Saturday, January 11, 2014

පිනා චෑන්ස්!!

මීරිගම නරගයෙන් කෙටි දුරක් ඈතට වන්න වූ ගම් පියසෙකි. නිල්පැහැ තුරු සෙවනින්ද මනරම්ව ගලා බස්නා ඇළ පහරකින්ද යුතු ඒ ගම් පියසේ යම් වැදගත් කමක් වේ නම්.. නැත. එහි කිසිදු වැදගත් දෙයක් සිදු නොවේ.

එහෙත් ටික දිනක පටන් එම ගම්මානයේ පිහිටි නිවසක් අසල මහ රාත්තිරියේ නොයෙකුත් පන්නයේ වාහන නවතා තිබීම නම් මුළු ගම්මානයටම වැදගත් දෙයක් විය. එය කෙසේද යත් මෙතෙක් කල් නිහඬ සමනලයකුගේ වේශයෙන් සිටි ගම්මානය එක් වරම එළුවෙක් මෙන් ශබ්ද නගන්නට වීමක් හා සමාන වීමය. තැනින් තැන කුඩා තේ කඩ ඉදි විය. ගමෙන් සොයාගත් අල බතල තම්බා වේල සරිකරගන්නා තවක් පිරිසක්ද බිහිවිය. එයිනුදු නොනැවතී වැඩි මිලට මහ රෑ අරක්කු විකුණන තිත්පළක්ද, ඊටම සරිලන සේ තිප්පළේ හිමිකාරයා විසින්ම සකසන ලද මැසි මදුරුවන් ගහනයෙන් යුත් එක එක වර්ගයේ අජූත බයිට් සමගින් අරක්කු පානය කළ හැකි කුඩා කාමර කෑල්ලක්ද රෙස්ටෝ එකක් ලෙස ඉදි කර ඇත. 

මහා රාත්තිරියේ පමණක් සිදු වන මේ ගිණිවිජ්ජුම්බරය සෑබැවින්ම ගමේ ඇත්තන්ට මහාම ප්‍රෙහ්ලිකාවක් විය. කෙසේ වෙතත් ඇල්ලූ පානෙන් එළිය බැලීමනම් වූ අති පෞරාණික පුරුද්ද හා හැකියාව හේතුවෙන් වගවිභාගයකින් තොරවම ඔවුන් වැඩට බැස ඇත.

රථ වාහන නවතා ඇති නිවස අසළ බෝඩ් ලෑලි කිහිපයක් ඇත. එකක් වාහන ගාලට යනුවෙන් අගුරු කෑල්ලකින් ලියු බෝඩ් ලෑල්ලකි. තවත් එකක් නම් පෝලිමට එන්න යනුවෙන් සදහන් එකකි. මිදුලට ඇතුල් වූ වහාම දකුණු පැත්තේ කාමරයේ දොර අසල තවත් බොඩ් ලෑල්ලක් ඇති අතර වම් පස කාමරය තුලට දික්ව ඇති පෝලිම එබෙන බව දක්නට ලැබුනි. වම් පස ඇති කාමරයේ බෝඩ් ලෑල්ලේ මෙසේ සදහන් විය. “ආධාර හා උපකාර මෙතැනට බාර දී රිසිට් පතක් ලබා ගන්න

අති ප්‍රභල ඉන්ඩස්ට්‍රියල් සීඑෆ්එල් බල්බයෙන් එළිය වූ කාමරයේ දොර අසල මීමැසි පොදියක් ලෙස පෝලිම දිගුව පවතී. කාමරය තුල කිසිදු සෞම්‍ය බාවයක් නොමැත්තේ කාමරයේ මුල්ලකට වන්නට මේසයක් තබා ඒ මේසය මත පරිගණක දෙකක් පමණ තබාගෙන කුමක් හෝ කාර්යයක නියැලෙමින් පෝලිමේ පැමිණෙන්නන් සමග වාද විවාද කරන පුද්ගලයා හේතුවෙනි. කැහැටු සිරුරින් යුත් ඔහු කර නැති ටීසර්ට් එකක් පැළද සිටියද, මේසය වැසි ඇති නිසා යටට කුමක් ඇද සිටියේදැයි කිසිවෙකුත් නොදක්නා ලදි. අක්බමරු වන් කෙහෙරැල්ලක් ඔහුට පිහිටා තිබුණු බවට උපන් ලක්ෂණ ඇත. කළු ගැහුණු දෙතොල මත පොපියන වචන කළු පැහැයට හැරවූ දෙයෙහිම ඇති ගන්ධස්කාරය වඩවයි.

