Tuesday, May 20, 2014

නදීගේ කතාව!!ර්‍ (දිග කෙටි කතාව)

අව් රැල්ල මෝදු වෙමින් එද්දී, නදී රේල් පාර දිගේ ගොස් දුම්රිය වේදිකාවට ගොඩ නැගුනාය. තම නිවසේ සිට අඩි තිහක් හතලිහක් පමණ දුරින් වූ දුම්රිය නැවතුම්පළ වෙත අද දින ඇය පැමිණි ගමන, පැය ගණනක වෙහෙසක් ඇයට ගෙන දී ඇත. විටින් විට හිස උස්සා බලමින් සීරුවට අඩිය තබන ඇයගේ සාරි පොටේ දවටා ඇති රීදි පැහැති දම් වැල සිලි සිලි හඩින් දෙපැත්තට පැද්දෙන්නේ ඇය යන තාලයටමය. වෙනදා දකින කිසිවෙකු වුවද නදීගේ මුහුණේ රැඳි ශෝකි ස්වරූපය හදුනාගන්නවා නිසැකය. එහෙයිනි ඇය වඩාත්ම බියට පත් වූයේ. වෙනදා මෙන් කෙළිදෙළෙන් කට හඩ අවදි කරන්නට හෝ නෙතු අගින් ගිනි පුළිඟු වන් කිරණ කදම්බයන් මුදා හැර හඩ නංවා සිනා සෙන්නට ඇය වෙර ගත්තී, කිසිදු වෙනසක් නොපෙන්වා සිටිමේ අරමුණ ඇතිවය.

තවත් ස්වල්ප මොහොතකින් වේදිකාවට පැමිණි කෝචිචියේ ඇත්තේ මැදිරි තුනක් පමණි. එයින් අවසාන මැදිරියේ පුරුද්දක් ලෙස ගමන් ගන්නා ඇය දැන හදුනන බොහෝ පිරිසක් දැන් එම මැදිරියේ සිටිති. මැදිරියේ අවසාන භාගය පමණක් මගීන්ගේ ගමනාගමනය සදහා වෙන් කර ඇති එහි ඉදිරි කොටස දුම්රිය නියාමක හට අයිති කොටස වේ. ඒ අනුව වෙනත් මැදිරියකට සිට මෙම මැදිරිය වෙතට පැමිණීමට නම් වේදිකාවෙන් බැස මෙම කොටසට ගොඩ විය යුතුමය. එහෙයින් දිනපතා ගමන් ගන්නා මගීන්ට අමතරව මෙහි ගමන් කරන්නේ අතලොස්සකි.

තමාට හුරු පුරුදු ආසනය වෙනදා මෙන්ම නිසොල්මනේ තමා එනතෙක් බලා සිටින වග දන්නා, නදී එතැන හීන් සීරුවේ වාඩි වූවාය. ඇයට අනෙක් පසින් ඇයගේ යෙහෙළිය වන කුමුදු වාඩි වී සිටි. කුමුදුට ඉදිරිපස ආසනයේ කව්ළුව අද්දරට වන්නට පුරුදු පරිදිම ශ්‍යාමල් වාඩිී වී සිටින අතර, ඊළග නැවතුමේහිදි තවත් සගයෙක් හා යෙහෙළියක් සමාගමයට එක් වන්නට සුදානම්ය.

“මොකෝ බං අද මූණ එල්ලං. කෝ උඹේ වෙනද තියෙන සිරික්කිය ඈ??“ කුමුදු මහා සද්දෙන් නදීගෙන් ඇසූයෙන් ශ්‍යාමල්ද තම නෙත් විසල් කොට ඒ දෙස බැලුවේය.

“ඔව් නේනං.. මොකෝ නදී නංගි.. අසනීපයක්ද?“

“අනේ නෑ ශ්‍යාම් අයියා.. මේ කුමුදුට පිස්සු නේ“

“අනේ පලයං යන්න නදී. උඹට මොකක් හරි අවුලක් තියේ අද නං“

“නෑ නෑ. එහෙම අවුලක් නෑ..ඊයේ රෑ වෙනකං ෆිල්ම් එකක් බැලුවා“

“හා හා.. හබියා ආපු නිසා බොලා ෆිල්ම් එකක් ඇට් කරාද කව්ද දන්නේ“

“හොක් හොක්.. කුමුදු නංගි. පව් නේ නදී ඔහොම විහිළු කරන්න එපා“

“හරි හරි සොරි සොරි... හරි නදී ෆිල්ම් එකක් බලල දැං නිදි මතයි නේ.. නිදාගනිං පැටියෝ එහෙනං“

නදීගේ සිත තුල කැකෑරෙන වේදනාව නැවත දනි පනි ගා නැගිටින්නට වෙර දරයි. ඇය අපහසුවෙන් පැය ගණනක් ආපස්සට සිත ගමන් කිරීම වළක්වන්නට තැත් කරද, කුමුදුගේ වදන් තුලින් පන්නරය ලබා සිත ඉබාගාතේ පියාඹා යයි.

රාත්‍රි අට පමණ වෙද්දි කිසිදු දැනුම් දීමකින් තොරවම සුමාල් නිවසට පැමිණියේය. ඔහුගේ බඩී ට්‍රක් රථය ගේට්ටුව පසු කොට වැරෙන්ඩාව දෙසට එද්දී එහි ශබ්දය ඇයට ඇසුනේ. ගල්කිස්සේ කරවල කඩයක් පවත්වාගෙන යන ඔහු දැන් කරවල වෙළදාමේ නිපුණයෙකි. මුලින්ම ගල්කිස්සට ඔහු ගොඩ බැස්සේ හිතවතකුගේ කරවල ව්‍යාපාරයකට උදව් දෙන්නටය. එහෙත් කාලය විසින් සුමාල්, කරවල දෙසටම තල්ලු කරන්නට වූයේ එහි ඇති අමිහිරි ගන්ධයත්, අපහසුවත් ඉක්මවා පැමිණෙන ලාභයේ පිහිටෙනි. ඒ අනුව තමා විසින්ම කරවල වෙළදාමක් පටන් ගන්නා විට සුමාල්ගේ වයස යන්තම් අවුරුදු දහ නමයක් වන්නට ඇත. වසර පහකින් පසුව සුමාල් ගල්කිස්ස නගර සීමාව තුල ප්‍රසිද්ධ කරවල මුදලාලි කෙනෙකු විය. රට වටේම කරවල තොග රැගෙන යාමත්, රැගෙන ඒමත් ඔහු සතු ලොරි රථ දෙකකින් සිදු කරන ලද අතර, ඔහුගේ පහසුවට තබා ගත් බඩී ට්‍රක් රථයද කරවල ගෙන ඒම සදහාම යොදවන ලදි.

නදී, සුමාල්ගේ පාසල් පෙම්වතියකි. පාසැල් කාලයේ සියළු පෙම්වතුන් මෙන් ඔහුද නදීගේ රුවට වශී විය. බාලිකා විද්‍යාලයේ එම වසරේ සිටි රෑමත්ම බාලිකාව නදී බවට කිසිවෙකුටවත් සැකයක් නොතිබුනි. නදීගේ බැල්මට හසු වනු වස් සිය ගණනක් ඇයගේ නෙත් මානයේ පෙළහර පෑවද, අවසානයේ ජයග්‍රාහකයා සුමාල් විය. නදීගේ පහසෙහි වෙලුන මුල් දිනයෙහි තමා කෙතරම් වාසනාවන්ත වීදැයි ඔහුට සිතුනි. ඒ සිතුවිල්ල මතින් නදී කෙරෙහි ඇති ආකර්ශනය තිව්ර වූයෙන් අවසන නදී, සුමාල් යුග දිවියට එළඹියේ නෑදැ සනුහරයන්ගේ පූර්ණ කැමැත්ත ඇතිවය.

පාසැල් කාලයේ සිටම කෙළිලොල් කම උපරිම අයුරින් තිබූ නදීගේ සිනහව, වක්කඩ කැඩුවාක් මෙන් පිට වන කට හඩ සීනුවක් මෙන් පාසැල් කාමරය තුලත්, පිටතත් රැව් දෙන්නට විය. ඇයගේ සූසැට මායම් අසංඛය විය. නදීගේ සිරුරේ ලාලිත්‍යෙයන් පාසැලේ ගුරුවරුන් පවා අමන්දානන්දයට පත් වූ බවට ඕනෑ තරම් සාක්ෂි විය. ඒ කෙසේ වෙතත් නදීගේ චර්යාව දගකාර හැසිරීමක්ම පමණි. කිසිදු විටක යුවතියකට නොගැලපෙන දේ ඇය සිදු කලේ නැත. තම පෙම්වතා සමගින් අනන්තයේ දොරකඩ ගී ගැයුවා විනා ඉන් එහා ලෝකයක් ගැන ඇය නොතැකුවාය.

සියළු දේ තීරණය වන්නේ කාලය මතින් බව බොහෝ දාර්ශනිකයන් පවසා ඇති වදන් සත්‍ය වන්නේ යැයි අපද විශ්වාස කරන්නේ එම වචන වලින් ගම්‍ය වන යථාර්ථයට පිටු පෑ නොහැකි නිසාය. හෙමින් සීරුවේ වැඩෙන ගසක්, අතු ඉති උස් මහත් කරමින් වැඩෙන්නේ පරිසරයෙන් එයට ලැබෙන අංශුමාත්‍ර හෝ වූ සහයෝගය නිසාය. සුවදින් පිරිණු කාමරයක් තුල ඒ සුවද අංශුවක් අංශුවක් ගානේ ගමන් නොකරන්නේ නම් එහි ගන්ධය අප හට නොදැනේ.

උදේ හවස එකම දුම්රියේ එකම ආසනය මත ගමන් ගන්නා ශ්‍යාමල්ගේ විනීතකම නදීගේ සිත් ගත්තේය. ඔහුගේ නිරහංකාර කතා බහත් හැසීරිමත් සියළු දෙනා තුලම ඔහු පිළිබද ගෞරවයක් ඇති කරලීමට සමත් විය. වෘත්තියෙන් ඉංජිනේරුවකු වන ශ්‍යාමල් මාර්ග සංවර්ධන අධිකාරයේ සේවය කරයි. ශ්‍යාමල් පිළිබදව දුම්රිය මැදිරියේ සගයන් තුල ඇත්තේ ඉතා චාම්. ප්‍රියමනාප, සැහැල්ලු ගති පැවතුම් ඇති පුද්ගලයෙකු ගේ ස්වරූපයය.

ශ්‍යාමල් ගේ ඇදුම් වලින් නිකුත් වන ඉමිහිරි සුගන්ධය නදීගේ සිත කිති කැවීමට පටන් ගනිද්දී එය නහය උඩට ඔසවා නහය තුලටම ඔබා ගත හැකි නැවුම් සුවදක් බව ඇයට දැනිනි. නදී මෙන්ම අනෙක් අයද ශ්‍යාමල් වෙතින් නික්මුණ ඒ සුවදට ඇලුම් කළහ. එහෙත් මාසකට පමණ සැරයක් හිටි ගමන් ගෙදරට කඩා පාත් වන තම ස්වාමි පුරුෂයා, තම පෙම්වතා පිළිබදව සිතෙද්දී නදීගේ නහය හැකිලී යන්නට විය. මෙපමණ කලක් බැරෑරැම් ලෙස නොදැනුනු කරවල වල අමිරිහි ගන්ධය විටින් විට නදීගේ නහය හකුලුවා ලන්නේ ශ්‍යාමල් වෙතින් නික්මෙන  සුවද පරදවමිනි. එය තමන්ගේ සිත තුල නැගුනු හිස් බව වේයැයි ඇය සිතන්නට ගත්තාය. එහෙත් තවත් ටික කලක් ගත වෙද්දී, කරවල සුවද තමා කෙරෙන් ඈත් කර තබන්නට ඇය ඉතා සතුටු වූවාය.

නිවසේ ගත කරන මොහොතක ඇයට, පෙර සුමාල් සිහිවී කඳුළු නැගෙන්නට විය. ඇයගේ නෙතින් ගිලිහුණු කදුල සැටියේ වෙල්වට් ආවරණය මත වැටී මල් රටා මවමින් විසිර යන අයුරු නැන්දා බලා සිටියාය. සුමාල්ගේ අම්මා හට, නැන්දම්මා හෝ අම්මා ලෙස ඇමතීමට නදීගේ සිත තවමත් සුදානම් නොමැත. නිවසට පැමිණි දා පටන් නැන්දා සමග කුළුපගව කටයුතු කරන නදීගේ සෙල්ලක්කාර, දගකාර හැසීරිම්, මද සිනහවකින් යුතුව ඉවසා වදාරන්නට නැන්දා නිතරම කටයුතු කළාය. ඇයට නදී තව දුරටත් ලේලියක් නොව තම දියණියක්ම විය. බොහෝ දේ, තම අම්මා සමග පවා නොකී දේ නැන්දා සමග පවසා සිටින්නට නදීට හැකි විය. එක ගෙදර සිටින කාන්තාවක් දෙදෙනෙකු තුල එවන් උසස් මිත්‍රශිලී සමාගමයක් පැවතීම ජීවත් වීමට කදිම පහසුවකි.

“නදී. මොකද දුවේ ඔයා අඩන්නේ“

“නෑ නැන්දේ.. මට සුමාල් ඉස්සර හිටිය විදිය මතක් උනා ඒකයි“

“ඇයි දැං සුමාල් වෙනස්ද?“

“අනේ නැහැ නැන්දේ.. ඉස්සර වගේම තරහ යනව එහෙම තමා. ඒත් ලොකු වෙනසක් නං නැහැ. මේ බිස්නස් එක නවත්තල වෙන එකක් කරමු කියල මං දවස් කීපයක්ම කිව්වා. එයා කැමති නෑනේ නැන්දේ මං කියන ඒවා අහන්න. මට ඒ ගඳ උහුලන්න බෑ“

“අපොයි. වැඩක් නෑ කියලා. මිනිහා ට්‍රක් එකේ ගෙදර ආපු දවසට මුළු ගේම නිකං කරවල වාඩියක් වගේ. හැබෑට දුවේ සුමාල් නෑවත් ඔය ගද එයාගෙන් එනවා ඇති නේද?“

“හා හා.. නැන්දේ.. පුතාට කියන්න එහෙනං හොදට නාගන්න කියලා. නැන්දට ගදක් ආවද සුමාල්ගෙන්??“

“මොකෝ නැත්තේ.. පුතා ගාව පුදුම ගන්දස්කාරයක් එන්නේ. වෙලාවකට මට ඔක්කාරෙත් එනවා. රෑට ආවත් ඔය වතුර ඩිංගක් හලාගත්තට හොදට නාගන්න එකක්යැ. අනේ මන්දා දුවේ.. මේ හාදයා සල්ලි පස්සෙම විතරයි නේ දුවන්නේ.. වෙන එකෙක් නං මේ වගේ ලස්සන වයිෆ් කෙනෙක් දාලා යාවියැ දුරකට... නැද්ද?“

“අපෝ නැන්දේ මං ලස්සනයැ... සුමාල් කියන්නේ දැං මං මහත් වෙලායි කියල නේ“

“මොකෝ නැත්තේ.. කට ඇති පුතයි. රුව ඇති දුවයි කියල කිව්වට මට ඉන්නේ ඒ දෙකට එකට තියෙන දුවෙක් නේ“

කඳුල සැටියේ දියවී වේලී යද්දී, නැන්දා හා නදී අතර කතාබහෙන් කඳුල පිළිබද කතාවද යටපත් විය. එහෙත් නැවත කඳුළු මතු වන්නට වැඩි දවසක් ගත වූයේ නැත. නදීගේ ඒකාකාර ඉල්ලීම වූ කරවල ව්‍යාපාරය නැවැත්වීම පිළිබදව සුමාල් ගේ සිත කෝප ගන්නවන්නට විය. නදී තමන් මුදල් සොයනා ආකාරය පිළිබදව නොදන්නා බවත් ඇයට එහි කිසිදු වගකීමක් නොමැති බවත් ආණ්ඩුවේ සොච්චං පඩියකට කම්මැලි රස්සාවක් කරන ඇයට තමා ගේ මහන්සියෙහි කිසිදු වටිනාකමක් නොමැති බවත් සිතට නැගීමෙන් සුමාල්ගේ කෝපය තීව්ර වන්නට විය. ඔහුගේ කෝපය හදිසියේ පුපුරා ගියේ, හදිස්සියේම නිවසට ගියදා රාත්‍රි කාලයේදීය.

තම කාමරයේ සයනය මත සුමාල් වැතිර සිටියේ ආසාවෙන් මුසපත් වී නදීගේ පැමිණීම අපේක්ෂාවෙනි. එහෙත් කණ්නාඩි මේසය ඉදිරියෙන් වාඩි වී කෙස් රැලි දිග හරිමින් නදී අනවශ්‍ය ලෙස කාලය කා දමන්නේ යැයි ඔහුට දැනින.

“ඒයි.. නදී.. ඉක්මනට එනවකෝ.. මං උදේ යන්නත් ඕන“

“පොඩ්ඩක් ඉන්න.. තව චුට්ටයි“

“තව ඉන්න බෑ.. මාස බාගෙකින් ගෙදර ආවමත් ගැණිගේ නෑනේ කිසිම සැලකිල්ලක්“

“අපෝ සලකන්න.. ගොම්බෙලි කරවල ගදයි මුළු කාමරේම.. මට නං වමනේ එන්න වගේ..“

“මොකද්ද කිව්වේ.. “ සැනින් ඇදෙන් බිමට බට සුමාල් කණ්නාඩිය දෙස වියරුවෙන් බලමින් ගොරවන්නට විය.

