Sunday, November 9, 2014

දියරකුසා, අකු දත්, අගසව් හා ලංකාවේ සමාගම්!!

ඉස්කෝලේ යන පොඩි දරුවන්ට සමහර වෙලාවට කොයි තරං දේවල් කියල දුන්නත් ඒ හාදයෝ ඒවා කනකට මායිම් කරන්නෑ. අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව නං ඒක වෙන්නේ මෙහෙමයි. දරුවෙක් පන්තියේ වාඩි වෙලා ඉගෙන ගන්නවා කියල පුටුවේ වාඩි උනාට, හුරුකමක් නැති කමින් ඒ ළමයා ගුරුවරයාගෙන් නික්මෙන වචන වල තේරුම මොළයට ගන්නේ නැහැ. ළමයා අහගෙන හිටියට ඒ වචන වලින් කියවෙන අදහස ගෙඩි පිටින්ම මොළය තුලට ගමන් නොකරන නිසා තමා ඔය අධ්‍යාපනවේදියෝ කියන හාදයෝ විටින් විට නොයෙක් උපක්‍රම භාවිතා කරමින් අධ්‍යයන ක්‍රම වෙනස් කරන්නේ. පෙළපොත් වෙනස් කරන්නේ. ඒවයේ පිළිවෙල වෙනස් කරන්නේ. කෝම උනත් පාසැලට බාර දීලත් අවුරුදු දෙක තුනක් යනකං ළමයයෙකුට නිසි පරිදි මානසික සංවර්ධනයක් සිදු වෙමින් පවතින නිසා බහුතරයකගේ ඇහුන්කම් දීම, තේරුම් ගැනීම තරමක් දුරුවල මට්ටමකයි පවතින්නේ.. 

ඒකට අපි. අපිට පොඩි කාලේ කියල දීපු ඕන දෙයක් එක පාරින් මතක හිටිනවා. කරුමෙට දැං තමා කොටල පෙව්වත් මෙලෝ දෙයක් මතක නොහිටින්නෙ. රජයේ සේවකයන්ටත් ඔය තත්වය වෙන්ටැති සිද්ධ වෙලා තියෙන්නෙ. ඒකනේ ඔය රාජ් වගේ හාදයොන්ට මොන වැඩේ බාර දුන්නත්, දහ දොළොස් පාරක් ඇවිත් ඇගිල්ලෙන් අනින්න ඕන ඒක මතක් වෙන්න.. හැක්..

ළමයින් යම් යම් දේ නිසි පරිදි තේරුම් නොගැනීම නිසා සිදු වේචිචි සත්‍ය සිද්ධි කිහිපයක් මටත් අහන්න ලැබුනා.

මේ ළමයා ඉන්නේ හතර වසරේ. මටත් මතක නෑ ඒ පන්තියේ තියෙනවලු දිය රකුසා කියල පාඩමක්. ඉතිං විභාගෙට මෙන්න මේ විදියේ ප්‍රශ්නයක් ඇවිත්.

පහත සදහන් වගන්ති කියවා ඊට ගැලපෙන අයුරින් වාක්‍ය පහක් ලියන්න.

“ඊයේ සිටම චුරු චුරු හඩින් වැසි ඇද හැලෙමින් තිබුනි. අද දිනයේදීද උදේ පටන්ම වැස්ස තිබූ හෙයින් හොදහැටි රෙද්දක් පොරවාගෙන මම උදේ සිට හවස් වන තුරුම නිදාගත්තෙමි. හවස මා ඇැහැරුනේ අම්මා විසින් මහා හඩින් කරන ලද බෙරිහන් දීමෙනි. සාලයේ දොර ඇරගෙන බැලු විට අම්මා දැක ඇත්තේ දිය රකුසා සෙමින් සෙමින් අපගේ ගෙය වට කර ගෙන සිටින බවයි.“

ඕං ඕක තමා කතාවේ මුල් ටික. ඉතිං ප්‍රශ්න පත්තරයේ හැටියට ළමයෙක් මේ ඉතිරි ටික සම්පුර්ණ කරන්න වාක්‍ය පහක් ලියන්න ඕන.. මම කියන මේ ළමයා ලියපු වාක්‍ය පහ බලන්නකෝ.

මම මහා හයියෙන් “තාත්තේ තාත්තේ“ කියා කෑ ගැසුවෙමි.
මගේ කටහඩ ඇසී තාත්තාද සරම ගනිමින් විගහය මා ළගට දුවගෙන ආවේය.
වහාම ඇදෙන් ලොකු පොල්ලක් අරගෙන තාත්තා අපේ ගේ වට කර සිටින දිය රකුසාට පහර පිට පහර දුන්නේය.
තාත්තා දුන් වැර පහරවල් වලින් බේරීමට දිය රකුසා පැන දිව්වේය.
ඒ නිසා අපට අම්මා දිය රකුසාගෙන් බේරාගැනීමට හැකි විය.

මේ ළමයා හිතාගෙන ඉදල තියෙන්නේ අර බුද්ධාගම පොතේ කියන විදියේ දිය රකුසෙක් ගෙදරට ඇවිත් කියලයි. ඉතිං එහෙම හිතන එකත් වැරදි නෑනේ.

තවත් ළමයෙක් අපේ දත් වර්ග හතර නම් කරන්න කියල දීපු ප්‍රශ්නයකට දීපු උත්තරේ මේකයි.

