එවුනටත් කරදර කරලා දුක් විදලා මැරෙන එක නං මට පෙන්නන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මේකටනම් මමත් එකඟයි

      Delete

    2. @ ඇනෝ මිත්‍රයා

      බොටත් මොකා නැති උනත් මං ගහන සුප් එක මතකයි නේහ්.. රැස්පැට් ඒකට.. ඔන්න ඔය කිව්ව සේරම හරි. මාත් කවදා ඩෝං ගාලා යාවිද මන්දා. එදාට නංෆුල් ෆන් තමා. හැබැයි කාලයක් ඉදල විදවල යනවනං වැඩක් නෑ අප්පා. සුවිස් ගිහිල්ලා හරි මැරෙනවා.. ජය ජය බෝලිනාත්

      Delete
  6. පොස්ට් එකේ සැහැල්ලුව හා හාස්‍යය අගේය.

    ඔය කොලෙස්ටරෝල් උලව්ව මට්ටු කරන්න ඕන දෙයක් හැබැයි Life style changes නම් අවශ්‍යයි. ඔය වෙල්කම් මාත්‍රාව පටන් ගත්තාම ඒකාට ආයුබෝවන් කියන්න _දෙනියේ මහත්තැන්ලා ඉඩ දෙන්නේ නැහැ. පොඩි පොඩි මාත්‍රා එයාලට ලොකු ලොකු පැකේජ් හදනවා කියනවා නෙවැ.

    ටෙන්ෂන් කියන එකත් කොලෙස්ටරෝල් වලට බලපානවාලු.

    ReplyDelete
    Replies
    1. ඔය වෙල්කම් බේත් වල සීනි නග්ගවන වෙන බේතක් තියෙ ්කියල මං අහල තියේ ඩීන් අයියේ..

      සමහර වෙලාවට ටෙන්ෂන් තියෙනවා. හැබැයි හැම වෙලේම නෑ. ඒක නිසා අවුලක් නෑ

      Delete
  7. Replies
    1. මොකක්ද බං මිතිලයා. එක දිගට පෝස්ට් තුනකම උඹ වැටවල් ගහල ඉතරයි නේ.. හැක්

      Delete
  8. චන්ද හිමි නාමලේඛණය පරිගණකගත කරන කාරිය ආරම්භ කර තියෙනවා. පයිලට් ප්‍රොජෙට් එක හැටියට ගාල්ල ඇතුලු දිවයිනේ දිස්ත්‍රික්ක තුනකින් එය ක්‍රියාවට නැංවෙනවා. මූලික වශයෙන් චන්ද හිමියන්ගේ ලයිස්තුව සැලකිල්ලට ගැනුනද ගෘහයක වෙසෙන හැමගේම විස්තර එකතු කරන්න පියවර ගත්තා පසුගිය වසර අගදී. මෙය පැසසිය යුතු පියවරක්. ප්‍රොජෙක්ට් එක අමාත්‍යාංශ කිහිපයක බාරකාරත්වය දරනවා, ඩිජිටල් ඉන් එකක්.

    මගේ පුද්ගලික අදහස නම් ටෙක්නිකලි වැඩේ මීට වඩා පලදායීව කරන්න තිබුණා පුද්ගලයීන් (රටවැසියන් හැමදෙනා) ලියාපදිංචි කිරීම කේන්ද්‍ර කරගෙන පටන් ගත්තා නම්, එහෙම නොවුන එකෙන් වෙන්නේ NIC වගේ පොදු විස්තර අතන මෙතැන හැමතැනම ඩුප්ලිකේට් වීම, ඒත් ඉතිං මෙහෙම හරි කොලා මැදැයි.

    දරුවෙකුගේ උප්පැන්නය නිකුත් කිරීමේ පටන් අදාල ලේඛණය අප්ඩේට් කෙරෙන විදියට වැඩේ යෙදුනොත් මේ උත්සාහය වඩාත් පලදායී හා සාර්ථක එකක් කරගන්න පුළුවන්, අපේ රටේ සිවිල් පරිපාලනය පුරා ඕඩු දුවපු බියිරෝක්‍රසිය හැදේවි නම්...