“අනේ සුමාල්.. මං කිව්වේ මං කිව්වේ.. “

“නෑ නෑ මට තේරුනා. කියනව බලන්න.. ආයිත්“

“අනේ ප්ලීස් සුමාල්.. මට ඒක නිකම්ම කියවුනා“

“එහෙම නෙමෙයි. ඔයාගේ හිතේ තියෙන දේ තමා එළියට ආවේ.. මට පේනවා. තමුසෙට දැං මාව කරවලයෙක් වගේ ගදයි නේ“

“මං එහෙම එකක් කිව්වේ නෑ නේ.. ඔයා වැරදියට ගන්නවා නේ“

“මම මේ ටිකේම දැක්කා.. තමුසේ මාව මගඅරින්න හැදුවේ.. ගිය පාර ආවම තමුසේ අපේ අම්මගේ කොන්දේ තෙල් ගාන්න ගියා. අඩු ගානේ උදේට තේ එකවත් මට හදල දුන්නෑ.. “

“ඉතිං ඒ ඔයාගේ අම්ම නේ.. එයාට අමාරු නිසා මං එතැන හිටියේ.. නැතිව වෙන කෙහෙම්මලකටද?“

“නදී මේ.. තමුසේ මාව අවුස්සගන්න එපා.. තමුසේ අම්මටත් කියල තිබුනා මං ගාව හඩු ගදයි කියලා.. තමුසේ දැනගන්නවා මේ නාවර පෙරං ඔක්කෝම කරන්නේ අපේ අනාගතේ වෙනුවෙන් හරිද??“

“මං ඔයාට මුකුත් කිව්නේ නෑනෙ. සුමාල්. ඇයි ඔයා මාත් එක්ක බොරුවට පැටලෙන්නේ“

“පැටලෙන්නෑ. මට අල්ලන්නෑ දැං තමුසෙගේ වැඩ ටික... ඉන්නවා මං හොයාගන්නං“

මහා සද්දෙන් කෙරුනු මේ සංවාදය සුමාල්ගේ මවද අසා සිටියා විනා ඒ මැද්දට පැනීමට ඇයට අවශ්‍යතාවයක් නොවීය. නදී පවසන දේ සත්‍ය බව ඇය දනී. එහෙත් තමා කියන දේ පවා විමසුමකට ලක් නොකරන සුමාල්ගේ අති ධාවනකාරී ක්‍රියාකලාපය සමග ඇයට හෙට්ටු වීමට නොහැක. පැයක් පමණ ඇදුන මේ යුද්ධයේ අතුරු පලයක් ලෙස නදී සුමාල්ගෙන් පළමු වරට පහර කෑමට ලක් වූවාය. කෙටි කාල පරාසයක් තුලදී නදී කිහිප වතාවක්ම සුමාල්ගේ පහර කෑමට ලක් වූයෙන්, ඒ පිළිබදව ඔවදන් දීමට ඇයට සිදු විය. ඒ සෑම විටම නදීගේ වෙනස් වීමක් පිළිබදව කරුණු දක්වන සුමාල්ගේ අදහස් වෙනස් කිරීමට අම්මා වුවද ඇයට හැකියාවක් නොමැති විය.

සිංහල නව වසර පසුවී එළබී පළමු වැඩ කරන දිනයේදී නදී තම කාර්යාලයේ සේවය සදහා ගියාය. එදින දුම්රිය මැදිරිය තුල ගමන් කළේ ශ්‍යාමල් හා තවත් දෙදෙනෙකු පමණි. නිහඩවම කව්ළුවෙන් එපිට බලමින් ගමන් කළ ශ්‍යාමල්, නදී සමග මුළු ගමනටම වචන කිහිපයක් කතා කරන්නට ඇත. එහෙයින් ඇයද නිසොල්මනේ ගමන් කරන්නට විය. 

සවස් වෙද්දී කළු වළාකුලු පැමිණෙමින් අහසේ සැරි සරන්නට විය. විටින් විට අඳුරු පැහැ පරිසරය තුල වියළි සුළං හමන්නට වුයෙන් වර්ෂාව අත ළඟ බැව් පෙනෙන්නට විය. හරියටම කාර්යාලය නිම වී එළියට බට මොහොතේම ඇද හැලුනු ධාරාණීපාත වර්ෂාව හා තද සුළං හේතුවෙන් නදී හට දුම්රිය ස්ථානය කරා වේගයෙන් ගමන් කිරීම අපහසු විය. පාර පුරා ගමන් කළ මඩ වතුර පාරවල් දෙබෑ කරමින් ඇයගේ කුඩා පාද පොළව ස්පර්ශ කරද්දී එයින් කැලතුනු මඩ වතුර ඇයගේ සාරියෙහි යට කෙළවර පැල්ලම් ඇති කළේය. හමනා සුළං පහරට ඔරොත්තු නොදුන් සැහැල්ලු කුඩය වරක් නොව දෙවරක්ම කන පිට ගැසුනේය. එයින් හෙම්බත් වී සිටි ඇයට වර්ෂාවෙන් නික්මුනු දැඩි පහරවල් ඉවසා සිටින්නට සිදු විය. කෙමෙන් කෙමෙන් දුම්රිය ආරම්භ වන වේලාව කිට්ටු වෙද්දී තමාට එයට ගොඩ වීමට නොහැකි වනු ඇතැයි සැක කළ නදී තම ගමන වේගවත් කළාය. දුම්රිය වේදිකාව පෙනෙන මානයේදී දුම්රිය ආරම්භ කිරීම සදහා සංඥාව ලැබී එන්ජිමෙන් නළා හඩ නිකුත් වන්නට විය. තවත් මොහොතකින් දුම්රිය ගමන් ආරම්භ කරන බව දත්, නදී කුඩය අකුලාගෙන වේගයෙන් දිව විත් වේදිකාවට ගොඩ විය. මොරසූරන වැස්සේ ප්‍රධාන ලාම්පු දල්වා තිබූ එන්ජිමෙහි නළා හඩ නැවත වාතලයට මුසු වෙද්දි හෙමින් සීරුවේ එය ඉදිරියට ඇදෙන බව ඇය දුටුවාය. තවත් අඩි කිහිපයක් දිව විත් එන්ජිමේ අර්ධයක් පසු කරද්දී දුම්රිය තවත් වේගය වැඩි කර තිබුනි. 

වසා තිබූ කව්ළුව තුලින් නදීගේ දිවයාම දුටු ශ්‍යාමල්, ඇයට මේ මොහොතේ නම් උදව්වක් අවශ්‍ය බව හැගී ගියෙන් තත්පරක් ඉක්ම යන්නටත් පෙර ඔහු මැදිරි දොරටුව දෙසට දිව ගියේය. සැනෙකින් දොර හැරගත් ඔහු යට පඩියට පැන නදීට ඉක්මනින් පැමිණ ගොඩවන්නැයි කෑ ගෑවේය. එයින් පන්නරය ලද නදී වේගයෙන් පැමිණියද ඇයට ධාවනය වන දුම්රිය පඩියට අඩිය තැබීම ඉතා අපහසු විය. පොදු කාන්තා බියෙන් සලිත වී සිටි ඇයට පාදය ඔසවා අඩිය තැබීම ඉතා දුෂ්කර හා බියජනක අත්දැකීමක් විය. තම අත අල්ලා ගන්නා ලෙස පවසා සිටි ශ්‍යාමල් දොර පඩිය වෙත ආසන්නයෙන් දුවමින් හැරෙමින් සිටි නදීව එක් වරම් තම අත් දෙකම නදීගේ බද වටා දවටා පුළුන් රොදක් මෙන් ඇය ඔසවා මැදිරිය තුලට ගත්තේය. වර්ෂා ජලයෙන් නැහැවී සිටි නදීගේ මුළු සිරුරම තෙමී ඇලි තිබුණි. ඇයගේ බය බිරාන්ත වීම ඇයගේ හෘද ස්පන්දය අතිශය වේගවත් කර ඇත. මැදිරියේ දොර අභියස නදීගේ බඳ වටා තම අත් දෙක දවටා සිටින ශ්‍යාමල්ගේ පපුවෙහි ගෑවෙන නොගෑවෙන ලෙස නදීගේ පපු පෙදෙස වේගයෙන් උස් පහත් වෙන අයුරු ඔහු දුටුවේය. තෙමී ඇති සාරි හැට්ටයත්, සාරි පටත් එකට ඇලී ඇයගේ වතෙහිම කොටසක් ලෙස පැවතීයේය. හිසකෙස් අතරින් දෝරේ ගලන ජලයෙන් පෝෂීත වී ඇයගේ රත් පැහැ දෙතොල් පෙගී යම්තමින් වේවිලන අයුරු දුටු ඔහු සැනෙකින් ඉවත බැලුවේය. එහෙත් නදීගේ තෙත් වූ සාරි පොට මැදිරියට ගලා එන සුළං පහරට හසුවී සරුංගලයක් මෙන් පාවෙන අයුරු දුටු ඔහු නදීගේ උරපත්ත එක් අතකින් තද කොට අනෙක් අතින් ඇයගේ සාරි පොට දොරෙන් ඇතුලට ඇද ගැනීමට වෙර දැරුවේය. එම අවසරයෙන් නදීගේ තෙමුන ගැහෙන පියවුරු තම පපු පෙදෙසේ ස්පර්ශ වී තම කමීසයද තෙත් කරනු ඔහුට දැනුනි. සාරි පොට ගෙන නදීගේ අනෙක් උරපත්තේ වෙලු ඔහු දීප්තිමත් දෑසින් නදී දෙස බැලුවේය. මුවැත්තියක සේ තෙමී අසරණව සිටි නදීගේ නිතර දිළිසෙන ඇස් යුග වෙනදාටත් වඩා දැන් පළිගු මෙන් දිලිසෙන්නේයැයි ඔහුට සිතුණි. වතුරෙන් පෙගුනු දෙතොල් මතින් සිහින් ජල බිංදු ඇයගේ නිකට මතට ගමන් කරනු ඔහු දුටුවේ නිරායාසයෙනි. මදක් විවර ඔහු නදීගේ රතු පැහැ දෙතොලේ ඝණකම ඔහු කුල්මත් කලේය. තවමත් තම පපුවෙහි ගැටී උස් පහත් වන නදීගේ පියවුරු වල දෝංකාරය ඔහුගේ සිරුර අඹරවා දමන්නට විය. සියල්ල අමතක කළ ඔහු එක් වරම නදීගේ දෙතොල මත තම උණුසුම් දෙතොල් තබදිදී, මහා කම්පනයක් සිදු වූ අයුරින් නදී එක වරම පසු පසට අඩියක් ගත්තෙන් බිය වූ ශ්‍යාමල් ඇය තම අත් දෙකින්ම වට කොට බදා ගත්තේය. කිටි කිටියේ තද වූ ඇයට ඔහුගේ උණුසුම, සුවද දැනෙන්ට විය. ඒ් අයුරින්ම තත්පර කිහිපයක් එකට වෙලී සිටි නදීගේ සිත තුල දෝංකාර දුන් සිතුවිලි කුමන බරකින් යුක්ත වීදැයි ඇයම නොදනී. එක් වරම සිහින ලොවක දොරටු හැරී එහි විල්ලුද පොළව මත ගමන් කරනා ආකාරයේ තෘප්තියක් ඇය තුල විය. තත්පර ගණකට උණුසුමෙන් කුල්මත් වූ නදී නිසොල්මන්ව සිටියදී, ශ්‍යාමල් නැවත ඇයගේ දෙතොල් තම දොතොලින් තෙත් කරන්නට සමත් විය. දිලිසෙන ඇස් අතරින් නික්මුණ කිරණ සමුහය පවසන වදන් කොරතම් දැයි ගණන් කළ නොහී. 

ඇයගේ අත අල්ලගෙන පැමිණී ශ්‍යාමල් ඇයව ආසනයේ වාඩි කර වීය. මුළු මැදිරිය තුලම ඔවුන් දෙදෙනා හැර අන් කිසිවෙකුත් නොමැති බව දුටු නදී දැඩි ලෙස බියට පත් විය. එම බිය ඇයගේ සිරුරම සලිත කරෙන් එම හැගීම ශ්‍යාමල්ට දැනිනි. ඇය අසලින්ම වාඩි වී ඇයගේ දකුණට තම දකුණතින් අල්ලා ගත් ශ්‍යාමල් ඇයගේ උර මත තම වම් අත තැබුවේය.

“බය වෙන්න එපා. නදී.. මට සමාවෙන්න“

එහෙත් ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. ඇයගේ ඇස් යුග තම අත රැදි ඔහුගේ අත කෙරේ යොමුව තිබුනි.

“අනේ වෙරි සොරි නදී. මට වෙච්චි දේ ගැන හරිම අප්සෙට්.. මං හිතුවේ නැති දෙයක් උනේ.. තරහ වෙන්න එපා නදී... මං ඇත්තටම ඔයාට උදව් කරන්න විතරයි හැදුවේ. ඒත් ඒත්.. මට තේරෙන්නෑ මං මොකක්ද කලේ කියලා.. අයිම් රියලි සොරි නදී“

තවත් මොහොතක් ගත වෙද්දී ඔහු තම දකුණතින් ඇයගේ අත ඔසවන්නය විය.

“අනේ ප්ලීස් නදී.. ඔයා තරහද.. මට කියන්න.. ඔයා තරහද?“

“ප්ලිස් කතා කරන්නකෝ.. නැත්නං මං නෙක්ස්ට් ස්ටේෂන් එකෙන් බැහැල යනවා. ආයි මේකේ මං එන්නෙත් නෑ..“

එම වදනින් නදීගේ සිතුවිලි එක් රැස් වන්නට විය. ප්‍රකෘතිය, ආවේගය ඉක්මවා වැඩෙන්නට විය. සෙමින් තම ඇස් ඔසවා තමා ළග සිටි ශ්‍යාමල්ගේ මුුහුණ දෙස බැලූ ඇයගේ බැලුම තුල පුදුමාකාර නිසසල බවක් තිබුණි. ඔහු තම අත නදීගේ උරය මතින් ඉවත් කර ගත්තේය. එහෙත් තවම දකුණත් එකට වෙලී පවතී. මොහොතක් ඔහු දෙස බලා සිටි නදීගේ මුවගින් නැගුනු මන්දස්මිය ශ්‍යාමල් කැලඹීමට පත් කළේය. වැහි වතුරෙන් පෙගී සිටි ඇයගේ සිරුරේ රෝම කූප කෙලින් වී තිබු බව ඔහු දුටුවේය. ඇයගේ වත කමලේ මේ තරම් සුන්දර බවක් ඔහු මෙතුවක් දැක නොතිබුණි. වර්ෂාව අඩු වූ සෙයක් නොමැත. පට පට ගා කව්ළු වීදුරුව මත විශාල වැහි බිංදු වේගයෙන් වදිමින් විසිර යයි. කෝච්චි තට්ටුවෙන් මතු වන ඩක ඩක ශබ්දය පරයා දෙදෙනාගේම හෘද ස්පන්දය වැඩි වී ඇත. මනසින් ව්‍යාකූල වූවත් තමා තවමත් සිහින ලෝකයක සැරි සරන බවත්, තමා මෙතුවක් ආසාවෙන් නහයට උරා ගත් ඒ සුවද දැන් තමා අසලම දැවටී සිටින බවත් කුල්මත් සිතින් සංඥා ලෙසින් නදීට දැන්වීය. එයින් පහසුවක් ලද ඇය තම දකුණතේ ඇගිලි තද කරමින් ඔහුගේ අත තද කළේය. ශ්‍යාමල්ද එලේසම තම ඇගිලිද තද කලෙන් තරමක් වේදනාවෙන් නදීගේ කට ඇද විය.

සෙමින් ඔහුගේ උරපත්ත මත තම හිස තැබු නදී ඇයගේ දෑස් පියා ගත්තාය. කර වටා තම අත දැමු ශ්‍යාමල් ඇයව හොදින් තුරුළු කර ගත්තේය.

මාස ගණනක ඇසුරකින් අනතුරුව නදීගේ හා ශ්‍යාමල්ගේ සම්බන්ධය වර්ධනය විය. අවිවාකයෙකු වූ ශ්‍යාමල් හට කිසිදු සමාජිය හෝ පවුල් බරක් නොවුයෙන් ඔහු සතුටට පත් විය. නදීගේ විස්මිත වූ ඇසුරින් ශ්‍යාමල් අළුත් ජීවිතයක් පටන් ගත්තේය. ඒ ලෝකය තුල නදීත් ඔහුත් හැරුණු කළ අන් කිසිවෙකුත් නොවීය.

කාලය ගෙවී යද්දී සුමාල්ගේත් නදීගෙත් අරගලය දැඩි විය. නදීද වෙනදා මෙන් නොව සුමාල් සමග කරට කර සිටීම හේතුවෙන් ඇයට පහර දීමට තැත් කිරීමට සුමාල් තුල පවා චකිතයක් විය. මේ සියළු කරුණු සාවධානව බලා සිටි නැන්දා කිසිවෙකුගේ පැත්තක් නොගත්තාය. එහෙත් යම් ප්‍රභල භූමිකම්පාවක් අත ළගම ඇති බව ඇයට දැනිනි.