කිරි දත්
නල දත්
පොල් දත්
අකු දත්

මෙතැනදි, පස්සේ අම්මා අහල තියෙනවා මොනවද දුවේ අකුදත් කියන්නේ කියල. ඉතිං ළමයා උත්තර දීල තියෙන්නේ අකු දත් කියන්නේ අර බුදු හාමුදුුරුවන්ටත් තිබුනා කියල මේ ළගදි පන්සලේ පෙන්නුවේ ඒවා කියලයි. හැබෑට බලන කොට පන්සලේ ධාතු ප්‍රදර්ශනයක් තිබිල “අකු ධාතු“ පෙන්නල තියෙනවා. ළමයා හිතල තියෙන්නෙ දන්ත ධාතුව වගේ අකු ධාතුවත් දතක් තමයි කියලා.

මේ දෙකේ පන්තියේ ඉන්න ළමයෙක් දහම් පාසැලේදී “බුදු හාමුදුරුවන්ගේ අගසව් දෙනම නම් කරන්න?“ කියල දීපු ප්‍රශ්නෙකට දීපු උත්තරේ.

එළුවා සහ හරකා.

සමහර විට මේ ළමයා අගසව් දෙනම කියන වචනේ අහන්න ඇත්තෙත් එදාමයි. ඒක නිසා කිසිම දෙයක් හිතාගන්න බැරිව ළමයා මොකක් හෝ දෙයක් ගැන කල්පනා කරල මේ උත්තරේ දෙන්න ඇති.

මේ කතාව නං මට කිව්වෙ කව්ද කියල මතක නැති උනත් තිලකෙගේ ජේසු කියෙව්වාමයි මතක් උනේ.

ලංකාවේ තිබෙන සමාගම් දෙකක් නම් කරන්න..?

උත්තරය
කතං සමාගම
මාමේ බාල සමාගම

මේ වගේ දේවල් වලදි අපි ළමයට තරවටු කරන්න හොද නෑ. ඒ ළමයා ප්‍රශ්නයට උත්තරය දීම අභියෝගයක් විදියට අරගෙන වැරදුනත් උත්තරයක් දීල තියෙනවා. ඒක නිසා හොද ම දේ එයා ලියපු දේ වැරදියි මෙන්න මේකයි උත්තරය කියල හැකි නම් ඊට අදාළ සාක්ෂිත් එක්ක කියල දෙන එකයි. නැතිව සමහර දෙමාපියන් වගේ “ඌරා.. ගොං හරකා.. “ වැනි වදන් භාවිතය නොවෙයි.

112 comments:

  1. යේස් ඒකනේ අපි දේශකයා කියන දොඩන දේවල් වලට මුකුත් කියන් නැත්තේ නෙහ්..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කොච්චර ආඩම්බරයක්ද බං.. උඹ නිට්ටඹුවේ යන්නැද්ද මල වදේ.. හැක්

      Delete
  2. පස් මහ බැලුම් ලියන්න කිව්වම. රතු බැලුම්, සුදු බැලුම් කියලා ලිව්වලු නේ..

    උඹට මතකද 9-10 පන්තිවල විජ්ජාත්මක් හේතුව ලියන්න කියලා එනවා. මට පෙන්නන්න බැරි සබ්ජෙට්ටෙකක් ඕක. එක සැරයක් ආවා ජළ විදුලි බලාගාර, ජලාශයන් හිඳුන විය ක්‍රියා විරහිත වන්නේ ඇයි කියලා. ඕකට මම ලියපු උත්තරේ මෙතන ලියන්න දැන් ලැජ්ජයි. ඒත් මාස්ටර් නම් පන්තියට ඇහෙන්න උත්තරේ කියෙව්වේ. මාත් ඉතින් අනික් උන් එක්ක බඩ අල්ලගෙන හිනා වෙලා නිකන් උන්නා..

    ReplyDelete
    Replies
    1. මාතේ, "තුන් දොර නම් කරන්න ...."ඉස්සරහ දොර ,පස්ස දොර , මද දොර "....

      Delete
    2. මැටියෙං ගෙවල් හදන සතෙක් - පූසා (ඇයි, චූ කරලා මැටි අනන්නෙ)
      කූඩවක වෙසෙන සතෙක් - මීයා (ඇයි උදේ බලනකොට කූඩුවක ඉන්නෙ)

      Delete
    3. ලැජ්ජාව පැත්තක දාලා උත්තරේ කියහංකෝ..

      Delete
  3. මාතලන් කිව්වා වගේ සිද්ධියක් මටත් 11 වසරෙදි වුණා..සමාජ අධ්‍යයනය පාඩමේදී වැවි සහ ජල මූලාශ්‍ර ගැන කියලා දෙද්දි සර් ඇහුවා අපෙන් වැව් හිඳෙන එකට මොකක්ද කරන්න පුළුවන් විකල්පේ කියලා..පැනපු ගමන් කඹුරුපිටියේ අපේ එකෙක් කියපි බව්සර් වලින් වතුර ගෙනැත් වැව් පුරවන්න ඕන කියලා..ඔය වගේ විකාර තමයි වැඩිහරියක්

    ReplyDelete
    Replies
    1. ඒක නං අති සාර්ථක උත්තරයක්.. මොකද වනජීවි එක යාල වැව් හිදුනම බව්සර් වලින් නෙව පිරෙව්වේ. බලහං ඔය කඹුරුපිටියේ (කොහේද් ඒ ගම තියෙන්නේ) හාදයා දැං වනජීවි ඇමතිද කියලා. හැක්