    ReplyDelete
    Replies
    1. අපි පොසිටිව් ඉමු.. නියාමක ව්‍යාපෘති හරියට බග් ෆ්‍රී කරල ගන්න ඕන.. ජය වේවා ඩීන් අයියා

      Delete
  9. හා... උඹටත් කෙළවෙලාද, මමත් ඔය පස්සෙන්ම එනව බං, දැනට නම් ලොකුම අවුලකට තියෙන්නෙ ඉතිං බඩේ ගින්දර තමා. වෙලාවට කලාවට කරගන්න බැරිවෙන එක ඇරෙන්න කන එව්වයෙ හොඳ නරක, ප්‍රමාණෙ ගැන නම් ශත පහකට ගනන්ගන්නෑ, ඇදල අරිනව මිසක. මළත් ඉතිං කාලා තමයි.

    ඔය වයස් ප්‍රශ්න එන්නෙ අයියා පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ විතර වයස හාදයොන්ට. හැක්...

    ReplyDelete
    Replies
    1. හපෝ බඩේ ගින්දරද මටත් තිබුනා. හැබැයි මම කොහේදී හරි දැක්කා දියබත් බෙහෙත ගැන. ඒක නම් සාර්ථකයි කියලා කියන්න ඕනේ.

      Delete
    2. //ඔය වයස් ප්‍රශ්න එන්නෙ අයියා පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ විතර වයස හාදයොන්ට.//

      ඉතිං හරිනෙ. මූට පුත්තලං බූරුවො තුන්දෙනෙක්ගෙ විතර වයසනෙ.

      Delete
    3. මල්ලි ඩීඩීටී.. උඹ දකුනේ එකෙක් නේද?? අපෝ උන්ට හැදෙන ලෙඩ ගැන කියල වැඩක් නෑ. ඉරිසියාව කුහක කම, පෙරේත කම හැම එකක්ම එක්කයි ඔව්වා පැටලෙන්නේ. හැක්..

      පුත්තලං බූරුවෙක් කියන්නේ මට වඩා බාල කොල්ලෙක්නේ බං..

      @ සයුරි
      දියබත් ඇග නිවන්න හොදයි කියල අපේ අම්මත් ඒ කාලේ කවනවා..

      @ ප්‍රසා.
      කෑවනං බිව්වනං ගෙදර පල

      Delete
  10. කොලෙස්ටරෝල් වලට කළු දුරු හොඳයි කියලා මම අහල තියනවා. මේ ඒක නෙමේ ඔබතුමාගේ වයස කීයද ?

    ReplyDelete
    Replies
    1. කොලෙස්ටරේා්ල වලට වඩාත්ම හොද කුරුදුලු..

      වයස සම්බන්ධව ගස් ලබ්බාට දුන් විදග්ද පිළීතුර බලන්න මැතිණිය... හැක්

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. කවුද ඩෝ චාමර කියන්නේ??

      Delete
    2. මාර චා කෑල්ලක්.

      Delete
    3. කව්ද ඩෝ ආතර් ගෙන්නුවේ.. නදීකා..

      Delete
  12. ගොරක කරපින්ච යහමින් කාපල්ල ළමයිනේ කොලස්ටෝල් මොන උලව්වක් වුනත් හැඳි ගෑවිලාම යනව කියල මං අහල තියනෝ ඒකත් අත්හදා බලපල්ලා

    ReplyDelete
    Replies
    1. එළවළු වල තියෙන විස උරාගන්න නිසා මාළුවට දාන කරපිංච කන්න හොඳ නෑ කියල කියනව නේද?

      Delete
    2. ඔව් ඔව්. ගුණේ. මුලින්ම නං ගොරක අඹරල ගුලියත් ගිල්ලා. කරපිංච අමුවෙනුත් කෑවා.. කොයි.. අඩු වෙලා නෑනේ. හැක්

      Delete
  13. ඊයේ පෙරේදා දවසක මිත්තරයෙක් වයස ප්‍රශ්නයක් නිසා හැදුනුම්පතත් පරික්ෂාවට ලක් කොළා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්.. නාකි අය හිතන්නේ එ් අය තරුණයි කියල නේ.. ඒකට කරන්න දෙයක් නෑ. ඒ අයගේ මෝඩ දැක්ම. හැක්.. එපා වෙනවනේ

      Delete
  14. විචාරක්ගේ මරණය සිදුවුයේ කොලෙස්ටරෝල් නිසාද නැතිනම් වෙනත් කුමන පිළිකා රෝගයක් නිසාද?