රාත්‍රි නවය වෙත්දී නදී තම කාමරයට සක්මන් කලේ නැන්දාට වේලාසනින් නින්දට ගිය බැවිනි. එය අද වැනි දවසක කෙතරම් වටනේදැයි සිතු ඇයට සිනහ මතු විය. කාමරයේ ඇද යට තිබූ ට්‍රැවලින් බෑගය අතට ගෙන එය දොර කඩ තබා තව මොහොතක් නිසොල්මනේ පුටුවක් මත වාඩි වී සිටි ඇය හරියටම දහය පසු වෙද්දි ලහි ලහියේ තම ඇදුම් මාරු කරන්නට විය. පැයකට අධික කාලයක් ගත වී ඇති හෙයින් නැන්දා නිදිදෙව්දුව තුරුලට වී ඇති බැව ඇයට සැකයක් නොමැත. සෙමින් කාමරයෙන් පිටතට පැමිණි ඇය හඩ නොනැගෙන සේ සාලයට පැමිණ දොර සෙමින් විවෘත කරගෙන එළියට පැමිණියේය. කලින්ම විවෘත කර තිබු ගේට්ටුවට උඩින් සෙල්පෝනයක ටෝච් එළිය එහාට මෙහාට වන්නට වූයෙන්, තම ගමන ස්ථිර බව ඇයට හැගිනි. ගේට්ටුවට අත තබන්නට ඔන්න මෙන්න තිබියදී නැගුනු හඩින් නදී දැඩි ලෙස කැළඹුනාය.

“දුවේ.. උඹ යනවා නේද?? මං දන්නවා උඹට ඉන්න බැහැ කියලා.. ශ්‍යාමල් මාත් එක්ක මේ කතාව කිව්වා. මං දැනගෙන හිටියා අද ඔයා යන විත්තිය“

“අනේ නැන්දේ.. මට සමාවෙන්න.. මට ඒක කියාගන්න බැරි උනා.“

“ශ්‍යාමල්.. ඇතුලට එන්න. දුවේ. උඹ කරන දේට මට විරුද්ධ වෙන්න බෑ. ඒක උඹේ තීරණය. සුමාල් තමා දැනගන්න ඕන ඔයාව රැකගන්න. මට කරන්න දෙයක් නෑ දුවේ.. පරිස්සමින් යන්න. අනේ පුතේ මයේ දුව හොදට බලාගන්න... එයාට දුකක් දෙන්න එපා.. මටයි පාළු. මේ කෙල්ලගේ කෝලං බලාගෙන තමා මං මෙච්චර කලක් ජීවත් උනේ ටිකක් හරි හිනා වෙලා.“

“අනේ අම්මේ මට සමාවෙන්න. මට අම්මව උනත් තේරුං ගන්න බැරි උනා“

“හොදයි පුතේ.. ගිහින් එන්න“

දෙපසට පැද්දෙන ටෝච් එළිය රේල් පීලි මත වැටී දිස්නයක් දෙන්නට විය. කළුවරේ වුවද එකිනෙක් පැටලී ඇති අත් වල රැදි ඔරලෝසු දෙකෙහි රිදී පැහැය පැහැදිලිව පෙනෙන්නට විය. ගේට්ටුව වැසිනි.

219 comments:

  1. නියම කෙටි කතාවක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ.. වෙල්කම් වේවා

      Delete
  2. අසම්මතය මේ තරම් සුන්දරද .

    අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
    අප හමු වෙන්න කලින් …

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ටික මතක් වුනා

      Delete
    2. එහෙනං මට කීයක් හරි දියං.. :D

      Delete
    3. මූට දෙනවනම් මටත් කීයක් හරි දියන්. ණයකට හරි කමක් නෑ. බෑංක් නම්බර් එක එවන්නද? :)

      Delete
    4. මට දියං ඔක්කොම.මං බාගයක් ප්‍රියාට දෙන්නං.. :D

      Delete
    5. ඈ පත්තරයෝ උඹ හැම තැනම බාග ඉල්ලන්නේ ඇයි??

      Delete
    6. අපිට කොයින්දෑ දේශො උඹලට වගේ කාසි :D

      Delete
    7. බොලාට ඉතිං මිල්ලේ නේ තියෙන්නේ...

      Delete
  3. සුමාල් ගේ තිබුණු වැරැද්ද මොකක්ද පවුල වෙනුවෙන් මහන්සිවෙලා වැඩකරපු එකයි.. අැගේ තිබ්බ කරවල ගඳයි.. අඩුමගානේ ගෙදර එන දවසට බීලාවත් එන එකෙක් නෙවෙයි.. මාසෙකට සැරයක් ගෙදර එන්නේ ගෙදර වෙනුවෙන් මහන්සිවෙලා..
    කථාවේ හැටියට මට පේන්නෙ අැය කාම ධේනුවක් අැයට අවශ්‍ය උනේ රතිය පමණයි.. අැය යන්න කලින් එලවන්නයි තිබ්බේ..

    (මෙච්චර කේන්ති යන්නේ කථාව සුපිරි නිසා නේ දේශා)

    ජය වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. ඔහොම තව ඉන්නවනං අපේ ගෙවල් පැත්තට එලෝපං !!

      Delete
    2. අැයි ගෙදරින් වර්ජනේද?

      Delete
    3. @ පත්තරේ - ඊට පස්සේ උඹව ගෙදරින් එල්ලෙව්වම කොහෙද යන්නේ

      Delete
    4. නෑ බං .. අපි මිනිස්සුන්ගෙ දුක දැකල අහක බලන් නෑ බං . මට එහෙම පුරුදු නෑ. :D

      Delete
    5. ඉවානයො .. රාජගිරියෙ මගෙ බොක්කක් ඉන්නවා.. එහෙ යනව බං. :D

      Delete
    6. පත්තරයගෙ පැත්තට එළවනවනම් අපෙ පැත්තටත් එලෝපන්.!!

      Delete
    7. ප්‍රියා
      ව.හ. එවන්නද

      Delete
    8. ඊට වඩා හොදා කට හරි කියලා මාත් කප්පාදු කරව ගන්නවා. :D

      Delete
    9. කාටවත් කියන්ඩ ඕන් නෑ .. කපන කටුව තිබ්බා කෙලලා ඇරියා :D

      Delete
    10. මේකේ වැරැද්දක් නැහැ විදානේ.. අපිට පාලනය කරගන්න බැහැ සමහර ලොකු දේවල් කුඩා දේකින් ආරම්භ වන. මට ඒකයි කියන්න ඕන උනේ..

      Delete
    11. අර වීර කාන්තා අදුනන කෙනාට එන්න කිව්වා නම් හරි ,,,

      Delete
    12. මෙතන ඇය සාධාරනයි. කරවල මුදලාලි දැනගන්න ඕනේ වෙන රස්සාවක් කරන්න. අනෙක මෙතන සුමාල්ගේ අම්මත් හරි කියලා තමයි මම කියන්නේ.

      Delete
    13. //මෙතන ඇය සාධාරනයි. කරවල මුදලාලි දැනගන්න ඕනේ වෙන රස්සාවක් කරන්න. අනෙක මෙතන සුමාල්ගේ අම්මත් හරි කියලා තමයි මම කියන්නේ//

      ඔයා කියනවනං සහතික අැත්ත..

      Delete
    14. ඔයා අදත් නානවා වනී.

      කිසිසේත්ම සුමාල් තම රැකියාව වෙනස් කිරීම නොවේ කල යුත්තෙ. බිරිඳත් එක්ක ඉන්න වෙලාවට බිරිඳගෙ සැමියා වෙලා ඉන්න එකයි. ඒ වගේම පැහැදිලිවම මේ කතාවෙ හැම ච‍රිතයකම වැරැද්ද කියන දේ ගෑවිලා තියෙනවා යන්තමින් හෝ. හැමෝව 100%ක් වැරදිත් නෑ… හැමෝම 100%ක් නිවැරදිත් නෑ…

      ඒ නිසා නදීගෙ තීරණේ සර්ව සාධාරණයි කියන්න අයිතියකුත් අපිට නෑ.

      ඒ වගේම නදී සුමාල්ව දාලා පැනලා ගියෙ තවත් පිරිමියෙක් ගාවටම තමා. ඔයා සාදාරණීකරනය කරන්නෙ ගෑණි මිනිහව දාලා වෙන මිනිහෙක් එක්ක පැනලා යන එකද?

      ගෑණු මිනිස්සු පැනලා යන එක හොදද?, මොකෝ කියන්නෙ?

      Delete
    15. @ වනිතා

      මට හිතෙන්නේ රැකියාව වෙනස් කරනවට වඩා රැකියාවෙන් පසුව ප්‍රමාණවත් පිරිසිදු උනා නං ඇති කියලයි

      Delete
  4. //දෙපසට පැද්දෙන ටෝච් එළිය රේල් පීලි මත වැටී දිස්නයක් දෙන්නට විය. කළුවරේ වුවද එකිනෙක් පැටලී ඇති අත් වල රැදි ඔරලෝසු දෙකෙහි රිදී පැහැය පැහැදිලිව පෙනෙන්නට විය. ගේට්ටුව වැසිනි.//

    මාර ලස්සන කතාවක් දේශකයා. ඉතින් මේක ගේට්ටුව ගාවින් ම ඉවර කරේ අපරාදේ...........

    ReplyDelete
    Replies
    1. ගේට්ටුව ගාවින් නෙමෙයි නේ කතාව ඉවර කරේ. එතැනින් තමා පටන් ගත්තේ

      Delete
  5. මට කියන්න තියෙන්නෙ අති විශිෂ්ටයි කියල තමා...
    මෙන්න කතා මේවනෙ කතා...
    මං පුල් හොල්මං...
    සිරාවටම දේශක තුමා මොනාත් කියාග්න බෑ... ඒ තරං විශිෂ්ටයි...

    මිනිහ මොන තරං නැහීගෙන වැඩ කරත් තමංගෙ ගෑණිව තේරුං ග්නන බැයි නං ඌ අසම්පූර්ණයි..
    කතාව ලෙසටම ලියල තියනවෝ

    ReplyDelete
    Replies
    1. කතාව තරමක් හෝ සාර්ථක නං මටත් සන්තෝසයි මහේෂ්..

      Delete
  6. කතාව සමාජයේ සුලබ පැතිකඩක් නිරාවරණය කරන්නක් වුනත් දෙශාගේ ඉදිරිපත් කිරීමේ රටාව ඉහලයි , තාත්වික කෝණයෙන් බලනවානම් ඔෆිස් ට්‍රෙන් එකක හිස් පෙට්ටියක් තියෙන්න තියෙන ඉඩකඩ සීමිත වීම හැරෙන්න (කතාවේ කලින්ම පෙට්ටිය හිස් කරන්න දේශා පසුබිම් හදලා තිබුනා = //"ඒ අනුව වෙනත් මැදිරියකට සිට මෙම මැදිරිය වෙතට පැමිණීමට නම් වේදිකාවෙන් බැස මෙම කොටසට ගොඩ විය යුතුමය. එහෙයින් දිනපතා ගමන් ගන්නා මගීන්ට අමතරව මෙහි ගමන් කරන්නේ අතලොස්සකි""//) වෙන අඩු පාඩුවක් දකින්න නෑ.

    දෙදෙනා දුම්රිය මැදිරිය තුල තනිවූ අවස්ථාවේ නිරූපණය නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා .

    ඊ ලඟට මං හිතන්නේ සුමාල්ගේ වරදක් දකින්න තැනක් නෑ, නමුත් ඔහු නදීගේ සිතුවිලි තේරුම් ගත්තාද කියන පැනය තිබෙනවා, කොහොමත් ප්‍රයෝගිකව ගත්තම ව්‍යාපාරයක් යම් මට්ටමකට ගෙනා කෙනෙකුට එය නවත්වන්න කියන ඉල්ලීම කොතරම් සාධාරනද කියන පැනය ඇතිවෙනවා .


    ReplyDelete
    Replies
    1. ඉවාන් උඹ කියන දේ ඇත්ත. ඒත් මං කියන්නේ බොරුවක් නොවෙන විත්තිය පෙන්නුම් කරන්න තවත් සාක්ෂියක් ඉදිරිපත් කරා. ඒ තමා “සිංහල අවුරුද්දට පසු එළඹි පළමු රාජකාරි දිනය“ කියලා. උඹ දන්නවනේ අවුරුද්දට රජයේ නිවාඩු තියෙන්නේ අර නිවාඩු දවස් දෙක විතරයි කියලා. ඉතිං සමස්ථයක් ලෙස ඒ සතියේ හුගක් අය කරන්නේ නිවාඩු දාන එක. අන්න එතකොට මං කිව්ව දේ සාධාරණ වෙලා තියෙනවා.. හැක්.. අපි එහෙමයි හරිය වැඩ කරන්නේ..

      තැන්කුයි කීවා.. හොද කතා කාරයෙක්ගෙන් හොදක් අහගන්න එකත් ලේසි පාසු දෙයක්යැ..

      Delete
  7. ලෙසටම ලියා ඇත.
    මංනම් දේශකය සුරංඟනා කතා වලට වැඩිය මේ වාගේ කතා කියවන්ඩ ඒකෙන්ම කැමැතිය...

    ReplyDelete
    Replies
    1. මේකනේ ගයිජින්.. මම කැමති නෑ හැමදාම එකම රාමුවේ ඉන්න.. වෙලාවක පිස්සු කෙලිනවා. සුංගන කතා ලියනවා. කවි ලියනවා. කුනුහරුප කියනවා. වැල අදිනවා.. බොනවා.. ඔය වගේ එක එක දේවල් කරනවා.. හැක්..

      Delete
  8. ලස්සනයි කතාව.ආදරේ ඇත්තටම පුදුමාකාරයි. අසම්මතය උනත් සුන්දරයි.සුභපැතුම් !

    ReplyDelete
    Replies
    1. අසම්මතය කියා අප කියන්නේ අප දුටු සම්මතය යැයි කියන දෙයට විරුද්ධ දෙයක් නිසා විනා ආදරයට ඇති බාධාවක් නිසා නෙමෙයි නෙද බිනරි??

      Delete
    2. අනිවා.සම්මතය අසම්මතය දෙකම මිනිස්සුම හදා ගත්ත දෙවල්.අපිත් ඒ කොණයෙන්ම බලන්න හුරු වේලා.නමුත් ඒ අවස්ථාවට මුණ දෙන කෙනා විතරයි එ හැගීම හරියාකාරව දන්නේ අාදරෙට කිසිම දෙයක් භාදාවක් නේවේ.

      Delete
    3. ඔබ හරි මංගලා.. ආදරය, හැගීම් වලට සීමා මායිම් නැතිව යන අවස්ථා තියෙනවා..

      Delete
  9. පවුලූෂට අහු උනා වගේ මටත් අහු උනේ ඔෆිස් ට්‍රේන් එකක හිස් පෙට්ටියක් සෙට් වෙන්න තියෙන ඉඩ මාර අඩුයි... ඔන්න නිකං අහම්බෙන් වගේ සෙට් වෙච්ච, කොච්චි පරක්කු වෙලා හරි, වෙන මොකක් හරි ලෙඩක් වැටිල හරි වෙලාවක් කලාවක් නැතුව යන ට්‍රේන් වල නං එහෙම වෙන්න ඉඩ තියෙනව... හි හි...

    මෙතන තියෙන වැඩේ කාටවත් සුමාල්ගෙ මහා ලොකු වැරැද්දක් කියන්න තරං දෙයක් නෑ කියල හිතෙන එක... ඒකා සමාජයේ වැරදියි කියල කියන කිසි දෙයක් කරන්නෙ නෑ නේ.. තමන්ට ගෙදර ගෑණියෙක් ඉන්නවා කියන එක, එයාටත් අවශ්‍යතා තියෙනවා කියන එක, එයාගේ ඔලුවෙත් හීන තියෙනව කියන එක තේරුම් ගන්න බැරි වීම අපේ සමාජයේ තාමත් වැරැද්දක් විදියට දකින්නෙ නෑ නේ... නදීගේ තත්වෙ හොඳයි... එයාගේ නැන්දම්මා හරි එයාව තේරුම් ගන්නවා... නදීගේ මානසික මට්ටමට හරි යන පිරිමියෙක් හම්බුවෙනව...

    මෙතන තව ප්‍රශ්නයක් තමයි කාර්යාලයක වැඩ කරන නදීගේ මානසික මට්ටමට, සුමාල් ව්‍යාපාරය කරගෙන දියුණු වෙන්න දඟලන එක තේරුම් ගන්න බැරි වීම... නදීට සුමාල් ළඟ කරවල ගඳ එන්නෙ ඒකයි... නදී කාර්යාලයක රස්සාවක් නොකර සුමාල් එක්ක ඒ ව්‍යාපාරයට සම්බන්ධ උනා නං කරවල ගඳ ගඳක් වෙන්නෙත් නෑ... සුමාල් ගාව කරෝල ගඳක් එන්න ඉඩකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. //ඒකා සමාජයේ වැරදියි කියල කියන කිසි දෙයක් කරන්නෙ නෑ නේ.. තමන්ට ගෙදර ගෑණියෙක් ඉන්නවා කියන එක, එයාටත් අවශ්‍යතා තියෙනවා කියන එක, එයාගේ ඔලුවෙත් හීන තියෙනව කියන එක තේරුම් ගන්න බැරි වීම අපේ සමාජයේ තාමත් වැරැද්දක් විදියට දකින්නෙ නෑ නේ...//

      …++++++++++++++++++++++++++++++++++++++
      …ලොකූඌඌඌ වැටක් මෙන්න මගෙන්!