පෝලිමේ ඉදිරියෙන්ම පැමිණි පාරිභෝගිකයා හට දැඩිව කතා කරන ඔහු ඒ පුද්ගලයා ඉදිරිපස අසුනේ වාඩිකරවීමට හෝ උනන්දුවක් නොගන්නා ලදි.

“මනුස්සයෝ මට ඕවා නං බාරගන්න බැහැ. මොකද මේවයින් වක්‍රාකාරව මාව වලපල්ලට යවන්නයි හදන්නේ. මොකක්ද අර ලන්ඩන් වල හිටිය සර්ලොක් හෝම්ස් අල්ලල දැම්මේ. ඔහේ හදන්නේ මාව දංගෙඩියට දක්කන්නෙයි. ඒ මදිවට පේනවනේ මේ තියෙන අනිත් ඒවා.. මට බෑ ඔහේ ඔච්චර දුර ඉදල ආපු එක ඇත්තයි. දැං ඉතිං දෙයියනේ කියල තංගල්ල බස් එහෙක නැගල මෙතැනින් තොලොංචි වෙනවලා.. හ්ම් අනිත් කෙනා“

ඔහු තංගල්ලට එළවා දැමු විට අනිකා ඉදිරියට පැමිණේ.

“මෙන්න මේකයි ඔයා ගැන මට සන්තෝසයි ආපු එකත් ඇති..(ඉන්දියාවේ සිට විෂ්කි බෝතලයක් ගෙනැවිත් ඇති බව රිස්ට් පතේ සදහන් වේ) ප්‍රශ්නේ මේකයි.. දැම්ම ඔයාට චෑන්ස් එකක් දෙන්න බෑ මොකද මීට කලිනුත් මේ වගේ කට්ටිය ආවා. (විස්කි ගෙනාවා) ඒ අය ඉන්න අනුපිළීවෙලට තමා දාන්නේ. තරහ වෙන්න එපා.. අනිවා මං ඔයාගේ වැඩේ නං කරනවා. මල්ලි ඔය රෙඩ්බුල් එක මට දෙන්න. දැං යන්න. ළගනේ.. ඉන්නේ මතක ඇතිව දෙහිවලින් බහින්න නැත්නං ගල්කිස්සෙන් තමා බහින්න වෙන්නේ හරිනේ“

සන්තෝසෙන් ඉවත යනු ඔහු දිහා පෝලිමේ සිටි අනෙක් අය නොරිස්සුම් බැල්මක් හෙලනු පෙනේ.

“ආහ්.. අප්පච්චියේ දැං නේ දන්නේ.. අපොයි අපොයි සිංහයෝ අල්ලන්ට මෙහෙට ආවාට කමක් නෑ ඔය එක එක ගැජට් කෑලි දාලා අපේ ගෙදර කන්ෆිගර් කරනවා හෙම නෙමෙයි හරිද? (රිසිට්පත බලමින්.. බුස්ටර් නැති ඇන්ටනාවක් ලෙස එහි සදහන්ව ඇත) මේකනේ ඔහේගේ වැඩ ගැන මට එච්චර සන්තෝසයක් නැහැ. අනික මේ වගේ එනකොට ඔහොමද එන්නේ. මොකක්ද ඔය අතේ තියෙන මල්ල. ලේ යන එක නවත්තන්න.. තමුසෙට පිස්සු අයියේ.. යනවා යන්න.. අන්න අර කලින් ගියපු හාදයත් එක්ක එක බස් එකේම යනවා දෙන්නගෙන් එක්කෙනෙක් හරි ඇහැරිල ගියොත් හොදා.. යනවා ඉතිං.. මෙතැන ස්ටැට්ස් බල බල ඉන්නැතිව“

බලු වූ සිංහයෙකු සේ ගිය ඔහුට පසුව කාන්තාවක් ඇතුලට පැමිණේ. රිසිට් පත බැලු විට යම් කෝපයක් හට ගත් බව පෙනෙන්නට විය.

“ආ. මේ නංගි.. කේක් ටිකේ එක්ස්පයර් ඩේට් බැලුව නේද/ මොකද ඔය කේක් දවසකට වැඩිය තියාගන්න බැරි ඒවයි කියලයි මට ආරංචි. අනිත් එක අර ගෙනාපු මගුල් ත්‍රීඩී මොනරා ඔයාම අරන් යන්න. අපේ සුදු හාමිනේ ඕක දැක්කොත් වෙන වැඩක් කරන එකක් නෑ ඕවා හදන්න ගනීවි. තේරුනානේ.. කනගාටුයි ඔයාටත් චෑන්ස් එකක් දෙන්න බෑ මොකද ඔයා වගේ වීනස් දෙව්දුවක් එක්ක මං කතාකරනවට අපේ හාමිනේ කැමති නෑ. ඊට පස්සේ මට වෙන්නේ තනියම ටොයිලට් එකටවත් යන්න බැරි වෙන එක තමා. නංගි එහෙනං දෙයියනේ කියල මහරගම බස් එකක නැගල ගියානං අපිට ලේසියි“