    ReplyDelete
    Replies
    1. නෑ මචං. විචාගේ ලොකු දූ කිව්ව විදියට නං 2017 ජනවාරි 30 හදුනාගත්ත ලන්ග් කැන්සර් එකක්.

      Delete
    2. අක්මාව හා ආශ්‍රිත ඉන්ද්‍රියන් වෙත ව්‍යාප්ත උනු කැන්සර් එකක් කියල නෙව කිව්වෙ.මොකක් නමුත් පිළිකා තත්වයක්.

      Delete
    3. මට මතක විදියට කිවේ ලන්ග් කැන්සර් එකක් කියලයි බං...

      Delete
    4. කාපු බීපු වෙලාවට කාටවත් එලොවක් නෑනේ ප්‍රා. හැක්

      Delete
  15. යස වැඩේ බොට බිත්තර ඔම්ලට් ගිලිනවට. හැක්..

    මගේ වයසනං අවුලක් නැතුව ඕන තැනක කියන්න පුලුවන් උනාට ගෙදර උන්දැගෙ වයස ඇහුවොත් තමයි කොර වෙන්නෙ. ළමයත් ඉස්කෝලෙ යන හින්ද ඉන්න පංතියට 5 ක් එකතු කරල වයස කියාගන්න පුලුවං.

    ReplyDelete
    Replies
    1. අපි ආපු වෙලාවක කතා කරමු... හරිනේ

      Delete
  16. ඒක නෙමෙයි, ඇත්තටම අංකල්ගෙ වෑස කීයද?

    ReplyDelete
    Replies
    1. උඹ මගේ මාමන්ඩිය වෙච්චි ඕක දන්නේ නැද්ද?? සෙද්ද

      Delete
  17. සත පහකට වැඩක් නැති පල් හෑලිත් ලී කුට්ටියට බාර ගන්නවද බං?

    ReplyDelete
    Replies
    1. ආන්න පුරස්නේ.. ඔය ලී කුට්ටියේ දැං කමෙන්ට් කලාවේ පියා විදියට උඩින් ඉන්න අය ලස්සන හර බර කමෙන්ට් දාන අයද?? නෑනේ.. තමන් දන්න අදුනන කස්ටියට කියල වෝට් එකක් අරං එක පාර රොකට් වගේ උඩ ගියපු අය. බ්ලොග් කාරයෝ හිතන් ඉන්නේ උන්ට වඩා හොද මේ තුන් ලෝකේම නෑ කියලයි. ඒව්වා නිකං කැපී පේන්න මවං පොර වෙන්න කරන වැඩ. ඉතිං එහෙම හිතා ඉන්න ලාබාලයෝ ඡන්දේ දෙනවා. මේක හෙැාදම නෙමෙයි ජනප්‍රිය එක තෝරන එකක් නේ. ඉතිං ඕන විදියට ඉන්බෝක්ස් ගිහිල්ල කැන්වසින් කරාට අවුලක් නෑ. හැබැයි මතක තියාගන්න මේ පෝස්ට් එක හාල් කෑල්ලක් වගේම ඒ කැන්වසින් යන අයත් හාල් කෑලිම තමා. සිදුනද මන්දා.. හැක්

      Delete
    2. ඉඳහං මෙච්චර කාලෙකට ඔය ලී කෑල්ලට හොර ඡන්ද දැම්මෙ නෑ. යන විදියට හෙටම වැඩේ පටං ගන්න වෙයි වගේ. හැක්..

      Delete
    3. ගහපිය ඇති තරං හොර චන්ද.. හැක්

      Delete
  18. atovastatine හෘද රෝගියෙක් වන මගේ පියාත් කාලයක් පාවිචිච්කලා
    තෙලේ වැඩි වෙලා දැන් Praසන්ன

    ReplyDelete
    Replies
    1. උෟටනං තෙලේ වැඩිවෙලා තමයි. හැක්..

      Delete
    2. //තෙලේ වැඩි වෙලා දැන් Praසන්ன//

      හරිනේ. බ්ලොගේ අයිතිකාර ප්‍රසන්න මහතා උත්තර දීල නේ මං එන්න කලින්.. හැක්

      Delete
  19. අම්මපා. මං මේ කියවන්න යන ගමන් බං.. ස්තුතියි හොදේ..