      Delete
    2. ආ මචං උඹ වැට ගැහුව නේ . මෙන්න මගෙං කම්බි හය පොටක් !! !!!
      :::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::;:::::::
      ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
      ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

      Delete
    3. පව්ලූෂාට මං මගේ පිළිතුර නිවරැදි කරන්න උත්සාහ කරා. ඒක බලහං තරහ නැතිව.. හැක්..

      රජයේ සේවකයෙක්ගේ බැදීම පැය අටයි ඊට එහා ඕන නං කරා නැන්නං නිකා හිටියා. ඒකයි නදී දන්නේ. ඔය රජයේ සේවකයන් බොහෝ දෙනෙකුට අනිත් අයගේ රාජකාරි ස්වභාව තේරුම් ගන්න එක්කෝ උවමනාවක් නැහැ නැන්නම් දන්නේ නැහැ. ඔය වැරුද්ද හුගක් අය තුල තියෙනවා..

      උඹ කියන විදියට හිරු, මාත් කියන්නේ ඒකයි ගෙදර ඉන්න නැන්දම්මා නදීට පිට වෙන්න ඉඩ දුන්න නං සුමාල්ගේ පිළිවෙත පිළිබද පොඩි හෝ අඩුවක් තියෙනවා. එයා දැනගන්න ඕන නදී ගැන මීට වඩා..

      @ පත්තරයා.

      යකෝ වැටවල් ගැහුවා. දැං කම්බි පොටවලුත් දානවා. තව යනකොට තොපි මේවයේ කොන්ක්‍රිට් කණුත් දාවි..

      @ බස්සි
      ඔයා හරි බස්සි

      පිිරිමින්ට සමහර දේවල් තේරුම් ගන්න බැරි තරං අතදරු මනසක් තියෙන්නේ..

      Delete
    4. කොන්ක්‍රීට් දානවනං මට කියහං. හොඳ මික්ෂර් එකක් දෙන්නං.

      Delete
    5. ප්‍රසා පොසොන් පෝයට මික්සර් විකුනල තමයි බිල ගෙවන්ඩ වෙන්නෙ උඹට !!

      Delete
    6. මම මහව කෝච්චියෙ 10 වෙනි පෙට්ටියෙ වසර 3 ක් බොහොම ලෙංගතු කොල්ලො කෙල්ලො සෙට් එකක් එක්ක ආ ගිය එකෙක්. අන්තිමට මේ පිරිස මගේ සහෝදර සහෝදරියො තරමට ලං වුනා...අපි නත්තල් වලට / අවුරුද්දට / රාමසාන් වලට ලස්සන තැන් වලට ගිහින් පාටි දැම්මා / බණ ගෙදරට පිරිත් ගෙදරට ගියා / අපේ කෙල්ලෙක් බදින දවසට ඒකිට වටිනා තෑගි දීලා මගුල් ගෙදර වැඩත් කරලා දුන්නා....මේ අතීතයට මාව ගියා මේ කථාව කියවලා...ඉස්සර මහවෙ සෙනසුරාදා දවස්වලට අසම්මත ප්‍රේම වන්තයෝ විතරක් හිටි පෙට්ටියක් තිබුනා....

      Delete
    7. @ ප්‍රසා

      උඹ කොන්ක්‍රීට් කරොත් අවුරුද්දකට සැරයක් වතුර දාන්න විතරයි ඉතුරු වේනනේ. ඒක නිසා එපා.. හැක්..

      @ පත්තරයා
      පොසොන් එකෙන් පසසේ ප්‍රසාට හිගානොකා හිගාකන්න වෙනවා ඒක සිකුරුයි.

      @ සිරා
      තාමත් එහෙම අය ඉන්නවා බං.. අනන්තවත්..

      Delete
    8. මෙතන ඉන්න සමහර ගෑනුන්ට මේක වරක මදුලක් වෙලා.ඒ අය ප්‍රශ්න දිහා අසාධාරන ලෙස බලන හැටි මේකෙන් පේනව

      Delete
  10. නියම කතාව.. සුපිරියටම ලිය තිබේ..
    \කෙටි කතාව ටිකක් විතර කෙටි වැඩියි ද මන්ද..

    ReplyDelete
    Replies
    1. කෙටි වැඩියිද බං.. අපරාදේ නවකතාවක් ලියන්න තිබුනේ එහෙනං.. හැක්..

      Delete
  11. Replies
    1. මම නම් හිතන්නෙ සුමාල් තමන්ගෙ ව්‍යාපාර වෙනුවෙන් නැහුනට (ඒත් උන්ගෙම අනාගත‍ය වෙනුවෙන් උනත්) නදීගෙ හිත කියෙවුවෙ නෑ.

      ඒ වගේම සැමියෙක් විදිහට සුමාල් දරඳඬු වැඩියි. විශේෂයෙන් සුමාල් වරද්ද ගත්ත තැන දෙන්නට දෙන්නා නම්‍යශීලී විය යුතු බව (ලිංගික කාරණා වලදිත්)

      ජෝඩුවකට 100% ගැළපෙන්න බෑ කොහොමටත්. ඒත් දෙන්නා දෙන්නගෙ කැමැත්ත අකමැත්ත (සැම කාරණයකදීම) තේරුම් අරන් තමන්ගෙ සහකරුවා /සහකාරිය කැමති ලෙස ඉන්නයි, අකමැති ලෙස නොයින්නයි (හැකි තරම්) පුරුදු උනා නම් ඔය දේ වෙන්නෑ.

      කතාවනම් දෙකක් නෑ පට්ට.

      (කලින් කොටපු එක භාගෙට කොට කොට ඉත්දි පබ්ලිෂ් උනා)

      Delete
    2. //කලින් කොටපු එක භාගෙට කොට කොට ඉත්දි පබ්ලිෂ් උනා//

      ඔ්කනෙ කියන්නේ කසාද බඳින්න කලින් එපා කියලා..

      Delete
    3. ඒකනෙ බන්. අනික කේස් එක එහෙම භාගෙට කොටපුවා පබ්ලිෂ් වෙන එකනෙ වැඩේ. :)

      Delete
    4. බාගෙට කොටන්ඩ එපා යකෝ ,. දැක්කනෙ බාගෙට කොටන්ඩ ගිහිං සුමාල්ට වෙච්ච වැඩේ.. :D

      Delete
    5. ප්‍රියා

      උඹ උවමනා දේ ග්‍රහණය කරගෙන ඇත.. සන්තෝසයි..

      Delete
  12. කවුරු හරිද කවුරු වැරදිද කියල හොයල වැඩක් නැ.ජිවත් වෙනව කියන්නෙ සතුටින් ඉන්නව කියන එක.අනාගතෙ ගැනම බලාගෙන හැමදාම දුකින් ඉන්නබැ.අනික ප්‍රිය ජනක නැතිකෙනෙක් එක්ක ලගින් ඉන්න බැ.එක තෙරුම ගන්න ඔන.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මේවා වැරදි නොවෙයි. අපිට පාලනය කරගන්න බැරි පොඩි පොඩි දේවල්. මින්සුන් අතර සමානතාවයක් කවදාවත් හොයන්න බැහැ. එකම දේ තේරුම් ගැනීම සහ අනුගත වීම. ඒත් අනුගත නොවුන තැනදි තේරුම් ගැනීම බොරුවක් වෙනවා..

      Delete
  13. දේශා මේ කතාව පට්ට! ෆිල්ම් එකක් බලනව වගේ ගොඩක් අවස්ථා මැවිල පෙනුන. අර කෝච්චි පෙට්ටිය පිටරටක එකක් වෙන්ටෑ. නමුත් ප්‍රබන්ධයක් නිසා කෝච්චි පෙට්ටිය හිස් කරපු එක අවුලක් පේන්නෙ නෑ....

    සුමාල් වගේ පිරිමි අනන්තවත් ඉන්නව. ඒත් නදී වගේ ගැහැණු අඩුයි. මමනම් එකෙන්ම නදීට සපෝර්ට් ඔන්න කිවුව.

    ReplyDelete
    Replies
    1. ආ සපෝර්ට්ද...? හිටු බස්සට කියලා ඉල්ලලා දෙන්න

      Delete
    2. බස්ස කරෝල බිස්නස් කරන්නෙ නෑ යකූ..... මන් කියන්නෙ නෑ ඉතිං. හ්ම්ම්ම්හ්

      Delete
    3. මාත් නදීගේ පැත්තේ. ඒකනේ සුභදායි අවසානයක් කතාවට දුන්නේ..

      Delete
    4. මාත් නදීගෙ පැත්තේ.. :D

      Delete
    5. මං නම් නදීගේ පැත්තේ නෙමේ, නැන්දම්මත් නල්ල මැලේ නැන්දම්මා හින්දි ෆිල්ම් වල නම් ඉන්නවා ඔහොම ආයෝ..

      Delete
    6. මෙතන සුමාල් ගෙ පැත්තෙන් ලොකු අසාධාරණයක් වෙලා තියෙනව.රජයේ සේවකයෙක් වගෙ නොවෙයි ඔය වගෙ රස්සා කරන ලොකු දුකක් විදිනව.එහෙම දුක් විදල ඔය වගෙ බිස්නස් එකක් ඉහලට ගන්නව කියන්නෙ පුදුම අමාරු වැඩක්.මෙතන අරුම පුදුම සුමාල් ගෙ අම්ම.දුක් විදල පවුල නඩත්තු කරන තමන්ගෙ පුතාට විරුද්ධ වුන එක.නදී කියන්නෙ කාම ධේනුවක් තමයි.සමහර විට සුමාල්ගෙ අම්ම එක්ක සමලින්\ගික සමබන්ධයක් තියෙන්න ඇති.කිසි වරදක් නැති පුතාට විරුද්ධව ලේලිගෙ අනියම් සම්බන්ධයට උදව් කලා කියන්නෙ බරපතල දෙයක්. සුමාල්ව මරන්ඩ වුනත් නදීට සුමාල්ගෙ අම්මගෙ උදව් ගන්න තිබුන.
      ගෙදර ගෑනියෙක් ඉන්නවද බැලුවෙ නෑ වගෙ කතා වල්කමේ යන කවුරුත් කියන ඒවනෙ.සුමාල්ට වහ බොන්න තරම් දෙයක් වෙලා තියෙන්නෙ.

      Delete
    7. එහෙම සමලිංගික එකක් තිබුනද කියල නං මට හොයන්න බැරි උනා බං..

      Delete
    8. ඒක එහෙනම් උඹේ දුර්වලකම.හිතපන් උබේ ගෑනි (උබ මිනිහෙක් නම් ) හොර මිනිහෙක් එක්ක එක්වෙලා උඹලගෙ අම්මත් එක්ක එක්වෙලා උඹව මරනව.ඒක හරිද?උඹේ කිසිම වරදක් නැතිව. පුදුම නරුම තර්කයක්නෙ දාන්නෙ.
      එහෙම ගෑනුන්ට කැමති කැමති වෙලාවල හොර මිනිස්සු එක්ක යන්න පුලුවන්ද

      Delete
  14. නියම කතාව දේශක,අයේ සුපිරි ඈ ,(මෙය කතාව නොකියවා දැමු කමෙන්ටුවකි ) :))))) පස්සෙ ඇවිත් කියවන්නම් ,,,

    ReplyDelete
    Replies
    1. කතවේ සමහර තැන් අස්වාභාවික ගතියක් තිබුණා එත් කතාවේ රසයට නම් එක බදාවක් වෙලා නෑ ,නොකියවා දැම්මත් උඩ කමෙන්ටුව හරි,මේ චරිතවලට සාධරණයක් කරන්න ලියපු එකම ඇති ,කතාව සාර්ථක බව පෙන්වන්න ,කතාවක් ගොතන්න ඉගෙන ගන්න කියවන්න හොද කතාවක් ....

      Delete
    2. හැක් හැක්. අපරාදේ නේ කියෙව්වේ නැද්ද..

      Delete
    3. පහුගිය කාලේ දේශක ලිව්ව සමහර කතා කියවලා අවසානේ එහෙමත් හිතුණා .....

      Delete
    4. එහෙනං කියවන්න එපා බං.. අර වගේ කමෙන්කටුවක් දාහං. ඒත් බැරිනං කියවහං.. හැක්..

      Delete
  15. Replies
    1. එළ ටෝක ධනුස් කොල්ලා..

      Delete
  16. Replies
    1. මචං මං ඉතිං ඔය උපහැරන දන්න එකෙක්යෑ .. ඕං අහපං මගේ විචාරෙ .. 
      සුමාල් ඉන්නව නේ.. ඌ නරක ඩයල් එකක් නෙමෙයි..ඒත් උගේ ඔලුවෙ තියෙන්නෙ ගොඩ එන සීන් එක..එහෙම කියලත් බෑනේ බං අපි හිඟා කනවද නෑ නේ !! අර කෑල්ල .කව්ද ඒකිගෙ නම මතක නෑ මට.. ඔය ගෑණු කේස් වලට ඉතිං හීන ගොඩයිනේ බං.ඒවත් තේරුං ගන්ඩෙපෑ.අපි කාණු පල්ලක බීල බුදියෑවට උනුත් ආසයි නේ බං පුස් බයිසිකලේක හරි නැගලා කොල්ල එක්ක ශූටින් පාරක් යන්ඩ.. පිචෑර් එකක් බලන්ඩ යන්ඩ.මූදුවෙරලක තනිවෙන්ඩ..ඒවත් තේරුං ගන්න ඕනැ, අරූගෙ අම්මට අර ඉංජා ඉන්නව නේ. ඔකව නං අහු උනොත් උස්සල ගහනව පොලේ, කෑලි කෑලි යන්ඩ. .ඔයවගේ තවඉංජෙක් ඉන්නව මං ඌටත් දෙනවමයි ටොපිය. 

      බිකෝස් ඕකුං තමා පවුල් වලට හෙන. පො## හැත්ත .. සුමල් ට වරද නිවැරදි කරගන්න සමහර විට කාලෙකදි කරගන්න තිබ්බා. අරූ කෙලියනේ තාප්පෙට ඩෝං ගාලා.කෑල්ලක් ටකල් කරද්දි බැඳල නං ඒකට හරි නෑනේ අම්මා එන්ටර් වෙන එක.. ඒව පදිරි වැඩ අපේ ඩයරියෙ හැටියට..හැබැයි සුමලයා රෙස්පට් බුවා. බිස්නස් එකක් තියං වාහන දෙක තුනක් තිබ්බට ඌ කඩෙන් කන්ඩ ගියෙ නෑනේ .ආන්න ඒවා වැදගත් අපි ඒවට රෙස්පට් බොස් !!!!!

      ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයිනේ මචං.. පවුල් ජීවිතේ ඊට වඩා බරපතල සීන් එකක්නේ .සල්ලි හොයද්දි පොඩ්ඩ පොඩ්ඩ වයිෆ් ගැන අවධානෙ අඩු වෙන එක හැඟීම් තේරුං ගන්න අතපසු වෙන එකට ලැබෙන රිඇක්ෂන් එක සමහර විට දරුණු වැඩී..පත්තරයත් ඇවිල්ල ලව් කරල බැඳපු එකා.. තමන් එක්ක එන එකීගෙ සතුට ගැන බලන එක..සැප දුක හොයල බලන එක ජීවිතේ බෙදාගන්න එක මගේ නං ලිස්‍ට් එකේ අංක් 1 . .යාලුවො සල්ලි අරක්කු රෙද්දවල් සේරම ඊළඟට..

      කොල්ලෙක් එක්ක එන්නෙ අහවල් එකට විතරක් නෙවෙයිනේ. එහෙනං සිංගා වලින් වයබ්‍රේටර් එකක් ගෙන්නගන්නවනේ රුපියල් තුං හාරදාහක් දීල..ඔච්චර කට්ටක් නොකා.. ඕ යේස් .අපිත් පොඩ්ඩක් සාධාරණ වෙන්ඩෙපෑ.. රොබෝල නෙමෙයිනේ ඇට මස් වලින් හැදිච්ච මනුස්සයොනෙ ගෑණුත් . !!!!!
      ඕ යේස් !

      Delete
    2. අප්පට සිරි මේ තියෙන්න විචාරේ පට්ටේටම , උඹ මොකද කොහෙවත් ඉන්න එවුන්ව උස්සලා පොළොවේ ගහන්න යන්නේ ,සුමල් ඒවා බලා ගනියි ,උඹ පැහෙන්නේ නැතුව හිටු

      Delete
    3. පත්තරේ ගේ අදහසට 99% එකගයි ,.... ;)))+++++++++++++++++++++++

      Delete
    4. උඹත් එක්ක සෑහෙන්න දුරට එකඟ වෙන්න පුළුවන්.

      //.ඔයවගේ තවඉංජෙක් ඉන්නව මං ඌටත් දෙනවමයි ටොපිය. // හැක්. මේ කවුද බොල? :D

      Delete
    5. @ පත්තරයා

      උඹගේ විචාරය ටොප්. මොකද ඒකේ මැදහත් බවක් තියෙන නිසා..

      @ ප්‍රියා

      එහෙම මං දන්න තව එකෙක් ඉන්නවා තමා හැබැයි ඒකා ටෝක දෙනවා විතරයි උස්සන්නෑ.. හැක්..