ඔය ආකාරයෙන් මුළු පෝලිමම අවසන් කරන විට ගෙයි ඉදිරිපස වම් කාමරය නොයෙකුත් බඩුභාණ්ඩ වලින් පිරී පැවතුනි. සමහර අය නාකි සුද්දියන් පවා කාමරයට භාර දී තිබුනි. සමහර අය මුදු වැලි නෑවූ ෆෝන් කටු හා කැමරා ආම්පන්න භාර දී තිබුනි. කෙසේ වෙතත් කිසිදු කෑම වර්ගයක් අඩු ගානේ හැලපයක් වත් කාමරයේ නොතිබු අතර, ඊට සරිලන ආකාරයට පිසින ලද හරක් මස්, මෙලෙක් කරන ලද කුකුල් මස් ආදිය නම් තිබුණි.

රාත්‍රි කඩ ද දැන් වැසී ගොස්ය. චන්ඩි අයියා වොෂ් එකක් දාගෙන පැමිණ වම් කාමරයේ ඇති බඩු බාහිරාදිය තම සුදු හාමිනේ සමග පරික්ෂා කරනු පෙනේ. ඒ එක්කම වේගයෙන් පැමිණි කාරයක් නවත්වනු ඇසුනෙන් සුදු හාමිනේ එළියට ගොස් ඒ කුමක්දැයි බැලිය යුතුයැයි අණ කළ හෙතෙම බඩු බැලීමේ කාර්යයේම නිරත විය.

කාර් රථයෙන් බට පුද්ගලයා දුටුවනම හදුනාගත් සුදු හාමිනේ ඔමරි සිනා පාමින් ඒ අසළට ගියාය.

“ආ.. අතා. අයියා.. කොහොමද මොකද මේ මහ රෑ.. ඔව් ඉතිං ඔයාලා මෙයාව ඩැහැගෙන යන්නේ මහ රෑටම නෙව“

“මොකක් කිව්වා අතා..“

“අප්පේ අපේ අතා අයියගේ කටහඩ වෙනස් වෙලා නේ.. ඇයි ඔයා කොන්ඩෙත් කපලා. ටිකක් සුදුත් වෙලා“

“ඔයා කව්ද.. මට අර 16 පිටුව කරන මලයා හමුවෙන්නයි ඕන.“

“ඇත්තට ඔය සමන් අයිය නෙමෙයිද.. අනේ සොරි මම රැවටුනා ටිකක් ඒ වගේ නිසා. මේ ඉතිං රෑනේ.. සතෙක්වත් හරියට අදුරගන්න බෑ.“

“ඇපොයින්ට්මන්ට් එකක් දාන්න වෙනවද?“

“ඔව් නැතිව. ඔයා ගෙනාපු ආධාර ටික අරන් අර කාමරේට එන්න“ අත සන්කොට වම් පස කාමරය පෙන්වූ ඇය ආපසු හැරුනාය.

කාරයේ ඩිකිය ඇර අලි පෙට්ටගමක් අමාරුවෙන් කර තබා ගත් ඔහු ඉදිරියට ගොස් එය භාර දී රිසිට් පත බාර ගත්තේය. රිස්ට් පතේ “ඩොලර් මිටි පිරවූ පෙට්ටියක්“ ලෙස සටහන් වී තිබුනි.

“ආ එන්න අයියා. අපේ හාමිනේ මට කිව්වේ සමන් අතා අයියා ආව කියල නේ. මං ඒත් බැලුවා මොකද මිනිහා මගේ යාළුවා උනාට කවදාවත් මෙහෙම එන්නෑ.. හැක්“

“මල්ලි මං ආවේ...“

“ඔව් මං දන්නවා...මේකයි ඔයාට මං කොහොමත් දැං උදව්වක් කරන්න හිතලයි තියෙන්නේ.. මම දන්නවා ඔයා අහිංසකයි කියලා. ඒක නෙමෙයි අර ලියල කියල හොයපු ඔක්කෝම සල්ලි ටික ඇයි ආධාර විදියට බාර දුන්නේ“

“අනේ කමක් නෑ මලයෝ.. 16 පිටුවෙන් මට තැනක් ලැබෙනවනං ඔය වගේ පෙට්ටි තුන හතරක් වත් හොයන්න බැරිය. නැද්ද“