      Delete
    2. //මොකද වනජීවි එක යාල වැව් හිදුනම බව්සර් වලින් නෙව පිරෙව්වේ. බලහං ඔය කඹුරුපිටියේ (කොහේද් ඒ ගම තියෙන්නේ) හාදයා දැං වනජීවි ඇමතිද කියලා. හැක්.//

      නෑ බං. ඉඩෝරෙ කාලෙ යාල සත්තුන්ට වතුර අදින්නද කොහෙද තිබුණු බවුසර් වර්තමාන වනජීවි ඇමතියා උගෙ පුතාගෙ ඡන්ද කෙරුවාවට අරං ගියා කියලානං ඒ දවස්වල කතාවක් තිබුණා.
      කොහොම වෙතත් වනජීවියා කඹුරුපිටියෙ ඉන්න තිබුණු එකෙක් හැක්..

      Delete
    3. කඹුරුපිටියේ ඉන්නේ වල් සත්තුද බං.. හැක්

      Delete
  4. පහේ පන්තියෙදී නිර්මානාත්මක රචනයක් ලියන්න දීලා අපේ යාළුවෙකුට . මේකයි මාතෘකාව ' මගේ හොඳම යාලුවා ලෙඩින්'
    මෙන්න වයසට වඩා බක පණ්ඩිත පොත් කියවලා තියෙන පොර ලියල තියෙන වාක්‍යය තුනක්
    1. මගේ හොඳම යාලුවා ලෙඩින් ඉන්නේ අපේ පන්තියේමයි
    2. මම ලෙඩින් එක්ක හැමදාම සෙල්ලම් කරනවා
    3. ලෙඩින් හරි හොඳ ළමයෙක්

    ReplyDelete
    Replies
    1. ලෙඩින් ඒ කාලේ මගේත් හොද යාළුවෙක්.. හැක්..

      Delete
  5. කඩ තුනක් නම් කරන්න...

    කොච්චිකඩේ
    මරියකඩේ
    අළුත්කඩේ... :)

    ReplyDelete
    Replies
    1. කඩ හතරක් නම් කරන එක අමාරු ඇති නෙවද??

      Delete
  6. ළමා මනෝ විද්‍යාව කියන එකේ තියන න්‍යායාත්මක තර්ක වලට හරියන ළමයි ඇත්ත ලෝකේ නැහැ...ළමයි එක්ක ඉඳල බලන්න ඕන...ඒ ඒ අවස්ථාවට මුහුණ දෙන අන්දම....දේශකයා ඉස්කෝලේ ගිය කාලේ ඉතින් සුන්දර කාලයක් වෙන්න ඇතිනේ...දැන් වගේ යාන්ත්‍රික කාලයක් නෙවෙයි නේ ඒ කාලේ....දැන් දරුවන්ට හැමදේම ලැබෙන්නේ පොතින් පතින් කොම්පියුටරෙන් විතරයි,...පරිසරයෙන් සොබාදහමින් මුකුත් ලැබෙන්නේ නැහැ....

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් අපි ඒ කාලේ තාක්ෂණය ගැන නෙමෙයි පොත් ගැනයි විස්වාසය තිබ්බේ.. කෝම උනත් හැපීව සාදරයෙන් පිළිගන්නවා මෙහාට..

      Delete
  7. උඹ බොහොම සාවධානව කියාගෙන ඇවිත් තඩි හිනා බෝලයක් අතහරිනව. මරු ඒ ශෛලිය!

    මේක දැකල මට වෙච්චි සීන් එකක් මතක් උනා, පෝස්ටුවක්ම කොටනව.

    ReplyDelete
    Replies
    1. ඇත්ද අහගත්තා.. හැක්.. (අපේ ලණු කාලා)

      Delete
  8. හයියෝ............අර කොලුවා දත් ගැන මොකුත් දන්නේ නෑ වගේ. ඇයි යකෝ සුනිල් දත්, සංජේ දත්, වගේ දත් ගැන දන්නේ නැද්ද? ලාරා දත්තා කියන්නේ ලාවට පැහුණු රෑ බොනකොට දත් අතරින් පෙරෙන ආකාරයට පිහිටි දත්.

    ReplyDelete
    Replies
    1. ලාරා දත්තා යනු බ්‍රයන් ලාරාගේ නෑයෝය. ලාරාලා පැවත් එනුයේ එලාරා පරපුරෙනි.. ඒ අනුව ඔවුන් හොඳ හෙළයෝ වන්නේය..

      - වර්ගපූර්ණිකාව -

      Delete
    2. මා - මහා, විශාල
      ත - තනිවම, හුදෙකලාව
      ලන් - land, ගොඩබස්වනවා...

      ඒ අනුව මාතලන් යනු තනිවම ගුවන් යානා විශාල සංඛ්‍යාවක් හැසිරවීමට හැකියාව තිබූ හෙළයෙක් වන්නේ ය.

      - වර්ගපූර්ණිකාව ඇසුරෙන් - :D :D

      Delete
    3. මාව මෙහාට ඇදල දාපු වර්ගපුරුණිකාව කොයි තරං කාර්ය බාරයක් කර ඇත්ද කියල පේනවා නේ..