      Delete
    6. ඉවාන්
      //ඔය වගේ තවඉංජෙක් ඉන්නව මං ඌටත් දෙනවමයි ටොපිය. // ඕක කොහෙ හරි ලියාගං හරී !! දන්නවනේ අපි කිව්වොත් කිව්වා

      සහෝදර
      මොනාද මේ කතා බං.. කූඩු වල දාල බල්ලො හදනව වගේ හිටියෑකැ. මිනිස්සුනේ අපි.

      ප්රියා

      මං මාර හොඳයි නේ බං .. ඒකනෙ ගෑණි බනින්නේ :D

      Delete
  17. කතාව නම් උපරිමයි.. අනාගතේ වෙනුවෙන් මහන්සි වුනාට නදීටත් හීන තියෙනවා කියලා පොඩි හරි විපරමක් කලානම් මේ අසම්මතයක් ඇති නොවෙන්න තිබුනා.. දැන් ඉතින් අසම්මතය විටෙක සුන්දරයි කියලා ඉන්න තමා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං මට නං මේ ආදර සමදතා වලට අසම්මත කියන නාමකරනය දෙන එක හරිම වදයක්. මං ඒකට කැමතිම නැහැ. ඇයි බං ආදරේ අසම්මත වෙන්නේ. එහෙම වෙන්න බැහැ නියම ආදරයක් නං..

      Delete
  18. මාසෙකට සැරයක් වත් මේ වගේ එකක් ලියපිය පිස්සු හුටං ලියන්නේ නැතුව. කතාව හොඳයි කිව්වොත් උඹ උඩ යන නිසා ලකුණු දෙන්නේ 6/10 යි.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි.. ඒ ලකුණු ගාන මට ඉහටත් උඩින්.. ඉදල හිටල මේ වගේ බලියක් දෙකක් දෙන්නංකෝ ඉතිං.. අර වැල පිල්ම් වගේ ඒවා නොදී.. හැක්..

      Delete
  19. සුමාලයා පිට ගිහින් නෙවේ නෙ බං. උෟ හම්බ කරන්න ගියේ ගැනීට. ඒකිට ඒක තේරෙන්නෙ නැද්ද. ගඳ සුවඳ බලන්නෙ..

    ReplyDelete
    Replies
    1. සුමාල්ටත් තේරුම් ගන්න තිබුනා තමන්ගේ ගෑනිගේ මනෝභාවය. මම නං හිතන්නේ එහෙමයි..

      Delete
  20. මේ කතාවෙදි මමත් ඉන්නෙ සුමාල්ගෙ පැත්තෙ. ඔහු කල රැකියාව ඇයට ප්‍රිය නොවන්න පුලුවන්. නමුත් එය පිළිකුලට ලක් කල යුතු සමාජ විරෝධී රැකියාවක් නෙවෙයි. ඔහු ඒ දහදු වින්දෙ ඇත්තටම ඇයට සොඳුරු ලෝකයක් තනාදෙන්න. ඔහු ගෙදර ආවෙ බීල නෙවෙයි, ඔහු කාලයක් තම ආසාවල් යටපත් කරගෙන ගෙදර ආවෙ ඇගෙන් ඒවා සපුරගන්න. ඒත් ඔහු වටේට ගියේ නෑ. ඔහු උතුම් මිනිසෙක්. ඒත් මේකි වේසියක්. කන්න ඕනි උනාම කබරයත් තලගොයා කරගන්න ගෑනියෙක්.ශ්‍යාමල් හොඳ අවස්ථාවාදියෙක්. ඔතනින් එහාට "ගාය" දෙන්නටම අඩු උනාම මේ ජීවිත දෙක ආයෙත් නන්නත්තාර වෙනවා. ශ්‍යාමල් අලුත් පහසකට යයි. මැයත් සමහරවිට ඒකම කරයි. නැත්නම් තනිවෙයි.

    කොහොම උනත් දේශක, ඉතාම විශිෂ්ඨයි. කතාව අතිවිශිෂ්ඨයි. ඉහලම රසයක් ලැබුවා.

    ReplyDelete
    Replies
    1. මනෝ මේ කතාවේ එක චරිතයක්වත් වැරදි කියලා මං නම් හිතන්නෙ නෑ ,පොඩ්ඩක් හිතලා බලහන් ,ගෑණු කියන්නෙ අපිට පේන ජාතිය නෙවෙයි ,(උඩ හැම එක්කෙනාම මට වඩා වයසක පොරවල් මනෝත් එහෙම වෙන්න ඇති ) ගැණු කස්ටිය පිරිමි වගේ නෙවෙයි බොහොම සරල දේවල් වලට ඇලුම් කරණවා සමහර වෙලාවට හිතා ගන්න බැරි පොඩි පොඩි දේවල් වලට,ගඳ සුවඳට විතරක් නෙවෙයි කොණ්ඩෙට රැවුලට පවා වෙනම විදියක්,දැක්ක ජීවිතේ නොලැබෙන තැන් දි ඔය කියන පතිවත කා අතිනුත් සෙදිලා යනවා,පිරිමියා ගැහැනිය කියලා නෑ එතනදි ,ඔන්න මට හිතුණ දේ

      Delete
    2. //ගැණු කස්ටිය පිරිමි වගේ නෙවෙයි බොහොම සරල දේවල් වලට ඇලුම් කරණවා සමහර වෙලාවට හිතා ගන්න බැරි පොඩි පොඩි දේවල් වලට,//
      සහතික ඇත්ත.ගොඩක් පිරිමි අයට ඕක තේරෙන්නැහැ .උදාහරණයක් විදිහට මට උනත් වැදගත් වෙන්නෙ මගේ උපන්දිනේට හෙන වටින තෑග්ගක් දීම නෙමෙයි වෙන කාටත් කලින් එයාට මගේ උපන්දිනේ මතක් වීම.(දැන් ‍ෆෝන් වල රිමයින්ඩර්ස් තියෙන නිසා වැඩක් නෑ ඉතිං)

      Delete
    3. @ මනෝෂ්

      සුමාල් තේරුම් නොගත්ත එකම දේ ජීවිතේ කියන්නේ සල්ලි මත්තේ නැහීමම විතරක් නොවෙන විත්තියයි. ඒක පොදුවේ වෙන දෙයක් සල්ලි මැෂිම වැඩ කරන කොට මිනිස්සුන්ට ජීවිතේ අමතක වෙනවා. තමන් හිටි විදිය කරන්න ඕන දෙය අමතක වෙනවා. සල්ලි හොයල වැඩක් නෑ කියල හිතෙන්නේ වෙන්න ඕන දේ උනාට පස්සේ තමා..

      Delete
    4. @ සහෝ

      උඹ කියන කතාව හරි. ගැහැනූ විතරක් නෙමෙයි පිරිමිත් එහෙමයි. සමහර ඉතා කුඩා දේවලින් ලොකු බැදීම් අතැරල දානවා. ඒකට හොදම කතාවක් වරක් අපේ හැන්රි බ්ලොග් වෝකරයන් තමන්ගේ කතාවක් දැම්මා. ඒකේ තිබුනේ ගුරුවරයෙක් තමා බදින්න හිටිය ගෑනු ලමයගේ දතක පලා කොල කෑල්ලක් හිර වෙලා තිබිලි ඒක දැක්කම අප්‍රසාදය ඇති වෙලා කසාදේ නවත්තපු එකක්. හැන්රි ආවොත් ඒ ලින්කටුව මෙතනට දාවි..

      Delete
    5. @ සාෂා

      අපි සබදතා ඇති කරගන්නේ ඉතා කුඩා දෙයකින්.. සබදතා නැති කරගන්නේත් ඉතා කුඩා දෙයකින්. එකම අප්සැට් එක තමා.. කුඩා දේ ලොකු වෙන තුරු බලා හිද තීරණයක් ගැනීම...

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. ගෑනු උදවිය සනසන්නත්, ඒ වගේම කලකිරවන්නත් ඉතාම සුළු කාරණා බලපාන්නෙ කියන කතාව මාත් එකෙන්ම පිළිගන්නවා. මෙහෙමයි මචංලා, සුමාල් කියන මනුස්සයා තුල වෙන කිසිම වරදක් නැතිනිසා ඇයට තිබුනා ටිකක් ඉවසන්න. ඇගේ ක්‍රමේට සුමාල් හරවගන්න ඇයට ඕනිතරම් හැකියාව තියෙනවා. 64ක් දීල තියෙන්නෙ ඒකයි. ඇය සුමාල් අත්තරිනෙක වෙනම දෙයක්. හැබැයි ඇය අනියම් පහසකට ගුලිවෙන එක තවත් දෙයක්. ඒක සාධාරණීකරනය කරන්න බෑ.

      Delete
    8. සුමාල් ඉස්සර හිටි විදිය දැන් ඉන්න නදී නොගැලපුනාම ඔහොම වෙන්න පුළුවන්...

      Delete
  21. an emotional fight on a women's mind between two personalities, wow. nice story deshaka bro, you already described that how women's mind changes when she can't be able to achieve her expectations with the way she looked for and how she reacts to achieve those things. any way she got a good and understanding mother in law, if she react in different way with this case the end of this story will be a different one. any way nice story and all the best. This machine hasn't Sinhala so I comment on English ok.

    ReplyDelete
    Replies
    1. Never mind Somi. Its okay. I do not mind about the usage of the language. Thanks.

      I wanted to show you some small particles of her mind. As I tried, may be I am successful. Thank you for commenting.

      Delete
  22. කතාව නම් සුපිරි දේශකයානනි!!!

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වේවා සාශා වෙනි..

      Delete
  23. කමෙන්ට්ස් ටික කියෙවුවම පොදුවේ මට තව අදහසක් දාන්න හිතුනා.

    සුමාල් නැහුනේ ජීවිතේම කැපකලේ උන්ගෙම අනාගතේ වෙනුවෙන් බවත් හැබෑව. ඒ වගේම ඌ කඩෙන් නොකාපු බීලා කරටි කඩාගෙන ගෙදර නාපු එකෙක්.

    ඒත් උගෙ එකම වැරැද්ද ඌ උගේ ගෑණිව තේරුම් නොගත්ත එක. අරක උගෙ රස්සාව බව හැබෑව. ඒත් ඒ රස්සාව ඌ මොන මඟුලකටද ගෙදරට ගේන්නෙ? මොකටද කාමරේට ගේන්නෙ? මොකටද ඇඳට ගේන්නෙ?

    ඕකම අපි අනික් පැත්තට හිතලා බලමු. සාමාන්‍ය රැකියාවක් කරන පිරිමියෙක් විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන බිරියක්. අරූ හැමදාම මේකිගෙන් බලාපොරොත්තුවෙන්නෙ දඟකාර කෙළිලොල් පොඩි කෙල්ලෙක්ව දකින්න. ඒත් මේකි හැමදාම රෑ දෙගොඩාරි ජාමයක් වෙනකම් ඔෆිස් වැඩ මත්තෙම නැහිලා අන්තිමේ ඇවිත්. මළමිනියක් වගේ ඉන්නවා "උඹට ඕන්නම් මොනව හරි කරගනින්" කියලා. එතකොට මූ පිට ගියොත් වැරැද්ද ගෑණිටත් බාර ගන්නම වෙනවා.

    මූලිකම දේ තමන් (සැමියා බිරිඳ දෙන්නම) පිට්දි පොලිස්පතිවේවා, ආයතනික ප්‍රධානියෙක් වේවා, සාමාන්‍ය සේවකයෙක් වේවා, කම්කරුවෙක් වේවා, කරවල ව්‍යාපාරිකයෙක් වේවා, පොල්ගස් නගින්නෙක් වේවා, කශල සෝධකයෙක් වේවා මොන තරාතිරමක අයෙක් උවත් ඒවා ගෙයි වත්තෙ එළියෙම නවත්තලා තියලා එන්න ඕන.

    මොකද බිරිඳක් බලාපොරොත්තු වෙන්නෙ වෘත්තිකයෙක් නෙමේ සැමියෙකුගෙ ආදරේ. සැමියෙක් බලාපො‍රොත්තු වෙන්නෙ වෘතික කාන්තාවක් නොවේ බිරියකගෙ ආදරේ.

    වැදගත්ම දේ දෙන්නට අවශ්‍ය දේ දෙන්නා තේරුම් ගත යුතුයි. කතා බහ කිරීම හැකිතාක් නම්‍යශීලි විය යුතුයි.

    මේකෙ කිසිම චරිතයක් 100% ක් වැරදි නෑ.
    ඒ වගේම ඒ කිසිම චරිතයක් 100%ක් නිවැරදිත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් උම හරි.. ඒත් ඒ වගේ දේවල් තේරුම් ගන්න අය හරිම අල්පයි බං...

      Delete
    2. ආන්න බොස් ටෝක් එක . වැරදිත් නෑ නිවැරදිත් නෑ. හැබැයි අර ශ්‍යාම්ල්‍යා නං මට දිරවන් නෑ.. ඌ ආඳා
      .:D
      රස්සාව එලියෙ තියල ආවට පඩිය ගේනව නේ බං..:D

      Delete
    3. උඹ ඔච්චර කියන එකේ නොකර බැහැනෙ. ගනින් අර පොලු කෑලි ටික ඕකට ගේමක් දීලා එන්න.

      Delete
  24. කතාව හොඳා බං,ගොඩක් දේ කියන්න තියනව නමුත් මට කලින් අය ඒ දේවල් ඔක්කොම කියල තියෙන නිසා මම ආපහු කියන එකේ තේරුමක් නෑ නේද.ඒක නෙවෙයි අර නැන්දම්ම සැබෑ ලෝකයේ දකින්නට ලැබෙන චරිතයක්ද?එහෙම අය ඉන්න පුලුවන්ද,උඹ ඒ චරිතෙ මැව්වේ අත්දකීමකින්ද මනෝ මුලිකවද.

    ReplyDelete
    Replies
    1. මෙච්චර නොවුනත් තමන්ගේ ලේලිව හරියට තේරුම ගත්ත, එයාගේ අවශ්‍යතා සිතුම් පැතුම් තේරුම් ගත් නැන්දම්මා කෙනෙක් ගැන මං අත්දැකීමෙන් දන්නවා.. (අපේ දේශිකාගේ නැන්දම්මා නෙමෙයි.. හැක්..)

      Delete
  25. දිග වැඩියි.. පස්සේ කියවන්නම්...

    ReplyDelete
  26. මේක මාර දිගයි නෙ බං දවස් දෙකක් ඇවිල්ලත් ඉවර කර ගන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. හැබෑට.. දවස් තුනක් වත් යාවිද?? මට කොටන්නත් ගියේ ඕන නං පැය තුනක් විතර.. හැක්..

      Delete
    2. මෙය සාමාන්‍ය හොඳ කතාවක් මිස ''කෙටි කතාවක්'' නොවේ කියලයි මගේ අනුමානය.
      නැන්දම්මාගේ අතාත්වික රඟපෑම නිසා කුතුහලයක් - යම් පන්ච් එකක් දැනවූවා මිස හොඳ කෙටි කතාවක මා විඳින්නට බලාපොරොත්තු වන බලාපොරොත්තු නොවන අන්තයක් මෙහි නැත. පන්ච් එක ප්‍රමාණවත් නැත. (සමාවෙන්න හරිම වචනය දන්නේ නැති නිසා මේ පන්ච් වචනය පාවිච්චි කලෙමි.)

      Delete
    3. එහෙම වෙන්න පුළුවන් බං.. මාත් තාම මේක ඉගෙන ගන්නවා නේ.. තැන්කුයි ඈ ආපහු ඇවිත් බැ බෑ කියල කියෙව්වට.. දැං ලස්සේ පැනලයි??

      Delete
  27. මේ විදිහට බැලුවොත් සැමියා රට ගිය විට බිරිඳ වෙන මිනිහෙක් එක්ක යන්න ඕනේ.
    WK

    ReplyDelete
    Replies
    1. එහෙම සමීකරණයක් නං මං හැදුනේ නැතෝ... මොකක්ද බං ඩබ්කේ කියන්නේ.. වාත කෝච්චිය කියන එකද? හැක්.. ජෝක් හරිය

      Delete
    2. ඔබ එහෙම සමීකරනයක් හදල තියෙනවනෙ.

      Delete
  28. මචෝ පට්ට අවසානයක්නේ අරන් තියෙන්නේ. සතුට පෙන්නලා දුක දැනෙන්න අරලා ශූංගාරය වඩවලා අවසන අපුරුම අවසානයක් දීලා දේශෝ.... බස්වහර පෙළ ගැස්ම ඛණ්ඩනයන් ඇති කිරීම බොහොම තාත්විකයි.

    ReplyDelete
    Replies
    1. .ඒ ඔක්කොමත් හරි මේන්න මේ කැල්ලත් හරි // විනය තකා ස්ටාෆ් රූම් එකට ගෙන්නයි කියලා මං ඇත්තටම බයේ ගැහි ගැහියි හිටියේ// කෙල්ලො ස්කුල් යුනිෆෝම් එකෙන් තෙමුනාම අර කිව එවනං විකන්නම හිතෙනවා තමා

      ඕයි.... ලමයි ඉන්න තාත්ත කෙනෙක් නේද මේ කියන්නෙ.... තමුසෙගෙ වල් වනචර කම් වල ඉවරයක් නැද්ද..... ගෙදර ගෑනිගෙන් ගන්න ඕනි ඒවා ඉස්කෝලෙ ලමයිගෙන් ගන්න හිතන කොයි වගේ නරුමයෙක් ද තමුසෙ...