“හා හා. අන්න එහෙම එන්න. හැබැයි ඔයාගේ වාසනාවට තමා ඔයා බැනල වගේ මට ලිව්වෙ. නැත්නං මං ඔයා කව්ද කියලවත් දැනං හිටියේ නෑ ඇත්තටම. හරි වැඩේ කෙරුනා කියල හිතාගන්න“

“අනේ ඉට්ස ග්‍රේට් හෙල්ප් බ්‍රෝ. නව් අයි ෆිල් ලයික් අ කිං. තැන්ක්ස් අ ලොට්“

චුරු චුරු වැස්සක් මෙන් බර බර ගාමින් කාරය දෙසට යන කුම්භාණ්ඩයා දෙස මොහොතක් බලා සිටි 16 පිටුවේ මහත්තයා නැවත බඩු බැලීමට පටන් ගත්තේය.

109 comments:

  1. අයියෝ... ඒ පාර අපි පවු හලෝ... හි හි....

    අම්මපා මුන්ට බයිට් එකට ගන්න යන්තං වචනයක් දෙකක් තිබ්බත් ඇති නේ.. එහෙව් එකේ පිටුවක්ම දුන්නම මොනවයින් මොනවා වෙයිද දන් නෑ තමයි.... හි හි

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක දාන්නත් කලින් කොමෙන්ට් එක දාලා අක්කා මාර ෆාස්ට් නේ

      Delete
    2. ඔව්ව මොනාද මචං මෙයා එකහමාරට ඉස්කෝලෙ ඇරුනම දොළහමාරට ගෙදර ආපු ළමයනෙ!

      Delete
    3. මොකක්ද ඇනො උඹට හිරු එක්ක තියෙන අවුල?
      ඒ දවස් වල හිරුගේන් බූට් එකක්වත් කෑවද?

      Delete
    4. @ හිරු
      වචනයක් දෙකක් තිබ්බද හොදටෝම ඇති බොලාට කියවන්න.. හැක්

      Delete
    5. @ ඇනෝ
      ඒ නංගි හරි ස්පීඩ්..

      @ උපේ..

      ඔය කියල තියේනේ

      @ බඩුකාරයා
      කාටවත් හිතාමතා කරන අපහාස වාරණය කෙරේ. ඒ නිසා ඔබ උත්තර දුන් ඇනෝ කමෙන්කටුව මකා දැමුවෙමි. එවැනි ප්‍රතිචාර අටක් නවයක් පමණ මකා දමන්නටද සිදු විය

      Delete
  2. මඩ කාරයා, මඩ කාරයා, හිටපිය මම නලියට දෙනවා පරණ (සමහර වෙලාවකට විතරක් පත්තුවෙන) පිස්තෝලයක් උඹව ඇම්බුෂ් කරන්න කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් නං ඒක ඕනම වෙනවා මිත්‍රයා....

      Delete
    2. ආර්මි කාරයෝ ගල් කාරයෝ.

      Delete
    3. බලාගෙන විචාරක, ඕක පත්තර මහ ගෙදර අස්සෙදි පත්තු උනොත් හෙම....

      Delete
    4. @ විචාරක
      බීපු වෙලාවක නං ඕකට දෙන්න එපා ඔය මගුල්..

      @ නලියා
      ඒවා අරගත්තට පාවිච්චි කරන්න දැනගන්න එපායැ

      @ ඇනෝ
      ඒකට අපිට කමක් නැත.

      @ ප්‍රසා
      ඒකේ බැරිනං දියවන්නාවේ හෝ පත්තු කර ගත්තාවේ

      Delete
  3. සමාජයේ පැතිකඩක් ..නිහඬ සමනලයකුගේ වේශයෙන් සිටි ගම්මානය එක් වරම එළුවෙක් මෙන් ශබ්ද නගන්නට වීමක් හා සමාන වීමය.//// ඒ හා සමාන දේ බොහෝවර මගෙත් ඇස ගැටිලා තියෙනවා ..කතාවේ සමහර දේ අවංකවම මට ගැඹුරුවට දැනේ

    ReplyDelete
    Replies
    1. දැවැන්ත යටි පෙළ අරුතක්

      Delete
    2. කොච්චර ගැබුරටද අපූර්වී නගේ?අගල් 4 ක් විතරද?

      Delete
    3. @ ඔමා
      මේකේ හුගක් දේ තියෙනවා ඉතිං හිතනවනං.. හැක්..

      Delete
    4. @ නලියා

      ඒක හැබෑව

      @ ඇනෝ
      ඉස්සෙල්ල දිග මැනගනිං බං. අනික කාටවත් අපහාසයක් කරන්න එපා.. මම එහෙම නොකරනවනං තමා කැමති..