      Delete
    4. වගපූර්ණිකාව නෙවෙයි ඔය බොගේ නම භගශිෂ්නිකාව

      Delete
    5. හැක් හැක්.. ඒක කරපු එකානං ශුක්‍ර පොරක් තමා..

      Delete
  9. ඔහොම්මම තමයි මම දහම් පාසල් අවසානේ පාලි පේපර් එක ලිව්වෙත්!

    ReplyDelete
    Replies
    1. පස්මහ බැලුම් -
      රතු බැලුම්, කහ බැලුම්, නිල් බැලුම්, කොළ බැලුම්, තැඹිලි බැලුම්

      මෙහෙම වෙන්නැති නේ...

      Delete
    2. අපරාදේ ඒ වෙලාව..

      Delete
  10. ඇත්ත. යමක් වටහා දුන්නු විගසම ඒක තේරුං ගන්න ළමයින්ට දැනුම් තේරුමක් නෑ. අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක සසඳල තමයි ඔවුන් පිළිතුරු දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. නැතිව බං. ළමයා මැෂීන් නෙමෙයි නේ.. දෙයක් ධාරණය කරගන්නේ මනසට එය ඇතුල් වෙන ආකාරයට..

      Delete
  11. ළමයි කියන්නෙ ළමයින්ටනෙ බන්.මමනම් හිතන්නෙ අවුල තියෙන්නෙ ඔය ප්‍රශ්න හදන එවුන්,අහන එවුන් ළමයි විදිහට හිතන්නෙ නැතිකම.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ප්‍රශ්න හදන හුගක් අය ඒ ප්‍රශ්න ළමයින්ට හදනවා කියල නොදැනයි හදන්නේ

      Delete
  12. ඔය වගේ කේස් මටක් වෙලා තියෙනවා...

    ReplyDelete
  13. අම්පාර පිහිටා ඇත්තේ කොහේද? අපේ සීයගෙ පිටේ කිව්ව වගෙ.. හිකිස්..
    හිනා වෙන්න නෙවෙයි අඩන්න ඕනි.. ළමා මනෝ විද්‍යාව ගැන කතා කරනව ළමයෙකුට තේරෙන්න ප්‍රශ්ණ පත්තරක් හදන්න බෑ.. ළමයින් ගැන මීට වඩා ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා.. විශේශයෙන්ම දැන් හැදෙන මේ SMS පරපුර ගැන..

    ReplyDelete
    Replies
    1. අනිවා... අධ්‍යාපන වේදියෝ පුහුණු කරන්න ඕන ඔක්කෝටම කලින්

      Delete
  14. ඉස්සර තිබුනේ ටෙනිසන් කුරේගේ තොත්ත බබාලා කියලා වේදිකා නාට්ටියක්... මොන්ටිසෝරියක ඉන්න බබාලා සෙට් එකක් ගැන... ඒකෙත් ඔයවගේ විකාර හෙනගොඩක් තියෙනවා... ඒකේ ඌ කතාවක් කියනවා අපි දන්න කතා කීපයක් පටලෝලා.. නියමයි...මට දැන් මතකනෑනේ... :D

    ReplyDelete
    Replies
    1. මතක් උනොත් කියහං.. බීටලේ..

      Delete
  15. සිදුහත් ගිහිගෙය අතහැර ගියේ ඇයි?
    -තව දුරටත් ගෙවල් කුලී ගෙවීමට අකමැති නිසා ය.

    (මේ පිළිතුර අභිධර්මයෙන් පැහැදිලි කළ හැකියි ලු!)

    ReplyDelete
    Replies
    1. ඕක නං කතන්දර කුමාර 3 වසරෙදි ලියපු උත්තරයක්. සුවර්

      Delete
  16. මටත් ඔය වගේ පොඩි කතාවක් මතක් උනා අයියේ..නිදි මතයි දැන් වෙන වෙලාවක කියන්නම්කො ඔන්න..

    ReplyDelete
    Replies
    1. උඹත් මාර නිදිමතයෙක් නෙව බං

      Delete
  17. //කතං සමාගම, මාමේ බාල සමාගම//

    සමාගම් දෙකේ නම් නම් නියමයි ... පව් අප්පා ළමයි...

    ReplyDelete
    Replies
    1. බුදු හාමුදුරුවන්ගේ සමාගම් දෙක මොකක්ද ඇහුවත් ඕක තමා උත්තරේ..

      Delete
  18. මෙන්න දේශා ලමයින්ගෙ උත්තර.
    http://www.alphadictionary.com/fun/hell.html

    ReplyDelete
  19. හෙහ් හෙහ් මරු පොඩි එවුන් ... මම දවසක් ඉංග්‍රීසි පන්තියේදී ගම ගැන කියන්න කිව්වම මයි කොලේජ් ඊස් ........ කියල කිව්වා .. සර් හිනා වෙලා කියනවා යන්නේ කොහෙද මල්ලේ පොල් කියල ... කොලේජ් විලේජ් දෙකම එකයි නේ .. :)

    ReplyDelete
    Replies
    1. ටැපලිලි නෙමෙයි එහෙනං

      Delete
  20. **දොම්පෙට යන පාර කොයිබදෝ……?
    ගමයෝ මට කියා දෙන්නකෝ.

    *බතල හොදට පැහිල තියෙනවා.
    හාරන තුරු ටිකක් ඉන්නවා.

    **උ‍ඔගෙ ඉලව් බතල මට එපා.
    දොම්පෙට යන පාර කියාපන්.

    *ගම හාමිනේ මෙන්න මෙහෙ වරෙන්.
    මේ මිනිහට බතල ගැන කියන්.