      Delete
    2. ස්තුතියි බං නලියෝ...

      Delete
  29. සුවඳක් ගිය දුරක්! මම මේ කෙටි කතාවට කැමතියි. ඒත් මට හිතෙනවා අම්මගේ චරිතය තරමක් ස්වභාවිකත්වය ඉක්මවා ගිහිල්ලද කියලාත්.

    ReplyDelete
    Replies
    1. නෑ එහෙම නෙවෙයි දේශකට ඇහිලා තියෙනවා දේශාගේ අම්මා දෙශිකාට කියනවා ,දවසම බුකියෙයි ,බ්ලොගෙයි ඉන්න මේ වගේ එකෙක් එක්ක ඉන්න බැරිනම් උඹ පලයන් දුවේ කියලා

      Delete
    2. අනේ මන්ද කියනව කියල මෙහෙමත් කියන්න හොඳද පවුලුශා?

      Delete
    3. ඔව් ඩුඩ්. සතුටුදායක අවසානයක් නදිගේ පැත්තෙන් දීමේ අරමුණක් මට තිබුනා ඒකයි ඒ..

      @ ඉවාන්
      හැක් හැක්.. දැන් නං එළෙව්වත් යන එකක් නෑ බං..

      @ සාශා
      මේවා මොනවද මුං අඩන්න නේ කියන්නේ..

      Delete
  30. කරෝල බිස්නස් එකනං හොඳ බිස්නස් එකක් තමයි බං ගඳ අමතක කරල කරනවනං.
    මටනං හිතුනෙ නදීට තිබුණෙ රස්සාව අතෑරල සුමාල්ගෙ බිස්නස් එකට හේත්තු වෙන්න. එහෙනං දෙපැත්තම ගානට බැලන්ස් කරගන්න තිබ්බ.
    කතාවනං නියමෙට ලියල තියෙනව බං.

    මම අර උඹේ කඩෙන් ෆෝන් කාඩ් ගන්න දේශකය.

    ReplyDelete
    Replies
    1. රයිට්, මුල කඩු කාෙන දෙමල අයියා.. අදත් ඔතැනින් යනකොට මම රබර් අැහැ දාගෙන ගියේ..
      නෙක්ස්ට් වීක් එකේ අල්ලගන්නං...

      එතකං - ජය වේවා!!!

      Delete
    2. බලාගෙන රබර් ඒව දාගෙන යන්නෙ.
      ජයවේවා..!

      Delete
    3. එහෙනං කතාවක් නැහැනේ බං.. හැක්..

      Delete
  31. හරිම ලස්සන කෙටි කතාවක්..

    සුමාල් නදීව ටිකක් තේරුම් ගන්න උත්සාහ කලා නම් කතාව මීට වඩා වෙනස් වෙන්න තිබුනා... කොහොමවුනත් සුමාල්ලා , නදීලා අද සමාජයේ හුඟක් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඔව් තුශානි

      ඔය වගේම නොවුනත් ඊට සමාන සංසිද්ධි සිදු වෙනවා තමා.. තැන්කුයි

      Delete
  32. දේශකයාගේ කතාවෙන් සිදුකර ඇති අපහාසයට සමස්ත ලංකා කරෝල වෙළෙඳ සංගමය වෙනුවෙං මාගේ තදබල විරෝධය පොරකාශ කොරමි.
    උඹ මේ කොල අපහාසය හේතුවෙං මිං මතුවට කවදාවත් බොට හාල්මැස්සෙක්වත් කන්ට නොලැබේවා!!!!

    ReplyDelete
    Replies
    1. මං කෝමත් වෙජිටේරියන්.. ඒ කිව්වේ කරවල කන්නෑ මස් මාළු කනවා.. හැක්..

      Delete
  33. දිග උනාට එක හුස්මට කියවගෙන ගියා.
    මැද මාවතේ යන්න කියන්නේ ඕක නිසා නේ. සල්ලි පස්සේ සිහියක් නැතිව දුවන්න ගියාම ජිවිතේ හොරෙන්ම පස්ස දොරින් පැනල යනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං.. ජීවිතේ උනත් නැවතීම්, ගිමන් නිවිම්, එන්ටර්ටේන්මන්ට් වෙනස් වීම් තියෙන්න ඕන..

      Delete
  34. [නියමයි පුතා. උඹ ගැන ආඩම්බරයි. මේවගේ ලිවිල්ලක් බ්ලොග් වල දැකල නෑ]

    රජයේ (හෝ ස්ථිර රැකියා කරන) ගෑනියෙක් සහ ව්‍යාපාරික පිරිමියෙක් අතර තියන නොගැලපීම් සුලභයි. මම ඒ වගේ කේස් ඕන තරම් අහල තියනව මචං. සාමාන්‍යයෙන් කාර්යාලයක වැඩ කරන ගෑනුන්ට අපි විහිළු කරනව නෙව. ඒව පවා තේරුම්ගන්න බැරි (ස්ථිර රැකියා කරන) මිනිස්සු ඕන තරම් ඉන්නව. මේ නොගැලපීම එන්න එන්නම වැඩිවෙනව මිසක් සමනය වෙන්නෙ නැ. අවසාන ප්‍රතිපලය තමයි මේ. උඹටත් ඔය අත්දැකීම ඇති ඒකයි මෙච්චර හොඳ ලියවිල්ලක් එලියට එන්න ඇත්තෙ.

    මෙතන කවුද හරි කවුද වැරදි කියන එක කිරන්න මනින්න යන එක තේරුමක් නැති වැඩක්. දෙන්නම පවුල වෙනුවෙන් යම් යම් කැපකිරීම් කරනව. නමුත් මූලික අවුල ඔක්කෝටම වැඩිය ලොකුයි.

    කතාවෙ සංකේත වර්ණනා ආදියේ අවුලක් දැක්කෙ නෑ. නමුත් අම්මගෙ හැසිරීම ටිකක් අතාත්විකයි කියලයි මට හිතෙන්නෙ. මෙතනදි උඹ අම්ම මේ විදියට හැසිරවීමේ අරමුණ මොකක්ද කියල මට එච්චර පැහැදිලි නෑ. (සමහර විට ගෑනිගෙ පැත්තෙ තියන සාධාරණත්වය අම්ම තුලින් පෙන්නන්න උඹ උත්සාහ කරන්න ඇති). නමුත් මට අනුව නං අම්මගෙ චරිතය 'සාමාන්‍ය' ආකාරයට පුතාගෙ පැත්ත ගත්තත් කතාවට අවුලක් වෙන්නෙ නෑ කියලයි.

    ReplyDelete
    Replies
    1. දෙශකවරු බහුතරයක් ස්ත්‍රීවාදී ව්‍යාපෘති වල සිටීම නිසා මෙහෙම ලියන්න ඇති.මෙතන දේශකයා සුමාල්ගෙ අම්ම තුලින් පුරුෂ විරෝධී ස්ත්‍රීවාදයක් ගෙන හර පානවා.

      සැමියන් මරණ බිරියන් ,පුතුන් මරන අම්මල ඉන්දියන් සෝප් ඔපෙරාවල ආවෙ ස්ත්‍රීවාදය ඉන්දියාවට ඒමෙන් පසු.එක්තා කපූර්ගෙ කතාවල මේව බහුලයි.ස්ත්‍රීවාදී කතාවල සාමාන්‍යයෙන් පෙන්වන පුරුෂ විරෝධය දේශකය ලස්සනට පෙනවල තිබෙනව.
      කියවන කෙනාට හිතෙනව සුමාල්ගෙ රැකියාව කරවල විකිනීමය කියල නදී දන්නෙ නදීට ශ්‍යාමල් හමුවූ පසුද?යන ගැටලුව අතිවෙයි.
      මෙහිදී තම පුතාගේ රැකියාව හෙළා දකින ඔහුගේ මව ඔහු ලඟ කරවල ගද එන බව කීමෙන් සුමාල් කෙරෙහි ඔහුගේ මවට කිසියම් වෛරයක් තිබෙන බව පෙනේ.ඒ ගැන මීට වඩා දේශකයා කරුනු පැහැදිලි කළානම් හොඳය.
      සුමාල්ගේ එකම වරද ඔහුගේ රැකියාවයි.මෙහෙම කල්පනා කරමු.සුමාල් රජයේ රැකියාවක් කර නදී ගෙදර හිටියා කියා.එතකොට සුමාල් වෙනත් රජයේ රැකියාවක් කරන කෙනෙක් එක්ක රහසේ පැන යයි.ගෑනියෙකුගෙ ආශාවන් සුමාල් තේරුම් ගත්තෙ නැතැයි කියා අසාධාරණ කතා කියන අය එවිට මේ ප්‍රශ්නය දකින්නෙ කොහොමද

      Delete
    2. රාජ් සොයුර........
      නිදහසක් තියෙන වෙලාවකට “සිත් රූ“ පැත්තටත් ඇවිත් යන්න. මාත් කෙටිකතා දෙකක් දාලා තියෙනවා. කියවල බලලා අදහස් දක්වනවා නම් ඉතා අගය කරනවා.

      Delete
    3. @ රාජ්

      ස්තුතියි මචෝ...

      උඹ කිව්වත් වගේ නදීට සාදාරණ අවසානයක් දීමේ අරමුණ තමා එතැන තියෙන්නේ. ඒත් නදී ගැන අම්මා තේරුම් අරන් හිටිය විදියට ඒක නොවෙන්නත් බැහැ කියන ප්‍රතිශතයකුත් තියෙනවා..

      උඹ මේ ගැන වෙනම කතා කරපු නිසා මං මොකටද ආයි රිපිටි කරන්නේ නේද?? බෝම ස්තුතියි එහෙනං...

      Delete
  35. සම්මතය ආරක්ෂා කරගන්න බැරි වෙන්නේ ,කාගේ හරි වරදකින්, එතනින් නොනැවතී අසම්මතය වෙත පා ඔසවන්නේ, විසදුමක් නොමැති නිසාය.
    නමුත්, අදුරේ අත පත ගාද්දී, වැටෙන්නේ තවත් වලකට කියල දන්නේ නැ. ඒ වනවිට අන්ධ භාවය ලබා ඇති බැවින්.
    කතාව ලස්සනයි....... මේ ලෝකේ සිද්ධ වෙන දේවලින් එකක් මේ.....

    ReplyDelete
    Replies
    1. සම්මතය මවා පෑමක් විතරයි නිහිංසා.. අපහසුවෙන් ආරක්ෂා කරගන්න. හුගක් අය සම්මතය ආරක්ෂෘ කරගන්නේ තමන්ට බ්‍රහ්ම දණ්ඩනය තමන් විසින්ම පනවගෙන. ඒක ජීවත් වීමක් නෙමෙයි..

      Delete
  36. මේකනම් පට්ටයි.................

    ReplyDelete
    Replies
    1. ඒමද... පට්ට තැන්කුයි එහෙනං..

      Delete
  37. කෙටි කිව්වට මේක කෙටි නෑනේ...

    දේශකතුමා හෝ ප්‍රසන්න අයියා හරි වේවා හෙට අනිද්දා දවසක ඇවිත් කතා කරලා යන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. උඹ ආපු වෙලාවක මට ප්‍රසන්න කියල කතා කරන්න එතකොට හරි මොකද මේ ඉන්ටර්නෙට් ඉන්න අය විතරනේ දන්නේ මං දේශකයා කියලා.. හරිනේ..

      Delete
    2. ආ නෑ... දේශකයා කියල කතා කරපං එතකොට මට ටක්කෙටම උඹව අදුරගන්න පුළුවන්..

      Delete
  38. කියන්න දෙයක් නෑ දේශකයො...උඹෙන් මම කියවපු සුපිරිම නිර්මාණය මෙය බැව් ඉස්සෙල්ලාම කිව යුතුයි. ඔය කල්ලි ගැසී දුම්රියේ යන අතීතයක් මටත් තිබුන නිසා මේ කථාව මුලින්ම මට සමීප උනා. මගේ ඒ අත්දැකීමක් කිිසිවක් මම තවම ලියලා නෑ.

    ඊට පස්සෙ මේ කථාව මට සමීප උනේ නදී නිසා. මම මේ කියන්න යන කථාව මීට කලින් බොග් අවකාශයේ එකතැනක කමෙන්ට් එකක් විදියට දැම්මා. මේ දෙවැනි වතාව.

    මගේ රැකියා ගමන් මගේ එක නැවතුමකදි මගේ වෘත්තියෙම නිරත වෙන බොහොම රූමත් නංගියෙක් මට මුණ ගැහුනා. ඇයත් මමත් කාර්යාලයේ එකම ලග අසුන් ගත්තෙ...මාස දෙක තුන ගත වෙද්දි ඇය පිළිබද මට සියුම් ආදරයක් ඇති වුනා...ඇයත් මමත් ගම්පහ...උදේටත් සවසටත් අපි එකටමයි දුම්රියේ ගියේ. නමුත් අප අතර තිබූ ගැටලුව උනේ මට හමුවෙන අවස්ථාව වන විටත් ඇය විවාහ ගිවිසගෙන සිටීම.

    විවාහ ගිවිසගෙන සිටියාට ඇයට ස්වාමියාගෙන් කවදාවත් ඇමතුමක් ලැබුනෙ නෑ...හරියට එහෙම කෙනෙක් හිටියේ නෑ වාගෙයි. ඒ ගැන විමසුවාම ඇය කිසිවක් නොකියා නිහඩව සිටියා. මගේ ගතිගුණ අරවා මේවා ඔක්කොම එක්ක ඒ ළමයා අන්තිම වෙද්දි මට ආදරය කරන බව මට රහසක් උනේ නෑ. නමුත් මට මගේ ආදරය හිතේ තදකරගෙන සම්මතය රකින්න සිදු වුනා. ඇය හා නීත්‍යානුකූලව බැදී සිටින කෙනාගෙ අවස්ථාව රැක දෙන්න සිතුනා. ඒ නිසාම මම කෙටි කලකින් මේ සේවා ස්ථානයෙන් සමු ගත්තා. මා සමුගන්නා අවසන් නිමේෂයේ..මගේ අත අල්ලාගෙන ඇය කදුලු අතරින් කිව්වෙ....මට කලින් හමු වුනා නම් ඔයාව බදිනවාමයි කියලයි.

    කාලයකට පස්සෙ උඹේ කථාව අස්සෙ අද මට මේ කථාවත් ආයෙමත් මතක් වුනා බං...ඒ අතීතය හරිම සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. ඇය පසුව විවාහ උත්සවය එහෙම අරගෙන ඔහුගේ නිවසට පදිංචියට ගියා. අපි ඉස්සර දුම්රියේ එකටම ගිය ජෝඩුවක් නිසා අපි දැකපු බොහෝ අය අප පෙම්යුවලක් කියා සිතුවා. වරක් අපේ බස් මාර්ගයේම වැඩිහිටි සහෝදරියක් බස් රථයෙදි, මා සමග දැන් පෙනෙන්නට නැති ඇය ගැන විමසුවා....

      අපි ඉස්සර ඔය දෙන්නා දිහා තමයි කෝච්චියෙදි බලාන උන්නෙ....ඇත්තමයි මල්ලි ඔයයි එයයි නියමෙට ගැලපුනා. ඒ අක්කා එහෙම කිව්වා.

      Delete
    2. දුක් සීන් එකක්නේ සිරා,

      පොඩ්ඩක් එඩිට් කරලා දාමු එලකිරි පෝස්ට් එකක් !!!!
      අපි දෙන්නං බකප් එක !!!

      Delete
    3. සික් ඕයි , දුකේ උපරිම . හැබැයි ඔය වගේ කතා කාගේ කාගේත් ජීවිත වල නැතුවම නෙවෙයි නොකියා හිටියට නේද?

      Delete
    4. ඕං මගේ නං නෑ.. මොකෝ මං බඳිනකං ගෑල්ලමේක් දිහා බැලුවෙවත් නෑ. ඕ යේස්

      Delete
    5. පත්තර මල්ලි ඉතින් දන්සැල අස්සෙ ගොඩ ගිය කොල්ලා නොවැ...

      Delete
    6. උඹ ඔය විරහව ලස්සනට අකුරු කරයි කියල හිතනවා.. ස්තුතියි බොට...

      Delete
  39. //වැහි වතුරෙන් පෙගී සිටි ඇයගේ සිරුරේ රෝම කූප කෙලින් වී තිබු බව ඔහු දුටුවේය. ///

    //ශ්‍යාමල්ද එලේසම තම ඇගිලිද තද කලෙන් තරමක් වේදනාවෙන් නදීගේ කට ඇද විය.//

    මේ තැන් තව ටිකක් සුමුදු වචන වලින් තිබ්බනම් හොදයි ,එතන ලව් එකට සියුම්ව යන්න,,

    අපෝ එක වගේ නම් දෙකක් දාලා දෙන්නට සුමාල්ගේ ඉස්පිරිතාලේදී හදාගන්න දුන්න මල්ලිද දන්නේ නැහැ .. නියමයි කතාව.

    ReplyDelete
    Replies
    1. හයියෝ.. තව ටිකක් රවුං කරන්න තිබුන නං තමා. කොහේද කලබලේ නේ බං කොටන්නේ.. හිත ගල් හැගිල ලියනව මිසක් මනස විවෘත නැහැනේ ඒකයි.. තැනුකුයි..

      Delete
  40. දේශා,කතාව දිග වුණත් එක දිගට කියවන් යන්න පුළුවන් විදියට උඹ ලියලා තියෙනවා බං.
    අර උඩින් රාජ් කිවා වගේ මේ වගේ කතාවක් බ්ලොග් එකක මමත් දැකලාම නැහැ.