      Delete
  4. අනේ බොල ........හිතන් ඇති ඩොලර් පෙට්ටි දෙන්න හරි කෙරුමා කියලා :P

    ReplyDelete
    Replies
    1. අපිට ඉතිං ඩොලර් පෙට්ටි හම්බකරන අයියාල ඉන්න කං අවුලක් නැහැ

      Delete
  5. අනේ වෙරලුවො මේකේ මීරිගම කියවද්දිම දැනගත්ත නලීන් අයියට මඩක් තමා දෙන්ඩ යන්නෙ කියල :D

    ReplyDelete
    Replies
    1. හි හි මටත් එහෙමයි

      Delete
    2. හික්… හික්… දේශකතුමා නොව 'වෙරළුවා' එළ එළ නියමයි සසිඳු. :-D

      Delete
    3. @ සසිදුවා
      දැං ඔය නමද බොලා රෙජිස්ටර් කරේ.. කෝ බොලාගේ සද්ද.. හැක්

      @ ඔමා
      අනිවා මුලින්ම හිතෙන්න දැම්මේ ඒකනේ. මොකද කෙලින් කියපු එකම වචනේ ඒක විතරයි..

      @ ප්‍රියා

      වෙරළු කවනවා මං තොපිට.. හැක්

      Delete
    4. හි හි දේශක තුමාගේ කොමෙන්ටුවේ අදහස පැහැදිළි ..

      Delete
    5. පැහැදිලියි කියලද කිව්වේ ඉස්තීරෙටම.. ඉදගෙන..

      Delete
  6. මේකා අර තංගල්ලේ හාදයවත් පටලං නේ මේකට... හුකෑස් තමා... දෙන්නං ජම්බු...

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. තංගල්ලේ බුවෙක් අල්ලගන්නම ඕන බං මේ වැඩ වලදී..

      Delete
  7. මඩ ගහනවත් කියලා මෙහෙමත් මඩ ගහනවද මනුස්ප‍යො. හික්… හික්…

    අර අන්තිමට ආපු අමුත්තා කවුද කියන එක නම් ලේසියෙන්ම තේරුනා අද උදේ ඉදන් බ්ලොග් කියව කියවම හිටිය නිසා.

    ReplyDelete
    Replies
    1. අද වැටිච්ච පෝස්ට් ටික පොඩ්ඩක් සෝදිසියෙන් බලන් යන්නකො අටම් අයියෙ. මාතලන් අයියගෙ සින්ඩියෙන් බැලුවනම් හරි.

      Delete
    2. චැහ් මටත් හිතාගන්න බැරිවුනා ‍නෙව උ‍දේම ඒ ලිපිය කි‍යෙව්වත්.‍ ‍දැනුමි මීටර් උ‍නේ. ඩොලර් වලට ලියන කී‍දෙනාද ‍මේ‍කෙ ඉන්‍නෙ (ඕං අටමො උඹ තවත් අමාරුවක දැම්ම)

      Delete
    3. තේරුනේ දැන් තමයි
      මේ දෑස මගේ පින්වන්තයි.....

      Delete
    4. අතාඋද ලොක්කයි පැරයි දෙන්නා එක වාගේ තමා

      Delete
    5. @ ප්‍රියා
      අනිවා අදුරගන්න එක අමාරුවක් වෙන එකක් නෑ කියල තමා හිතුවේ..

      Delete
    6. @ රාජ්

      අඩේ බොටත් තේරුං ගන්න බැරි උනාද??

      Delete
    7. @ අරූ
      බොට තේරුන එකම මදැයි.. හැක්

      Delete
    8. @ අටමා
      අන්න හරි.. පොර ටිකක් අතාවුද ලොක්කා වගේ තමයි. කව්රුවත් ඒක මීට කලින් කියල නැද්ද බං..

      Delete
  8. නලීන් අයියා පව් ඕයි. ඕකට තමයි කියන්නේ ඇදගෙන නානව කියලා. එහෙමත් නැත්නම් වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටෙනවා කියලා. මොනවා වුනත් නියම නිර්මාණය. නලීන් අයියටත් ස්තුතියි සිංහල බ්ලොග් ලෝකය සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන්න දරන උත්සාහයට.

    ReplyDelete
    Replies
    1. අපෝ අපේ නලියට හයියක් වෙන්න නෙව ඕන.. මේකේ හරියට බැලුවොත් නලියට නං මඩ ප්‍රමාණය අඩුයි.. ස්තුතියි මේ පැත්තේ දැක්කමත් සන්තෝසයි..

      Delete
  9. අයියෝ... දේශකතුමාටත් හිතෙන දේවල්...

    ඔහොමත් මඩ ගහන්න හොඳයිද මන් අහන්නේ ...