    **දොම්පෙට යන පාර කොයිබදෝ….?
    හාමිනේ මට කියා දෙන්නකෝ.

    *පැදුර හොදට වියල තියෙනවා.
    සායම් ටික දමා ඉවර නෑ.

    **උඔගෙ ඉලව් පැදුර මට එපා.
    දොම්පෙට යන පාර කියාපන්.

    *අනේ දුවේ මෙන්න මෙහෙ ව‍රෙන්.
    මේ මිනිහට පැදුර ගැන කියන්.

    **ඔබවත් දැන් ඉතින් නංගියේ.
    දොම්පෙට යන පාර කියාපන්.

    *තරුණෙක් අද එනවා යයි කියා.
    කපුට කීවෙ ඒ තමයි ඔයා.
    අම්මා අප්පා දෙන්න කැමති නම්
    කසාදයට බොහොම කැමති මං

    (සිරි පෙරේරා / සිරි අය්යා )

    ReplyDelete
    Replies
    1. මල්ලේ පොල්.. හැක්.. ජය වේවා අලුත් බ්ලොග් කටු කාරයාට

      Delete
  21. රහත් වෙනවා යනු කුමක්ද...?? පැහැදිලි කරන්න
    උත්තරය__ මේ හිටියා මේ නෑ

    ReplyDelete
    Replies
    1. හැක්. ඒකට නං හිනා ගියා බං..

      Delete
  22. පිස්සුද බොල ඕක ළමයින්ගෙ දක්ෂතාවය. ඉස්කෝලෙ යන්න පටංගත්ත කාලෙ ඔය පොතේ හැටියට උත්තර දෙන එක ඒ ළමයින්ට පුරුදු නෑ. ඒ හින්ද උං හ‍ොඳට හිතල බලල ඔය වගේ උත්තර දෙන්නෙ. ඒත් අවුරුදු දෙක තුනක් ඉස්කෝලෙ යනකොට ගුරුවරු ළමයින්ගෙ ඒ හිතීමේ හැකියාව මොට්ට කරල පොතේ හැටියට උත්තර දෙන්න පුරුදු කරනව. මොකද ගුරුවරු දන්නෙත් පොතේ තියෙන දේ විතරක් හින්ද එතනිං පිට උත්තරයක් දුන්නොත් ඒ මිනිස්සුත් අඤ්ඤකොරොස් වෙන හින්ද.
    බොරුනං උඹේ පොඩි එකාට උගන්නන ටීචර්ගෙන් සිලබස් එකෙන් පිට දෙයක් අහල බලපං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසා , දවසක් අපි අපේ ආදරණිය ගුරුතුමිගේ පොතක් උස්සලා සති දෙකක් නිදහසේ හිටියා....හැක් හැක්
      අපිටම දුක හිතිලා ඒක හොයලා දුන්නා .. මොනා උනත් අපේ ආදරණිය ගුරුතුමි නේ .

      Delete
    2. හැක්... ඔය පොතක් හරි නෝට් එකක් හරි නැතිවෙනව කියන්නෙ ගුරුවරයෙක්ගෙ භයානක හීනයක්.

      Delete
    3. ලෝයර්ස්ලගෙන් අහපල්ලා නීතියෙං පිට දෙයක්, ජීවිතේ ගැන අඩු ගානෙ. ඒකට මොකද නඩුවලදි දොස්තරලා එක්කත් දෙන්නෙ කෙස් පැලෙන තර්ක. සේරම කලිං දවසෙ කටපාඩං කරගෙන, හවසට අමතකයි. මම නෙවෙයි කියන්නෙ ෂර්ලොක් හොල්ම්ස්. ඕ යේස්...

      Delete
    4. ප්‍රසා උඹ කිව් කතාව හරියටම හරි. ගුරුවරුන් ළමයින් සිලබස් එකට අනුගත කරනවා ස්වභාවික ඥාණය විකෘති කරලා.

      Delete
    5. @ විසිටා

      උඹලත් පුදුම යක්කු තමා ගුරු ගවුරවයක් කියල දෙයක් ඇත්තෙම නෑ හැක්

      Delete
  23. ළමයින්ට දෙන ප්‍රශ්න, ක්‍රියාකාරකම් එහෙම ළමා මනසට ඔරොත්තු දෙන්නෙ නැද්ද කියලත් හිතෙනව. ගොඩක් වෙලාවට ගෙදරදි කරගෙන යන්න දෙන වැඩ නම් කරන්නෙ වැඩිහිටියෙක් නෙ.
    අපිට උසස් පෙළ කොමස් කරන්න හිටියෙ සර් කෙනෙක්. සර් ප්‍රශ්ණයක් ඇහුවම කවුරු හරි එකෙක් යන්තම් හරියන උත්තරයක් දුන්නත්, "අන්න හරි පුතා, ඔව් ඔව්..." කියල හරි උත්තරේ ගන්නම තමයි බලන්නෙ, ඒ වගෙ පන්තියකදි වුණත්.

    සර් හොඳ වුනාට වැඩක් නෑ ඉතින් මේ අපි වගෙ ගෝලයො සැට් එකක් නෙ හිටියෙ. :D

    ReplyDelete
  24. මචන් ඉස්කෝලෙදි උගන්වනවානේ පිරිසිදු කමගැන විශේෂයෙන් ආහාර වල පිරිසිදුකම ගැන. ඔය පාඩම කැම්පස් යයි කියල හිතෙන ළමයින්ට නොකර හිටියනං හොඳයි.