    එක විදියකට නදී හරි.සල්ලි නෙමෙයි හැමදේම.හැගීම් එක්ක ගණුදෙනු කරන්න සුමාල් දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. සුමල් නදීව තේරුම ගත්තනනං පසු තැවීමක් නැහැ.තමන් පොදු පිරිමියා කියන මානසිකත්වයෙන් නොබල. තැන්කුයි..

      Delete
  41. කතාව නම් මාරයි..... මෙහෙමත් නෑන්දම්මලා ඉන්නවද ඈ???

    ReplyDelete
    Replies
    1. වෙල්කම් දර්ශි... තැන්කුයි.. ඉන්න බැරි කමකුත් නැහැ මෙහෙම නැන්දම්මලා...

      Delete
  42. දේශකයා අනිත් ලිවිලි අතෑරලා කතාම ලිව්වා නම් හොඳයි.. නවකතාවකට අපූරු තේමාව. සැබෑ ජීවිතයේ ඔය වගෙ සිදුවීමක් මම දන්නවා. ආදරය කියන්නෙ මොකක්ද කියල වටහා ගන්න පුළුවන් මේ වගෙ සිදුවීම් දිහා බලල. නදී සුමාල්ට ආදරේ කලේ නැද්ද ? ආදරේ කලා. ඒ එදා දු‍ටු සුමාල්ට.. පස්සෙ පරිනාම උන කෙනා වෙන කෙනෙක්. ඔන්න ඔහොමයි ආදරේ හැටි..

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සරා. ඒත් සුමාල් ඒක තේරුං ගත්ත නං හරි. මොකද ගෑනු කියන්නේ හැමදේම කොස්සෙන් ඇනල කියන අය නෙමෙයි.. ඒක තේරුම් ගැනීම වැදගත්...

      Delete
  43. මෙතන සුමාල් ගෙ පැත්තෙන් ලොකු අසාධාරණයක් වෙලා තියෙනව.රජයේ සේවකයෙක් වගෙ නොවෙයි ඔය වගෙ රස්සා කරන ලොකු දුකක් විදිනව.එහෙම දුක් විදල ඔය වගෙ බිස්නස් එකක් ඉහලට ගන්නව කියන්නෙ පුදුම අමාරු වැඩක්.මෙතන අරුම පුදුම සුමාල් ගෙ අම්ම.දුක් විදල පවුල නඩත්තු කරන තමන්ගෙ පුතාට විරුද්ධ වුන එක.නදී කියන්නෙ කාම ධේනුවක් තමයි.සමහර විට සුමාල්ගෙ අම්ම එක්ක සමලින්\ගික සමබන්ධයක් තියෙන්න ඇති.කිසි වරදක් නැති පුතාට විරුද්ධව ලේලිගෙ අනියම් සම්බන්ධයට උදව් කලා කියන්නෙ බරපතල දෙයක්. සුමාල්ව මරන්ඩ වුනත් නදීට සුමාල්ගෙ අම්මගෙ උදව් ගන්න තිබුන.
    ගෙදර ගෑනියෙක් ඉන්නවද බැලුවෙ නෑ වගෙ කතා වල්කමේ යන කවුරුත් කියන ඒවනෙ.සුමාල්ට වහ බොන්න තරම් දෙයක් වෙලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එක පාරකුත් දැම්ම නේද මේක උඩින්..

      Delete
  44. දේශකය ස්ත්‍රීවාදී ශෛලියකින් ලියන කෙනෙක් තමයි.ඔහුගෙ කොමෙන්ටුත් ඒ වගෙයි.ඒත් මෙතන කොමෙන්ට් කරල තියන කාන්තාවන් කොයි තරම් අසාධාරණද කියල බලන කෙනෙකුට තේරුනා.සුමාල්ගෙ අම්ම පුරුෂ විරෝධී ස්ත්‍රීවාදිනියක් විය හැකියි.පුතාට එරෙහිව ලේලිගෙ පැත්ත ගත්තෙ ඒකයි.
    මෙතන කොමෙන්ට් කරල තියන කාන්තාවන්ට කියන්න ඕන ජීවිතය කියන්නෙ තන්කරම ලිංගිකත්වය නොවන බව.අනියම් මිනිහත් එක්ක කසාද මිනිහමරන ගෑනු විතරක් නොවෙයි ළමයි පවා මරන නදී ල ගැන අහන්න ලැබෙනව

    ReplyDelete
    Replies
    1. //අනියම් මිනිහත් එක්ක කසාද මිනිහමරන ගෑනු විතරක් නොවෙයි ළමයි පවා මරන නදී ල ගැන අහන්න ලැබෙනව//

      මේවා සහතික ඇත්ත නේ..

      මෙහෙමයි.. මම ස්ත්‍රියක් දිහා උත්තම පුරුෂ කෝණයෙන් බලන්නේ නැහැ හුගක් දුරට. එච්චරයි. ඊට එහා ඔය වාද අරව මේවා මං දන්නෙත් නෑ..

      Delete
    2. උත්තම පුරුෂ ප්‍රථම පුරුෂ කතාවක් නොවෙයි.ඔබ මෙතන පුරුෂ විරෝධී ස්ථාවරයක ඉදන් අසාධාරන කතා කියනවා.මම ඒකට විරුද්ධ ඒකෙන් අපේ පවුල් සංස්ථාව විනාශ වෙන නිසයි.අපේ සමාජයේ මුදුන් මුල විනාශ වන නිසයි.
      ඔබේ නිර්මානයේ බංකොලොත් කමයි මම කිව්වෙ.විවාහක බිරිදක් වගකීමෙන් තොරව හැසිරීම ඔබ අනුමත කරනවා,ඊලඟට ස්ත්‍රීවාදී මානසිකත්වයෙන් කිසිම වරදක් නොකළ පුතාට විරුද්ධ අම්ම කෙනෙක් ඔබ හදුන්වා දෙනවා.
      එහෙමනම් එක්කෝ සුමල් කලු චරිතයක් කරන්න.නැත්නම් සුමල්ගෙ අම්ම සහ නදී අතර සමලිංගික සම්බන්ධයක් ගැන කියන්න .එවිට කතාව තාත්වික වෙයි

      Delete
  45. ඉස්සරහට තමන්ගෙ අම්මවත් විශ්වාස කරන්න බැරි වෙනව ස්ත්‍රීවාදය නිසා

    ReplyDelete
    Replies
    1. ස්ත්‍රි වාදයක් කියල දෙයක් බොලා නේ හදන්නේ..

      Delete
    2. පුරුෂ විරෝධී පදනමකින් හොර මිනිස්සු පස්සෙ යන ගෑනියක් හා වරදක් නොකළ අහිංසක පුතාට දරුණු හතුරුකමක් කරන අම්ම කෙනෙක් ඇතුලත් ස්ත්‍රීවාදී කතාවක් ලිව්වෙ අපිද ඔබද

      Delete
  46. සැමියන් මරණ බිරියන් ,පුතුන් මරන අම්මල ඉන්දියන් සෝප් ඔපෙරාවල ආවෙ ස්ත්‍රීවාදය ඉන්දියාවට ඒමෙන් පසු.එක්තා කපූර්ගෙ කතාවල මේව බහුලයි.ස්ත්‍රීවාදී කතාවල සාමාන්‍යයෙන් පෙන්වන පුරුෂ විරෝධය දේශකය ලස්සනට පෙනවල තිබෙනව.
    කියවන කෙනාට හිතෙනව සුමාල්ගෙ රැකියාව කරවල විකිනීමය කියල නදී දන්නෙ නදීට ශ්‍යාමල් හමුවූ පසුද?යන ගැටලුව අතිවෙයි.
    මෙහිදී තම පුතාගේ රැකියාව හෙළා දකින ඔහුගේ මව ඔහු ලඟ කරවල ගද එන බව කීමෙන් සුමාල් කෙරෙහි ඔහුගේ මවට කිසියම් වෛරයක් තිබෙන බව පෙනේ.ඒ ගැන මීට වඩා දේශකයා කරුනු පැහැදිලි කළානම් හොඳය.
    සුමාල්ගේ එකම වරද ඔහුගේ රැකියාවයි.මෙහෙම කල්පනා කරමු.සුමාල් රජයේ රැකියාවක් කර නදී ගෙදර හිටියා කියා.එතකොට සුමාල් වෙනත් රජයේ රැකියාවක් කරන කෙනෙක් එක්ක රහසේ පැන යයි.ගෑනියෙකුගෙ ආශාවන් සුමාල් තේරුම් ගත්තෙ නැතැයි කියා අසාධාරණ කතා කියන අය එවිට මේ ප්‍රශ්නය දකින්නෙ කොහොමද


    සුමාල් රජයේ රැකියාවක් කළාය නදී ඩර්ටි ජොබ් එකක් කළාය කියා සිතමු.දේශකයාට අනුව ඩර්ටි ජොබ් වන කරවල විකිනීම වැනි රැකියාවක් නදී කළා යයි සිතමු.සුමාල් කම්මැලි රැකියාවක් කරයි.ඔහු තම කාර්යාලයේම නිළධරිණියක් සමඟ මිතුරු වෙයි.නදීගේ පියාගේද උදව් ඇතිව ඇය සමඟ පලා යයි.මේ කතාවෙ අනික් පැත්ත ඔහොමයි.
    එතකොට මෙතන නදීගෙ පැත්තට කොමෙන්ට් දාපු අය සුමාල්ගෙ පැත්ත ගන්නවද.ඒ අයම සුමාල්ට දොස් කියයි.මෙතන ගැහැනියකගෙ ආශාවන් ගැන කීව විදියට පිරිමියෙකුගෙ ආශාවන් නදී සැළකුවෙ නෑ .ඇය රැකියාව (සල්ලි )ගැන මිස සුමාල්ගෙ හිත හදුන ගත්තෙ නෑ කියල කියනවද
    දේශකය කියන කතාවෙම අනික් පැත්ත මම කිව්වෙ.නදී හොර මිනිහ එක්ක යන්න තමන්ගෙ ළැමයව මැරුවත් මෙතන නදීට පක්ෂව කොමෙන්ට් කරන්න අය ඉන්නව.දේශකයට තිබ්බෙ එහෙම කෑල්ලකුත් දාන්න.

    ටිකක් සාධාරණ විදියට හිතපල්ල මිනිස්සුනේ.දික්කසාද වෙන්න ක්‍රමයක් තියෙනව.විවාහයට විකල්පය හොරෙන් පැන යාම නොවෙයි.හැබැයි දේශකය ඔය වගෙ දේවල් යෝජනා කරනවනම් ඒ අයිතිය ගෑනුන්ට විතරක් නොවෙයි පිරිමින්ටත් තියෙන්න ඕන.එහෙම වුනොත් මානව සමාජය සී සීකඩ වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔබට ඕනැ දෙයක් කියන්න මුලික අයිතියක් තියෙනවා නේ.. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ.

      මම නං කැමතී සීමා මායිම් නැති නිදහසට. කරුමෙට ඒක කරගන්න විදියක් නැහැ. හැක්..

      Delete
  47. දේශකයා.............
    එක දිගට කියවගෙන ගියා ඔබේ කෙටිකතාව. මට නැගිච්ච ප්‍රධාන ප්‍රශ්නෙ තමයි ලංකාවේ මෙහෙම සෙනග නැති කෝච්චි තියෙනවද කියල. එතන ටිකක් අභෞවයි නේද දේශකයා. හැමදාම එකම තැන ලැබෙන්න නම් අමාරුයි අපේ රටේ කෝච්චි වල. ඔන්න යාළුවෝ සෙට් එකක් ඉදලා එකෙක් නැගිටල දෙන එක නම් විශ්වාස කරන්න පුළුවන්.

    //එහෙයින් දිනපතා ගමන් ගන්නා මගීන්ට අමතරව මෙහි ගමන් කරන්නේ අතලොස්සකි.
    තමාට හුරු පුරුදු ආසනය වෙනදා මෙන්ම නිසොල්මනේ තමා එනතෙක් බලා සිටින වග දන්නා, නදී එතැන හීන් සීරුවේ වාඩි වූවාය. ඇයට අනෙක් පසින් ඇයගේ යෙහෙළිය වන කුමුදු වාඩි වී සිටි. කුමුදුට ඉදිරිපස ආසනයේ කව්ළුව අද්දරට වන්නට පුරුදු පරිදිම ශ්‍යාමල් වාඩිී වී සිටින අතර, ඊළග නැවතුමේහිදි තවත් සගයෙක් හා යෙහෙළියක් සමාගමයට එක් වන්නට සුදානම්ය.//

    එ වගේම ශ්‍යාමල්ගෙයි නදීගෙයි ආලිංගනයන් දැක්වෙන කොටස.........
    එතනත් අවුල් ගතියක් දැනුණා.

    //ඇයගේ අත අල්ලගෙන පැමිණී ශ්‍යාමල් ඇයව ආසනයේ වාඩි කර වීය. මුළු මැදිරිය තුලම ඔවුන් දෙදෙනා හැර අන් කිසිවෙකුත් නොමැති බව දුටු නදී දැඩි ලෙස බියට පත් විය.//

    අපේ රටේ කෝචිචියක් වෙන්න බැහැ මේක නම්.
    කෙසේ වෙතත් ඔබේ ලිවීමට මගේ සුබ පැතුම්. මාත් තාම පුංචි කළලයක් විතරයි. අපි හැමෝම ලිවීමෙන් දියුණුවෙන දවසක් උදාවෙයි සොයුර.
    ජය.......!

    ReplyDelete
    Replies
    1. Rukshila,
      සමහර විට කෝච්චියේ තව සෙනග ඉන්න ඇති, ඒත් මේ දෙන්නට ඒ අයව පේන්න නැතුව ඇති!
      කෙටි කතා නම් එසේ ය!

      Delete
    2. එතකොට කිසිම වරදක් නොකළ තන්ගෙ පුතාට අම්ම කෙනෙක් මෙහෙම හතුරුකමක් කරපු එක අභව්‍ය නැද්ද රුක්ෂිලා.එක්කො සුමල්ගෙ චරිතය තද කලු එකක් කරන්න ඕන .නැත්නම් කොමෙන්ට් කරුවෙක් කීව වගේ දෙන්න සමලිංගිකයො කරන්න ඕන.එහෙම නැතිව දස මසක් කුසේ තියන් ඉදල දුක් විදල මෙලොවට බිහිකරල කිරිදීල ලොකු වෙනකම් හදපු තමන්ගෙ පුතාට කිසිම හේතුවක් නැතිව මෙහෙම දරුණු හතුරුකමක් කරන්න අම්ම කෙනෙක් පෙළඹෙනවද .ඒක සාමාන්‍ය දෙයක්ද රුක්ෂිලා.ලේ නෑකම් පවා ඉක්මවා යන ලිංගවාදයක් ස්වාභාවිකද රුක්ෂිලා ?

      Delete
    3. රුක්ෂිලා. වෙල්කම් වේවා.

      ඔබ කියන කරුණු අතරින් ප්‍රධාන ප්‍රශ්නය ඇතිව තියෙන්නේ මිනිසුන් නැති දුම්රියක් ගැන නිසා මං මේ ටික කියන්නං. ඔය දුම්රියේ සෙනග බස්සන්න මං උපක්‍රම තුනක් පාවිච්චි කරා. සමහර විට ඔයාට අහු උනේ නැතිව ඇති.

      1 එම මැදිරිය අනෙක් මැදිරි වලින් වෙන් කිරීම
      2 අදාළ දිනය සිංහල අවුරුද්දට පසු ප්‍රථම වැඩ කරන දිනය කිරීම (රජයේ සේවකයෝ අති බහුතරය 15 වැඩට එන්නෑ)
      3 තද සුළං සහිත ධාරානිපාත වර්ෂාවක් ඇති කිරීම. නදීටත් දිව්වේ නැත්නං කෝච්චිය මිස් වෙනවා. අනිත් අයට එහෙම වෙන්න ඇති.

      ඒක නිසා ඔන්න බලන්න කෝච්චිය හිස්...

      Delete
  48. මෙතන කරවල මුදලාලිට වෙච්චි දේ සාධාරණයි. කරවල ගඳ ගහන මනුස්සයෙකුට ගෑණියෙක් කැමති නෑ. අනෙක කරවල මුදලාලිගේ අම්මත් කාන්තාවක් හැටියට කරලා තියෙන්නේ හොඳ ආදර්ශමත් වැඩක්. මොකද තමන්ගේ පුතා නිසා උනත් පුතාගේ බිරිඳ අසතුටෙන් ජීවත් වෙනවනම් ඒ දුක ගෑණියෙක් විදිහට තේරුම් ගෙන ඇයට එම දුක්ඛිත තත්වයෙන් ගැලවෙන්න උදවු කරන්න ඕනේ. මෙතන ඒ කරවල මුදලාලිගේ අම්මත් පුතා ගැන හිතන්නේ නැතුව ලේලි ගැන හිතපු එක සාධාරණයි.

    ReplyDelete
    Replies
    1. ඔවු වනිතා හඩ යට තියෙන කොමෙන්ට් එක කියවන්න.පවුල් විරෝධී පුරුෂ විරෝධී ස්ත්‍රීවාදය හා සමලිංගිකත්වය ප්‍රවර්ධනය බටහිර අධිරාජ්‍යවදීන්ගේ උප්පරවැට්ටියක්.ඔයාල ලියන ඒවට දහසින් බැදි පියලි ලැබෙනවානෙ.උඩ දාපු කොමෙන්ට් එකට කීයක් විතර හම්බ වෙයිද ඊනියා වනිතා හඩ?