    ReplyDelete
    Replies
    1. මඩ නෙමෙයි අනේ උපහාසය විතරයි නෙහ්..

      Delete
  10. නලීන් උඹ කෙහෙරැලියාගෙන් මල් කුමාරයාගෙන් බේරිලා හිටියත් මේ දේශකයාගෙන් නම් විසුමක් නැත. ඉදිරිය මීට වඩා බොහෝ භයානක විය හැකි බව සලකපන්!

    ReplyDelete
    Replies
    1. අරූ අයියෙ මේත් කුමාරයෙක් තමා. 'වෙරළු මල් කුමරු'. හි… හි… :-D

      Delete
    2. ප්‍රියා.....මූ වෙරළු මල් පොහොට්ටුවක්...වෙරළු මල් කුමාරයා දැන් බයිස්කෝප් වලට බැහැලා. :D

      Delete
    3. @ අරූ
      නලියා මේවා හොදට රස විදින බව දන්න නිසා නෙව බං මෙහෙම ලියන්නේ.

      @ ප්‍රියා
      දැං බොලා කෙන්ජගේ පෝස්ට් එක අහිංසක මට දුන්නම ඌට මොනවැයි දෙන්නේ බං..

      @ අරූ
      මං සුපිපුන සූටි පිච්ච මලක් අයියේ..හැක්

      Delete
  11. //කැහැටු සිරුරින් යුත් ඔහු කර නැති ටීසර්ට් එකක් පැළද සිටියද, මේසය වැසි ඇති නිසා යටට කුමක් ඇද සිටියේදැයි කිසිවෙකුත් නොදක්නා ලදි. අක්බමරු වන් කෙහෙරැල්ලක් ඔහුට පිහිටා තිබුණු බවට උපන් ලක්ෂණ ඇත. කළු ගැහුණු දෙතොල මත පොපියන වචන කළු පැහැයට හැරවූ දෙයෙහිම ඇති ගන්ධස්කාරය වඩවයි//
    නලියා ‍මොකද හිතන්‍නෙ? සාහිත රස ‍බේ‍රෙනව ‍නේද? :-)

    ReplyDelete
    Replies
    1. දෙමළ සක්කිලින්ට මොන සාහිත්‍යයද මචෝ.

      Delete
    2. නැතුව නැතුව රාජ් යම් සිද්ධියක වර්ණනයේ හැකියාව

      Delete
    3. කියවගන යනකොට නලියව මැවිලා පේනවා

      Delete
    4. @ රාජ්
      සාහිත රස කෙසේ වෙතත් මිනිහගේ අජුත බව නං පේනවා නේද.. හැක්

      Delete
    5. @ ඇනෝ
      දෙමළ සක්කිලි මහත්වරු නැත්නං බොලාත් ගූ ගොඩේම තමා තාම..

      Delete
  12. හ්ම්ම් කමෙන්ට් ටික දකිනකම් මට වැඩේ මීටර් වුනේ නෑ නොවැ...

    මේ දක්වා, මේ සම්බන්ධයෙන් පළවූ සාර්තකම ලිපිය මේක...

    මාත් යන්න ඕනා පරන කුරුඳු මිටියක්වත් අරන්. මීරිගමනම් ඉතින් නොදන්න පලාතකුත් නෙමේනෙ.. හැක් හැක්... :D

    ReplyDelete
    Replies
    1. උඹත් දැං බබා වෙලා නේ බං සෙන්නෝ.. හැක්.. ස්තුතියි අදහසට.. කුරුදු මිටි ගෙනිච්චට කමක් නෑනේ කුරුදු පස්ට ගනං නේ දැං

      Delete
  13. ඒකනෙමෙයි වෙරලු මාමේ..අර කවුද තංගල්ලෙ ඉදන් ආවා කිව්වේ.......???

    ReplyDelete
    Replies
    1. මල් පුතේ.. තංගල්ලේ ඉදල ආවේ අර නවාතැනේ රාජ් ගොයියා නෙව

      Delete
  14. විස්කි බොන්න කව්ද බන් ආස නැත්තේ.. මේවා බැලුවම මාව ඉරිසියාවෙ පැලෙනවා ඕයි....

    ReplyDelete
    Replies
    1. සුදීකයා ගෙනැත් දෙනවනං අපිත් බොනවා බං.. හැක්..

      Delete
  15. කමෙන්ට්ස් ටිකත් කියවල කතාවත් ආයෙත් පාරක් කියෙව්වමයි මොකක් ගැනද මේ කියන්නෙ කියල තේරුනේ. ඔහොම මඩ ගහන්න හොඳයිද දේශකයෝ :D

    ReplyDelete
    Replies
    1. බලාගෙන කුක්කු පැටියෝ.