    ReplyDelete
    Replies
    1. කැමැපස් ගියාම ඔක්කෝම අමතක වෙනවා.. ඒකයි අවුල...

      Delete
  25. අපෙ ගෙවල් ලඟ හිටි පුංචි කොල්ලෙක් ඔය වගෙ එව්වට ප්‍රසිද්දයි.. බුද්ධාගම වෙලාවෙ ටීචර් ඇහුවළු පස් මහ බැළුම් මොනවාද කියලා. මූ කීවළු බෝල බැළුම් තාරා බැළුම් නයි බැලුම් පොඩි බැළුම් තඩි බැළුම් වගෙ නම් ටිකක්.. මං ටීච උනා නම් කොල්ලට තෑග්ගක් දෙනවා. ඔය වගෙ හිතල උත්තර දෙන්න පුළුවන් අය කොච්චර අඩුද ? තවත් ටීචර් කෙනෙක් මොට්ටපාලගෙන ඇහුවළු බල්ලො වර්ග කීයක් ඉන්නවද කියල.
    කොල්ල කිව්වළු දෙකයි කියල. මොනවද ඒ වර්ග කියල ඇහුවම "හුලං බල්ලොයි හුලං නැති බල්ලොයි "කිව්වලු.. ටීචර්ට මේක අපබ්‍රංශයක් හින්ද ටිකක් විස්තර කරන්න කිව්වම කොල්ල කිව්වළු "අද උදේ මං ඉක්කෝලෙ එනකොට පාර අයිනෙ හුලං බල්ලෙක් හුලං නැති බල්ලෙකුට උඩ නැගගෙන හුලං ගහනවා දැක්ක" කියල..

    ReplyDelete
    Replies
    1. වල් බල්ලෝ ආයිබොවන්....

      Delete
    2. හුලං ගහල හති අරින බල්ලෝ ජාතියක් නැතිව ඇති හෙනං.

      @ සරාගේ ලෝකය
      අනේ වල්බල්ලෝ ගොඩායි.. වෙල්කම් බෑක්

      Delete
  26. ස්වභාවික සම්පත් 5 ක්
    1. තුරු සම්පත
    2. පෘතුවි සම්පත
    3. ජල සම්පත
    4. ගිනි සම්පත
    5. ලෝහ සම්පත

    ReplyDelete
    Replies
    1. මහජන සම්පත
      වාසනා සම්පත වගේ ඒව අයිති වෙන්නැතුව ඇති නේද?

      Delete
    2. හැක් හැක් ...
      මහද ගගන තලේ සොඳුරු සඳ සම්පත නුඹයි
      මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
      මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
      මල් සම්පත නුඹයි

      රුදුරු වන පුරා කටු රැදි තුරු මත මල් පිපුණු
      මියුරු පල දරාගෙන එනතුරු ඉවසාගෙන සිටිනු...//
      මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
      මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
      මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
      මල් සම්පත නුඹයි

      කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිහින ලකුණු
      මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු...//
      මහද ගගන තලේ සොදුරු සඳ සම්පත නුඹයි
      මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
      මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
      මල් සම්පත නුඹයි....

      ගායන: චන්දන ලියනආරච්චි

      Delete
    3. මම දැම්මෙ මචංස්ලා මේ දවස්වල පොඩිඑවුංට හීනෙනුත් පේන කාටූන් එකක්. ඇයි, ජාතික වීරයෝ?
      බෙන් 10, ටින් ටින්, ස්කූබි ඩූ, ගාෆීල්ඩ්

      Delete
    4. නියම සම්පත් ටික බං.. ඕකට දරු සම්පතත් ආවා නං තමා හොද

      Delete
  27. මොනවා කියන්නද මම නම් මුල ඉඳල අගට හිනා වේවි තමයි කියෙව්වෙ .සමහර උත්තර හරිම නිර්මාණශිලියි :) ඕවගේ සිද්ධි ඕන තරම් අහල හිනා වෙලා තියෙනවා එත් දැන් මතක නෑ :)

    ReplyDelete
    Replies
    1. ඒකනේ හිනා උනාට බනින්න නාකයි ළමයින්ට

      Delete
  28. අපි ස්කෝලේ ගිය කාලවල්වල ඔය වගේ කතා අහලා තිබ්බේ විහිළු කතා වල විතරයි.දැන් බැලුවාම මේ කොල්ලෝ ඒවා ඇත්තටම ලියනවා නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වෙච්චි කතා .තුනක් තමා මම කිව්වේ.. බං.. සමහර ලස්සන උත්තර මම දැකලත් තියෙනවා..

      Delete
  29. දියරකුසා සීන් එකනම් කෙලින්ම Think out of the box නේ.... හිනාවෙලා පණ ගියා දේශෝ....

    ReplyDelete
    Replies
    1. ඒක තමා මොටත් ටොපට වැදුන කතාව බක්සියෝ..