    ReplyDelete
  20. මට හිතෙන්නෙම ඔබතුමාට පනස් හයයි කියලා ;)

    ReplyDelete
    Replies
    1. කෙස් දෙක තුනකින් තමා මිස් වෙලා තියෙන්නේ.. හැක්

      Delete
  21. දැන් පරක්කු වෙලා හරි ටක්කෙටම කියපු වයස කීයද හැබෑට???

    ReplyDelete
    Replies
    1. මට ඒ වෙලාවේ කිව්ව එක මතක නෑ.. හැක්

      Delete
  22. මට නම් දේශාගේ වයස ඕනේ නැහැ.උඹට අයියා කියන්න පුළුවන්,මාමා කියන්න පුළුවන්,බං කියන්න පුළුවන්.තව මොකටැයි වයසක්.

    ReplyDelete
    Replies
    1. ආන්න එහෙමනේ පිට් කොල්ලෝ.. හැක්

      Delete
  23. පෝස්ට් එකෙන් කියතෑකි තාම තිහ පැනලා නෑ

    ReplyDelete
    Replies
    1. උඹට මොනාද බං ඕනා.. ඕනම දෙයක් දෙනවා ඉල්ලහං.. හැක්..

      Delete
  24. Atorvastatin ගන්නවනම් SGPT/SGOT ත් චෙක් කොරන්න වෙයි. වැඩිවෙලා තියනව නම් බොන නිසා නෙමෙයි බේත් නිසා කියල පාදෙනිස්තර මහත්තයා කියයිනෙ

    ඒක නෙමෙයි මේ බ්ලොග් එකේ උඩ දකුණේ පින්තූරෙ ඉන්න මනස්කාන්ත මහත්තයගෙ වයස කීයද?

    ReplyDelete
    Replies
    1. ඒ දැකුම්කළු මහතාගේ වයස හරියටම පවසා කොන්ක්‍රීට් තට්ටුවක් දිනාගන්න.

      Delete
  25. ඉක්මනටම විචාරක ගිය පාරේම යයි වගේ. එහින්දා ඔය කොහෙන් හරි සම්මානයක් හොයාගන්න.නැතිනම් කවුරුත් ගණන් ගන්න එකක් නැ.මලා කියුවට

    ReplyDelete
    Replies
    1. යන වෙලාව ගැන නං හිතාගන්න බෑ. ඒක නිසා පොඩි සුදානමකින් ඉන්නේ.. ලී කුට්ටි කෑල්ලක් වත් ගන්න ඕන.. නැත්නං වැඩක් නැති සයිස් එකක් තමා.. හැක්

      Delete
  26. මමත් කොලෙස්ටරෝල් මාර්ජින් එකේ ඉන්නේ.. සීනිත් එහෙමලු. ඒ කියන්නේ දැන් මම සිරා වැදගත් පොරක්.. බඩත් ගානට.. හාට් ඇටැක් එකක් හැදිලා මළොත් ආයේ ෆුල්ම පොෂ් තමා.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පොෂේ පොෂ් වේවා.. හැක්

      Delete
  27. හා හා දේශා දීර්ඝායු වේවා ! තව බොහෝ කල් දිනේවා.

    ReplyDelete
  28. වසන්තයා ඉවරයි ඩෝ. කෝ මේකා. හැක්..

    ReplyDelete
    Replies
    1. හෙ හෙ. ලී කුටිටියට කිටිටු කරන්නවත් බැරි උනා බං එක චන්දයක් වත් නෑ.. හැක්...

      Delete
  29. දැං තෝ වයස කියන්න බැරි හින්දද මෙතෙන්ට එන්නැත්තෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇයි අවුල්ද?? හැක්

      Delete
  30. දේශකයා මහතා වෙත ආදරයෙන් ලියන්නේ ජීවිතේ ගැන වගකීමෙන වැඩ කරන්න. කෙනෙක් නථිවූ විට එහි දුක ඔහු වට ඉන්න අයටයි කොලෙස්ට්‍රරෝල් බෙහෙත් ව;ඇත වඩා කෑමෙන් පාලනය කල හැකිය. සාම කාම වේලකට අඹරපු කරපිංචා ගුලියක් කන්න. මාළු කන්න බිත්තර හා මස් නොකන්න

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ටු මයි බ්ලොග්.. හපොයි මං තාමත් හැමදේම කනවා බොනවා. කවදා යයිද දන්නෑ කියල හිතමින් ඉන්නේ..

      Delete