      Delete
    2. යන්තං ගොඩ එහෙනං.. හැක්..

      Delete
  16. ඔන්න බලහං ලෝකෙ වෙනස් වෙන අන්දම. පලු යන්න බැන්න කුළියට කහිනව කියාපු මාධ්‍යවේදිය තමයි දැන් බ්ලොග් ලොව පහල උන එක රැයින් ජනප්‍රිය වෙච්චි තරුව!

    ආන්ඩුවෙ පඩ පත්තර පඩංගුව තමයි දැං ඔක්කොම බලන්නෙ!

    මෙව්ව දැකල අරෙහෙ චානුකය ඉරිසියාවෙ පැළෙනවලු!!!

    මොනා උනත් අනෙක් තුන්දෙනාටම වඩා උඹෙ ලිපිය සුපිරි දේශා ( ඒකෙ අදහස් වෙන්නෙ නෑ උන්ගෙ එව්ව අවුල් කියල, ඒත් මේක තමයි හොඳම - නලින් බලන්න බොස් ඊළඟ පිටුවට මේක ඔබන්න )

    ReplyDelete
    Replies
    1. ඉන්දිකයට පුල් ඉරිසියාවේ ඉන්නේ.එහෙන් අභීතය බලන් ඉද්දි දියුණු වෙනවා.මෙහෙන් දෙයියා පල් වෙනවා.

      Delete
    2. චානුක fb එකේ සිකුරාදා උදේ හිටියා, හවස ඉදලා අතුරුදහන්. එකවුන්ට් එක වහලා.

      Delete
    3. @ උපේ

      අන්න බලහං පජාතම පත්තරේ තමා දැං අපේ පත්තරේ.. හැක්.. බෝම ස්තුතියි විචාරයට...

      Delete
  17. වැඩේ පස්සසෙනේ මීටර් උනේ.උඩ තියන comment එක කියවනකම් මුකුත් හිතාගන්න බැරිව හිටියේ...

    ReplyDelete
  18. හා හා නියම කතාව 16 පිටුව කියනකොට තමයි මටත් මතක් වුණේ...

    ReplyDelete
    Replies
    1. 16 පිටුවේ මහත්තයා.. නම හොදයි නේද??

      Delete
    2. පිටු අංකය වෙනස්වන සුළුයි ඒ ඒ දිනය අනුව

      Delete
    3. එතකොට අපි දානව විවිද පිටු මහත්තයා.. හැක් හැක්..

      Delete
  19. එතකොට දේශක තුමා ඒ පැත්තේ ගියේ මොනවා අරගෙනද? දේශක තුමාට චාන්ස් එකක් නැතිව ඩොලර් පෙට්ටියට තැන ගියාට දුකට දාපු පොස්ට් එකක්ද මේ.

    සාර්ථක ලිපියක් හීන් නුලෙන් ගහන මඩක්.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි තැන්කුයි.. මට ඉතිං කිසිම දුකක් නැහැ සමස්ථයට කරන උපහාරය ගැන මා ඉහලින්ම කුල්මත්..

      Delete
  20. සාර්ථකයි දේශක තුමා!! උඹට ජය!!

    ReplyDelete
  21. Replies
    1. ඔයා කියන්නේ පැරා ගැනද?? අනේ මන්දා

      Delete
  22. යකෝ මේව අර මල්කුමාර එහෙම බලනවනං නලියට ප්‍රමෝෂන් එකක් ශුවර්. එහෙනං පත්තරේ මාකටිං ඩිවිෂන් එකත් නලියටම භාරදෙනව.

    බොටත් තිබ්බනෙ වෙරළුමල් ඩ්‍රින්ක් එකක්වත් අරගෙන ඒ පැත්තෙ යන්න.

    ReplyDelete
    Replies
    1. වෙරළුමල් ඩිරින්ක් බොලා අමතක කරනවනං හොදා හරිය... නලියා මේ ඩබල් ගේමක් ගහන්නේ පත්තරේ බිස්නස් වැඩි කරල පෙන්නන්න..

      Delete
  23. මඩ වදිනවයි කියන එකෙත් ඉවරයක් නැහැ වගේ..එල එල

    ReplyDelete
    Replies
    1. මඩ තියෙන්නේ ගහන්න නේ බං.. හැක්.

      Delete
  24. මං ඉතිං දුප්පතා වෙච්චි ගල් බාගෙයක් අරං ගියොත් එලෝගනීවිද මන්දා !!!

    එක්කො ඒකත් මංම ගහල බුදියනවා !!

    බ්ලොග් නං කවද ලියන්න බැරිද !!