      Delete
  30. පොඩි දරුවෙක්ට උගන්වනවා නම් ඒ අයගෙ මනෝ භාවය හොදින් තේරුම් ගත හැකි වෙන්න ඕනෙ...ඉවසීම පිහිටලා නැති ගුරුවරු පොඩි අය සමග රාජකාරිමය වශයෙන් වැඩ නොකරන තරමට හොදයි. දරුවෙක්ට ආදරෙන් කියා දුන් දේ තමයි වැටහෙන්නෙ...තරහින් පුපුර පුපුරා කියා දෙන දේ ඒ දරුවා කොහොම මතක තියාගන්නද....කාලෙකට කලින් අපේ ගෙවල් ලග හිටියා ඉංග්‍රීසි ගුරුවරියක් පොඩි එව්වො මරාගෙන කන්න හදන...මට ඒ මූසල ගෑණිව මතක් උනේ...

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ට හොදින් කිව්වම ඕන දෙයක් අහනවා බං..

      Delete
  31. දිනක් ලේනෙක් අත්තෙන් අත්තට පනිමින් තොර‍තෝංචියක් නැතිව ටිං ටිං ගා හඬ නගන්නට විය.
    හා දැන් ළමයි මේ කතාව සම්පූර්ණ කරන්න.
    මෙන්න එක ළමයෙක් සම්පූරණ කරපු හැටි.

    ටික වේලාවකින් ලේනා බෙනයක තිබූ තොර‍තෝංචිය සොයා ගත්තේය. ඉන්පසු ඌ ශබ්ද කළේ නැත.

    ReplyDelete
    Replies
    1. බණ්ඩාරෙ ගහ පල්ලෙ වැටෙන්න ඇත්තෙත් තොරතෝංචිය හොයන්න ගිහිල්ල වෙන්ටැ.

      Delete
    2. හික්...හික්....හික්...

      Delete
    3. පට්ට ක්‍රිෙය්ට්ව් බං.. තැන්කුයි

      Delete
  32. ඔය දිය රකුසා කියන සිද්ධියෙදි මට මතක් වුණා, ශිෂ්‍යත්වෙට හරි ඒ කාලෙ තිබ්බ ඇතුලත්වීමේ විභාගයක හරි තිබ්බා "අහෝ දෙව්දත් නොදිටි මොක්පුර" කියන එකේ මොක්පුර කියන්නේ මොකද්ද කියල අහලා. මමත් හිතල හිතල ලිව්ව "------ නුවර" වගේ උත්තරයක්. මොකද පුර කියන එක නුවර / නගරය කියන තේරුම තියන එකක් බව දැනගෙන හිටිය නිසා. අපේ සීයට ඕක කියපුවහම සීය බොහොම තදින් විවේචනය කලා, නිවන ඔහොම සැප සම්පත් පිරි නගරයකට උපමා කරන එක බොහොම වැරදි දෙයක් කියලා...

    තව එකක්... "යාපනයේ පස් කෙබඳුද?" අහපුවහම ලියලා තිබ්බලු "ඔව් කෙබඳුයි" කියලා.

    අපේ අම්මගේ පන්තියේ ළමයෙක් ලියලා තිබ්බා "තාල වාදන භාණ්ඩයක් නම් කරන්න" කියන එකට "ගුරු මේසය" කියලා.

    ReplyDelete
    Replies
    1. මරු උත්තර බං.. අපේ අම්මගේ පන්තියේ ළමයා උඹ නෙවෙයිද?

      Delete
  33. සුද්දෝදන රඡතුමා විසින් සිදුහත් කුමාරයට දෙවන වර කල වැදිම අවස්තා සම්බන්දය පැහැදිලි කරන්ක..
    උත්තරය- සීසෑම මංගල උත්සව අවස්තාවේ සිදුහත් කුමාරය ගහක් උඩට නැගලා ඉන්නවා දැකලා සුද්දෝදන රඡතුමා විසින්
    .. .බුදුපුතේ ඔය ගහෙන් බැහැපන් කියලා වැන්ද අවස්තාව

    ReplyDelete
  34. ඒකත් අර පස් මහ බැලුම් වගේ තමයි!

    ReplyDelete
    Replies
    1. මොකක්ද බං මේ කතා ඔක්කෝම ඒ වගේ නේද?

      Delete
  35. අනේ අම්මේ..

    දෙශෝ...උඹ කොහෙන්ද බන් මේ විකාර හොයා ගන්නේ...

    සිනා වළඳා මිය යනවා බන්....

    ReplyDelete
    Replies
    1. සිරාවටම සත්‍ය සිද්ධි..

      Delete
  36. මම නවය වසරේ ඉන්න කාලේ අපේ පන්තියේ විද්‍යාව උගන්වන්න ආපු සර් එක ලමයෙක් නැගිට්වලා ඇහුවා පුතා කියන්න පෘථුවියේ සිට ඉරට ඇති දුර කොපමනද කියලා
    ලමය කිව්වා කිලෝමීටර මිලියන 150යි කිවලා
    සර් "වාඩිවෙනවා" සැරෙන් කිව්වා
    ඊට පස්සේ තව ලමයෙක්‍ නැගිට්ටවලා ඔය ප්‍රශ්නෙම ඇහුවා. ඒකටත් ඔය උත්තරේම ලැබුනා
    ඊට පස්සේ සර් පන්තිය දිහා බොහොම පිලිකුල් සහගත බැල්මක් හෙලුවා
    අපිට තේරෙන්නෙ නෑ මොකක්ද මෙතන වැරැද්ද කියලා
    ඊට පස්සේ සර් කියනවා

    පොලවේ සිට ඉරට ඇති දුර කිලෝ මීටර් 14 කෝටි 90 ලක්ෂයයි, සැතපුම් 7 කෝටි ... ලක්ෂයයි
    මොනවද පුතේ ඔය මිලියන කියන්නේ කියලා
    එතකොටයි අපිට අවුල තේරුනේ

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ජගත්..