      Delete
    2. ඔය දෙන්න ප්‍රශ්නේ බේරුම් කරගන්න මං පස්සේ එන්නං.. මේ පැත්තේ ආවට ස්තුතියි හොදේ.. ඔබලා නැතිවත් මේක කරන්න බැහැ. ඔබත් මෙහිම කොටසක්..

      Delete

  49. ජාතක කතාවක තියනව අම්ම හොර මිනිහෙක් එක්ක යන්න පුතාව මරපු කතාවක්.ලිංගික අවශ්‍යතාව උත්සන්න වුනහම ගෑනු නොකරන දෙයක් නෑ කියලයි ජාතක කතා කරු පෙන්වන්නෙ.
    කලුතර ප්‍රදේශයෙ කාන්තාවක් මුස්ලිම් ජාතික හොර මිනිහ එක්ක හිටපු හැටි පුතා දැක්ක කියල පහේ ශිෂ්‍යත්වෙ ලියන පොඩි එකාව මැරෙව්ව.ඒ කාලෙ ඒක රටේ ආන්දෝලනයක් ඇතිවුනා.අම්ම කෙනෙක් මෙහෙම කරයිද කියල සමහරු කිව්ව.ඒ කියන්නෙ මනෝවිද්‍යාව නොදන්න අය.දේශකයට අනුව මේක සාධාරණයි.
    දස මසක් කුසේ තියාගෙන ඉදල දුක් විදල මෙලොවට බිහි කරල කිරි දීල ලොකු වෙනකම් හදපු තමන්ගෙ පුතාට විරුද්ධ වුනා නම් එතන ඊට වැඩි හේතුවක් තියෙන්නම ඕන.
    දේශකයගෙ කතාව ඉතාම අසාර්ථක වෙන්නෙ මෙතනදි.සුමාල් හා නදී අතර ගැටුමක් නම් සුමල්ගෙ අම්මත් සුමාල්ට විරුද්ධ වෙන්න හේතුවක් නෑනෙ.සුමාල් කියන චරිතය කලු චරිතයක් ලෙස ඉදිරිපත් කළානම් අන්න දේශකය සාර්ථකයි.සුමාල් මැරයෙක් ,මත්ද්‍රව්‍ය පාවිච්චි කරනව.ගෙදර අයට ගහනව බනිනව,සුමල්ට හැම තැනම හොර ගෑනු.අන්න සුමල්ට නදියි සුමල්ගෙ අම්මයි විරුද්ධ වෙනව.

    එහෙම නැත්නම් නදියි සුමල්ගෙ අම්මයි අතර සමලින්ගික සමබන්ධයක් තිබෙනව සුමල් ඒකට විරුද්ධ වෙන්නව.අන්න ඒකත් හරි.එහෙම නැතිව කිසිම වරදක් කොකළ පුතෙකුට අම්ම කෙනෙක් මෙහෙම හතුරුකමක් කරයි කියල හිතන්න බෑ.
    සමලිංගික තර්කය මට ලැබුනෙ කොමෙන්ට් එකකින්ම තමයි.ඒක තාර්කික බව දැනුන

    ReplyDelete
    Replies
    1. බොට පුදුම තාර්කික මොලයක් නේ බං තියෙන්නේ.. කමෙන්කටුවකින් තර්කයක් ප්‍රත්‍යක්ෂ කරා.. හැක්..

      ඔබ කියන විදියට තමා හුගක් වෙන්නේ. ඒත් එහෙම නොවෙන අවස්ථා පවා මේ සමාජයේ ඇති බව සිහිතබාගත යුතුයි. අප කතා කරන්නේ සමස්ථය හෝ නිවරැද්ද ගැන නෙයෙමි..

      Delete
    2. දස මසක් කුසේ තියාගෙන ඉදල දුක් විදල මෙලොවට බිහි කරල කිරි දීල ලොකු වෙනකම් හදපු තමන්ගෙ පුතාට විරුද්ධ වුනා නම් එතන ඊට වැඩි හේතුවක් තියෙන්නම ඕන.
      දේශකයගෙ කතාව ඉතාම අසාර්ථක වෙන්නෙ මෙතනදි.සුමාල් හා නදී අතර ගැටුමක් නම් සුමල්ගෙ අම්මත් සුමාල්ට විරුද්ධ වෙන්න හේතුවක් නෑනෙ.සුමාල් කියන චරිතය කලු චරිතයක් ලෙස ඉදිරිපත් කළානම් අන්න දේශකය සාර්ථකයි.සුමාල් මැරයෙක් ,මත්ද්‍රව්‍ය පාවිච්චි කරනව.ගෙදර අයට ගහනව බනිනව,සුමල්ට හැම තැනම හොර ගෑනු.අන්න සුමල්ට නදියි සුමල්ගෙ අම්මයි විරුද්ධ වෙනව.

      එහෙම නැත්නම් නදියි සුමල්ගෙ අම්මයි අතර සමලින්ගික සමබන්ධයක් තිබෙනව සුමල් ඒකට විරුද්ධ වෙන්නව.අන්න ඒකත් හරි.එහෙම නැතිව කිසිම වරදක් කොකළ පුතෙකුට අම්ම කෙනෙක් මෙහෙම හතුරුකමක් කරයි කියල හිතන්න බෑ.//

      ඔබේ නිර්මාණයෙ බංකොලොත්කම මම කියන්නෙ මේකයි.ඔබට මේ තර්කය ඉදිරියෙ නිහඩයි.සාමාන්‍යයෙන් කෙනෙක් කරන හැම ක්‍රියාවකම හේතුවක් තියෙන්න ඕන.නැත්නම් අතාත්විකයි.මිනිහ රට ගිහාම ගෑනි වෙන මිනිස්සු එක්ක යන්න ඕන කියල ඔබ කියනව නම් ඒකට හේතු ඕන.අනික ගෑනි රට ගිහාම මිනිහ වෙන ගෑනු එක්ක යන එකත් ඔබ සාධාරණීකරනය කරනව.ඔබට මේ කතාවෙ සුමල්ට වුන අසාධාරනය නොපෙනෙන එකයි ගැටළුව.
      සුමල් අතේ කිසිම වරදක් නැතිව ඔබට අනුව පහත් රැකියාවක් ඔහු කරනවා යැයි කියා ඔහුව අතහැර යන්න පුළුවන් නම් ඕනම පිරිමියෙකුටත් තමනෙග් සිතුම් පැතුම් බිරිද තේරුම් ගත්තෙ නෑ කියන තර්කය මටහ් බිරිද අතහැර යන්න පුලුවන් නේද.ඔබ එවැනි නරුමවාදයකුත් ස්ථාපිත කරනවා.

      Delete
  50. අප්පේ ඇහේ පොටත් යනව බං...කියෝගෙන ගිය පාරට...! ඈ බං මේකට කියන්නෙ කෙටි කතාවක් කියලද ඈ..???

    ReplyDelete
    Replies
    1. දිග කෙටි කතාවක් කියල උඩින්ම වෝර්නිං දීල පටන් ගත්තේ හරිය.. හැක්..

      Delete
  51. කතාව නම් උපරිම. ඒත් බොම්බිලි කරවල කාරයට වැඩේ බේර ගන්න තිබුනා, ඌත් බොම්බිලි කරවල වල රස බැලුවනම් හැමදාම.

    ReplyDelete
    Replies
    1. කතාව උපරිමයි ,එත් සුරාන්තයට එන්නේ සරත් අයියගේ කොමෙන්ට් එකට පහලින් තියෙන කොමෙන්ට් ටික කියෙව්ව්වම (වීයගේ එක හැර)

      Delete
    2. @ මාතා

      ඌ ඒක කරන්න ඕන විදිය දැනගන්න ඕන..

      Delete
  52. ඈ බං.. මේක මට හිතෙන්නෙම ආපහු දෙකක් නවල ඇවිත් කියවන්න. ඒ තරම් සරල සංකීර්ණ මෙව්වා එකක්..

    හරි, ඒවායින් වැඩක් නෑ, බුත කතා මැද්දේ මෙව්වා උඹ ලියන එකම වටිනවා බං.

    ReplyDelete
    Replies
    1. උඹව දැක්කම මේ රතු තොප්පි දාල මට අත්තටම මාර සතුටුයි බං... වෙල්කම් බැක් සැන්ඩරයෝ...

      Delete
  53. ජීවත්වෙන්න ශාරිරික බැදීම අවශ්‍යයම දෙයක්.තවුසන්ඩ් ටෝක් දුන්නට මේක තේරෙන්නෙ නැහැ.මම පොර කියලා හිතගෙන ගෑනිව තමන්ට ඕන විදිහෙ රූකඩයක් කරන එකාට වෙන්නෙත් මේ ටික.ගෑනිගෙ ඇගට කන් දෙන්නත් ඕනි.

    ReplyDelete
    Replies
    1. හැම දේකම රිද්මයක් තියෙනව නේ නිශි.. තමන් පිරිමියා කියන මට්ටමින් බැහැල ගෑනි දිහා බැලුවොත් ගෑනි විදින්නේ කොයි තරං දුකක්ද කියල තේරෙුවි. හුගක් පිරිමින්ට..

      Delete
    2. මෙතන අනාචාරයේ හැසිරීමත් විවාහක සැමියා අතහැරීමත් ඔබ සාධාරනීකරනය කරනව.ඔබ යෝජනා කරන්නෙ හිතෙන හිතෙන විදියට එක්වෙන වෙන්වෙන පවුල් ක්‍රමයක්ද.අද බදිනව හෙට දික්කසාදෙ.
      ඔබේ කතාවෙ අහිංසකයෙක් වුන සුමාල්ට සාධාරනයක් වුනේ නෑ.එතන සුමාල්ට වහ බොන්න තත්වයක් ඇති කරල.මේ විදියට ඕනම ගෑනියෙකුට හොර මිනිස්සු එක්ක යන්න හේතු හැදෙනව.කොමෙන්ට් කරල තියන ගෑනු අයට මේක වරක මදුල වෙලා තියෙන්නෙ ඒකයි.

      දේශකයො ගැහැනු පිරිමි ලෙස නොව සාධාරණැ අසාධාරණැ ලෙස ලෝකය දකින්න.මොකද මේකෙ අනික් පැත්ත හිතුවොත් ඒක හොඳට පෙනෙයි.පිරිමියගෙ සිතුම් පැතුම් තේරුම් ගත්තෙ නෑ කියල ගෑනි දාල හොර ගෑනු එක්ක යන්න මිනිස්සුන්ටත් පුළුවන් වෙනව දේශකයගෙ තර්කයට අනුව.
      දැන් ඔය කෝච්චිවල හොරට පවුල් කන ඒව ඔක්කොම සාධාරණයි.හොර මිනිස්සු එක්ක එකතුවෙලා තමන්ගෙ මිනිහව ළමයින්ව මරපුවත් සාධාරණයි දේශකට අනුව.හැබැයි පිරිමිය ඒ දේම කළොත් වැරදියි.එතනනෙ මේකෙ එන්ජීඕ සමබන්ධයක් ගැන සැක ඇතිවෙන්නෙ

      Delete
    3. ඉස්සෙල්ලාම නිර්මාණයක් රස විදින්න පුරුදු වෙලා එන්න පුතේ... නිකං කොහෙවත් යන කබා පොරවන් බලන්න එපා. බොට කතාවක් රස විදින විදිය ඕන නං කියල දෙන්නං.. මොකද උඹල දන්නේ උඹල නොදන්න මොකක් හරි මගුලක් ගැන බොරුවට කෑ ගහන්න විතරයි.. මෙහෙම දේවල් වෙලා නෑ කියල, මේ ලෝකේ කොහේවත් වෙලා නෑ කියල ඔප්පු කරල පෙන්නහං. එතකොට මං කතාව අයින් කරන්නං..

      Delete
  54. දැං නං මේක පිස්සු ගුහාවක් බං.. ඔන්න අන්සබ්ස්ක්‍රයිබ් කළා....

    ReplyDelete
    Replies
    1. ඉවසහං 200+ උනාම අපි නිදහස්.. හැක්..

      Delete
  55. එක්තරා බ්ලොග්කරුවෙකු ස්ත්‍රීවාදය ගැන ලියපු පෝස්ට් එකකට බලපු ඔක්කොම වාගෙ සාධාරණය ඇත්ත යුක්තිය ගැන කතා කළා.මේ දේශකය විතරයි ඒකට විරුද්ධ වුනේ.ඒ ලේඛකය ඒකට ඩුන්න උත්තරේ තමයි එහෙම හොඳද දේශකයෝ කියන එක.ඔහුට වෙන දෙයක් තිබුනෙ නෑ කියන්න.හොර මිනිස්සු එක්ක යන්න යටිහිතේ ආස නැති හැම ගෑනු කෙනෙක්ම දේශකයගෙ තර්කයට විරුද්ධ වෙනව. ඒ වගේම කිසිම අම්ම කෙනෙක් අස්වාභාවික හේතුව මත මිස මෙහෙම හැසිරෙන්නෙ නෑ.
    හොර මිනිහෙක් එක්ක යන්න ඕනවට පුතාව මරන්න හදපු ජාතක කතාවක් තියෙනව.මේකත් ඒ වගෙ.දේශකයගෙ අම්ම ගැන අපි දන්නෙ නෑ.මේ ලෝකෙ අනෙක් අම්මලනම් එහෙම නෑ කියලයි කියන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපේ අම්ම ගැන උඹ මොනව දැනගන්න ද බං.. හැක්.. ජාතක කතාවකුත් තියේනං උඹ හිගින් බුදුන්ට කියපං මේවා කියන්න එපා කියලා.. මෝඩ වෙන්න එපා බං. උඹල ඔක්කෝම අන්තගාමියි. මිනිස්සු උනාට විවිධයි. නිතරම එකම මතය නැහැ. නැතිව ජීවත් වෙන්නත් බෑ. ඔය උඹල යන තැන් වලදි ගනං ගන්නේ නැත්තේ ඒකනේ..

      Delete
  56. ඔබ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන එන්ජීඕ වලට දේශන පවත්වන කෙනෙක්ද? එය ඔබේ රැකියාවනම් අපට කමක් නෑ.එහෙම කීප දෙනෙක් ගැන මං දන්නවා.ඔවුනුත් හැසිරෙන්නෙ ඔහොමමයි.
    ඔය විදියට දික්කසාද දෙන්න ගියොත් සමාජය සී සීකඩ යයි.සිතුම් පැතුම් තේරුම් ගත්තෙ නෑ කියල .අපූරුයි.මෙතන සිතුම් පැතුම් වෙනස් වෙලා තියෙන්න කසාද බැදල සෑහෙන කාලෙකට පස්සෙ හොර මිනිහ හමබ්වුනහමයි.එතකන් කරෝල ගද දැනිලත් නෑ.මාර කතාව.
    සිතුම් පැතුම් තේරුම් ගත්තෙ නෑ කියල එක ගෑනියෙක් කැලේ පනින කොට පිරිමි සීයක් එහෙම දේශකයගෙ තර්කයට අනුව කැලේ පනියි.සමාජය විනාශ වෙයි

    ReplyDelete
    Replies
    1. අනේ බං බොලාගේ ඔය දූපත් මානසිකත්වය නැති කරගනිල්ලා. විවෘතව සමාජය දිහා බලපල්ලා.. උඹල දන්න මුතු ඇටේට එහාත් ලෝකයක් තියෙනවා. සමස්ථයම මේ මුතු ඇටේ කියල විතරක් හිතන්න එපා. හරි මෝඩයි බං ඒක

      Delete
  57. ඔය තර්කය දාල දේශකයගෙ ගෑනිත් පිට යන්න බැරි නෑ.දේශකය ඊයෙ මගෙ සිතුම්පැතුම් තේරුම් ගත්ත .අද තමයි තේරුම් ගත්තෙ නැත්තෙ කියල.දේශකය ලඟත් ගද එනව කියන්නත් බැරි නෑ.පරිස්සමින්

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං ඔය පිළිගත්තේ.. තවත් කුමන කතාද? දේශකයගේ ගෑනි උනත් හරියන්නැත්නං යනවා. උඹෙත් ගෑනි හරි මිනිහා උඹ මේ වගේ අන්තගාමියි කියල දන්නවනං ජීවිතේට බදින්න තියා ලගින්වත් ඉන්න එකක් නෑ ඒක සුවර්..

      Delete
  58. ඔය විදියට හොර මිනිහෙක් එක්ක යන්න ඕන ඕනම ගෑනියෙකුට දේශකයගෙ නල්ල මලේ තර්කෙ දාල කාමර ගානෙ රිංගන්න පුළුවන්නෙ.අපූරුයි දේශකයෝ අපූරුයි උබේ දේශනා.

    ReplyDelete
    Replies
    1. මොකද බැරි. මොකද රිංගන්නේ නැත්තේ.. නිකං බබා හුකුං දාන්න එපා බං.. ඕන තරං ඒවා තියෙනවා.. මගේ තර්ක වැඩක් නැහැ. අපි කියන්නේ අපි දකින දේවල්. උඹල ඉන්නේ තනි කර සුදු මනෝ ලෝක වල. මේ පොළවේ නෙමෙයි. කතා කිරීම නිශ්චලයි..

      Delete