    ReplyDelete
    Replies
    1. ගල් බාගේ අරන් ගිහිල්ල උඹ බකන් නිලාගෙන ඉදිං. ඌට බාගේත් මදි වේව බාගවිට.. හැක්

      Delete
    2. ගල් තමා හොඳම පත්තර මලේ

      Delete
    3. මටත් ඒ සෙතේම තමා බං.. අර ජින් මේ ජින් අර බෙල් මේබල් හරි යන්නෑ. ගල් තරං.

      Delete
  25. නලියා කරන්න ගත්ත වැඩේ හොඳයි... අපි ඒකට සහය දෙන එකයි කරන්න ඕනේ උගේ ජොබ් එකට හානියක් නොවෙන විදිහට .... උගේ ජොබ් එක නැති උනොත් මෙතන ඉන්න කව්රුත් නලියට කන්න අඳින්න දෙන්නේ නැහැනේ ...

    ReplyDelete
    Replies
    1. ඒක තමා මාත් කිව්වේ මිනිහා ගාවදී. ඒ වැඩේ ස්වාධීනව කරගන්න ඉඩ දෙමු කියලා...

      Delete
  26. ඉල්ලන් කනවා කියන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ මංනං කියන්නේ ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹටත් එහෙමම තමා.. ඉල්ලං කන්නම නේ හදන්නේ.. දැං ෆෝන් නෑ කැමරා නෑ.. හැක්..

      Delete
  27. හෙහ් පිටුව ගැන කිවුවමයි මට කතාව තේරුණේ.. දැන් නලීන් අයියට හිතෙනවා ඇති මුං වෙනුවෙන් වැඩක් කරන්න ගිහින් මම අහගන්න දේවල් කියලා..

    ReplyDelete
    Replies
    1. එහෙම හිතල වැඩ නවත්තන චින්තකයෙක් නෙමෙයි ඔහු.. හැක්..

      Delete
  28. කමෙන්ට් වලින් තමා කතාව සම්පූර්ණ උනේ. පට්ට විදිහට ලියලා තියෙනවා. මඩක් කියලා හිතුනෙම නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙයි අනේ.. ඔයා හරිම දස්සයි නෙහ්..

      Delete
    2. පල යන්ඩ ! නරියා !

      Delete
    3. අඩේ මේකා ටික දවසක ඉදල හෙන චන්ඩියෙක් වෙලා නෙව. හිටපිය බොලාට මං මේ දඩයක් හදනවා.. හැක්

      Delete
  29. මම මුලින්ම හිතුවේ මේ නාමයෝජනා මණ්ඩල ඉන්ටවිව් එකක් කියලා.දැන්නේ මේක මේ තේරුණේ.

    ReplyDelete
    Replies
    1. හයියෝ ඒ මොනවද අනේ. හැක්..

      Delete
  30. හෙහෙ හෙහෙ අනේ අනිච්චං අර අහින්සකයට කොරල තියන දෙයක් . .. මේ බ්ලැක් ලේබල් එකට වැඩේ කෙරෙයිද ?

    ReplyDelete
    Replies
    1. බ්ලැක් ලේබල් එකට සුවර්.. මං නොදන්නවැයි..

      Delete
  31. // අක්බමරු වන් කෙහෙරැල්ලක් ඔහුට පිහිටා තිබුණු බවට උපන් ලක්ෂණ ඇත.// නලියෝ බලහන් තොට කියල තියන දේ . .. හෙහෙ හෙහෙ කාපිය ඕකව හෙහෙහෙ

    ReplyDelete
    Replies
    1. ඉතිං ඒක බොරුද මං අහන්නේ..

      Delete
  32. අනේ දේශා මේ මගුල මට මග ඇරිලා ගොමෙන් නසායි...!!!
    මගේ බොක්කෙකුට ඔය වගේ පෙට්ටගම් ලැබෙනවනම් මම ආසයි...
    උගේ දරුවෝ දෙන්න පිට රට යවල උගන්වන්න.

    ReplyDelete
    Replies
    1. මිනිහා ඒ පෙට්ටිය මට දුන්නොත් මම ඒක කරනවා අනිවා කෙන්ජෝ.. හැක්..

      Delete
  33. බ්ලා චිකි චිකි බ්ලා.... මෙන්න මෙයත් හීං නූලෙං බෙල්ල කපංඩ පටං ඇරං.... හී....අපි අහුවෙයි ඕවට... පව් අර අහිංසක බුවා

    ReplyDelete
    Replies
    1. කව්ද දැං අහිංසක බුවා බං.??

      Delete
    2. දෙශක තුමාගේ මඩ ප්‍රහාරයට ලක්වූ ක*** තුමාය

      Delete