      ඒත් මට තේරුනේ නැහැ නෙව...

      Delete
  37. ඕව ඔහොම තමා ඉතින්... අපි කොච්චර ගොන් ඒවා කියල ලියල තියනවද ඒ කාලේ.. මතක් වෙද්දීත් ලැජ්ජයි.. :3

    ReplyDelete
    Replies
    1. මටත් මතක නෑ බං.. මොනවද කිව්වේ කියලා.. හැක්

      Delete
  38. හම්මේ සහතික ඇත්ත... මමත් දහම්පාසලක උගන්නන නිසා, ඔය වගේ වැඩ සෑහෙන්න වෙලා .තියනවා. උගන්නන එක ගැන කියපු දේටත් එකඟයි.. සමහර ගුරුවරුත් ඔහේ පොතේ තියන එකම කියල දීල නිකා ඉන්නවා ඇරෙන්න ඒක ළමයට ආස හිතෙන විදියකට කියන්න බලන්නේ නෑ නේ.. ඉතින් ළමයින්ටත් එපා වෙනවා..

    ReplyDelete
    Replies
    1. මෙන්න දහම් පාසල් ගිය කොල්ලෙක්

      Delete
    2. උගන්නන එක හරිම අපා දුකක් ඒක එන්ජෝයි නොකරන කෙනෙකුට

      Delete
  39. හතරැස් කොටුවක් ඇඳලාAC=6 නම්BD කීයද කියලා ඇහුවලු. සුදු බීඩිද නෝමල් බීඩිද කියලා කොල්ලා සර්ගෙන් ඇහුවා කියන්නේ.

    ReplyDelete
  40. පොඩි එකී විතරයි ඉක්කෝලෙට බාර දුන්නේ. ඒ උනාට ටීචර් මටයි අපේ මායියටයි දෙන්නටමත් උගන්නනවා එක වසරේ ඉඳන්ම...

    ReplyDelete
    Replies
    1. මේ යකා මොන එහෙකට ආවද මන්දා.. හැක්.. සරා හැකි වෙලාවට අප බලන්න එනු... ජය වේවා

      Delete
  41. ලිපියයි, කමෙන්ට්ස් ටිකයි පට්ට! :D

    අම්මා: පුතේ කඩේට ගිහින් කිරි බෝතල් 2ක් ගේන්න. බිත්තර තියෙනව නම් 10ක් ගේන්න.
    පසුව...
    අම්මා: මේ මොකද ළමයො කිරි බෝතල් 10ක් උස්සන් ඇවිත් තියෙන්නෙ?
    පුතා: ඇයි අම්ම කිව්වෙ බිත්තර තියෙනව නම් 10ක් ගේන්න කියල? ඉතින් කඩේ බිත්තර තිබ්බා.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් ඒකත් මරු.. වෙල්කම් විශ්ව දැනුම් මලයා..

      Delete
  42. මම උසස්පෙ කරන කාලේ අපේ පාසල් වෑන් රියේම යන අපේ ඉස්කෝලෙ 9වසර ‍මල්ලිකෙනෙක්ගෙන් ඇහුවා
    කියපිය බලන්න 'පුස්සා' කියන්නෙ මොකාද කියලා
    උ කියනවා පස් කියන්නෙ දිලිර වලට ඒ නිසා "පුස්සා" කියන්නෙ "දිලීරයා" කියලා

    ReplyDelete
  43. එකහෙලා එකඟයි. දරුවන්ට උගන්නන්න ඉන්න වැඩිහිටියන්ට උගන්නන්න වේවි නේද කලින්ම?

    ReplyDelete
    Replies
    1. උගන්වන අයගේ මානසිකත්වය හැදිය යුතුයි.. සැන්ඩර්..

      Delete
  44. මරේ මරු කතා ටික ... අපේ කොලුවට මොන්ටිසෝරියෙ කියල දීල පොසොන් පෝය දවසක මිහිඳු සාදු ලංකාවට බුද්ධාගම ගෙනාවා කියලා. පස්සෙ ගෙදරදි මිහින්තලාව උඩ මිහිඳු සාදු ඉන්න පින්තුරයක් දැකලා. අර මිහිඳු සාදු පාත්තරයක් එල්ල ගෙන ඉන්නවානෙ. අපේ කොලූ එක හෙළාම කියනවා අම්මෙ අර මිහිදු සාදු එල්ල ගෙන ඉන්න මල්ල ඇතුළෙ තියෙන්නෙ බුද්ධාගම ලු. මම කිව්ව නැහැ ඒ පාත්තරේ කියල. එහෙනම් බුද්ධාගම ගෙනාවනම් ඒක කෝ ? අනිවර්යෙන්ම අර මල්ල ඇතුළෙම තියෙන්න එපැයි. හික් හික්...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සප්‍රී..හැක්.. පොඩි එකා හරියටම කියලා..

      Delete
  45. වස්කෝදගාමා ලංකාවට අහම්බෙන් පැමිණියේය...බුද්ධාගමට මහඟු සේවයක් කළේය...අකාලයේ මියගියේය...අපේ එකෙක් ඔහොම ලියල තිබුන

    ReplyDelete